Follow by Email

Friday, 27 May 2016

අපේ කාලයේ ගුරුගීතයද?



ගුරුවරයා දෙවැනි වන්නේ  දෙමව්පියන්ට පමණක් බව අප අසා ඇති කියමනකි.  ඔබ අප කාටත්  අපේ දෙගුරුනටත් වඩා සෙතක් සැලසු ගුරුවරු හමුවී ඇතුවාට සැක නැත.

මා  මහකළු  කඩ්ඩේකුගේ  ආගමනය  නමින්  ලියු  බ්ලොග් පොස්ටුවේ  එවැනි  ගුරුපිය තුමෙක්  ගැන  සඳහන් කළෙමි.

ඒ  "අරලගංවිල මහා විද්‍යාලය"  වැනි ඉස්කෝලෙකින් හිස කෙලින් තබා ගෙන  ලෝකෙට බැසිය හැකි මිනිසුන් සමුහයක්  හැදු  තාබ්රු සර් ගැනයි.


ස්වෙච්චා  ගුරුවරයෙක්  ලෙස ඔහු කල අගනා සේවය  මට  යලි සිහිපත්  කර දුන්න  අපුරු  බ්ලොග්කරුවෙක්
ජනිත  වුනා මීට  දින කිහිපයකට පෙර.

දුයිෂෙන් ගේ  අඩවිය  නමැති  බ්ලොගය   හරහා  ඔහු අප  අතරට  එන්නේ  අප ඉගෙනගත් පරිසරයට  සමීපව පිහිටි එහෙත් ඊටත් වඩා දුෂ්කර ප්‍රදේශයක්  වූ  රිටිගහ ආරාව ප්‍රදේශයේ පාසැලක  කතාවක් සමගින්.

එහිදී දුයිෂෙන් තම වැටුපට සේවය කරනා ගුරුවරුන් අතර  සිට වියළි ඉරිතැළුණු පොලවේ බඩගින්නට එරෙහිව සටන් කල දුවා දරුවන් වෙනුවෙන් සැබෑ ගුරුවරයෙක් ලෙස වෙහෙසුන හැටි අපට කියනවා.

දුයිෂෙන් ගේ ම වචන වලින්  කියනව නම්

"මල් සුවඳට  කවුරුත් කැමතියි.  වියළුණු මේ බිමේ මල් පිපෙන්නේ හරි අඩුවෙන් . සුවඳ හමන එකම එක මලක් වී පිපි පරවීමත් නරක නැහැ. ඒත්  රටම  සුවඳ  කරන මල් පුදින  බිමක්  හදන්න  ඕනෑ " .

ඒ බව අපට ක්‍රියාවෙන් පෙන්නුම් කල  දුයිෂෙන්  ඉන් නොනැවතී තමන් ඉදිරියට  ගමන්  කළහැටි  ඔහුගේ බ්ලොගයේ  කියනවා.

ඔහු හා අනෙකුත් බ්ලොග් කරුවන් අතර සිදුවන සංවාදයද  අපේ මනස එළිය කරවන්නට  සමත් සංවාදයක් .

ගුරුවරයෙක් ලෙස  ජීවිතය අරඹා  දුෂ්කර  පාසැල්  සේවයෙන් ජීවිතය  දුටු  දුයිෂෙන් ට බ්ලොග්  ලෝකයේ දිගු ගමනක්   යා  හැකියි.

ඒ  ගමන   බ්ලොග් ලියන  කියවන  අපි හැමෝටම  ප්‍රයෝජනවත් වේවි .

දුයිෂෙන් ගේ  කතාවට  මෙතනින්  පිවිසෙන්න  


9 comments:

  1. අන්තිමේ බලාපොරොත්තුව ඉටුවුනා.ඔහු පැමිණියා.ඔබට බෙහෙවින්ම ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ස්තුතියි මනෝෂ්.. මේක යුගයේ අවස්‍යතාවයක්!!!... ඔබ ගුරුවරයෙකු නම් ඔහු කළා මෙන් සේවය කරන්න.. වෙනත් ආයතනයක සේවය කරන්නෙක් නම් අනෙක් අයට වඩා ටිකක් ඉදිරියට ගිය, තමසේවාදයකයා මුල්තැන තබා වැඩ කරන කෙනෙක් වන්න. එවිටයි ඔහුගේ මග යන්නෙක් ලෙස ඔබ අප හඳුනාගන්නේ

      Delete
  2. ගියා, කියෙව්ව, කොමෙන්ට් කළා, ඔහු ප්‍රතිචාරත් දක්වල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අදත් සෑහෙන්න කට්ටිය ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් ඉන්නා බව පෙනෙනවා..

      Delete
  3. පෙන්විය හැකි විවිධ දේවල් ඔහු වෙත ඇති.. අපි බලා ඉන්නවා ඒ වෙනුවෙන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නේ එහෙමයි.. කොහොමද සෝමෙයා අල්ලපු හැටි ?...

      Delete
  4. ගිහින් කියවලා ආවා. කොමෙන්ට්වලට උත්තර බලන්න ඕනෙ. ඔහුගේ පැමිනීම බොහොම සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන් . පැමිණීම ගැන අපටත් සතුටුයි . ඒ වගේම සියළුම පාර්ශව වල දේශපාලකයින් බ්ලොග් ලියනවානම් තවත් හොඳයි..

      Delete