Follow by Email

Tuesday, 17 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව-දෙවන කොටස



මගුල්  ගෙදරට සුදානම් වෙමින්  සිටි විමලා අක්කා  සඳ තැන්න  ඉස්කෝලේ ළමයින්ට මල් ගෙනැත් දෙන ලෙස කියා තිබිණි.

මගුල් ගෙදර හෙටයි කියා තිබු දිනයේ පාසලේ කිසියම් උත්සවයක් පැවැත්විණි . මට මතක හැටියට ඒ සඳ තැන්න විද්‍යාලයේ තිබු ප්‍රථම නිවාසාන්තර ක්‍රීඩා තරඟයයි.

එදා පාසල් වැඩ නිමාවන විට හවස හය හමාර පමණ විය.

විමලා අක්කාට තම නංගි ගේ මගුල් ගෙදරට අවශ්‍ය මල්  ගොඩ මෙන්ම නිවාස තරඟයට ගෙදරින් ගෙනා බඩුද  රැගෙන යාමට අවශ්‍ය විය.

ඇය බඩු ගොඩ ඉහින් කනින් එල්ලා ගත් අතර  ඈ සමග මගක් දුරට යන මා ළමුන් ගෙනා විශාල මල් තොගය ගත්තෙමි.

අප මල්දෙණියට  ලඟා වනවිට  හොඳටම කරුවල වැටෙමින් තිබුණි.  තම නිවස  දක්වා ඇති ඉතිරි මීටර් 500 ක  පමණ දුර තනියෙන් යන්නට ඈ බිය වූ ගතියක් පෙනෙන්නට තිබිණි.

එමෙන්ම තම අතේ ඇති බඩු  ගොඩත් සමග මගේ අතේ ඇති මල් පොදිය ගන්නට ඇයට ඉඩක් තිබුනේද නැත.

"  යමු මම ගෙවල් ලඟට ගිහින් ඇරලවන්නම් "  ඇයගේ බිය මුසු මුහුණ  දුටු මා පැවසුයෙමි.

හෙට තියෙන මගුල් ගෙදරට මට ආරාධනා නොකිරීම ගැන  මා සිතේ කිසි අමනාපයක් තිබුනේ නැත.

තිබුනා නම් ඔයා යන විදිහකට ගෙදර යන එකයි ඇත්තේ කියා මා මගේ ගමන යනු ඇත.

" කවුරුත් දැක්කොත් හරි නෑ... ඒත් මට ඇත්තටම තනියෙන් යන්න බයයි."

විමලා අක්කා පැවසුවාය.

 "හරි.. හරි  මම ඔයා ගේට්ටුව ලඟට ඇරලවලා ගෙදර යන්නම් "

කියා මම කිවේ විමලා අක්කා මම ඇගේ නිවසට එනවාට අකමැති බව තේරුම් ගනිමිනි.

තව එකක්  ඇය සිය නැගණියගේ මංගල්‍යය ට  මට ආරාධනා කර තිබුනේද නැත.

ඒ කෙසේ වෙතත්  ඇය තම නිවස දක්වා රැගෙන යෑමට  මම තීරණය කලෙමි.

නිවාසාන්තර උත්සවේ ගැන ආගිය තොරතුරු කතා කරමින්  මල්දෙණිය දෙසට යමින් සිටියෙමු.

බුරුස් මාමලා  කඩේ පහුවුනා පමණි.

"බොහොම පින් මල්ලි...  ඔයා දැන්  ගෙදර යන්න මම ඉතිරි ටික පල්ලැහැට යන්නම් "
කියා ඇය මාගෙන් සමුගත්තාය .

ඒ මල් පොදියත් කෙසේ හෝ තම ලයට තුරුළු කර ගනිමිනි.

ඇගෙන් සමුගත් මා රෑ හත  හමාර පමණ වන විට අපේ ගෙදරට ළඟාවූ යෙමි.

මගුල් ගෙදරට කැවුම් සැපයීම.

මා නිවසට ලඟා වනවිට නිවසේ එකම කළබලයකි. අපේ අම්මා , අක්කා සහ පල්ලැහැ  ගෙදර ජේන් අක්කා ඇතුළු පිරිස කුස්සියේ කෑ කෝ  ගසමින් වැඩ කරනු පෙනේ.

ඉස්කෝලේ ගෙනිච්ච  පොත් මල්ල පසෙකෙට දැමු මම කුස්සිය වෙත ඇදුනෙමි.

" හා පොඩි ඉස්කෝලේ මහත්තයා මොකද පරක්කු..? අපි මේ පල්ලැහැ  විමලා ඉස්කෝලේ නෝනලා  ගෙදර ගෙනි යන්න කැවුම් උයනවා" 

කියමින් තරමක් උපහාසාත්මක  හඬකින් පැවසුයේ  අපේ ජේන් අක්කා විසිනි.

"හොඳයි . හොඳයි ... වෙඩින්  එක ඉස්කෝලේ  අයටත්  කියලා තිබුණා"

මමත්  ඇඟට පතට නොදනී පිළිතුරු දුන්නෙමි. 

අම්මලා හදමින්  සිටියේ අතිරස කැවුම්ය.

විමලා දුවලා ගේ මගුල් ගෙදර  කැවුම්  ගෙන යායුතු යැයි තීරණය කර තිබුනේ අපේ අම්මා විසිනි.
මට නොහඟවා සිටියද මේ වන විටත් ජයරත්න අය්යා විසින් මගේ සහ ජයංගනී ගේ  සම්බන්ධය ගැන අපේ තාත්තා හා කතා කර තිබුණි.

එය තාත්තා  මා හා පැවසුවේ මේ ලියන මොහොතට පැය කිහිපයකට පෙරාතුවයි. 

එනම් සාකච්චාව සිදුවී වසර 23 කට පසුවයි.

තාත්තා ගේ වචන වලින් කිව්වොත් ඔහු එදා පිළිතුරු දී ඇත්තේ " ඒවා කෙරෙන වැඩ නෙවෙයි  " යනුවෙනි.

ස්වප්නා  අක්කගේ මගුල් දවස  සහ ඊට පසුදා

එදා සෙනසුරාදා දිනයකි. උදේ පාන්දරින්ම කැවුම් කදත් රැගත්  ජයසිංහ දෙමහල්ලෝ සහ ඔවුන් ගේ දියණියන්  විමලා ටීචර් ලාගේ මගුල් ගෙදරට පිටත් වුහ.

අපේ අක්කා එහි ගියේ මනමාලිය ගේ යෙහෙලියක් වශයෙනි. නංගිලා දෙදෙනා ජයමංගල කියන කණ්ඩායමට අයත් වුහ.

නාමරත්න මහතා මගුල් මේසයේ ප්‍රධාන කථිකයා  සහ මගුලේ ගිය මල්දෙණිය කණ්ඩායමේ නායකයා විය.

වැලිකන්දෙන් පැමිණි මනමාලයා ( ඉංග්‍රීසි ගුරුවරයෙකි) සහ ඔහුගේ පවුලේ අය  නාමරත්න මහතා සමග බෙහෙවින් කුළුපග වී තිබේ.

අපේ තාත්තා ද මනමාලයා ගේ පුද්ගලික පංතිය ආදිය ගැන බෙහෙවින් සතුටු වූ බවක් පෙනෙන්නට තිබිණි.

කොටින්ම කිවතොත් මගුල් ගෙදරින් පසු ජයරත්න පවුලත් ජයසිංහ පවුලත් බෙහෙවින් සමීප  වූ බවක් පෙනෙන්නට තිබිණි.



7 comments:

  1. හරිම අමාරුයි අප්පේ මෙව්වා ගලපගන්න.. බ්ලොග් එකට මැදින් ගොඩවුන නිසා මේක ඇතුලේ මම දැනට අඳුරන්නේ ජයන්ගනී, නිම්මි සහ පුවක් බාස් විතරයි නෙව .. බන්ටියත් අඳුරනවා ඕන් .. සෑහෙන වෙර වීරියක් ගන්න වෙනවා බ්ලොග් එක මුල ඉඳන්ම කියවන එන්න..

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන් කියවන්න.. අපේ චරිතය ගොඩ නැගෙන්නේ හතරේ පන්තියේ ඉඳලා..

      Delete
  2. "හරි.. හරි මම ඔයා ගේට්ටුව ලඟට ඇරලවලා ගෙදර යන්නම් "
    එහෙම නෙවෙයි "හරි.. හරි මම අක්කා (වෙන්න නන්දා ) ගේට්ටුව ලඟට ඇරලවලා ගෙදර යන්නම් "
    කියලා ලියපන්...
    ...
    ඔහොම යන් ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. මමවත් අක්කා වත් දෙන්නට දෙන්නා නැද කම් කියා ගන්නේ නෑ ඒ දවස් වල..

      Delete
  3. මේ නිසදැස් කොටස ලිව්වේ මේ පොස්ට් එක දැකපු අපේ පවුලේ මිතුරියක් ... මගේ මුහුණු පොතේ...

    ............... වියපත් නොවන පෙම ...............
    සෙල්ලම් වයස සමණල කාලය.............ඉවරයි
    දැන් නම් අපේ ලෝතුරු ජීවිතෙ............වයසයි
    මාපිය දෙගුරු ලෙස ඇති යුතුකම්....බොහොමයි
    එනමුත් සිතෙහි පෙම් හැඟුමන් තව......එහෙමයි

    ReplyDelete
  4. පුද්ගලික අත්දැකීම් පොදු රසාස්වාදයට හරවන්න නම්, ලේඛකයාට අදාල දේ පමණක් නොව තවත් දේ ද එකතු විය යුතුයි.

    ReplyDelete
  5. අදහසට එකගයි. හැබැයි මම ලියුම්කරුට අදාල නොවන දේ ඇතුල් නොකරේ එවිට ඒවා බොහෝවිට අනුමානයෙන් ලියන්න වෙන නිසා.. පාඨක යාට අනුමාන කරන්න ඉඩ තිබ්බ එවැනි කරුණු...

    ReplyDelete