Follow by Email

Saturday, 6 February 2016

පාර කැපුනේ මෙහෙමයි..



මෙතෙක්  කතාව ....  (පසුගිය කලාප වලින්)

1. දුල්මිනිලා තාත්තා හෙවත් පුවක් බාස්


2. පුවක් බාස් දෙවන කොටස


3. මාවනැල්ලේ ගෙවතු වගාව - පුවක් බාස් තුන්වන කොටස


4. පුවක් බාස් හතර වන කොටස - 2005 නොවැම්බර් 16-17 මාවනැල්ලේදී


5. ගම නැගුම - පළමු කොටස


6. ගම නැගුම දෙවන කොටස


7. ගම නැගුමෙන් මග නැගුමට


8. මග නැගුම - දෙවන කොටස



12. මග නැගුම -හයවන කොටස


13. මග නැගුම තවන් කොටස - අවසාන උත්සාහය










පොල් වගා වැඩත්  පාර සැලසුම් කිරීමේ වැඩත් අතර මාසයක් එක හමාරක් ගතවී ගොස් තිබිණි.  මේ කියන දිනය 2005  දෙසැම්බර් 28-29  වැනි දිනයකි.

මේ වන විට මා සිටියේ ජනවාරි  පළමු වෙනිදාට  පෙර කෙසේ හෝ පාර හදා නිම කල් යුතුය කියන අධිස්ඨානයෙන්  යුක්තවයි.

එදා උදෙන්ම පුවක්, සුසන්ත  සහ ගනේවත්ත  පොල් වත්තේ වැඩට යෙදවූ ලෙනදොරත් මමත්  අත්තනායක මාමා හමුවීමට පිටත්වීමු.

ඒ  ජයතිලක මාමගේ වත්තට යාබද ඔහුගේ ඉඩමෙන් අඩි තුනක කොටස ලබා ගැනීමේ අවසන් සාකච්චාව වෙනුවනි.

"කොහොමද මාමා අපේ වැඩේ ? අපි අද ආවේ මාමගේ ඉඩම් කොටසේ ගණුදෙනුව  ගැන කතා කර ගන්න "

ලෙනදොර  මාතෘකාවට  අවතීර්ණ  වුයේ  වැඩේ කෙලින්ම කතා කීරීමට අප දෙදෙනා ගත් තීරණයට අනුවයි.

"ආ  කොහොමද පුතාලා ?  "  " මම මේ ඕ ගොල්ලොන්ගේ  වැඩේ ගැන කතා කර කර හිටියේ "

"ඩිංගිරි බණ්ඩා ඒකට  කැමති නෑ වගේලු නේද ?.. ඊයේ පෙරේදා මොනවා හරි කතාවක් උනා කියලත් ආරංචියි ? "

" ඔව් .. ඔව් .. එයා අපි හිතන හිතන පැත්තට  බාධා වෙන විදිහට වැඩ කරනවා .. පුදුමයි මාමට අපිට ඉඩම දෙන්න එපා කිව්වේ නැති එක..? "

"නෑ.. නෑ.. මට නම් එහෙම මොකුත් කිව්වේ නෑ.. හැබැයි ඔයාලා එයාට කතා කරලා තියෙන විදිහනම් ටිකක්  සැර වැඩියි මන් හිතන්නේ ".

" වයසක මනුස්සයා නේ .. මිනිහා හොඳටම බයවෙලා  මගේ ගෙදරට දුව ගෙන ආවා  ඔයගොල්ලෝ බැන්නා කියාගෙන "

"හරි මාමා ..  මේ වෙනකොට  එයා කරපු වැඩ ගැන අහලා අපිට එපා වෙලා තිබුණේ .. කොහොමහරි කමක් නෑ ඒක ඉවරයිනේ .. මාමගේ අකමැත්තක් නෑනේ  අපිට ඉඩ ටිකක් දෙන්න..?"

අත්තනායක  මාමාත්  අපේ  පාරට අකුල් හෙලයිදෝ  යන සැකයෙන් යුතු ඒ ප්‍රශ්නය  නැගුනේ මා අතිනි.

"නෑ. නෑ.  මම කිව්වොත් කිව්වා.. මම ඉඩම දෙන්න කැමතියි . ඔයාලා කීයක්  ගෙවනවද ඒකට ? "

"මාමා කැමති ගානක් කියන්න .. මාමා අසාධාරණ ගණන්  කියන්නේ නෑ කියලා අපි දන්නවනේ "

ලෙනදොර පන්දුව නැවතත්  අත්තානයක  මාමා වෙත යොමු කළේය.

හරි එහෙනම් මට රුපියල් අසුදාහක් දෙන්න කෝ  . ඊට පස්සේ ඔයාලා බැකෝ එකක් ගෙනැත් පාර කපා ගන්න.

මමත් ලෙන්දොරත් මුහුණින් මුහුණ බැලුවෙමු.

අත්තනායක මාමත්  ඩිංගිරිට ම  අවශ්‍ය වර්ගයේ ගණනක් අපට කියන්නට ඇති බව අපේ මුහුණු වල සටහන් වී තිබු බව නොරහසකි.

"මාමා ගාන පොඩ්ඩක් සැර වැඩියි නේ බැරිද පොඩ්ඩක් එහා මෙහා කරන්න "  ලෙනදොර  ඇසුවේය.

තරමක් කල්පනා  කල අත්තනායක  මහතා  නැවතත් තම කටහඬ අවදි කළේය.

" නෑ ඉතින් ඔයාලමනේ කිව්වේ ඔතනින්  ඉඩම් කැල්ලක් ගන්න හරි අමාරුයි කියලා ?  ..

"එහෙව් එකේ මට හිතෙන්නේ  මේ ඉඩම් පටිය  එච්චර විතර වටිනවා කියලා තමයි . "

අප කලින් සිතුවා මෙන්ම අත්තනායක  මාමාද  ඩිංගිරි බණ්ඩා මාමාටම හරියන කෙනෙකි.

"හරි මාමා අපි කල්පනා කරලා බලාලා කියන්නම්කෝ .. තව කල් තියෙනවා නේ?" ..

"එහෙනම් අපි ගිහින් එන්නම් මාමා "   මම කිසිත් වෙනසක් නොපෙන්වමින් පැවසුයෙමි.

තීරණාත්මක සංවාදය


අත්තනායක මාමාගෙන් සමුගත් අප දෙදෙනා නැවතත් ගමන් කලේ අපේ ගෝලයන් තිදෙනා සිටි  දෙසටයි.

ඒ එන ගමනේදී හෙට උදේ හොඳින් හෝ නරකින් හෝ කපමියි සිතු  පාර   ගම මැදින් වැටෙනා හැටි සිතමින් ගමන් කලෙමි.

මෙතෙක් වාහන යා හැකි ලෙස සැකසුනු ගුරු පාර නිම්මිලා වෙල පටන් ගන්නා තැනදී අවසන් වෙයි .

එය වැටි ඇත්තේ වසර පුරා කොළ පාටින් බැබලෙන සරු සාර  කෙත් යායක් මැදිනි.

අප  එම පාර පුවක් බාස්ගේ ඉඩම දක්වා දික්කල යුත්තේද නිම්මිලා අම්මාට සහ ඩිංගිරි  බණ්ඩා මාමාට  සම සමව හිමිකම් ඇති වෙල් යායේ ඉහලම කොටස මැදින්ය.

පාර පුවක් ලා ඉඩම ලඟට සම්බන්ධ වෙද්දී  නිම්මිලා වත්තත්  පුවක්ලා වත්තත් මායිම් කරමින් ගලායන මනරම් දොළ පාර අයිනෙන් ගමන් කල යුතුවේ.

ඉන් අනතුරුව  පුවක් ලා වත්තේ ඉහල කෙලවරින් අංශක අසුවක පමණ කෝණයකින් හැරෙන පාර තරමක් බෑවුම් සහිත වූ නිම්මිලා වත්තේ ඉහලට ගමන් කල යුතුය.

ඒ  අංශක තිහක තිස්පහක පමණ ආනතියකින්  යුතු කන්දක් නැගීමෙනි.

මේ සැලසුම හරියන්නට නම් පුවක් බාස් තම ඉඩම අයිනෙන්  අපට පාර ගෙන යන්නට ඉඩ දිය යුතුය.

මගේ සිතේ රැඳී පාර ගැන සිතමින්  පුවක් , සුසන්ත සහ ගනේවත්ත  වැඩ කරමින්  සිටි තැනට ලඟා වූයෙමි.

අත්තනායක හා පැවති සංවාදයේ  විස්තර එහිදී ප්‍රසිද්ධියේ සාකච්චාවට බදුන් වුයේ  අපේ සිත් වල තිබු කල කිරීම නිසාමය. 

ඒ තිදෙනාගේ අදහස වුයේ ඩිංගිරි විසින් උසි ගන්වා තිබු අත්තනායක මාමා බුදු ගණනක් කියා වැඩේ නොකෙරෙන තැනට අපව යොමු කරන්නට ඇති බවයි.

පුවක් ගේ අදහස මෙතැනදී වඩාත් කැපී පෙනුණි.  

කිසි වැදගැම්මකට නැති කුඩා ඉඩම් පටියක් සඳහා එවැනි ගණනක් ඉල්ලීම  තුලින් අපව පාර නොකපන තැනට යොමු කීරීමට  අත්තනායක සහ ඩිංගිරි බන්ඩා  යන දෙදෙනා සාකච්ඡා  කරන්නට ඇති බව ඔහුගේ අදහස විය.

කෙසේ හෝ මේ ගැන කතා කරමින්ම දවස ගත කල අප බලා සිටියේ රාත්‍රිය උදාවන තෙක්ය.

හවස අට අට හමාර වන විට  ලෙනදොර පුරුදු විසිල් පහරින් පුවක් බාස්  අප වෙත කැඳවුයේ ඒ තීරණාත්මක සාකච්චාව සඳහාය.

"ප්‍රේමරත්න  දන්නවනේ විස්තරේ " මම කතාව පටන් ගත්තෙමි.

"අපි හිතුවා වගේම අත්තනායක මාමත් අපිට කොකා පෙන්නුවා.. "

මම එදා කිව්වා වගේ දැන් ඉතින් අපි දෙගොල්ල එකතු වෙලා පාර කපන එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. "

"ඔයා දුල්මිණිලා අම්මා එක්ක කිව්වද අපි ඔයාගේ වත්තෙන් පාර ගන්න ඉල්ලුවා කියලා ?"

"නෑ .. නෑ .. මම කටක් හෙල්ලුවේ නෑ  .. ඒ ගැන.. "

"එහෙනම් මෙහෙමයි වැඩේ .

අපි හෙට උදේ මිල්ලන්ගොඩ මහත්තයා  ගෙන් JCB එකක් ගෙනෙනවා උදේ පාන්දරම වැඩේ පටන් ගමු. "

"ට්‍රැක්‍ටර්  එකකටත්  කියලා තියෙනවා  කරුණක්කාලා  ගෙදර ඉදන් පල්ලහැට පාර කපාගෙන ඇවිත් ඇලෙන්  එගොඩ වෙච්ච ගමන් ඔයාගේ වත්ත දිගේ තමයි පාර යන්නේ ".

"මතකනේ මම කලින් කිව්වා . අපි ඔයා ගැනයි ඔයාගේ පවුලේ අය ගැනයි ඉදිරියට බලා ගන්නවා.

ඔයාට ඕන උදව්වක් කරනවා ඉදිරියට. ආයේ දෙකක් නෑ මම ඉදිරියට ඔයාලට සලකන්නේ අපේ නෑදෑයෝ කට්ටියකට වගේ තමයි"

"හරි හරි ඒ වා පස්සේ බලමුකෝ ". පුවකාද තදින්ම අපේ අදහස සමග සිටි. එය මටත් ලෙනදොරටත් ලොකු හය්යකි.

"මතකයිනේ  අපි තුන් දෙනාම මෙතන පිටගම් කාරයෝ "  .

"හැබැයි අපි එකතු වෙලා මේ වැඩේ කරොත් මුළු ගමම හෙල්ලිලා හිටිනවා.".

මොකද කියන්නේ?  වැඩේ හරි නේ එහෙනම් උදේ හය හමාර වෙනකොට  JCB එක මෙතන.

"හරි හරි .. වැඩේ කම්මුතුයි  . මම ඕක ගෙදර උන්දැට වත් කියන්නේ නෑ".

එහෙනම් හෙට උදේ හම්බ වෙමු. " කියමින් මා සංවාදය හමාර කලේ උදැසනින්ම  පාරේ වැඩ පටන් ගන්නා අදහසිනි.

මට ඇත්තටම අවශ්‍ය වුයේ ජනවාරි පළවෙනිදා වෙන්නට පෙර නිම්මිලා මිදුලත් ඔවුන්ගේ වෙල අවසානයේ ඇති ගුරු පාරත් යන දෙක යා කිරීමටයි


කොන්ඩදෙනිය හෙල්ලූ  පාර කැපීම.

මේ වන විටත් අප JCB එක ගැන සාකච්චා  කර තිබුනද අනෙක් කිසිවක් සැලසුම්  කර තිබුණේ නැත.  

අපේ අරමුණ වුයේ  මුලින්ම පුවක් ලා  වත්ත අසලට යනතෙක්   JCB එකෙන් පාර කපා එතැනින් පසු කොටස  පස් වලින් පිරවිමටයි.

ඒ නිම්මිලා ගෙපැල  කපමින්  ගන්නා පස් ට්‍රැක්ටර් වලින් ගෙන ගොස්  ඇල කණ්ඩිය  පුරවමින් ඉදිරියට යාම මගිනි.

පසුදා උදෙන්ම  කුකුළා අතින් ගත් ලෙන්දොරත් මමත් මිල්ලන්ගොඩ වලව්වට ගියෙමු.

ඒ  මිල්ලන්ගොඩ වලව්වේ කුලියට දීමට ඇති JCB එක රැගෙන ඒම සඳහාය.

නිම්මිලා උඩහ වත්ත පැත්තෙන්  JCB එක රැගෙන  ආවේ  මා විසිනි.
ඒ  JCB එකේ රියදුරා අසල වූ ටකරන් තහඩුවේ  හිඳ ගෙනයි.

ලෙනදොර  මෝටර් සයිකලයේ නැගී පල්ලැහැ පාරෙන් නිවස බලා පිටත් විය.

මම JCB එකේ  නැග නිවසට ලඟා වනවිට  සුපුන් වඩා ගත් නිම්මි, අමරා සහ ඔවුන්ගේ අම්මා සතුටින්  ඒ වෙත දිව ආහ.

මෙතෙක් කලක්  ඔවුන්ගේ සිතේ තිබු ඉටු නොවූ සිහිනයක්  සැබෑ වෙන්නට  ඉතා ආසන්න  බව  දැනී ඒ මුහුණු සතුටින් පිරී ඉතිරි ගොසිනි.

"හරි .. හරි එහෙනම්  වැඩට බහිමු.  මෙතැනින්  පල්ලහැට කපාගෙන යන්න.  "   වත්තේ තියෙන ඕනෑම ගහක්  ගලවුනාට  කමක් නෑ.  "

කියමින් මා රියදුරා උනන්දු කලේ  ගමේ අය මේ වැඩේට  දැක්වූ අකමැත්ත නිසා තව මොහොතක්  වත් වැඩේ පටන් ගැනීම ප්‍රමාද කිරීම නුවණට හුරු නැතැයි මට හැඟී ගිය හෙයිනි..



" බ්රූම්... බ්රුම්...   දඩාස් ....."

JCB එකේ  විශාල  කුල්ලෙන් පස් ගල් ඉවත් වෙමින්   නිම්මිලා වත්තේ තිබු ඇට්ටෝනියා  ගස් මුලින්ම ගලවා දැමෙයි.

සුදු කොට කලිසමක්  සහ එයටම ගැලපෙන ක්‍රීම් පාට  ටි සර්ට් එකක්  දමා සිටි මම කඩියෙකු මෙන් එහෙ මෙහෙ දිව යමින් සිටියෙමි.

විනාඩියක්  දෙකක් ඇතුලත  ජයතිලකලා වත්ත දෙසින් මහා සෙනගක්  අළුතින් පාර කැපෙන ස්ථානය වෙත ලඟා වූහ.

ගැහැනු ,පිරිමි ළමා ළපටින්  ගණනාවකින් යුත් ඒ පිරිසට  ජයතිලකගේ නෝනා, එයාගේ මල්ලී පියතිලක , පියතිලක ගේ බිරිඳ සහ දරුවන් ඇතුළු  වූ බව මට මතකය.

තම තමන්ගේ වතු පිටි හරහා පාර කපන්නේ දැයි බලන්නට පැමිණි සිටි ඔවුන් අලියෙක් මෙන් ගස් ගල් පෙරලමින් ඉදිරියට යන JCB එක දෙස බලා සිටිති.

මේ වන විට පුවක් බාස් අප සමග සිටියද  දුල්මිණිලා අම්මා අපේ නිවසට පැමිණ සිටියේ නැත.

එහෙත් ඇය තම මිදුලේ සිට මේ සිදුවීම  බලා සිටින්නට ඇත.

පුවක් බාස් මේ වන විට අපේ පාරේ සැලසුම ගැන සියල්ල දැන සිටියේය.

එහෙත්  ඒ ගැන ඔහු තම බිරිඳ සමගත්  සාකච්චා කර තිබුණාද නැද්ද යන්න අදටත් අභිරහසකි.

කෙසේ වෙතත්  පැය  භාගයක් වැනි සුළු කාලයක් ඇතුළත  ඔවුන්ගේ වත්තේ  මායිම තෙක් ලකුණු කල පාරෙන්  ඉහලට එන පුවක්ගේ නෝනා සහ දුල්මිණි ගේ දසුන මගේ මතකයේ සාදා රැඳී තිබෙන්නකි.

එය මම මාගේ ඩිජිටල්  කැමරාවටද හසු කර ගත්තෙමි.


                                 දුල්මිණි සහ  දුල්මිනිලා අම්මා  , පිටුපසින් ගනේවත්ත සිටියි



කඩිමුඩියේ  නිවසට දිව ආ දුල්මිනිලා අම්මා නිම්මිලා කුස්සියට ලඟා වුවාය.

තමන්ගේ වත්ත මැදින් පාර යන්නට යන බව දැන් හොඳටම පැහැදිළිය.

ඇය කුමකින් කුමක් කරනු  ඇතැයිද යන්න ගැන මමද ඉතා උවමනා වෙන්  පසු වුනේ  ගම්තුලානේ  ගැහැණුන් වැඩ කරන හැටි හොඳින් දැන සිටි හෙයිනි.

පාර කැපෙන එක ගැන ඉතා සතුටින් කතා කල ඈ කිසි හා හුවක් නැතිව නිම්මිලා අම්මා  සමග පාරේ වැඩ කල අපට තේ  පිළියෙළ කරන්නට  පටන් ගත්තාය.

මම සැනසුම් සුසුමක් හෙලුවෙමි.  පුවකා ද තවත් සැනසුම් සුසුමක් හෙලන්නට ඇත.

පාර කපන තැන එසේම රැඳී සිටි මා  ට්‍රැක්ටරයක් රැගෙන එන්නට  ලෙනදොර පිටත් කර යැව්වෙමි.

ටික වෙලාවක් යන විට JCB එකෙන් ලකුණු කල පාර දිගේ රතු පාට ට්‍රැක්ටරයක් රැගෙන එන ලෙනදොර  අපට දර්ශනය විය.




වත්ත පහළ ඇති ඇල පසු කල තැන සිට ට්‍රැක්ටරය අපට අවශ්‍ය වේ . ඒ  දුල්මිණි ලා වත්ත අයිනේ ඇත ඇල  බැම්ම දිගේ පුරවන්නට පස් ගෙනයාමටයි.

දැන් පාර අසල තිබු ඇල ලඟට ලඟා වෙමින්  තිබේ . වාහන දෙකට අමතරව  අපේ ගෝලයන් තිදෙනාද  පාර කැපීමේ වැඩට සම්බන්ධ වී සිටියහ .


                                                               සුසන්ත  සහ පුවක්...




                                         පුවක්  තම ඉඩමෙන්  ලබා දුන්  පාර කොටසේ



                                                                              ගනේවත්ත

ඇල  උඩින්  පාර ගෙනයාමට  නම් සිලින්ඩර කිහිපයක් අවශ්‍ය  බව රියදුරා පැවසීය.. පාරේ වැඩ කඩිනමින් කිරීමේ  දැඩි  උවමනාවකින් සිටි ලෙනදොරත් මමත්  බෝක්කු සොයා  පිටත් වූයෙමු.

බෝක්කු හදන තැන්  දෙක තුනකට ගිය අප නැවත පැමිණියේ  තරමක් විශාල සිලින්ඩර දෙකක් ද  සහිත තවත් ට්‍රැක්ටරයක් සමගයි.



මෙසේ  කඩිමුඩියේ  පාර කපා ගෙන ඉදිරියට යද්දී  ගමේ තරුණන් පිරිසක්ද සමග පැමිණි නිම්මිලා මාමගේ පුතාද පාර  කැපීමේ වැඩට එකතු විය.

තුන් දෙනෙක් මුලිකවී  ආරම්භ වූ පාර දැන් ගමේ සෑහෙන පිරිසක් සහය  දක්වන වැඩක් බවට පත්ව තිබේ.



එහෙත් අප කිසි කෙනෙකුට නෙත නොගැටුණු අයෙක් විය.

ඒ ඩිංගිරි බන්ඩා  මහත්මයා ය. ඔහු හෝ ඔහුගේ පවුලේ කිසිවෙක් පාර කපන පැත්ත අහලකටවත්  ආවේ නැත.

ඔහු මම එදා උපදෙස් දුන් පරිදිම පාරේ වැඩ අවසාන වන තෙක් එළියට බැස්සේ  නැත.






22 comments:

  1. ඩිංගිරි බන්ඩා පෙත්සමක් ලියනවා ඇති ගේ අස්සේ

    ReplyDelete
  2. ඔව් ඔව් වෙන්න පුළුවන්... හැබැයි ඒ දවස් වල පුවක් බාස් නම් විහිලුවට කිව්වේ " ඔන්න දැන් කෙටල අලයක් පුච්චනවා ඇති ගේ අස්සේ දොස්තර මහත්තයා හැඳි ගැවිලා යන්න කියලා " කියලයි.

    ReplyDelete
    Replies
    1. කෙටල අලේ සීන් එක විස්තර කරන්න

      Delete
    2. කෙටල අලේ සීන් එක විස්තර කරන්න

      Delete
    3. මමත් ඔය ප්‍රශ්නෙම පුවක් ගෙන් ඇහුවා අපි කට්ටිය පාරේ වැඩ කර කර ඉන්න අතර. ඒක කෑගල්ල/ මාවනැල්ල පැත්තේ හූනියම් කරන ක්‍රමයක්ලු.
      කෙටල අලයකින් මනුශ්‍ය රුපයක් කපනවාලු මුලින්ම .. ඊට පස්සේ එකට ජීවම් කරන ගමන් කකුලක් හරි අතක් හරි පුච්ච්නවලු , එහෙම නැත්නම් ඔළුව පුච්චනවලු. ඒ වෙලාවට මගේ ( ආතුරයාගේ ) ඔළුව කොල්ලොපම් වෙනවා හරි අතක් කකුලක් කැඩෙනවා හරි වගේ දෙයක් වෙනවලු... පුවක්ලා මට ඕක කිව්වේ විහිළුවට ... "කෝ මේ ඩිංගිරි බණ්ඩා එලියක පහලියක නෑනේ පේන්න " කියලා අපි පොර ටෝල්ක් දෙන කොට... පුවකා කියනවා.. වැඩිය කෑ ගහන්න එපා මිනිහා කෙටල අලෙයක් පුච්චනවා ඇති කියලා.... ඒ වාගේම සමහරු කෙටල අලෙන් හැදු රුපයට "කවිඳු මහත්තයට මෙහෙම වේවා.. කියා ප්‍රර්ථනා කරමින් ඉදි කට්ටකින් අනිනවලු පපුවට එහෙම " ... හැබැයි මට නම් තියෙන ඔලුවේ අමාරුවට අමතරව අලුත් එකක් හැදුනේ නෑ...

      Delete
    4. මගෙත් ගම තියෙන්නේ කෑගල්ල දිස්තිරික්කේ, කෙටල අල (අපි කියන්නේ හබරල කියල) කේස් එක ඇහුවමයි. කථාව නියමයි.

      Delete
    5. ස්තුතියි.. අපිත් කෑගල්ල දිස්ත්රික්කෙන් බැඳපු කොල්ලෝ තමා.. කෙටල අල සින් එක පුවක් තමයි මට කිව්වේ... එතකන් මන් දන්නෙත් නෑ...

      Delete
  3. ගේම නම් ගේම.. එළකිරි. මට හොඳටම වැදුණු කෑල්ල අටමගේ ප්‍රශ්නෙට දීපු උත්තරේ තිබ්බ මෙන්න මේ කෑල්ල..
    //හැබැයි මට නම් තියෙන ඔලුවේ අමාරුවට අමතරව අලුත් එකක් හැදුනේ නෑ...// හැක හැක.. ඒක එසේ මෙසේ ඔලුවේ අමාරුවක් නෙවෙයි.. තම සනීප වෙච්චි නැති එකක්..

    ReplyDelete
    Replies
    1. ස්තුත්යි ක. මි. දැන් ඔයාලටත් ඒ වගේ අමාරු හැදීගෙන එන ගතියක් පෙනෙනවා.. ඔහොම යමු .. ඔහොම යමු..

      Delete
  4. හප්පේ පාරක් කපන්න ගිය කට්ටක්.. හැම ගමේම ඔහොම තමයි. හැබැයි මං හිතුවේ හොද වලියක් බලන්න ඇහැක් වේවි කියලා.....

    ReplyDelete
    Replies
    1. පිස්සුද සිංහ මචං .. අපි මෙහෙම හිටියට කාටවත් කරදරයක් නැති අහිංසක කොල්ලෝ .. ලෙනදොර විශේෂ බලකායේ හිටියා කිව්වට මට විතරවත් කේන්ති යන්නේ නෑ...

      Delete
  5. සම්පූර්ණයෙන්ම මගැරිලා....ඔක්කොම ටික මුලඉඳලම කියවලා එන්නම් කමෙන්ට් කරන්න තව සති 2-3න් විතර....

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි ගණන් ගන්න එපා නිවී හැනහිල්ලේ කියවලා එන්න... හිතෙන දේ අපට කියන්න ඊට පස්සේ.. මෙහෙ ආවාට ස්තුතියි..

      Delete
  6. Replies
    1. ස්තුතියි සෙනරත්...

      Delete
  7. අන්න හරි.... හෙමින් සැරේ පිඹල පිඹලා පත්තු කරගත්තට පස්සෙ ඇවිලිලා යනව එක සීරුවට.. හෙහ් හෙහ්.. නියමයි.
    ජයවේවා..!!

    ReplyDelete
  8. ඉස්කෝතුයි ගස් ලබු.. හරියට හරියන උපැහැරණේ...

    ReplyDelete
  9. මම තවමත් හරි ආශාවෙන් රස විඳින අතීත සිදුවීමක් ...

    ReplyDelete
  10. ඔන්න ගම ඇන්ඩ් මග නැගුම සීරීස් එකම බලල ඉවර කළා.
    ඔය අතරමග කොමෙන්ට් එකක දාල තිබ්බ වගේ මේක පොතක් ගහන්න හොඳ කතාවක් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.. බලමු ඉදිරියට... මෙහි නැති කොටස් (ගමනැගුමේදී ඉඩම් එළිකළ හැටි, කෙසෙල් පොල් වගා කළහැටි වගේ ඒවා එකතුවුනා නම් මේක තවත් දික් වෙනවා ) එකතු වුනාම පොතකට ඇති වගේ..

      Delete
  11. මට විශාන් සහෝදරයා හැමදාම කියනවා කවිඳුගේ පොස්ට් ටික මුල ඉඳන්ම කියවගෙන එන්න කියල...දැන් මෙතන පරණ කතා වල ලින්ක් තියන හන්දා මං මේක ෂෙයා කරගන්නවා...

    ඇත්තටම ප්‍රසන්න කිව්වා වගේ පොතක් කල යුතු කතන්දරයක්...කවිඳුල වගේ හැමෝම හිතුවොත් ලංකාව සුරපුරයක් කරන එක ඒ හැටි දෙයක් නෙවේ...වැඩේ තියෙන්නේ අපට ඕනේ වේගයෙන් ධනාත්මකව හිතන පතන මිනිස්සු හොයන්න හරි අමාරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු.. කියවන්න වටිනවා වෙලවක් තියෙනවානම්.. ඔයා කියන කතාව ඇත්ත.. මට තියෙන ලෙඩක් තමයි වැඩක් පටන් ගත්තොත් ඒක ඉවර කරනකම් ඉවසිල්ලක් නැති කම. ඔය පාර වගේම දඩි බිඩි කරමෙට තමයි අපි අපේ ගමේ ගෙවල් තුනක් හදවන්න වැඩ කලේ.. මේසන් බාස්ල දවසක් නිවාඩු ගත්තොත් මෙහෙ ඉඳලා කෝල් අරන් බනිනවා. බයටම කට්ටිය වැඩේ ඉවර වෙනකන් හෙල්ලෙන්නේ නෑ.. හැබැයි අපි හැමදාමත් කරපු දේ තමයි වැඩ කරන අයට ආදරෙන් සලකල හොඳට පඩි නඩි ගෙවපු එක..

      Delete