Follow by Email

Saturday, 4 June 2016

අපේ ගමේ පශු සම්පත්



ඒ 2007  වසරේ ආරම්භයයි .   මා  උසස් අධ්‍යාපනයට  මෙරටට පැමිණ ගතවී තිබුණේ අවුරුද්දකටත් අඩු කාලයකි.

එතෙක්  මගේ   පුද්ගලික  වියදමින් ඉගෙන ගත් මට   අපේ  ලැබ්  එකෙන්  ජිවන වියදම් දීමනාවක්ද ගෙවන්නට  පටන් ගත්තේ   ඒ කාලයේමය.

හේතුව  ඔවුන්ට  ලැබුණු  රිස්ච්ජ් ග්‍රාන්ට්  එකේ  පි. එච්. ඩි. අයදුම්කරු ලෙස මටත් ගානක් වෙන්කර තිබීමයි. 

නිම්මිට තවමත්  වාහන  පැදවීමට  නොහැකිවීම  අපේ අතිරේක  අදායම්  මාර්ග වලට  සෑහෙන බලපෑමක් විය.
තාත්තා වත් ගෙන්වා ගත්තා නම් ඇයට  රියදුරු බලපත්‍රය පමනක් නොව රැකියාවක් ආරම්භ කිරීමටද ඉඩකඩ සැලසෙනු ඇත. 

මාසික ගෙවීම්  ආරම්භ වීමත් සමග  අපේ  අදායම  තරමක්  ඉහළ ගිය බැවින් මගේ හිතට  තවත් සැලසුමක් පැමිණියේය.

"දැන් වෙලාව හොඳයි  අපේ මස්සිනාලා  ටිකට එහෙම උදව් කරන්න. ඒත් ඉංග්‍රීසි බැරුව  එකෙකුට වත් මෙහෙ එන්න බෑනේ . 

මුලින් තාත්තා ගෙන්න ගන්නවා  මෙහාට . ඊට පස්සේ එයා ලව්වා අනිත් අයව  ( මස්සිනාලා ටික ෆෝම්  කරවනවා. " .

මේ සිතිවිල්ලේ ප්‍රතිඵලයක් ලෙස අපේ තාත්තා අප සිටි රටට   පැමිණියේය. 

 ඒ සමගම  මම විශ්ව විද්‍යාලයට  ගිය පසු ඔහුට  එන කම්මැලිකම  / ලංකාව ගැන මතක් වෙන එක  ආදිය මග හරවන්නට  වැඩ පිළිවෙලක් අවශ්‍ය විය.

ඒ වෙනුවෙන්  තාත්තාගේ හිත  ගමේ නිතර ගැවසෙන අන්දමේ  ව්‍යාපෘතියක් ගැන සිත යොමු කලෙමි.

ඒ අනුව  අපේ  නෑදෑයින්ට  උදව්  කළහැකි යමක්  සහ  අනෙකුත් ගම්  වැසියන්ට  උදව්  කල හැකි අයුරක් ගැන සිතන්නට අවශ්‍ය විය.

නෑදෑයින්ට  උදව් කිරීම  තාත්තා  මා සමග සිටිද්දීමත්  ගම හැදීමේ  වැඩකටයුතු  ඒ කාලයේදී ඔහු සමග සකච්චා  කරමින් සිටීමත් පමණක් කිරීමත් මගේ අදහස විය.


මේ ක්‍රියාදාමය  අවසානයේ  බිහිවූ මූලික  ව්‍යපෘති  දෙකකි. 

1.  ලෙනදොර සහ අපේ නංගිලා බැඳපු  මස්සිනාලා  ටිකට  ඉංග්‍රීසි (  IELTS සඳහා )  සහ මේසන් වැඩ  ( Brick Layering )  ඉගැන්වීම ඉන් එක් ව්‍යාපෘතියකි.

මෙය මගේ පුද්ගලික වියදමින් සිදු කෙරුනේ තාත්තා මේ රටේ සිටියදීමය. ( මේවෙනුවෙන් අප ගිය දිගු ගමනේ  කතාව ඉදිරියේදී බලා පොරොත්තු වන්න .

එය කොටස් කිහිපයකින් යුත් මෙගා  බ්ලොග් පොස්ට් එකක්  වනු නොඅණුමානය.



2.  අපේ ගමේ   සමාජ සංවර්ධන  ( ග්‍රාමීය සංවර්ධන ) ව්‍යාපෘතියක්  ආරම්භ  කිරීම ඒ අනෙක් වැඩ පිළිවෙලයි.

 එය ආරම්භ වුයේ තාත්තා නැවත ලංකාවට ගියාට පසුවයි. 


තාත්තා මෙහි සිටි මාස දහය ( අවුරුද්දකට  විසා ගෙන පැමිණියද  මාස දහයකින් පසු ඔහු නැවත ලංකාවට  යන්නට තීරණය කළේය ) තුල ක්‍රියාවට  නැංවුයේ  ලෙන්දොරලා ට  ඉංග්‍රීසි , පරිගණක සහ මේසන් වැඩ ඉගැන්වීමයි. 

මල්දෙණියේ  ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය  ආරම්භ වුයේ 2008 ජුලි අගෝස්තු කාලයේ තාත්තා නැවතත් ලංකාවට ලඟා වීමත් සමගයි. 

එහෙත් තාත්තා මෙහි සිටි මුළු කාලයේම ඔහුගේ හිසට එකිනෙකට වෙනස් සංවර්ධන සැලසුම් යෝජනා කරමින්  ඔහු අපේ ගමේ හිතින් ජිවත් කරවීම දිගටම කරගෙන ගියෙමි.

ඒ සඳහා  මේ ග්‍රාමීය සංවර්ධන  යෝජනාව  මට මහත් සේ ප්‍රයෝජනවත් විය.


මේවා තාත්තා සමග සාකච්චා කරමින් කාලය  ගත කරන අතරේ  විශ්ව විද්‍යාලයේ  වැඩත් , අතිරේක රැකියාත්  කරමින් නිම්මිට  රියදුරු  බලපත්‍රයක්  සහ ඇයට   වැඩිහිටියන්ට  සැලකීමේ හෙද  පාඨ මාලාවක් කරවුයෙමි.

ඒ සඳහා තාත්තගේ  ආගමනය මහත් පිටිවහලක් වුයේ  ඔහු  අප දෙදෙනා නිවසේ නැති අතරේ නොම්බර එකේ චන්ඩියෙකු වූ අපේ සුපුන්  ( එවිට ඔහුගේ වයස  අවුරුදු  3කි ) බලාගැනීම  නිසයි.. 

ගම ගොඩනැගීමේ  යෝජනා 







මෙහිදී  මගේ ප්‍රධානම  බලාපොරොත්තුව වුයේ  ගමේ  ළමයින්ට හොඳ අධ්‍යාපනයක්  ලබා දෙන අතරම ඔවුන්ගේ දෙමව්පියන්ට හොඳ අදායම් මාර්ග ඇති කිරීමයි.


ඒ වෙනුවෙන්  තාත්තා සහ මා එකතුව සකස් කල සැලසුමට අනුව පහත සඳහන්  යෝජනා ඇතුලත් විය .



1. කිරඹ ඔය - මල්දෙණිය , අසල ඇති කේෂන් වත්ත  යන ගම්මාන වලින් එන ප්‍රාථමික වයසේ සිසුන්ට ( 11 වසර දක්වා ) නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම ( සති අන්තයේ පැවැත්වෙන පන්තියක් මගින්)

2. එම සිසුන්ට නොමිලේ පරිගණක පුහුණුව ලබා දීම.( සති අන්තයේ පැවැත්වෙන පන්තියක් මගින්)

3. කිරිහරක්  හැදීමට කැමති පවුල් තෝරා ඔවුන්ට නොමිලයේ  උසස් තත්වයේ  කිරි හරක් ලබා දීම.

4. ඒ  හරක් ගෙන් ලැබෙන  ගොම සහ  ගෙවල් වලින් ඉවතලන  කුණු යොදාගෙන  නිවෙස් වලම  කොම්පෝස්ට්  නිපදවීම.

5. මීමැසි පාලනයට  කැමති පවුල් වලට තම ගෙවත්තේ  තැබීමට  නොමිලේ  මීමැසි පෙට්ටි ලබා දීම. 

6.  හැම නිවසකම  කෙසෙල් ගස් දෙක බැගින් සහ කොස් පැලය මගින් සිටුවීම.

7. හැම නිවසකම  කුඩා ගෙවතු වගාවක් පවත්වාගෙන යෑමට  ගැමියන් උනන්දු කිරීම 

5  නොමිලේ  වුෂු  පාඨ මාලාවක් (අපේ පොඩිම මස්සිනා ස්වෙච්චා වෙන් ඉදිරිපත් වීම නිසා.  සති අන්තයේ පංති වලට  නොමිලේ  වුෂු  පාඨ මාලාවක්ද  එකතුවිය)   



මේ යෝජනා මාලාව  ක්‍රියාත්මක කිරීමේ වගකීම  තාත්තා ට  නොදී අපේ  ගමේ තවත් සමාජ සේවයට කැමති  අයෙක් වූ  සුවඳරත්න  අය්යාට දීමට  තීරණය  කලෙමි. 

 ඔහු තාත්තට  වඩා  වයසින් අඩු වීමත්  මා  විශ්වාස  කල පරිදි ඔහු තාත්තා තරම්ම තදබල ශ්‍රී ලංකා කාරයෙකු නොවීමත්  ඒ තීරණය  ගැනීමට  හේතු පාදක විය.

මෙහිදී මට අවශය වුයේ  ශ්‍රී ලංකා යුඇන්පී  ලෙස බෙදී වෙන් වී තිබු අපේ ගම් දෙකේ පක්ෂ භේදයකින් තොරව  කාර්යය  සිදු කිරීමයි.

තාත්තලා සුවඳේ ලා හොඳ වැඩ කලා වුවද  ඔවුන් ශ්‍රී ලංකා කාරයින් වීම  මේ වැඩේ හොඳකමට  බලපෑමක්  කරනු ඇතැයි මා සිත තුල වූ බිය ඊට හේතුවයි.

ඒ ඔවුන් තමන්ට පක්ෂ මිනිසුන් තෝරා ගනු ඇතායි යන සැකයටත්  වඩා ගම් තුලානේ අයගේ චින්තන රටාව දන්නා බැවිනි.

ඔවුන් බොහෝ විට සිතන්නේ "මියක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි  නේ "  යන අර්ථය ඇතිව බව මා හොඳින් දන්නා කාරණයකි.

අප කල දේවල් වල  එවැනි ලාභ ප්‍රයෝජන කිසිවක් ගැන සිතේ නොතිබුනත් ගැමියන් එවැනි දේ සිතිය හැකි බැවින් පක්ෂ පාට පමණක් නොව ජාති භේද ද නොසලකා මෙය සිදුවිය යුතූ බව මාගේ අදහස විය.

ඒ නිසාම ශ්‍රී ලංකා , යු ඇන් පි  දෙපැත්තේම ඉන්න අයට  ඔවුන්ගේ  ආර්ථික තත්ත්වයත්  ඊට අමතරව හරකෙක් හැදීමට ඇති කැමැත්තත්  සලකා බලා  සතුන් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි.

ඊට අමතරව අසල පිහිටි තේ වත්තේ ලැයිම් කාමර වල සිටිනා ද්‍රවිඩ පවුල් කිහිපයකටද  හරක් ලබා දෙන ලෙස උපදෙස් දුන්නෙමි.

එපමණක් නොව හරකෙක් ලබා දීමේදී හෝ මීමැසි පෙට්ටි ලබා දීමේදී   අප ඔවුන්ට  උදව්වක් උපකාරයක්  කරනවා කියා කිවයුතු නැති බව මගේ අදහස විය.

ඒ වෙනුවට එවා ලබන්නා අපේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක  කීරීමට දක්වන්නේ  මහත් උපකාරයක් බව මතක් කරන්නැයි මම සුවඳේ අය්යට පැවසුවෙමි.

ගමේ සියළුම ළමුන් ඉංග්‍රීසි , පරිගණක සහ  වුෂු පංතියට  යොමු කරවන ලෙසද  ඉල්ලා සිටියෙමි.

පංතිය ආරම්භක අවස්ථාවේදී සිසු සිසුවියන් හැත්තා පහක් එයට සහභාගී වූහ. ඒ අතර මල්දෙණිය සහ කිරඹ ඔය ගම් දෙකේ සියළුම නිවෙස් වල ළමුන්  වූහ.

ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුතුමා ( ඔහු අසල රජයේ පාසැලක ඉංග්‍රීසි ගුරුවරයෙකි ) මාසික දීමනාවක් ( රුපියල් 3000ක් ) ගෙවූ අතර එය පසුකාලීනව පන්දහස දක්වා වැඩි කළෙමු.

අනෙක් ගුරුවරුන් දෙදෙනා ඉදිරිපත් වුයේ ස්වෙච්චාවෙනි .

රුපියල් 29500 ක්  ගෙවා  පරණ ලැප්ටොප්  පරිගණයක්  රැගෙන දුන්නේ පරිගණක පංතිය වෙනුවෙනි.

හරක් ව්‍යාපෘතියේ මුල් සතුන් පස් හයදෙනාම ලබා දෙන්නට සිදු වුයේ මගේ පුද්ගලික මුදල් වලිනි .






මුල්ම හරකා 


ඉහත  යෝජනා මාලාවේ  එක ප්‍රධාන  යෝජනවක්  වූ පශුසම්පත  දියුණු කිරීමේ  වැඩ  පිළිවෙල මුලින්ම  ආරම්භ කලෙමි.  

මට  ස්ථිර මාසික අදායමක්  ලැබීමේ  ප්‍රීතිය  නිමිත්තෙන් වෙන් කල රුපියල්  පනස්  දාහක  මුදල  ඒ වෙනුවෙන්  මුලින්ම  වැය කලෙමි.



මුල්ම  හරකා  අපේ ගමේ  සිරිසේන අය්යාට  දෙන්නට  තීරණය  කලේ  සුවඳේ අය්යා , තාත්තා ඇතුළු පිරිසක් විසිනි. සිරිසේන අය්යා  අපේ  ගමේ හංදියේ කඩයක්  කල බුරුස්  මාමාගේ  පුතෙකි.  ඔහු ගමේ සිටිනා ප්‍රභලම එක් සත්  ජාතික පාක්ෂිකයෙකි.

                                චමින්දගේ  මාමා  ( නම නොදනිමි )  තම  තාවකාලික  ගාල අසල 













අපට නෑදෑ කමක් නැති අයටත් , සුවඳේ අය්යා කැමති අකමැති හැමෝටමත්   ( ශ්‍රී ලංකා යුඇන්පී භේදයකින් තොරව) කේෂන් වත්තේ  දෙමළ කම්කරුවන්ටත්  හරක්  ලබා දෙන ලෙස මා ඉල්ලීමක් කලේ  සුවඳේ අය්යා සහ තාත්තා  වැඩිපුර  නෑදෑයින්ට  අදිනා බවක් දැනුණු නිසාය.

මුල්ම  හරක් ලාභියා ලෙස   අපේ ලොකු තාත්තගේ  දුවෙක් හා විවාහ වී සිටි  සිරිසේන තෝරා ගැනුනේ ඔහු දැක්වූ අධික උනන්දුව නිසා බව කියවිණි.

සිරි සේන අය්යා හරකා හදන අතර ලැබෙන කිරි  මිල්කෝ හෝ නෙස්ලේ වෑන් වලට නොදී ගමේ අයටම බෙදා දෙන්නයි ( මුදලට)  මම ඉල්ලීමක් කලෙමි.

කිරි බෙදා දීම සඳහා ජේන් අක්කලා මැණිකේ සහ තවත් කාන්තාවක්  යෙදවුයෙමි. ඒ සුවඳේ සහ අපේ තාත්තගේ  මැදිහත් වීමත් ඇතිවය.

දවස්  කිහිපයක්  ගමේ කිරි විකිණීම ජයටම කෙරීගෙන ගියේ අප කුඩා කාලේ මෙන් නැවතත්  නැවුම් කිරි විදුරුවක රස ගමේ කැමති කෙනෙකුට  ලබා ගන්නට ඉඩ සලසමිනි.

එහෙත් හිස්ටි හැටියේම සිරිසේන ගමට කිරි විකිණීම  නවතා දැමිය.

ඒ වෙනුවට  ඔහු මිල්කෝ වැන් එකට කිරිදෙන්නට  පටන්ගෙන තිබුණි

ගමට කිරි විකිනීමේ අදහසට  සිරිසේන නම්මා ගැනීමට සුවන්දෙට  නොහැකි වූ අතර මට දුරකථන ඇමතුම් හරහා සිරිසේන ට මෙය පැහැදිලි කරන්නට සිදු විය.

"මල්ලී ගමේ ගෑනුන්ට කිරි දුන්නේ දවස් පහයි . වැස්සිගේ කිරි බුරුල්ල පුපුරලා ගියා ඇස්වහ  කටවහ වැදිලා  "
සිරි සේන අය්යා තම හදිසි වෙනස් වීමට  හේතුව ලෙස මට පැවසුවේය.

"කිරි බුරුල්ල පුපුරලා නම්  පශුවෛද්‍යවරයා ලඟට යන්න. ගමට කිරිදෙන එක නවත් වන්න එපා "

මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

පසුකලෙක  සිරිසේන අය්යා  සුවඳේ සමග විරසක වූ අතර  අපේ හරකා නැවත  සංවිධානයට  ලබාදෙන්නට  ද වග බලාගත්තේය.

අද වනවිට  ඊට කලින් හරක් නොහැදු  සිරිසේන අය්යා  සාර්ථක  කිරි ගොවියෙකි. ඒ  අප පෙන්වා දුන් පාරේ  තමා තනිවම ගමන් කිරීමේ  ප්‍රතිඵලයක්  වශයෙනි.

දෙවන  සහ තුන්වන කිරි ගොවියෝ 


අපේ  දෙවන හරකා ලබා දුන්නේ  ජයසිංහ නමට  කිසිදු සම්බන්ධයක්  නැති  අපට  දුරින් හෝ නෑදෑකමක් නැති අයෙකුටයි.

ඒ ගමේ අහිංසක පවුලක කෙනෙක්  වූ  චමින්ද විජේසේකරටයි .

චමින්දලා  දේශපාලනමය වශයෙන් යුඇන්පී එකට බර බව මාගේ හැඟීමයි.

චමින්දගේ අය්යා   නිලන්ත  විවාහ වී සිටින්නේ  සෝමේ අය්යා ගේ  ලොකු දුවත් සමගය.

නිලන්ත  යුඇන්පී සාමාජිකයෙක් බැවින් චමින්දද  එවැනි ප්‍රවනතාවයක්  පෙන්වන්නේ යැයි සුවඳේ ලාගේ උපකල්පනය  වන්නට ඇත.






මේ වනවිට  අපේ තාත්තා කෙලින්ම  ව්‍යාපෘතියට  සම්බන්ධ නොවූ බැවින් සියළු තීරණ ගැනුනේ සුවඳේ අය්යා  මගිනි.
  

අපේ ව්‍යාපෘතියේ තුන්වන හරක්  ලාභියා   සිරිතිලක නම් වූ අයෙකි.    ඔහුට එක හරකෙක් නොව හරක් තිදෙනෙක්ම  ලබා දීම සිදුවිය.

 ඒ මගේ  එතරම්ම  කැමැත්තක් නැතිව තිබියදීයි.

"සිරි  මල්ලි දක්ෂයා . එයාට රස්සාවකුත් නැති නිසා මේ වැඩේ හොඳින්ම කරනවා කියලා කිව්වා "

සුවඳේ මා අස් වැසුවේ සිරිතිලක  ව්‍යාපෘතියේ සාර්ථකම  කිරි ගොවියා විය හැකි බව කියමිනි.

සිරිතිලක ජයසිංහ අපේ  ලොකු තාත්තාගේ තුන්වන පුතාය.

සිරිතිලක ඒ වනවිට උතුරු නැගෙනහිර යුද්ධය අතර තුර සිදුවූ  කිසියම් අකටයුත්තකට  වැරදි කරු වී වැඩ තහනම් වී සිටියේය.

ඔහු ඒ වන විට  විශේෂ කාර්ය බලකායේ සාජන්  වරයෙකි.   මා දන්නා පරිදි ඔහු නැවතත් පොලිසියේ  සේවයේ පිහිටුවා තිබේ

ඒ  අදාළ    සිද්ධියට  ඔහුගේ  සම්බන්ධයක්  නැති  බව පරීක්ෂණ වලින් සනාථ වීමෙන් පසුවය

ඔහුගේ පියා වූ  පාලේ ලොකු තාත්තා ජයසිංහ පවුලේ සිටි   එකම යුඇන්පී  පාක්ෂිකයා විය.

මා පවුලට සම්බන්ධ අයට  සතුන් දිය යුතු නැති බව කියද්දීත් සුවඳේ අය්යා සිරිතිලකට හරක් තුන්දෙනෙක්ම දුන්නා මතකය.

ඒ මේ හරක් වෙනුවෙන් වැය වන්නේ මගේ පුද්ගලික මුදල් බව හොඳින් දන්නා නිසා විය හැකි යැයි මා අනුමාන කලෙමි.

"අපේ එකාගේ සල්ලි අපේ එකෙකුට දෙනවා " යන සිතිවිල්ල ඔහු තුල තිබෙන්නට ඇත.

ඒ නිසාමදෝ  ඔහු සිරිතිලකට නිව් ජර්සි වර්ගයේ හොඳම හරක්  දී චමින්දට  දුන්නේ දුඹුරු පැහැති දෙමුහුන් වර්ගයක එකෙකි.

මා කොතරම් ගමේ අනික් අයට  හරක් දීපන් කීවද සුවඳේ අය්යා  කැරකි ගොස් නැවතුනේ  නෑදෑයෙක් ළඟමය.

නෑදා කම් පක්ෂ සබඳකම් නැති දෙදෙනෙක් ලෙස මගේ පෙරැත්තය නිසා හරක් ලාභීන් වූ  චමින්දත් ඔහුගේ පුංචි අම්මාගේ මහත්තයත්  තවමත් සාර්ථක කිරි ගොවින් ලෙස අපේ ගමේ සිටිති.


එහෙත් ඉහත කී සිරිතිලක හරක් ට වල් කැපීමට අමාරු බවත් , වල් ඇදීමට ලෑන්ඩ් මාස්ටරයක් අවශ්‍ය බවත් කියා සුවඳේ ට කරදර කරන්නට  වැඩි කාලයක් ගියේ නැත.

එසේ නොවුනොත් හරක් තිදෙනා විකුණා දමන බවටද ඔහු තර්ජනය කරන්නට විය.

පසුව ඔහුගෙන් සිදුවූ කරදර ඉවසුනු බැරි වූ සුවඳේ අය්යා මට කරදර කරන්නට වුයේ

"චුටි මල්ලි මේකට මොකක් හරි පිලියමක් යොදන්න" කියමිනි.

එපා කියද්දී අහක යන නයි රෙද්ද පල්ලේ දාගත් සුවඳේ සහ අපේ තාත්තලා ගැන දුක් වූ මා

"එහෙනම් සිරිතිලකට කියන්න හරක් ටික විකුනලා මුදල් සුවඳේ අය්යාගේ  අරමුදලට දෙන්න කියලා "

 යැයි පැවසුවෙමි .

අවසානයේ  මගේ මුදල් වලින් රැගෙන දුන් හරක් තිදෙනා විකුණා ලැබුණු මුදල ලෙස ඔහු සුවඳේ අය්යාට රුපියල්  හතලිස් දාහක්  ලබා දී තිබුණි.


එහෙත්  චමින්ද ඇතුළු අනික් කිරි කරුවන්ට  කිරි වෑන් එක ලඟදි ආරංචි වී  තිබුණේ  විකුණු මුදල රුපියල් හැටදහසක්  බවත්  ඉන් විසිදහසක්  සිරිතිලක  ලබාගෙන ඇති බවත්ය.




චමින්ද  විජේසේකර - 2008 සිට අද දක්වාම  තම  කිරි කර්මාන්තය  සාර්ථකව  කරගෙන  යයි.  




චමින්දගේ  ගාල අසල ඇති ගොමගොඩ 


පසුකාලීනව  අප සිටි ප්‍රාන්තයේ නවක සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින්  පිරිසක්  එකතු කරගෙන  සංවිධානයක් පිහිටුවා ගත්තේ  මේ ව්‍යපෘති  ඉදිරියට  කරගෙන  යෑමට මගේ මුදල් පමනක්     ප්‍රමාණවත්  නොවන බැව් තේරුන නිසයි.


එයට නම ඉදිරිපත් කලේ  මගේ උදව්වෙන් තාවකාලික රැකියාවකට  ගිය නිසා අප සමග අත්වැල් බැඳගත්  "විස්කම්  "  විසිනි.  

විස්කම් ආදී ආනන්දියෙකු  බව පැවසුවා මතකය.  ඒ අනුව අපේ සංවිධානය  " Friends in Need  Adelaide 
" ලෙස නම් කෙරිණි. 

එහි සාමාජිකයින්  ( වැඩි පිරිසක්  අප මෙන් වැඩිදුර  අධ්‍යාපනය  ලැබීමට  මෙරටට  පැමිණි ශිෂ්‍ය පවුල් විය )  එකතු වී  ලබා දුන්  ඉවතලන බෝතල් සහ  කෑන්  ප්‍රතිචක්‍රීය කිරීමෙන් ලැබෙන  මුදල  අපේ  අරමුදලට  යොදා ගත්තෙමි.

එමෙන්ම මේ සමාජිකයින් බොහෝ දෙනෙක් මගේ උදව් උපකාර ඇතිව තාවකාලික රැකියා ආදියට  ගිය අය වූහ.

 මුලදී   බෝතල් , කෑන්  එතරම් ලොකු  ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීය  කරණය සඳහා     එකතු වුණේ නැති බැවින් මාසික වියදම් සහ  හරක් මිලදී ගැනීම සිදු කෙරුනේ  මගේ පුද්ගලික  මුදල් වලිනි.



එහෙත් අපේ නෑදෑයින් ගෙන්  බේරීම සඳහා ඒ  මුදල් එවුයේ මා පුද්ගලිකව නොව සංවිධානයකින් යැයි කියන ලෙස සුවඳේ අය්යාට උපදෙස් දුන්නෙමි.

පසු කලෙක අපේ බෝතල් අදායම වැඩිවන්නට විය. ඒ  අළුත පැමිණි ශිෂ්‍ය යුවලක් මගේ ව්‍යායාමයේ අගය සත්‍ය ලෙසම තේරුම් ගැනීමත් සමගිනි.

ඔවුන් විවිධ  සුපර් මාර්කට් පිරිසිදු කර නැවත නිවසට එද්දී ( රෑ දෙකට තුනට පමණ) අපේ යුනිට් එක පිහිටි කොටසේ මගේ මෝටර් රථය අසලින් බෝතල් තිහ හතලිහක  පමණ බෑග් එකක් දමා යන්නට පුරුදු වූහ.

ටින් බෝතල් සියයක් යනු ඩොලර් 10කි  . ඒ අනුව ඒ දෙදෙනා සිටි කාලයේ  සංවිධානයේ අදායම  සීග්‍රයෙන් ඉහළ ගියේය  

මේ සියල්ල සුවඳේ අය්යට  පවසා  නිතර නිතර දුරකථන ඇමතුම් ගත්තෙමි .

ඒ අප ගමේ අයගේ සුභ සෙත වෙනුවෙන් කරන්නාවූ මේ ක්‍රියාව එතරම්  ලෙහෙසි පහසු නැති බවද මතක් කර දෙමිනි.

එහෙත් ඔහු ව්‍යාපෘතිය  ආරම්භ කලේ  ගම පුරා ලොකු ප්‍රචාරයක්  කරමිනි.

සමහර විට සිරිතිලක ලාට  එහෙම මේ නිසා අප අධික අදායමක් ලබනා සංවිධානයක් යැයි වැරදි වැටහීමක් ඇතිවන්නට ඇත.

ටින් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කර මුදල්  එකතු කල අපගෙන් ලෑන්ඩ් මාස්ටර් ඉල්ලන්නට ඔහු පෙළඹෙන්නට ඇත්තේ එබැවින් විය යුතුය. 

සුවඳේ අය්යා  අප ව්‍යාපෘතිය වෙනුවෙන්  සකස් කල පොත් පිංචක්  මා අතට  පත්වී තිබේ .

එහි කියනා හැටියට අප විද්වත් සංවිධානයකි.  

ලොකු අදායමක්  උපයන  සංවිධානයක් විය හැකි බවට ඉඟි පළකර තිබුණේ නැත්තේද නොවේ. 



ඒ කාලේ  අපේ  ගමේ නියෝජිතයා  වූ සුවඳේ අය්යා   පසුකාලයක   අපේ වැඩ වලින්  ඈත්  වී ගියේය . එහෙත් චමින්ද  සහ  ඔහුගේ    බාප්පා ළඟ තවමත්  අපදුන් පශු සම්පත් රැඳී පවතී.   

සිරිසේන  අය්යා තමාගේම  වූ  කිරිහරක්  ටිකක් බලාගෙන  සාර්ථකව  රටේ සංවර්ධනයට  දායක වෙයි. 

අපේ  හරක්  විකුණා දැමු සිරිතිලක නැවතත්  විශේෂ කාර්ය බලකායේ සේවයට එක් වී  සිටි. 



ඇමුණුම . : මේ  දිනවල බ්ලොග් අවකාසයේ  ලොකුම  පෙරළිකාරයා තම දෙවැනි බ්ලොග් පොස්ටුවේ සඳහන් කල  කරුණු  නිසා මගේ මතකය  අපේ ගමේ පශු  සම්පත්  වෙත  ඇදීගිය  බව කිව යුතුය, 

32 comments:

  1. /// ඔහු තාත්තට වඩා වයසින් අඩු වීමත් මා විශ්වාස කල පරිදි ඔහු තාත්තා තරම්ම තදබල ශ්‍රී ලංකා කාරයෙකු නොවීමත් ඒ තීරණය ගැනීමට හේතු පාදක විය. ///

    /// ජය්සේන අය්යා අපේ ගමේ හංදියේ කඩයක් කල බුරුස් මාමගේ පුතෙකි. ඔහු ගමේ සිටිනා ප්‍රභාලම එක් සත් ජාතික පාක්ෂිකයෙකි. ///

    /// ඉන් පසුව ගමේ ලොකු යු. ඇන් . පි. අයවලුන් වූ චමින්ද විජේසේකරටත් , පියතිලකටත් හරක් ලබා දීම සිදුවිය, ///

    අපුරු "ග්‍රාම" සංවර්ධනයක්, ඕකට වඩා සුදුසු පාක්ෂිකයින්ගේ ආර්ථිකය වර්ධනය කිරීම හෝ හිතවතුන්ගේ ආර්ථිකය දියුණු කිරීම වගේ නමක් නේද...?

    මගේ පෞද්ගලික මතය පාට පක්ෂ බේධ නොබලා වැඩිපුරම උදව් ලැබිය යුතු කෙනාගේ සිට අනුපිළිවෙලට මෙවැනි සුභසාධන කටයුතු සිදු කළ හැකි නම් වඩා ප්‍රයෝජනවත් බවයි...

    කෙසේ වෙතත් කාට හෝ කුමක් හෝ ලබා දීම ඉහළින් අගය කරනවා...

    ReplyDelete
    Replies
    1. මෙහි සැඟවුන කතා රාශියකි.. මෙය තේරුම් ගන්නට ඔබ මගේ බ්ලොග් පොස්ට් මුල සිට කියවිය යුතුය.. මේ වාක්‍ය යෙදුවේ පාක්ෂිකයින් මට මග හරින්නට අවශ්‍ය වූ බව කියන්නයි.. පරණ බ්ලොග් පොස්ට් ලින්ක් කරන්නම් එවිට මෙය ඔබ වැරදි කොනෙන් අල්ලාගෙන ඇති බව වැටහේවි...

      Delete
    2. //මගේ පෞද්ගලික මතය පාට පක්ෂ බේධ නොබලා වැඩිපුරම උදව් ලැබිය යුතු කෙනාගේ සිට අනුපිළිවෙලට මෙවැනි සුභසාධන කටයුතු සිදු කළ හැකි නම් වඩා ප්‍රයෝජනවත් බවයි...// මට අවශ්‍ය වුයේද එයයි.. එහෙත් සුවඳේ මහින්ද සුළගේ යාමෙන් ඔහු පාක්ෂිකයින්ට සලකන්නට ගිය බවයි කියන්න ඕනෑ වුණේ..

      Delete
    3. ///එහෙත් සුවඳේ මහින්ද සුළගේ යාමෙන් ඔහු පාක්ෂිකයින්ට සලකන්නට ගිය බවයි කියන්න ඕනෑ වුණේ..///
      සුවඳේ එහෙම කලානම් ඒක වැරදියි, නමුත් ඔබ ලියා ඇති කොටසෙන් මම දැක්කේ ඔබලාත් එවැනිම වරදක් කල බවක්...

      Delete
    4. නැවත කියවන්න සුළු වෙනස් කම් කළා... මෙතන මාතෘකා දෙකක් එකට දැමීමයි අවුලට හේතුව . එසේ කිරීමට හේතුවක් තියෙනවා. අපේ නෑදෑයින්ට උදව් කල හැටි ඉදිරියේදී එන "සමහරු කියන්න වගේ මෙගා සීරිස් " එකකින් කියෙව්වහම වැටහෙයි

      Delete
    5. //නමුත් ඔබ ලියා ඇති කොටසෙන් මම දැක්කේ ඔබලාත් එවැනිම වරදක් කල බවක්...// තමන්ගේ අතේ තියන මුදල් නිකන් දීලා හරක් හත් අට දෙනෙක් ආපසු කිසිවක් බලාපොරොත්තු නොවී අරන් දීමටත් අපේ රටේ කියන්නේ "වරදක් " කියලා නම් මට කරන්න දෙයක් නෑ..

      Delete
    6. //අපුරු "ග්‍රාම" සංවර්ධනයක්, ඕකට වඩා සුදුසු පාක්ෂිකයින්ගේ ආර්ථිකය වර්ධනය කිරීම හෝ හිතවතුන්ගේ ආර්ථිකය දියුණු කිරීම වගේ නමක් නේද...?/ ඔය ගම් දෙකේ ඉන්නේ ඔය පක්ෂ දෙකේ අය විතරයි.. ඒ වගේම ඉතින් ගම් දෙකම හිතවතුන් තමයි... ඔන්න මේ ඊයේ පෙරේදා ගමේ ලොකුම බිස්නස් කාරයෝ තුන්දෙනෙක් ජ.වී. පෙට හැරුනා . එක්කෙනෙක් ලොකු බස් මුදලාලි කෙනෙක් , තව එක්කෙනෙක් දිස්ත්‍රීක්කයේම කේක් සබන් වෙළඳ නියෝජිත කමක් කරන කෙනෙක් (ලොරි හත අටක් තියෙනවා ) රටේ කොහොම වුනත් අපේ ගමේ නම් ජ.වී.පෙට උදව් කරන්නේ දුප්පතුන් ව ඉඳ දැන් මධ්‍යම පාන්තිකයින් වූ අය.. අනෙක් පක්ෂ දෙකේ වැඩිපුර එල්ලී සිටින්නේ දුප්පත්කමේ පතුලේම සිටින අය තමයි ..

      Delete
    7. ඔබලා කරපු ක්‍රියාවේ වරදක් ගැන නෙමේ මම කිව්වේ, අර මනුස්සයා මහින්ද සුලන්ගේ ගිහින් එයාගේ පාක්ෂිකයින්ට පමණක් උදව් කරන්න හැදුවානම් ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ පාර්ශවිය ක්‍රියාවක් ඔබගේ ලියවිල්ල තුළින් මම දුටු බවයි කිව්වේ...

      ///එහෙත් සුවඳේ මහින්ද සුළගේ යාමෙන් ඔහු පාක්ෂිකයින්ට සලකන්නට ගිය බවයි කියන්න ඕනෑ වුණේ..///

      UNP අය තෝර තෝරා උදව් කල බවක් ඔබගේ ලියවිල්ලේ පෙනෙන්න තියෙන එක තමයි මම ඉස්මතු කලේ...
      එතැනදී ඔබට ලියන්න අවශ්‍ය දේ ලියවී නැත්නම් මිසක් මට තාම හැඟෙන්නේ එම අදහසමයි...

      ///අනෙක් පක්ෂ දෙකේ වැඩිපුර එල්ලී සිටින්නේ දුප්පත්කමේ පතුලේම සිටින අය තමයි ..///
      ඒකම හේතුවක් නේද පක්ෂ බේදයක් නැතිව සළකන්න...

      Delete
    8. /////අනෙක් පක්ෂ දෙකේ වැඩිපුර එල්ලී සිටින්නේ දුප්පත්කමේ පතුලේම සිටින අය තමයි ..///
      ඒකම හේතුවක් නේද පක්ෂ බේදයක් නැතිව සළකන්න...// එහෙම තමයි සලකා තියෙන්නේ... ඔබට මිට වඩා විස්තර කරන්න අපහසුයි.. එතකොට මගේ ඉතරි බ්ලොග් පොස්ට් වලට අදාළ ගලායාම නැතිවෙනවා....මුහුනුපොතෙන් හෝ ඉ මේල් මගින් සම්බන්ධ වන්න...

      Delete
    9. //UNP අය තෝර තෝරා උදව් කල බවක් ඔබගේ ලියවිල්ලේ පෙනෙන්න තියෙන එක තමයි මම ඉස්මතු කලේ...
      එතැනදී ඔබට ලියන්න අවශ්‍ය දේ ලියවී නැත්නම් මිසක් මට තාම හැඟෙන්නේ එම අදහසමයි...// වෙන්න පුළුවන්.. මම මගේ අනික් පොස්ට් කියවන්න කිව්වේ ඒකයි.. සුවඳේ කියන්නේ ජයසිංහ පරපුරේ කෙනෙක්.. අපේ නැන්දගේ පුතා.. මම දාපු ලින්ක් බලන්න රාජපක්ෂලා (යු අන් පි අය) අපිට ගහපු එවා එහෙම ඒකෙ තියෙනවා. ඒ තියෙද්දෙත් සුවන්දෙලා අපේ තාත්තලා අකමැති වුනත් යු. අන් පි අය ඇතුල් කල යුතු බව මම කිව්වා තමයි . ඒ සිද්ධිය බැලන්ස් කරන්න මිස මම යු එන පි නිසා නෙවෙයි.. ලොකුපුතා ලංකාවේ ඔය දේශපාලන මඩගොහොරුවේ ජිවත් වන අතර අප එය අතහැර පිටත් වී වසර 13 කී. අපට ඔය සුලඟවල් හැමදෙයකම පෙනෙන්නේ ලොකු විහිළුවක් ලෙසයි.. ම කියන්නට හැදුවේ ඒ භාදක මැද්දේත් අපි හොඳ දෙයක් කරනට හැදු අයුරුයි.. මම ඉපදුනේ ශ්‍රීලනිප දිස්ත්‍රික් බලමණ්ඩල ලේකම් ගේ දෙවැනි පුතා ලෙසයි

      Delete
    10. ඔබගේ සබැඳි කියවන්නම්...
      ඔබ කියනා දේ දැන් මට පැහැදිලියි, නමුත් මේ පෝස්ටුවෙන් එක වරම තේරුම් යන්නේ විරුද්ධාර්තයක්...

      ///ලොකුපුතා ලංකාවේ ඔය දේශපාලන මඩගොහොරුවේ ජිවත් වන අතර අප එය අතහැර පිටත් වී වසර 13 කී. අපට ඔය සුලඟවල් හැමදෙයකම පෙනෙන්නේ ලොකු විහිළුවක් ලෙසයි..///
      ලංකාවේ සිටිනා සැවොම පාහේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එම ගොහොරුව තුළ ජිවත් වන බව සැබෑය, නමුත් බ්ලොග් තුළ සහ ඉන් පිටතදීත් නමක් ගමක් නොදන්නා සුදුද කළුද නොදන්නා කවදාවත් දැකනැති මිනිසුන් හට දරුවන් හට පක්ෂ පාට හෝ වෙනත් බේදයක් නොතකා උදව් කිරීමට එම ගොහොරුව බලපා නොමැති බවද පවසමි...

      ///මම ඉපදුනේ ශ්‍රීලනිප දිස්ත්‍රික් බලමණ්ඩල ලේකම් ගේ දෙවැනි පුතා ලෙසයි///
      මා හට කිසිඳු දේශපාලන සම්බන්ධතාවයක් නොමැති අතර දේශපාලුවන් සමග දැනහැඳිනුම් කම් ඇති කර ගැනීමට මා දැඩි ලෙස අකමැතිය...
      එමෙන්ම ඔවුන් හරහා මාගේ ජිවිතයේ ලබා ගත් හෝ ලබා ගැනීමට උත්සාහ කල හෝ දෙයක්ද නොමැති වීම සතුටකි...
      නමුත් එක් එක් කාල වකවානු අනුව තෝරා ගන්නා දේශපාලනයක් පමණක් මා හට ඇත...

      ///ම කියන්නට හැදුවේ ඒ භාදක මැද්දේත් අපි හොඳ දෙයක් කරනට හැදු අයුරුයි.. ///
      ඔබලාගේ උත්සාහයට සහ ක්‍රියාවට මාගේ පැසසුමේ කිසිදු අඩුවක් වී නොමැත...

      Delete
    11. Thanks for your comments . This was originally posted hastily as I just wanted to talk about cattle thing . However at least you were got distracted because of a little thing I mentiond about suwande being biased . Now because of your misunderstang I added quite a lot of extra details . Now it should be more clearer for you / and the others ,, in the process suwande got exposed a bit more which was not my original intention .,, enjoy reading it and other links again ... As you said you are more than welcome to help blog initiatives even ours

      Delete
  2. සංවිධානය විද්වත් වෙන්නෙ නැත්තෙ මොකද මහා පරිමාණයෙන් ප්ලෑන් කරල තියෙනකොට.
    ගම වෙනුවෙන් මෙවන් දේ කිරීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... Praසන්ன.. මේක අපි සෑහෙන කාලයක් ඇදගෙන ගියා තවමත් ගමේ "පශු සම්පත "පවතිනවා අර්ථ දෙකෙන්ම...

      Delete
  3. අඳුරට සාප නොකර එක පහණක් හෝ දැල්වීම. ඔබ කර ඇත්තේ මහඟු කාර්‍යයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඉදිරියටත් ඔහොම යමු.. ඒත් මේ වගේ දේවල් වලටත් බාල්දි වැටෙනවා කිව්වම... මහින්ද සුළඟක් මතක් කිරීම නිසා යම් යම් වැරදි වැටහීම් ඇති වී ඇති බව ඉහල සාකච්චා වලින් පෙනේ. එහෙත් මේ සුලඟ ගම්වල මිනිස්සුන්ගේ කුඩුකේඩු කම් අතරට රිංගා තිබු බව සහ අප ඉතා සද්භාවයෙන් කාරනා වැඩ වලට පවා බාල්දි පෙරලන තත්වයකට පත්වී ඇති බව අත් දැකීමෙන්ම දැනගෙනයි ඒ බව සඳහන් කලේ.

      Delete
  4. මේ සද්ක්‍රියාවට ආශිර්වාද කරමි.

    මම කල්පනා කලේ මේක විදේශාධාර වලින් අපේ රටට ලැබෙන ව්‍යාපෘතියක් වුනානම් සීයට කීයක් කොමිස් ගහයිද කියලා.

    ReplyDelete
  5. ස්තුතියි...කෙලින්ම අපෙන් ගමට නිසා කොමිස් ගැහිලිනම් සිදුවුනේ නැහැ...

    ReplyDelete
  6. අගය කරමි ඔබේ ක්‍රියාව

    ReplyDelete
  7. සෑහෙන උණක් තිබෙන බව පෙනේ. සතුටුයි. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. //සෑහෙන උණක් තිබෙන බව පෙනේ// ස්තුතියි රසික. මට වෙලාවකට උණ නොබසින අධිරාජ්‍යයක ඉන්නවා වත්දෝ කියා හිතෙන්නේ සුවඳේලා ඇතුළු කිහිප දෙනක් බාල්දි පිට බාල්දි පෙරලද්දී මේ මෑතකදී අපි ගමේ පවුල් තුනකට ගෙවල් තුනක් හදාගන්න උදව් කල හැටි සිහිවීමෙන්...

      Delete
  8. ගමට ලොකු ලැදියාවක් තිබෙනවා වගේ. නගරයේ සිටි අපට එහෙමට ලොකු ඇඟළුම් කම් තිබ්බේ නැත.

    ReplyDelete
  9. එහෙමයි .. හැබැයි අජිත්ලා තාත්තට ගමේ ඇඟලුම් කම් තියෙන්න ඇති එයා ගමෙන් නගරෙට ආපු කෙනෙක් නම්...මම මේක කොහේ හරි ලියන්න හිටියේ මෙතැන ලියනවා කියලා හිතුවා. අපේ තාත්තා රජයේ සේවකයෙකු (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) වුවද ඔහු අපේ ගමෙත් ප්‍රධාන පාරෙන් මදක් ඔබ්බට වන්නට ඇති කඳු මුදුනකයි ඔහුගේ නිවාසය හදා ගෙන තියෙන්නේ. එකෙන් අපිට ලැබුණ වාසි ගොඩක් තියෙනවා. මේ බ්ලොග් එකේ කියවෙනවා වගේ නියම ගැමි කම් සහිත මිනිසුන් සමග හැදී වැඩේන්න ලැබීම, මහා පාරෙන් ඇතට වන්නට වී සිටිය නිසා ගමේ අනික් තරුණ ගැටව් සමග රංචු ගැහීමෙන් වලකිසිටීමට පෙළඹීම ( පාසැල් ඇරී නිවසට පැමිණි පසු නැවත ගමේ පහළට යන්නේ කලාතුරකිනි) ඒ නිසාම වැඩි පුර අධ්‍යාපන කටයුතු වලට හිත යොදන්නට හැකිවීම... ඒ වාසි අතරින් ප්‍රධානයි..

    ReplyDelete
  10. අපිට දකින්න පුළුවන්.. කතා වෙන්න පුළුවන්.. කම්පා වෙන්න පුළුවන්.. කම්පා වීම අඩු කරගන්න මොකක් හරි කරන්න හිතන්න පුළුවන්.. ඒත් කරන්න ගියාම තමයි රත් වෙන්නෙ.එකක් දෙකක් නෙමෙයි වැඩ ගොඩක් ඔහොම කරනවා කියන්නෙ පොඩි දෙයක් නම් නෙමෙයි.සියළු වැඩ තව තවත් සාර්ථක වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. //අපිට දකින්න පුළුවන්.. කතා වෙන්න පුළුවන්.. කම්පා වෙන්න පුළුවන්.. කම්පා වීම අඩු කරගන්න මොකක් හරි කරන්න හිතන්න පුළුවන්.. ඒත් කරන්න ගියාම තමයි රත් වෙන්නෙ.//
      ඔබට හෝ ඔබේ නියෝජිත පවුලට මෙය අත් විඳින්න ලැබෙයි ළඟදීම...මම මෙතෙක් ලිවූ පොස්ට් වල අපිට ආපු භාදක ගැන ලිව්වේ නැහැ. මේකේ ටිකක් වැඩිපුර ලියවුනා . හේතුව ඔබට පැහැදිලිවෙන්න ඇති.
      ඔය උදව් දෙනබව කියූ හැමෝම අල්ලා ගන්න.. අර ගෙවල් වැඩේට සුභ පතනවා..

      Delete
    2. ඔව්.. ගෙවල් වැඩේ මහා වේගයකින් නොවන සාමාන්‍ය වේගයකින් කරන එක හොඳයි වගේ.දායක පවුලට දරාගන්න පුළුවන් වේගෙකින් දෙන්න වෙන්නෙ.එයාල ගමේ ඉන්නත් එපැයි.ඒත් එක්කම ක්ශේත්‍රයේ ප්‍රවීන ඉංජිනේරු මහතෙක් එහෙම කතා කරලා උපදෙස් දීලා තව දායකත්වයත් ලබා දුන්නා. හොඳ ෆිට් එකකුත් දැනෙනවා. අමාරු කම් ගැනත් ටිකක් ටිකක් හරි කියන එක හොඳයි.හෙහ් හෙහ්

      Delete
    3. අපි කරපු පලවෙනි ගෙදර ඉතා වේගයෙන් වැඩ කෙරුණා . ඉඩමක් නැති අයට සියළු පහසුකම් අතේ දුරින් ඇති තැනක පාරම්පරික ඉඩමකින් කොටසක් ලැබුනා. එයාල හිටපු පැල්පත දාලා මාස 8ක් වගේ කාලයක් ඇතුලත අලුත් තැනට ගියා. ළමයින්ට ශිෂ්‍යත්ව , ගෘහ මුලිකයට ස්ථිර රැකියාවක් වැනි අනෙක් සියළු දේවල් මේ වෙනකොට හරිගිහින් ඉවරයි තවම අපි ඔවුන්ට සම්බන්ධ වෙලා අවුරුදු දෙකක් නැහැ.. මේ වේගය ගමේ අනික් අයට දරාගන්න බැරුව ගියා කියලයි මට හිතුනේ.. ඒ කට ලොකුම හේතුව මගේ නොඉවසීම. කලනසිරි ඒ ගතිය හොඳට දැකලා තියෙනවා.. දැන් අපේ තුන්වෙනි ගෙදර මුදල් දීම හැර අනෙක් වැඩ මම අත නොගහා තියෙන නිසා හෙමින් හෙමින් අපේ කට්ටියගේ වේගෙට යනවා . මුදල් අවශ්‍ය තරම් තිබුනත් වැලි පරක්කු , බාස්ලා පරක්කු ආදිය කියමින් ඇදී ඇදී යන බව පෙනෙනවා.. හැබැයි තාත්තා කිව්වා ගමේ අය හැමෝම හොඳ කියන්නේ මේ ගෙදරටයි කියලා...

      Delete
  11. රටක් වටින පුතෙක්. රටට ණය නැති පුතෙක්. ආත්මාර්තකාමි නොවන පුතෙක්. තමන් ගැන ආඩම්බර වෙනවා වගේම අන් අයට ආදර්ශයක්. සම හරක් තමන්ගෙ ලොකුකම ගැනම නේ පම්පෝරිය. ඒවා කියවැන්න අප්පිරියයි. මේ දේවල් කියවන්න ආසයි. අම්මට සිරි ලන්කාවේ හරක්ටත් හොඳ පාඩමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්.. මේ මෑතකදී ඔය උඩ පින්තුරේ ඉන්න චමින්ද එයාගේ හරක් පට්ටියේ දැනට ඉන්නා හරක් ප්ප්‍රමාණය ( හතරක් හෝ පහක්) තමන් කරන එළවලු ගොවිතැන, තේ වගාව ආදිය මැද්දේ බලාගන්න ටිකක් අපහසුයි කියා අපේ අම්මාට කියලා තිබුනා. ඊට පස්සේ එයා ළඟ හිටී හරක් දෙන්නෙක් අපේ "දුයිෂෙන්" ගේ ව්‍යාපෘතියකට ස්වේච්චාවෙන්ම භාර දුන්නා.. චමින්දලා වගේ උත්සාහවන්ත මිනිස්සු නිසා අපිට මේවා තව දුරටත් කරන්න ආශාවක් ඇති වෙනවා..

      Delete
  12. සුපිරිම වැඩක්.
    මේ වැඩපිලිවෙල මට ආරංචි වුනා.
    මං ගොඩක් කල්පනා කළා මෙය කෙතරම් අපූරැද කියා.
    අපි මේවා ආදර්ශයට ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රබා ඔබත් එවැනි පාරක යන කෙනෙක් බව දන්නවා. පුළුවන් කෙනා බැරි කෙනාට නැගිටින්න පාර හදලා දෙන එක කල යුතුමයි. නැත්නම් අපේ ගම් නියම් ගම් ඔය "තට්ටු මාරු දේසපාලන මඩගොහොරුවේ" කිමිදෙමින් එක තැනම පල්වෙවී තියෙනවා..

      Delete