Follow by Email

Thursday, 24 March 2016

අප්පච්චි නෑති උන නිසා මට ආයෙත් ඉස්කොලේ යන්න බෑරි වෙයිද අම්මේ





මේ  පින්තූරේ  තියෙන්නේ  එකල  ගුරුවරයෙක්  වූ  අපේ තාත්තා  මා අවුරුදු පහක හයක  කුඩා ළමයෙක් කාලයේ  පාවිච්චි කල  වාහනයට සමාන එකක් .



ඒ කාලේ  අපට තිබුණේ  EN  -8958  අංක දරණ මෙවැනිම  A-30  වර්ගයේ  කාර් එකක් .  මේ වන විට අපේ අප්පච්චි පාසැල් ගුරුවරයෙක් වගේම ඉඩම් හිමි වැවිලි කරුවෙක්.

අපේ අම්මා ඒ කාලේ  තරුණ ගුරුවරියක්.

තාත්තා මෙන් නොව ඇය ඒ වන විට ගුරු වුර්තියට අළුතින් එකතු වූ කෙනෙක්

මාව  මිට අවුරුදු තිස් පහක් -හතලිහක් වැනි අතීතයකට ගෙන යන්නට සමත්වූයේ  මෑතකදී සිදු වූ අවාසනාවන්ත මරණයක්.

ඒ අපේ හිතවත් විශ්ව විද්‍යාල මිතුරෙකු වූ රුවන් ආටිගලගේ හදිසි අභාවයයි.

ආටිගේ  හදිසි අභාවයෙන් පසු  මාත් කොළඹ සිටි අපේ අනෙක් මිතුරනුත්  දින කිහිපයක්ම ඔහුගේ ගොඩගම පිහිටි නිවසට ගොඩවුනා.

එහිදී ආටිගේ  එකොළොස් වියැති පුතාත්  නව හැවිරිදි දියණියත් දකින වාරයක් පාසා මගේ හිත අතීතයට ඇදී ගියා.

එසේ එහි ගොස් සිටි එක් දිනක මගේ කණ වැකුණු සාකච්චාවක්  මගේ සිත පසාරු කරමින් එහි පතුලටම කිඳා බැස්සා.

ආටිගේ  එකොළොස් හැවිරිදි පුතා  ( පවුලේ වැඩිමලා) ඔහුගේ අම්මා සමග කල කතාබහකුයි ඒ .

"අම්මේ .. ඇයි අම්මා අඬන්නේ ?  "

"අප්පච්චි  නැති වුන එක හරි පාඩුවක් නේද  ? "

"අපි හැමදාම උදේට ඉස්කෝලේ අරන් යන්නේ අප්පච්චි නේ... දැන්  කැබ් එක එලවන්න කෙනෙක් නැතිවෙයි නේද..?"

" ඒ කියන්නේ  අප්පච්චි  නැති වුන නිසා මට ඉස්කෝලේ  යන්නත් බැරිවෙයිද දන්නේ නෑ...?"

මේ වෙලාවේ මගේ සිත වේගයෙන් අවුරුදු හතළිහක් පිටුපසට ගමන් කලා.



අපේ අම්මාගේ   හදිසි අභාවය



රුවන් ආටිගල ගොදුරු වූ රෝගයටම  (ලියුකීමියාව) ගොදුරු වූ අපේ අදාරණිය අම්මා අප හැර යනවිට මගේ වයස යන්තම් අවුරුදු හයක් වුනා විතරයි.

ඒ වෙනකොට මට  රුවන්ගේ පුතාට තරම් තේරුමක්  තිබුණේ නෑ.  අපේ අක්කලා පුංචි අම්මලා හඬන විටත් මම මිදුලේ සෙල්ලම් කරමින් සිටියා මතකයි.

හරියට ආටිගලගේ පුංචි දුව වගේ.

මිදුල පුරා කල ගොක්කොළ සැරසිළි, සුදු කොඩි , "අනිච්චාවත සංඛාරා " කියලා පොල්ගෙඩි අකුරින් ලියපු බැනර්   ..

මේ හැම දෙයක්ම මට හොඳින් මතක තියෙනවා.

අම්මාගේ මිනිය සොහොනට ගෙනියන්න ඔසවද්දී  අපේ පුංචි  අම්මලා ඉකි ගහ ගහ හඬපු හැටිත් මගේ හිතේ තවමත් රැඳිලා තියෙනවා.

ඒ  වන විට කුඩා දරුවෙකු වූ මට අම්මාගේ මරණයේ ඇති බරපතලකම  හරිහැටි වැටහුණේ නැත.

මා සිතුවේ අම්මා කිසියම් දිනෙක නැවත ගෙදර පැමිණෙනු ඇති බවයි.

ඒ යලි කිසිදිනෙක නොඑනා ගමනක් ගිය බව මගේ පුංචි සිතට වැටහුනේම නැති ගානය.

මගේ අක්කලා දෙන්නත් මට බාල නංගිත් තනිකර අපේ අම්මා ගිය මේ ගමනේ බරක් පතලක් මට තෙරුනේම  නැහැ.

ඒ කාලේ අපටත් ආටිගේ දරුවන්ට මෙන් හොඳ නිවසක්,  පාසැල් යන්න වාහනයක්  ආදිය තිබුනා.  

එපමණක් නොව වතුපිටිවලින් හොඳ අදායමකුත් අපේ තාත්තට තිබුණ කාලයක් ඒ .  

අද ආටිගේ ළමයින් ගැන අප සමහරක් සිතනවා මෙන් ගමේ අනෙක් අය අප ගැන සිතන්නට ඇති.

"ළමයින්ගේ තාත්තා හොඳ රස්සාවක් කරන  කෙනෙක් .. සැහෙන්න ඉතුරු කරලා ඇති.. ගේ දොර යාන වාහනත් තියෙනවනේ ?"

"අම්මා නැති වුනාට පොඩි උන්ට හොඳ කලක් යයි.  ඉස්කෝලේ මහත්තයා ළමයි හතරදෙනා හොඳට හදා ගනියි ."


සියල්ල වෙනස් වන සුළුයි 



අම්මා ජීවත්ව සිටියදී උපරිම සැප සම්පත් විඳි අපේ නරක කාලය උදා වෙන්න පටන් ගත්තේ ඇගේ අකල් මරණයෙන් අවුරුදු දෙකක් යන්නත් පෙරාතුවයි.

තාත්තගේ වතු පිටි වලින් ලැබුණු ආදායම එන්න එන්නම අඩු වුණා.

මට දැන් හිතෙනවා  ගේ දොර වතුපිටි පාලනය සකසුරුවමින් කල අපේ අම්මා නැතිවිමම  මෙයට හේතු වන්නට ඇති කියලා.

අම්මාගේ සහයෝගය නැතිව අපේ තාත්තට එවා තනියම කර ගන්න බැරිවෙන්න ඇති. 

ඉස්කෝලේ ගුරු කමෙන් ලැබුණු ආදායම වාහන නඩත්තු කරන්න තරම් ප්‍රමාණවත් නැති නිසාදෝ අපේ කාර් එකත් විකුණා දමන්න  තාත්තා තීරණය කළා.

අවුරුදු හතක-අටක ළමයෙකු වූ මට මතක තිබුණේ මේ කරුණු දෙක පමණක් වුවත් මීට වඩා  ගොඩක් දේවල් ඒ  කාලේ සිදුවෙන්න ඇති.

කුඩා ළමයකු වූ මා හට ඉකමණින්  බඩගිනි වනබව ආච්චිට සහ නැන්දලාට  නොදැනුන නිසා  හෝ  එම නිවසේ සේවය කල සේවකයින් රාශියකට ත් සමග කරනා ආහාර පිළියෙළ කිරීම ටිකක් කල් ගතවන වැඩක් නිසා හෝ  මට කෑම ලැබීම පරක්කු වුනා.

මේ දවල් ආහාරය ලැබෙන්නට පරක්කු වීම මට ටිකක් ඉවසන්නට අපහසු දෙයක් වුනා.

ඒ කාලේ අපි හිටියේ තාත්තලා මහගෙදර.  

ආච්චි  හෝ නැන්දලා කෑම  හදා දෙන තෙක් දැනුණු තද කුසගින්න මට නිතර නිතර මගේ ආදරණිය අම්මා සිහිකර දෙන හේතුවක් වුනා.

ආච්චිලා ගෙදර කෑම ලැබෙන්න පරක්කු වෙන බව දැනුන විගස මම අසළ ඇති නෑදෑ  ගෙදරකට දිව යනවා.

ඒ  අම්මාගේ පැත්තෙන්  නැද කමට අම්මාගේ බාප්පා වන මුත්තා කෙනෙකුගේ ගෙදර.  එයා ඒ දවස් වල නිතර නිතර ගමන් බිමන් යන්නට අපේ කාර් එක අරගෙන යනවා.

ඔහු ඒ වෙනුවෙන් කවදාවත් තාත්තට හයර් එකකට කියා මුදල් ගෙවන්නේ නැහැ.

ඒ මුත්තා ටිකක් සැරපරුෂ  කෙනෙක් වුනාට මට කොහොමත් කාරුණිකයි.

අපේ අම්මා ආටිගල වගේම  ලියුකිමියාව හැදී අසාධ්‍යව රෝහල් ගතවී සිටි කාලයේ මම ඒ මුත්තලා ගෙදර නතර වී සිටියා මතකයි.

වෙලාවකට  ඒ මුත්තා " අර පොඩි එකා කාලා නෑ නේද ? බත් ටිකක් දීපන් ඒ ළමයට " යැයි පුංචි අම්මාට  කියනු ඇසුනු අවස්ථා තිබුනා.
මම ඒ විදිහට  කී වතාවක්  කෑම  කා තිබේදැයි  හරියටම නිච්චියක්  නැහැ.  එත් එක දවසක් ඒ පුංචි අම්මා

"මෙයා හැමදාම  මෙහෙ එනවනේ  කෑම හොයාගෙන "  කියලා කියනවා ඇහුණා.

ඒ වෙනකොට මම ඉස්කෝලේ යන ළමයෙක් නෙවෙයි.

ඒත්  මම පුංචි කමට එදා ඉගෙන ගත්තු දෙයක් තමයි මගේ  පුද්ගලික ප්‍රශ්න වලට අනෙක් අයට කරදර කරන්න හොඳ නැහැ කියන එක.

එදායින් පසු කිසිම දවසක මම  කොච්චර බඩගිනි වුනත් කිසි කෙනෙකුට ඒ  ගැන  කරදර කලේ නැහැ.

ඒත් ඉතින් බඩගිනි හැදුනු අවස්ථා  නම් එමටයි.

//ඉර  පායා  ඉර මුදුනට  එන්ට එපා

සඳ පායා  සඳ මුදුනට  එන්ට එපා

පෑදී දියට බොර දිය එක් වන්ට එපා

අම්මා නැති අපට බඩගිනි වන්ට එපා //



අපේ අක්කලා  නංගිලා  ඒ කාලේ  දවස ගත කලේ කොහොමදැයි  මට මතක  නැහැ.


දෙමව්පියන්ගේ  නෑ හිත මිතුරන් කොපමණ කාරුණික වුණත්,  තවත් කෙනෙකුට සැලකීමේ හැකියාව ඒ උදවියට තිබුනත් නැතත්   තවත් දුකට පත් කෙනෙකුට  අත්වැලක් වන සමාජ පසුබිමක්  අද වගේම එදා තිබුනෙත්  නෑ...


මෙසේ කාලය ගත වෙද්දී පුංචි අපේ වගකීම ගන්න ඉතිරි වුණේ තාත්තත්  ඔහුගේ  පියා ( අපේ මුත්තා ) ත් පමණයි.


මට ආටිගේ  දරුවන් ගැන සියුම් බියක් දෑනෙන්නේ  මේ කාරණාව නිසයි.




ඒ කාලේ අම්මා නැති අපේ රෙදි සෝදන්න කරදර බව බාප්පලා  සහ නැන්දලා තාත්තට නිතර කියනවා.

අපේ රෙදි සියල්ල එකතු කරගෙන "ඩෝබිට" ගෙනිච්ච හැටිත් තාත්තා සමග  ඩෝබි මාමලා ගෙදරට ගොස් සේදු රෙදි රැගෙන එන හැටිත් මට අද වගේ මතකයි.

තවත් අවුරුදු දෙකක් ගෙවී යද්දී  (මට යන්තම් අවුරුදු අටක් වෙද්දී ) තාත්තා අපිට දෙවැනි  අම්මා කෙනෙක් රැගෙන ආවා.

අසරණ අපට මවක් වන්නෙමියි සිතා පැමිණි මේ දෙවැනි අම්මාට පෘතග්ජන , කුහක ලෝකයේ එසේ විම ලෙහෙසි පහසු දෙයක්  නොවන බව අප කාටත් කෙටි කලකින්ම තේරම් ගියා.

මේ බව අපි කාට කාටත් කෙටි කලකින්ම වැටහුනත්  නැවත හැරෙන්න හෝ ගොඩ යන්න බැරි සංකීර්ණ  තැනක අපි කවුරුත් හිරවෙලා ඉන්න බව  පමණක් අපි හොමෝම තේරුම් ගත්තා.


කෙටි කලකින් අපේ පවුලට ආදරණිය පොඩි මල්ලී පැමිණීම   හැරෙන්නට  සහ අපි තවත් අසරණ වීම හැරෙන්නට විශේයයෙන් කිවයුතු වෙන යමක් ඒ කාලේ සිදුවුයේ නැහැ.
.
මේ සිදුවීම්  සමග තාත්තගේ ජීවිතය තව තවත් සකිර්ණ වුවා මිසක ඔහුට කිසි පහසුවක් වුණේ  නෑ.

අපේ පවට තවත් කොටස් කාරයින් දෙදෙනෙක් එකතු වීම හැර මේ  කාල වකවානුවේදී  කියන්න තරම් වැදගත් යමක් සිදුවුනේ නැහැ.

ඒත් මම අදටත් ඒ අම්මාට සලකන්නේ මගේ අම්මා හැටියට .

මල්ලී මගේම මල්ලී කෙනෙක් ලෙස අදටත් මගෙන් උදව් උපකාර ලබනවා.

ළඟ එන සිංහල අවුරුද්දේදී  මම අම්මා කියලා තෑගි බෝග අරන් යන්නේ මේ දෙවැනි අම්මාටයි.

අම්මේ  කියා කකුල් දෙක අල්ලා දණගසා වඳින්නේ මේ අම්මාටමයි.


දෙවැනි අම්මා එයාගේ අලුත් ලෝකයේ අප මෙන්ම අසරණ වීමත්  මුත්තලා ට  අපට සරණ වීමට ශක්තියක් නැති වීමත්  සමගම   මම ගෙදරට නොවැදඅපේ ගත් කෙනෙක් බවට පත්වුණා.

ගෙදර ඉඳලා පාසැලට තිබුණ කිලෝමීටර් හතරක දුර  බෝඩිමක ඉඳන් යන්නට සිදුවන්නේ ඒ අනුවයි.

හැම සෙනසුරාදාවකම  සහ ඉරිදා උදය වරුවකම  තාත්තා එනතෙක් බෝඩිමට වී පාර බලන් සිටිය හැටි...

අනෙක් යාලුවන්ගේ ගෙවල් වලින් ගෙනෙන කෑම වලින් මට ලැබෙන කොටස රස බලන නමුත්  රහසින් අම්මා සිහි කල හැටි...


මගේ හිතේ මැවෙන්නේ බොඳවුණු සිහිනයක් වගේ.

හැම සෙනසුරාදාවකම  සහ ඉරිදා උදය වරුවකම මග බලාගෙන  සිටියත්  යහළුවන් බලන්නට  එන අනික් අය අපේ තාත්තා යැයි මුලින් සිතා පසුව අපේක්ෂා බංගත්වයට පත්වී ඇඬුවත්

අපේ තාත්තා මා බලන්නට ආවේ සති දෙකකට හෝ තුනකට වතාවක් පමණයි.

එත් හැම සති අන්තයේම එන අනෙක් යහළුවන්ගේ දෙමව්පියන් දුටු විට මට එය දරා ගන්නට අපහසු වුණා.

මගේ දුක නිතර ම කඳුළු බවට හැරුනේ  ඒ නිසා වෙන්න ඇති. 


අග හිඟකම් තවත් වැඩිවෙයි 


මෙසේ නිවස අසලම බෝඩිමකට වී පාසැල් ගිය අපට තවත් කරදර ඇති වන්නට ගත වුයේ ඉතා සුළු කාලයකි.

අප සිටි බෝඩිමෙන් මෙන්ම එතෙක් ඉතා සතුටින් ගිය පාසැලෙන් ද අපව අස්කර ගන්නට තාත්තා තීරණය කරලා.

හේතුව  ඒ වනවිට ඇතිවී තිබු මුල්‍යමය අපහසුතාවයයි. 

මුදල් අගහිඟකම් තම දරුවන් පිටින් යවනවා හැරෙන්නට වෙන විකල්පයක් ඔහුට තිබෙන්නෙට නැතුව ඇති.

අප නැවතත් තාත්තලා මහගෙදරට ගෙන එන්නේ ඒ නිසා විය යුතුය.

අනතුරුව එළඹී දුෂ්කර සමය  ......

අප සියළු දෙනාට නිතර නිතර පාසැල් මාරු කරන්නත්  නවාතැන් මාරු කරන්නත් හේතු වූ කාලයක්  විය.

එමෙන්ම බෝඩිමක මෙන් නොව මුදල් නොගෙවා නතර වී සිටි  නිවෙස් වල නොයෙක් බැල මෙහෙවරකම් කරන්නටද අපට සිදුවිය.

මිදුල අතුගෑම, වතුර ඇදීම, වලං සේදීම වැනි ගේ දොර වැඩ කර දීමෙන් නොනැවතී නිවැසියන් කිසියම් කරුණකට කෝප වූ විට ඔවුන්ගේ බැනුම් දෝෂාරෝපණ  වලට භාජනය වන්නටද අපට සිදු විය.

ඒ සියල්ල විඳ දරා ගනිමින් පාසැල් යන්නට මට බල කරන්නට ඇත්තේ අකාලයේ අපෙන් වෙන්වූ ආදරණිය අම්මාගේ නොනිමි සෙනෙහස වෙන්නට ඇති.

අප සිටි සමහර නිවෙස් වල අය මට සැලකුවේ ළමා සේවකයෙක් ගානට .  

කුසපිරවෙන්න කෑම ලැබුණත් හිත හැම වෙලේම තිබුණේ "අපේ අම්මා නැති වූ නිසා නේද මේ " කියනා දුක්බර සිතිවිල්ලෙන් පිරිලා.

 මේ වනවිට  ප්‍රාථමික පංති නිමකර සිටි මා පංතියේ හිටපු දක්ෂම ළමයින් දෙදෙනාගෙන් එක්කෙනක් .

මේ කාලයේ  අනෙක් ළමයින් කික්ස්, අඩිඩාස්  ආදී සපත්තු පැළඳ පාසැල් එද්දී මම ගියේ ඉලාස්ටෝ  සෙරෙප්පු දෙකක් දාගෙන.

අග හිඟ කම් අධිකම  කාල වලදී මම ඇඳගෙන ගියේ අණ්ඩ දැමු ඉස්ත්රික් නොකළ කමිස  , ඉරුණු ඇඳුම් ආදිය.

ඒ කාලේ මගේ අක්කලා සහ නංගිලා  කොහොම ඉස්කෝලේ ගියාද කියලා ඇත්තටම මට මතක නැහැ.

වෙලාවට අසලම තිබු අනෙක් පාසලේ විදුහල්පතිවරයා මෙන්  ඇඳුම් පැළඳුම් ගැන හොයන්න අපේ විදුහල්පතිතුමා පෙළඹුනේ නැහැ.

මෙලෙස දුෂ්කර ලෙස පාසැල් යන්නත්   හවස අමතර පංතිවලට යද්දී දවාලට වතුර  පමණක්  ආහාරය ලෙස ගන්නත් මට සිදුවුණා. 

මිය යන විට අපේ අම්මා ගුරුවරියක් වුවත් ඇයගේ සේවා කාලය කෙටි නිසා ඇයට විශ්‍රාම වැටුපක් හිමි වුයේ නැහැ.

ඒ නිසා කුඩා අපට ඇයගේ මරණින් පසු කිසිවක් හිමිවුයේ නැහැ.

අපේ දෙමව්පියන්ගේ නෑදෑයින් එතරම් පොහොසත් අය නෙවෙයි. ඔවුන් අපේ තාත්තටත් වඩා අසරණ නිසා ඒ කිසිවෙකුට අපි හතර දෙනාට උදව් කරන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ.

 අග හිඟකම් මැද පාසැල් ගිය අප අතරින් වඩාත්ම අපහසුවට පත්වුණේ අපේ නංගි.

අපට වඩා ඉහළ පාසලකට ගිය ඇය අනෙක් ළමයින්ගේ සරදමට ලක්වූ වාර අනන්තයි.



ආටිගේ දරුවන් සහ අපි

පුතේ.. මේ අංකල් ගේ කතාව ඉතාම කෙටියෙන්.. 

අද මම ඔබේ පියා වැනිම ඉහළ තලයේ රැකියාවක් ලබන්නටත් , ඔහු මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නටත්  හේතුව වුයේ සියළු භාදක මැද මා ලබා ගත් අධ්‍යාපනයයි.

මගේ සොහොයුරියන්  මා මෙන් විශ්ව විද්‍යාලයට යන්නට වාසනාවන්ත වුයේ නැහැ.  

මගේ සොහොයුරියන් ලැබූ දුක් වේදනා ඔබ හෝ ඔබේ නැගණිය ලබනවාට මම කැමති නැහැ.

ඔවුන්ට එසේ දුක් වේදනා ලැබීමට සිදුවුයේ අපේ තාත්තා කරගත් දෙවැනි විවාහය නිසයි.

ඒ නිසාමයි   ඔබේ මව දෙවැනි විවාහයක් කර නොගනියි කියා අස්වැසිල්ලක් ලබන්නට මා  සිත පෙළැම්බෙන්නේ.

  

පුතේ .... ඔබ සහ ඔබේ නැගණිය වෙනුවෙන් ලංකා බැංකුවේ ටිකිරි ගිණුම් දෙකක් ආරම්භ කරන්නට  අප්පච්චිගේ යාළුවන් පෙරමුණ ගත් බව ආරංචි වුණා.

ඔබේ අප්පච්චිට ආදරේ කරන ඔහුගේ අසීමිත මනුස්සකමට ගරු කරන මිනිසුන් ඔබ දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කල මේ ගිණුමට දායක වෙයි කියල මං හිතනවා. 

ඒ මුදල් ඔබේ අධ්‍යාපනයට සහ  ස්වස්ථතතාව වෙනුවෙන් පමණක්ම යොදා ගැනීමට තීරණය කල නිසා එය ඔබේ අනාගතයට පිටිවහලක් වේවි.

ආටිගල අපට කියා දුන් නිහතමානීකම, පරිත්‍යාගශීලීත්වය , මානව දයාව  වැනි උතුම් මානුෂිය ගුණාංග ඔහුගේ අකල් මරණයත් සමග අවසන් වන එකක් නැහැ..


මම ඔබේ පියාට ආදරය කරන මිතුරෙක්.....




(මේ කතාව මට කිව්වේ ආටිගේත් මගෙත් මිතුරෙක් වන කමල් නාමරත්න විසින් ... ඔහුත් අපි වගේම  ආටිගේ ගුණවත් කමට ගරුකරන ආටිගේ සහෝදර ඉංජිනේරුවෙක් !!!)




ඔබ දෙදෙනාගේ  ගිණුම් අංකත්   මෙහි සඳහන් කරන්න තීරණය කළා.


1. පුතා ගේ ගිණුම් විස්තර ..


Account name: V. S. Atigala
Account number: 78944864
Bank: Bank of Ceylon  Bambalapitiya Branch 

2. දුවගේ ගිණුම් විස්තර ..


Account name: T. T. Atigala
Account number: 78944837
Bank: Bank of Ceylon  Bambalapitiya Branch 


3. ඔබ දෙදෙනාගේ සහයට ඕස්ට්‍රේලියාවේ  ඉන්නා අයට  මුදල් තැන්පත් කිරීම සඳහාම විවුර්ත කල  ගිණුම  ( මෙය ඔබේ ලොකු නැන්දා වන චමින්ද්‍රා ආටිගල/කොඩිතුවක්කු නමින් මේ කාරණය වෙනුවෙන්ම පටන් ගත් ගිණුමක්)


Account name: Chamindra Kodithuwakku 
BSB: 083168
Account number: 139865877
Bank: National Australia Bank (NAB)  Broad Meadows Branch 






62 comments:

  1. පෝස්ට් එක සහ ඔබ කරන්නට උත්සාහ කරන සත්කාරය අගය කරමි. සුළුවෙන් හෝ උදව්වක් කරන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්... මේ කතාව සත්‍ය කථාවක්... ඇත්තටම මේක මගේ සහ රුවන් ආටිගලගේ හිතවතෙකුගේ කතාව.. ඔහු තම ජිවිත කතාව ආටිගේ දරුවන් වෙනුවෙන් කියන්න ඕනේ කියලා ලියල එව්වා .. සංස්කරණය මගෙන්.. අපේ මිතුරා සහ මම කතාවුන හැටියටම රුපියල් දාහක් දැම්මත් පනස් දාහක් දැම්මත් අරමුණ එකම නිසා ඉතා ආදරයෙන් භාර ගන්නවා.. ප්‍රමාණයට වඩා අපි අගය කරන්නේ සිතිවිල්ලයි...

      Delete
  2. සුරතල් වියේ මවකගේ ආදරය නොලැබී යාම නම්, අපා දුකක්. ඔබේ ජීවිත කතාව හද පතුලටම කිඳා බැස්සා.....ඔබට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.. ඒක වැඩිපුරම තේරෙන්නේ එහෙම දෙයකට මුහුණ දුන් අයටයි. ආටිගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරවීමේ පරමාර්ථයෙන් කියූ සත්‍ය කතාවක් මෙය.. මෙහි සංස්කාරක මම වුනාට කතාව මගේ හිතවතෙක් ගේ ජිවිත කතාව...ඇත්තටම මේක සැහෙන්න සංවේදී කතාවක්.

      Delete
  3. උත්සාහය අගේ කල යුතුයි. මව අහිමි වූ දරුවන්ගේ කතාව , ඉඩම් අස්වද්දපු කවිඳුගේ කතාව හෙම නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොටියා බබා.. ඔව් අපේ ඉඩම් අස්වද්දපු අම්මා දැන් විශ්‍රාම සුවයෙන් අපේ ගමේ ඉන්නවා.... අපේ අම්මා මේ අම්මා වගේම වටිනා අම්මා කෙනෙක්.. මව අහිමි වූ දරුවන්ගේ කතාව අපේ හිතවතෙක් ගේ ජීවිත කතාව... සංස්කාරක මම..

      Delete
  4. හරිම දුක්බර කතාවක්.
    ඔබ අර දරුවන් වෙනුවෙන් ගන්නා උත්සාහය අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன මේ පැත්තේ ආවට .. අපි වාගේම ආටිගේ විශ්ව විද්‍යාල මිතුරනුත් මේ වෙනුවෙන් මහන්සි වෙනවා .. එයාලා තමයි ලංකාවේ ටිකිරි ගිණුම් විවුර්ත කලේ..

      Delete
  5. ඒ දරුවෝ වාසනාවන්තයි , මොකවත්ම නැති දරුවෝ කොච්චර ඉන්නවද තාත්තා අහිමි උන

    ReplyDelete
    Replies
    1. ඒ කතාවත් ඇත්ත තමයි.. තාත්තා අහිමිවිමම "වාසනාවන්ත " නොවෙන්න හේතුවක් නේ..

      Delete
  6. ටිකක් දුක හිතෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි...

      Delete
  7. 'මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී
    බිතු සිතුවම් රූ මෙන් පිටු නොපා යෙතී'
    කියලා කව්දෝ කියල තිබුනත්... මේ ඝණකම් හැඟීම්බර ක්‍රියාව දෑස් තෙත්කරන සුළුයි.මිනිසුනි,ඔබට ආචාර වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අපේ හිතවතා ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වේවා !!!

      Delete
  8. ආටිගල කල්‍යාන මිත්‍රයින් ලබන්න පින් කරපු පුද්ගලයෙක්..මේ ගතවෙන කාලයේ කල්යානමිත්‍ර සම්පත්තිය බොහොම විරලයි.. පුලුවන් වෙලාවට දරුවන්ගේ ගිණුම් වලට සහයෝගයක් දෙන්නම්..

    ReplyDelete
    Replies
    1. 1.බොහොම ස්තුත්යි අම්බලන්ගොඩ .... ඔබේ සහයෝගය අගය කරමි. සහය දුන් වෙලාවට අපට පණිවිඩයක් දෙන්න .. අපේ තවත් මිත්‍රයින් දෙදනෙක් ලංකාවේ සිට නිතර ලංකා බැංකුවට යමින් මේ ගිණුම් දෙක ගැන සොයා බලනවා.. උදව් කරන අය කරන්නේ සම සම ප්‍රමාණ වලින් ගිණුම් දෙකටම මුදල් යොදන එකයි...
      2. ආටිගලත් කොහොමත් පාසලේදී හමුවූ එවැනි විරල කල්‍යාන මිත්‍රයෙක් තමයි..දැන් දැන් මට බ්ලොග් අවකාශයේත් එවැනි මිතුරන් හමුවෙන්න පටන් අරන්

      Delete
  9. අපේ ඔස්ට්‍රලියාවේ ගිණුමට මුල්ම මුදල් බැර කිරීම ලැබී තිබුනා අද. . පරිත්‍යාගය කලේ අපේ පාසැල් හිතවතෙක් වූ ලලිත ගුණරත්න විසින්... ලලිතටත් පවුලේ සැමටත් අපේ ස්තුතිය...

    ReplyDelete
  10. ලංකාවේ ගිණුම් දෙකට කෙලින්ම මුදල් තැන්පත් කර තිබුනා අපේ තවත් හිතවතෙක් වූ චමින්ද කුරුප්පු විසින්. කුරුප්පු අපි ඔබේ පරිතයගශිලිත්වය අගය කරමු.

    ReplyDelete
  11. ඔබේ ලේඛන කුසලතාව මගින් මේ පුවත සිත කකියවන සුළු කතාවක් වුනා කවිඳු. මේ දරුවන්ට හැකිතාක් කිඩිනමින් සහාය ලැබිය යුතුව තියනවා. එත් මා තවම සිටින්නේ අතපය බැඳ දෑමුව ආකාරයකින්. හැකිවුන විගස මෙවැනි අයට සුළු වෙන් හෝ සහාය වන්නට සනිටුහන් කර ගනිමි.මේ කොමන්ටුව sugv.wordpress එවන්නෙත් අනුන්ගෙ එකවුන්ට් එකකින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මම දැක්කා ඔබේ අකවුන්ට් ඇබද්දිය ගැන ලියවිලා තිබුණා කලාහිතේ... හිමිහිට උදව්වක් කරමු.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. වැන් එක ලඟට උදේට ළමයි එක්කන් ගියේ ආටි කියලා තමයි චමින්ද්‍රා අක්කා (ආටිගේ අක්කා ) කිව්වේ. අනිත් ටිකත් එඩිට් කරන්නම්. මේ දවස් වල මුහුණු පොතෙන් ඉවත් වෙලා ඉන්නේ අපේ පොරොන්දු කාරයෝ උනන්දු වෙනවා අඩු නිසා.

    ReplyDelete
  15. සංවේදී කතාවක්. ඇසට කදුළු නැගෙනවා.ඔබේ උත්සාහය අගය කරනවා. ඒ වගේම ඒ උත්සාහය මල්පල ගැන්වේවායි පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. බලමු ටිකෙන් ටික උදව් ලැබෙනවා..

      Delete
  16. according to Vijitha Disawe Sons account reach Rs 52k and Doughte's acount Rs 47K. Our friends Chaminda Kuruppu, Laltha Gunarathna, Survey Sarath Kulathilake, Darmasiri, M A C H Bandara informed to Vijitha that their contribution to that. However Rs 12k (6K) for each account deposited. But no information about the contribution.
    How ever WE REACH TO RS 100K.

    ReplyDelete
    Replies
    1. If the last contributor ( Rs 6000 each ) is anyone known to us or one who read this blog post please inform one of us ( My self /via face book ) vijitha or idunil... I understand this amount is without Lalith's and Kuruppu's contributions ? as they are deposited to Chamindra akka's Australia account ?

      Delete
  17. Our Friend Prof Harin Somaratne also informed that He would do some thing for that kids

    ReplyDelete
    Replies
    1. Good on Harin!!! I passed a message to Harin via Prof Saman Halgamuge

      Delete
  18. දුක හිතෙන කතාවක්. පුලුවන් දෙයක් කරන්න බලන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ... පුලුවන් හැටියකට යමක් කරමු. ඔබ සහය දැක්වූ විට ඊ මේල් එකක් මගින් අපට දන්වන්න...

      Delete
  19. දුක හිතෙන කතාවක්. පුලුවන් දෙයක් කරන්න බලන්නම්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... චමින්ද්‍ර අක්කගේ ගිණුමට තව ඩොලර් 100ක් ලැබුනා ඔස්ට්‍රලියාවේ ඉන්න අපේ හිත්වතෙකුගෙන්..ඊයේ

      Delete
  20. කිසි දෙයක් සදාකාලික නැහැ ඒක නම් දැනුනා ඇතුලටම

    ReplyDelete
    Replies
    1. සියල්ල නැසෙන සුළුයි කියන එක නිතර මෙනෙහි කරන්න වටිනා දෙයක්...

      Delete
  21. I am in tears... With your writing style you make people feel it, think about it and do something about it.. great job dr. I'll do my contribution today..

    ReplyDelete
    Replies
    1. thanks Indu .. welcome back for the blog reading... Got the contribution into Chamindara akkas account really appreciate your help on this..

      Delete
  22. Dear Kavidy
    vermy gunarathna who is Atty's class mate promised me that he will do his contribution to children account. 20k, (10k for each). and Kamani Akka said that her sister contributed 5k (2.5k for each). she said that she was in the same class from Grade 6 to Year 13. After Wijitha update the accounts I will inform you.

    ReplyDelete
  23. Thanks Indunil for updating me about this.. thanks again for Wijitha and yourself to act as our Sri Lanka connections to keep checking the progress of this effort..

    ReplyDelete
  24. Thanks Indunil for updating me about this.. thanks again for Wijitha and yourself to act as our Sri Lanka connections to keep checking the progress of this effort..

    ReplyDelete
  25. අපේ පාසැල් හිතවතා චානක ලසන්ත වීරවන්නි ( වන්නි) මේ ගිණුම් දෙකට සිය සහයෝගය පලකලා අද උදේ . වන්නිටත් ඔහුගේ පවුලටත් සුභ අලුත් අවුරුද්දක් සහ සුභ අනාගතයක් පතමි.

    ReplyDelete
  26. ආටිත් සමග හෝඩියේ පංතියේ සිටම එකට සිටි අපේ සහ ආටිගේ පාසැල් මිතුරා ලක්සිරි ජයන්ත රණසිංහ තම පාසැල් සගයා වෙනුවෙන් ඔහුගේ දැරූ දෙදෙනාගේ අනාගත අධ්‍යාපනය වෙනුවෙන් තම සහය පලකෙරුවා අද.. ලකියාටත් ස්තුතියි.

    ReplyDelete
  27. ඔබගේ ඊමේල් ලිපිනයක් ප්‍රොෆයිල් එකේ හොයාගන්න නැහැ. මට ඊමේල් එකක් එවන්න පුළුවන්ද? thisarasri@gmail.com

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර ඊ මේල් එකක් එව්වා.. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබට..

      Delete
    2. තිසර කල සහයෝගය චමින්ද්‍රා අක්කා ගේ නමින් ඇරඹු ගිණුමට වැටී ඇති බව ඇය මා සමග කිව්වා . ස්තුතියි තිසර... හොඳ මිනිසුන් මේ ලොව ඉන්නා බව අපට පෙන්වා දුන්නාට...

      Delete
  28. අපේ අරමුදල් වල නවතම තත්ත්වය... ඔස්ට්‍රේලියා වේ තිබෙන චමින්ද්‍රා අක්කගේ ගිණුමට $ 300 ක් එකතු වී තිබෙනවා අද වනවිට ( 15/04/2016) ලංකාවේ ගිණුමේ දෙකේ එකක රුපියල් 70000 බැගින් 140000ක් එකතුවී තිබෙනවා. ඉන්දුනිල් එවා ඇති ලිස්ට් එකේ මුදල් පොරුන්දු වී තවම තම කොටස දෙන්නට වෙලාවක් නොතිබූ අයත් මගේ මුහුනු පොතේ හෝ මෙම බ්ලොගයේ පොරොන්දු වී තවම සහභාගී නොවූ අයත් එකතු වුනා නම් අපට රුපියල් 500000 ක් දක්වා යා හැකියි ඉක්මනින්ම..

    ReplyDelete
  29. Thank you all for the support you have provided to our family during this difficult and sorrowful event.

    Your thoughts and contributions are greatly appreciated and we thank you all for your time and efforts.

    We apologise that we cannot thank you all individually, but we are grateful that Ruwan (malli) is blessed with such supportive friends.

    Sincerely,

    Chamindra.T.Attigala. & the Attigala family.

    ReplyDelete
    Replies
    1. Thanks Chamindra Akka,
      As I said in a different post not only Ruwan your whole family were generous when we requested help for our housing projects in Bandarawela. I sincerely hope our friends ( school,university , in face book and my blog readers) will add their contributions soon so that by the end of 3 months we reach out target for help Atti's kids future..

      Delete
  30. හොඳ අදහසක් ..ඔබේ උත්සහය මල් ඵල ගැනේවා..ඒ දෙදරුවන්ට සුබ අනාගතයක්

    ReplyDelete
  31. බොහොම ස්තුතියි.... ඔබේ පැතුමටත් ස්තුතියි.. අපේ අලුත් අවුරුදු පැතුමද එයයි...

    ReplyDelete
  32. පුළුවන් උදව්වක් කරන්නම්.. ඉලක්කයට ඉක්මනින් යන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. උදව් කරාම අපිට විස්තරේ දෙන්න kawinduj70@gamail.com එකට ඊයක් විදින්න. යහලුවන්ටත් කියන්න. බොහොම පින්

      Delete
  33. හැම අම්මා කෙනෙකුගේම කතාව මේක තමා

    ReplyDelete
  34. Hama akalaye miya yana Amma kenekugema kathawa ?

    ReplyDelete
  35. හදවතින් ඉකිබිඳින ගමන් දෙපයින් නැගී සිට උදව් කරන්න හිතා ගත්තා.. මම සල්ලි කාරයෙකු නෙවෙයි. එත් මගේ හිතේ හයියෙන් මට ඕනෙම දෙයක් කරන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. //මම සල්ලි කාරයෙකු නෙවෙයි. එත් මගේ හිතේ හයියෙන් මට ඕනෙම දෙයක් කරන්න පුළුවන්..//

      ඔබේ ඒ සිතිවිල්ල අගය කරනවා. කමිත් ඇත්තටම මේ අපි වාගේම හිතන කෙනෙක්.. ඒකයි ගොඩාක් සමීප ගතියක් දැනෙන්නේ

      Delete
  36. අද මට දැනගන්න ලැබුණා බණ්ඩාරවෙල අපි , ආටිලා එක්ක එකම ඉස්කෝලෙට ගිය තුසිත නුගගහකුඹුර මේ ව්‍යාපෘතියට තම සහයෝගය පලකල බව. තුසිතගේ පවුලේ සැමට නිදුක් නිරෝගී සුව ප්‍රත්න කරමි.

    ReplyDelete
  37. Amma nethi kala, appa kawara kala kiyala mama ahala theyenawa

    ReplyDelete
    Replies
    1. ඒක වැරදියි. අම්මා වාගේම තාත්ත ත් දරුවන්ට ආදරෙයි. ඒ උනාට තාත්තාට දරුවන් වෙනුවෙන් කැපවෙන්න ගොඩක් හුරුවෙන්න ඕනි. නමුත් අම්මා ට එදිනෙදා වැඩ කරන නිසා එයට හුරුවෙන්න ගොඩක් පහසුයි.

      Delete
  38. Owu owu wadi pura siddha wenne ehema thamyi e wuna ta okay anik paththara wuna awAsthath api dakaoa thiyenawa ....

    ReplyDelete
  39. අලුත්ම තත්වය ලංකාවේ රුපියල් 80000 බැගින් සහ ඔස්ට්‍රලියාවේ 25000 බැගින් ගිණුම් දෙකට එකතූ වී තිබෙනවා. ඔස්ට්‍ර්ලියාවේ අලුත්ම සහභාගිකයින් වන ප්‍රසන්කා සහ අජිත් විදානගම යුවල තමයි .මෙයින් වසර දෙකකට පමණ පෙර චමින්ද්‍ර අක්කා අපට හඳුන්වා දී ( කළු-ප්රිය්නත නිවාස ව්‍යාපෘතියට ) ඒ හරහා පාසැල් කාලයේන් පසු නැවත රුවන් අටිගලව අප හා සම්බන්ධ කලේ .. රුවන් එතැන් සිට අපේ වැඩ වලට දිගටම උදව් කළා. අවසාන උදව්ව ඔහුගේ අකල මරණයට සතියකට කලින්...

    ReplyDelete
  40. තව මුදල් පරිත්‍යාගයක් ලැබුනා අපේ පාසලේ අපේ පන්තියේ සිටි , වර්තමානයේ වයිදය වරයෙක් ලෙස සේවය කරන අපේ හිතවත් සාගර රත්නායකගෙන් . සාගර රුපියල් 5000 බැගින් දුවගේ සහ පුතාගේ ගිණුම් වලට මුදල් බැර කර තිබුනා. සාගරට සහ ඔහුගේ පවුලේ සැමට අපේ ස්තුතිය...

    ReplyDelete