Follow by Email

Friday, 11 December 2015

සමුගන්නට අවසරයි




තත්වය මා සිතුවාට වඩා බරපතලය. අපේ ගෙවල් දෙකේ අය එකිනෙකාට එරෙහි වන ලකුණු පෙනේ.

විමලා අක්කා  අපේ  අම්මා හමුවීමට පැමිණ  ගතවුයේ දින කිහිපයක් පමණි.  මම පුරුදු පරිදි සඳතැන්නේ පාසලටත් කිරඹ ඔයේ කුඹුරටත්  මගේ සිත යොදවමින්  කාලය ගත කලෙමි.

එමෙන්ම එය  ජයංගනී සහ ඇගේ පවුලෙන් ඉවත් කර ගන්නට නොයෙක් වැර වෑයම් යෙදුවෙමි.


 "දැන් කල යුතු හොඳම දේ කුමක්ද ? " මා මගේ සිත ප්‍රශ්න කලෙමි.

"මේ වෙලාවේ කලයුතු හොඳම දේ ජයංගනීට පාඩුවේ ඉන්න දීමයි" මගේ උඩු සිත කියයි.

"ඇය තවමත් අවුරුදු 15 ක දැරිවියකි.  මා මෙන්ම ඇයත්  ඉගෙන ගත යුතුය.  අපේ කට්ටිය අවුස්සා ගතහොත් එය එසේ නොවනු ඇත.

අපි වාසනාවන්ත  නම් නැවත වරක් අප මුණ ගැසෙනු ඇත. " මේ  "ඒ සිතට" නැගුනු සිතිවිලි වලින් සමහරකි.

මගේ යටි සිත කතා කරන්නේ   මේ වෙලාවට නොවේ..නින්දත් නොනින්දත් අතර ගත කරන  රැය ළඟා වීමත් සමගය..

"එතකොට දොස්තර කෙනෙක් වෙලා අපේ නංගිව  ලඟට ගන්නේ කොහොමද..?

" එයාලා මුළු පවුලම මගේම නංගිලා මල්ලිලා වගේ සලකන්නේ කොහොමද "

"අපි දෙන්නා එකතු වෙලා ඉදිරිය ගැන කතා කරපු දේවල් ...?"

යටි සිත මගෙන් ප්‍රශ්න කරයි..


"අපේ කවිඳුවා ගැන මම බලා ගන්නම් .. නංගි ඔයාගේ වචනේ රකින්න ඕනේ.."

චමින්දයා කියූ කතාව මගේ හිතේ රැව් පිළිරැව් දෙයි.

කෙසේ හෝ හිත හදාගෙන මේ තීරණය ගත යුතුය.

මා වැරදි නැති බව කවුරු නැතත්  අපේ නංගි කවදා හෝ තේරුම් ගනු ඇත.

අමාරුවෙන් වුවත් ජයංගනී ගෙන් ඉවත් වන්නට තීරණය කලෙමි.

තීරණය එසේ වුවත්  එය  ඇයට දැනුම් දෙන්නේ කෙසේද.. ? එය තවත් ගැටළුවකි.

දෙමළ ඉස්කෝලේ කල සාකච්චාවේ අනික් පැත්ත කතා කරන්න චමින්ද ට භාර දීමටද නොහැකිය.

නිදි වර්ජිත රාත්‍රීන් ගණනාවක් ගෙවී ගියේය.

ප්‍රථම වතාවට මගේ මුහුණ පුරා ඝන රැවුලක් ද වැවෙන්නට හැරියෙමි.

කෙසේ හෝ මේ තීරණය මමම දැනුම් දෙන්නෙමියි සිතා ගත්තෙමි.






ජයන්ගනිට කිව යුතු සියළු දේ ලිපියක ලියන්නට තීරණය කලෙමි. එහෙත් එසේ  නිදි නැති රෑ කිහිපයකම ලියු ලියුම් අවසන් වුයේ අම්මාගේ ලිපේ අළු ගොඩ තුලය.

අවසානයේ මෙසේ ලියු එක ලිපියක් ඉතිරි කර ගත්තෙමි.

" ඔයාලා ගෙදර අය ඉක්මන් වුනා වැඩියි... ඔයා තවම මේවට පොඩි වැඩියි.. " වැනි යෙදුම් එහි තිබුණු බව මතකය.

දැන් මේ ලිපිය ජයංගනී අතට පත්  කරන හැටි  සිතිය යුතුය.

දවස් කිහිපයක්ම ගත වී ගියේය.. ලිපියත් රැගෙන පාසැල් ඇරී නිවසට එන ඈ එන මගට යන්නට තීරණය කලෙමි..

හවස 2.30 පල්ලෙවෙල බසයෙන් සුජාතා බාලිකාවෝ රැසක් අපේ ගම දෙසට එති .

 ඒ අතර හුන් ජයංගනී බොහෝ විට ගෙදර එන්නේ ඇයගේ අක්කා  සමගය.

 මා පෙර මගට එනු දුටුවහොත් අක්කා පසු බසී. ඒ අපට අවශ්‍ය දෙයක් කතා කරගන්නට ඉඩ හරිමිනි.

එහෙත් ඉස්සර මෙන් දැන් මට ජයන්ගනිට කියන්නට දෙයක් නැත.  කියන්නට ඇති දේ  ලියා ඇති ලිපිය ඈ වෙත  දෙන්නට සිදුව  ඇත.

දකුණු අතේ ගුලි කර ගත් ලියුම මල්දෙණියේ සිට ඩන් ලොප්  වත්ත දෙසට ගොස් ආපසු පැමිණි වාර ගණන 10 ක් හෝ දොළහක් පමණ වන්නට ඇත.



මේ අතර මගේ මුහුණ පුරා වැවෙන රැවුල මට සමන්තගේ ලොකු අය්යා  වැනි පෙනුමක් හිමි කර දෙමින් සිටියි.

අපේ දෙනෙත් මේ දහ  දොළොස් වතාවේම  කියා ගන්නට දෙයක් නැති හිස් දෑස් බවට පත් වී තිබිණි.

විමලා අක්කා අපේ ගෙදර ඇවිත් ගිය දා සිට ජයංගනී ටත් මටත් ඉස්සර තිබුණ සතුට හෝ  අඩුම ගානේ වචනයක් දෙකක් කතා කරන්නට වත් වෙලාවක් , අවශ්‍යතාවයක්  උදා වුයේ නැත.

මම පාරට එන්නේ දුකින් පිරුණු මුහුණ එල්ලා ගෙන සමුගැනීමේ ලිපිය ඇයට දෙන්නටය.  ඇය වෙන්නට යන්නේ කුමක්දැයි ඉවෙන් මෙන් දැන ගන්නට ඇත.

එහෙත් ඇය ලඟට එන විටම  ඒ ලිපිය ඇයට දෙන්නේ කෙසේද යන ගැටළුව විසින් මා  පසුබැසීමට පොලඹවයි.




අවසානයේ ඒ  ඉරණම්  දවස උදාවිය.  මෙතෙක් දින ගණනාවක්  එකිනෙකාට කතා නොකර සිටි අය්ය නගෝ  දෙදෙනා කතා කල දිනය එය විය.

නිල් පාට ඉරි ඉරි පිජාමා සරමත් ලා දුඹුරු පාට ඉරි ඉරි කමිසයත් හැඳ  සිටි මා ගුණදාස මාමලා කඩේ පසු කර ටික දුරක් ගියා පමණි.

සුදු පැහැ  නිල ඇඳුමට සුජතාවේ  නිල් පාට ටයි එක  බැඳ කොණ්ඩය කරල් දෙකට ගෙතු යුවතියක්   මා යන මග හරස් කළාය.

වෙනදා මෙන් එකීනෙකා දෙස දුකින් පිරුණු දෑසින් බලා දෙපැත්තට යන ගමන අවසන් කරන්නට ජයංගනී තීරණය කර තිබේ.

" ඔයා ඔහොම රැවුල වවාගෙන ඉන්න එපා  .. මට දුකයි.. මට මොනවා වුනත් කමක් නෑ.. ඔයා සන්තෝෂෙන් ඉන්න...හරි  දුක හිතෙන මුණක් මට පෙනෙන්නේ ඔයාගෙන්... ඔන්න ඕක කපලා දාන්න.."

"මෙන්න මේකත් තියා ගන්න" මම සති දෙකකටත් වඩා මාත්  සමග එහා මෙහා ගිය ලිපිය ජයංගනී අත තැබුවෙමි.

මේ වචන කිහිපය හැරෙන්නට කිසිවක් අප කතා කලේ නැත..  " අපි කවදා හරි හමු වේවි " මගේ ලිපියේ තිබුණු අවසන් වාක්‍යය සිහියට නගා ගත්තෙමි.

සියල්ල අවසන්... යැයි සිතු මා හිස පහත් කර ගෙන ඉදිරියට පිය මැන්නෙමි.

මේ සිදුවීම් මෙසේ ගලා යත්දී ජයංගනී ට මොනවා සිතෙන්නට ඇත්ද..? මගේ සිත ජයංගනී සහ මා ගැන ඇති වූ අප්‍රමාණ අනුකම්පාවකින් යුතුව ප්‍රශ්න කළේය.

" මගේ පාඩුවේ ඉස්කෝලේ ගිහින් හිටිය මට කවිඳු අය්යාගේ පංතියට යන්න කියලා අම්මා කිව්වේ ඇයි දෙය්යනේ.."

"අම්මාට  මාව මුලින්ම අරලගංවිල මාපා සර්ගේ පංතියට දාන්න බැරිවුනේ ඇයි.."

"ආදරය කියන්නේ මේකටද?..  කවිඳු අය්යා මට ඇත්තටම  ආදරෙයි කියලා මම හිතුවේ.. ඇයි එයා දැන් මාව මග හරින්න හදන්නේ...මම ඇත්තටම කවිඳු අය්යට ගැලපෙන්නේ නැද්ද ?"

"මගේ හොඳම යාළුවෝ  කවිඳු අය්යාගේ නංගිලා ..ඒ අය දැන් මම දකිනකොට අහක බලා ගන්නවා."

වැනි දහසකුත් එකක් සිතිවිලි ඇගේ මනසේ නැගෙනවා ඇත.




21 comments:

  1. even though it was true....this story is not good... so please remove it from blog....

    ReplyDelete
  2. අමාරු තීරණයක්!
    පට්ට සින්දු ටික...

    ReplyDelete
  3. ස්තුතියි.. ඊළඟ කොටස් වල වෙන දේ බලන්න...

    ReplyDelete
  4. සන්වේදී ලස්සන කතාවක් බන.
    ආයේ මුන ගැහේවිද?

    ReplyDelete
    Replies
    1. දිගටම කියවන්න... මෙය මෙතැනින් නවතින්නේ නැහැ... අපි ආයෙත් මුණ ගැහෙනවා..

      Delete
    2. එහෙනම් බලන්න එනවා...

      Delete
  5. ජයංගනී අල්ලගෙන තියෙන්නෙ නිකන් පතෝල වගෙ පෙම්වතෙක්නෙ. කිසි එක්සයිට්මන්ට් එකක් නෑ. ජයංගනීට තිබ්බෙ අතඇරල දාන්න....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....මට හිතුණා කවුරු හරි කෙනෙක් ඔහොම කියයි කියලා.. සම්පුර්න බ්ලොග් එක බලන්න.. එක්සයිට්මන්ට් ගොඩක් එන්න නියමිතයි...

      Delete
  6. පුංචි ටෙලියකට ගන්න පුළුවන් කතාවක්. මට ජවනිකා මැවිලා පෙනෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... මේවා මේ විදිහටම වුනා අප්පා...

      Delete
  7. හුඟක් දවසකින් මේ පැත්තේ ආවේ..සාමාන්‍ය පෙළ විභාග රාජකාරී නිසා විවේකයක් ලැබුනේ අදයි. කෝ බං විමලා අක්කා උඹලෑ ගෙදර ආපු කොටස මං කියෙව්වේ නෑනේ..මට මග හැරුනා වත් ද?

    ReplyDelete
  8. ස්තුතියි ආවට මේ පැත්තේ .. අපි මහන්සි වෙලා ලියන එකේ ප්‍රතිඵල ලැබෙන්නේ එතකොටනේ.. මෙන්න මේක කියවපන්...http://helmalu.blogspot.com.au/2015/11/blog-post_67.html

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. Eka rayenma eli velaane. Nandamma adala dunnama meya naala. Keekaru puthek (malliyek). Ara kellata hithenna athi light kanuwakata mama kamthi vuna nam mèeta vada hondai kiyala. Ai adu tharame kelinvath innavane... kella kavuru vunath paw. Me kathave meeta vada deyak thiyanava... Triangle love ekkakata mula piruvada MC ekedi?

    ReplyDelete
    Replies
    1. thanks.. me kathwe godak katha thiyenwa.. iwasagen inna oone ewa enakn.. MC katha passe enawa..

      Delete
    2. අප්සරාට අනාගතය කියවන්න පුළුවන් වගේද මන්දා... මේ කතාවේ මීට වඩා දේවල් තියෙනවා තමයි..

      Delete
  11. Anaagathaya nevei atheethaya. Me vage prema katha gananaavak kiyavala ahala thiyanava. Game pemvathage hari pemvatiyage iranama mekai. Mata mathakai api sarasaviye inna kaale game pemvatha hostel ekata avith thamange pemvathiyata pihiyen anna. Kellanta ehema karanna baha, andala duka thunii karagannava arenna.

    ReplyDelete
  12. අපිට බ්ලොගය මගහැරිලාවත්ද??????

    නෙලුම් යායෙන් තමා දැක්කේ..... අපේ සින්ඩියටත් දා ගත්තා....... බ්ලොගය සුපිරියි... දිගට ම ලියමු....

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි... පරක්කු වෙලා හරි කමක් නෑ.. ආවනේ.... අපි නම් "කුරුටු ගෑ ගී පවුර " කියවනවා... ඔන්න පනස් ගානක්ම පොස්ට් තියෙනවා කියවන්න..

      Delete
  13. අද තමා මුලින්ම මේ පැත්තේ ආවෙ.. ගීත කතාවක්.. ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අපේ පැත්තේ ආවාට .. බෙස්ට් සිලෙක්ෂන් එක බලන්න .. ඒකත් මේ වාගේම ගීත කතාවක්...

      Delete