Follow by Email

Wednesday, 24 June 2015

ඒ තීරණාත්මක දිනය



අපේ  අක්කා මගේ පෙරමගට පැමිණි එදා  උදේ හත හමාර වනවිට මම අපේ පාසැල වෙත ලඟා වීමි.

අරලගංවිල මහා විද්‍යාලයේ එල් හැඩයට පිහිටි ප්‍රධාන ශාලාව අපේ විභාග මධ්‍යස්ථානයයි. වන්නි, ගැට්ටා, ජාලිය , කණ්ඩුල මෙන්ම හරීන් සෝමරත්න ද උදෙන්ම ඇවිත් හා හා පුරා කියා විභාගයට මුහුණ දෙන්න බලා සිටිති.

අපි තැන තැන කල්ලි ගැසී අවසන් මොහොතේ වෙන සුදානම් වීම් කරමින් සිටියෙමු.
විභාග ශාලාධිපති තුමා අපි හැමෝටම ප්‍රධාන ශාලාවට ඇතුල් වන්නැයි උපදෙස් දුන්නා පමණි.

" සතර වට සිය බලය පතුරා....යනාදී වශයෙන් මගේ ඔළුවේ අර පනංගල මාමා දුන් කවිය කියවෙයි. ඉස්සරහ දොරෙන් ශාලාවේ ඇතුලට ගිය මා 7759 නම් විභාග අංකය තිබු මේසය වෙත ඇදුනෙමි. එය තිබුනේ ශාලාවේ මැදට වන්නටය.

සිංහල ප්‍රශ්න පත්‍රය තිබුණු එදා මට ලොකු අපහසුවක් තේරුණේ නැත. මනුතාපයේ අවස්ථා සම්භන්දය ආදිය ඉතා ලෙහෙසියෙන් ලියවුනා යැයි මම සිතුවෙමි. එදා සිදුවූ මතකයේ සදා රැදුණු සිද්ධිය සිදුවුයේ. දිනයේ විභාගය අවසන් වන්නට විනාඩි විස්සක් පමණ තිබියදීය.

"ටක්.. ටක්... ටක්...."  හඬ ඇසෙන්නේ  මගේ වම් පසින් මදක් ඉදිරියට වන්නට තිබුණු මේසයකිනි.  අපි සාමාන්‍යයෙන් විභාගය ලියද්දි ඔළුව උස්සන්නේ වත් නැත. කෙසේ වෙතත් සද්දයේ තරම නිසා ඉබේම හිස එසවිණි.
ඒ හඬ එන්නේ මාලිගාවත්ත ලී මොලෙන් නොව අපේ සගයෙක්ගේ මේසයෙනි.

විභාග ශාලාවේ සේවයේ නියුතු ගුරුතුමෙක් ඒ මේසය වෙත දිව එයි.  මෙතෙක් වෙලා සද්ද නැතිව සිංහල ප්‍රශ්න පත්‍රයට උත්තර ලියු හරීන්  සෝමරත්න තම හඬ අවදි කළේය.

"සර්... මට උත්තර වැරදුනා.."

තම අත ඇති ඔරලෝසුව දෙස බැලු ගුරුතුමා.  "පුතා තව විනාඩි විස්සයි තියෙන්නේ කමක් නෑ ඔය උත්තර පත්තරේම දෙන්න "
ගුරුතුමා හරීන් කවුදැයි හරියටම දන්නේ නැති පාටය.

"නෑ.. නෑ..මට අලුත් පේපර් එකක් දෙන්න .. මං ටක් ගාලා ලියලා දෙන්නම්" හරීන් පවසයි.

අවසානයේ ගුරුතුමා අකමැත්තෙන් එකඟ වෙයි..

කිසි ගානක් නැතිව නැවතත් ලියන්නට පටන් ගත් හරීන් අපත් සමගම තම උත්තර පත්තරය ගුරු තුමාට බාර දුන්නා මතකය.

අපි හැමෝම දැන් බලා සිටින්නේ හරින්ට ඩි අට අහිමි වෙයිද නැත්ද යන්නයි.  අහිමි වුවොත් වෙන්නේ සිංහල නිසා බවද අප දැන සිටියෙමු.

විද්‍යාව ප්‍රශ්න පත්‍රය දා

විභාගයේ දෙවැනි දවසේ පැවැත්වුනේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයයි. මාපා සර්ගේ පන්තිය අතර මග නැවත වූ මමත් එහි දිගු කාලින සාමාජිකයකු වූ කරඹේත් අපි හැමෝටම වැදගත් දවසකි මේ.

මාපා සර් ඇයි ඒ.. ඒ ඇයි.. යනුවෙන් හඳුන්වමින් අපට කියා දුන් විද්‍යාත්මක හේතු අපි දෙන්නටම මතකය.

 මම අපේ එළවලු වගාවෙන් අත්දැකීමෙන් ලත් විද්‍යාත්මක හේතු දැනුමද අද පරික්ෂා කරනු ඇත.

අලුතින් තක්කාලි පැල හැදු පසු තුන් වරක් වතුර දාන්නේ ඇයි? ..
.
ඒවා වැරැල්ල කොළ වලින් අඩුම ගානේ දවස් තුනක් වත් වසා තබන්නේ ඇයි? ...

වදුලේ හැදෙන පැලයක් ඉර එලිය දෙසට නැමෙන්නේ ඇයි?

වැනි මෙකි නොකී විද්‍යාත්මක හේතු මම ප්‍රයෝගිකවම අත් විඳි ඒවා විය.

ප්‍රශ්න පත්‍රය අතට ලැබුනා මතකය. දිගට හරහට ලියන්නට ගත්තෙමි.

විද්‍යාත්මක හේතු කොටසට ලඟා වුනා විතරයි.. විභාග ශාලාවේ වැඩ කරන සර් කෙනෙක් මම ලියන හැටි උරහිසට උඩින් බලා ගෙන සිටි.. මේ කැල්ල නම් කජු කනවා වගේ ලේසියි. මම සිතුවෙමි.

සර්ට පේන්නත් එක්ක හේතු පහද පහදා ලිව්වෙමි.

ටික දිනකට පසු කන්තෝරුවේදී තාත්තා හමුවන අමුත්තෙකි.

"නාමරත්න මහත්තයා.... පොඩි පුතා නම් ඉහලින්ම විභාගේ පාස් වෙයි. මම එයා විද්‍යාව පේපර් එක ලියන දවසේ ශාලාවේ හිටියා. මිනිහා ලිව්වා ලිවිල්ලක් ... මාර දක්ෂයි නේද?"

ප්‍රතිඵල ඇවිත්.

ප්‍රතිඵල නිකුත් වූ ආරංචිය සිසුන් අතර පැතිර ගියේය. අපි හැමෝම කාර්යාලය ළඟ ගැවසුණේ කට්ටියගේ ප්‍රතිඵල බලන්නටත්, ඩි අටේ ඒවා කියක් තිබේද බලන්නත්ය.

හැමෝම සිතු පරිදි හරින්  ඩි අටක් ලබා සමත් වී තිබුණි. එදා විනාඩි විස්සෙන් ලියු සිංහලයටද ඔහුට විශිස්ට සම්මානයක් ලැබී තිබුණි.

කණ්ඩුල සහ මාලිනි රත්නායක ඩි හතක් ගත් සිසුන් දෙදෙනා වුහ.

මට තිබුණේ ඩි පහක් හා  සි තුනකි. සිංහල , ඉංග්‍රීසි  හා ගණිතයට මට තිබුණේ සි සාමාර්ථයන්ය.

ආරංචි වූ හැටියට ඌව පළාතේ විද්‍යාවට ඩි තිබුණේ  අටක් හෝ දහයක් වැනි ගණනකි  . ඒ අය අතර මාත් හරිනුත් සිටි බව අදටත් මා මතකයේ රැඳී  තිබේ.

ඩි හයේ පිරිස් අතර ගැට්ටා සහ  වන්නි සිටියා මට මතකය. කරඹේ ගත්තේ ඩි තුනයි සි පහයි බව මාගේ හැඟීමයි.




13 comments:

  1. හයියූ කියවන්න පටං ගන්නකොටම ඉවර වෙලානේ.. කොල මදි වෙලා ගහපු ටකේකට වඩා වෙනස් වගේ. බලමු.

    ReplyDelete
  2. නෑ .. නෑ .. හෙට උදේ බලන්න... මේක තව අලුත් වෙනවා...

    ReplyDelete
  3. හැක්. එළ එළ.. ඉක්මණට බලල ඇවිත් අපිට කියන්නකෝ.. (හිතා ගන්න නම් පුළුවන් ඉතින්)

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. මට හිතෙන විදියට උවට 1986 O / L වල විද්‍යාවට D තුනට වැඩි වෙන්න ඕනි. මහා විද්‍යාලයට අමතරව සාන්ත තෝමස් එකේ D අටකුත් බදුල්ල මහා විද්‍යාලයේ D 8 දෙන්නෙකුත් ඔය අතරේ මටත් විද්‍යාවට D තිබුනා. මට මතක විදියට ඔස්ට්‍රලියාවේ ඉන්න විදුලි ඉංජිනේරු සසිත ත් විද්‍යාවට D අරන් තිබුනා.

    ReplyDelete
    Replies
    1. වාක්‍ය කාණ්ඩය වෙනස් කරා ඔබගේ අදහස හා සමගාමී වන ආකාරයට . අදහස් දැක්වීමට ස්තුතියි , මම හිතන් හිටියේ හරින්ට විතරයි ඩි අටක් තිබුනේ කියලා..

      Delete
  6. හරි මචං continue it. කතාව ඇත්ත එකක් උනාම රසවත් බව වැඩියි. අපිත් ඒ කතාවට යාවජීව වෙන ගතියක් තියෙනවා.

    ReplyDelete
  7. හරින් D අට පමණක් නොව ලංකාවෙන්ම දෙවෙනියා වෙන්න ලකුණු ගත්තා. ලංකාවෙන් පලමුවෙනියාට ලකුණු 720 ක් වන විට අපේ පොරට 710 ක් ගන්න පුළුවන් උනා.

    ReplyDelete
  8. අපේ ඉස්කෝලෙටම අපේ අවුරුද්දේ එක ඩී එකක්වත් තිබුනේ නැ , සී තිබුනේ ඒකයි ඒ මට තිබුන සී එක විතරයි , ගනං වලටයි ඉංගිරිසි වලටයි මට ලයිට් කනු දෙකක් තිබුනා
    ඩී දෙකයි සී දෙකයි එස් දෙකයි

    ReplyDelete
    Replies
    1. //අපේ ඉස්කෝලෙටම අපේ අවුරුද්දේ එක ඩී එකක්වත් තිබුනේ නැ , සී තිබුනේ ඒකයි ඒ මට තිබුන සී එක විතරයි ,//

      විද්‍යවට

      Delete
    2. අහන්න සතුටුයි .. සාපේක්ෂව අපි හැමෝම විද්‍යාවට දකෂ්යි එහෙනම්.

      Delete
  9. අපිට නම් වැඩ හයයි.හයටම ඩි තිබුන මට.හැබැයි හුඟ දෙනෙක්ට ඔය වැඩ හයේ කතාව අවුල්.
    සමහර ගුරුවරුන්ට පවා අමතක වෙලා අහනව ඇයි ළමයෝ අනික් දෙකට මොකද වුනේ කියල වත්මන් අගමැතිතුමාගේ පැවරුම් ක්‍රමේ කරපු පළමු සහ එකම ජනතාව අපි. වැඩිය ආස නැති තාක්ෂණික විෂය (ගෘහ විද්‍යාව මට පේන්න බැහැ.මැටි වැඩ මහා වදේ.මැහුම් විතරයි ඉතුරු වෙලා තිබ්බේ අම්මට කියල හරි මහගෙන යන්න.මැහුම් කලාට කිසිම ආසාවක් තිබ්බේ නැහැ )විභාගෙට නැති වෙච්ච එක වාසනාවක්. හැබැයි චිත්‍ර තිබ්බ නම් අවුලක් නැතුව ගොඩ. පැවරුම් ක්‍රමය ඇත්තටම දැන් අපේ ළමයින්ගේ අධ්‍යාපනයට හුඟක් සමීපයි.හැබැයි ගම්බදට අසාධාරණයි කියලා ඒ ක්‍රමේ හරිගියේ නැහැ.මම නම් හුනගක් කැමති වුනා ඒ ප්‍රායෝගික අධ්‍යාපනයට.තනියෙන්ම හුඟක් තැන් වල ගිහින් වැඩ කටයුතු කරගන්න පුරුදු වුනා.හරියට කළා නම් ඇත්තටම නගරයේ ළමයින්ට වඩා හුඟක් විෂයන්ට ගම්බද ළමයින්ට වාසි තිබුණ.අත්දැකීම් වැඩි නිසා

    ReplyDelete
  10. හැබෑ නෙනන්ම් බොලේ වැඩ හයේ ස.පෙ එකකුත් තිබුනනේ.... ජයවේවා !!

    ReplyDelete