Follow by Email

Sunday, 24 April 2016

නරක් වෙලා තියෙයි







පසුගිය  කලාප  වලින්  ...

මහා වැස්සක පෙර නිමිති ..


මේ ගුරු පාරේ





එදා ඒ  නා කපන වැස්ස  වැඩි වෙලාවක්  අල්ලා හිටිවී යැයි සිතුවද  විනාඩි කිහිපයකින්ම  එය තුරල් වී ගියේය.

අපි   දෙන්නා  නැවතත්  මල්දෙණිය දෙසට කන්ද නගින්නට පටන් ගත්තෙමු.

 ගමේ නැන්දලා  මාමලා කිහිප දෙනෙක් ම  අප ඉදිරියට හමු වුවද  ඔවුන් ගෙන් අපේ ගමනට  බාධාවක් සිදුවුයේ නැත.



කිරඹ ඔය ඉස්කෝලේ ලඟට එනවිටම  වාගේ   අප ඉදිරියට පැමිණියේ අපේ ලොකු තාත්තා කෙනෙකි.

ඔහු නමින් ජේ .එම්. ධනපාලයි.

නම ධනපාල   වුවද මේ ලොකු තාත්තා ඒ කාලේ  එතරම්  ධනවතෙක් නොවිය.

අපේ තාත්තලා  පමණක් නොව  ගමේ හැමෝම වාගේ ඔහු හැඳින්වුයේ  "පාලේ  අය්යා "  යන නමිනි.

පාලේ ලොකු තාත්තා  මේසන් බාස් කෙනෙක් ලෙස වැඩ කල අතර ඔහුගේ බිරිඳ හින්නි ලොකු අම්මා තේ වත්තේ දළු කඩන්නියක් ලෙස සේවය කළාය.

තාත්තලා පවුලේ සාමාජිකයින් අතරින් වත්තේ දළු කඩන්නට ගිය ලොකු අම්මලා දෙදෙනෙකි .

එක්කෙනෙක් හින්නි ලොකු අම්මාය.

අනිත් එක්කෙනා  විමලේ ලොකු තාත්තාගේ බිරිඳ ජයවතී ලොකු අම්මාය.

අපේ සමන්ත විභාගේ පාස්වූනොත් අල්ලේ කොන්ඩේ බඳිනවා යැයි  කිව්වේ මේ  ලොකු තාත්තා ය.


විමලේ ලොකු තාත්තා මෙන් කට සැර කෙනෙක් නොවූ පාලේ ලොකු තාත්තා අපේ තාත්තලා පවුලේ සිටි අහිංසකම  සාමාජිකයා විය.

අනුන්ගේ දේවල් කිසිවක්  ( තම නෑදෑයින්ගේ වුවද)  ප්‍රශ්න කිරීම ඔහුගේ සිරිත නොවේ.

තමා ඉදිරියට එන තම පොඩි මල්ලිගේ පොඩි පුතා සහ තවත් ගැහැණු ළමයෙක් දෙස අහිංසක සිනාවකින් සංග්‍රහ කර ඔහු තමාගේ ගමන යන්නේ එබැවිනි.

ලොකු තාත්තා අප පසු කර ටික දුරක් ගිය තැන හමු වන්නේ තුන්මං හංදියකි. එයින් වමට හැරෙන පාර  අපේ ගෙවල් පැත්තට යන පාරයි.

ජයා නංගි කෙලින් පාරේ මීටර් සීයක්  හමාරක් ගිය පසු දකුණු පසට හමුවන කඩුල්ලෙන්  ඇතුල් වන්නේ ඔවුන්ගේ  නිවසටයි.

තුන්මං හංදියට පැමිණි අප එකෙනෙකා ගෙන් සමුගන්නට  සැරසෙන මොහොතයි .

" මේ ඔයාගේ ඉතිරි සල්ලි "

ඇය රුපියල් පහේ ඉතිරිය මට දෙන්නට සැරසෙයි .

"මට එපා පිස්සුද.. ඔන්න ඕක තියා ගන්නවා පණ්ඩිතයා නොවී "

"නෑ.. නෑ.. ගන්න ගන්න "

ඇය නැවතත්  මා වෙත මුදල් සහිත දෑත දිගු කරයි

"එපා එපා.. ඔයා ඕක තියා ගන්න "

අප දෙදෙනාගේ ඉතිරි සල්ලි හබය ලෙහෙසියෙන් ඉවර වන පාටක් නැත.

හදිසියේම මගේ ළඟටම පැමිණි  ඈ  තම අතේ ගුලිකර ගත් යමක් මගේ දකුණු කලිසම් සාක්කුවට ඔබන්නට විය.

"ඒයි .. ඒයි මොකද කරන්නේ ?  තමුසෙට පිස්සුද ? "

මෙවර ප්‍රශ්නය නැගුනේ  ඇයගෙන් නොව මගෙන්ය.

"ගමේ ඈයෝ දැක්කොත් ඉඳලා හමාරයි"

එසේ කියමින් මම මුළු වැර යොදා ඇයගේ අත මගේ කලිසම් සාක්කුවෙන් ඉවතට අදින්නට දැඟලුවෙමි.

ගම මැදම වූ තුන්මං හංදියේ  අපේ කලබලය දෙස විමසිල්ලෙන් බලමින් කන්ද නගිනා බවලතෙකි.

ඒ අපේ විමලේ ලොකු තාත්තා ගේ බිරිඳ  ජයවතී ලොකු අම්මාය.

ජයංගනී වහ වහා තම නිවස දෙසට පිය මැන්නාය.  මමද  සාක්කුවට වැටුණු  ඉතිරි සල්ලිත්  රැගෙන ගෙදර ගියෙමි.

ලොකු අම්මා  ඒ වෙලාවේ අපට කිසිවක් කිවේ නැත.

එහෙත් දින කිහිපයකට පසු

"ජයන්ගනිට නරක් වෙලා තියෙයි  දොස්තර කෙනෙක් අල්ලාගෙන "

කියා ගමේ අනික් ගැහැණුන් සමග පැවසූ බව අපට ආරංචි විය.

ඒ වන විට මා උසස් පෙළ සමත්ව සිටියේ නැත.

එහෙත් ලොකු අම්මා මම දොස්තර කෙනෙකු වනු ඇතැයි අනුමාන කරන්නට ඇත්තේ ඒ වන විටත් සමන්ත වෙද විදුහලට ගොස් සිටි නිසා වන්නට ඇත.







44 comments:

  1. නිමල් සහ කුසුම් වගේ

    ReplyDelete
    Replies
    1. ඒ කවුද අප්පේ ඒ දෙන්නා ??

      Delete
    2. ගැහැණු ළමයි පොතේ.

      Delete
    3. හරි හරි .. තැන්ක්ස් .. මම කියවලා නැහැ..

      Delete
    4. ගැහැණු ළමයි පොත කියවලා නැහැ? ලොකු අඩුවක්. එය සහ 'හතුරු හිතක්' යන පොත් දෙකම කියවන්න. එකම කථාව දෙදෙනාගේ පැති වලින්.

      Delete
    5. අඩුවක් තමයි.. මේ මම ඇවිල්ලා එච්චර පොත් කියවපු කෙනෙක් නෙවෙයි. මාර්ටින් වික්රමසිංග ගේ මඩොල්දුව කියවා තිබේ, ගොලුහදවතත් කියවපු පොතක්... ඒ කාලේ අපි "බොළඳ කතා " කියලා ඕවා කියවන්නේ නැහැනේ... වෙන එකක් තබා ගුරු ගීතය, අම්මා එහෙම කිය්වෙවෙත් මේ ලඟදි...

      Delete
    6. //ගැහැණු ළමයි පොත කියවලා නැහැ? ලොකු අඩුවක්// මටත් මෙහෙමම හිතුනා ඊයේ.... ස්තුතියි කමෙන්ටුවට..

      Delete
    7. ගැහැණු ළමයි, පිරුණු හඳක්, හතුරු හිතක්... අනේ මන්දා තාමත් ඔය පොත් කියවන්නෙ ඇස්වල කඳුළු තියන්...

      Delete
    8. රිදී නිම්නය තමයි මගේ හිත ගත්තේ!

      Delete
    9. හෆ්ෆා පොත් ගොඩක් තියෙනව කියවන්න

      Delete
  2. Ithin Samantha medical college giyama Jayawathi nenda alle konde bendada? :p

    ReplyDelete
    Replies
    1. ජයවති නැන්දගේ මමයි එහෙම කිව්වේ මම පැරණ පොස්ට් එකක ඔය "අල්ලේ කොන්ඩේ " කතාව ලිව්වා . ලින්ක් එක දාන්න පොස්ට් එක හොයාගන්න බැරිවුණා

      Delete
    2. ඔන්න දැන් ලින්ක් එක දාලා තියෙනවා "අල්ලේ කොන්ඩේ බඳින කතාවේ "

      Delete
  3. අදමයි මෙහෙට ආවෙ ..කෙටියි රහයි :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට ජයවේවා !!!!

      Delete
  4. ලස්සන කථාව. ගීතය අදාල සරසවි ප්‍රේමයකට නේද?

    ReplyDelete
    Replies
    1. ඔවු මට ගැලපෙන ගීතයක් ආවේ නැහැ .. හැබැයි " ඔබ අතගෙන ගිය විදියේ ඈ හා යනවා. ආදී කොටස ඕනවටත් වඩා අදාලයි "

      Delete
    2. වෙන ගීතයකුත් දැම්මා ඔන්න... දෙකෙන් ටික ටික ගත්තහම හරි...

      Delete
  5. ලොකු අම්මට තිබ්බේ සාත්තර කඩයක් දාගන්න

    ReplyDelete
    Replies
    1. එයාලා කොහොමටත් ඔය සාස්තර, නැකත් බලපු නායකයින්ගේ අනුගාමිකයෝ..

      Delete
  6. දොස්තර කෙනෙකුත් වුණා එනෙම්.. ජයංගනීට මක්කැයි වුණේ.. එයා දැන් කෝ...

    ReplyDelete
    Replies
    1. එයා සනීපෙන් ඉන්නවලු ලංකාවේ.. අපි විදේශයක සනීපෙන් ඉන්නවා..

      Delete
    2. සනීපෙන්?
      දවස ගානේ හොස්පිටිතාලේ යනවා නේද?

      Delete
    3. ඒකත් ඇත්ත රසික මේ දවස් වල නිදා ගන්නනෙත් දවල්ට... ඔය ඉස්පිරිතාල කේස් එක හින්දා..

      Delete
  7. හපොයි.. කලිසමට අත දාපු වෙලාවෙ සාක්කුවෙ හිලක් තිබුණනං තමයි වැඩේ වෙන්නෙ. හැක්..

    ජයංගනීට දොස්තර මහත්තයව අල්ලගන්න බැරි වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ඔච්චර දේවල් අපිට තේරෙන්නේ නැහැ...

      Delete
  8. //හපොයි.. කලිසමට අත දාපු වෙලාවෙ සාක්කුවෙ හිලක් තිබුණනං තමයි වැඩේ වෙන්නෙ. හැක්..//
    මටත් හිතුනෙ ඕකම තමයි. එහෙම උනානම් එදාම දොස්තර මහත්තයගෙ නලාව අහුවෙනව

    ReplyDelete
  9. //හපොයි.. කලිසමට අත දාපු වෙලාවෙ සාක්කුවෙ හිලක් තිබුණනං තමයි වැඩේ වෙන්නෙ. හැක්..//
    එකිනෙකා ගේ මුහුණින් මුහුණ බලමින් වල් පල් කියනවා ඇරෙන්න ඒ තරම් දේවල් ඔළුවට ආවේ නැහැ ඒ කාලේ..

    ReplyDelete
  10. මට තිබුන ප්‍රහ්නෙ තරු අහලා..

    අපූරු කතාව...

    ReplyDelete
    Replies
    1. සරලම උත්තරේ ඒ වා ගැන නොසිතා බ්ලොග් පොස්ට් එක රස විඳින්න කියන එකයි.. අපි මේවා ලිව්වත් ජිවත් වෙන්නේ එහෙමයි..

      Delete
    2. ස්තුතියි කියන්න අමතක වුනා.. ස්තුතියි..

      Delete
  11. අතීතය සිහිනයක් පමණයි කතාවක් වගේ කොමෙන්ට් වල උත්තර දකිනකොට නම් හිතෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
  12. කතාවේ කොටස්වල පස්සට ලින්ක් දානවා වගේම ඉස්සරහටත් දාන්න!

    ReplyDelete
    Replies
    1. හැබෑමයි ... දාන්න ඕනේ...

      Delete
  13. පිබිදෙන යෞවනයේ පොපියන චමත්කාරය.......

    ReplyDelete
    Replies
    1. Owu owu me awurudu bara gananaka pera siduwu siddhi damayak

      Delete
  14. කියෙව්වාට කමෙන්ටුවක් ලියන්න ඉස්පාසුවක් ලැබුනේ අදයි.... රසවත් කතාවක් ඒ එක්කම මෙහි ඇති බොහෝ කතා සොඳුරු අතීතයක්ම ගෙන හැර පානවා. ඉන්පසු වුනේ මොකක්ද ?

    ReplyDelete
  15. ස්තුතියි... ඉදිරියට කියවන්න වෙනවා...

    ReplyDelete
  16. ...තව ටික දවසයි අපට අපේ පරණ love story ලියන්න වෙන්නේ. අපේ පොඩි අක්කාගේ පුතා අවුරුදු 16 යි. කෙල්ලෙක් එක්ක යාලු වෙලා. දැන් අපිත් එක්ක කතා බහ අඩුයි. පුළුවන් තරම් අපිව මග අරිනවා. එක නිසා ඉක්මනින් ඔය කතා කියවලා ඉවර කරන්න වෙනවා. මොකද තව ටික දවසකින් කොල්ලන්ගේ කතා කියවන්න ඕනි නේ ..

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත තමයි. ඔය හරියෙන්ම නතර කරලා තියමු එහෙමනම්.. අරකිව්වා වගේ ඔය කොල්ලොත් නාකි වෙයි අපි කතා කියලා ඉවර වෙනකොට..

      Delete
    2. නැහැ ඉක්මනින් ඔය කතාව ලියලා ඉවර කරන්න. කල් නොයවා

      Delete