Follow by Email

Sunday, 17 April 2016

මහා වැස්සක පෙර නිමිති



පසුගිය කොටසෙන් .......

මේ ගුරු පාරේ


කඩේ ලොකු අය්යා අපට වාහනය නැවැත්වීමෙන් පසු නැවතත් ගමන් ඇරඹු අප දැන් ඩන් ලොප් වත්ත පසුකරමින් සිටින්නෙමු.

මේ තේ  වත්තේ  පිහිටීම විස්තර කළහොත්  අම්බලම ළඟ කන්ද පසු කිරීමෙන් එන තැනිතලාවේ මැද හරියේදී  "බෝටි " මහත්තයට අයත් මේ වත්ත හමුවෙයි.

වත්ත මැදින් යන ගුරු පාර දිවෙන්නේ ජයන්ගනිත් මමත් දෙදනාම ජිවත් වූ මල් දෙණිය ගමටයි.

පාර දෙපස කොළ පාටින් පිරිණු තේ ගස් හැරෙන්නට ඇත්තේ වත්තේ මැදට වන්නට වූ මාර ගස් දෙක තුනක් පමණි.

ජයංගනී පොත් මිටියත් ළයට තුරුළු කරගෙන ගමනේ යෙදෙයි . ඇතින් පෙනෙන කඳු මුදුන දෙස බැලුවිට දිස්වන්නේ අපේ නිවස පිහිටි ප්‍රදේශයයි.

ඩන් ලොප් වත්තට කෙලින්ම අපේ ගෙදර නොපෙනුනත් ඊට ගෙවල් දෙකකට පහළින් ඇති සැම්සන් අය්යලා ගෙදර එක එල්ලේම දිස්වේ.

අපේ අම්මා සැම්සන් අක්කා සමග කදයක් දාගන්න ඇවිත් සිටියහොත් කළු සුදු කුඩා තිත් දෙකක් මෙන් අප දෙදෙනා දිස්වනු ඇත.

මේ නිවසේ දසුනට වඩා ඒ කන්ද දෙස බලන මා හට එදා දිස්වූයේ වෙනත් දසුනකි.  ඒ  කළු කළුම වලා කුළු  පොදී පිටින් ඒ පැත්තට එකතු වන දසුනයි.

"ඒයි  අන්න  අර පැත්තෙන් කළු කරගෙන එනවා  .. මහා වැස්සක් එන්න වගේ ලෑස්තිය"

"ඔයා ගාව කුඩයක් තියෙනවද ? මා ගාව නම් මොකවත් නෑ.."

මම හොරැහින් ජයන්ගනිගේ  පොත් මිටිය දෙස බැලුවෙමි.

"තියෙනවා .. ඇයි මොකෝ...? එකේ  දෙන්නෙකුට ඉඩ නෑ .."

සාමාන්‍යයෙන් ජයංගනී පංති ගොස් එනවිට අව්වට කුඩයක් ඔසවා ගනී.

එහෙත්  හිසට ආවරණයක් නැති මාත් සමග යනවිට ඇය කොතරම් අව්ව තිබුනත් ඒ කුඩය ඔසවන්නේ නැත.

ඒ මම වේලි වේලි යද්දී ඇය කුඩේ යටින් යන එක හරි නැති නිසා යැයි මට සිතේ.

මහා වැස්සක් කඩා හැලෙයි


ඩන් ලොප් වත්තේ මැද හරියට එද්දී  ගුරුපාර  පල්ලමකට  ගමන් කරයි  .

වත්ත අවසානයේ හමුවන්නේ චමින්දලා කුඹුරපිහිටි  බැවුමත්, මල්දෙණියේ නාන පීල්ලත් ඇති ප්‍රදේශයයි.

අපි ඒ දෙසට ඇති බෑවුම බහින්න පටන් ගැනීමත් සමගම ...

  අපේ ගෙවල් පැත්තෙන් "ස්රාස් .."  ගාමින් මහා හඬක් සහිතව පැමිණි වැස්ස ජයන්ගනිත් මමත් තෙත බරිත කරන්නට පටන් ගත්තේය.

මෙතෙක් තම ළය තුරුලේ තිබු නිල් පාට මල් මල් කුඩය එළියට ගත් ජයා නංගි එය දිග හැරියාය.

මම තවමත් තෙමෙමින් ඉදිරියට ඇදුනෙමි. මගේ ඉත්තෑ කූරු වැනි කොන්ඩේ තෙමි මුහුණට වතුර බේරේ....

"මේ  සෙල්ලම් නැතුව එනවා මේ කුඩේ යටට " ජයංගනී මට පැවසුවේ ඔලොක්කුවට මෙනි.

ඉබ්බා දියට දාන්න හදද්දී  ඇන්නෑවයි බොලේ  කීවේලු....

මම හෙමින්ම ඇගේ කුඩේ යටට ඇදුනෙමි .



නාකපන වැස්ස  මගේ ශරීරයේ පහළ භාගය සම්පුර්නයෙන්ම තෙමා හමාරය.

අහල පහළ මිනිස් පුළුටක් දක්නට නැත..

මෙතෙක්  සබකෝලයෙන් පසුවූ මගේ සිත දැන් වෙනත් හැඟීම් වලින් පිරීයයි.  මේ අපි ඉන්නේ අපේ  ගමට යන ප්‍රධාන පාරේ බවද මට අමතක වූ සෙයකි.

වමතේ ඇති පොත එසේ තිබෙද්දී මගේ දකුණත ජයන්ගනිගේ  කරවට වැටෙන්නට වැඩි වෙලාවක් ගත වුයේ නැත.

" මේ තමුසෙට පිස්සුද?  කවුරු හරි දැක්කොත් එහෙම විසුමක් වෙන්න නෑ.. "

ඇය වහාම මගේ අත ගසා දැම්මාය.






32 comments:

  1. හෙක්.. හෙක්... ඕකට තමයි කියන්නෙ දෙන දෙයියො බිම දාගෙනම දෙනව කියල.

    කියල තියෙන විදියට ලස්සන පරිසරයක් මැවිල පෙනුන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඒකනේ කියන්නේ . ඊළඟ කොටසෙන් රුපියල් පහේ කතාව අවසන් වෙනවා..

      Delete
  2. ඊයියා නොටි වැඩ කරල

    ReplyDelete
  3. නෝටි.. වෙන්න හැදුවා විතරයි...

    ReplyDelete
  4. ආං පෙනේද, අපෙ අප්පේ. මේ ගංවල කොයියම්ම කාලෙකවත් තිවිච්චි නොසණ්ඩාල කමද්ද මේ. කෙල්ලංට තුරුළු වෙලා හිටං..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ගස් නගිනකොට තනියම පහලට වෙලා හිටියෙ

      Delete
    2. Mata pariearthnayk wune naa Pra jay kiyapu harupe ?

      Delete
    3. යාං හෑල්ල පරිශීලනය කරන්න

      Delete
    4. Balanawa dig atama me gas case eka mis wela

      Delete
  5. ඒකනේ කියන්නේ හිටන්.. කොලුමකට කරන වැඩනේ ආයිබොවන්

    ReplyDelete
  6. හිරි පොද වැස්සේ
    මුතු කුඩෙන් යන්න නංගෝ
    සුදු මුදු මූණු ඩිංග
    සීතලෙන් තෙමෙයි :D

    ReplyDelete
    Replies
    1. එහෙමම තමයි වුණේ.. කරුමෙට වැස්ස විනාඩි පහක්- දහයක් තමයි තිබ්බේ..

      Delete
  7. අහල පහල ගැන විස්තර කරද්දිම ගල් ගුහාවක් ගැනවත් ,අම්බලමක් ගැනවත් තිබ්බෙ නැති හින්ද හිතාගත්ත තෙමි තෙමි යන්ඩ ඇති කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්තට හෙවනට කිසිම දෙයක් නැති හරියක් ඔය...ඔළුව බේරාගත්තේ කුඩේ යටට අරගෙන ජයංගනී උදව් කල නිසා..

      Delete
  8. //////ඉබ්බා දියට දාන්න හදද්දී  ඇන්නෑවයි බොලේ  කීවේලු....//////මට නම් මේ පෝස්ටුවට ඒ නම හොඳා....

    ReplyDelete
  9. ස්තුතියි.. මේ ගමනේ අන්තිම කෑල්ල ඊළඟ පොස්ට් එකේ එනවා.

    ReplyDelete
  10. සළුපිලි සිරුරට ඇලෙයි
    පිට මිනිස්සුන්ට පෙනෙයි
    සඟවන්නට ඔබ මගෙයි
    දිව එන්නට මට සිතෙයි..

    ගස්ලබ්බට මතක් වුනේ ඕක නෙ.මේකෙ පිට, මිනිස්සුන්ට පෙනෙයි ද පිට මිනිස්සුන්ට (ඔබව.) පෙනෙයි ද කියන එක හෙන ගැටලුවක් බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මම හිතන්නේ පිට පෙනෙයි කියලා නෙවෙයි "පිටමිනිස්සුන්ට අපි පෙනෙයි කියලා "

      Delete
  11. හපොයි මේ ජයංගනී බය වෙලා තියෙන්නෙ කාටහරි පෙනෙයිද කියලනෙ. කව්රුවත් දැක්කෙ නැත්නම් ඕන දෙයක්. හැක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් .. එහෙනම් .. අහසෙන් ආවොත් නම් කොහොමත් පෙනෙනවානේ ???

      Delete
  12. හා..හා.. කැමති විදියක්.. ඔන්න අපිනම් මොකුත් දැක්කේ නෑ.. :p

    ReplyDelete
  13. ...අමතක කරලමු පැරණි කතා ....
    ...එක් වෙමු ජාතික දියුන පතා ....

    ReplyDelete
  14. නිම්ම් නගා ඕක දකින්න කලින් බලලා මකලා දාපන් මචං

    ReplyDelete
    Replies
    1. නිම්මි නගා හිතනවා ඇති " කන්ඩ උයලා දීලා, රෙදි හෝදලා මැදලා හොදම ගැලැපෙන අඩුම තෝරලා අන්දලා යවන, ලෙඩ දුකට බලන , දුක සැප බලන , හොද පියෙක් වන්න උදවු කරපු මාව ගෙදර ඉද්දි පරණ පෙම ගැන මොයා ලියනවා " කියලා

      Delete
    2. මේවා පුද්ගලිකකරණය කරන්න නරකයි. මම ලියන්නේ බ්ලොග් රසිකයන්ට කියවන්න වටිනා ලස්සන කතාවක් නිසා මිසක් වෙන හේතුවකට නෙවෙයි.. නිම්මි නගා ගෙයි මගෙයි කතාව ලිව්වා නම් ඔබ සැම මිට වඩා සිය දහස් ගුණයකින් සංවේදී වෙනවා.. අපේ ජිවිත මෙතරම් ලස්සන වී ඇත්තේ ඒ අත්දැකීම් ඔස්සේ...

      Delete
  15. ඔය ඩන්ලොප් වත්ත තියෙන්නේ බදුල්ල පැත්තනේ. මොකක්ද මේ ගම කිව්වේ? ඕකට අල්ලලා නෙමේද හොෆ්ටන් ගෘප් වතු තිබ්බේ ?
    ආ මේ අර ළමය කණ අත ගෑවේ නැතෙයි?

    ReplyDelete
  16. මේ වත්ත බදුල්ල පැත්තේ තියෙන අක්කර 20-25 ක පොඩි වත්තක් . බර්ටි කියලා බර්ගර් කෙනෙකුට අයිතිව තිබුණ. අපේ මුත්තලා එහෙම කිව්වේ බෝටි මහත්තය කියලා.

    ReplyDelete
  17. කතාවේ කොටස්වල පස්සට ලින්ක් දානවා වගේම ඉස්සරහටත් දාන්න!

    ReplyDelete
  18. ඔන්න දැම්මා.. ස්තුතියි යෝජනා කළාට

    ReplyDelete