Follow by Email

Friday, 15 April 2016

මේ ගුරු පාරේ














(ටික කලක් ලියන්න අතපසු වුණු කතාවක්)

එදා සුදර්ශියේ  විද්‍යා පංති ගිහින් එන ජයංගනී සහ ඇය කැඳවා ගෙන ගම දෙසට එන මම එක බස් එකේ ආ තවත් දවසක්.

ෆැක්ටරිය ළගින් බස් එකෙන් බැස්ස අපි මල්දෙණිය දෙසට එන ගුරු පාරේ ගමන් ගන්න පටන් ගත්තා විතරයි.

"ඒයි කවුද අද ටොෆි ගන්නේ ? " මම ජයංගනී ගෙන් ඇසුවේ අපි දෙන්නාගේ ඒ කාලේ සිරිතක් ගැනයි.

ඒ අප යන ගුරු පාර ආරම්භ  වෙන තැනම ඇති චමින්දලා කඩෙන්  (මැදපුරණේ කඩෙන් ) යමක් රැගෙන බෙදා හදා ගෙන කෑම අපේ පුරුද්දක්ව තිබුණ නිසයි.

"මගේ ළඟ නම් සල්ලි නෑ.. "

අදත් "ඩොට් ටොෆිද"  ගන්නේ ? ඔයා ඉතින් ආසම ඩොට් වලටනේ?"

ජයංගනී මට පැවසුවාය.

ඇය තම අතේ ඇති පොත් මිටිය ලයට තුරුළු කරගෙන රෝස පාට ලේන්සුවක් අනෙක් අතින් කරකවමින් සිටියි.

ඇය හැඳ සිටි ලා කහපාට  ගවුමේ පොත් මිටියට හිරවෙන හරියේ ලියා ඇති "ROCK"  නම් අකුරු ටික පොත් මිටිය අතරින් මා දෙනෙතට හසුවේ.

"මෙන්න මගේ ගානේ රුපියල් පහක් ... පියදාස මාම නේද කඩේ ඉන්නේ . ඕකෙන් ඩොට් දහයක්  අරන් එනවා කෝලම් නොකර"

මම රුපියල් පහේ කොලයක් ජයංගනී අත තැබුවෙමි.



ඒ කාලේ ඩොට් එකක් ශත විසිපහක් පමණි.  ටොෆි රැගෙන මා වෙත එකතු වූ ජයංගනී මට ටොෆි කිහිපයක් දුන්නාය .

මම එකක් කටේ දමාගෙන ඉතිරිය සාක්කුවේ දමා ගත්තෙමි.

"ඉතිරි සල්ලි..?

" ඔයා ඕක තියා ගන්න ළමයෝ ඊළඟ දවසකට මොනා හරි ගන්න "

මා අතට ඉතිරි සල්ලි දෙන්න  පොරකන ජයන්ගනිට කීවෙමි.

නැවතත් ගමන ඇරඹු අප දැන් ඉන්ජින් ඩ්‍රයිවර් ගේ  කඩේ පසු කරමින් සිටින්නෙමු.

අම්බලම දෙසට කන්ද  නගිමින් යන ජයංගනී මා හා බට්ටිච්චියක් මෙන් වල් පල් දොඩවමින් ගමන් කරයි.

" බ්‍රාස්..."

අප පසු කර මද දුරක් ගොස් නතර වුයේ නිල් පාට ඩෙලිකා එකකි.

ජයංගනී භය බිරාන්තවී මා දෙස බලනු පෙනේ.

රියදුරු අසුනට විරුද්ධ පැත්තේ ඇති අදින දොර විවුර්ත විය .

රියදුරු අසුනෙන් අපේ තාත්තාගේ  ගොරහැඩි , සැරපරුෂ හඬ දැන් දැන් ඇසෙනු ඇතැයි......

 ඈ සිතනා බව ජයන්ගනිගේ මුවත්තියක් වැනි  අහිංසක බැල්ම මට කියයි.

"මල්ලී නගින්න .. නගින්න .. දෙන්නම එන්න මම ගිහින් බස්සවන්නම් "

ඇසුණේ ළාමක තරුණ කටහඬකි.

ඒ පුංචිරාළ මාමගේ ලොකු පුතා කේෂන් කඩේ ලොකු අය්යාය.

"අය්යලා යන්න අපි හෙමිහිට එන්නම්"  මම ඩෙලිකා එක පිටත් කර හැරියෙමි.

"හම්මෝ මම බයවෙච්ච  තරමක්  .. දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ "  ජයංගනී සැනසුම් සුසුමක් හෙළුවාය.

"බය වුනා නේද .. හොඳ වැඩේ "  මම බඩ අල්ලා ගෙන සිනා සෙමින් පැවසුවෙමි.

ඒ වනවිට අපේ තාත්තගේ ගුරු හරුකම් ලබා ගත් කඩේ ලොකු අය්යත් , චුටි අය්යත් දෙදෙනාම රියදුරන් වී සිටියහ.

ඒ සෙනසුරාදා තාත්තා ඇතිමලේ බාප්පාගේ දානෙට ගොස් සිටි බව මා දැන සිටියද ජයංගනී ඒ බව දන්නේ නැත.

ජයංගනී නැවතත්  ඩොට් එකක් හපමින් කතාව පටන් ගත්තාය.




ඊළඟ කොටස මෙතනින් කියවන්න 

25 comments:

  1. මල් ගවුමක් ඇඳලා කොණ්ඩෙ කරල් දෙකට ගොතපු කෙල්ලෙක් එක්ක සරමක් කමිසයක් ඇඳපු කොල්ලෙක් යනවා මැවී පෙනේ. පුබ්බයිසිකලයක් තිබ්‍බෙ නැද්ද ?

    ReplyDelete
    Replies
    1. පස්සේ තමයි හම්බ වුණේ පුබ්බයිසිකලයක්... ඉදිරි කතාවල ලියන්නම් ඒ ගැන..
      ඔවු ජයා කොන්ඩේ කරල් දෙකට ගොතල තමයි හිටියේ එයාට දිග කොණ්ඩයක් තිබුනා ඉනෙන් සෑහෙන පහළට වැටෙන්න තරම්...

      Delete
    2. //සරමක් කමිසයක්// මේක නම් එහෙම වෙන්න බෑ.. ඉණ ලඟින් හිරට යටින් ලොකු කලිසමක් නම් වෙන්න පුළුවන්.

      Delete
  2. මීට සමාන කථා තියෙනවා වෙනස නම් සල්ලි වියදම් කරන්නෙ ගෑණු ළමයි. නොමිලෙ ටොපි කෑවෙ අපි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ මමනේ එළවළු හැදුවේ, ටියුෂන් කරලා සල්ලි හෙව්වේ එහෙම.. එයාට ඉතින් ගෙදරින් ලැබෙන දෙයක් නේ.. අපිටත් පස්සේ කාලේ ගැල්ලමයි වියදම් කරා...

      Delete
  3. අපූරුයි...

    එදා බොරුවට බය උනාට ඇත්තටම අහු උන දවසුත් තියනවාද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. අහුවුණ දවසක් ගැන "සිහිනයකි ඔබ " කියලා පොස්ට් එකක් ලිව්වා . බලන්න.

      Delete
    2. ඕකේ... බලන්නම්...

      Delete
  4. Replies
    1. ස්තුතියි කුරුටු ..

      Delete
  5. ඒ මොනාද බං ඒ ටොෆි.. ඇහුවෙත් අද..!!

    ඔය සින්දුව මගෙ ආසම සින්දුවක්.. ස්තූති මතකය අලුත් කළාට..))

    ReplyDelete
    Replies
    1. ඩොට් දන්නැත්තං බන්ටි වත් දන්නවද?

      Delete
  6. ඩොට් තිබුණේ 1989-1990 කාලේ dot කියන එකේ ඕ අකුර ලොකුවට ලියලා .. උඹේ කටෙත් ඩොට් පුතුනේ මගේ කටෙත් ඩොට් කියලා අන්දරේ ඩොට් කන සීන් එකක් තිබ්බ ඇඩ් එකකුත් තිබුනා

    ReplyDelete
  7. ඔක්කොමත් හරි උඹ බොහොම පොඩ්ඩයි නෙව ලියන්නෙ... සෙරෙප්පු අද්ද අද්දා ටිකිරි හිනා පපා දෙන්නා යන්නැති ලකේට... හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලිය ලිය ඉද්දි පුතා ටේබල් ටෙනිස් ගහන්න කතා කරා.. නැත්නම් ඔය රුපියල් පහේ තව කොටසක් තියෙනවා . ඒක ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම්...ස්තුතියි..

      Delete
  8. නියම කතාව. ඉතුරු ටිකත් ලියමු බලන්න.
    ඒ කාලෙ ඩොට් කියන්නෙ ඉතිං ජනප්‍රිය ටොපියක්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ... මේ දවස් වල වැඩ .. ඉක්මනින් දෙන්නම් ඉතිරි ටික

      Delete
  9. ඩොට්, මයිලේඩි, බන්ටි, ඩෙල්ටා ඒ කාලේ සුපිරි කෑම.. බුල්ටෝ හරි ලොකු සීනිබෝල හරි තමයි අපිනම් කෑවේ වැඩි වෙලාවක් කටේ තියාගෙන ඉන්න.. :)

    ReplyDelete
  10. අර රතු සහ සුදු ඉරි ඉරි සීනිබෝල ?? ඔය කාලේම තමයි බර්නි කියලා ටොෆි වගයක් තිබුණේ. මගේ බිස්නස් එකකට "සැඟවුණු දයිවය " නාට්‍ය දවසේ බර්නි විකුණුවා මතකයි. ඒ ගැන කලින් බ්ලොග් පොස්ට් එකක් ලිව්වා "මන් පුන්චිවෙලෙන්දා" කියල

    ReplyDelete
  11. හානේ, අන්දරේ, මොනවද ඔය පැදුරේ?

    මේව තමයි ඩොට් කියන්නෙ!

    ඩොට් කියලා අලුත් ටොෆී?

    ReplyDelete
    Replies
    1. අන්න හරි .. ඒක තමයි මම කියු වෙළඳ දැන්වීම..

      Delete
  12. කතාවේ කොටස්වල පස්සට ලින්ක් දානවා වගේම ඉස්සරහටත් දාන්න!

    ReplyDelete
    Replies
    1. නිවාඩුවෙන් පස්සේ ? කොහොමද?? පෙන්වා දුන්නට ස්තුතියි...

      Delete
  13. ඔන්න ආවා කියෙව්වා.. රස වින්දා... දිගටම එන්නම්කෝ

    ReplyDelete