Follow by Email

Friday, 10 April 2015

දෙලොවක විසු දේව දත්තලා



ගති ගුණ වලට ජාති ,ආගම්, කුල බේද නැති අපේ ලෝකය


 මේ මෑතකදී අප සිටින රටේ  පුද්ගලික පාසලක ඉගෙනුම ලබන මගේ එකම පුතා මා සමග දොඩමලු වෙමින් පැවසුයේ වරක් ක්‍රීඩා පිටියේදී ඔහු නොකළ සුළු වරදකට ගුරුතුමිය ඔහු මත වරද පැටවූ අයුරුයි.
 මෙහිදී සිද්ධිය  කල "සුදු බණ්ඩා" කපටි කමින් ගැලවී ඇත්තේ අපේ සුපුන් එයට සම්බන්ද කිරීමෙනි. 

මෙයට කිසිම "සුදු මැණිකේ" කෙනෙක් සම්බන්ධ නැති බව ඔබට මුලින්ම පවසන්නේ  ඉදිරියේදී සන්ධි ගැලපීමේදී ගැටළු ඇති විය හැකි බැවිනි. 

 මගේ නිරන්තර ඇල්ම බැල්ම යටතේ හැදෙන වැඩන ඔහු මෙහි සිටින බොහෝ ශ්‍රී ලාංකික පුතුන් මෙන් නිකන්ම නිකන් පරිගණක ගේම් පුතෙක් නොවේ.

 ඉතා කුඩා අවදියේ සිටම කැලේ කොලේ සතා සීපාවා ගේ මෙන්ම ඇලේ දොලේ සුවඳ හොඳින් හදුනන අයෙකි.

 වෙනෙකක් තබා ලංකාවේ අපි උදලු මිටක් හදන්නේ කෙසේද කියා පවා ප්‍රයෝගිකවම අත් විඳින්නට පින් කල  ඒ කාලේ " පහ නෙලුම් " පන්තියේ සිටි මා වගේම කැත්තේ උදැල්ලේ වැඩ දන්නා කෙනෙකි. 

එසේම පාසලේදී මෙන්ම නිවසේදීද ඔහු අපේ අය්යා සමන්තට කුඩා කාලයේ තිබු සමහරක් ලක්ෂණ පෙන්නුම් කල අයෙකි.

සිද්ධි දෙක එකිනෙකට හරියටම සමාන නොවුවත් ඔහුගේ හිත සනසනු වස් 1980 දී ඔහුට සම වයසේ වූ මා නැවතත් අපේ ගමට ගියෙමි.







අද කණිෂ්ටයේ  දැල් ගැසූ බිල්ඩිම අසල විවේක කාලය පැමිණ ඇත.   

ඒ  හතර මානෙල් බජව් කල්ලියේ ඉඳ පහට ආ  ප්‍රියංකසමන් හා මා යන තුන්කට්ටුව එකටම ගැවසුණු කාලයකි.   

ඒ දවස් වල අප තිදෙනාට ..ඒක පාර්ශ්විය වුවත් අනෙකුත් කොල්ලන් අතර කිසියම් තරමක ප්‍රසිද්දියක්  ඇති   "විරුද්ධ ලිංග පද තුනක්" තිබුණි.  

 අප මෙන්ම එම තිදෙනාද ගමන් බිමන් ගියේ ,දවල්ට කෑම කෑවේ පඩිපෙල් අසල රංචු ගැහුනේ  එකටමය.

 සමන් හා ප්‍රියංක මේ සිද්යේධිදී බලවතුන් වුවද මා නම් මෙතනදී  තරමක් දුර්වල අංකයයි. 

එය පෙනුමින්ද, ඇඳුමින්ද නො එසේනම් තම  බල පුළුවන් කාර කමින්ද යැයි  මම නොදනිමි. 

එබැවින් මට විරුද්ධ පද තුනේ දුර්වල අංකය නිතරගයෙන් හිමි වූ අතර ප්‍රියංකට ප්‍රභලම අංකය හිමි විය. 

ප්‍රියංක දිනක් කළු ලෑල්ලේ "නෙළුම් " කියා  ඇයගේ නම පවා ලියුවේ ඔහුගේ තිබු මේ ප්‍රභලත්වය මොනවට කීය පාමිනි.

 මේ කරුණු මෙසේ වුවද ඒ තුන් කට්ටුව අසල එහෙන් මෙහෙන් ගැවසුණ  අඩුම ගානේ අපේ නාමරත්න ගොය්යා වත් වත් හැරී නොබලන තව කෙනෙක් සිටියාය. 

ඒ නිසාම ඒ "නොම්මරයට"  යකා නැග සිටියා යැයි කිව්වොත් නිවැරදිය.  

මම ජාලියට මගේම නමක්  කිව්වා සේම ඇයටද නමක් තබා තිබුන මතකය .

ඒ මුණ හතරැස් , ගමේ භාෂාවෙන් කිව්වොත් දැක්කොත් කැඳ උගුරක් ලැබෙන්නේ නැති වර්ගයේ අයෙක් නිසාය. 

කෙසේ වුවද මෙතුමිය දවසක් මට හොඳ වැඩක් කලාය.

එදා පන්ති බාර නන්දා ටීචර් ගෙන් මට හදිසි ඇමතුමක් ලැබුණි.

 " මොකද මේ ඔය ළමයා එක එක ගනු ගෑණු ළමයිට  දොර මුල්ලවල්  වලටයි  , එක එක තැන්වලටයි  එන්න කියලා පණිවිඩ  යවනවා කියන්නේ? "

නන්දා ටීචර්  ඇසුවේ මා හොල්මන් කරවන ප්‍රශ්නයකි.  මම ප්‍රියංකලා ගේ  ගැන්සියේ  රැඳෙන්න  අවශ්‍ය නිසා කෙල්ලෙක් ගේ නම ඈඳ  ගත්තද  ඒ ළමයා ට එච්චර කැමැත්තක්  දැක්වුයේ නැත. 

මේ ප්‍රශ්නය  මා උඩ ගොස් බිම වැටෙන  වර්ගයේ එකක් වුයේ එබැවිණි. 

මට අර කොයි වෙලෙත් මා දිහාට ඔරවන දුෂ්ට මුහුණ මැවී පෙනෙයි.

 සැකය සනාථ කරමින් "මට අහවල තමයි මේ කතාව කිව්වේ" කියමින් නන්දා ටීචර් තව දුරටත් කියා ගෙන ගියාය.

සති අන්ත වලදී මම සුපුන්ට  ජාතක කථා කියා දෙන  විට බොහෝ කතා වල කතාවේ මගකදී 

"ඔය නම් එකත් එකටම දේව  දත්ත වෙන්න ඕනෑ "

කියා ඔහු කියයි  .  

මම එදා අපේ කාලයේ චිංචි මානවිකාවත්මෙදා අප සිටින වත්මන් රටේ  නැවත උපන් හම සුදු දේවදත්තත් පුර්ව අපර සන්ධි ගලපා සුපුන්ට කියා දුන්නේ කාගේ කාගේත් පහන් සංවේගය පිණිසය.

පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් වෙනුවට වේ වැල් පහර.


මිට දින දෙක තුනකට පෙර විදුහල් පති තුමාගෙන් ප්‍රියංක, චමින්ද හා මට අපේ දෙමාපියන්ද කැටුව ඔහු හමුවන ලෙස නියෝගයක් නිකුත් කර තිබුනේ අපේ මෑතකදී කල වික්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 

උදේ පාන්දර මා අම්මා සමගත්,  චමින්ද ඔහුගේ අම්මා සමගත් හිස් අතින් පැමිණි අතර ප්‍රියංක පැමිණ තිබුනේ මානාව හිස පීරා ජැන්ඩියට හැද පැළඳ සිටි ඔහුගේ ලොකු අය්යා සමගයි..

අපේ බවලතුන් දෙදෙනාට වඩා ඉදිරියෙන් සිටි ඔහු ඇත තිබුනේ  BOP තේ කොළ බෑග් දෙකකි.

 " සර් ඩඩිට එන්න විදිහක් නැ කිව්වා මේක දෙන්න කිව්වා " කියමින් අය්යා BOP පැකට් දෙක ලොක්කා ගේ මේසය මතින් තැබුවේය. 

ඔය ළමය යන්න පංතියට කියමින් වේවැල අතේ තිබුනද එය ප්‍රියංකට පාවිච්චි නොකළ  ලොකු සර් චමින්ද දෙසට හැරී " බුදු සර් ගහන්න එපා " කියද්දී පහර දෙකක් දුන්නේය.

දැන් මගේ වාරයයි.. 

එහෙත්  "මේ නාමරත්න  මහත්තයාගේ  පුතා නේද ඉන්නවකෝ  තාත්තට කියන්න " කීයා අරලගංවිල නොව හත් ගව්වකින් එහා සිටින අප පියාගේ නම කියමින්  ප්‍රථමයෙන් මට  අනතුරු හැඟවීමක් කල   ලොකු සර්.. දෙවනුව චන්දනට දුන් තෑග්ගම මටද ලබා දුන්නේය...BOP වලට ඒ තරම් වැඩ කල හැකි බව මම එදා ඉගෙන ගතිමි.



මුත්තාටත් තට්ටමට ඉන්ජෙක්ෂන්




විදුහල් පති මෙන්ම බොහෝ ගුරුවරියන්ද හොඳින් දන්නා රජයේ ලිය්යනකු වූ නාමරත්න  මහත්තයා අපේ මුත්තාට ( චමින්දලා මුත්තාගේ මල්ලී) නම් එතරම් ලොක්කෙකු වුයේ නැත. 

සිය බිරිඳ හා දරුවන් ගෙන් වෙන්කර "සයිබීරියාවට" යවා තිබු ඔහු දයාව  ..කරුණාව මෙන්ම කුහකත්වයද එකසේ  පිරි තිබුණු එකල අපේ ලෝකයේ යම් තරමකට අතරමං වන්නට වැඩි කලක් ගතවුයේ නැත. 

එවැනිම "සයිබීරියාවක සිටි චමින්දලා තාත්තා සමාන්තර ලෝකයේ කෙතරම්  අතරමං වුවාදැයි මා දන්නේ නැත.

තත්වය එසේ වුවද  තරමකට  හොඳ මෙන්ම නරක ගති වලද සම්මිශ්‍රණයක් වූ අපේ මුත්තා මේවායේ ප්‍රතිඵලයක් වූ අපේ දුෂ්කර ක්‍රියා කාලය සරදමට  ලක් කල අවස්තාවක් මගේ සිහියට නැගේ. 

ඒ මට සම වයසේ සිටි ඔහුගේ බාලම දියණිය මල්කා ( මල්කාට මම ජීවිතේට පුංචි අම්මා කියා කියා  නැත ඇය  ඒ කාලයේ එකට සෙල්ලම් කල මාගේ මිතුරියයි )  ලවා  අය්යාටත් මටත් පහත කවියෙන් දිනපතා සංග්‍රහ කර වීමෙනි.

"අප්පා ලියන්නා - පුතා හිගන්නා
කොස් ඇට කන්නා- පුටු පුටු යන්නා"

ඔහු එය හිතා මතා කලාද නැත්නම් ගමේ මල්දෙනිය පැත්තේ අපේ තාත්තගේ සමහර  නෑදෑයින් වගේ යම්තරමක සියුම් උපහාසයකින් කලාද කියන්නට මා දන්නේ නැත.

පසු කලෙක මුත්තා ඔත්පල විය. අය්යා කොළඹ    මහා රෝහලේ සීමාවාසික දොස්‌තර වරයෙකි. මම කරගම්පිටියේ  3-4 වසර වල පොඩි දොස්‌තර කෙනෙකි

ඒ වන විට අප කර දඬු මහත්වී  සිටි ගජ ඉලන්දාරින්ය.  

ඒ කාලේ "අප දෙස නොබලන කෙල්ලන්ගේ  දෑස්  කුමටද? " 

  කියන්නා වැනි කඩවසම්  පෙනුමක් අප දෙදෙනාටම  තිබුනා කිවොත් එය අතිශෝක්තියක්  නොවේ 

කෙසේ වුවත් ගෙදර  එන වාරයක් පාසා මුත්තා බලන්නට කිරඹ ඔයට යෑමටද අප පුරුදු වී සිටියෙමු.


සති අන්තයේ මාරුවෙන් මාරුවට අරලගංවිල එන අපි දෙන්නා  ගමේ ඇවිත් නෑදෑයින් මුණ ගැසෙන අතරම  මුත්තා බලන්නට යන්නත් අමතක  නොකළෙමු. 

එසේ ඔහු හමුවී  කට්ටි පැනීම නිසා චමින්දටත් මටත් අහිමිවූ අන්තර් පේශි  ඉන්ජෙක්ෂන් මුත්තාට ලබා දුන්නේ  ඒ වන විට දිරාපත් වෙමින් තිබු ඔහුගේ ශරීරයේ යකඩ ප්‍රමානයද බිංදුවටම බැස තිබු හෙයිනි.

මුත්තාගේ කුඹුරු බදු දීම


චමින්දලා මුත්තාගේ මල්ලි වූ  මේ පුංචි බණ්ඩර මහත්තයා අපට කල නොයෙකුත් සැර වැර කිරීම් අතර මගේ මතකයේ සදා රැදුණු එක් දිනයක් පමණක් මෙහි සටහන් කරමි. අපේ තාත්තාගේ රැකියාව අහිමි වන්නට ආසන්න කාලයයි.

මේ  දින වලදී අපේ මුත්තා 

" අර මිනිහගේ රස්සාව නැති වෙන්න යනවා .. තොපි අය්ය මලෝ දෙන්නට කොච්චර වත් පත්තරේ... බිත්තරේ"

කියා කිවේ අය්යත් මමත් මොනවා වුනත් මිහිර, විජය, සුකිරි, මි පැණි රන්කැටි යන පත්තර පහම සති පතා මිලදී ගන්නා නිසාවෙනි.

තාත්තා ගෙදර පැමිණි ඒ  අදුරු දිනයේ මම අම්මට යෝජනාවක් කලෙමි. 

ඒ අපේ වත්තේ උක් ගස් වවා තිබුනේ පල්ලැහැ කෑල්ලේ ඉඩ තිබු තැනක මිරිස් පැල තුනක් සිටවීමෙන් පසුවයි.

 " අපි එළවලු හදලා හරි මෙතනින් ගොඩ යමු " යන්න ඒ  යෝජනාවේ සංක්ෂිප්ත යයි.





මුත්තාට ගම පුරා ඉඩම් තිබුණි. ඒ වනවිටත් අම්මා ඇගේ අදහස ඔහුට කියා තිබිණි. ඒ මාර ගස් වැල්ලේ මහා කුඹුරේ ලියදි කීපයක් අපිට එළවලු හදන්නට දෙන ලෙසයි.

අපට ලියදි කෑල්ලක් නොදෙන බව නොකිය කියූ මුත්තා මහා ලියද්දෙන් පහල කැල්ල අල හදන්නට දී තිබුනේ ඔහුගේ පරණ හිතවතියක් වූ බිම්තැන්නේ කොන්ත නෝනටය. 

එවකට කොළඹ විස්ව විද්‍යාලයේ නීතිය හැදෑරු කොන්ත නෝනා ගේ පුතා දැන් අප සමග හිතවත් හිටපු  පළාත් සභා මන්ත්‍රී කෙනෙකි. 

සිද්දෙයෙන් පසුබෑමට ලක් නොවූ අපේ අම්මා ඊ ලඟට මාත් සමග ගියේ පේර  ගහ වත්තේ නැන්දා සහ ඤන්   ඤඋන්  ආතා ළඟටය.  

ඤන්   ඤඋන්  ආතලා එකාලෙත් ගමේම දුප්පත්ම පවුල වුවද ඔවුන් අපට වඩා පොහොසත් ව සිටියේ  කුඹුරු හිමි  අය වූ නිසයි. 

මෙයින් ඤන්   ඤඋන් ආතා අපට ඇයගේ කුඹුරු කැල්ලක් කන්නයකට  රුපියල් 300 ක් වන්නට බදු දුන්නාය.




7 comments:

  1. ඒ කාලෙම වැඩ පටං අරං

    ReplyDelete
  2. ඔව් .. ඔව් හතරේ පංතියේ දී...

    ReplyDelete
  3. හරිම අපුරුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට ..ටිකක් පරණ පොස්ට් එකක් මේක..

      Delete
  4. මුල ඉඳං කියෝගෙන යන ගමං මෙතන නැවතිලා ගිමං ඇරිය ඕං. හැක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මමත් මුල ඒවා ටික ටික හද හදා ආපහු දානවා මග හැරුණු කට්ටියට බලන්න..

      Delete
  5. මේ කතාවේ අපිට කුඹුරු කෑල්ලක් බද්දට දුන්න ඤන් ඤඋන් ආතා ගේ දුවලා දෙන්නට තමයි අපි කට්ටිය එකතුවෙලා ඉන්න ගෙදර වහලයි, කපරාරුවයි වයරින් එකයි කරලා දුන්නේ...http://helmalu.blogspot.com.au/2016/05/blog-post.html

    ReplyDelete