Follow by Email

Monday, 11 January 2016

විකල්ප යෝජනා (මග නැගුම - හතරවන කොටස )




මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


පුවක් බාස් දෙවන කොටස


මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


ගම නැගුම - පළමු කොටස


ගම නැගුම දෙවන කොටස


ගම නැගුමෙන් මග නැගුමට


මග නැගුම - දෙවන කොටස




දැන් දැන් ඩිංගිරි බන්ඩේ මාමාගේ උදව්වෙන් ( ඔහුගේ ගෙදරට එන පාර හරහා ) අපේ පාර සකස් කර ගැනීමේ අදහස  අපෙන් ඈත් වෙමින් පවතී.

දැන් නිම්මිලා ගමේ හැමෝගේම කතාබහ කරන්නේ ලෙනදොරලා සහ අප  ගැනය. 

කැලෑ වැදී තිබුණු ඉඩම් එළි පෙහෙළි කිරීමත්  වෙල්යායක් පසු කර යායුතු ගෙදරකට පාරක් තැනීමට පිට පොට ගැසීමත් ඔවුන්ට  අප ගැන තැන තැන සාකච්චා කරන්නට ඇති තරම් මාතෘකා සපයයි.

මේ දේවල් අකුරක් නෑර දැන ගැනීමට මට ඉඩ ලැබෙන්නේ අපේ අළුත් සගයා පුවක් බාස් හරහාය.

දැන් දැන් හැමදාම හවසට නිම්මිලා ඉඩමේ උඩහ කොටසේ රැස්වන අප තිදෙනා  පුවක් හරහා ගමේ අය අප ගැන කියන කතා පිලිබඳ  නැවතත් සාකච්චා කරන්නෙමු.

"ප්‍රේමරත්න  ගමේ අය අපේ වැඩ ගැන කතා වෙනවා ඇති නේද මේ දවස් වල ?" 

මා අසන්නේ මල්දෙණිය වැනි ගමක ජිවත් වී  ගැමි ජිවිත  ගැන මා ලැබූ අත්දැකීම් සිහියට ගනිමිනි.

"ඔවු .. ඔවූ .. කට්ටිය එක එක කතා කියනවා .."

"කට්ටිය අපි ගැන හොඳ  කියනවා ඇති නේද? ගමට රටට වැඩක් වෙන දෙයක් කරන වා කියලා ? " 

මම නැවතත් අසන්නේ  ඇත්තටම ඔවුන් අප දකින්නේ මොන විදිහකටද යන්න  පුවකා ගෙන් දැන ගැනීමටයි.

පුවකා නැවතත් බර කල්පනාවකය.  

ගම්මුන් අප දෙස බලන අයුරු  ගැන  ඇත්තම කියන්නට ඔහුට අවශ්‍ය බව මට ඔහුගේ කුඩා දෙනෙතින් පෙනේ.

" හොඳ නරක මම දන්නේ නෑ .. හැබැයි ඉතින් හැමෝම කතා වෙන්නේ කරුණා අක්කලා ගෙදර ගැන තමයි. "
"ඒක තමයි ...  එයාලා මොනවා හරි කියනවා ඇතිනේ  කරුණා අක්කගේ බෑනලා දෙන්නා ගැන "

මම කල්පනා කලේ අපේ ගමක වුවද මෙවැනි  කඩිනම් සංවර්ධන වැඩ පිළිවෙලක්  සිදුවන්නේ නම්  එය ගම්මුන්ගේ බලවත් අවධානයට යොමු වන බව හොඳින්ම දන්නා නිසාය.

" ඉඩම් කඩම් හදන්නේ දෙන්නම එකතු වෙලාලු නේද ?  "

"දෙන්නගෙන් කොයි එක්කෙනා ඔය ඉඩම් වලට අයිති වාසිකම් කියයිද දන්නෑ.."

" බලමුකෝ කට්ටිය ඉඩම් බෙදා ගන්න  වලිකන හැටි .. "  වගේ කතා  නම් කියනවා ගොඩක් දෙනෙක්.. 

"අපි කරන වැඩේ ගැන හොඳක් කියන්නෙම නැද්ද අප්පා  ? "

මට දැන ගන්නට අවශ්‍ය වුයේ මේවා ආදර්ශයට ගන්න/අගය  කරන එක් අයෙක් හෝ 
 ගමේ සිටීදැයි දැන ගැනීමටයි.

" මෙහෙමයි ඉතින්  ලෙනදොර මහත්තයා හරි ඔයා හරි ගිහිල්ලා කෙලින්ම ඇහුවොත් නම් ඉතින් කියයි හොඳ වැඩ කියලා .

 හැබැයි ඇත්තම කියන්න  මගේ කනට ඇහුනේ නම්  ඔය වගේ කතා තමයි"

"හරි හරි එකෙන් කමක් නෑ.. මිනිස්සු කියන කරන දේවල් වෙනස් කරන්න ලේසි නෑ.. අපිට තියෙනවා වැදගත් දේවල්  කතා කරන්න"

"ඒක නෙවෙයි ... දැන්  ඩිංගිරි බන් ඩේ මාමා මොකද කියන්නේ "

"එයා නිතරම ගමේ හැම තැනම ඇවිදිනවා වගේ පෙනෙනවා අපිට ?"

මා ඇසුවේ ඇත්තටම ඩිංගිරි බන් ඩේ මාමා  පස්ස කැඩුණු කඩියෙක් මෙන් ක්‍රියාශීලි වූ ගතියක් පසුගිය දිනවල මා නිරීක්ෂණය කල බැවිනි.

"ඇත්තම කියන්න එයා තමයි ගොඩක් ඔය දේවල් කතා වන තැන් වල ගැවසෙන්නේ "

"ඒ කියන්නේ මනුස්සයා අපිට විරුද්ධව වැඩ කරනවා ???"

"තරහා ගන්න එපා ටිකක් ඒ වගේ තමයි.. දන්නේ නැද්ද ගම් වල කට්ටිය ඉතින් ? "




ඩිංගිරි බන්ඩේ මාමාගෙන් පසු පියතිලක මාමා වෙත.



මේ අතර ලෙනදොර මල්ලී  එහෙන් මෙහෙන් හූමිටි තබමින් අපේ කතාවට සවන් දෙමින් සිටියි.

මම  ඔහු දෙසට හැරුණෙමි. 
" මල්ලී දැන් මේ ප්‍රේමරත්න කියන්නා වගේ පාර ගන්න වෙන ක්‍රමයක් ගැන හිතන්න වෙයි වගේ "

මම අසල ඇති අනෙක් ඉඩම් වල පිහිටීම  නිම්මිලා නිවසට පාරක් කැපීමේදී  කතා කල යුතු මිනිසුන් ගැන සිතන්නට පටන් ගත්තෙමි.

නිම්මිලා ඉඩමට හරියටම පහළින් තිබෙන්නේ පියතිලක මාමා (කක්කුට්ටා)  ගේ  ඉඩමයි .

 එය එක පැත්තකින් ඩිංගිරි බණ්ඩාගේ ඉඩමටත් අනෙක් පැත්තෙන්  නිම්මිලා ගේ ඉඩමත් පියතිලක මාමාගේ ඉඩමටත් මැදිවූ පර්චස් 10 ක පමණ ඉඩම් කෑල්ල කටත් පහළින් නිම්මිලාගේ කුඹුරටත් මායිම් වී පවතී.

දැනට නිම්මිලා ගමේ ගුරු පාරට ගොඩ වන්නේ පියතිලක මාමලා වත්තේ හරි මැදින් පහළට ගමන් ගන්නා අඩි පාරක් හරහාය. 

මෙසේ සිතමින් ඉන්නා අතර පැවති දැඩි නිහැඩියාව බින්දේ  පුවක් බාස් විසිනි.

"ඒක නෙවෙයි අර පියතිලක අය්යාගේ ඉඩමෙන් යන්න තියෙන පාරටත් මොකක් හරි ආරවුලක් තියෙනවා නේද ? "

ප්‍රශ්නය එල්ල කෙරුනේ මෙතෙක් කල් ගමේ වාසය කල ලෙනදොර මල්ලී වෙතයි. 

"ඔවු .. ඔවු එයා එයාගේ වත්ත මැදින් අපි යන එකට විරුද්ධව පැමිණිල්ලක් දැම්මා නේ .. අම්මා ගෙන් ගෙදරට යන පාර ලොකු කර ගන්න ඉල්ලුවට පස්සේ "

ලෙනදොර පැවසුවේ මා මෙතෙක් දැන නොසිටි කාරණයක් ගැනයි.

"දැන් ඒකට මොකද වෙන්නේ ... කවුද ඒ ගැන කතා කරන්නේ ?"

මට දැන ගන්නට අවශ්‍ය වුයේ .. පියතිලක මාමගේ ඉඩම හරහා අපේ වැඩේට  ප්‍රවිස්ටයක් ලබා ගත හැකිද යන්නයි.

" ඒක දැන් සමත මණ්ඩලේට දාලා තියෙන්නේ.. එයා කියන්නේ වත්තේ අයිනෙන්  අඩිපාරකට සැහෙන්න කොටසක් අපිට දෙනවා කියලා ලු"

ලෙනදොර මා සහ පුවකා දැනුවත් කලේ  කක්කුට්ටාගේ ඉඩම පැත්තෙන් පාරක් ගැනීමේ උත්සාහයක් ඒ වන විටත් ආරම්භ කර තිබු  බවයි. 

" ඒක නෙවෙයි පියතිලක මාමාගෙන් උදව්වක් ගන්න බැරිවෙයිද මේ වැඩේට .. ?

 මිනිහා දේශපාලනය පැත්තෙනුත් අපි වගේ හිතන කෙනෙක් කියලා ආරංචියි ?" 

මම නැවතත්  පුවක් බාස් දෙසට හැරුණෙමි . 

"ඔවු.. ඔවු .. එයත් සීනුවට තමයි කතිරේ ගහනවා කියන්නේ " පුවකා මගේ උපකල්පනය තහවුරු කළේය.

" හැබැයි එයත් ඩිංගිරි බන්ඩා අය්යට එහා .. ඔය ඉඩම් කඩම් ගණුදෙනු වලදී "

"එත් අහලා බලන්න තියෙන්නේ සමහර විට බෑ කියන එකක් නෑ .. මොකද එයාගේ ඉඩමටත් කෙලින්ම පාර එනවනේ  එහෙම දුන්නොත් ?"

පුවකා මා උනන්දු කලේ පියතිලක සමග මේ පිළිබඳව සාකච්චා කිරීම අප හැමෝටම ප්‍රයෝජනවත් විය හැකි බව පෙන්වා දෙමිනි. 

"ඉතින් පියතිලක මාමට විතරක් යැ  ඒ පැත්තෙන් පාර ගත්තොත් ඩිංගිරි බන්ඩේ මාමලාටත් හොඳයිනේ "

ලෙනදොර කතාව  මැදට පැන්නේය .

"ඇයි අර   පී. බී.. ලගේ ඉඩමට අල්ලපු අනිත් ඉඩම එයාලගේ නේ.. "

ලෙනදොර කියන්නේ නිම්මිලා ඉඩමේ අනෙක් පසින් දොළ පහරට යාබදව තිබෙනා ලොකු ඉඩම ගැනයි.

එය පුවක් බාස්  (පී. බී.) ලාගේ කුඩා ඉඩමටද එක පැත්තකින් මායිම් වෙයි.


මම ප්‍රදේශයේ භු විෂමතාවය ගැන තව තවත් සිතන්නට පටන් ගත්තෙමි. 

ඒ නිම්මිලා නිවසට පාරක් තැනීමට ඇති සියළුම මාර්ග අධයනයය කල යුතු බව මට සිතිනු නිසාවෙනි.  




සය කන් මන්ත්‍රණය එදින  අවසානයේ තීරණය වුයේ  පාර හැදීමේ කටයුතු පියතිලක මාමා ගේ වත්ත පැත්තෙන් වත් කලහැකි වේ දැයි සොයා බැලීමටයි.

රාත්‍රී අට හමාර පමණ වන විට පුවක් ගෙන් සමුගත් ලෙනදොරත් මමත් නිවසට ලඟා වීමු.

"අම්මා අර පියතිලක මාමලා ඉඩමෙන් එන පාරේ ප්‍රශ්නේ කවද්ද "සමථ මණ්ඩලයට" ගන්නේ ?"

ලෙනදොර අම්මා ගෙන් ඇසුවේ  පාර ගැන ඇති  අතිශය උනන්දුව හා උද්‍යෝගය පෙන්වමිනි.

"එන ඉරිදා මටයි පියතිලක අය්යාටයි එන්න කියලා තියෙනවා ඒක සමථ කරන්න"

අම්මා පිළිතුරු දුන්නාය.

මගේ සිතට එක් වරම තවත් අදහසක් පහළ විය.

ඒ අම්මා සමග සමථ මණ්ඩල රැස්වීමට ගොස් අපේ පාරේ අදහස එතැනදීම පියතිලක මාමා සමග කතා කිරීමේ අදහසයි.

මම ලෙනදොරට සහ අම්මාට ඒ අදහස ඉදිරිපත් කලෙමි.

" අම්මා අපිටත් බැරිද ඔය සමථ මණ්ඩල රැස්වීමට එන්න.. ? එතකොට අපිට පුළුවන් නේ  පියතිලක මාමා කියන අඩි තුන වෙනුවට අඩි හයක්  පාරට වෙන් කරලා දෙන්න කියන්න "

"ඒක නම් නියම අදහස අය්යා.. අය්යත් අවොත් සමථ මණ්ඩල සභාපති අපේ පැත්තට වාසි වෙන විදිහට කතා කරයි  "

ලෙනදොර මගේ තනතුරු තරාතිරම් වලින් උපරිම ප්‍රයෝජන ගන්නට කෙදිනකවත් පසුබට වූයේ නැත.





23 comments:

  1. " බලමුකෝ කට්ටිය ඉඩම් බෙදා ගන්න වලිකන හැටි .. "

    මටත් හිතෙන්නේ එහෙමයි

    ReplyDelete
    Replies
    1. බලමු.. බලමු ඉදිරියේදී දැන ගත හැකියි...

      Delete
  2. ඉඩම් බෙදිල්ල ගැන විදානයා ගොඩක් දේවල් දන්නවා මයේ හිතේ........ අාවොත් කියයි විස්තර....... හැක්

    ReplyDelete
  3. ස්තුතියි... බලමුකෝ විදානේ මේ පැත්තේ ආවහම...

    ReplyDelete
  4. දීර්ඝ ලිපියක් නොවැ

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ දිග මදී වත්දෝ කියාලා බොලං...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේ ලිපි පෙල හොඳ නවකතාවකට කන්වර්ට් කරන්න පුලුවන්වගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. හෙමිහිට බලමුකෝ...

      Delete
  8. අල්ල ගත්තේ අද තමයි මා බාල කාලෙන් පස්සේ.. :) එකින් එක කියවගෙන එන්නම්

    ReplyDelete
    Replies
    1. welcome back !!! මට අමතක වුනා ගොඩ දෙනෙක්ව දැනුවත් කරන්න බ්ලොග් එකේ නම වෙනස් කල එක ගැන... මේ පොස්ට් එකේ තියෙන ලින්ක් සේරම "අපේ නෝනලා ගමේ අපි කල සංවර්ධන වැඩ " ගැන කියවෙන ඒවා...

      Delete
  9. welcome back !!! මට අමතක වුනා ගොඩ දෙනෙක්ව දැනුවත් කරන්න බ්ලොග් එකේ නම වෙනස් කල එක ගැන... මේ පොස්ට් එකේ තියෙන ලින්ක් සේරම "අපේ නෝනලා ගමේ අපි කල සංවර්ධන වැඩ " ගැන කියවෙන ඒවා...

    ReplyDelete
  10. පැලැන තිබ්බනම් හොදයි කියල හිතහිතා කියවන් ගියා, ෂා ඔය තියෙන්නේ, මරු කථාව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට ලලිත්... මේ ප්ලැනේ පාරක් එන්න හොඳම තැන ගැන හිතන්න .. අපි පාර හදන හැටි ඉදිරියේදී එනවා..

      Delete
  11. මාත් අද තමා ආවේ බිසී වෙලා ඉඳල. ගම්වල ඉඩම් ගැන නම් මගේ ඇත්තේ එතරම් හොන්ඩ අත් දැකීම් නෙමේ.
    http://nelumyaya.com/?p=5003

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්.. ඔව් .. ඔව් .. ගමේ ඉඩම් වැඩ එච්චරම හොඳ මතකයන් ඇති කරනවා අඩුයි බොහෝ වෙලාවට.. ඒත් මේ අපි ලැබුවා වගේ රසවත් අත්දැකීම් නැත්තේම නෑ.. ඉදිරියට එන කලාප බලන්න .. ඔය කියන වර්ගයේ ගැමි ගතිත් මතුවෙනවා...

      Delete
  12. මේක ගූගල් මැප් එකක් නෙවෙයි, කාවිඳු මැප් එකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.මට සමාජ අධ්‍යනයට ඇඳපු අඟලේ සිතියම් මතක් වුනා. අපේ සුපුන් පුතාට කිව්වා නම් මීට වඩා හොඳට අඳියි.. වටපිටාව ගැන අවබෝධයක් එනවා නේ .. ඒ ඇති...

      Delete
  13. ඔය තියෙන්නෙ මැප් එකත් එක්කම. නියමයි.

    ReplyDelete
  14. ස්තුතියි Praසන්ன

    ReplyDelete