Follow by Email

Wednesday, 6 April 2016

ද්වියිතික පංතියේ කුල භේදය



ප්‍රාථමික  පන්තියේ කුල  භේදය  ගැන  පසුගිය  පොස්ට් එකකින්  කතා කළා ඔබට මතක් ඇති.....

එය මෙතනින් කියවන්න

අද අප හතේ -අටේ   පංති වල ඉන්නා කාලයේ සිදු වූ තවත් කුල මල සිද්ධියක් ඔබ හමුවේ තබන්නෙමි.

ද්වියිතික  පංතියේ කුල භේදය  



ඒ වන විට අපේ  ඇතිමලේ බාප්පා  නැති වී ගතවී තිබුණේ අවුරුද්දක් හෝ දෙකක් පමණි.

දිනක් අපේ තාත්තාට  ඇතිමලෙන් ලැබුණු ලිපියකින්  බාප්පාගේ  හොඳම හිතවතා වූ  ඇතිමලේ  ඩි. බී.  මාමා  ( ඉස්කෝලේ මහත්තයා )  අපේ ගෙදර එන බව සඳහන් කර තිබුණි.

ඒ  ඇතිමලේ  .... වැල් ගොල්ල  ප්‍රාථමික පාසලෙන් සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් ඔහුගේ හිතවත් පවුලක ළමයෙක් අප නිවසේ නැවත් වීමටයි.

අපේ සමන්ත, අක්කා සහ මා වැනි ඉගෙනීමට දක්ෂ ළමයින් සිටිනා නිවසක නවත්වා ඔහු අපේ පාසලේ උසස් පෙළ කීරීමට අවශ්‍ය බව ඩි. බී.  ඉස්කෝලේ මහත්තයා  තාත්තාට පවසා තිබුණි.

මේ බව දැනගත් අපේ අම්මා මුලින් මුලින් මෙයට අකමැත්තක් දැක්වුවද  අලුත් ළමයා ගේ පියා බෝඩින් ගාස්තුවක් ද ගෙවනු ඇති බව පැවසු පසු සිය අකමැත්ත ඉල්ලා ඇස කර ගත්තාය.



කේ. පී . අය්යා අපේ නිවසට එයි



එක් සෙනසුරාදා දවසක  හවස දෙක පමණ වන විට අපේ නිවසට එන කන්ද නගිමින් එන අමුත්තන් තිදෙනෙකි .

ඉහින් කනින් දහඩිය බේරෙමින්  හාල්, පොල් , කෙසෙල් ඇතුළු අඩුම කුඩුම සහිත මල්ලක් හිස දරා එන්නේ  අලුත් සිසුවාගේ පියාණන්ය . 

ඩි. බී.  මාමද ඇතිමලේ බාප්පා මෙන් කළු ලෝන්ග්ස් එකට උඩින් දැමු සුදු කමිසයක් හැඳ  ඔෆිස් බෑග් එකක් ගෙන ලේන්සුවකින් බෙල්ල පිහිමින් එනු පෙනේ.

පසු පසින්ම එන්නේ කළු උස   හීන්දෑරි කොල්ලෙකි.  තඩි රෙදි මල්ලක් ඔහුගේ කරේ එල්ලෙමින් තිබේ.

ඒ අපේ නිවසේ නව බෝඩිම් කරු  කමලනාත් ප්‍රසාද්  මන්තිලක  හෙවත් කේ. පී. මන්තිලක අය්යාය.

අමුත්තන් නිවසට කැඳවූ අම්මා 

"චුටි මේ කට්ටියට තේ ටිකක් හදා ගෙන වරෙන් " අපේ අක්කාට උපදෙස් දුන්නාය.

"කන්ද නැග්ගහම හරි දාඩියයි නේද ?"

"එහෙමයි.. අපේ පැතිවල මෙච්චර සැර කඳු නැහැ නොවැ "

අමුත්තා  පිළිතුරු දුන්නේ තම වම්කර  දකුණතින් පිරිමදිමිනි.

අම්මා ඇසුවේ කේ. පී.  ගේ තාත්තා ගෙනි.

මේ අතර ඩි. බී.  අංකල් කතාව පටන් ගත්තේය. 

"මම හිතන්නේ  අපේ නාමේ සහෝදරයා  හොඳට හිතලා බලලා මයි මෙච්චර ඇතින්  ගෙදර හදා ගෙන තියෙන්නේ "

"දැන් බලන්න ලොකු පුතා උසස් පෙළ විද්‍යා කරන්නේ .. මේ පොඩි පුතත් සිස්‍යත්වේ ඉහලින්ම පාස් "

" මේ කොල්ලෝ හදා ගන්න ලේසි වෙන්නේ නෑ නේ  ගම මැද්දේ ගේ හදා ගත්තනම් ".

"බය වෙන්න එපා  මේ ළමයින්ගේ ආශ්‍රයට වැටුනහම ලොකු උන්නැහැගේ ලොකු පුතත් ඉංජිනේරුවෙක් වෙලාම තායි නවතින්නේ "

එහෙමයි  ඩිංගිරි බන්ඩා මහත්තයා ඔබ තුමාගේ කිමටමයි  මම දරුවා අරලගංවිල සෙන්ට්‍රල් එකට දැම්මෙත්  මේ නෝනලා ගෙදර නවත්තන්න තීරණය කලෙත් .

කේ. පි . අය්යාගේ පියා බලා පොරොත්තු සහගතව පැවසීය.

එදා රාත්‍රිය අප නිවසේ ගත කල අමුත්තෝ  කේ.පි අය්යා අප නිවසේ නවතා  පසුදා පාන්දර යන්නට ගියහ.

එදා සිට උදේ පාසැල් බසයට යන පිරිස අතරට මේ අලුත් අය්යද එකතු වූ හැටි මට මතකය. 



මුත්තා ගෙන් ලැබුණු විෂබීජ




අපේ නිවසේ පදිංචියට  ඇතිමලේ  .... වැල් ගොල්ල  ගමේ කොල්ලෙක් පැමිණ ඇතිබව ඇසු අපේ මුත්තා බොහෝසෙයින් කළබලයට පත් වූ බවක් පෙන්නුම් කළේය. 

හේතුව ඒ ගම  බෙර වාදනයට  ප්‍රසිද්ධ මිනිසුන් සිටි ගමක් වීමයි.

දිනක් මා සහ සමන්ත අය්යා කිරඹ ඔයේ  ගිය වෙලාවක මුත්තා අප සමග කතාවට වැටුණේය.

"චුටි පුතා උඹල දන්නවද ඔය උඹල අම්මා කෑම මේසෙට කෑම එහෙම ඇරලා කන්න බොන්න දෙන කොල්ලා මොන ජාතියේ එකෙක්ද කියලා ?"

"ඔය මිනිස්සු බෙරවා .. අපේ ගෙවල් වලට එන්නේ කරේ තියෙන ලේන්සුව අතට අරන්.. බිම තියෙන බැංකුවක් තමයි දෙන්නේ වාඩි වෙන්ට "

"ඒ වුනාට බලපන්කො මගේ ලොකුදුව වෙච්ච උඹල අම්මා එහෙව් බෙරව කොල්ලෙක්  ලොකු කරගෙන සලකන හැටි "

"ඉතින් මුත්තා ඇතිමලේ  ඩි. බී.  මාමනේ එක්කන් ආවේ ?"

"ඩි. බී.  මාමා ? නල්ලමලේ මාමා .... "

"ඔය  මිනිස්සු උඹල ඇතිමලේ බාප්පා ඉන්නකම්  සහෝදරයා, සහෝදරයා කියා කියා ඒ මනුස්සයගේ සේසතම  උදුරාගෙන කෑවා "

"මහලොකු සහෝදර වරු?  දැන් ඔය බෙරකාරයින්ටත් කියන්නේ සහෝදරයා  කියලා වෙන්ටෑ.."

මුත්තා ඩි. බී.  මාමා ට  දොස් තබන්නේ එවැනි ළමයෙකු අපේ ගෙදරට ගෙන එන්නට මූලික වීම නිසාය.

"උඹලා දෙන්නනේ ඔය ගෙදර ඉන්න කොල්ලෝ දෙන්නා.. ඔන්න ඔය කොල්ලව එලවලා දාන්න  බලපල්ලා "
මුත්තා තම සිතැගි  රැඳී සැලැස්ම අප හා හෙළි කලේ එලෙසිනි.

හවස නිවසට පැමිණි අය්යත් මමත් මුත්තා කියූ විස්තරය අම්මා සමග පැවසුවද  අම්මාගේ  අලුත් පුතාට ඇති සැලකිලි වල වෙනසක් නොවිය.

එහෙත් අය්යත් මමත් එදා සිට කේ.පි. ගේ සියළු ඉරියව් නිරීක්ෂණය කරන්නට පටන් ගත්තෙමු.

අපේ රෙදි හෝදන  අපේ අක්කා ඒ රෙදි ගොඩට කේ.පි අය්යාගේ රෙදිද දමා සේදීම මට රිස්සුවේ නැත.

" එයාගේ රෙදි එයාට හෝද ගන්න අරිනවා " මම අක්කාට ගෝරනාඩු කලෙමි.

කේ. පි අය්යත් මමත් නිදා ගත්තේ එක ඇඳකයි. ඒ ඔහු අයිනේ සිටිද්දී ඇඳේ මුල්ලට වන්නටය.

හරියට මමත් අපේ අය්යා සමන්තත් නිදා ගත් ආකාරය ඇඳේ ඉහළ පැත්තේය.

එහෙත් මුත්තා ගේ සකච්ච්වෙන් පසු  මම  නිදා ගත්තේ වෙනදා මෙන් ඉහළ පැත්තේ නොව ඇඳේ පහළ පැත්තෙනි.



brave සහ රේව්



දිනක් මම මලලසේකරය පෙරළමින් සිටියදී අළුත් වචනයක් හමුවිය . brave= නිර්භීත  යනුවෙන් තිබු මෙය දුටු මට එක්වරම මතක් වුයේ අපේ කේ. පි අය්යයි.

මුත්තා කියා දුන් කතාව අනුව ඔහුට බෙරවා සම්බන්ධයක් ඇති නිසා "බ්රේව්" යන නාමය ඔහුට තබන්නට මම තීරණය කලෙමි.

මේ අලුත් නම මුත්තා  අතට පත්වන්නට වැඩි කලක් ගියේ නැත . මුත්තා අලුත් ළමයා ගැන අප සමග කියන්නේ අර "රේව් " කොල්ලා  යන නාමය යොදා ගනිමිනි.

මම දිගින් දිගටම බ්ර්වේ ගේ දින චර්යාව නිරීක්ෂණය කරන්නට පටන් ගත්තෙමි.

අපිත් සමග එකට කෑම මේසයේ කෑම ගන්නා ඔහු අප මෙන් පිගාන නොසෝදා  පිගානටම අත සෝදා මේසය මත තබා යන බව මගේ උකුසු ඇසට අසු විය.

එසේ තබා යන පිගාන මාළු කටු ආදිය ඉවත් කර සොදන්නේ අපේ අක්කා හෝ අම්මා විසිනි.

මෙය මගේ කෝපය තවත් වැඩි කරන්නට හේතුවක් විය. මුත්තා කියන්නා වගේ හැසිරිය යුතු කෙනෙක් අපේ අක්කා ලවා තම පිගාන හෝදා ගැනීම ඉවසන්නේ කෙලෙසද?

දින කිහිපයක්ම රාත්‍රී ආහාරයෙන් පසු රේව් ගේ පිඟානේ තිබු ඉඳුල් වතුර මේස රෙද්ද පුරාත් සමහර විට කෑම කාමරේ සිමෙන්තියටත් ඉහිරෙන්නේ ඒ අනුවයි.

මෙතෙක් පාසැල් බසයට රේව් සමගම ගිය මම ටිකෙන් ටික එය මග හරින්නටද පටන් ගත්තෙමි.

පාසැල් ඇරී ගෙදර එන ඔහු මොකසිනෝ දෙක ගලවා එහි තුල බහා තබන මේස් අසළින්

" අප්පා,.... මාර ගඳයි නේ  මේවා"  කියමින්  එහා මෙහා යන්නට පුරුදු වීමි.

මෙසේ ටික කලක් පල නොකියා පලා බෙදෙන විට අලුත් බෝඩිමක් සොයා යායුතු යැයි  මන්තිලක අය්යා තීරණය කළේය.

ඒ ඔහුත් සමග අපොස උ.පෙ ගණිත විෂයන් හැදෑරු  තවත් යාළුවකුගේ නිවසටයි. මෙසේ පාසැල් යමින් සිටි ඔහු උසස් පෙළට කුමන සමර්ථ ලබා ගත්තා දැයි මට නිච්චියක් නැත.

 එහෙත්  පසු කලෙක අපට ආරංචි වුයේ 1989-90 කාලයේ නැවත ඇතිමලේ පැත්තට ගිය ඔහු භීෂණ සමයේ දේශපාලන කටුයුතු වල නියැලුණු බවයි

එපමණක් නොව   ඒ සමයේ ජිවිත අහිමි වූ  තරුණ තරුණයින් 60000ක් පමණ වූ පිරිස අතර  කමලනාත් ප්‍රසාද්  මන්තිලක  හෙවත් අපේ brave අය්යාද සිටි බවයි.






24 comments:

  1. අන්න හොදයි හොද පැත්ත වගේම නරකපැත්තත් ලියන එක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අටම්....නරක පැත්තක් ඉස්මතු කරගත් අපේ මුත්තාටත් ස්තුතිය හිමි විය යුතුයි...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙතන කුලවාදේ පැත්තකින් තිව්වත් හිතන්න යමක් තියෙනවා . ඔය මන්තිලක කියන හාදයා වයස 16 පැනපු කෙනෙක්නෙ. එහෙම එකාට තමුන්ගෙ පිඟාන හෝදන්න බැරිනං, රෙදි ටික හෝදන්න බැරිනං ඒක එයාගෙ ලොකුකම. ඔය වයසේ එකෙක් වෙනිං තරුණ ගෑනු ළමයෙක් ලවා තමුන්ගෙ රෙදි හොදවා ගැනීම එයිනුත් එහා ගිය දෙයක් . තැනකට ගියහම එතැන ඉන්න අයට කරදරයක් නොවී ඉන්න බැරි එකාට ඔහොම වෙනවා . ඒකට කුලවාදේ බලපාන්නේ නෑ. සමහර විට තමුන් බෝඩිං ගාස්තු ගෙවන හන්දා ගෙදර අයව වැඩකාරයන් විදිහට ගත්තා වෙන්නත් පුලුවන් . මෙයා කුලයෙන් ඉහළ කෙනෙක් උනත් මේ අකටයුතුකම් ඉවසන්න බෑ නේද?

    ReplyDelete
    Replies
    1. මෙහෙම් කෙනෙක් කියාවි කියලා මට හිතුනා.. මගේ බ්ලොග් කියවන බොහෝ දෙනා දන්නා පරිදි ඇත්ත සිද්ධිය ලිවිම මිසක් යමෙකුගේ නැති හොඳ මතු කිරීම මා අතින් සිදු නොවෙනා බැවින් මේවා වෙනස් කලේ නැහැ... අක්කා රෙදි හෝදන්න ඇත්තේ බ්රේව් වුනත් අපේ ගෙදර කෙනෙක් වගේ හිතලා වෙන්න ඇති... හැබැයි ඔය පිගන් කේස් එක නම් ඇත්තටම පුංචි මගේ හිතට එච්චර ඇල්ලුවේ නැති එකක් තමයි.... මුත්තා දාපු විෂ බිජයත් එක්ක අරෝව තවත් වැඩි වුනා.. ගොවි ගමකින් පැමිණි මේ ළමයා කිසිම ගොවිතැනක් දන්නේ නෑ කියමින් අම්මත් මමත් එක්ක එක දවසක් හවස කුඹුරේ ගිහින් නියම රඟපෑමක් කළා මතකයි... ඒ කොටස ලියවුනේ නෑ ප්‍රධාන කතාවේ.. අපිට බෝඩිම් කරුවෙක් ගෙදර තියාගෙන පුරුද්දක් නොතිබීමත් හේතුවක් වෙන්න පුළුවන් එයාට මුල්කාලයේ සැලකුනේ ගෙදර කෙනෙක්ම වගේනේ.. නැත්නම් අම්මා මායි , අම්මයි එක්ක කුම්බුරේ යමු කියලා එයාට කියයි යෑ? ඔය රෙදි හෙදු සිද්ධිය එක දවසක් දෙකක් විතරය් වුණේ මොකද brave අය්යා.. "අනේ මගේ රෙදිත් හේදුවද? මම මිට පස්සේ ඒවා හෝදන්නම්" කියලා කියපු නිසා . පිගන් සිද්ධිය නම් දිගටම දැක්ක දෙයක්...

      Delete
  4. වැදගත් කතාවක්.

    ඔය කේස් තිබුණේ සීයලාගේ කාලේ තමයි. අපේ ආතාත් මගේ හිතවතෙකු ගැන ඔය ආකාරයේ හැඳින්වීමක් කළා. මං නං ඒවාට අහුවුනේ නෑ. අනික ඒ මං අවුරුදු තුනක් දන්නා හිතවතෙකු ගැන.

    ඔබට ඇතිවෙන්නට ඇත්තේ අර මල්ලී කෙනෙකු ඉපදුනාම ආදරය සහ සම්පත් බෙදා ගන්න වෙන අයියා කෙනෙකුගේ සංඛීර්ණය විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික.. //ඔබට ඇතිවෙන්නට ඇත්තේ අර මල්ලී කෙනෙකු ඉපදුනාම ආදරය සහ සම්පත් බෙදා ගන්න වෙන අයියා කෙනෙකුගේ සංඛීර්ණය විය යුතුයි.// ඔව් ..ඔව් ඒකත් යම් වර්ගයක ඉර්ශ්යාවක් තමයි.

      පස්සේ කාලෙක අපිට දැනුම් තේරුම් එනකොට අය්යයි මමයි හරියට දුක්වුණා අපි හොඳින් හිටියනම් අද කේ. පි.ත් මැවිසුරුවෙක් නේද කියලා..
      "අපේ මුත්තට ඇහෙන්න අඩු කුලේ කියාලා " කියන සිංදුව අපි කියනවා ඒ කාලේ ....

      Delete
  5. සුරංග කියල තියෙනව වගේ ඒ ළමයට තමංගෙ රෙදි හෝදගන්න තියා අඩුම ගානේ කාපු පිඟාන හෝදල තියල යන්නවත් බැරිනං ඒක වැරැද්දක් තමයි.

    ඒ වගේම ඔය වගේ තත්වෙකදි ටික කාලයක් යනකොට ඊර්ශ්‍යාවක් ඇතිවෙන එකත් වලක්වන්න බෑ. මොකද ඔය සමාන සිද්ධියක් මටත් වෙලා තියෙනව. මගේ ඕනකම මතම වෙන ගෙදරක ඉඳල අපේ ගෙදර නවතින්න ආපු ළමයෙකුට පස්සෙ කාලෙක මගේ අතින් වෙනස්කම් උන නිසා මිනිහ ඉස්කෝලෙනුත් අස්වෙලා ගමට ගියා. ඒ ගැන අදටත් මගේ හිතේ දුකක් තියෙනව.

    ReplyDelete
    Replies
    1. අපිට කේ. පී. අය්යා ටික කාලයක් යනකම් පාසැල් බසයේ එහෙම හම්බවුනා. කිසි තරහක් තිබුණේ නෑ ගෙදරින් ගියාට පස්සේ.. අද අම්මයි තාත්තයි එක්ක කතා කරද්දී ඔහු 1989 කලබල කාලේ මියගිය බව ස්තිරයෙන්ම දැන ගත්තා. එයා අපේ ගෙදරට එක්කන් ආව ඩි. බී. ඉස්කෝලේ මහත්තයා (තාත්තලාගේ ඒ කාලේ භාෂාවෙන් සහෝදරයා ) දැන් වනගත් වී මහණදම් පුරන්වාලු අවුරුදු ගණනාවක්ම... තම හොඳම මිතුරා (අපේ ඇතිමලේ බාප්පා ) නැතිවීමත් මේ සසර කල කීරීමට හේතුවක් කියලයි කියවෙන්නේ..

      Delete
  6. හෙහ් හෙහ්.. ගස්ලබ්බගෙ ගෙදර නැවතිලා ඉඳනුත් නෑයින්,නොනෑයින් බොහොමයක් ඉස්කෝලෙ,පන්ති ගිහින් තියෙනවා.කිසි ගේමක් නැතිව අමුත්තා1,ගස්ලබ්බ 2 කියන තත්වෙට දාල සලකනවා වගේම හෙණ ගහනවා වගේ හිතෙන දේ මූණටම කියන්න ගස්ලබු පියා කටයුතු කිරීම නිසා සහ මව වහාම තත්වය සමනය කිරීම ආදියෙන් සමබර තත්වයක් ඇති උනා.
    පාසල් තුල කුල භේදය සැරට ක්‍රියාත්මක වන අවස්ථාවන් තියෙනවා... ඒ පැත්තත් කවිඳු ලියනවා නම් අගෙයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මගේ පළමු පොස්ට් එකේ (සමාන වී ඉපදී ) ලියවුනු "සුජිත් තිලකසිරි" ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ බවත් උසස් පෙළ ගණිත අංශයේ ඉගෙන ගත් බවත් කියන්න අමතක වුනා. GL කියන්නේ ශිෂ්‍ය නායක පට්ටම් දීම ගැන නෙවෙයි නේ ?

      Delete
  7. මේ විදිහට ස්වයන් විවේචනාත්මකව තමන්ගේ අතීතය දිහා බලන්න පුළුවන් වීම උසස් ගතිගුණයක්. මන්තිලකගේ ඉරණම ගැන දුකක් ඇති වෙනවා. ඒත සුරංග කියලා තියෙන දේත් ඇත්ත තමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අය්යා. මේ විදිහට ලියන්න පුරුදු කලේ වෙන කවුද ඉතිං ???

      Delete
  8. පැහැදිළි ඉරිසියාව අයියගෙයි මල්ලිගෙයි...හික් හික්...

    ReplyDelete
  9. මේ කුල ගැන ලිපියක් කවුරු හරි ලියනවනම් මම හරි කැමතියි . කුල ගැන දැනුම මගෙනම් බිංදුවයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බොහොම ස්තුතියි.. ගොඩක් විස්තර දැනගත්තා...

      Delete
    3. බොහොම ස්තූතියි විචාරක.

      Delete
  10. මමත් වැඩිය දන්නේ නැහැ.. අපේ බ්ලොග් කාරියක් ඉන්නවා නේද ගවේෂණාත්මක බ්ලොග් ලියන ??

    ReplyDelete
    Replies
    1. හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්. 'සිංහල කුල ක්‍රමය' කියලා ටයිප් කරලා සර්ච් කරන්න.

      Delete
  11. ඕවනම් දැන් දියවෙමින් පවතින මෝඩ පුරුදු.ඒ වුනාට තාම අපේ මිනිස්සු කසාදෙකට වගේ දේවලදී කුලය ගැන සැලකිලිමත්.ඒවයින් බේරෙන්න මිනිස්සු දගලන දැඟලිල්ලත් බලාගන්න පුළුවන් පත්තරවල නම් වෙනස්කිරීමේ තීරුවෙන්.

    ReplyDelete
  12. හරියට හරි කටුස්සා අපේ තාත්තා කියන්නා වගේ දැන් ඔය "වංශේ කබල් ගාන වැඩේ වලපල්ලට ගිහිල්ලා" ඉවරයි.. හැබයි සම-හරක් තාමත් මගුල් තුලා වලදී ඔය ගැන සලකා බලනවා..

    ReplyDelete