Follow by Email

Sunday, 26 April 2015

පයිතගරස් ප්‍රමේයය හා තවත් කතා

දැන් කවිඳුලා, ගැට්ටලා සහ වම්බොට්ටලා අටේ පන්තියේ සිටින අවසන් මාස කීපයයි. කොතරම් දඟකම් කලද බී ශ්‍රේණියේ සිස්‍යයෙකු වූ මා පන්තියේ එක හෝ දෙක ස්ථානය සුරක්ෂිත කර ගන්නට සමත් වුනෙමි. මම අරලගංවිල මහා විද්‍යාලයට ගිය දා සිට වැඩිහරියක්  සිටියේ  ඒ සිට ඊ දක්වා වූ පන්ති පහෙන් "බී "කොටසේමය


අරලගංවිල මහා විද්‍යාලය එසේ මෙසේ විද්‍යාලයක් නොව "ඌව පළාතේ හදවත" යැයි විරුදාවලි ලත් විදු මාතාවකි. අද මේ ලියන මා මෙන්ම මා සිටින රටේ කීර්තිමත් විශ්ව විද්‍යාල දෙකකම මහාචාර්ය වරුන් බිහිවූයේද මේ පාසලෙනි.

කරුණු එසේ වුවද මගේ හා මගේ සගයින්ගේ "කොළු කම් "  වෙනස් කරන්නට නම් මේ ප්‍රසිද්ධිය බලපෑවේ ඉතාමත් අල්ප වශයෙනි.

දඟකාරකමත් ඉගෙනීමත් යන කරුණු දෙක වමත  හා දකුණත මෙන් තිබුණු කාලයකි මේ .

කෙසේ වුවත්  මෙතෙක් වමට බරව සිටි මා  ස්ථිරවම දකුණට හැරෙන්නට තීරණය කලේ මේ වකවානුවේදීය


පළමුව ඉගෙනුම දෙවනුව දඟකම



ඒ කාලයේදී  ජාලිය, සුපුල් නුවන්, සුපුල් චන්දික වැනි දඟයිනුත් ගැට්ටා, වම්බොට්ටා  සහ  කණ්ඩුල වැනි නොම්මර එකේ "උනන්දුවනුත් " හරි හරියට ඇසුරු කලෙමි.

බෝ පැල පහක් එක් කර තැනුවා වැනි වූත්, එකල මාගේ හොඳම පන්ති සගයා වුත්  සද්දේ හෙවත් "කණ්ඩුල සද්දාමංගල"  මේ අය අතරින් යම් විශේෂත්වයක් ඇති අයෙකි.

සද්දේ ගැන මෙහිදී යමක් කිව යුතු වන්නේ මේ වන විට ඔහු අවාසනාවන්ත ලෙස අකාලයේ ඔබ අප සැම අතහැර ගොසින් වන බැවිනි.

සද්දෙයා මා මෙන්ම පසුකාලීනව දොස්තරවරයෙක් වුවද ( ඔහු ගියේ රුහුණටයි),  විශ්ව විද්‍යාලයෙන් පිටත් වන විටද ඔහුගේ භයානක රෝග තත්වය සැහෙන්න ඔඩු දුවා තිබු බව මම අසා ඇත්තෙමි.

සද්දේ අටේ පන්තියේ මගේ අති ජාතම මිත්‍රයා වුවා පමණක් නොව එතැන් සිට විශ්ව විද්‍යාලයට යන තෙක්ම පන්තියේ එක හෝ දෙක තනතුරට  මා සමග තරඟ කරමින් සිටි මගේ පන්ති සගයායි.

 ඔහු කිසි දිනක මා වමෙන් ගලවාගන්නට උත්සහා නොකළ අතර මා කරන දඟ වැඩ බලා සිනා සුනා පමණි.

එසේ වුවද, සද්දේ යනු මා දකුණේ  නිට්ටාවටම ස්ථාපිත කල, අදටත් මගේ නෙතට කඳුලක් නංවන්නට සමත් මට අරලගන්විලදී  හමුවූ  වටිනාම පුද්ගලයෙකි.

සද්දේ හා මා නිසා එතෙක් වැඩි ගනුදෙනු නොතිබූ අපේ පවුල් වලද ඉතාම කිට්ටු සම්බන්දයක් (අපි දෙදෙනා ඉස්කෝලේ නොම්මර එකේ තරඟකාරයෝ බව ඔවුන් දැන සිටියහ) ඇතිවූ බව නොරහසකි.

පසුකාලීනව හිටි ගමන් වමට වැඩියෙන් ඇදෙන්නට ගොස් මගේ ජිවිතයද අනතුරට වැටෙන්නට ගිය අවස්ථාවක මා ඉන් මුදවා ගත් පිරිස් අතර "දොළුව" ප්‍රදේශයේ ජීවත්වූ සද්දෙලා අම්මලාද වුහ.

සද්දේ පරදා කවිඳු ජයගත් එක අවස්ථාවක් මගේ හිතේ සදාකාලිකව රැඳී ඇත්තේ  එහි ඇති යම් විශේසත්වයක් නිසාය.

ඒ මගේ හිතවතා පරදන්නට මා සමත්වූ නිසාම පමණක් නොව, දඟකම් හා ඉගෙනීම දෙක අතර දෝලනය වෙමින් ආ මා ඉගෙනීම දෙසට වැඩියෙන් තල්ලු කරන්නට මේ සිද්ධිය හේතුවක් වූ බැවිනි.

 පයිතගරස් අටේ පන්තියෙන් බිහිවෙයි.


අටේ පන්තියේ දෙවන හෝ අවසාන වාරය පන්ති පහේම සිටි බොහෝ උනන්දුවන්  හෙල්ලී ගිය සමයකි ( මෙහිදී නොසෙල්වුණු එකම  උනන්දුවන් දෙදෙනා වුයේ සද්දේ හා මා පමණක් බවද මෙහිලා සඳහන් කරන්නේ අප ගැන ඇතිවන නිහතමානී  ආඩම්බරයක් ද සහිතවය).

මෙම පන්ති කම්පාවට හේතුව අටේ පන්තියට අලුතින් කඩා පාත්වූ  අයෙකි. මගේ මතකයේ හැටියට ඔහු  සිස්‍යත්ව ලකුණු වලින් රාජකීය විද්‍යාලයට පවා තේරී  දෙමව්පියන්ගේ රැකියා නිසා අප විදුහල තෝරා ගත් අයෙකි.

ඒ හරීන් සෝමරත්න ගේ හදිසි ආගමනයයි. හරීන් ඉස්කෝලෙට ආවේ අපේ හයේ පන්තියේ ආදරවන්තයා වූ යෝෂිත කන්දෙකුඹුර මෙන් දෙහිගස්වත්ත ප්‍රදේශයේ සිටයි.

එකල මහා සිසුන්  පිරිසක් වැලිකන්ද ප්‍රදේශයේ සිට පටන්ගන්නා 79 දොර දෙකේ බසයෙන් අප විද්‍යාලයට පැමිණි අතර යෝෂිත හා හරීන් ඉන් දෙදෙනෙක් පමණි.

විශේෂයෙන් සඳහන් කල යුතු වර්ගයේ බොහෝ කොල්ලන් හා කෙල්ලන්  පිරිසක් 79න් අපේ ඉස්කෝලෙට පැමිණියද, ඉන්  සෑහෙන පිරිසක්  ( සමහර විට පවුල් පිටින්)  අවාසනාවන්ත ලෙස අප අකාලයේ හැර ගිය කොටසට අයිති වන බව පමණක් මෙහි සඳහන් කරමි.

ගැට්ටා පයිතගරස් වූ හැටි

හරීන් පැමිණි විගසම ඔහු කව්දැයි අපට පෙන්වා දුන්නේය. අටේ පන්තියේ ඉන්දෑද්දදී නවයේ ගණන් හැදු ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම පයිතෙකි.

හරින්ගේ ආගමනයෙන් අටේ පන්තියට පමණක් නොව ඌවෙ හදවතටම ගණිතමය පුනරුදයක් උදා වුයේය. හරීන් අටේ ඉඳන් නවයේ ගණන් හදද්දී .. මෙතෙක් ගණිත කාරයින් වී සිටි ගැට්ටා වැනි අයට සෑහෙන අභියෝගයක් එල්ල විය.

තම සටන අත් නොහරී ගැට්ටා එක් දිනක් පන්තියට පැමිණියේ  W. O. T. ප්‍රනාන්දුගේ අ. පො. ස ( සා. පෙ.) ගණිත පෙරහුරුව නම් පොතක්ද අතැතිවයි.

දැන් ගැට්ටා  අට බී පන්තියේ අප හැමෝටම පෙනෙන ලෙස ප්‍රනාන්දුගේ පොත පෙරලාගෙන ගණන් හදයි.  කණ්ඩුල (සද්දේ)  ටත් මටත් හිනා නොවී සිටිය නොහැකි විය.

සද්දේ මෙන් තනිකරම බෝ පැලයක් නොවූ මා මෙය දැක නිකම් හිටියේ නැත.  ගැට්ටා පයිතගරස් ලෙස අභිෂේක ලබන්නේ නම් තැබීමට ප්‍රසිද්ධියක් ඉසිලු මා හා එවැනිම කෙනෙක් වූ බොට්ටා ඇවිස්සීමේ  ප්‍රතිඵලයක් වශයෙනි.

නම් කිහිපයක් යෝජනා වූ අතර ගැට්ටා ගේ ගණිත ගැටළු විසඳීමේ හැකියාව සලකා බොට්ටාගේ යෝජනාවට අපි සහාය පල කළෙමු.

එතැන් සිට ගැට්ටා පයිතගරස්  නොහොත් ගැටු පයිතා ලෙස හඳුන් වන්නට කොල්ලෝ අමතක නොකළහ.

හොඳම සයන්ස් කාරයා


හරින්ලා , පයිතගරස් ලා ඇතුළු මුළු අටේ පන්තියම ගණිත පුනරුදයේ හිනි පෙත්තටම නැග තිබු මේ මොහොතේ හොඳ සයන්ස් කාරයෙක් සොයා ගැනීම කළුනික සොයනවාටත් වඩා අමාරු කාර්යක් විය.

සද්දෙලා සහ අපි සද්ද නැතිව වැඩ කරන් ගියේ සා. පෙ. විභාගෙට ගණන් පමණක් නොව තවත් විෂයයන් 7ක් ම තිබෙනා බව හොඳින්ම දන්නා බැවිනි.

මමද සයන්ස් ගැන ලොකුම ලොකු ඇල්මක් නොව සාමාන්‍යයෙන් සැලකිය යුතු උනන්දුවක් දැක්වුයේ  අපේ අය්යා සමන්තද ඒ කලේ  උ. පෙ. සයන්ස් කාරයෙකු වූ බැවිනි.

ඉගෙනීමේ කටයුතු මෙසේ සිදු වෙද්දි සුපුල් ඉන්දික ජාලිය වැනි අයගේ වමේ කටයුතු වලටද කිසියම් ප්‍රමාණයකට  සහභාගී වීමට අමතක නොකලෙමි.

කොල්ලෝ දෙතුන් දෙනෙක් අප පන්තියේම ගැහැණු ළමයින් සමග යාළු වූ මේ කාලයේ ඉන් ප්‍රධානම යුවලක් වුයේ  වම්බොට්ටා සහ ඈන්  නිලන්ති පීරිස් ගේ සම්බන්දයයි.

ගැට්ටා හෙවත් ගැටු පයිතා මෙන්ම බොට්ටාද මෙකල මගේ ලඟම හිතවතෙකි.  ඒ දිනවල බොට්ටා ගෙන් මා ඉගෙන ගත්තේ ගැහැණු ළමයින් ගැන නොව පිරිසිදුවට හැඳ පැලද පාසලට පැමිණීම වැනි කවුරුත් ආකර්ශනය කල හැකි ගති ගුණයි.

වෙළඳ  කටයුතු සහ ගමේ වගා කටයුතු වල තරමක් යෙදී සිටියද  බොට්ටා මෙන් නිදහසේ මොඩ් කරන්නට මට නොහැකි විය.

උදාහරනයක් ලෙස බොට්ටා ලස්සන "කිකිස්" සපත්තු දෙකක් දමා ගෙන අටේ පන්තියට එද්දී. මට "ඉලාස්ටෝ"  සෙරෙප්පු දෙකක් දමාගෙන පාසැල් එන්නට සිදු වුයේ මේ කාලයේදීය.

අපේ ඉස්කෝලෙට අළුතින් පැමිණි විදුහල් පති තුමා ( ඔහු කොළඹ ඩි. ඇස්. සේනානයකේ හිටපු උප විදුහල්පති කෙනෙකි)  ළමයින්ගේ නිල ඇඳුම ගැන ඉතා උනන්දු වුයේද මේ කාලයේය.

ගුරු දෙගුරු රැස්වීමක  මේ ටයි කොට් අඳින අලුත් විදිහල් පති "එඩ්වින් සර්"  කියපු කතාවක් අම්මා ගෙදර ඇවිත් කියනවා මට මතකය.

"මගේ ඉස්කෝලෙට ගෙදර කක්කුසියට දාන සෙරෙප්පු කෑලි දාලා ළමයි එවන්න එපා"  "ඉස්කෝලෙක නම පවතින්නේ ළමයින්ගේ පිරිසිදු කම හා ප්‍රිය මනාප බව හොඳට  තිබුනොත් තමයි"

මේ පින් බලයෙන් මටද කික්ස් කෙසේ වෙතත් දිනපතා සුදු හුණු ගාලා ලස්සන කල හැකි අඩිඩාස්  දෙකක් ගන්නට වරම් ලැබුණි.

දැන් අටේ පන්තියේ අවසන් වාර පරීක්ෂනයත් අවසන් වී ඇත . අපේ පන්ති බාර කමින් වන්නිගම ටීචර් එක් වසරකට මග හැරී ශාන්තිද සිල්වා නම් ගුරුතුමිය එයට පත් වී සිටි කාලයයි මේ.

මෙකල ලාලනී රත්නා  නම් ගුරුතුමිය  අපිට විද්‍යාව ඉගැන්වූවාය. දිනක් පන්තියට පැමිණි ලාලනී ටීචර්..

" කවුද කවිඳු ජයසිංහ කියන්නේ? " " කෝ නැගිටිනවා බලන්න.."

වන්නිගම නෝනා මෙන්ම සැර වැර සහිත මේ නෝනගේ හඬට මුළු පන්තියම මියට පිම්බාක් මෙන් නිෂ්ශබ්ද විය..

ලාලනී මැතිණියගේ මුහුණේ ඉරියව් වලින් පෙනුනේද සැර පාටමය. මට ඒ අවුරුද්දේ මුල පන්තියට ආ සුපුල් චන්දිකට ඔහුගේ මුල්ම පාසැල් දිනයේ ඇය දුන් දඬුවම මතක් විය.

ඒ ඔහු ටක.. ටක.. ගා රසායන විද්‍යා ලැබ් එකේ මේසයට තට්ටු කල වරදට ගිනි අව්වේ මිදුලේ දැන ගැස්සවීමයි.

සිහින් දාඩිය බිඳුවක් මගේ පිට කොන්ද දිගේ ගලා යනු මට දැනේ.. තුස්නිම්භුත වූ  මම  නැගිට්ටා නොව බයටම නැගිට වුනා කිව්වොත් නිවැරදිය.

ආ.. තමාද කවිඳු... කෝ එනවා ඉස්සරහට...

මේ අතර මා සලිත වී ඇති බව ඉවෙන් මෙන් දැන ගත් මගේ හිතවතා, සද්දෙයා මගේ ලඟම ඉඳගෙන මගේ අතින් අල්ලා ගත්තේ "ගණන් ගන්න එපා මචන්"...පලයන් ඉස්සරහට  කියමිනි.

"තමුන් දන්නවද ඇයි මං කතා කලේ කියලා?" ලාලනී ටීචර් එවර නම් ටිකක් සැර බාල කර ඇති සෙයකි.

එහෙත් අප අතර පැවතියේ දිගු නිහැඬියාවකි.................

"ඔයා තමයි  මේ පාර මුළු පන්ති පහෙන්ම විද්‍යාවට වැඩිම ලකුණු අරන් තියෙන්නේ..." ලාලනී ටීචර් නිහඬතාවය බිඳිමින් පවසයි.

මෙය අසා සිටි කොල්ලෝ කෙල්ලෝ  හැමෝම වේගවත් අත්පොළසන් නාදයක් දුන්නේ මගේ බයිලා ඇසීමෙන් නොව අළුත උපන් සයන්ස් කාරයා පිලිගැනීමටය.

ලකුණු ලබා ගත් දෙවැනි තුන් වැනි ස්ථානද මතක් කල ලාලනී ටීචර් .. තමා ළමයින්ගේ ගණිත උනන්දුව ගැන උනන්දුවෙන් පසුවූ බවද සඳහන් කලේ ගැට්ටා දෙසද බලමිනි.

මගෙත් සද්දෙගේත් ප්‍රීතියට තවත් හේතුවක් වුයේ මට වඩා ලකුණු 5-6 ක් අඩු වුවද සද්දේ පන්ති පහෙන්ම දෙවැනි තැනට පැමිණ සිටීමයි.

35 comments:

  1. ගණිතයේ දී පයිතගරස් ප්‍රමේයය යනු යුක්ලීඩ් ජ්‍යාමිතියේ සෘජුකෝණී ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධයකි. සාම්ප්‍රදායිකව මෙම ප්‍රමේයය සොයා ගෙන සාධනය කළා යැයි සැලකෙන ග්‍රීක ජාතික ගණිතඥයකු වන පයිතගරස් හට ගෞරවයක් ලෙස පයිතගරස් ප්‍රමේය ලෙස නම් කළ ද ඔහුට ප්‍රථමයෙන් මෙම ප්‍ර‍මේයය භාවිතයේ තිබී ඇත.
    http://si.wikipedia.org/wiki

    ReplyDelete
  2. එලෙසින්ම අපි ගැට්ටට පයිතගරස් යයි කිව්වද.. නියම ගණිතයට දක්ෂයා වුයේ හරීන් සොමරත්නයි.. හරීන් දැනට ඔස්ට්‍රලියාවේ විස්ව විද්‍යාලයක මහාචාර්යවරයෙකි..

    ReplyDelete
  3. විටින් විට අතරින් පතර "මා බාල කාලේ" කියවු මට මේ අරලගංවිල මහා විද්‍යාලය මහම මහ ගැටළුවක් වී තිබුනද අද මෙහි ඇති ජායාරූපයෙන් සහ "ඌවේ හදවත" යන්නෙන් එය කවරක්දැයි හදුනා ගත්තෙමි. පහේ ශිෂ‍යත්වයෙන් සමත්ව ඔය අරලගංවිල මහා විද්‍යාලයේ හය වසර ආරම්භ කල ශිෂ්‍ය කණ්ඩායම වු අපි මුලින්ම සිටි "ටී 56" පංති කාමරය තිබුනේ පිට්ටනියට ආසන්නම ගොඩනැගිල්ලේය.
    79 වැලිකන්ද බසයත් ලාලනී රත්නා විද්‍යා ගුරුතුමියත් හදුනාගත්තෙමි. ඈ තවමත් අරලගංවිල මහා විද්‍යාලයේ විද්‍යාව උගන්වයි.

    ReplyDelete
  4. අපි හයේ පන්තියට ඇවිත් හිටියෙත් ඒ බිල්ඩිමේම තමා. යෝෂිත කන්දෙකුඹුර සඳමාලිට සහ නිලන්ති පීරිස්ට ලියුම් ලිව්වේ ඔය බිල්ඩිමේ මැද (පඩිපෙළ අයිනේ) තිබු. 6 බි... එකේදියි. ඒ කලේ බිල්ඩිමේ යටම තට්ටුව විතරයි හදලා තිබ්බේ අපට උඩ කොන්ක්‍රීට් එකට යන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඒක 6බී වෙන්න බෑ 7බී වෙන්න ඕනි. මොකද ඔය ඉස්කෝලෙ හයේ පංතිය පටන් ගත්තෙ අපෙන්. ඊට කලින් තිබුනෙ හයේ ශිෂයත්වෙ නිසා ඉස්කෝලෙ තිබුනෙ හතේ ඉදන් 13ට. 1989 හයටයි හතටයි දෙකටම එකවර ළමයි ගන්න වෙච්ච නිසා ඉස්කෝලෙ අපිට දෙන්න හරියට පන්තියක් තිබුනෙ නැති නිසා 8ඩී එක ලග තිබුන ටී56 පන්තියට අපිව දැම්මෙ තාවකාලිකව. මුලින්ම හයට ගත්තෙ ළමයි 40 යි. පස්සෙ එල් හෝල් එකට පහල විදුහල්පති නිළ නිවාසෙට කිට්ටුව අළුත් තෙමහල් ගොඩනැගිල්ල ඉදිකරලා තමයි හයට පන්ති හතරක් එකතු කරේ.
      කවිඳු 77 මැතිවරණයක් ගැනත් ලියලා තිබුන නිසා හයේ පංතියට එන්න විදිහක් නෑ මොකද ඔය ඉස්කෝලෙ හය වසර පටන් ගත්තු අය එතකොට ඉපදිලා නෑ

      Delete
    2. අරලගන්විල මධ්‍යමහා විද්‍යාලයට යාබදව මහත්මා ගාන්ධි නමින් ප්‍රාථමික ඉස්කෝලයක් තිබ්බා නේද? මෙතන වෙලා තියෙන්නේ 'වසර' හා 'ශ්‍රේණිය' ටැ පලීමක්. හයවැනි පන්තිය හෙවත් හය ශ්‍රේණිය පුරාණකලේ ඉඳන් ඔය ඉස්කෝලේ තිබ්බා කියල තමයි මහාවංශේ තියෙන්නේ

      Delete
    3. අපේ සිත් තැන්පත්ය... තැන්පත්ය...තැන්පත්ය.
      දයා කරුණා ගුණෙන් පිරුණු සිත් පිවිතුරුය.
      පරිසරය මා රකී... රකිමි මා පරිසරය..
      පාසැලින් මා දකින හොඳම දරුවා මමය...

      Delete
    4. 6 කියන්නේ 6 ශේණිය @ 1982 සදමාලි කියන්නේ 6 වසර ගැනයි. තව එකක් කියන්න ඕනි. කවිදු ඇතුළු පිරිස 8 ශේණියෙන් කෙලින්ම 10 වසරට ගිය කට්ටියක්.

      Delete
    5. 1981 වෙද්දී මගේ වයස අවුරුදු හතයි . ඒ කියන්නේ එක ශ්‍රේණියේ. අපි ඉස්කෝලෙට භාර දුන්නේ 1980 දි තමයි. මුල්ම අවුරුද්දේ ඉන්නේ පහල බාලංශය හෙවත් හෝඩියේ. ඉතින් ඉස්සර කවියක් තිබිණා එකේ පන්තියේ උන් හෝඩියේ උන්ට කියන.... " පල් හෝඩියේ පොල් ගානවා..... එකට එන්න බඩගානවා " කියලා. කොහොම උනත් ඔය හෝඩි කතාවයි ශ්‍රේණි කතාවයි නැති කරන්නේ, 1986 විතර ආපු මොකක් හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණකරනයකුත් එක්කයි. ඊට පස්සේ ඉතින් හෝඩිය 1 වසර උනා එක ශ්‍රේණිය 2 වසර උනා. ඉතින් ඊට පස්සේ ඉස්කෝලේ පන්ති ටික එක වසරේ ඉදං දහතුන වසර වෙනකං උනා. අපි 1986 වෙද්දී පරණ ක්‍රමයට හය ශ්‍රේණියේ. නියෝජ්‍ය විදුහල්පති ධර්මසේන මහත්තය "තමුන්ගේ පන්තිය මොකක්ද ? " කියලා ඇහුවම නිකං කොර වෙලා යනව. හය ශ්‍රේණියද ? හය වසරද ? හත ශ්‍රේණියද? හත වසරද? කියන්නේ කියලා..

      Delete
  5. හරි හරි වෙන්න පුළුවන් .. හැබැයි අපි බිල්ඩින් දෙක පටලවගෙන මාමා හිතන්නේ.. අපි යන කාලේ .. මෙහායින් farm එකක් තිබුන තැන බිල්ඩිම ඔය කිය්යනේ... අපි 6 ට එන්නේ... 80 හරි අසු එකේ හරි... අපි ඉන්නා කාලේ අදිකාරම් කියල එකක් පටන් ගත්තා... කවිදු එන්නේ ඔතනම පහල තියෙන කනිස්ටෙන්..

    ReplyDelete
  6. මේ චායා රුපය අපි ඉස්කෝලේ ගිය කාලෙට අවුරුදු බර ගානකට පස්සේ ගත්තු එකක්...

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ 6 ශ්‍රේණිය...7 වසර වෙන්න පුළුවන්.... හොඳට මතකයි බොට්ටා 6 බි කියලා වට රවුම් අකුරින් ලිව්වා...

      Delete
  7. Another lovely episode.... I feel kind of emotional when I read the story. Happiness, sadness, joy, anticipation, surprise, friendliness, amusement ... everything is spread simultaneously.... I just remembered Sunil Edirisinghe's " ape guruthuma yayi thamath iskole.." song when I heard (from another reader) that Lalani Rathna teacher is still teaching in that school ....

    ReplyDelete
  8. I missed meeting her only by a whisker .. during last time I visited Aralaganwila... may be next time... she too was blown away bay the Harin Strom those days.. unfortunately gatta could not make into Medicine.. may be he went too far towards paythagaraus... he is doing really really well in his currently field.. infact he is the boss or second in command in a big place which made headlines in Uwa sometime back...

    ReplyDelete
  9. You are absolutely correct Kavindu. As you recall I was doing AL at the time. Cleverest boys in maths classes were hiding when they see the little boy who has completed most of the A/L maths from grade six at that time! We did not have year business at that time. Hence the confusion for some readers. I have lot to comment. Need to find time once we settle in:)
    As per Harin, him and his wife became very close family friends for us now:)
    He will be reading your blog and enjoying it:)

    ReplyDelete
  10. ගැට්ටා පොඩි නිවැරදි කිරීමක් කළා... නම පටබැඳිමේ සාකච්චාවේදී... බොට්ටා යෝජනා කල නම ස්ථිර වූ බව....

    ReplyDelete
  11. අපි 'අපේ ලෝකයේ' උසස් පෙළ කරමින් ඉන්නා කාලේනේ ඔය. පුංචි පන්ති වල මේ වගේ සොඳුරු ප්‍රචණ්ඩ කලබගෑනී වෙනවා ඇති කියල හිතුවේ නෑනේ. මේක කියෙව්වම හිත අරලගංවිල ගියා තාම ගෙදර ආවේ නෑ . මරු !

    ReplyDelete
  12. ස්තුතියි තිලකේ අය්යා... මහත්මා ගාන්ධිය හදන්න මුලික වෙච්ච ... ගාන්ධර්ව තුමයි සත්යජීව වන්නිගම නමැති නියෝජ්‍ය ඇමතියි. නිසා කවිඳුලා ඉස්කෝලේ නිර්මාංස සංගමයට බැඳුනා... අපේ සිත් තැන්පත්ය ... තැන්පත්ය .. තැන්පත්ය ... කියලා කවි කියමින්... හැබැයි වන්නිගමලා අපේ මාංසත් අනුභව කරන්න ඕනනේ මෙන්න ලංවුණා.... මට තියෙන කතා වැඩියි...ඔක්කොම ලියන්න වෙලාව මදි..

    ReplyDelete
  13. Tilake-fully agree. It is good to know that finally we come to term with these issues which we had no idea of!!! I do recall these characters as if yesterday. There are more heart warming stories to come. I can't wait to read more and finally to see a book too!
    Keep writing Kawindu- all the best with all good plans.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. 79 samajikayo api..........

      Delete
    2. අහන්න සතුටුයි... රස විඳින්න .. අපේ ඉස්කෝලේ කතාවක්..

      Delete
  15. Very nice article. The photograph shown here is of Bandarawela Maha Vidyalaya.. It also had a primary called "Adhikaram.... I'm confused... Correct me if I'm wrong!!!

    ReplyDelete
    Replies
    1. (නම් ගම් මනඃකල්පිතයි)

      Delete
    2. පැටලිලි සහගත්ය්... තවටිකක් පැහැදිලි සහගත උනා නම් මහන්සියක් නැතුවම රස විඳින්න තිබුන.....
      ඔබට ජය ..........

      Delete
    3. පොඩ්ඩක් වෙන්න වෙනස් කළා .. නම් ගම් පටලවා නොගත්තොත් කතාව රස විඳින්න ලේසි වෙයි

      Delete
  16. ලුණුගල මාධ්‍ය මහා විද්‍යාලයත් ටිකක මේ වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් ඔවු ඔවු ඌව පළාතේ මෙවැනි මාධ්‍ය මහා විද්‍යාල කිහිපයයක්ම තියෙනවා.. අපි හරි වාසනා වන්තයි එවැනි පසුබිමකින් එන්න ලැබීමට.

      Delete
  17. මේකටනං කමෙන්ට් ටිකක් තියනවා

    ReplyDelete
    Replies
    1. මේක 965 දෙනෙක් කියවපු පොස්ට් එකක්නේ ...

      Delete
  18. පෝස්ට් කීපයක්ම කියවල වුනත් ඔබගේ ගම්පලාත ගැන මට හිතා ගන්න අමාරුයි.මේ අපි සාමාන්‍යයෙන් දන්නා අරලගංවිල නෙමේද. තේ වතු ගැන කියද්දී මට එහෙම හිතුන . අරලගංවිල තියෙන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නෙවේද.

    ReplyDelete
  19. "අරලගංවිල" කියන්නේ මනක්ක්ල්පිත නගරයක් මගේ කතාවලට ... අපේ ගම් පළාත බණ්ඩාරවෙල තේ වතු තියෙන්නේ ඒ නිසයි. මේ කතාවල එන ගොඩක් චරිත තවමාත් ජිවතුන් අතර ඉන්න සමාජයේ විවිධ ක්ෂේත්‍ර වල ඉන්න ඇය නිසා , නම් ගම් එහා මෙහා කරලා තියෙනවා. ඒක කතා රසයට ගැටළුවක් කර ගන්න එපා..

    ReplyDelete
    Replies
    1. පුද්ගල නාම සමන්, සෝමරත්න ලෙස වෙනස් කළ ද, ස්ථාන නාම වෙනස් නොකල යුතුය. කියවන්නා අතරමං වේ.

      Delete
  20. මේ මගේ හිත අස්සේ පොදි ගසා හරි පරිස්සමට රකින සොඳුරු මතක ගොන්නක් උරුම කරදුන් ආදරණීය භූමියයි..බ්ලොග් එක ලියන කාල වකවානු සෑහෙන්න පරණ වුවත් මාගේ පමණක්ම නොව හත්මුතු පරම්පරාවේම පාසල වීම නිසාවෙන්ම , බිත්ති කනු ගඩොල් පවා දෑස් පියාගත් ක්ශනයෙන් නෙත් මානයට එන නිසාවෙන්ම මෙහි ලියවෙන අත්දැකීම් හරි ආදරණීයයි..සමීපයි..සුභපැතුම් සහෝදරයා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අචිනි //මේ මගේ හිත අස්සේ පොදි ගසා හරි පරිස්සමට රකින සොඳුරු මතක ගොන්නක් උරුම කරදුන් ආදරණීය භූමියයි.// .. අන්න එහෙමමයි අවුරුදු 25 කට පස්සේ ( අපි ඉස්කෝලෙන් පිට වුණේ 1989) වුනත් අපිටත් දැනෙන්නේ ..

      Delete