Follow by Email

Wednesday, 10 February 2016

අපේ වර්ගයේ සෙම දානයක්



 මේ 2006 ජනවාරි  පස් වෙනිදා-  පාරේ වැඩ අවසන් කර යන ට්‍රැක්ටරය  පොදු පාරේ ඇති වලවල්  පිරවීමට පස් රැගෙන් යන ගමන් 


පසු ගිය දිනක  කලාහිත,  කටුසු හදවත  , කොළඹ ගමයා ඇතුළු තවත් පිරිසක් මුලික වී මොණරාගල  මියාගල විද්‍යාලයට පානිය ජලය සැපයීමේ ව්‍යාපෘතියක්   ආරම්භ කර තිබුණා.

එහි දෙවැනි දින වැඩ සටහනේ සිදුවූ  සෙම දානයක් ගැන කලාහිත ලියා තිබුනා මතකයි.  ඒ සෙම දානයට අපේ බ්ලොග් හිතවතුන් කිහිප පොළක්ම සෙමෙන් දායක  වී තිබු ආකාරය  චායාරුප මගින් දැක ගන්නට ලැබුණා.

මේ කියන්න හදන්නේ  අපි සහභාගී  වූ  එවැනිම සෙම දානයක් ගැනයි.

මෙය සිදු වුයේ අප අවසාන වරට  ලංකාවට පැමිණි වෙලාවේ ඒ කියන්නේ 2014 පෙබරවාරි මාසේ.

මෙවර අප ලංකාවට පැමිණියේ  වසර දෙක තුනක විරාමයකින් පසුවයි.

ගුවන් තොටුපළේ සිට අපව රැගෙන යාමට පැමිණ සිටියේ  අමරා නංගි ගේ සැමියා ලෙනදොරත්  ඔහුගේ හිතවතෙක් වූ වෑන් හිමියාත් ය.

වාහනය  කොළඹ නුවර පාරෙන් හැරී  මාවනැල්ලේ කොන්ඩ දෙනිය පාරට දැමීමත් සමගම කුමක් දෝ අමුතු ප්‍රබෝධයකින්  මා සිත පෙළෙන්නට විය.

බස් පාරෙන් හැරුණු තැන සිටම පාර කොන්ක්‍රීට්  කර තිබෙණු දක්නට ලැබිණි.

මේ එවකට පැවති මහින්ද රාජපක්‍ෂ  රජයේ මග නැගුම යටතේ කල  පාරකි.


වංගු කිහිපයක් පසු කල පසු ලෙනදොර, පුවක් සහ මා එකතු වූ ගොඩ නැගු අපේ පාර කොටස හමුවේ.

එහි ඉහල කොටස ( අඩි දෙසීයක් පමණ මා විසින්ම  කොන්කිර්ට් කර දුන් ) හැරුණු කොට ඉතිරි හරිය සකස් කර තිබුනේ ගල්කුඩු ඇතිරිමෙනි.

කෙසේ සකස් කර තිබුනද  පාරේ වාහන යන කොටස් හොඳටම සකස් වී තිබිණි.

එහෙත් රෑ දොළහත් පසු වී තිබුනා වුවද මගේ විමසිලිමත් දෑසට හසු වුයේ පාරේ වාහන යන කොටස් හැරෙන්නට අයින දෙපැත්තේම උසට උසේ වැවී තිබු ඉලුක් ගොල්ලයි.

අප නිම්මිලා නිවසට ලඟා වූ වහාම මා වට පිට බැලුවේ අපි 2005 දී වගා කල පොල් සහ කෙසෙල් ගස්  වල තත්වයයි.

වත්තේ පෙනෙන තෙක් මානයේ තිබුනේද උසට වැවුණු වල් පඳුරු ගොන්නකි.

පසුදා උදැසන නිම්මි මා සමග කතාවට වැටුනාය.

"ඒයි  කෝ ඔයාලගේ පොල් පැල ?  වැඩිය පේන්න නෑ  නේ ?"

"පොල් විතරක්යැ .. කෙසෙල් ගම්මිරිස් , එනසාල්  ඒ හැමජාතියම  අපි හැදුවනේ ?"

"අමරලා ලෙනදොරලා  ඒවා  බලාගෙන තියෙන හැටි තමයි. "

"ලෙනදොරලා විතරක් යැ..  ගමේ හැමෝම ඒ වගේ තමයි. දැක්කද  ගමට එන පාරේ හැටි? " මනුස්සයෙකුටත් වඩා උස ඉලුක් ගාලකින් පාර දෙපැත්තම වැහිලා ගිහිල්ලා.


මේ චායා රුපය  ගත්තේ  කලාහිත ගේ බ්ලොග් පොස්ට් එකෙන්   ( අවසර ඇතිව ) මම මේ විස්තර කරන පාරත් මේ වගේම ඉලුක් වලින් වැහිලා තිබුණා.  කලාහිත



"ඔන්න ඔයා එහෙම  ඕවා කතා කරන්න යන්නේ නෑ.."

 අවුරුදු  ගණනක්  ඔය පාරේ මේ මිනිස්සු ගියානේ..නොදැක්කා වගේ නිවාඩුව ගත කරලා යන එකයි තියෙන්නේ .. අපි නෙවෙයි නේ මේ වගේ කාර් වලින් උදේ හවා යන්නේ?"

නිම්මි කල්  තියාම මට අනතුරු හැඟවූවාය.

මමත් වත්තේ හෝ පාර වල් වල අඩු පාඩු  ලෙනදොර මල්ලි සමග සාකච්චා නොකර සිටින්නට හිත හදා ගත්තෙමි.

"අය්යා කොහොමද එහේ  මෙහෙ යන්නේ ?  අපේ කාර්  එක ගන්න "  ලෙනදොර මල්ලි තම මෝටර් රථය අපේ ගමන් බිමන් වලට දෙන්නට සුදානම් විය.

"නෑ  .. මල්ලි මම හිතුවේ  ඔටෝ ගියර් තියෙන  ෆොර් වීල්  වාහනයක්  කුලියට ගන්න."

"එහෙනම් මම දන්නා තැනක් තියෙනවා නුවර අපි එතැනින් වාහනයක්  ගමු අය්යා .."

ලෙනදොර මගේ නිහතමානී ප්‍රතික්ෂේප කිරීම ගැන එතරම් කනගාටුවක් පෙන්වුයේ නැත.

ඒ අනුව එදා දහවල් වෙද්දී ලෙනදොරත් මමත් නුවර ගොස්  ඩයිහට්සු ටෙරියස්  වර්ගයේ වාහනයක් රැගෙන ආවේ අපේ පාවිච්චියටයි.


ටෙරියස්  එක.. අපි කතරගම  මැණික් ගඟ  අසල නවාතැන් ගත් පරිසර හිතකාමී  රෙස්ට් හවුසිය ඉදිරිපිට  


අපේ නව කුලී රථය රැගෙන නිවසට ආ සැනින්  නිම්මිට මාවනැල්ල  නගරයට යාමට අවශ්‍ය විය.

ඒ සුපුන්ට අවශ්ය අඩුම කුඩුම සහ නිවසට අවශ්‍ය දේවල් කිහිපයක් රැගෙන ඒ මටයි.

අපේ බලාපොරුත්තුව වුයේ මාවනැල්ලේ දින කිහිපයක් ගතකර ඉන් අනතුරුව මගේ දෙමව්පියන් සහ නංගිලා බැලීමට අරලගංවිල යෑමටයි.

මාවනැල්ලේ  අතුකෝරල  සහ  කාගිල්ස් වලට යන්නැයි  අමරා නිම්මිට උපදෙස් දුන්නාය.

පාරේ අකරතැබ්බය


සාප්පු  සවාරියෙන්  අනතුරුව  අප නිවස  බලා එමින් සිටියෙමු.

අපේ වාහනය තාර පාරෙන්  නිම්මිලා ගමේ පාරට හැරවූ මා ඉලුක් ගාල මැදින් වූ ඒ කොන්ක්‍රීට් පාරේ වාහනය  ධාවනය කරමින් සිටියෙමි.

හදිසියේ වත් තවත් වාහනයක් අවොත් ඉඩ දෙන්නට විදිහක් නැත.  හේතුව පාර දෙපැත්තේ ඉඩ නොතිබීම නොව දෙපැත්තේ ඇති ඉඩ වසාගෙන වැවී ඇති ඉලුක් ගොල්ලයි.

තරමක් දුරට ගිය පසු ඉලුක් ගොල්ල අවසන් වී කොන්කිර්ට් පාර අයිනටම  නියරවල්  රැහා තිබු වෙල් යාය  කොටස අසුවේ.

හදිසියේම මා ඉදිරියට එන බයිසිකලයකි.

මගේ වාහනය දුටු බයිසිකල් කරු ( අවුරුදු 14-15 ක්  වූ කොලු ගැටයෙක් ) බයිසිකලයෙන් නොබැසම එය කොන්ක්‍රීට් එකේ අයිනට කර නවතා ගෙන සිටියි.

දෙපස ඇති වල් ගොල්ලට බයිසිකලය ගන්නට ඔහු අකමැතිවා සේය.

එමෙන්ම ඔහු ලොකු වාහන කරුවෙකු සේ මට සයිඩ් දී ගෙන සිටි.

මම පුළුවන් තරම් මගේ වාහනය අනික් පැත්තට ගත්තෙමි.  පසුපස ටයරය කොන්ක්‍රීට් එක අයිනේ වූ වල් ගොල්ලට ගියේය.

පාර අයිනේ වල් වලින් වැසි ඇති කොටස කුඹුරු කරුවන් විසින් මට්ටයට කපා ඇතැයි මට සිතුනේ නැත.

එහෙත් මා සිතුවා වැරදිය . මගේ පස්සා රෝදය දැන් කොන්ක්‍රීට් එක අයිනෙන් පහලට එල්ලේ.

බයිසිකල් කරු තවමත් මිමින්නෙක් සේ මගේ මුහුණ දිහා බලා සිටියි.

මට සැර දමා වාහනය අනික් පැත්තට කපන්නට විදිහක් නැත.

"මල්ලි  මොකද තවත් බලන් ඉන්නේ .. මම දැන් ඔයාට යන්න වාහනේ අයින් කරානේ.. ඔයා යන්න " මම හිතේ නැගුන කලකිරිමෙන්ම පැවසුයෙමි.

වෙලාවට මගේ වාහනය ෆොර්විල් ය. සැර දමා පාගත්ම  වාහනය නැවතත් හරි පාරට වැටිණි.

මම නැවතත් පාරේ අඩු පාඩු කතා කරන්නට පටන්ගත්තෙමි.

 " මේ මිනිස්සු පාර දෙපැත්ත  සුද්ධ කරලා තිබ්බනම් මට අයින පෙනෙනවානේ "

"අනික අර කොල්ලා හරියට ලොකු වාහනයක් වගේ එයාගේ බයිසිකලේ කොන්ක්‍රීට් එකේම තියාගෙන හිටියනේ "

නිම්මිත් කලතුරකින්  හෝ මගේ පැත්තට කතා කරන්නට  පටන් ගැනීම මට සතුටකි.

පාරේ වල් බිහිවී  තිබීමත්  ඇහැට පෙනී පෙනී මොකුත් නොකියා සිටිය යුතුවූ  වතු පිටිවල දක්නට ලැබුණු  දේවලුත්  නිසා මට දවස් දෙකකට වඩා මාවනැල්ලේ හිඳිම එපා විය.

"අපි හෙට උදේම  අරලගංවිල යන්න ඕනා.. එහෙ ගිහිල්ලා කතරගම ගාල්ල  , මාතර පැත්තේ එහෙම ඇවිදලා එමු"

මම නිම්මිට  යෝජනා කලේ එබැවිනි.

පසුදාට පහන් විය නිම්මි අපේ නෑදෑයින්ට බෙදන්නට කැඩ්බරි  චොක්ලට් , ටෝබ්ලරෝන්  ආදිය සකස් කළාය.

මම පුවක්  බාස් මුනගැසී දුල්මිණිට ගෙනා තෑගි බෝග , පුවක් ට ගෙනා ටී ෂර්ට් එක, ඔවුන්ගේ  කැඩ්බරි පංගුව   ආදිය ලබා දුන්නෙමි.

ඒ  උදේ පාන්දරම සුපුන් සමග ඔවුන් ගේ නිවසට ගොඩ වැදුනු පසුවයි.

පාරේ  වතුපිටිවල අඩු පාඩු ඔහු සමග කතා කල යුතු යැයි සිතුනද   එම අදහස යටපත් කර ගත්තෙමි.

"ආපු ගමන් ම ගමේ යන්නේ?  අම්මා තාත්තලා බලන්ට වෙන්ටැති?"

"ඔවු .. ඔවු.. මම අරලගංවිල ඉදන්  කෝල් එකක් දෙන්නම්කෝ "

මම සුපුන්  සමග නැවත නිම්මිලා ගෙදරට පිටත් වුයේ. තව ටිකකින් අරලගංවිල  බලා යාමට ඇති බැවිනි.

කැනඩාවේ  සිට එන විට රැගෙන  ආ  විශාල බෑග් ටිකද  අපේ වාහනයට පටවා ගත් අපි තිදෙනා  එදා උදේන්ම අරලගංවිල  බලා පිටත් වූයෙමු.

 දුරකථන ඇමතුම්

අරලගංවිල  ටික දවසක්  ගත කළෙමි. ඒ අතර අම්මා සහ තාත්තාද එකතු කර ගෙන දකුණු පළාතේ කල සංචාරය  වන්දනාවක් මෙන් විය.

විහාර පිට විහාර වන්දනා කරනු දුටු සුපුන් තිස්සමහාරාමයේදී  මෙසේ පැවසුවේ එබැවිනි.

"දැන්  ඔය වගේ චයිත්ති කියක් බැලුවද  ?.. ඔක්කොම එක වගේනේ .. මට නම් දැන් ඇති වගේ".




අරලගන්විල ගත් කල දවස් දහයක පමණ කාලය නිමවී නැවත මාවනැල්ලට යන දිනයත් ලඟා වෙමින් පවතී.

පාර තොට මතක් වන විට මගේ සිත කේන්තියකට වඩා මා ගැනම ඇතිවූ අනුකම්පාවකින් පිරී යන්නට විය.

මම අපේ දුරකතනය අතට ගත්තෙමි.

"ට්‍රින්.. ට්‍රින්... කවුද කතා කරන්නේ  ?"

" මම කරුණා අක්කලා ලොකු පුතා.. කෝ  ප්‍රේමරත්න ඉන්නවද?"

"ආ.. ඉන්නවා... පොඩ්ඩක් ඉන්න දෙන්නම් .."

"ඒයි.... මේන්  ඔයාට කෝල් එකක්..."

දුල්මිනිලා අම්මා මගේ ඇමතුම පුවක් බාස්ට සම්බන්ධ කළාය.

"කවද්ද ආපහු මේ පැත්තේ එන්නේ .. අපිට හරියට කතා කරන්න වත් බැරි වුනා.."

අනික් පැත්තෙන් කියවිණි.

"මට ඔහේ එන්න හිතෙන්නේ නෑ අයිසේ .."

"ඔයාලගේ පාර මතක් වුනාම ඔක්කොම එපා වෙනවා.."

මම පුවකාට ආර බයිසිකල්කාරයාගේ කතාව කිව්වෙමි.

"පාර දෙපැත්තේ කැලේ නම් තමයි ඉතින් ඒකට මොකද  කරන්නේ ?"

"අපි ශ්‍රමධානයක් දාමු.." මම යෝජනා කලෙමි.

"හැබැයි මම ආපහු එන්න ඉස්සෙල්ලා පාර සුද්ධ කරන්න ඕනේ.."

"අර ඕගොල්ලෝ  ( පුවකා කියන්නේ මා සහ ලෙනදොර ඇතුළු පිරිසක් අඹගහවත්ත පැත්තේ  කල සේම දානය  ගැනයි  ) 2005 කළා වගේ නොමිලේ  වැඩ මෙහෙ කෙරෙන්නේ නෑ."

"සල්ලි දෙන්න වෙයි ".

"කිදෙනෙක් විතර ඕනද  එක දවසෙන් ඕක ගහලා දාන්න ?"

"නමයක්  දහයක් ".

"හරි එහෙනම්  අපි මේ සෙනසුරාදා ආපහු එනවා . මම එන්න ඉස්සෙල්ල වැඩේ කරන්න. මම  ආපු ගමන් කට්ටියට ගෙවන්න සල්ලි දෙන්නම්. "

"හරි හරි තේ ටික එහෙම අපේ ගෙදර හදලා දෙන්නම්කො " පුවකා මගේ යෝජනා ව පිළිගත්තේය.

සෙනසුරාදා උදැසන නැවතත් අපේ අඩුම කුඩුම වාහනයට දමා ගත්තේ මාවනැල්ල බලා පිටත් වීමටයි.

අපි අරලගංවිල පසු කර ගත් වුයේ සුළු මොහොතකි.

"ට්‍රින් .. ට්‍රින්.. ට්‍රින්.. "  නිම්මිගේ දුරකථනය නාද වෙන්නට විය.

"නෑ .. මොනවා ?  හොඳයිනේ  නේ ඉතින්  "

ඈ අනෙක් පසින් කතා කල අමරාට පිළිතුරු දෙන්නීය.

"ආන් පුවකා මිනිස්සු ගොඩකුත් අල්ලාගෙන  පාර කපනවලු.. "

"එයාලා ගෙදර ම  තේත් ලෑස්ති කරනවලු  "

නිම්මි පුදුමයෙන් මෙන්  මා සමග පැවසුවාය.

"අමරලා හොඳටම කලබලවෙලා .. එයාලට එන්න කිව්වෙත් නැහැල්ලු."

මම කිසිත් නොදන්නාක් මෙන් වාහනය ධාවනය කලෙමි.

"මෙයා මොනවා හරි දන්නවා ..හොරා වගේ හිනා වෙන්නේ ?"

ඇය ශ්‍රමදානයට මගේ කිසියම් සම්භන්දයක්  ඇති බව සැක කළාය.

මම විස්තරය ඇය සමග පැවසුවෙමි.

 "නවයක් දහයක් ගන්නවා කිව්වා.. පාර දෙපැත්තේ ඉලුක් ටික ඔක්කොම ගලවයි."

"ඔයා සල්ලිත් දෙනවා කිව්වද ?"

"නැතුව .. නැතුව ,, මම රුපියල් 10000ක්  දෙනවා පුවකටත් එක්ක.."

අප නිවසට ලඟා වනවිට නිම්මිලා ගෙදරට යනපාර බත් දාන් කන්නට තරම් පිරිසුදුව සකස් කර තිබිණි.

හවස් යාමයේ පුවක් මුණ ගැසුණු මා ගණන් හිලවු පියවුයෙමි..

"මාත් එක්ක දහ දෙනෙක් හිටියා .. නම දාහක් දෙන්න මට සල්ලි එපා "

පුවකා පැවසිය.

"කමක් නෑ .. පාන් . පරිප්පු වලටත් වියදම් වුනානේ  ඉතිරි සල්ලි ඒකට තියා ගන්න එහෙනම්.  "

මම රුපියල්  10000 ක් පුවකා අත තැබුවෙමි.

"ඒක  නෙවෙයි ගමේ මිනිස්සු මොකද කියන්නේ ශ්‍රම දානේ ගැන ?"

"මෙන්න මේවා තමයි නියම වැඩ කියලා තමයි ඉතින් කියන්නේ  " පුවකා පිළිතුරු දුන්නේය.


33 comments:

  1. ඔය ගමං ලෙන දොරටත් පහලවක් විස්සක් දුන්නානං වත්ත පිටියත් එලිකරල දායි

    ReplyDelete
    Replies
    1. ඔන්න කිව්වා ඇත්ත.. වියදම් කරලා කරලා පොල්වතු, කෙසේල්වතු හදලා දුන්නා. පාරක් හදලා ටිකක් කොන්ක්‍රීට් කරලත් දුන්නා .. ඔහොම ගියොත් එයා ගෙදර දොර ළමයි බමයි බලනවටත් සල්ලි දෙන්න වෙයි.

      Delete
  2. ඔව්ව තමය හත්තිලව්. රට ඉඳලා ඇවිදින් ලංකාවෙ ශ්‍රමදාන

    ReplyDelete
    Replies
    1. මම මේ ගමනේදී මාතලේ පැත්තෙන් යන් වෙලාවක පාර අයිනේ තිබුණු ඉලව් ගෙදරක නැවැත්තුවා සුපුන්ට අපේ රටේ මල ගෙයක් බලා ගන්න..

      Delete
    2. නැත්නම් .. බයිසිකල් , හරක්, බල්ලෝ කුකුළොන්ට පාරේ ඉඩ දෙන්න ගිහින් කුඹුරට වැටෙන්නද කියන්නේ?

      Delete
  3. Replies
    1. නියමදත් අහනවා. අවුරුදු ගානක් තමන් ගිය පාරේ අයින සුද්ධ කරගන්න බැරිවුණ ඇය කියනවලු "මේවා තමයි වැඩ කියන්නේ කියලා "

      Delete
  4. මට පේන්නෙ දොස්තර මහත්තැංව අල්ලගෙන ගමේ එවුවො වැඩගන්නවද කොහෙද? මේ අවුරුද්දෙ අගවත් ලංකාවට ආවනං හොඳා. ආපහු පාර කැලේ වැවිල ඇති. අපරාදෙ කියන්න බෑ. ඔය ගංවල අයට අනුන්ට ඩිංගක් හරි යහපතක් වෙන දෙයක් කරන්න හරිම අමාරුයි.

    ReplyDelete
    Replies
    1. සුරංග ටෙලිපති දාලා අපේ ගෙවල් වල කතාවෙන ඒවා අහගෙන් ඉන්නවද කොහෙද.. ඊයේ තමයි නිම්මියි මමයි ලංකාවට යන දින වකවානු ගැන කතා වුණේ.. " මේ පාර එහෙම ශ්‍රමදාන කරන්නේ නෑ ඔන්න " කියලා තමයි එතුමිය කිව්වේ.. අපි ලංකාවේ යන්න කතා වෙනකොට

      Delete
    2. කොයි ගමෙත් එහෙම තමයි . නිකන් මුදල් ලැබෙනවා කිව්වහම සමහර ගැමියෝ එනවා කුට්ටියක්ම කඩන්ට.. මේ දවස් වල අපේ ගමේ මල්දෙණිය පැත්තේ මනුස්සයෙක් , දෙන්නෙක් ඔය වැඩේම කරන්න බලනවා..

      Delete
  5. සෙම දානයක් කිව්වහම බැලුවේ... බලන් යනකොට ශ්‍රම දානයක්..
    ඔය වගේ පොදු වැඩ වලට හවුල් වෙන කට්ටිය ගොඩක් අඩුයි.

    ReplyDelete
    Replies
    1. අඩුදත් අහනවා.. එත් අපි පොඩි කාලේ හරි ජොලියෙන් අරලගංවිල පැත්තේ අපේ ගමේ ශ්‍රමදාන කළා . වෙන් පොස්ට් එකකින් එවැනි සෙමදානයක් ගැන කියන්නම්කෝ...

      Delete
  6. ඕක ශ්‍රමදානයක් නම් රුපියල් දාහත් ආධාර මුදලක් වෙන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. වෙන්ට ඕනා නම් තමයි . එහෙම වුනාට ඒවා අපේ මහන්සියට (රක්ෂාවට ) ගෙවපු මුදල්

      Delete
  7. අපේ මිනිස්සු සොබාදහමට ආසයි එකනේ පාරට නැමිලා තියෙන ඉලුක් ටිකවත් කපන් නැත්තේ හෙහ් හේ . ලෙනදොර වගේ මස්සිනාලා ගොඩක් ඉන්නවා . මේ කතාව ඔයාගෙම ස්ටයිල් එකකින් ඇදගෙන ආපු එක දක්ෂකමක් . හැබැයි ඊළඟ කතාව වෙනස් ආරක එකක් ලිව්වොත් නරකද? කෙටි ඒවා වඩා හොඳයි කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත .. ඇත්ත.. කිරට නැමිලා වගේ තියෙන ඉලුක් දළු දකිනකොට ලස්සනකුත් තියෙනවා නොවැ.. ඔය වගේ මස්සිනාලා තමයි මස්සිනාලා කියන්නේ.. ඔවු ඔවු ඉදිරියේ වෙනත් පැත්තකට යන්න හිතන් ඉන්නේ ..

      Delete
  8. //මෙන්න මේවා තමයි නියම වැඩ කියලා තමයි ඉතින් කියන්නේ// කාට කියන්නද ඉතිං.. මටත් පොඩි ඇඩ් එකක් දුන්නට ස්තුතියි. මියාගල යන පාරනම් එහෙම සුද්ද කරන්න මගේ අදහසක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔවු .. එහෙම සුද්ධ කරන එක ලේසි වැඩක් නෙවෙයි.. ඔය අතර මැද තියෙන ගම් වල ඇය ටික ටික සුද්ධ කරත් හරි... අපේ ගමේ ( මල්දෙණියේ) අවුරුදු ගණනාවකට පස්සේ සාර්ථක ශ්‍රමදාන දෙකක් තිබුනලු පහුගිය 4 වෙනිදා . නිදහස් දවසේ..

      Delete
  9. නොවෙන වැඩක් ගැන කථා කර කර සිටීමට වඩා එය කර දැමීම හෝ කරවා දැමීම, සැමවිටම වඩා අගනේය.

    ReplyDelete
    Replies
    1. ඉයන්ගේ කතාව ඇත්ත තමයි. අපි ගොඩක් වෙලාවට ඔබේ අදහස අනුව වැඩ කරනවා . මොකද නොවෙන දේවල් කතා කරන්න ගියාම අපේ වගේම අහන අයගෙත් හිතේ අමාරු ඇති වෙනවා . අන්තිමට වැඩේ කෙරෙන්නේත් නෑ.. හිතවත් කමුත් නෑ.. ඊට මිට වඩා හොඳයි අපි කර දමනවා නැත්නම් කරවා දමනවා..

      Delete
  10. කොහොම හරි පාර හැදුවනේ යන්න. අතින් සල්ලි දීලා හරි. සල්ලි දුන්නම ශරමදාන වෙන්නේ නැහැනේ.

    ReplyDelete
  11. ඇත්තටම නම් ශ්‍රම "දාන" වෙන්නේ නෑ තමයි. හැබැයි පාර වෙනුවෙන් එයාලගේ ශ්‍රමය දනය වුණේ සල්ලි දෙන පොරොන්දුව පිට..

    ReplyDelete
  12. අපි මේ වගේ දේවල් කලේ ඇත්තටම අපිටත් සිතට සතුටක් ලැබෙන නිසා. අවුරුදු ගානක් කැලෑ වැදිලා තිබුණ පාරක් සුද්ධ කරන්න දායක වුනාම හිතට සතුටක් එන්නේ නැද්ද හිටං...

    ReplyDelete
  13. //මේවා තමයි වැඩ කියන්නේ කියලා//
    මේ ඒ සුන්දර මිනිසුන් සිටින සිරි ලංකාවයි.

    ReplyDelete
  14. බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළිගනිමු. ඔවු ඔවු ..මේ අපේ සිරි ලංකාවයි.. හැබැයි ඔයිට වෙනස් ආකාරයේ මිනිසුනුත් මේ සිරි ලංකාවේ ඉන්නවා .. මගේ ඇතිමලේ බාප්පා කියවන්න...

    ReplyDelete
  15. http://helmalu.blogspot.com.au/2015/04/blog-post_12.html

    ReplyDelete
  16. අපිට ඉතින් මෙහෙම දේවල්මනේ වෙන්නේ. මම හිතන්නේ අපේ කොහේ හරි ලියවිලා ඇති අපි ශ්‍රමධාන වගේ දේවල් කරන්නේ ඔය ක්‍රමයෙන් කියලා. මොනවා වුනත් අන්තිමට ගෙඅර යන්න පාර හදලා ගනිපු එකම මදිද නේ?

    ReplyDelete
  17. මේ පැත්තේ ආවට ස්තුතියි. ඔව් .. ඔව් මමත් ඔයගැන හිතුවා. හැබැයි අපි 2005 ලෙන්දොරලා එක්ක අනික් වත්තේ පොල් හදද්දී ඒ ගමේ කිහිපදෙනෙක් නොමිලේ ශ්‍රම දානයකට ආවා.. මමයි ලෙනදොරයි අපි ගානේ පඩි ලබපු තුන්දෙනෙකුයි අපේ ඉඩම වෙනුවෙන් ශ්‍රම දනයට ගියා ( මතක හැටියට ගනේවත්ත සහ සුසන්ත , පුවකුත් හිටියද මන්ද ). ඔව් ඔව් මටත් ඕනා වුණේ නිදහසේ , බයක් සැකක නැතිව ( වාහන/මිනිස්සුන්නට ඉඩ දිගෙන ) පාරේ යන්න..

    ReplyDelete
  18. kawindu mula madha aga lassanata galapalaa positive widiyata "maga naguma" ewarakalaa. hariyata gamak gana liyauna novel ekak wage.
    lassanai...

    ReplyDelete
    Replies
    1. Jayangani gana nawathwapu thana endhala (after A/L) ediriyata liyanne naththe ai?
      kawruhari force kalalaada liyanna epa kiyala. :)

      Delete
    2. බොහොම ස්තුතියි සෙනරත්... නැහැ නැහැ කවුරුත් බල කරේ නැහැ.. හැබැයි සමහර කරුණු අහලා කට්ටියට දුක හිතෙන්න බැරි නැහැ..

      Delete