Follow by Email

Friday, 13 November 2015

දුල්මිණි ලා තාත්තා හෙවත් පුවක් බාස්



ඒ  දෙදාහේ  නොවැම්බර් -දෙසැම්බර් මාසවල  සෙනසුරාදා දවසකි.  ඒ වන විටත් නිම්මි සමග විවාහ වී සිටි මා ඇගේ නිවසට ගිය මුල්ම දවස් වලින් එකකි.

ඒ කාලේ මට තිබුණේ ටොයෝටා කොරොල්ලා වර්ගයේ කාරයකි.  සුපුරුදු පරිදි නිම්මිලා නිවස දෙසට යන පාරේ මගක් ගිය තැන ඇති ඉඩ කඩ ඇති තැනක කාරය නවතා පයින් ගමන් කළෙමු.

 ඒ කාලේ  අපේ ගෙදරට වගේම නිම්මිලාගේද  ගෙදරටම වාහනයකින් යා නොහැකිය.

කාරය නැවතූ තැන සිට මද දුරක් ගිය පසු ගමන් කල යුත්තේ වෙල මැදින් යන අඩි පාරකිනි.

 නිම්මි අම්මලාට ගත් එළවලු මල්ලද එල්ලා ගෙන මා අසලින් ගමන් කරයි.

අප ඉදිරියට එන දුඹුරු පාට ඉරි ඉරි සරමක් කැහැ පට ගසා ගත් මිනිසෙකි.  උඩුකය නිරාවරිතය.  තොල් රතු පැහැ ගැන්වෙන්නට හේතුව  සපමින් තිබු බුලත් විටයි.

" කොහොමද කාලෙකට පස්සේ  ගෙදර එනවා වගේ " කුලෑටි ගතියකින් යුතුව ඒ ප්‍රශ්නය යොමු කෙරුනේ නිම්මි වෙතය.

ඒ අතර තුර මගේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලූ ඔහු මා වෙතද හිස ඇල කර සිනා සුනේය.


" ඔවු  අපි මේ අම්මලා බලලා යන්න කියලා " නිම්මි උත්තර දෙයි. දෙදෙනාගෙන්ම අය්යා , නංගි වැනි  නෑදෑ  කම් හෝ නම් ගම් කිසිවක් කියවුනේ නැත.

මට එක්වරම කිසියම් හුරු පුරුදු ගතියක් දැනුනේ ඇයි  දැයි නොදනිමි.

මිනිහා ටිකක්  අපේ කිරඹඔයේ රාජු  මාමාට   සමාන එහෙත් ඊට  වඩා උස රූප කායකින් යුක්ත  අයෙක් විය.

"මම හවසට ඒ පැත්තේ එන්නම් කෝ " අමුත්තා අපගෙන් සමුගෙන වෙල මැදින් කොන්ඩදෙනිය දෙසට  ( ගමේ පහළට) ගමන් කළේය.

"ඒයි.. කවුද ඒ පොර ? "  "මිනිහගේ  නම මොකක්ද?" මම නිම්මිගෙන් ඇසුවෙමි.

"ආ .. ඔය අපේ අල්ලපු ගෙදර මනුස්සයා .. අපි කියන්නේ "දුල්මිණි ලා තාත්තා " කියලා . ගමේ මිනිස්සු නම් කියන්නේ පුවක් බාස් කියලා "

නිම්මි කියාගෙන ගියේය.

" පුවක් බාස්? "  "මාර නමක් නේ"

"නෑ .. නෑ. එයාගේ රස්සාව පුවක් කඩන එකයි  , පොල්ගස් පලන එකයි . ඒකයි ගමේ අය එයාට පුවක් බාස් කියන්නේ. "

"එයාගේ ඇත්ත නම මොකක්ද? "

"අපි දන්නේ නෑ අනේ.. ඔයාට මොකටද එච්චර විස්තර ?"  නිම්මි අසන්නේ  "ගමේ ඉන්න අපි වත් දන්නේ නැති විස්තර පිටගම් කාරයෙකුට මොකටද? "   වැනි  අර්ථයකිනි.

"නෑ නිකන්.. මිනිහා ටිකක් වැඩ කාරයෙක් පාටයි " මම අදහස් කලේ කුමක්දැයි නිම්මිට වැටහුනේ නැති සෙයකි.

"එතකොට දුල්මිණි කියන්නේ?  එයාගේ දුව ද  ? " ඔවු .. ඔවු .. පුවකා ට ඉන්නේ එක දුවෙක් විතරයි. එයාගේ නම තමයි දුල්මිණි. "

නිම්මිලාගේ ගෙවත්ත 

නිවසට ලඟා වූ අප පිළිගත්තේ නිම්මිලාගේ අම්මා විසිනි. මුලින්ම  ඇය සාදා දුන් තේ කෝප්පය සප්පායම් වූ යෙමු.   
අනතුරුව නිම්මි අම්මා සමග දිවා ආහාරය සකස් කරන්නට පටන් ගත්තාය. 

මා වත්තේ පහළට ගමන් කලෙමි.  නිම්මිලගේ බල්ලා බන්ටියා ද මා පසු පස වත්ත පහළට පැමිණියේය.  එය අක්කර දෙකක පමණ ඉඩමකි. පහළින් ගලා යන වතුර ඇල පසු කල පසු එන්නේ පුවක් බාස් ගේ ඉඩමයි.

තැනින් තැන තිබු පොල් ගස් සහ පුවක් ගස් හැරෙන්නට වත්ත පුරාම තිබුණේ කැලෑවකි.

අරලගංවිල  වගා කටයුතු වලින් ඉවත්වී අවුරුදු ගණනාවක් ගතවී ගොසිනි.  මා මේ වන විට අලදෙණියේ  වෙද විදුහලේ වැඩ පටන් ගෙන ගත වී තිබුණේ මාස කිහිපයක් පමණි.  

ඒ වන විට අලදෙණිය -වල්පොල  පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් ද කර ගෙන ගියෙමි.   

දොස්තර කෙනෙක් වූ පසු වගාවකට අත ගැසූ කාලයක් මතක නැත. 

එහෙත් ගලා යන දොළ පාරත් සශ්‍රික පසත් දුටු මට නිකම් සිටිය නොහැක.

මේ වන විට නිම්මිගේ නංගි විවාහ වී සිටියේ නැත. අම්මලා දුවලා  ඉවුම් පිහුම් කරන අතර උදළු කෙටියක් සහ වක් පිහියක්  ගත් මා මිදුලෙන් පහල කොටසට ඔට්ටු වෙන්නට තීරණය කලෙමි. 

ටිකෙන් ටික කැලේ කපමින් එළි පෙහෙළි කලෙමි. දැන් දැන් පුවක් ලාගේ ගේ මිදුල පවා නිම්මිලා නිවසට පෙනෙන පරිදි වට පිටාව හෙළි පෙහෙළි වී ඇත.

" පුතේ .. කෑම  ලෑස්තියි....කෑමට එන්ඩෝ .."  නිම්මිලා අම්මා කිහිප සැරයක්ම මට දිවා ආහාරයට ආරාධනා කළේය. 

මේ අතර දුල්මිණි  ලා මිදුලේ සිට යමෙකු මා දෙස එබිකම් කරමින් සිටිනු පෙනේ. එහෙත් ඔහු කෙලින්ම මා වෙත මුහුණ පෙන්වුවේ නැත.

හොඳින් විපරම් කර බැලුවෙමි . " පුවක් බාස් " ගමේ පහළට ගොස් ආපසු ගෙදර පැමිණ තිබේ.

මේ අතර මා වත්තේ පහළ කොටසේ  සෑහෙන වපසරියක් හෙළි පෙහිලි කර අවසන්ය. 

කෙසෙල් ගස් කිහිපයක් වත් හිටෙව්වනම් හරි ..  මගේ සිත කියයි. 

කෙසෙල් වර්ග ලෙස නිම්මිලා ගෙදර තිබුණේ  කනාටු වී ගිය ආනමාළු පඳුරක් හා සීනි කෙහෙල් පඳුරක් පමණි. 

පුවක් ගේ ගෙදර නම් හොඳ ඇම්බුන් පඳුරු ගණනාවක්ම තිබේ.  ජල මොරෙය්යන්  දහයක් දොළහක් එහි තිබෙන්නට ඇත.

"කොහෙද  මේ කට්ටිය කෙසෙල් පැල ඉල්ලන එකක් යැ"

ඔන්න ඔහේ මේවා ම හදනවා  මම හිත හදා ගත්තෙමි.  අපේ කිරඹ ඔයේ මුත්තා කෙසෙල් පැල සැදු හැටි සිහියට නගා ගත්තෙමි.

ලොකු වලවල් තුන හතරක්  කැපුවෙමි.  ඒවායින් අඩක් පිරෙන සේ දිරූ කොළ රොඩු ඇතිරුවෙමි .  සීනි සහ ආනමාළු පඳුරු වල තිබු ජල මොරෙය්යන් ගලවා ඒ වලවල් වල සිට වුයෙමි.

වටේ තිබු පස්ගොඩ වල් නැවත පැලය වට කර ගොඩ කළෙමි.

අසල රබර් වත්තේ  තිබු ග්ලිරිසීඩියා  ගසකින් කොළ කඩා ගෙනවිත් අළුත සිටවූ කෙසෙල් පැල වටේ ඇතිරුවෙමි.

අරලගංවිල මෙන් නොව  මාවනැල්ල ප්‍රදේශයේ  අව්ව තරමක් සැර වැඩි යැයි මට සිතුණි.  මගේ ඉහින් කනින් දහදිය වැගිරෙයි. 

කැලෑව හෙළි වී නැවුම් පස් මතු වූ ප්‍රදේශය දකිත්ම මගේ වෙහෙස මදකට පහව යයි .

මගේ වෙහෙස නිවාලූ තවත් ජීවමාන හේතුවක් විය.

ඒ අනෙකක් නොව සිනා සි සී මා වෙත කුරුම්බා හෝ  සීතල වතුර වීදුරුවක් රැගෙන එන මගේ දයාබර බිරිඳ නිමල්කාය.

මේ අතර  මේ හැම දෙයක්ම වෙන හැටි විමසිල්ලෙන් බලා සිටින අයෙකි.  ඔහු සිටින්නේ ඇලෙන් එගොඩ බැම්ම උඩ තැනු නිවසේ මිදුලට වීය.

ඒ අන් කිසිවෙකු නොව  නිම්මිලාගේ අසල්වැසියා වූ දුල්මිනිලා  තාත්තා හෙවත් පුවක් බාස්ය. 




පුවක් බාස් හෙවත් දුල්මිණි ලා තාත්තා ඒ වනවිට අවුරුදු තිස්පහක් හතළිහක් පමණ වූ  මිනිසෙකි. ඔහුගේ ගම  රඹුක්කන පැත්තේ වූ ගමක් යැයි මා අසා තිබේ.

දුල්මිණිලා අම්මා සමග විවාහ වීමෙන් පසු ඔහු මාවනැල්ලේ  කොන්ඩදෙනිය ගමට පැමිණ ඇත.

මුලින්ම ගමේ පහළ පැත්තේ ගෙදරක කුළියට  ජිවත් වූ ඔහු පසු කලෙක නිම්මිලා ගෙට එපිටහ පැත්තේ වූ දියසිරාවෙන් පිරුණු පර්චස් විස්සක පමණ ඉඩම් කෑල්ලක්  මිලදී ගෙන ඇත.

එම ඉඩම් කොටසේ ඉහළ කෙලවරට වන්නට ඔහු සිය නිවස තනාගෙන තිබේ.  ඒ නිම්මිලා අම්මා  කියන පරිදි  විශාල ගල් කුළු අල්ලා ගැසූ බැම්මක්  මත තැනු ගෙපලකයි.

මේ ගෙපලේ මෙන්ම තනිකර වගුරු බිමක් වූ ඉතිරි බිමකඩේද අද අපි දකින තත්වයේ සංවර්ධනයක්  ඇති කීරීමට පුවක් බාස් සෑහෙන මහන්සියක් ගෙන තිබේ.

පුවක් බාස්ද අපේ රාජු මාමලා , ඇතිමලේ බාප්පලා මෙන් කැත්තේ උදැල්ලේ වැඩට හුරු වූ  හොඳට අත පය වෙහෙසා වැඩ කරන්නට කැමති අයෙකි.

වෙනත් අයුරකින් කියනවානම්  මා කැමතිම වර්ගයේ මිනිසෙකි.  ඔහුගේ ශරීර ස්වභාවයද මෙය කදිමට විද්‍යමාන කළේය.

ඒයින් පෙන්නුම් කෙරුනේ දර දඬු වූ මාංශ පේශි  ගහන ස්වභාවයක් මිස අලසව කල් ගෙවීමෙන් ලැබිය හැකිවූ  තෙල් බේරෙන ස්වභාවයක් නොවේ.

ඒ කාලේ පුවක් බාස් ගේ ප්‍රධාන රැකියාව  පොල් පරාල හැදීමයි.

ඊට අමතරව පුවක් හා පොල් කැඩීමට  ගස් නැගීමද ඔහු රැකියාව ලෙස කළේය.

ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ අතර ගෙදර දොර වැඩ වලදී ඔහුට උදව් පදව් කළාය .


ඔවුන් දෙදෙනාට සිටියේ එකම එක දියණියකි . ඇය නමින් දුල්මිණි නම විය.

අප කොන්ඩදෙණිය ගම හා සම්බන්ධ වන කාලයේ ඇය අවුරුදු  අටක නවයක  පමණ වයසේ වූ  දැරිවියකි.

නිම්මිලා ගෙදර අය මේ දෙමහල්ලෝ හඳුන්වන්නට පාවිච්චි කලේ දුල්මිණි ලා අම්මා සහ දුල්මිණි ලා තාත්තා යන නම් දෙකයි.

ඒ නිසා අපි කිසි කෙනෙක් ඔවුන් දෙදෙනාගේ මුල් නම් මොනවාදැයි දැන නොසිටියෙමු.

ඊළඟ කොටස මෙතැනින් 

22 comments:

  1. පුවක් බාස් ගැන වැඩි යමක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. පුවක් බාස් ගැන ගොඩක් ලියන්න තියෙනවා .. ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්

      Delete
  2. ඇබං උබ ඒ ගෙදරට යනකොට එක්කෙනෙකුයි ගියාට පස්සෙ තව කෙකෙකුයි දෙන්නෙක් කසාද බැද ගත්තද ?

    " නිම්මි සමග විවාහ වී සිටි මා"
    " සීතල වතුර වීදුරුවක් රැගෙන එන මගේ දයාබර බිරිඳ නිමල්කාය."

    දොස්තරට ලූස්...

    ReplyDelete
    Replies
    1. නිම්මි.. = නිමල්කා in short..

      මගේ කතා අහලා පැණි කුලාගේ මොලේ කචල් වෙලා..

      Delete
    2. මගේ පරණ පොස්ට් එකක මේ නම් දෙක මුලින්ම යොදා ගනිද්දී හදුන්වා දීමක් කළා.. මේක එක දිගට කියවන්න ඕන කතාවක්..

      Delete
    3. මේ පොස්ට් එක කියවන්න

      http://helmalu.blogspot.com.au/2015/09/blog-post_28.html

      Delete
    4. Always writing out of the topic. First write. Then make a topic.

      Delete
    5. Always writing out of the topic. First write. Then make a topic.

      Delete
    6. පොඩි පොඩි වෙනස් කම් කිහිපයක් කළා දැන් හොඳයිද බලන්න..

      Delete
  3. පරන ලව්‍ෙකෙේස් එක ලියල ඉවර කරල හිටියනං ‍ෙහෙනද

    ReplyDelete
    Replies
    1. දිගටම ඒකෙ හිටියොත් හෙන පාත් වෙන්නත් බැරි නෑ.. ...........

      නෑ .. නෑ. එහෙම නෙවෙයි පුවක් බාස් ගේ චරිතයෙන් උගත හැකි පාඩම් තියෙනවා .. ඒ කත් ලියලා ආපහු පරණ කේස් එකට එමු..

      Delete
  4. පේරාදෙනියට අලයෙකු පැමිණි පසු එය අලදෙණිය වී ඇති බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කුණු බේරුවල් බොක්කට කිව්වා වගේ ඔක්කොම අලයෝ අලදෙනියටලු.. පහුගිය කාලේ එවැනි අලදෙණියේ සිටි අල බ්ලොග් කාරයෙක් ලියමින් හිටියා .. කාලෙකින් පොස්ට් එකක් දැක්කේ නෑ හැබැයි ..

      Delete
    2. අලයෝ එන්නේ වැලිමඩ පැත්තෙන්. අරලගන්විලින් නෙවෙයි

      Delete
  5. /* දොස්තර කෙනෙක් වූ පසු වගාවකට අත ගැසූ කාලයක් මතක නැත.  */

    පොල් කැඩීම කරන විට වෙන වගා කුමටද?

    ReplyDelete
  6. අපේ පොල් කැ ඩිම නිකන් එදා වේලට පොල් කැඩුවා වාගේ එකක්.. නොකඩා බැරි හින්දා කඩපු.. පස්සේ (2005-06) අපි අක්කර පහක පොල් වගාවක් කරා අපේ නෝනලා ඉඩම් වල .. පුවක් බාස් කථා වස්තුවේ ඉතිරි කොටස්වල මේ වගා සංග්‍රාමය එනවා.. ගම නැගුම සහ මග නැගුම මාතෘකා යටතේ...

    ReplyDelete
  7. හොඳ කතාවක් වගේ බලමු...... විස්තර කරන පරිසරය ගැන කියවනකොට මට මැවිලා පෙනෙන්නේ අපේ තාත්තගේ මහ ගෙදර වත්තේ පහල කුඹුරු කොටසයි

    ReplyDelete
  8. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා... ඉතිරි කොටස් ටික බලන්න...

    ReplyDelete
  9. Started reading from this post onward. Let's see. ☺

    ReplyDelete
    Replies
    1. අපි දැන් පාර කපලත් ඉවරයි. කොහොමද මියාගල ලිඳ කපන වැඩේ ? මගේ මිතුරන් දෙතුන් දෙනෙකුත් උදව් කරන්න කැමැත්ත පලකලා...

      Delete
  10. අද සිට මේ සීරීස් එක ඉදිරියට කියවගෙන යමින්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. කියවා විනෝද වන්න.. ජයවේවා !!!

      Delete