Follow by Email

Sunday, 14 February 2016

සිහිනයකි ඔබ ...



මගේ පපුව  ඩිග් .. ඩිග් ..  ගා ගැහෙයි.. මුළු ඇඟම  දහදියෙන් පෙඟී ගොසිණි. කොඳු ඇට පෙළ දිගේ පහළට ඇදුනු තද හිරි වැටීමක් දෙකකුල් අතර හිරවුණා  සේ  දැනෙයි.

මම මා අසල සිටි ජයංගනී දෙස බැලීමි ඇය ගේ කම්මුල් ජම්බු ගෙඩියක් මෙන් රතු පාටය . තරමක් විශාල නිල්වන් ඇස්  සැකමුසු බියකින් ඇසිපිය නොසෙල්වා ඉදිරියෙන් පෙනෙන  බියකරු  දර්ශනය  දෙස බලා හිඳියි.

මම සෙමින් හිස ඔසවා ඉදිරිය බලමි.  නිල් පාට ඩෙලිකා වෑ න් එකක්  ඩන් ලොප් වත්තට හැරෙන තැන පාරේ නවත්වා තිබේ.  හරියටම කිව්වොත්  එය තිබෙන්නේ සිරිමල්වත්තේ සිට අපේ ගමට එන පාරේ හමුවන අම්බලම ළඟය,

අසලින් තම ඉනට දෙඅත් තබා පාරේ අපේ ගම දෙසට ඇවිදන් එන අප දෙදෙනා දෙස බලා සිටින කෙනෙකි.

ඒ කවරෙකුවත්  නොව   අපේ තාත්තා ය.

" චුටි පුතා උඹ පංති යනවා කියලා කරන්නේ මේකයි  එහෙනම්.. ?" තාත්තා දත් මිටි කමින්  මා හට කෑ ගසනු ඇත් දෝයි  සිත බියෙන් වෙලෙයි.

මගේ ඇඟ  කිලිපොලා  යයි.. හුස්ම ගන්නටත්  අපහසු ගතියක් දැනෙයි.. මම මුළු වැර යොදා මගේ සිත දැඩි  කර ගන්නට උත්සාහ කරමි.

බියෙන් ගැහෙන  මා  සැඟවෙන්නට ගන්නා උත්සාහය නිෂ්ඵලය.  ඒ බව පසක්  වීමෙන් දෝ  තව තවත් බය බිරාන්ත වීමි.

හදිස්සියේම තිගැස්සුණු මා වට පිට බැලුවේ සිද්ධිය ඇත්තක්ද..... සිහිනයක් දැයි සිතා ගන්නට නොහැකිවයි.

මගේ වෙලාව හොඳය.  මා බයෙන් ගැහි ගැහි සිටියත්   වසර දෙදාස් දහය -දොළහ වැනි කාලයක  මෙවැන්නක්  සිදුවිය නොහැකිය.

එදා  සහ අද 


මා දැන් සිටින්නේ ලංකාවෙන්  සැතපුම් දහස් ගණනක්  දුරිණි. අපේ තාත්තා දැන් ඩෙලිකා  එලවන්නේ නැත,

මා සිටින අහලක අම්බලමක් , තේ වත්තක්   , ගුරුපාරක්  මේ කිසිවක් දක්නට නැත.

අපේ තාත්තා අම්මාත්  සමග පෝය දවසට සිල් සමාදන් වෙන්න යන්නේ මේ අම්බලම පසුකරමිනි.

ඔහු දැන් එලවන්නේ  "පෙරඩුවා විවා " එකකි. අතහිත පනහට පනහ  සමන්තගෙන්  සහ මගෙන්ය.

එය අරන්දුන්නේ  ඒ දෙන්නාට  පන්සල තෙක් ඇති  කිලෝමීටර්  දෙකක පමණ දුර   පහසුවෙන් ගමන් කරන්නටයි.



ඔවුහු   "විවා"  එක ගැන  අපට පින්දෙමින්  ඔවුන්ගේ ලබන ආත්මයට සහ අපේ වර්තමානයට  පින් රැස් කරති.

 මේ දක්වා අපි ඔසවා තැබීම ගැන අපද ඔවුන්ට යටි සිතින් පින් දෙන්නෙමු.

"කොයිදේ වෙන්නෙත් හොඳටයි  චුටි පුතා " යැයි අම්මා නිතර පවසන අදහස මට සිහිවේ.

එහෙත් නමසිය අණු  ගණන් වල සිදු වූ  සමහර  අවාසනා වන්ත සිදුවීම්  තවමත්  මගේ යටි  සිතේ හොල්මන් කරයි.
නැතිනම්  අවුරුදු විසි ගණනකට පසුවත් මම සිහීනෙන්  බය වෙන්නට  හේතුවක් නැත.

ඔව්   ඇත්ත මයි.  මා දැක තිබෙන්නේ බියකරු  සිහිනයකි.

මගේ අසල දැන් සිටින්නේ  නිම්මි සහ සුපුන්ය.

මේ වෙලාවේ  මා බය කරන්නට   කෙනෙක්  පෙනෙන තෙක්  මානයක වත්  නැත.

මම සැනසුම් සුසුමක් හෙලුවෙමි.



17 comments:

  1. ඇසි දිසි සින්ඩියට ඔබේ අඩවියත් ඇතුලත් කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මෙහෙ ආවට. මගේ බ්ලොග් එකත් සින්ඩියට දාමු. කොහොමද අතුල කරන්නේ?

      Delete
  2. පරණ ආදරේ තාම හොල්මං කරනවා වාගේ

    ReplyDelete
    Replies
    1. හොල්මන් වෙනවා වෙලාවකට...

      Delete
  3. නිදන නෙතු යුග 'සනසනා' නම් නෙමෙයි නේද?
    සිහි'න'යකි වෙන්න ඕනේ නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර.. හැදුවා...දැන් වෙනකොට එහෙම ප්‍රශ්නයක් නෑ.. නිදන නෙතු කොහොමටත් නිදා ගන්නවා.. සිහිනය තමයි භයානක වුණේ..

      Delete
  4. වැලන්ටයින් එකට පරණ ලව් එක මතක් වෙලා.. හැබැයි දිගටම ඔහොම වෙන්න ගියොත් නම් ඩෙලිකා එකට සහ තාත්තට හීනෙන් බය වෙන එක කෙසේ වෙතත් ගෙදර උන්දා ගෙන් නම් 'කන්න' වෙයි වගේ.. හැක හැක හැක.. :)

    ReplyDelete
    Replies
    1. හිකිස්.. හිකි..හිකිස්... බොලේ වැලන්ටයින් කේස් එකක් මට මතක් වුණේ නෑ... කට්ටිය පුවක් බාස් ගැනම අහලා ඇතිවෙලා වත්දෝ කියලා වෙන මාතෘකාවකට බැස්සා පමණයි..

      Delete
    2. ගෙදර උන්දැ ඊයේ පෙරේදා මේක කියෙව්වා කිව්වා. එයා දන්නා සිද්ධියක් නිසා කිසි කලබලයක් නැහැ..

      Delete
  5. කට්ටඩියෙක් හම්බෙන්න අවශ්‍ය තත්වයක්

    ReplyDelete
    Replies
    1. තොවිලයක් නටන්නත් වෙන්න බැරි නෑ.. අපි හැමදාම තුන් සුත්‍රය අහලා නිදා ගන්නේ.. අපේ සුපුන් පිරිත් අහ අහා තමයි තවමත් නිදා ගන්නේ .. දැන් වයස 12යි.

      Delete
  6. Jayangani gana nawathwapu thana sita ayeth liyanna.
    man obe sodhuru athithaye kiyawapu lassanama kaalayai (its) eya.

    ReplyDelete
    Replies
    1. හෙමිහිට ලියමු.. බලාපොරොත්තුවන්න...

      Delete
  7. ඔබ අතගෙන ගිය වීදියේ ඈ හා යනවා
    සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා

    ReplyDelete
    Replies
    1. කටුසු කොහොමද? මියාගල ශ්‍රමදානෙන් පස්සේ මහන්සිත් ඇතිනේ...? නිතර සිහිවෙන ගීතයක් තමයි..

      Delete
  8. හැමදාම එක වගේ ඉන්න ඕනේ නෑනේ..

    ReplyDelete
  9. නැහැ නේන්නම් .. සිංහ මචං.. ඔබ හරි..

    ReplyDelete