Follow by Email

Thursday, 18 February 2016

අලදෙණිය රෝහලේ නේවාසික වී




පෙර කළාපයෙන්.
මගේ අ. පො. ස. ( සා/පෙ) අවසාන වී ගතකල සංක්‍රාන්ති සමයේ  මා මරණය අභිමුවට ගිය හැටි ඔබට කිව්වා මතකය. එහෙත් ඉන් අනතුරුව අප කතා බස් කලේ තරමක් වෙනස්   සිදුවීම් බව ඔබ කවුරුත් දනී.


කරුණාකර මගේ   ගැලවුම්කාරයා  නැවත කියවන්න.  මේ එන්නේ එහි ඉතිරි  කොටසයි..

අමතක වී තිබුණ මේ කොටස ගැන මතක් කර දුන්  අටම්පහුර ට මගේ ස්තුතිය.


අලදෙණිය  රෝහලේ නේවාසික වී



දිගින් දිගටම වමනය දමමින් පැමිණි මා රැගත් නිල්පාට ඩෙලිකා වෑන් එක අලදෙනියට සේන්දු විය.

අපව පිළිගන්නට පැමිණ සිටියේ අලදෙණිය වෙද විදුහලේ පළමු වසරේ සිසු  සමන්ත නාමරත්න සහ ඔහුගේ හිතවතුන් කිහිප පොළකි.

එතන සිටි බොහෝ දෙනෙක් ගේ නම් මට අමතක වුවද බොකුටු කොන්ඩේ සහිත කුඩා කොල්ලෙකු වූ දඹුල්ලේ පොඩි බණ්ඩා  මා මතකයේ තදින් රැඳී පැවති නමකි.

පොඩි බණ්ඩා නමේ අර්ථය මෙන්ම පෙනුමෙන් පොඩි අයෙකි.

"මචං පොඩි.. මෙයා තමයි  මගේ මල්ලී කවිඳු . අද එයා ප්රෝෆෙස  සුමල්  කරුණානායක ගේ වෝර්ඩ් එකට ඇඩ්මිට් කරන්න යන්නේ ".

තම සුපුරුදු දඟකාර සිනාවෙන් මා දෙස බැලු පොඩිබණ්ඩා

"හා මේ මලයා නේද අර උඩු රැවුලක් එහෙම වවලා ෆොටෝ අරන් තිබුණේ. ? මම ඇත්තටම හිතුවේ ඔයා "සමා" ගේ අය්යා කියලා "

සමන්ත මට පොඩි බණ්ඩා අය්යා ගැන සෑහෙන විස්තර පවසා තිබුණි.

ඒ අතර මගේ මතකයේ රැඳී තිබුණු කරුණු අතර ඔහු දඹුලු මහා විද්‍යාලයෙන් මෙඩිසින් ආ පළමු ශිශ්‍යා බවත්

 ඒ වෙනුවෙන් ඔහු නොවිඳිනා දුක් වින්ද කෙනෙක් බවත්ය.

පොඩි බණ්ඩා පසු කාලීනව  (1989/90)  භීෂණ  සමයේ අවසාන භාගයේදී   අවාසනාවන්ත ලෙස අපගෙන් සමුගත් බව  අය්යාගෙන්  දැන ගත්තෙමි.

අය්යාගේ මිතුරන් මුණ ගැසී ටික වෙලාවක්  ගිය පසු   හිල්ඩා ඔබේසේකර ශාලාවෙන් පිටත් වූයෙමු.

තාත්තා විසින් පැදවූ  වාහනය ඉතා ප්‍රියමනාප පෙනුමැති නවීන රෝහලක පෝටිකෝවේ නතර කෙරිණි.

"අලදෙණිය ශික්ෂණ රෝහල - ජපන් ශ්‍රී ලංකා මිත්ත්‍රත්ව පදනමේ පරිත්‍යාගයකි"

යැයි ලියු පුවරුවක් මා නෙත ගැටුනා මතකය.

ව්‍යිදය ෂන්මුගනාදන් හෙවත් "ෂන්"  හමුවූ හැටි



ඉතා දුර්වල තත්වයක සිටි රෝගියා වත්තන් කර ගත් සමන්ත සහ පිරිස මුලින්ම පිවිසියේ  බාහිර රෝගී අංශයටයි.  

තමා වෙද සිසුවෙක් බව සහ තම මල්ලී රැගෙන පැමිණි බව කියූ ඔහුට හෙදියන් සහ බාහිර අංශයේ වෙදැදුරන් කඩිනම් සේවයක් සැපයුහ.

අනතරුව මා රැගෙන ගියේ හතේ වාට්ටුවටයි.  හවස පහ හමාර හය පමණ වූ ඒ වෙලාවේ සුමල් කරුණානායක මහතා එහි සිටියේ නැත.

ඒ වෙනුවට අප පිළිගත්තේ ෂන්මුගනාදන්  නමැති ඔහුගේ  හිතවත්ම "රෙජිස්ට්‍රාර්වරයා" විසිනි.   

මේ රෙජිස්ට්‍රාර් යනු  ලියන කියන කෙනෙක් පමණක්ම නොව කායික රෝග විශේෂ උපාධිය හදාරන කණිටු වෙදැදුරෙකි.

සමන්තටත් මටත් මල්ලී යන ආමන්ත්‍රණය පාවිච්චි කල  ඔහු එසේ කීමට හේතු දෙකක් තිබිණි.

එක අපේ සමන්තත් වෙද සිසුවෙකු වීම. දෙක  ෂන් ගේ මල්ලී  උදය කුමාර් අපේ අය්යාගේ බැචෙක් වීම ඒ හේතු දෙකයි.

"කොහොමද මල්ලී ? .. ඔයා කීයේ පංතියේද ඉන්නේ?"

"මෙයා ඕ  ලෙවල් පාස්වෙලා ගෙදරට වෙලා ඉන්නේ මේ දවස් වල"  මගේ පිළිතුර ලැබුණේ සමන්තගෙනි.

"ආ .. ඇත්තද ?   කොහොමද ඔයාගේ රිසල්ට්ස් ? "

" ඩි  පහයි  .. සි  තුනයි "  

දුර්වල මනසකින්  පසුවුවද  ආඩම්බර හඬකින්  ඒ උත්තරය ලබා දුන්නේ මා විසින්මය.

"එහෙනම් ඔයාටත් අය්යට වගේම මෙඩිසින්  කරත හැකියි .. දැන්ම ඉඳලම  උසස් පෙළට වැඩ කරන්න"

යාපනයෙන් බිහි වූ ෂන්  සහ උදයකුමාර් වැනි දෙදෙනෙක්   අරලන්ගන්විල  පරදෙශ්යෙනුත් බිහිවනු ඇති බවට පළමු අනාවැකිය පලකල  ෂන්  මට යෝජනා කළේය. 

රෝගීන් බලනා විශේෂ කාමරයේ පැයක් පමණ මා පරික්ෂා කල ෂන්

"සමන්ත.... මල්ලියාට තියෙන්නේ  මිග්රේන් ( ඉරුවාරදය) ... එයා හොඳටම dehydrate වෙලා අපි සේලයින් දාලා බෙහෙත් පටන් ගමු  .

මම තව ටිකකින්   prof එක්ක කතා කරන්නම් "  යැයි ඔහුගේ  රෝග විනිශ්චය ලබා දුන්නේය.

මම හතේ වාට්ටුවේ  පළමු ඇඳට   යවන්නයි  හෙද සොයුරියට උපදෙස් දුන් ෂන්  සමන්තද  කැටුව වාට්ටුවෙන් පිටත් විය.

ඒ වනවිට  පුංචි රාල මාමලා වැන් එකද රැගෙන අම්මා සහ තාත්තා නැවතත් අරලගන්විල දක්වා යමින් සිටියහ.

තම ස්වාමියාගේ හයර් අඩුවීමෙන්  තමාගේද ආදායම අඩුවන බව තාත්තා හොඳින් දැන සිටියේය.

ඒ නිසාම ඔහු  වාහනයත් තබාගෙන අලදෙනියට වී ඉඳීම තේරුමක් නැති බව කියනු මට මතකය.


රෝගියාගේ  ආහාර සැපයුම



මාසයක් එක හමාරක් උගුරෙන් පහලට යන කිසිවක් රඳවා ගත නොහැකිව සිටි මා මේ වන විට  ආහාර "අරහං " තත්වයක පසු වූයෙමි.

වාට්ටුවේ ඇඳට වී  ඔහේ කල්පනා කරමින්  සිටි මට නින්ද ගොස් තිබිණි.

"ඒයි  චුටි පුතා  මෙන්න උඹට කෑම ගෙනාවා...නැගිටපන්  .. නැගිටපන්"

  රාත්‍රී හත පමණ වන විට සමන්ත නැවතත්   මා ඇඳ අසලට පැමිණියේ  ප්ලාස්ටික්  පෙට්ටියක මනාව අසුරා සකස් කල රාත්‍රී ආහාරයක්  ද සමගිනි.

පෙට්ටිය විවුර්ත කල ඔහු ලොකු චීස් පෙති මැදට දමා සකස් කල පාන් සහ පලතුරැ  ගොඩක්  මා වෙත දිගු කළේය.

" එපා .. මට කන්න බැහැ .. මට කන්න කිසි පිරියක් නෑ "  මම කෑම ප්‍රතික්ෂේප කලෙමි.

" මෝඩ වෙන්න එපා බන්.. මේ වගේ කෑමක් කැම්පස් එකේ ඉන්න අපිට ජීවිතේට කන්න ලැබෙන්නේ නෑ "
කතාව ඇත්තය.  

මෙවැනි විශාල චීස් කුට්ටි, තක්කාලි පෙති ආදිය තබා ලස්සනට හැදු  සැන් විච් එකක් මම මින් පෙර දැක තිබුනේ නැත.

එහෙත්  අමෘතය ගෙනාවත් කන්න බොන්න බැරි තරම් අපුලක් මට දැනේ..

සමන්ත මට බැන බැන කෑම එක නැවතත්  මල්ලට දැම්මේය.

"මේක මේ  උදය කුමාර්ලා අම්මා මූ වෙනුවෙන්  ම  හදපු  කෑම එක .. 

කොහෙද මේ  ගොනා කන්න බෑ කියනවනේ ?"

මහාචාර්ය  සුමල්  ගේ වාට්ටු සංචාරය 



පසුදා උදෑසන සියලු හෙද හෙදියන්  උනන්දුවෙන් එහෙ මෙහෙ  දුවනු දක්නට ලැබිණි.  

ඉතා වැදගත් යමක්  වාට්ටුවේ සිදුවන්නට නියමිත බව පළමු ඇඳේ සිටි මටද වැටහෙන්නට  විය.
ටික වෙලාවකින් පරිවාර සෙනග පිරිවරාගත්    සුදු දිග කබායකින් සැරසුණු මිනිසෙක් මා ඇඳ  අසල නතර විය.

ඔහුගේ හැඩරුව  ඇත්ත වශයෙන්ම  සමන්තටත්  මටත් බෙහෙවින් සමාන බවක්  ගත්තේය.
සුමලුත් මා මෙන්ම කළු පැහැ අයෙකි.

  සියළු  අංගෝපාන්ග ගැන සලකා බැලු විට සුමල් සමන්තට වඩා සමීපත්වයක් දැක්වුයේ මාගේ පෙනුමටයි.

ඒ  බව  පසු කලෙක අලදෙණියේ කථිකාචාර්ය වරයෙක්  වූ පසු මාගේ  දෙපාර්තමේන්තු මහාචාර්ය වරිය  මට නිතර නිතර මතක් කර දුන්නාය.

සුමල්  වාට්ටුවට ඇවිදන් එද්දී කිසිම ලෙඩෙක් දෙස කෙලින් බැලුවේ නැත .  

මා ලඟට එන තෙක්ම පහත් කරගෙන පැමිණි හිස එසවුනේ  ෂන්  විසින් මගේ රෝග විස්තරය ඔහු හට ඉදිරිපත් කරන විටයි.

බොහෝ ලාන්කික   කායික රෝග විශේෂ  වෙදදුරන් මෙන්  වචනයක් දෙකක්  කතා කල ඔහු මා සිටි තැනින් ඉවත් විය.

ඒ එසේ වුවද ඔහු සහ ඔහුගේ ගෝලයා වූ "ෂන්"  විසින් මරණ මංචකය දෙසට යමින් සිටි මා  ගොඩ දැමු බව මෙහි සඳහන්  කරන්නේ හද පිරී ස්තුතිය සමගයි.

අවසාන  ඇගයීමේදී    ඒ දෙදෙනා වෙත මා යොමුකරන්නට  තරම්  හිතක් පහලවූ  මගේ අය්යා  සමන්ත  මාගේ ප්‍රධාන ගැලවුම් කාරයා  ලෙස  සඳහන් කරන්නට කැමැත්තෙමි.   

25 comments:

  1. හම්මේ ඇති යන්තං ඒක ඉවර කරලා , මං හිතුවේ කොටස් දෙකක්වත් ලියවෙයි කියල මේ ගැන

    ReplyDelete
  2. ලියන්න නම් තිබ්බා .. ඉක්මනින් ලියලා දැම්මා අදින්නේ නැතිව..

    ReplyDelete
  3. සුමල් වාට්ටුවට ඇවිදන් එද්දී කිසිම ලෙඩෙක් දෙස කෙලින් බැලුවේ නැත . මා ලඟට එන තෙක්ම පහත් කරගෙන පැමිණි හිස එසවුනේ ෂන් විසින් මගේ රෝග විස්තරය ඔහු හට ඉදිරිපත් කරන විටයි. බොහෝ ලාන්කික කායික රෝග විශේෂ වෙදදුරන් මෙන් වචනයක් දෙකක් කතා කල ඔහු මා සිටි තැනින් ඉවත් විය.////// : This is due to lack of communication skills. In North America communication skills are essential component to the doctors.

    ReplyDelete
    Replies
    1. Thanks Trans .. Yes it is true not only North America it is the same in the country we currently practice.. if you lack communication skills your clinical skills are next to nothing...patient satisfaction is what that drives clinicians future that is one of the main problem most of our SL doctors have..

      Delete
  4. මේක විතරක් කියෝල බෑ. අනිත් ටිකත් කියෝල එන්නං.

    ReplyDelete
    Replies
    1. බෑ. බෑ.. අඩුම ගානේ සංක්‍රාන්ති සමයේ කෑලි ටික කියවලා එන්න..

      Delete
  5. දිගටම ලියන්න.

    ReplyDelete
  6. මට නම් මේ අලදෙණිය, අරලගංවිල නම් භාවිතය විකාරයක් විදියටයි දැනෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් එහෙමයි

      Delete
    2. Mata me katha wala ena anek charitha walin ambabanka kanna kiyalada kiyanne ? Nam gam gana wadiya hithanne nathiwa kathawa raswiddinna balanna

      Delete
  7. /* පොඩි බණ්ඩා පසු කාලීනව (1989/90) භීෂණ සමයේ අවසාන භාගයේදී අවාසනාවන්ත ලෙස අපගෙන් සමුගත් බව අය්යාගෙන් දැන ගත්තෙමි. */

    යන්තමින් හෝ වුනත් මේ කියන පොඩි බණ්ඩා ගැන සඳහන් වුණු දෙවෙනි බ්ලොග් ලිපිය මේකයි. මුල් ලිපිය ලිව්වේ සා රස නමින් ලියන කුමාර කළුආරච්චිය.

    මෙන්න පොඩි බණ්ඩා ගැන රිවිර පුවත්පතට ධර්මන් වික්‍රමරත්න ලියූ ලිපිය.
    http://www.rivira.lk/epaper/sunday/2015/10/18/files/assets/basic-html/index.html#36

    ReplyDelete
  8. මටත් අහම්බෙන් වගේ මුල් බ්ලොග් පොස්ට් එක කියවන්න ලැබුනා. හරියට දුක හිතුනා පොඩි බණ්ඩා වගේ හොඳ මනුස්සයෙක් ( අප දැන සිටි පොඩි බණ්ඩා ) ගැන කෙනෙකුට මෙවැන්නක් ලිව්වහැකිද කියලා..
    ධර්මින් ගේ ලිපියේ මැද තියෙන ෆොටෝ එක ගත්තු කාලේ වගේ තමයි පොඩි බණ්ඩා අපිට මුණ ගැහෙන්නේ.. ඒ පින්තුරේ ඉන්න කුමුදු, නිවුන්හැල්ල වැනි අය දැන් සුමල් කරුණානායක වගේ පශ්චාත් උපාධි කරපු වෙදැදුරන්.
    ඒ අය ගේ වර්තමානයේ සිට පොඩි බණ්ඩා කල පරිත්‍යාගය ගැන හිතන්න බැරි ලියුම් කරුවෙකුගෙන් සමාජයට ඇති වැඩක් නෑ.. අපේ රටේ වර්තමානය සටහන් වෙන්නෙත් .. බොහෝ විට අනාගතය තීරණය වෙන්නෙත් මෙවැනි පාට කණ්ණාඩි දමා / තමාට කැමති කෝණයෙන් මිනිසුන් දෙස බලන ජනතාවගෙන් වීම රටේ අවාසනාවකි.

    ReplyDelete
  9. කවිඳුගේ බ්ලොග් එකේ පොස්ට් එකකට එකක් සම්භන්ධ නිසා මුල ඉඳන් කියවගෙන එන්න හිතාගෙන හැමදාමත් පොස්ට් නොකියවා අතාරිනවා.. එත් තාමත් මම ඉන්නේ මුල් හරියේ.. ඉක්මනට කියවගෙන එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. මම වැඩේ ටිකක් පහසු කරන්න ලේබල් දාන්න හදන්නේ..

      Delete
    2. මම එක රෑයක් කියෙව්වා,දැන්නං ඉවරයි

      Delete
    3. මම එක රෑයක් කියෙව්වා,දැන්නං ඉවරයි

      Delete
    4. අන්න එහෙමයි අපේ හොඳ රසිකයෝ කරන්නේ.. නැද්ද අටං....?

      Delete
  10. පුදුමාකාර අත්දැකීමක්...

    ReplyDelete
    Replies
    1. පුදුමාකාර දත් අහනවා.. ඒක නෙවෙයි අපේ පැත්තේ ආවට ස්තුතියි..

      Delete
  11. හැමෝටම මේ වගේ හොද මිනිස්සු ඇසුරු කරන්න ලැබෙන්නේ නෑ.. ඒ අතින් කවිදුවා වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. එහෙම නේන්නම්... නැත්නම් කොහොමද කවිඳු වා මෙච්චර හොඳ හාදයෙක් වෙන්නේ?..

      Delete
  12. මට දැන් අග මුල මතක නැහැ...
    පෝස්ට් එකක් දෙකක් මග අරුනද මන්දා...

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් ලොකු පුතා. අපි කලින් මුණ ගැහිලා නෑ මයේ හිතේ??... සන්ක්රන්ති සමයේ පොස්ට් ටික කියවන්න් වෙනවා.

      Delete