Follow by Email

Friday, 26 February 2016

ටෙලි නාට්‍ය රැල්ල



මම අප කුඩා කල අපේ නිවස සිහි කරන්නෙමි.

කන්තෝරුවේ කුරුටු ගා ගෙදර එන තාත්තා එන තෙක් උණු උණු තේ එකක් හදා ගෙන සිටින්නි අපේ අම්මාය.

"අද හරි මහන්සියි විමලෝ.. " කියමින් තම කන්තෝරු මල්ල මේසය උඩට විසි කරන ඔහු ඇඳේ හෝ හාන්සි පුටුවේ වැඩිවෙයි.

ඒ   මල්දෙණියේ කන්ද නැගීමෙන් ඇතිවූ විඩාව නිවා ගන්නට අම්ම හැදු  තේ කෝප්පයත් තොල ගාමිනි.

 ඒ  අතර අම්මා ඔහුගේ සපත්තු සහ මේස් ගලවා දමයි.

ඒ එක්දාස් නමසිය බර ගණන් වල ශ්‍රී ලාංකික ගෘහනියයි.

අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.  අද රැකියාවක් නොකරන ගෘහනියන් විරල වීම එක හේතුවකි.

එමෙන්ම මේ වෙනසට බලපාන තවත් හේතු වකි.  අද අපි ඒ ගැන සොයා බලමු.

ඉස්සර මෙන් වැඩ ඇරී නිවසට එන සැමියා සහ  හවස පාසැල් පංති අවසන් කර නිවසට එන දුවා දරුවන් පිළිගන්නේ ආදරණිය මව විසින් නොවේ.

ඒ වෙනුවට විඩාබර ඔවුන්ගේ නෙත ගැටෙන්නේ ඇය හරහා ඔවුන් වෙත  බලා  සිටින රුපවාහිනී තිරය විසිනි.

ආදරණිය මව ඔවුනට පිටුපා සමහරවිට හඬමින් එසේත් නැතිනම් තිරයේ දිස්වන ඕලාකර විගඩම් වලට සිනහ වෙමින් ඉන්නා ගමන්ය.

ඇයගේ  අවධානය  වෙනතකට ගැනීමට නම් සෑහෙන වෙහෙසක් දැරිය යුතුය .

 හේතුව මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ඇති පැතිරෙමින් පවතින වසංගතයකි.

එහි ආදීනව කෙසේද යත් හවස හය හතේ සිට රෑ නමය දහය වනතෙක් ගේ දොර හොරු ගෙන ගියත් නොදන්නා තරමට නිවැසියන්  රූපවාහිනියට ඇලි ගැලී සිටිති.

අද ශ්‍රී ලංකා සමාජයට පිළිලයක් වී ඇති නොනවතින රැල්ල "රුපවාහිනී  නාට්‍ය  හෙවත් ටෙලි නාට්‍ය " අද දවසේ මාතෘකාවයි.


මා දුටු ශ්‍රී ලංකික ටෙලි නාට්‍ය



මම නැවතත් 1989-90 කාලයට පියමන් කරන්නෙමි . ඒ දිනවල අපේ ගෙවල් වල තිබුණේ කළු සුදු  රුපවාහිනියකි. 

නිවසට විදුලිය නොතිබුන නිසා එය ක්‍රියාත්මක කෙරුනේ කාර් බැටරියක  ආධාරයෙනි.   

සමන්ත තමාගේ පළමු තක්කාලි කොටුවෙන් ලැබුණු ආදායම යොදවා ගෙනා  ටීවී  එක  සහ සුදු පාට කාර් බැටරියක්  අපේ ටෙලි නාට්‍ය බැලීමට උපකාරී විය.

එමෙන්ම කාගෙන් හෝ ලැබුණු තඩි කළු කාර් බැටරියක්ද අපේ ගෙදර තිබුනා මතකය.

මේ බැටරි දෙක මාරුවෙන් මාරුවට  චාජ්  කිරීමෙන්  රුපවාහිනිය පැන් ගැන්වූයෙමු. 

අපි බැටරි චාජ්  කිරීමට රැගෙන යන්නේ උඩහ තේ වත්තේ ලැයිමකටයි.  

අනිවාර්යෙන් සිකුරාදා හවස් වන විට එක බැටරියක් හොඳ තත්වයේ තබා ගැනීමට අම්මා වග බලා ගත්තාය. 

"ඒයි චුටි පුතා ලයිමට ගිහිල්ලා මේ බැටරිය චාජ් කරන වරෙන් "  අම්මා මට පවසයි . 

මා නොමැති වෙලාවක මේ රාජකාරිය පැවරෙන්නේ අපේ අක්කාටය. 

හතරට නැමූ තුවායක් කරේ දමා ඒ මත බැටරිය තබා ගන්නා මම ලැයිමට ගාටන්නේ  මා නොබලන එහෙත් ගෙදර අනෙක් හැමෝම තලු මර මරා බලන ටෙලි නාට්‍යක් වෙනුවෙනි.

ඒ සෝමවීර සේනානායකගේ තිර රචනයෙන් සහ නාලන් මෙන්ඩිස් ගේ නිෂ්පාදන දායකත්වයෙන් අප නිවසට වැඩි "දු දරුවෝ " ටෙලි නාට්‍යයි.





දුදරුවෝ 

(ලියන්නේ : සෝමවීර  සේනානායක  , නිෂ්පාදනය : නාලන් මෙන්ඩිස් )





අද මෙන් දිනපතා නොව එකල ටෙලි නාට්‍ය තිබුණේ සෙනසුරාදා සහ ඉරිදා පමණි.   

සෙනසුරාදා රාත්‍රී ආහාරයෙන් පසු අම්මා , තාත්තා , අක්කා, නංගිලා ඇතුළු සැවොම  දුදරුවෝ බලන්නට සාලයට එති.
උසස් පෙළ විභාගයට පාඩම් කරමින් සිටි මම  "ඔය ටීවී එකේ සද්දේ අඩු කරපල්ලා " කියමින් කෑ ගසන්නෙමි.

ඒ ඉස්සරහ කාමරයේ ඇති මගේ ඇඳට වී පොතක්  බලනා අතරයි. සම්පත්, සුදු මාමා මෙන්ම දීප්ති වැනි චරිත  සංවාදයේ යෙදෙනු මට ඇසේ.



මම නැවතත් අම්මලාට බණිමින් කොට්ටයකින් ඔළුව වහ ගන්නෙමි.  

එහෙත්  දුදරුවන්ගේ හැල හැප්පීම් වල විස්තර මගේ  කණටත් වැටෙන්නේ  මගේ කාමරයත් සාලයේ ඇති ටීවී එකත් අතර මහා දුරක් නැති හෙයිනි.

කල්ගත වත්ම  අපේ කට්ටියට විරෝධයක් වශයෙන් සාලයට නොගියද දු දරුවෝ කථාවට සවන් යොමන්නට පුරුදු වුයෙමි.

එහි මගේ සිත් ගත්  චරිතය වුයේ  සුදු සීයා ගේ  චරිතයයි. හෙන්රි  ජයසේනයන් විසින් පනපෙවු එහි මගේ අනාගතයටත්   කිසියම් සබඳතාවයක් ඇතැයි එදා මට සිතුනේ නැත.




ඒ දිනවල දුදරුවෝ බැලුවේ අපේ ගෙදර පමණක් නොවේ. 

සඳතැන්න පාසැල ඇරී නිවසට එන ගමනේදී පසුගිය  සතියේ කොටස විශ්ලේෂණය කිරීම  අපේ විමලා අක්කා නොවැරදීම කල දෙයකි.

තාත්තා  සහ මා අතර ඇතිවූ සමහ මත ගැටුම් ගැන ඇසු ඈ . "ඔයත් හරියට සම්පත් වගේ "  යැයි දුදරුවෝ ආශ්‍රයෙන් අපේ ගැටුම පැහැදිලි කළාය.

දඬුබස්නාමානය

මගේ මතකයේ රැඳුනු දෙවැනි ටෙලි නාට්‍ය එන්නේ 1990 ගණන් වල මැද හරියේ දිය. එවකට මම වෙද සිසුවෙක්  ලෙස තුම්මෝදර  නේවාසිකාගාරයේ  වාසය කලෙමි.

ජයන්ත චන්ද්‍රසිරි  ගේ නිර්මයක් වූ එයද ශ්‍රී ලංකා ජාතික රුපවාහිනියේ විකාශය වුවකි.

එකල බදදා හවස හත හමාර වන විට  හොස්ටල් එකේ එහා පැත්තේ බුලතා ගේ  කාමරයෙන් ඇසෙන ගී හඬකි.

"රකිනා දෙවි සිත වග වැලහින්නේ .. " යනුවෙන් ඇරඹෙන එයාට  දෙවැනි පදය එකතු වන්නේ යට තට්ටුවේ සිටි අජිත්  අය්යලාගෙනි

"අඩෝ  බොග දම දමාම ඉන්නේ නැතිව වරෙව්...  ඒයි මුණා, ලලිතා , සංජේ වරෙල්ලා  දඬුබස්නාමානය   බලන්න "

බුලත් තෙමේ නැවතත්  හඬ අවදි කරයි.    අපි හැමෝම  ටීවී කාමරයට දිව එන්නේ  ඉස්සරහම  පුටුවක් අල්ලා ගන්නටය.

බුලත් ,අජිත් අය්යා වැනි අය  රුපවාහිනිය අසලම  බිම වාඩිවෙති . ප්‍රමාද වී පැමිණෙන සේමා වැනි අය දොරෙන් එළියේ සිට  දඬුබස්නාමානය බැලුහ.





ශ්‍රී ලංකාවට අවේනික සටන් කලාවක් වූ අංගම් පොර  සහ සටන් කලාව  එකම නෑදෑ පරපුරක් තුල තබා ගැනීමට දැරූ අසාර්ථක උත්සහයක් පිලිබඳ ඒ කතාවේ තිබු බව මට මතකය. 

25 comments:

  1. තාම හිත අස්සේ තියෙන සුන්දර මතකයන්

    ReplyDelete
    Replies
    1. එහෙනම්.. එහෙනම්.. දැනට මේ රටට වෙලා ගෙදර උන්දා බලන ටෙලි ගැන ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්.

      Delete
  2. යශෝරාවය, රේඛා, දිමුතු මුතු...අමතක උනෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මට මතකයි මගේ අඹ යාලුවා චමින්ද මගේ ෆේවරිට් පොතේ ලියනවා මෙහෙම... කැමතිම ටෙලිනාට්‍ය: දිමුතුමුතු.. කැමතිම ටෙලිනලුවා : ශ්‍රියන්ත මෙන්ඩිස්.. මම දිමුතුමුතු දැකලා නෑ. එතකොට අපට ටි. වී එකක් තිබ්බේ නෑ මන්හිතන්නේ..යශෝරාවය මතකයි..

      Delete
  3. ඇත්තටම ඒ අංගම්පොරද

    ReplyDelete
    Replies
    1. හරියටම පැහැදිලි නෑ..

      Delete
    2. දඬුබස්නාමානය ගැන වෙන්න ඕනෙ.කොහොම හරි ඒකෙන් ගොඩ ගියා අර නළු බට්ට.පොර ජෙට් කොන් ඩෝ ක්ලාස් දාගෙන රට පුරා හොඳ ගතමන්ට් එකක් කඩා ගත්තා.උගෙ නම මතක නෑ.(ගුටි කාල මැරුණු චරිතෙ කරපු එකා.)

      Delete
    3. සේනක විජේසිංහ ....ඔහොම තමයි ලෝකේ හැටි.. ඕනෑම හොඳ දෙයක් විකුණගෙන කාලා..ගොඩ යන්න අය ඉන්නවා...

      Delete
    4. හැබැයි.. මනුස්සයා තමයි ඔය සටන් ක්‍රමේ නාට්‍යට කරලා දුන්නේ කියලා කතාවක් තිබුනා ඒ දවස් වල.. අපි කොහොමහරි ආකර්ෂණය වුණේ බුද්ධදාස විතානච්චිගේ චරිතයට...

      Delete
  4. ගස්ලබ්බගෙ මව් ගුරුවෘත්තියේ..මේ එයා කියපු සත්ත කතාවක්.
    ඔන්න දවසක් අම්ම කෙනෙක් තුනවසරෙ ළමයෙකුත් ඇදගෙන ඇවිත් නඩුවක් කියනවා.
    ළමයා අම්මට පොල් පිත්තකින් ගහලා.
    ළමයගෙන් ඇයි කියල අහපුවාම..
    'මේකි මට කන්න දෙන්නෙ නෑ..ටීවීයෙකේ නාට්ටි බල බල පස්සෙ පස්සෙ කියනවා.. රෑ වෙලා මට නින්ද ගියාම කාපං කියල ගහනවා... එදා මට ගහන්න කලිං මම ගැහුවා' කියලා.. ඔන්න තත්තෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔය වගේ දේවල් වෙන්න බැරිකමක් නෑ.. තත්වය ඒ තරම් දරුණුයිලු

      Delete
  5. රූපවාහිනිය ආව මුල්ම කාලයේ විකාශන කටයුතු තිබුනේ සවස 5 - 6 පමණ සිට රාත්‍රී 11 - 12 පමණ වනතුරු. සමහර ගෙවල්වල හැන්දෑ කළුවරට ලයිට් එකක් දානවා වගේ රූපවාහිනී විකාශනය පටන්ගන්න කලින් අර screen testing colour pattern එක (http://image.shutterstock.com/z/stock-photo-tv-color-test-pattern-test-card-for-pal-and-ntsc-93214642.jpg) දාලා තියන වෙලාවේම ටීවී එක දානවා. නැවත නිවන්නේ, වැඩසටහන් ඉවරවෙලා, ජාතික ගීයත් කියලා, ආපහු අර කලර් පැටන් එක තිරයට වැටුනට පස්සේ.

    ReplyDelete
    Replies
    1. හැක්... අපේ ගෙදරත් ඒ දවස්වල තිබුණෙ ඔය තත්වෙ තමයි. ඒක දැනගෙනමද මන්ද ඒ කලර් පැටන් එක දානකොට ඉස්සෙල්ල තිබ්බ කූ.... ගාන ටෝන් එක වෙනුවට මියුසික් දාන්න පටං ගත්තෙ.

      Delete
    2. ස්තුතියි විචාරක සහ Praසන්ன..
      ඔව්.. ඔව් . ඒ කාලේ එහෙම එකක් තිබුනා තමයි.. හොඳම සීන් එක තියෙන්නේ අපේ බැටරිය බහින වෙලාවට රුපවාහිනී තිරයේ කොටුව පුංචි වේවි පුංචි වේවි ගිහිල්ලා සුදු පාට උලක් වගේ වෙලා නැතිවෙලා යනවා...

      Delete
  6. ඒ කාල ටෙලිනාට්‍ය තිබ්බෙ සතියටම එකක් දෙකක් නිසා ගෙදර හැමෝටම කරදරයක් නැතුව ආසාවෙන් ඒක බලන්න පුලුවන් උනා. ඒකට දැන් තියෙන තත්වෙ ගැනනං කතා කරල වැඩක් නෑ.

    ReplyDelete
  7. හරියට හරි Praසන්ன.. දැන් දිනපතා ටෙලි නිසා සහ හැම චැනල් එකේම ටෙලි නාට්‍ය නිසා ගමේ ගොඩේ බවලතුන් ඔක්කොම ටෙලි වරුෂාවෙන් නැහැවිලා ගිහිල්ලා ඔහේ විතරක් නෙවෙයි දැන් වසංගතය කරදිය වලලල්ලෙන් මෙහාටත් ඇවිල්ලා... මගේ ඊළඟ පොස්ට් එක කියවන්න..මෙහෙ විස්තරේ දැන ගන්න..

    ReplyDelete
  8. අපේ ගමෙන් ඒ කලේ මුලින්ම ලයිට් ගත්තේ අපේ ගෙදරට.. ඒ ගමන්ම අයියා ගේ කරදරේ ඉවසන්න බැරුව කළු සුදු TV එකකුත් ගේනවා.. TV එක ගෙන්න කලින් අපේ ගමේ ළදරු පාසලේ පොදු TV එකක් තිබ්බ.. ඕක බලන්න අපි යනවා. රෑ හතට ගියා නියම ඉංග්‍රීසි කතා සෙට් එකක්.. සඳුදට Battle star Galactica, අඟහරුවාදාට Blake Seven, බ්‍රහස්පතින්දට Bigfoot and white boy.. අනිත් දවස් වල ගිය ඒවා මතක නෑ.. TV ගත්තට පස්සේ තමයි පලවෙනි නාට්‍යය දිමුතු මුතු ගියේ. ඊට පස්සේ ගිය රසවත්ම නාට්‍යයක් තමයි පලිඟු මැණිකේ.. තව ළාහිරු දහසක්.. යශෝරාවය.. එතකොට Monkey, Knight Rider, land of the Giants, street hawk වගේ කතා.. ලස්සන ළමා කතාවක් ගියා little house on the prairie කියල.. රෑට ගියා වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා The A Team, V වගේ කතා.. මාසෙකට සැරයක් EAP එදිරිසිංහ සමුහ ව්‍යාපාර අනුබද්ධ ආයතනය ස්වර්ණමහල් අනුග්‍රහයෙන් යනවා සිංහල ෆිල්ම් එකක්.. :) දූ දරුවෝ තමයි මන් හිතන්නේ අන්තිමට වගේ ආසාවෙන් බලපු කතාව.. 90 දශකය වෙනකොට ටික ටික රූපවාහිනියෙන් ඇත උනා ක්‍රිකට් මැච් නැති වෙලාවලට..

    හම්මේ මතක ගොඩයි..

    ReplyDelete
  9. අලුත් පියාණන් මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා... ඒ කාලේ එහෙම තමයි. ලා හිරු දහසක් මටත් මතක නාට්‍යක්...ඉස්සර අපේ ගමේ tv තිබුණ ගෙවල් දෙකකින් එකකට මම යනවා ක්‍රිකට් බලන්න.. ඒ එක මැච් එකක් බලන්න මම ගියා කිරිඔරුවේ "අලේ මුත්තලා " ගෙදරට . මුත්තා මාත් එක්ක තරඟය බලන් ඉද්දි කෝසල කුරුප්පුආරච්චි කියලා කොහොන්දෝ ඇවිත් පලවෙනි මැච් එක සෙල්ලම් කරපු එකෙක් විකට් 5 ක් ගත්තා. අලේ මුත්තා මෙහෙම කියනවා ( අලේ කියලා නම තියල තියෙන්නේ අල ගෙඩියක් තිබ්බා වගේ එක තැනට වෙලා නිකන්ම ඉන්න නිසා)

    "මම හරි ආදරෙයි මේ කෝසල කුරුප්පුආරච්චි ළමයට.. බලන්නකෝ සෙල්ලම් කරන අපුරුව "

    ReplyDelete
  10. පහුවෙලා තමයි අද එන්න උනේ...
    පෝස්ට් එකක් දාලා ඩිලීඩ් කලාද නැත්නම් මට පෙන්නන් නේ නැද්ද..

    ReplyDelete
  11. ස්තුතියි.. පොඩි එකක් දාලා අයින් කරා.

    ReplyDelete
  12. ස්තුතියි.. පොඩි එකක් දාලා අයින් කරා.

    ReplyDelete
  13. ඔන්න කවිඳුගේ සම්පූර්ණ බ්ලොග් එකම කියවගෙන ආව.. දැන් තියෙන්නේ ඉස්සරහට එන පොස්ට් එකින් එක කියවන්න විතරයි..

    අපි ඉස්සර සතියකට සැරයක් යන නාට්ටිය බලන්න සතියක් බලන් හිටියේ කලින් සතියේ සහ මුළු නාට්ටියේම සංක්ෂිප්තය මතකයේ ගබඩා කරගෙන. එත් අද වෙද්දී නාට්ටි දවසගානේ ගියත් නාට්ටිය ඉවර වෙලා මාසයක් දෙකක් යද්දී මුළු නාට්ටියම අමතකයි. ඉස්සර සතියකට වතාවක් තිබ්බ ඒ ටෙලිනාට්‍ය වලින් මිනිස්සුන්ට ලැබුණු වින්දනය අද දවසගානේ පෙන්වන නාට්‍යවලින් මිනිස්සුන්ට ලැබෙන්නේ නැතිබව දැන දැනත් මිනිස්සුන්ගේ රසවින්දනය උගසට ගතපු මාද්‍ය ආයතන මිනිස්සුන්ට බලෙන් වෙළඳ දැන්වීම් පෙන්වමින් කූඨ විදිහට මුදල් උපයමින් ඉන්නවා කියලයි මට දැනෙන්නෙ..

    ReplyDelete
  14. නියමයි. දැන් කතාවේ චරිත ගැන හොඳ අවබෝධයක් ඇති. දැන් කාලේ හැමදෙයක්ම වගේ ටෙලි නටය්ත් කුරුවල් වෙලා. ඔයා කියන ඩේ හරි.. ඒක නෙවෙයි මම අර තක්කාලි ඇඹුල හදන හැටි මුහුණු පොතෙන් පණිවිඩයක් ලෙස දෙන්නම්..

    ReplyDelete
  15. එකක්වත් බලල නැහැ. හරිම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. මම හරි ආසවෙන් බැලුව එකක් තමයි දඬුබස්නාමානය

      Delete