Follow by Email

Monday, 2 May 2016

ඤන් ඤඋන් ආතාලා ගෙදර සිදු වූ මහා ශ්‍රමදානය.



අපේ ගමට මැයි පළමුවෙනිදා  ඉර පැයුවේ වෙනදාට  වඩා උනන්දුවෙන්.

මේ බව මට හොඳින්ම වැටහුණේ මම මෙහෙ වේලාවෙන් දහයට ( ලංකාවේ උදේ පහ හමාරට) තාත්තට ගත්තු  දුරකතන ඇමතුමෙන්.

"කොහොමද  කට්ටිය  නැගිටලාද? "

"ඔව්  ඔව්  මම මේ කීරඹඔය පැත්තට යන්න ලෑස්ති වෙන ගමන් . හත වෙද්දී එතෙන්ට  එන්න කියලා කට්ටියට කිව්වා. උදේම  වැඩේ පටන් ගන්න තමයි   ලැහැස්තිය  "

"කවුරු කවුරුද එන්නේ ?"

"අප්පුහාමි මාමා , සරත් අය්යා, දාස අය්යා, පොඩ්ඩේ අය්යා , චුට්ටි අය්යා , ලොකුමාමා  එහෙම එනවා කිව්වා. හාමුදුරුවොත්  වැඩම කරයි . ආ. රාජු මාමත් එනවා කිව්වා.

ඒක නෙවෙයි පුතා , ඊයේ තවත් කීප දෙනෙක් උදව් කළා ගමෙන්.

අර ඔයාලා මුලින්ම ගේ හදලා දුන්න කට්ටිය ප්‍රියන්ත- කළු  දෙන්නත් රුපියල් 500 ක් දුන්නා .

දවල් කෑම වෙලාවට බත් පැකට් දහයකුත් ගේන්න ඇහුවා. අමරේ මාමලා  ගෙදර  බත් උයනවා  ගමේ අනික් කට්ටිය  මාළු පිනි බාරගත්තා  ඉතින්  කලුගෙන් කෑම එපා කීවා "

තාත්තා ඉතා  උනන්දුවෙන් ශ්‍ර්මදානයේ  වැඩ  ගැන විස්තර කළේය.

"ඒක හොඳයි . තමන් උදව් ලැබුවා වගේම පුළුවන් හැටියකට අනිත් අයටත් උදව් කරන එක හොඳ ගතියක්. ඒ අතින් කලුලා සැහෙන්න හොඳයි. අපිට    ඒ ගැන සන්තෝෂයි කියලා කියන්න "

ලංකා වේ වේලාවෙන්  උදේ හතහමාර වෙද්දී මට  ඒ "මහා ශ්‍ර්මදානයේ " මුල්ම චයාරුප  පෙළ ලැබෙන්නට විය.  ඒ වයිබ්ර්  තාක්ෂණය ඔස්සේ අපේ ලොකු නංගිගේ පුතා ගේ  දුරකථනයෙන්.

සුමුදු පුතා අප මෙන්ම  අරලගන්විල මහා විද්‍යාලයෙන් උසස් පෙළ ඉහලින්ම සමත් වී   ලබන වසරේ  වෛද්‍ය  විද්‍යාලයට ඇතුල්වන්නට  සුදුසුකම් ලබා සිටි.


ඔහුත් අප මෙන් මෙවැනි ගමේ පොදු කටයුතු වලට සහභාගී වීමම  අගය කලයුතු කාරණයකි. 

මෙන්න සුමුදු එවූ චායාරුප..


සැම්සන් අය්යා පැටිකිරි මාමා ඇතුළු  අය   පරණ උළු ඉවත් කරමින්


බළන්ගොඩ අය්යා ( ඉනිමගේ  ඉන්න රතු තොප්පි කාරයා )  අපේ සුදු ( වහලය උඩ  උළුකැට අතින් ගෙන )  ඇතුළු පිරිස 




අපේ තාත්තා  බලන්ගොඩ  අය්යා ගෙන් උළුකැට බිමට ගනිමින් ( ෂිට් ගොඩ ලඟ ඉන්න කොට කලිසම් කාරයා )

දැනට  ප්‍රාදේශීය  සභා ලේකම් කෙනෙක් ලෙස සේවය කරන අපේ ලොකු නංගි  පසෙකින් ( ඇය වැනි අයට මේවා හොඳ අත්දැකීම් වේවි ඇයගේ රාජකාරියේදී හමුවන යෝධඇල ප්‍රාදේශීය සභා වැසියන්ගේ  ගැටළු නිරාකරණය කීරීමට ). ලොකු නංගි  උදේ තේ සංග්‍රහය සංවිදානය කීරීමටත් දායක වූ බව තාත්තා කිව්වා.  



මෙහෙ වේලාවෙන්  හවස තුන -හතර වනවිට " චාමර මල්ලී"  තව චායා රූප ටිකක් ඔහුගේ  දුරකථනයෙන් මා වෙත එවා තිබුනා. 

ඒ වන විට  වහලේ දෙවන සහ අවසාන අධියරයි   සිදු වෙමින් තිබුණේ.


චාමර මල්ලී තමයි මේ වෙනුවෙන් මුදල් එකතු කිරීමේදී තමන්ගේ බැංකු ගිණුමට ආධාර ලැබෙන්නට සලස්වා එවා අපේ තාත්තලා ට  වියදම් වලට ලබා දුන්නේ. 

චාමර රාජපක්ෂ කියන්නේ නිම්නා අක්කා   ( මේ වැඩසටහන වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් මුල්ම පරිත්‍යාගය වූ ඩොලර් 150 ක් ලබා දුන් කෙනා  ) ගේ  සහ කළු-ප්‍රියන්ත නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය ඉඩම පරිත්‍යාග  කල  චමින්ද රාජපක්ෂ ගේ  මල්ලී. 

චාමර සහ අපේ තාත්තා තමයි මෙතෙක් අප කල ව්‍යපෘති තුනම ගැන ලංකාවෙන් සොයා බලන්නේ .

මෙන්න චාමර මල්ලී එවූ චායා රූප 








බුද්ධ දාස  රාජපක්ෂ හෙවත් දාස අය්යා ( හොඳටම තට්ට්ටය පෑදී ) 


සුදු සහ තවත් කෙනෙක්  බරටම වැඩ 



හෙමින් හෙමින් වහලය වැහෙමින් 








නිම වූ  වහලය ගේ ඇතුලේ සිට පෙනෙන හැටි 




ශ්‍රමදානයට එක්වූ පිරිසෙන් කොටසක් 




වැඩ නිමවෙන්න ඔන්න මෙන්න .. මම හිතන්නේ වහලේ උඩ ඉන්නේ  හෙළතැන්නේ පොඩ්ඩේ අය්යා.. 



අවසාන ඇණ මුරුච්චි තද කරන කිරඹ ඔයේ කිරි අප්පේ අය්යා.. 

21 comments:

  1. 05/03/2016 මේ මොහොතේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ සිට මට කතා කළා ජයන්ත ඔබේසේකර මාමා ( චමින්ද, නිම්නා සහ චාමර මල්ලිලා මාමා කෙනෙක් ) . ඔහු මේ දැන් රුපියල් 5000 ක් තැන්පත් කළා චාමර මල්ලිගේ ගිණුමට .. මේ නිවසේ ඉදිරි වැඩ ( බිත්ති කපරාරුව ආදිය සඳහා යොදාගැනීමට ) ඔබ සැමටත් මේ ව්‍යාපෘතියට උදව් කල හැකියි . චාමර මල්ලිගේ ගිණුම් විස්තර තියෙනවා http://helmalu.blogspot.com.au/2016/04/blog-post_21.html
    පොස්ට් එකේ.. මුදල් තැන්පත් කලහොත් මට දැනුම් දෙන්න...

    ReplyDelete
  2. Replies
    1. මෙහේ ආවට ස්තුතියි කස්ස... ඉදිරියේදී ප්‍රගතිය ගැන කියන්නම්.

      Delete
  3. Great.. very happy. Will do the plastering also..

    ReplyDelete
  4. ඔස්ට්‍රලියාවේ සිනුවර ඉන්නා චමින්දලා බාප්පාගේ පුතා චමල් රාජපක්ෂ මල්ලී අද මේ වෙනුවෙන් රුපියල් 10000ක් දැම්මා කිව්වා චාමර මල්ලිගේ ගිණුමට..

    ReplyDelete
  5. කවිදු ජේන් අක්කාගේ කතාවේ දී කියුවේ ඒ කෙනාද ප්‍රෙද්ශීය ලේකම්වරිය.

    සුභ පැතුම් වැඩේට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. ඔව් . ඔව් මේ තමයි ඒ නංගි . මෙයා තමයි ඔය පළමුවෙනි පින්තුරේ දම්පාට කමිසයක් ඇඳගෙන ඉන්න සැම්සන් අය්යාගේ නෝනට ( මද්දු අක්කාට ) "වට්ටක්කත් මාලුවක්ද .. තොපේ අම්මත් ගෑණිනයෙක්ද" කියලා කිව්වේ..http://helmalu.blogspot.com.au/2016/04/blog-post_63.html මේ ලින්ක් එක දැන් පොස්ට් එකට දාල තියෙන්නේ..

      Delete
  6. Replies
    1. ස්තුතියි රාජ් මේ පැත්තේ ආවා කියන එකටත් සතුටුයි

      Delete
  7. මැයි දිනය දැන් කම්කරුවන්ගෙ නෙවෙයි... දේශපාලුවන්ගෙ... එපාවෙනවා මේ මැයි දින පෙළපාලි දැක්කම... මේ වැඩේ නම් හරිම යහපත්...

    අපේ ගමේ එදා උදේ පොදු දානමය පින්කමක් තිබුණා.. ගමේ හැමෝටම එක්ක... හවස ළමයින්ට පුංචි පුස්තකාලයක් විවෘත කළා. පළමු වතාවට පොත් බැහැර දුන්නා... ඒ වැඩේට මටත් ගොඩක් අය උදව් කළා.. හෙමිහිට ලියන්න ඕනි ඒ කතන්දරේ...

    ReplyDelete
    Replies
    1. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මිනිස්සු මැයි දින පෙළපාලි අතහැරලා දායි තමයි. ඔයාලත් එහෙමනම් මැයි දිනේ අපේ අය වගේ සමරලා.. ලියමු ලියමු අපිටත් බලන්න.

      Delete
  8. මැයි දිනේට අපිත් ශ්‍රමදානයක් කළා. අපේ පුංචි ජනාවාසයට එන මාර්ගයේ දෙපස වැවී තිබුණු පඳුරු කපා ඉවත් කර, කානු පිරිසිදු කළා.

    ReplyDelete
  9. ඒ වගේ ගමට රටට වැඩක් වෙන දෙයක් කරන එක හොඳයි මැයි දිනේ වගේ දවසක. අපේ නිම්මිලා ගමට යන පාරේ කල ශාරම දානය මතක් වුනා. http://helmalu.blogspot.com.au/2016/02/blog-post_10.html

    ReplyDelete
  10. හරිම අගෙයි.වැඩේ පිලිවෙලව පිරිසිදුව... බලන අය අභිප්‍රේරණය වෙන වැඩ මෙව්ව..හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. බලන අය අභිප්‍රේරණය වෙලා එයාලත් මෙවැනි වැඩ කරනු ඇතැයි කියන එක තමයි අපෙත් බලාපොරොත්තුව.. එහෙමත් නැතිනම් අර කලාහිතලා කළා වගේ වැඩ වලට උදව් වෙන එක හරි..

      Delete
  11. නියම වැඩක්.
    ඒ වගේම කලූගේ වචනත් අගය කළ යුතුයි. ගොඩ දෙනෙක් තමංගෙ වැඩේ කෙරුනට පස්සෙ වෙන කෙනෙක්ගෙ ඒ වගේ අවශ්‍යතාවයකදි මග අරින එකයි කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න .. කළුලත් මේ වැඩ දිහාම බලලා මෙවැනි වචන ප්‍රකාශ කරන තරමට දියුණු වෙලා..අපේ මේ පැත්ත ගැනත් හිතනවා .මේ වගේ වැඩ හරහා ගැමියන්ගේ ආකල්ප වෙනසක්..

      Delete
  12. අද අපට තව උපකාරයක් ලැබුනා අපිත් එක්ක එකට පාසැල් ගොස් එකම වසරේ වෙද විදුහලට තේරුන අබේරත්න අය්යා ගෙන් . අබේරත්න අය්යා දැන් ජිවත් වන්නේ කැනඩාවේ . අබේරත්න අය්යටත් ඔහුගේ පවුලේ සැමටත් සුභ අනාගතයක් වේවා!!

    ReplyDelete
  13. රුවන් ආටිගලගේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අක්කා ( චමින්ද්‍රා කොඩිතුවක්කු ) මේ ගෙදර ඉදිරි වැඩ වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කලා අද ..05/05/2016

    ReplyDelete