Follow by Email

Thursday, 19 November 2015

මාවනැල්ලේ ගෙවතු වගාව (පුවක් බාස් -තුන්වන කොටස)

මාත්  නිම්මිත්  අලදෙණිය- වල්පොල  පාරේ කුලී නිවසක ජිවත්  වූ ඒ කාලේ හැම සති අන්තයකම  අපි මාවනැල්ලේ ගියෙමු.

ඒ මාවනැල්ලේ ගිය දෙවන වතාවයි. තම අම්මා, නංගි සහ බන්ටියා දැකීම නිම්මිගේ අරමුණ විය .

ගියවර  වගා කල කෙසෙල්  ගස් බැලීමත්, ගෙවත්තේ වැඩ වල තව පියවරක් ඉදිරියට යෑමත්, නිම්මි සමග නැවතත්  රබර් කැලේ මැද පිහිටි දොළ පාරට යෑමත් මගේ  අරමුණු විය.

එමෙන්ම අවස්ථාවක්  ලැබුනොත් පුවක් බාස් කතාවට අල්ලා ගන්නටද මට අවශ්‍ය  වී තිබු බව අසත්‍යක් නොවේ

අළුත හඳුනා ගත් අය්යා  සමග කැලේ  ගැවසීමත්  අවශ්‍ය වුවහොත් ඔහුගේ උදව්වට පැමිණීමත්  බන්ටියාගේ අරමුණ වන්නට ඇත.

නිම්මිලා අම්මා සහ නංගි අලුතින් කඩා පාත් වූ මේ නෑදෑයා  ගේ වැඩ පිළිවෙල තේරුම් ගන්නට උත්සහා ගනිමින් ඉන්නට ඇත.

එහෙත් මේ සිදුවීම් වල වඩාත්ම  වැදගත් චරිතය වූ පුවක් බාස්  අපේ ගනු දෙනු වලින් බල පොරොත්තු වුයේ කුමක් දැයි මට පැහැදිලි නැත.


නිම්මිලා ගෙවත්තේ තව දවසක් 


පුරුදු පරිදි රෝයල් මෝල් එකෙන් නිම්මිලා අම්මාට ගත් මාළු පාන්  ආදිය රැගෙන අපි මාවනැල්ලේ  මහ ගෙදරට ලඟා වීමු.

අප එහි යනවිට වෙලාව උදේ අට  හමාර පමණ වන්නට ඇත.

වැඩට ගියත් නැතත් උදේ පහ හමාරට-හයට පමණ අවදි  වීම අපේ සිරිතකි.

එබැවින් වේලාසනින්  මාවනැල්ල බලා පිටත් වීම එතරම් අපහසු දෙයක්  වන්නේ  නැත.

නිම්මි අම්මා සමග කුස්සියට වී කතාව පටන් ගත්තාය.

අපේ පොල් කඩේ විස්තරත් අප නැවතී සිටි ගෙදර විස්තරත් සාකච්චා වෙනවා මට මතකය.

අම්මා තේ එකක් හදන තෙක් මම වත්තට පැන්නෙමි.

"මගේ කෙසෙල් පැලවල මුල් අල්ලලා ඇති " යැයි සිතමින් කුස්සියෙන් එලියට අඩිය තිබ්බා පමණි.

අසල පරිසරයේ ගිය සතියට වඩා පැහැදිලි වෙනසක් මට පෙනේ.

"අම්මා.. කවුද මේ ඇම්බුන් පැලේ මෙතන හිටවව්වේ ? "  මා ඇසුවේ මේ වෙනස සිදුවුයේ කෙසේද යන්න දැන ගැනීමේ අටියෙනි.

"ආ.. ඕක අල්ලපු ගෙදර දුල්මිණි ලා තාත්තා ඇවිත් ඔතන හිටවලා ගියා"

" තව ගහක්  අර වෙරළු ගහට එහයිනුත් හිටෙව්වා .. ඒක මාළු කෙසෙල් පැලයක් කියලා කිව්වා "

පුවකා මගේ කෙසෙල් පැල අතර තමන්ගේ කෙසෙල් පැල දෙකකුත් සිටුවා ඇත.

මට ඉල්ලා ගන්නට ඇත්නම් යැයි සිතුනු ඇම්බුන් පැලය ඉන් එකකි.

මා කුස්සියේ දොරෙන් එලියට ගිය මොහොතේ පටන් බන්ටියා මා පස්සෙන් වැටේ.

ඌ හුස්.. හුස්.. ගා ඇම්බුන් ගහ වටේ ඉව කරමින් නැවුම් පසේ සුවඳ  විඳිනු මට පෙනේ.

"පුතේ එන්න තේ බිලා  යන්න.. " නිම්මිලා අම්මා මා අමතයි.

බන්ටියත් මමත් තේ බොන්නට ගෙට ගොඩ වූයෙමු.

" ආ .. බන්ටිට අලුත් අය්යා කෙනෙක් හම්බ වෙලා නේ .. දැන් අපි මතක නෑ නේද?" නිම්මි බන්ටිගේ බෙල්ල කසමින් පැවසූ වේ මේ වෙලාවී දිය.

" එයා අය්යත් එක්ක එකතුයි.. අදත් කැලේ යනවද අය්යත් එක්ක?" නිම්මිලා අම්මත් කතාවට එක් වුවාය.

තේ පානයෙන් පසු අගුවේ වූ මඩු ගෙයට ගිය මා උදැල්ලක් , පිකැස් එකක් සහ අලවංගුවක් රැගෙන ගෙට ඉහලින් වූ  ඉඩම් කොටසට ගොඩ වුයෙමි .


පුරුදු පරිදි බන්ටියා මා සමගම ඒ පැත්තට ලඟා විය.  පහල කොටසට වඩා මේ කොටසේ කැලෑ ගතිය වැඩිය. උදළු පහර කිහිපයක් ගසා කුඩා කොටසක් එලි පෙහෙළි කර ගත්තෙමි.

මගේ අඩුම කුඩුම ටික ඒ හරියේ තිබු මා නැවතත් කුස්සිය දෙසට ගියෙමි.

"අම්මා .. කැත්තක් නැද්ද.? කැලේ ටිකක්  ඝන කම වැඩියි වාගේ.."

"අපේ ගෙදර කැත්තක්  නෑ මන් හිතන්නේ..  ඉන්ඩ මන් එහා ගෙදර මල්ලී ගෙන්  අහලා එන්නම් "

ඈ කීවේ පුවක් බාස් ලා ගෙදර කැත්තක් තිබිය හැකි බවයි.

අම්මා කැත්තක් රැගෙන එන තෙක් නැවතත් කැලේ සමග ඔට්ටු වෙන්නට සිතුවෙමි.

උදැල්ල රැගෙන වෙර යොදා කෙටුවොත් ඝන කමින් වැඩි ගස්ද  කැපී යයි.

මේ අතර බන්ටියා  මම ගහන  සෑම උදළු පාරක් පාසාම බුරමින් කැලේ  දෙසට පනියි.

" මුට පිස්සුද මන්දා .. බෙල්ලත් කෙටිලා යනවා  තව චුට්ටෙන් ."

මම සිතුවේ බන්ටියා ගේ මේ අමුතු පැනීමේ පිළිවෙල මට එච්චර ඇල්ලුවේ නැති නිසාය.

තව තවත් කැලය එලි කරමින් ඒ තුලට ගමන් කලෙමි.

බන්ටියා කරදරයක් යැයි සිතුනු වාර අපමණය.

විටෙක ඌ මගේ කකුල් දෙකේ වදියි. නැවතත් උදැල්ල අසලින්ම කැලේට පනියි...

කෙසේ හෝ වදෙන් පොරෙන් කැලෙන් සෑහෙන කොටසක් හෙළි කලෙමි.

වත්තේ ඉහළ කොටසෙන් ඩිග් .. ඩිග්  ගා යමෙකු ගෙඩි කඩන හඬ ඇසේ ..  කවුරු හරි  පොල් හෝ කුරුම්බා  කඩන හඬයි ඒ . පුවකා ඇවිත් වත්ද ?

ටික වෙලාවකින් නිම්මිලා නංගි අමරා  මා වෙත ආවේ ඒ ගෙඩි වලින් ගත් වතුරත්  රැගෙනයි.

" කවුද කුරුම්බා කැඩුවේ  නංගි..?" මම ඇසුවෙමි.

"දුල්මිණි ලා තාත්ත ආවා..  අය්යට උයලා දෙන්න කියලා පොලොස් ගෙඩි දෙකකුත්  අරගෙන . ඊට පස්සේ කුරුම්බා කැඩුවා බොන්න දෙන්න කියලා "

අමරා නංගි පැවසුයේ මගේ අනුමානය සනාථ කරමිනි.

අම්මා කැත්තක් ඉල්ලන්න ගිය වෙලාවේ පුවක් බාස් මා ගෙවත්තේ වැඩ බව දැන ගන්නට ඇත.

ඉන්පසු ඔහු මාගේ වෙහෙස නිවන්නට මෙන්ම දිවා ආහාරයට අවශ්‍ය දේවල් ද සපයා දී තිබේ.

කුරුම්බා පානයෙන් පසු නැවතත් වැඩට බැස්සෙමි.  දැන් පුවකා ගෙනැත් දුන්න කැත්තද  ඒ සඳහා යොදා ගත හැකිය.
 කැත්තෙන් භාගෙට එලි පෙහිලි කල කොටසකට උදළු පහර ගසමින් සිටියෙමි.

බන්ටියා නැවතත් බුරමින් ඒ දෙසට පනියි.

කැලේ කොටන්නට කියා උදැල්ල ඔසවත්ම බන්ටියා එය පහත් වන්නට නොදී ඒ දෙසට පැන්නේය... ඌ බුරනවාට අමතරව හුස්.. හුස්.. නහය අතුල්ලමින් ඒ දෙසට යයි.

"මේකට පිස්සුද මන්දා .. කියමින් ඒ දෙස බැලුවෙමි..."

කිසියම් දෙයක් .. දුඹුරු පාට ගුලියක් මෙන් මා දෙකකුල් අසලම  තිබෙනු දුටුවෙමි.

තවත් විමසිල්ලෙන් බැලුවේ බන්ටියාද පසෙකට තල්ලු කරමිනි.

දරණ ගැසී නින්දේ මෙන් සිටි සතාගේ ඇඟේ සත පහ , සත පහ වැනි ලකුණු පෙනෙන්නට තිබේ.

වෙද විදුහලේ  දී රාජසූරිය මැඩම් කියා දුන් අනෙක් ලක්ෂණය තිබේ දැයි බැලුවෙමි.

වී හැඩයේ ලකුණක් හිස මත දක්නට ලැබේ.. මගේ ඇඟ කිළිපොලා ගියේ සත්වයා හඳුනා ගැනීමෙනි..

 වෙද විදුහලේ වීදුරු පෙට්ටියේ පොළගෙක් දැක තිබුනද දාර පොළගෙක් මා  අබියසම  දුටු ප්‍රථම අවස්ථාව මෙයයි.

" මෙන්න  පොළන්ගෙක් "  මම කෑගැසුවෙමි.

මුලින්ම දුවගෙන ආවේ නිම්මිලා නංගි අමරා ය..

" මරන්න .. මරන්න.. " ඈ කෑ ගැසුවාය.

විෂඝෝර සර්පයෙක් වුවත්  නිශ්චල ව නින්දේ පසු වූ සතාට  හානියක් කරන්නට මට සිතුනේ නැත.

එහෙත් මෙතනින් එහාට  එලි පෙහෙළි කරන්න නම් ඌ ඉවත් කල යුතුය.

මා කල්පනා කරමින් සිටියේ ඒ ගැනයි.

"මොනවද  බල බලා ඉන්නේ.. මෙන්න මෙහාට දෙන්න ඕක " යැයි කියමින් මා අත තිබු උදැල්ල උදුරා ගත් අමරා පොළොන් රාජයා පරලෝසැපත් කළාය.








12 comments:

  1. දැන් තමයි මචං නියම කතා කලාව පටන් අරං තියෙන්නේ.. අපේ ජොකයා අහනව කිටීට ඕව ලියන්න වෙලාව තියනවද කියලා..මට නම් පේන්නේ අපූරු දොස්තර මහත්තයෙක් තුල ඉන්න සුන්දර ගැමියෙක්...

    ReplyDelete
  2. දැන් තමයි මචං නියම කතා කලාව පටන් අරං තියෙන්නේ.. අපේ ජොකයා අහනව කිටීට ඕව ලියන්න වෙලාව තියනවද කියලා..මට නම් පේන්නේ අපූරු දොස්තර මහත්තයෙක් තුල ඉන්න සුන්දර ගැමියෙක්...

    ReplyDelete
  3. ස්තුතියි .. එහෙන් මෙහෙන් වෙලාව හොයා ගන්නවා.. ජොකයා ටත් කියපන් ජිවිතේ මිල මුදල් , තමන්ගේ පවුල , තනතුරු වලින් එහාට ගිය දේවලුත් තියෙන්න ඕනෙ කියලා.

    ReplyDelete
  4. ඔය තියන ගූගල් ෆලෝවරය නෙමෙයි බ්ලොගර් ෆලෝවරය දාන්න

    ReplyDelete
    Replies
    1. කොහොමද ඒක කරන්නේ?

      Delete
    2. ඩෑෂ් බෝඩ් + ලේයර්අවුට් + ඇඩ් ගැජට් + මෝර් ගැජට් + යටම තියන ෆලෝවර්

      Delete
    3. දැම්මා .. බොහොම ස්තුතියි උදව්වට.. දැන් හරිද බලන්න..

      Delete
  5. ඔවු .. ඔවු අපේ ගමේ භාෂාවෙන් කියනවානම් පිකැස් එක

    ReplyDelete
  6. පුවකනං මාර ඩෑල් එකක් තමයි.

    ReplyDelete