Follow by Email

Saturday, 21 May 2016

හොඳ හිත්



අනුන්ගේ  දුක වෙනුවෙන් උණුවෙන හිත් ඇත්තෝ විරළය. මෑතකදී එවැනි මිනිසුන් පිරිසක් ආමන්ත්‍රණය  කල පොස්ට් කිහිපයක්  මා අතින් ලියවුනා මතකය.

1.  රුවන්  ආටිගල  

2. සොඳුරු මිනිසෙකුගේ  නික්ම යාම 

3. අප්පච්චි නැති වුන නිසා

ඒ අපේ පාසැල් සගයෙකු මෙන්ම  අප කල බොහෝ ප්‍රජා සත්කාරක වැඩ වලට  උදව් කල කෙනෙක් වූ  අපේ  හිතවතෙක් ගේ අකල් මරණයයි.

රුවන් ආටිගල නම් වූ ඒ සොඳුරු මිනිසා අප හැර ගොස්  දැනට මාස දෙකකට ටිකක් වැඩි කලක් ගත වී තිබේ.

ලබන මාසේ නව වෙනිදා වනවිට  අපේ පාසැල් හිතවතා ගේ තුන්මාසේ දානය දිනය යෙදී ඇත.

ඔහුගේ අක්කා වූ  චමින්ද්‍රා කොඩිතුවක්කු   අක්කා  මෑතකදී මා හා පැවසුවේ ආටිගේ තුන්මාසේ  දානේ ඔස්ට්‍රලියාවේ මෙල්බන් නුවර පැවැත් වීමට කටයුතු සකස් වෙමින් තිබෙන බවයි.

මේ අතර ඔස්ට්‍රලියාවේ සිටින ආටිගේ විශ්ව විද්‍යාල මිතුරන් පිරිසක් විසින්  ඔහුගේ දරුවන් දෙදෙනා වෙනුවෙන් අරමුදලක් ගොඩනැගීම කරමින්  සිටිති.

අපද  ( විජිත දිසාවේ සහ ඉඳුනිල්  විජේරත්න ලංකාවෙන් සහ ඔස්ට්‍රලියාවේ සිට මා   එකතු වී )  මුහුනුපොතේ සහ බ්ලොග් අවකාශයේ  මේ වෙනුවෙන් වෙහෙසුනෙමු.

මේ කටයුතු  ලබන මාසේ නවවෙනිදා වන විට අවසන් කරන්නට සිතුවෙමු.

මේ වෙනුවෙන් අපි විශේෂ යෙන්  අප විද්යලේයේ  ආටි සමග එකට උසස් පෙළ කලහිතවතුන් ගෙන්  සහ අපේ අනෙකුත් හිතවතුන්ගෙන් උදව් ඉල්ලා සිටියෙමු.

ඒ මගේ එක් බ්ලොග් පොස්ටුවක ආටිගේ ළමුන් දෙදෙනාගේ සහ ඔහුගේ අක්කගේ ගිණුම් විස්තර සඳහන් කරමිනි.

//පුතේ .... ඔබ සහ ඔබේ නැගණිය වෙනුවෙන් ලංකා බැංකුවේ ටිකිරි ගිණුම් දෙකක් ආරම්භ කරන්නට  අප්පච්චිගේ යාළුවන් පෙරමුණ ගත් බව ආරංචි වුණා.

ඔබේ අප්පච්චිට ආදරේ කරන ඔහුගේ අසීමිත මනුස්සකමට ගරු කරන මිනිසුන් ඔබ දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කල මේ ගිණුමට දායක වෙයි කියල මං හිතනවා. 

ඒ මුදල් ඔබේ අධ්‍යාපනයට සහ  ස්වස්ථතතාව වෙනුවෙන් පමණක්ම යොදා ගැනීමට තීරණය කල නිසා එය ඔබේ අනාගතයට පිටිවහලක් වේවි.

ආටිගල අපට කියා දුන් නිහතමානීකම, පරිත්‍යාගශීලීත්වය , මානව දයාව  වැනි උතුම් මානුෂිය ගුණාංග ඔහුගේ අකල් මරණයත් සමග අවසන් වන එකක් නැහැ..


මම ඔබේ පියාට ආදරය කරන මිතුරෙක්.....




(මේ කතාව මට කිව්වේ ආටිගේත් මගෙත් මිතුරෙක් වන කමල් සසරසිංහ විසින් ... ඔහුත් අපි වගේම  ආටිගේ ගුණවත් කමට ගරුකරන ආටිගේ සහෝදර ඉංජිනේරුවෙක් !!!)




ඔබ දෙදෙනාගේ  ගිණුම් අංකත්   මෙහි සඳහන් කරන්න තීරණය කළා.


1. පුතා ගේ ගිණුම් විස්තර ..


Account name: V. S. Atigala
Account number: 78944864
Bank: Bank of Ceylon  Bambalapitiya Branch 

2. දුවගේ ගිණුම් විස්තර ..


Account name: T. T. Atigala
Account number: 78944837
Bank: Bank of Ceylon  Bambalapitiya Branch 


3. ඔබ දෙදෙනාගේ සහයට ඕස්ට්‍රේලියාවේ  ඉන්නා අයට  මුදල් තැන්පත් කිරීම සඳහාම විවුර්ත කල  ගිණුම  ( මෙය ඔබේ ලොකු නැන්දා වන චමින්ද්‍රා ආටිගල/කොඩිතුවක්කු නමින් මේ කාරණය වෙනුවෙන්ම පටන් ගත් ගිණුමක්)


Account name: Chamindra Kodithuwakku
BSB: 083168
Account number: 139865877
Bank: National Australia Bank (NAB)  Broad Meadows Branch    .........//

ඒවාට ප්‍රතිචාර ලෙස ආටිගේ පාසැල් මිතුරන් මෙන්ම  ආටි නොහඳුනන අපේ  මිතුරන් පවා  සිය දායකත්වය  ලබා දුන්හ.



පහතින් දෑක්වෙන්නේ  මෙතෙක් අපට උදව් කල අයගේ විස්තරයයි.


2016  මැයි 20 වෙනදා වනවිට   ලංකාවේ ගිණුම් දෙකේ  මෙතෙක් එකතුව =  රුපියල්  163000


විජිත දිසාවේ  = රුපියල්  5000

Dr.  නිරෝශා  දිල්රුක්ෂි =  රුපියල්  7000

හිතවතෙක්  (ආටිගේ  සහ අපේ )   ශ්‍රී ලංකාව  = රුපියල්  25000

D P P I  බණ්ඩාර  = රුපියල්  10000

කුලතුංග = රුපියල් 4000

හිතවතෙක්  ඔස්ට්‍රේලියාව   = රුපියල් 20000

චමින්ද කුරුප්පු  ඔස්ට්‍රේලියාව   = රුපියල් 15000

MATCH  බණ්ඩාර  = රුපියල් 5000

මහාචාර්ය  මලින් ප්‍රේමරත්න =  රුපියල්  12000

ආටිගේ සහ අපේ  පාසැල් හිතවතියක්   = රුපියල් 5000

ලක්සිරි ජයන්ත = රුපියල් 2000

චානක ලසන්ත වීරවන්නි = රුපියල් 5000

වර්මි ගුණරත්න =රුපියල් 20000

තුසිත නුගගහකුඹුර= රුපියල් 10000

ක්‍රිෂාන්ත කොස්තා = රුපියල් 5000

බන්දුල මාපා = රුපියල් 2000

Dr. සාගර රත්නායක ( අපේ පාසැල් හිතවතා )  = රුපියල් 10 000



ඔස්ට්‍රලියාවේ  ඇති  චමින්ද්‍රා කොඩිතුවක්කු අක්කගේ ගිණුමේ ඇති මුදල = $ 500

තිසර ශ්‍රීමාල්  ( ආටි වත්  මේ උදව් කරන විට අපවත් හඳුනාගෙන නොසිටි සොඳුරු මිනිසෙක් , සහෝදර බ්ලොග් කරුවෙක් )=  $ 50

Dr අජිත් විදානගම - ප්‍රසන්කා විදානගම යුවල - $ 100

ඉන්දුශ්‍යමා  ජයකොඩි -$ 50

නම සඳහන් නොකරන  පේරාදෙණියෙන් බිහිවූ Dr කෙනෙක්  -$100

ආටිගේත් අපෙත් පාසැල් සගයෙක් වන කැන්බරා වෙසෙන ලලිත් ගුණරත්න - $100


මේ සියළුම මුදල්   ඉහත ගිණුම් දෙකට ( සම සමව) බැර කෙරෙනවා ලබන නවවෙනිදාට  පෙර..


උදව් කල සහ උදව් කීරීමට පොරොන්දු වූ ඔබ සැමට ස්තුතියි... පොරොන්දු වූ අය .....නවවෙනිදාට  පෙර  හැකිනම් සහභාගිවන්න








1 comment: