Follow by Email

Thursday, 10 March 2016

සොඳුරු මිනිසාණෙනි... ඔබට සුභ ගමන්...





ඒ එකදහස්  නමසිය අසුව වසරයි.  බණ්ඩාරවෙල කිරිඔරුව විද්‍යාලයේ සිට නගරයේ පිහිටි කනිෂ්ට දිවිතියික විද්‍යාලයට අප පැමිණෙන්නේ   නමසිය අසුවේදීය.



හතරේ පන්තියට පැමිණි අපට හමුවූ කුඩා හිතවතුන් රාශියකි . ඉන් වැඩි දෙනෙක් මා මෙන් දඟලන නලියන කුලකයට අයත් අය වුහ.



හතරේ මානෙල් පංතියට ඇතුළු වූ මා සමග හිතවත් වුයේ  දඟයින් පමනක්ම නොවේ.



වැඩි කලබලයක් නැති නිහඬ චරිත කිහිපයක්ම  අපේ හිතවතුන් අතර සිටි බව මතකය.



එවන් එක් චරිතයක් වුයේ  රුවන් ලකේෂ් ආටිගල හෙවත් අපේ ආටියායි .



ආටිගල  මා මුලින්ම දුටු දිනය මට තවමත් මතකය.



අප මෙන්ම කාල වර්ණ දේහයකට හිමිකම් කී ආටි  මුනින්ම  දුටු දිනයේ මා සිත ඇඳුනේ  අඹ යහළුවෝ ටෙලි නාට්‍ය යේ සුනිල්  අප්පෝ ගේ වැනි පෙනුමකි.

මනාව මැද තිබු සුදු කමිසයත් , නිල් කලිසමත් දණහිස ලඟට වනතෙක් දැමු කළු මේස් දෙකත්  කළු සපත්තු දෙකකුත් පැළඳ  රවුම් තොප්පියක් පැළඳ ආටි පාසලට පැමිණ සිටියේය.

අතේ තිබුණේ නිල් පැහැති කොටු කොටු සුට් කේස් එකකි.



"හලෝ මචං කොහොමද ? ... හලෝ කිටී  කොහොමද? "



වැනි යෙදුමකට වඩා ලොකු දෙයක් ආටි අතින් කියවුනේ කලාතුරකිනි.



හතරේ පන්තියේදී මෙසේ අපට හමු වූ ආටි 1986 දී අපත් සමගම බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයට පැමිණියේය.



අනතුරුව  අවස්ථා කිහිපයකදීම ආටි අපත් සමග එකම අනු කොටසක " ඒ , බී , සි  ආදී "  සිටියා මතකය.

ඒ හැම පන්තියකම ඔහු අප හා එකටම සිටියේ වුවද  ආටි ගේ නම  මේ වන තෙක් මගේ එකම බ්ලොග් පොස්ට් එකකට වත් පැමිණියේ  නැත .

එයට ප්‍රධානම හේතුව ආටි ගේ තිබු අසාමාන්‍ය නිශ්ශබ්ද්ධ  ජීවන රටාවයි.



ඔහු අපේ කතාවල එන අනෙක් චරිත මෙන්  ( ජාලිය වැනි ) අණ්ඩපාල  වැඩ කල අයෙකු නොවීය.

ආටි අපේ ගැට්ටා , වන්නි වැනි  ගැහැණු ළමයින්ටත් වඩා   තැන්පත් මුළු ගැන්වුණු චරිතයක්ද නොවිය.

ආටි කිසිම දඟ වැඩක නොයෙදුණු නිස්ෂබ්ධ චරිතයක් වීම ඔහු මගේ අණ්ඩපාල වැඩ වල කොටසක්  නොවීමට එකම හේතුවයි.

රුවන් ලකේෂ් ආටිගල හෙවත් අපේ ආටියා



රුවන් ආටිගල එකල බණ්ඩාරවෙල මහා මාර්ගයේ වැඩ කල ප්‍රධාන ඉංජිනේරුවරයාගේ එකම පුත්‍රයා විය.

හතර දෙනෙකුගෙන් යුත් එම පවුලේ  ඔහුට වැඩිමල් සොයුරියන් දෙදෙනෙක් සහ බාල සොයුරියක් වුවාය.

පවුලේ එකම පිරිමි  දරුවා වූ ආටි ඒ සියළු ගැහැණු දරුවන්ටත් වඩා නිශ් ශබ්ධ චරිතයක් විය.



අප කවුරුත් දන්නා පරිදි ආටිගේ වැඩිමහල් සොයුරිය    ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිතයකි.



එහෙත් ආටි පාසලේදී හෝ විශ්ව විද්‍යාලයේදී හෝ කිසිම දේශපාලන ක්‍රියාවකට සම්බන්ධ වූ බවක් මා අසා නැත.



ආටිගේ වැඩිමහල් සොයුරිය    තම ජිවිතයම අනුන්ගේ යහපත උදෙසා කැප කළ කාන්තාවකි .



ඒ පිඩිත ජනතාව වෙනුවෙන් කැපවෙමින්  ඇය විශ්වාස කාරනා හැටියට ඒ සඳහා ඇති හොඳම මාර්ගය තෝරා ගනිමිනි.



1989 -1990 ගණන් වල ඇය  දේශපාලන යේ යෙදුනේදැයි මා දැන සිටියේ නැත.



එහෙත් ඒ කාලයේ අපත් සමග එකටම සිටි සගයෙකු වූ ආටි තම "නිශ්ශබ්ද  මානව හිතවාදය " දිගටම පවත්වා ගත්තා මිස   කිසිදු දේශපාලන ක්‍රියාවලියක නිරත් වුයේ නැත.



ආටිගේ උසස්පෙළ පන්තිසගයින් වූ  හඳපානාගල ජයරත්න   , සුගත් වැන්න වුන්   එකල පාසැල්  දේශපාලන ගමන් මගේ ප්‍රධාන කොටස් කාරයෝ වුවද  ආටි ඒ කිසිවකට සම්බන්ධ වුයේ නැත.



පසු කාලිනව අපත් සමගම එකටම විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වූ ආටි අපේ ඉංග්‍රීසි අද්යාපනයේ පොරෝගමියා වූ "ආබ්‍රෙව්  සර්ගේ "  සුවච කීකරු ගෝලයෙක්ද  විය.



පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වූ ආටි සිවිල් ඉංජිනේරුවෙක් ලෙස එයින් නික්ම ගොස්   බස්නාහිර පළාතේ සේවය කළේය.



අවාසනාවකට 1992  GELT එකෙන් පසු මට ආටි මුහුණට මුහුණ හමුවන්නට අවස්ථාවක් උදාවුයේ නැත.

අපේ නිවාස ව්‍යපෘතිය සහ රුවන් ආටිගල යලි හමුවීම.



පසුගිය වසරේ මැද භාගයේදී  අපේ තාත්තගේ මැදිහත් වීමෙන් කළු සහ ප්‍රියන්ත යුවලට නිවසක් තැනීමේ වැඩ ආරම්භ කළෙමු. 



ඒ සඳහා ආධාර කරුවන් සොයා යද්දී  ආටිගේ ලොකු අක්කා අහම්බෙන් මෙන් මට හමු වුවාය. 

මගේ හිතවතෙකුගේ බිරිඳගේ මිතුරියක් ලෙස මට ඈ හඳුනා ගන්න ලැබිණි. 

"ඩොක්ටර් ....මගේ යාළුවෙක් ඉන්නවා මෙල්බන් .....එයා ඔයාගේ නිවාස වැඩේට උදව් කරන්න කැමතියි කිව්වා "



"එයත් බණ්ඩාරවෙල එක්කෙනෙක්  දැන් පාවිච්චි කරන්නේ වෙන වාසගමක් හැබැයි ඉස්සර එයා ආටිගල කෙනෙක්ලු "
අපේ හිතවතිය මා සමග පැවසුවාය. 

"හා ඇත්තද ? හරි හොඳයිනේ  .. එයාට මගේ බැංකු අකවුන්ට් එක දෙන්න .. මට එයාගේ මොබයිල් නම්බර් එක අරන් දෙන්න ස්තුති කරන්නත් එක්ක "



මා  නව දානපතිනියගේ දුරකථන අංකය ඉල්ලා ගත්තෙමි.



ලැබුණු වහාම ඇය හා කතා කල පසු ඇය රුවන් ආටිගලගේ ලොකු අක්කා බවත්.  ඇය හරහා රුවන් ආටිගල වත් මට සම්බන්ධ විය. 



ඉන් අනතරුව ආටිත් මමත් නිතරම මුහුණු පොතේ හමුවුයෙමු. ඒ හරහා ආටි තුලවූ සොඳුරුතම මිනිසා මා හා බෙහෙවින්ම සමීප විය.



" මචං .. අර ගෙදරට  ජනෙල් ග්‍රිල් නැතුව කරදරයක් වෙලා .. හැකි ඉක්මනින් ග්‍රිල් ගහන්න ඕනා "

මුහුණු පොත් මිතුරන් සිය ගණනකට ඇවිටිලි කාරනා අතර දිනක් ආටි සමග මගේ අපහසුව පැවසුයෙමි.



" උඹට කීයක්ද ඕනා ? මට අකවුන්ට් එක දියන් "  අනෙක් පසින් පණිවිඩයක් ලැබිණි.



" උදව් කරන උඹලාගෙන්ම හැමදාම ඉල්ලන්න මොකක්ද වගේ බං.. ඒ අයට තව විසි දාහක් වත් ඕනේ.. "

ගත වුයේ පැය කිහිපයකි.   



ආටියා අපේ නිවාස ලාභියාගේ ගේ  ගිණුමට මුදල් බැර කල බවට මුහුණු පොතෙන් පණිවිඩයක්  එවා තිබේ.

මා ඉහතින් කීවා මෙන් ආටිගල හරි නිහඬ චරිතයකි.  





එහෙත්  දුප්පතෙකුගේ දුක කියූ කිසිදු අවස්ථාවක ඔහු නිහඬ වුයේ නැත. 



ජීවිතේට අසා නැති , දැකනැති නන්නාඳුනනා මිනිසුන් වෙනුවෙන් උණුවන හදවතක් ලැබීමට තරම් අපේ ආටියා වාසනාවන්ත විය.



එහෙත් අවුරුදු හතලිස් පහක් වැනි කෙටිකාලයකින්   ආටිගල නම් මේ සොඳුරු මිනිසා අපගෙන්  වෙන් කීරීමට තරම් දයිවය අපට අකාරුණික විය.



අනුන් වෙනුවෙන් කැපවුණු සොඳුරු සිතක්  ඇත්තෙකු අකාලයේ අපට අහිමි වීමට තරම් අප අවාසනා වන්ත වීමු.




දයාබර  ආටි ... උඹට නිවන් සුව.... සසර මග කෙදිනක දී හෝ අපි නැවත හමුවේවි !!!!

ප. ලි. :
අද උදේ වැඩට යන ගමන් වාහනයේ ගිය ජෝතිපාලගේ  සිංදුවක්  මගේ හිතේ තිබුණු දුකම කිව්වා වගේ හිතුනා .

මෙන්න ඒ සිංදුව.






26 comments:

  1. ඔහුට නිවන් සුව පතමි

    ReplyDelete
  2. ආටි..ඔබට නිවන් සුව..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලක්සිරි. උඹ හෝඩියේ පංතියේ ඉඳලම ආටිත් එක්ක හිටපු එකෙක් නේ.. ටික කාලයක් ආටිගේ අසල්වැසියා වෙලත් හිටියා කියලා කිව්වා මතකයි.

      Delete
  3. ඔබට නිවන් සුව..

    ReplyDelete
  4. එයාට යන්ඩ උනේ ඇයි , මක්වෙලාද

    ReplyDelete
    Replies
    1. ආටි ලියුකිමියාව හැදුනා. ලෙඩේ හඳුනාගෙන සති දෙකක් වත් නෑ එයා කැන්සර් හොස්පිටල් එකේ ඉද්දි නැතිවුනා.

      Delete
  5. ඔහුට නිවන් සුව පතමි !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன

      Delete
  6. I only knew him since he was admitted two weeks ago. But you made him a close friend of mine within that little period. This news shocked me. Good bye my friend.

    ReplyDelete
    Replies
    1. thanks k. mi. yes it is hard not to be friends with him even within a day ....

      Delete
  7. මට ආටිව හම්බවුනේ ධම්මික සර්ගේ ස්ට්‍රක්චරල් ඩිසයින් ක්ලාස් එකේදී, ලොකු මිත්‍ර කමක් නොතිබුනත් එකම ගම පළාතේ නිසා අනික් යට වඩා හිතවත් වුනා , එත් ඉවර වෙලා යද්දී ගුඩ් නයිට් මචං කියනවට වැඩි දෙයක් කතා කරලා තිබ්බේ නෑ.

    එත් ඊයේ පෙරේදා දවසක ධම්මික සර් කතා කරලා අර ළමයා නැති වෙලා කියලා කියනකොට හිතට අකුණක් වැදුනා වගේ දැනුනා .

    සුබ ගමන් ආටියෝ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉවාන්.. ආටි හරිම නිහඩ චරිතයක්.. අපි හතරේ පන්තියේ ඉඳන් උසස් පෙළ දක්වාම ආටි ලඟින් ආශ්‍රය කළා. මම මෙහි සඳහන් කල පරිදිම ආටියි මමයි ඉතා සමීප ඇසුරකට වැටුනා පහුගිය අවුරුද්දක කාලය ඇතුලත. හැබැයි අන්තරජාලය හරහා..

      Delete
  8. සුබ ගමන්, R I P .

    ReplyDelete
  9. කණගාටුයි....... ඔහුට සුභ ගමන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු..

      Delete
  10. ඔබගේ සොඳුරු මිත්‍රයාට නිවන්සුව ලැබේවා..හොඳ මිනිස්සුන්ට වැඩි ආයුෂ නැහැල්ලු..

    ReplyDelete
  11. ස්තුතියි..."හොඳ මිනිස්සුන්ට වැඩි ආයුෂ නැහැල්ලු.." මේ කතාව කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිත හදා ගන්නේ .. මගේ "ඇතිමලේ බාප්පා " කියෙව්වද ? මේ කතාව ඇත්තක් බව ඒකෙත් කියවෙනවා.

    ReplyDelete
  12. යන දවස ආවාම යන්න වෙනවා. හොඳ නරක කතාවක් නෑ.

    ඉන්න ටික දවසේ ජොලියෙන් ඉම්මු. අනුන්ට උදව් කරමින් හෝ අඩුවශයෙන් කරදරයක් නොවී හෝ හැකිතාක් දුරට.

    ReplyDelete
    Replies
    1. උපන්නොත් මැරේමයි. වලක්වන්න නම් බැහැ..
      තනියෙන් උපන්නේ - තනියෙන් මැරෙන්නේ....

      Delete
  13. ආටිට සුභ ගමන්. මට පමාවුණා පොස්ටුවක් දන්න්න වත් එන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත්...

      Delete
  14. Harima kanagaatudayakayi...eth gena yaamata boho pin ras kala kenek... ohuta niwan suwa prarthana karanawa..

    ReplyDelete
  15. ස්තුතියි ඉන්දු.. ආටිගේ මේ ගතිගුණ නිසාම එයා දන්නා ,නොදන්නා හැමෝම එයාගේ දරු දෙදෙනාට උදව් කරන්න ඉදිරියට එනවා..

    ReplyDelete