Follow by Email

Tuesday, 7 July 2015

ගැලවුම් කාරයා



මගේ අසනීප තත්වය එන්න එන්නම උත්සන්න වෙද්දී  අපේ නිවසට කන්ද නගින නෑදෑ නොනෑදෑ පිරිසද ඉහල යන්නට විය.

එහෙත් අම්මා හා තාත්තා විකල්පයක් නොමැතිව එන පිරිස් සමග ශෝක වෙමින්ම පසුවෙති.

ඒ කාලේ අපේ සමන්ත විශ්ව විද්‍යාලයේ පළමු වසර ශිෂ්‍යයෙකි. ඔහුගේ හිතවතුන් අතර එම වසේරේම සිසුන් මෙන්ම ඔවුන්ගේ අය්යලා අක්කලාද වුහ.

 ඔහු අද මෙන්ම එදාත් තම මිතුරු මිතුරියන් අතර ප්‍රසිද්ධ චරිතයකි.

මා දකිනා හැටියට මිනිසුන් ආකර්ෂණය කිරීමේ සුවිශේෂ හැකියාවක් ඔහුට හැමදාමත් තිබුනේය.

අවුරුද්දට වත් ගමේ නොපැමිණි සමන්ත මුලදී මගේ රෝග තත්ත්වය හරියටම දැනගෙන සිටියේ නැත.

නැතහොත් අම්මලා තාත්තලා මේ පලුමු වසරේ පොඩි දොස්තර ඒ තරම් දෙයක් දනිතියි සිතුවේ නැත.

කෙසේ හෝ  මට තව දුරටත් ජිවත් වීමේ අයිතියක් ඇතයි සිතුනේ සමන්තට පමණි.

විශ්ව විද්‍යාලයේ ඔහු දැන සිටි මහාචාර්යවරයකුට මා ගැන කතා කලේ එබැවිනි.

මා ඉහතින් සඳහන් කළා වාගේම සමන්ත පලුමු වසරේ සිටියද බොහෝ ඇය ගැන දැන සිටියේය. ඔවුන් ඔහුට ඇලුම් කළේය.

මහාචාර්ය මාළියද්ද එවැනි හිතවතෙකි.

මහාචාර්ය  මාළියද්ද එකල  Pharmacology  අංශයේ සේවය කල අයෙකි.

පසු කලෙක එංගලන්තයට සංක්‍රමණය වූ ඔහු  වස විෂ ගැන පර්යේෂණ රාශියක් සිදු කල අයෙකි.

ඔහුත් සමග පර්යේෂණ කරමින් ලොව නමක් දිනු තවත් මහාචාර්යවරයෙකි.  ඔහු සුමල් කරුණානායක නම් විය.
ඒ  දෙදෙනා අතර පලමු වසරේ සිසු සමන්ත ගැනත් රෝගාතුරවූ ඔහුගේ සොයුරා ගැනත් සාකච්චාවක් ඇති වුයේය.

සුමල් කරුණානායක මහාචාර්ය තුමාගේ වාට්ටුවට  ( හතේ වාට්ටුවට)   මා රැගෙන එන්නැයි සමන්ත තාත්තාට කිවේ එහි ප්‍රතිඵලයක්  ලෙසිනි..

කරුණානායක මහත්මා ස්නායු රෝග සම්බන්ධයෙන්ද  උනන්දුවක් දැක්වූ අයෙකි.

ඔහුත් මාත් එමෙන්ම සමන්තත් හැඩ හුරු කමෙන් බොහෝ සමාන කම් ඇති  තිදෙනෙක්  බව අපි දැන සිටි බොහෝ දෙනා පැවසුහ.

එපමනක් නොව සමන්තගේ අත් අකුරුත්  සුමල්ගේ අකුරු වලට ඉතාමත් සමීප විය.

" බොස් ගේ අකුරු මොනාද ... ගෝලයාගේ අකුරු මොනාද අපිට තේරෙන්නේ නෑ.."

පසු කලෙක සමන්ත  මහාචාර්ය ඒකකයේ (සුමල් යටතේ) පුහුණු වෙද්දී වාට්ටුවේ සිටි නර්ස් නෝනලා මේ ගැන මැසිවිලි නගන්නට වුහ.

අරලගංවිල සිට  ශික්ෂණ රෝහල බලා ගිය ගමන.

අම්මාත් තාත්තත් සමන්තගේ බසට අවනත වුහ. පුංචි රාල මාමාත් දොළුවේ නැන්දත් මා බලන්නට අපේ ගෙදර ආහ.

ඔවුන් ගමන ගැන   අපේ තාත්තාට කතා කළේය. 

"දොරේ මල්ලී...පොඩි පුතා අලදෙනියේ ගෙනියන්න අපේ වැන් එක දෙන්නම්... හයර් එකක්  එපා..". 

පුංචි රාල මාමා කිවා මට අද වාගේ මතකය.

තාත්තා නිල් ඩෙලිකා එකේ ඉදිරිපස රියදුරු අසුනේ සිට රිය පදවයි. මැද අසුනේ මා හිස තම ඔඩොක්කුවේ තබා ගත් අම්මාය.

පුංචිරාළ මාමාගේ පුතෙකුත් ගමනට එක් වුවේය. ඔහු ඒ දිනවල තාත්තා අතින් රියදුරු පුහුණුව ලැබූ අයෙකි.  

වෑන් එක වංගු ගනිමින් පල්ලම් බසියි.  පාරේ වැඩි සෙනගක් හිටියේ නැත. කලාතුරකින් වාහනයක් හමු වුවත් පාර මහා මුසල පාළු ගතියක් පෙන්විය. 

දොළුවේ නැන්දලා චුටි අය්යා හෙවත් කඩේ චූටි  ඉදිරි පස අසුනේ සිට මේ ගැන මැසිවිලි නැගුවේය.

"ඇයි දන්නේ නෑ මාම අද පාරේ වාහන හරි අඩුයි නේ "

ඇඟ නමා තාත්තා වංගු ගනියි.  මේ දිනවල මම අපේ සුපුන්ට වංගු සහිත පාරවල් වල යද්දී  තාත්තාගේ ඇඟ නැමීම ගැන විහිළු කරන්නේ  ව්‍යංගයෙන් එය පෙන්වමිනි.

වංගුවක්  වංගුවක් පාසා  පිටුපස අසුනෙනේ ශබ්දයක් එයි .. ඕක්... ඕක් .. මැද අසුන තනිකර හෝටලයකි.. අම්මා එහි වේටර් වැඩේ කරන්නීය.

"තේ එකක් බොමු නේද මාමා. "

වල්හපු තැන්නේදී කඩේ චුටි යෝජනා කළේය.  හෝටලයක් පවත්වාගෙන පැමිණි මා තේ බිමක් ගැන සිතුවේ නැත.

අම්මා මගේ තනියට වෑන් එකේ රැඳී සිටියාය. චුටි හා තාත්තා කොළඹටත්  අලදෙණිය හරහා නුවරටත් යන බස් නතරකරන ප්‍රසිද්ධ හෝටලයට ගියහ.

" නැන්දා මෙන්න නැන්දට කෑම එකක්." චුටි අය්යා අම්මාට කෑම පාර්සලයක් ගෙනැත් දුන්නේය.

" මාරයි නේද මාමා.. "  "

" මම ඒත් බැලුවා ඇයි අපි ඉඳි ආප්පයි මසුයි ඕඩර් කරද්දී අනිත් ජාතිත් ගේන්නේ ඇයි කියලා ".

කඩේ චුටි  තාත්තා සමග බර කථාවකි.

"නැන්දා දන්නවද වැඩක්? " පිටුපසට හිස හරවා ඔහු අම්මාත් කතාවට ඇඳ ගනියි.

අපිට තේ බොන්න සල්ලි ගත්තේ නෑ.  අපි කනකන් ඉඳලා වේටර් කිව්වා  අද එයලා දන්සලක් දෙනවා කියලා.

"ඇයි ඇද වෙසක් පෝයලුනේ " තාත්තාද තම හඬ අවදි කළේය.

වෙසක් පෝයට වල්හපු තැන්නේ හෝටලයෙන් කිසි ප්‍රසිද්ධියක් නොකර දන්සලක් දුන්නේ එලෙසටයි.



10 comments:

  1. මම බොහොම ආසාවෙන් කියාවාගෙන එන කතාවක්.
    අන්තිම කොටසට කලින් කොටස නතර වුනේ අම්මා බත් කන්න කියද්දි. අද එක පාරට මේක දැක්කම හිතාගන්න බැරි වුනා.
    පස්සේ ආයේ ඒ කොටස කියවද්දියි අහුවුනේ ඔබ එය එඩිට් කරලා බව.

    අරලගන්විල පැත්තේ සීත කාලයකුත් තිබ්බද? මට නම් එහේ මතක තද රශ්නේ විතරයි.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ස්තුතියි කොමෙන්ටුවට... මම කලින් කොටස සංක්‍රාන්ති සමය තුන්වන කොටස අලුත් කරා.. පසුදා උදැසනින්ම.

    මෙහි එන අරලගංවිල නාමය මන්ක්ල්පිතයි .. එන අනිකුත් නම් ගම් වගේම...

    කතාව අදාල වන්නේ ශිත කාලයක් තිබෙන පළාතකට.. අපි ඒක අරලගංවිල කියලා හිතමු. කතා රසයට හානියක් වෙන්නේ නෑ එහෙම හිතුවා කියලා මම හිතන්නේ..

    "අරලන්ගන්විල " මහා විද්‍යාලයේ ගිය බොහෝ දෙනෙක් මේ කතාව රස විඳිනවා ඔබට වඩා ටිකක් වෙනස විදිහකට.. ඔවුන් මෙහි එන චරිත බොහොමයක් හඳුනනවා...

    ReplyDelete
  4. මේ කියන්නෙ සමන්ත විද්‍යාරත්න ගැනවත්ද ?

    ReplyDelete
    Replies
    1. නෑ.. මේ වෙන කෙනෙක්. හැබැයි සමන්ත විද්යරත්නටත් මේ වගේ ඉහලට යන්න තිබ්බා අධ්‍යාපනයෙන්.. ඒත් එහෙම වුනා නම් එයාගෙන් ඌව පළාතටත් රටටත් මේ තරම් සේවයක් ගන්න වෙන්නේ නෑ.. රටේ .. පළාතේ අවාසනාවකට සමන්ත විදයරත්නගේ සේවය හරි ඇගයීමකට ලක්වෙලා නෑ තාම...

      Delete
  5. මේ කතාවේ ඉතිරිටික කෝ , ඔයාට හොද උනේ කොහොමද ,

    ReplyDelete
  6. ඒ ටික මිස්වෙලා තමයි.. ඒකෙත් රසවත් කතාවක් තියෙනවා ඉදිරියේදී එකතු කරන්න බලන්නම්.

    ReplyDelete
  7. asaneepa une ai kiyala danaganna pera lipi walata yanna on a neda. ?

    ReplyDelete
  8. asaneepa une ai kiyala danaganna pera lipi walata yanna on a neda. ?

    ReplyDelete
    Replies
    1. Owu owu mama e lipi eka eka thema yathata dannam

      Delete