Follow by Email

Friday, 1 July 2016

සමන් අය්යා ගේ රෑ පංතිය


ඒ 1989 මැද  භාගයයි . ඇති හැකි පවුල් වල  සිසුන් ( අපේ කණ්ඩුල සද්ධා මංගල  වගේ )  සහ තම නෑදෑයින් හිතවතුන් කොළඹ හෝ නුවර සිටි ( අපේ රුවන් ආටිගල වගේ )  සිසුන්  වැඩි හරියක් කොළඹ හෝ නුවර ගොස් සිටියහ. 

මා අසා ඇති පරිදි මේ දෙදෙනාම කොළඹ ගියේ තම අධ්‍යාපන කටයුතු  බාධාවකින් තොරව කරගෙන යෑමටයි. 

ඔවුන් මෙන්ම අනෙකුත් බොහෝ සිසුන් මේ තීරණය ගැනීමට පෙළඹුනේ අරලගන්විල  පාසැල් නිතර වැසි පැවතීමත් අපේ දෙමව්පියන් අපේ ජිවිත ආරක්ෂාව සලකා සමන් අය්යලාගේ සහ පතිරණ සර්ලා ගේ පංති වලට යෑමට ඉඩ නොදීමත් හේතු කොටගෙනයි.

මේ අතර රටපුරා පැතිරුණු කලබලකාරී වාතාවරණය අරලගන්විලටද  පැමිණ තිබිණි. 

 කලබල වැඩි වීමත් සමගම අපේ උපකාරක පංතිද එකින් එක වැසි යන්නට විය. 

මුලින්ම නැවතුනේ පතිරණ සර් ගේ  physics පංතියයි . සිසුන්ගේ සහ තමාගේ ආරක්ෂාව පතා ඔහු ඒ තීරණය ගෙන තිබිණි.  

එහෙත්  ඒ වන විටත් සමන්  අය්යාගේ රසායන විද්‍යා පංතියත්  අධිකාරි සර්ගේ  සත්ව සහ උද්භිද විද්‍යා පංති දෙකත්  තවදුරටත් කරගෙන යමින් තිබිණි. 

අරලගංවිල ට වී සිටි තාරක , ලසන්ත ලාල්  , වැල්ලවායේ සුගත් ලසන්ත සහ  මා වැනි  අයට  ඉතිරිව තිබු එකම උපකාරක පංති දෙක වුයේ මේ පංති දෙකයි. 


සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව මෙන් නොව රසායන සහ  භොතික විද්‍යා විෂයයන්  තනියම ඉගෙන ගැනීමට අපහසුය. 

ඒ  නිසා කෙසේ හෝ ඒ දෙදෙනාගේ  පංති වලට දිගටම සහභාගී වුයෙමි.


චමින්ද රාජපක්ෂ සහ සුරාජ් බණ්ඩා වැඩියම ප්‍රිය කලේ   අධිකාරී සර්ගේ පංතියටයි.

ඒ  වැඩිපුර  වල බසින්නට ලැබෙන්නේ ඒ පන්තියේදී  නිසාය.  

එහෙත්  අදිකාරී සර්ගේ පංතියට  මා සහභාගී වුයේ මුල් මාස දෙකේදී පමණි. 

 මාස දෙකක් පංති ගොස්  අධිකාරි සර්ට පොල්ලක් තැබූ මා නැවත ඔහුගේ පංතියට ගියේ නැත. 


සිසුන් වෙනුවෙන්  ඉදිරිපත් වීම  පුනරුත්ථාපනය  වීමට හේතුවක් වූ හැටි

සමන් අය්යා දිගටම පංති කරගෙන ගියද  නගරයට කිලෝමීටර් පහක් පමණ දුරින් සිටි අපට  ඔහුගේ පංතියට යාමද නවතා දමන්නට වුයේ අම්මාගේ බල කිරීම උඩයි.  

මේ වනවිට  අපේ ලඟම හිතවතුන් වූ  $%#@ රත්නායක   , සුරංජිත් රත්නායක  වැනි අය  අත්අඩංගුවට පත්වී හෝ අතුරුදහන් වී හෝ සිටියහ. 

මේ නිසාම  1989 මැදභාගය වෙද්දී මම කිසිම පන්තියකට සහභාගී වුයේ නැත.   එහෙත්  සුරාජ් හෝ චමින්ද රාජපක්ෂ  මුණ ගැසීමේ හැකියාවක්  පැවතියේ ඒ දෙදෙනා සිටියේ කිරඹ ඔයේ ( අපේ අල්ලපු ගමේ) නිසාය.

එහෙත් ගමේ බොහෝ දෙනෙක් එකිනෙකා ගැන කිසියම් හෝ සැකයකින් පසු වූ මේ කාලයේ  ඔවුන් දෙදෙනාද මට හමුවුයේ ඉතා කළාතුරකිනි.

මේ  කාලයේ මමත් විශ්ව විද්‍යාලය වසා දමා තිබුණු නිසා අපේ අය්යත්  වැඩිපුරම කාලය ගත කලේ කිරඹඔයේ  අපේ මාමාලා සමග එළවලු වගාවට සම්බන්ධ වෙමිනි.

ඒ දහවල් කාලයේ  කුඹුරු වැඩ කරමිනුත් රාත්‍රී  කාලයේ  මාරගස්වැල්ල කුඹුරේ  පැල් රකිමිනුත්ය.

කිසියම් හේතුවක් නිසා අප දෙදෙනා ගෙදර ඉන්නවාට වඩා මාමලා සමග පැල් වලට වී සිටීම ආරක්ෂා සහිත යැයි අම්මා තීරණය කර තිබිණි.

රෑ නමය දහය වෙද්දී පැලට වී තේ බොමින් , සිංදු  කියමින් කල්ගෙවන අපි  තව තව රෑ බෝ වෙද්දී නින්දදත් නොනින්දත් අතර පසු වන්නෙමු.

ඒ  උඩහ තේ වත්ත පාරේ හමුදා හෝ පොලිස් වාහන ගමන් කරන්නේ දැයි කල්පනා කරන අතරයි.

"ඒයි ඒයි  චුටි පුතා.. නැගිටපන් නැගිටපන්  "

රාජු මාමා හෝ  ලොකු මාමා  එක් වරම හඬ අවදි කරයි .

"පාරේ ජීප් එකක් යනවා . වරෙන් යන්න"

වෙලාව රෑ දොළහ  -එක පමණ වන්නට ඇත.   කම්මැලි කර කර  මාමලා පස්සේ වැටෙන  මමත් සමන්තත්  ඔවුන් අනුගමනය කරමින් ඇලෙන් එගොඩ වන්නෙමු.

අපේ රාත්‍රියේ ඉතිරි හරිය ගත වන්නේ ආණ්ඩුවේ තේ වත්තේ තේ  කාණුවක්  තුලයි.  නැවත වටින් ගොඩින් එලිය වැටෙද්දී පැල්  කොටය වෙත  ලඟා වෙන අප සැනසුම් සුසුම් හෙලන්නෙමු.

ඒ අපි උසස් පෙළ  විභාගයට  ( පළමුවෙනි වර ) සුදානම් වූ  ආකාරයයි.  

මෙසේ  කාලය ගෙවෙද්දී   මට අහම්බෙන්  හමුවූ හිතවතුන් දෙදෙනෙකි.  ඒ  සුරාජ්  සහ චමින්ද රාජපක්ෂ යන දෙදෙනාය.

"මචං කවිඳු  ... කොහොමද බං  .. උඹලා දැන් පේන්න වත් නෑනේ  "

"ඔහේ ඉන්නවා මචං ලා.. උදේ ඉඳන් රෑ වෙනකන් ඉතින් කුඹුරේ තමයි.

අලයක් කොලයක් වවාගෙන ඉන්නවා ඔහේ..   රෑටත් කුඹුරේම තමයි.. ජීප් සද්දයක් හෙම ඇහුනොත් ඉතිං..... තේ ගහක් යට තමයි රැය පහන් වෙන්නේ."

"අඩේ උඹලා ජිවත් වෙන්නෙත්  තේ වත්තේ පිහිටෙන්ද ? අපි දෙන්නත් සද්දයක් ඇහුනොත් ටක් ගාලා  ගෙට උඩහ තියෙන තේ වත්තට පනිනවා."

සුරාජ්  අසල ඇති රජයේ තේ වත්ත අප දෙගොල්ලන්ගේම  පිහිටට එන හැටි විස්තර කරන්න විය.





"කොහොමද දන්නේ නෑ ටවුන් එකේ පංති එහෙම ? " මා විමසුවේ  මේ දෙදෙනා බොහෝ විට පයින් හෝ  සමන් අය්යලගේ පංති යන්නට ඉඩ ඇති යැයි සිතුන නිසාය.

" ආ .. උඹ දන්නේ නැද්ද  අළුත්ම ආරංචිය..?  දැන් අරලගංවිල  පංති ඔක්කොම නැවතිලා .  සමන් අය්යයි අධිකාරි සර් දෙන්නත්  කොබෝදයිෂි  කැම්ප් එකට ගෙනියලා ලු "

" නෑ.. ඒ කියන්නේ සමන් අය්යත්  දේශපාලනය  කරලද?" මම විමසුවේ  එවනි කිසිදු හෝඩුවාවක් අපට ලැබී නොතිබූ බැවිණි.

" නෑ  ... නෑ  .. කොල්ලෝ වගයක්  ගෙනියන්න හමුදාවෙන්  සමන් අය්යියගේ  පන්තියට ඇවිල්ලා . එයා කොල්ලෝ පංතියේ ඉඳිද්දී ගෙනියන්න දෙන්න බෑ  කියලා .. චමින්ද  මට සිද්ධිය සම්පුර්ණයෙන් විස්තර කරන්නට විය..

මචං  සමන් අය්යා ආමි කාරයින්ට මෙන්න මෙහෙම  කිව්වලු..

මේ ළමයි  දැන් ඉන්නේ මගේ භාරයේ  . මට එයාලා ගැන වගකීමක් තියෙනවා .. මගේ පංතියේ  ඉඳිද්දී  කිසිම කෙනෙක් අත්අඩංගුවට  ගන්න දෙන්න බෑ  ....

ඒ කතාව අහපු  හමුදාවේ ලොක්කාට  කේන්ති ගියාලු. මිනිහා කිව්වලු

 හරි තමුන්ට  ළමයි නේ ගෙනියන්න  දෙන්න බැරි..එහෙනම්   ළමයි වෙනුවට සර් යමු අපිත් එක්ක   

  එච්චරයි .. දන්නවනේ ඉතින් අද කාලේ හැටි .

 එයාලගේ  නීතියනේ  සමන් අය්යා  කැම්ප් එකේ නවත්තගෙන.


හැබැයි   මචෝ  කතාවක්  තියෙනවා  ඇත්තද දන්නේ නෑ..

කැම්ප් එකේ ඉන්න කොල්ලොන්ට  විභාගෙට  ලෑස්ති වෙන්න..

....උන්ට   උගන්වන්න   සමන් අය්යලා  අරන් ගියා කියලත් "

චමින්දගේ  කතාවට හූමිටි තිබ්බේ සුරාජ් විසිනි.

කෙසේ වෙතත් මෙසේ අත්අඩංගුවට පත් සමන් අය්යා  නැවත නිදහස්  කෙරුනේ  මාස තුනක පමණ කාලයකට  පසුවය.

පාසැල්  පමණක් නොව පුද්ගලික උපකාරක පංතිද  වැසි ගියේ  අපේ උසස් පෙළ ලියන්න ඔන්න මෙන්න කියා තිබියදීය.

රට සමාන්‍ය අතට


ඒ 1990 වසරේ  අප උසස්පෙළ විභාගයට  සුදානම්  වූ  කාලයයි.   ඒ වන විට 1989 දෙසැම්බර්  මාසයේ පැවති උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී  තිබුණි.

උසස්පෙළ ප්‍රථම වතාවට ලියු අයගෙන් 1989 භීෂණ සමයේ කොළඹ  පංති ගිය අයවූ  කණ්ඩුල සද්ධාමංගල , තිලාන් හේවගේ  වැනි අයත්  කොළඹ නොගොස් අරලගංවිල  නැවතී කෙසේ හෝ පාඩම් වැඩ කල සමහර අයත්   අගෝස්තු මාසේ නොතබා දෙසැම්බර් වලට කල දැමු විභාගය සමත් වී සිටියහ.

මේ අතර  කරඹේ , සිසිත වැනි අය  සිටි බව  මාගේ මතකයයි.   එහෙත් කදුරුගමුවේ තාරක, ඇත්තලපිටියේ  ලසන්ත  ලාල් සහ  මා වැනි  අරලගංවිල ම නැවතුනු අය එතරම්  ඉහළ  සාමාර්ථ ලැබුවේ නැත.

 තාරක සහ මම   සි දෙකයි එස් දෙකයි   වැනි  සාමාර්ථ ලබා ගත්තෙමු. ලසන්ත ලාල් සහ සුගත් ලසන්තත් ඊට තරමක් පහළ සාමාර්ථ ලැබුවෝය.

අප කල ලොකුම වැරැද්ද වුයේ  උසස්පෙළ විභාගයක්  1989 පැවැත්වෙන්නේ  නැති වේවි යැයි උපකල්පණය කිරීමයි.

එසේ උපකල්පණය කරන්නට හේතුවක් වුයේ මුළු රටම අරාජික වී කොයි මොහොතේ හෝ රජයේ පාලනය බිඳ වැටෙනු ඇතැයි යන මතයක් අපට හිතවත් සිසුන්  විසින් විශ්වාස කිරීමයි.

මේ කියන කාලය වන  විට 1988 -1989 භීම සමය අවසන් වී අරලගංවිල තත්ත්වය සැහෙන්න සාමාන්‍ය අතට හැරී තිබිණි.

රජයේ හමුදා භාරයට පත්වී මෙලොව ජිවත් වීමට වාසනාව තිබු   තරුණ තරුණියන් පිරිසක්  දවුලගල  තේ කර්මාන්ත ශාලාවේ පැවති  කොබෝදය්ෂි පුනරුත්ථාපන කඳවුරේ   සිට නිදහස් වී පැමිණ සිටියහ.

ඒ අතර  කිසි වරදක් නොකොට තිබියදී   මාස කිහිපයක් එහි රඳවාගෙන සිටි අපේ කෙමිස්ට්‍රි ගුරුතුමා වූ සමන් අය්යා සහ අරලගංවිල ස්ත්වවිදයාව සහ උද්භිද විද්‍යාව ඉගැන්වූ අධිකාරි  ගුරුතුමාද වූහ.

අපි දෙවන වර විභාගය සඳහා මුළු වැර  යොදා වැඩ කරන්නට තීරණය කළෙමු.

නැවතත්  සමන් අය්යා  , පතිරණ සර්  සහ අධිකාරි සර්ලා  පංති ආරම්භ කළහ.



මගෙන් පළමුවර විභාගයට පෙනී සිටිද්දී මුදල් නොගත් සමන් අය්යා සහ පතිරණ සර් ( මා සමන්ත නාමරත්නගේ මල්ලී නිසා )  දෙවන වර විභාගය කරද්දී  මුදල් අවශ්‍ය බව පවසා තිබිණි.

එළවලු  වගාවත්  දෙමළ ඉස්කෝලේ  සාමාන්‍ය පෙළ සිසුන්ට  උපකාරක  පංති කිරිමත් නිසා දැන් මගේ අතේද  යහමින් මුදල් ගැවසෙන කාලයකි.

ඊට  අමතරව චමින්දලා බාප්පලා ගෙදර  ගොස්  කමල් මල්ලි , නංගි සහ චන්ඩි මල්ලිට  ඉගැන්වුවේද  මේ දිනවලය. 

ඒ නීසා  පතිරණ සර්ට  සහ සමන් අය්යාට  පංති ගාස්තු ගෙවීම  මට ගැටළුවක් වුයේ නැත.   

සමන් අය්යා ගේ  රෑ  පංතිය


දෙවන වර විභාගය කරද්දී  චමින්ද  සහ සුරාජ් ගේ සම්බන්ධය  බොහෝ දුරට අඩු කළ මම වැඩිපුරම ගැවසුණේ තාරක,  ලසන්ත ලාල්  සහ ඇත්තලපිටිය  පන්සලේ නැවතී  අපත් සමග  විභාගයට  සුදානම් වූ වැල්ලවායේ  සුගත් ලසන්ත සමගය.

අපට වඩා අවුරුදු හත අටක් වැඩිමහල් වූ සමන් අය්යා  මේ වනවිට  අප කල්ලියේ  ලඟම  හිතවතෙකු වී සිටියේය.  

මේ අතර  කදුරුගමුවේ තාරක  සහ  ලසන්ත ලාල් ඇතුළු පිරිසක් එක් වී  සමන් අය්යා රෑ පන්තියකට  කැමති කරගෙන තිබිණි.

"මචන් කවිඳු  සමන් අය්යා  අපි ටිකට  හැමදාම  රෑට  උගන්වනවා කිව්වා  . ගෘප් ක්ලාස් එකක් දාලා  උඹත් එනවද ? "

තාරකයා මගෙන් විමසා සිටියේ මේ අතරය.  

"රෑ  හතේ ඉඳලා නමය වෙනකන් කරනවා ලසන්ත ලාල් ,  සුගත් ලසන්ත එහෙමත් එනවා .. උඹත් වරෙන්.. කොහොම හරි මේ පාර කෙමිස්ට්‍රි ගොඩ දාගන්න  පුළුවන් එහෙම වුනොත් "

අපේ ගම පැත්තට යන අන්තිම බස් එක තිබුනේ රෑ හතටය.  මේ දෙගොඩහරි  ජාමේ  පංති ඉවර කර ගෙදර යන්නේ කෙසේ දැයි  මම තාරක ගෙන් ඇසුවෙමි. 

ඔහුට නම්  කොළඹ බස් වල  යා හැකිය.  අපේ පැත්තට  රෑ  හතෙන් පසු කිසිම වහනයක්  යන්නේ නැත.. මම මගේ ප්‍රවාහන ප්‍රශ්නය  ඉදිරිය දැම්මෙමි.

" ඇයි  යකෝ  .. ලසන්ත  ලාල්  ඇත්තලපිටියට යනවා .. සුගත් ලසන්තයා  ඊටත් ටිකක් එහා තියෙන ඇත්තලපිටිය පංසලට  යනවා උන් දෙන්නා එක්ක පයින් යන්න පුළුවන් නේ  උඹට?"

තාරක මගේ රාත්‍රී පංතියෙන් පසු ප්‍රවාහන සැලසුම ඉදිරි පත් කළේය. 

මම රාත්‍රී පන්තියට සහභාගී වුයෙමි.  සමන් අය්යා හතට පටන් ගන්නා පංතිය සමහර විට  නමය හමාර දහය දක්වාද  ඇදගෙන යයි.  ඒ අපිත් සමග පොඩි කයිවාරු වකට  ද  සෙට් වෙන නිසාය.

මම නැවතත්  නිශාචර පංති සංචාරය පටන් ගත්තෙමි.

මට අපි අ. පො. ස.  සා.පෙළ  කරද්දී ගිය අමුනුදෝවේ  ගාමිණී සර්ගේ  රෑ ඉංග්‍රීසි පංතිය  මතක්  විය.

ඒ ගමනට නම්  අපේ අය්යත් සඳතැන්නේ සෝමසිරි අය්යත් සිටියහ

ඒ ගමනේදී මෙන්ම ඇත්තලපිටිය දක්වා අපි තුන් දෙනෙක් එන මේ ගමනද ඉතා විනෝද ජනක එකක් විය.

අපි තුන්දෙනා විවිධ මාතෘකා  ගැන කයිවාරු ගසමින් එන නිසා කිසි කාන්සියක් දැනුණේ නැත.

අරලගංවිල ඩිපෝව පසු කර මදක් දුර ගිය තැන අපේ මුල්ම සගයාගේ නිවස හමුවේ . 

ඒ අනුව මුලින්ම  ලසන්ත ලාල්  අපගෙන් සමුගනියි .

 ඉතිරිවන්නේ පන්සලේ නැවතී සිටි සුගත් ලසන්තත් මාත්ය.  තව මිටර් හය හත් සියයක් ගිය තැන  ඇත්තලපිටිය පන්සල් හමුවේ.  එහිදී සුගත් මා ගෙන් සමුගනී. 

සමහරක් දිනවල  මම පන්සලෙන්  ගිලන්පස සංග්‍රහයක් ද ලබා ගන්නෙමි. 

අනතුරුව එළඹෙන්නේ  මා තනියෙන් යන ගමෙන් ඉතිරි කොටසයි. එය කිලෝමීටර් එක හමාරක් දෙකක් පමණ දුරකින් යුක්තය.

කුඹුරු යායක් මැද වූ පන්සලේ සිට අපේ ගම දෙසට එද්දී  කුඹුරු යාය අවසන් වූ සැනින් හමුවන්නේ සොහොන් බිමකි .

ඒ මගේ  ගමනේ හමුවන ප්‍රථම සොහොන් බිමයි.  අතේ ඇති ටෝර්ච්  එක සොහොන දෙසටත් සමහර විට පිටු පසටත් ගසමින් බියෙන් සැකෙන් සොහොන් බිම පසු කරන්නෙමි. 



බියෙන් සැකෙන් ප්‍රථම සොහොන් පොළ පසු කරන  මා  අපේ ගම අසලට එද්දී දෙවැනි සොහොන් පිටිය හමුවේ .

ඒ අපේ ගමේ උඩ පැත්තේ ඇති සොහොන් කන්දයි.  නැවතත්  ටොර්ච්  එක පිටුපසට එල්ල  කරන  මම  අපේ ගම කෙලවරේ වූ මගේ ගමෙන් දෙවැනි  සොහොන්  බිම පසු කරන්නෙමි.  

කෙසේ  හෝ  සමන් අය්යාග්  කැපවීමත්  මගේ  නිර්භය  රාත්‍රී සංචරයේත්  ප්‍රතිඵලයක්  ලෙස  මම දෙවැනි වර  විභාගයෙන් ඉහලින් සමත් වුයෙමි .

මා පමණක් නොව අපේ රාත්‍රී පංති සගයින් සියලු දෙනාම 1990 උසස්පෙළ  සමත් ව  විශ්ව විද්‍යාලයට  තේරුණු අය අතර වුහ. 

මේ අය අතරින්    තාරක සහ මා  ව්‍ය්දය විද්‍යාලයටත්  , සුගත්  ලසන්ත  දන්ත වියිද්‍යා  විද්‍යාලයටත් , ලසන්ත  ලාල් ජපුරේ  විද්‍යා  පාටමාලාවටත් තේරුණේ  සමන් අය්යාගේ  රාත්‍රී  පංතියෙන්  ලැබුණු  නොමද සහයේද  ප්‍රතිඵලයක්  ලෙසයි .

නිමිත්ත : සමන්  අය්යාගේ  ශල්‍යකර්ම කර්මය  සාර්ථකව  නිම වීම.


සමන් අය්යාගේ ශල්‍යකර්මය සාර්ථකව අවසන්වූ බව තාරක සහ රවී දැනුම් දුන්නා.. තාරකගේ නෑදෑයෙක් වූ දොස්තර දීප්ති රත්නායක මහනුවර හර්ද රෝග ඒකකයේ වැඩ කිරීම එයට සෑහෙන පිටිවහලක් වූ බවත් ආරංචියි.. මේ වන විට සමන් අය්යාගේ ප්‍රධාන අදායම් මාර්ගය වූ අතිරේක පංති යන සිසුන් කිසියම් අනවශ්‍ය  බියකින්  පෙළෙන බවක් ආරංචියි....

සමන් අය්යා අප වෙනුවෙන් කල රාත්‍රී පංතියත් .... ඔහු භිෂණ සමයේ සිසුන්වෙනුවෙන් පෙනීසිටි අයුරුත් මෙහි  සඳහන්  වී  තිබෙනවා

සමන් අය්යා   1990 සිටි  අප මෙන් 2016 උසස්පෙළ සිසුන්ද උසස්පෙළ  විභාගයෙන් ගොඩ  දමනු ඇත ....




39 comments:

  1. Sundara ha bayankara ape athithaya

    ReplyDelete
    Replies
    1. ඔවු තාරක ඒ දෙකම අඩු නැතිව තිබුණා අපිට නේද ??

      Delete
  2. ඒයි ඒයි චුටි පුතා.. නැගිටපන් නැගිටපන් "

    රාජු මාමා හෝ ලොකු මාමා එක් වරම හඬ අවදි කරයි .

    "පාරේ ජීප් එකක් යනවා . වරෙන් යන්න"

    වෙලාව රෑ දොළහ -එක පමණ වන්නට ඇත. කම්මැලි කර කර මාමලා පස්සේ වැටෙන මමත් සමන්තත් ඔවුන් අනුගමනය කරමින් ඇලෙන් එගොඩ වන්නෙමු.

    අපේ රාත්‍රියේ ඉතිරි හරිය ගත වන්නේ ආණ්ඩුවේ තේ වත්තේ තේ කාණුවක් තුලයි. නැවත වටින් ගොඩින් එලිය වැටෙද්දී පැල් කොටය වෙත ලඟා වෙන අප සැනසුම් සුසුම් හෙලන්නෙමු.

    ඒ අපි උසස් පෙළ විභාගයට ( පළමුවෙනි වර ) සුදානම් වූ ආකාරයයි. ////// so sad

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ට්‍රාන්ස්.... කටුක සත්‍යය මේක තමයි. ඒක අමතක කරලා ජිවත් වෙන්න මගේ හිත ඉඩ දෙන්නේ නෑ.. ඒ නිසා ලියලා තියන්න හිතුවා. සමන් අය්යගේ ශල්‍යකර්මයේ වියහියදම් වෙනුවෙන් උදව් කල පිරිසට අළුතින්ම එකතුවුන පුද්ගලයා මේ කතාවලට වැදගත් කමක් එකතුකරන කෙනෙක්... ඔහු තමයි භිමසමයේ අවසන් කාලයේ මේ කියන දවුලගල කඳවුරේ අණදෙන නිළධාරියා ඔහු දැන් අපේ මුහුණු පොතේ හිතවතෙක් සහ බ්ලොග් රසිකයෙක්. ඒ සිද්ධියත් නිමිත්තක් වුනා මේ ලියවිල්ලට ...ජයවේවා!! ඒක නෙවෙයි තොසේ ඉද්ලි ගැනත් මොනවා හරි ලියන්න ඕනේ..

      Delete
    2. අන්න හොඳ වැඩක් ඒ වගේ සංහිඳියාවක් ඇති කරනන් පුළුවන් නම් හොඳයි. ඔය කොටස කියෙව්වම් ලොකු කනගාටුවක් දැනුන. ඔබල විඳි දුක් පිලිබඳව.

      Delete
  3. Who is this sugath Ratnayake

    ReplyDelete
    Replies
    1. He is around .Very active member of Aralaganwila MMV OBA. He has all these stories...

      Delete
  4. ඔබට මගේ උපහාරය කවිඳු...ජිවිතේ බොහොම අසීරු අඩවියක් පහු කරගෙන අරමුණු වලට ලඟා වීම වෙනුවෙන්..ඔබ උසස් පෙළ කරද්දී මම 1988, 5 වසරේ ශිෂ්‍යත්වය කලේ...අපේ ගම් පලාතට භිෂණය තදින් දැනුනේ නැහැ.,ඒ වෙනකොට වැඩිහිටියෝ කතා වෙන දෙයින් තිබුන අවබෝධය පමණයි භිෂණය ගැන හිතේ තිබුනේ...නමුත් 6 වසරට 89 දී කොළඹ පාසැලකට ඇතුලත් උනා..එයින් දෙවන තුන් වන දිනයේදී වගේ, වැලිසර මහබාගේ හන්දිය කිට්ටුව දැවී පිළිස්සුන සිරුරක් තිබුනා, අදටත් මට ඒක චිත්‍රයකට නගන්න පුළුවන් පාසැල් වෑන් රථයෙ යද්දී ඒ දැකපු දේ...ඒ දේවල් තරුණ අවධියේදී පැහැදිලිව අත්විඳගෙන, පැහැදිලි මානසිකත්වයකින් විභාග වලට මුහුණ දීපු ඔබේ පරම්පරාව ඇත්තටම බොහොම විශේෂිතයි...

    සමන් අය්ය නේද අසනීපෙන් උන්නේ..ඔහුට කොහොමද දැන් ?

    ReplyDelete
    Replies
    1. @පොකුරු වැහි

      දැවී පිළිස්සුන සිරුරක් තිබුනේ කොතනද , අපි දෙන්නා සමාන්තරයි වාගේ

      Delete
    2. ස්තුතියි පොකුරු වැහි... සමන් අය්යා ගේ ශල්‍යකර්මය සාර්ථකව නිමාවී තිබුනා මිට දවස් දෙකකට පෙර . වැඩ අධික කම නිසා ඒ ගැන යමක් ලියන්න වුණේ නෑ. මේ ලියවිල්ලට එක නිමිත්තක් වුණේ ඔහුගේ ශල්‍යකර්මය සිදු කර අවසන් වීමයි.

      Delete
    3. අටම් ඒ හරිය මට මතක විදියට මහබාගේ නාවික හමුදා කඳවුරට කිට්ටුව කොළඹ කුරුණෑගල පාරේ "බාටා" කියල පුවරුවක් තිබුන පොඩි සපත්තු කඩයක් තිබුනා. ඒක ඉස්සරහ.

      Delete
  5. lඔය කාලෙ අපි අවුරුදු තුනේ ඇච්චො.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ අල කොලයක් හීල් වෙන්න චු කරගන්න බැරි... චිත්ත ජංගි අඳින ..චු කොල්ලෝ...

      Delete
  6. මටත් ආය ලියන්ඩ හිතුනා

    ReplyDelete
    Replies
    1. ගෙදෙට්ට කතාකල්ලා බොගෙ ලැප්ටොප්පෙක ගෙන්නගං කොළඹ එන එලෝලු ලොරියකවත්.

      Delete
    2. අන්න හරි... එහෙම කරමු.

      Delete
  7. සමන් මහත්තයා තමුංගෙ ගෝලබාලයො ටික වෙනුවෙන් පෙනීහිටලා අර මරුකටට ගියාට වෙනිං පංතියක එහෙම වුනානං ගෝලයන්ට කුදගහගන්න කියලා ගුරුතුමා කලුලෑල්ල පිටිපස්සෙං අතුරුදහන් වෙනවා.
    සමන් මහත්තයා 2016 වසරේ පරම්පරාවත් ගොඩදමනු ඇත. ඒකෙ දෙකක් නැත. හැබැයි 2016 පරම්පරාව එතුමාව ගොඩදැමිය යුතුය. ඔහුගේ පන්තියේ ආදායම ලැබෙන කාඩ්වලට වඩා ෆ්‍රී කාඩ් වැඩි බව මම දනිමි.

    ReplyDelete
    Replies
    1. //සමන් මහත්තයා 2016 වසරේ පරම්පරාවත් ගොඩදමනු ඇත. ඒකෙ දෙකක් නැත. හැබැයි 2016 පරම්පරාව එතුමාව ගොඩදැමිය යුතුය. ඔහුගේ පන්තියේ ආදායම ලැබෙන කාඩ්වලට වඩා ෆ්‍රී කාඩ් වැඩි බව මම දනිමි.// මේ ඒ කාලේ ඉඳන් තිබුණ ක්‍රමයක්.. ඒ නිසා තමයි තාරකලා අපි වගේ අය මෙහෙම ඉන්නේ..

      Delete
    2. //සමන් මහත්තයා තමුංගෙ ගෝලබාලයො ටික වෙනුවෙන් පෙනීහිටලා අර මරුකටට ගියාට වෙනිං පංතියක එහෙම වුනානං ගෝලයන්ට කුදගහගන්න කියලා ගුරුතුමා කලුලෑල්ල පිටිපස්සෙං අතුරුදහන් වෙනවා. // ඇත්ත තමයි දැන් කාලෙනම් ගොඩක් දෙනෙක් කරන්නේ ඔය ඩේ තමයි...

      Delete
  8. කාළකන්නි අතීතයක්.... නැවත් හීනෙන්වත් පැතිය නොයුතු යුගයක්... මගෙත් හිත අතීතයට ගියා... වෙලාවක ලියන්න ඕන කතාවක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්.. ඇත්ත මතක් වෙනකොටත් ඇඟ හීතල වෙනවා.. අර "තෝසේ පොස්ට් එක"වගේ රසවත්ව අපිවත් අතීතයට ගෙනියන පොස්ට් එකක් ලියවෙයි කියලා හිතනවා..

      Delete
  9. මේ කාලෙ වෙනකොට ඉපදිලාවත් නෑ.. ඒත් ඒ කටුක කාලය ගැන අහලා තියනවා..
    ඒ වගේ දුශ්කර කාල පරිච්ඡේදයක මේ වගේ උත්සහයෙන් කටයුතු කළ ඔබටත්, ඔබේ ඇදුරු සමන් අයියාටත් මගේ උපහාරය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.. ආපසු හැරී බැලුවම අප ආ මග ගැන දැනෙන්නේ හරි සතුටක්..

      Delete
  10. ඔය කාලෙ මම ප්‍රාථමික ඉස්කෝලෙ ඉගෙන ගත්තෙ. අපේ තාත්ත අපිව මාමලගෙ ගෙදර නවත්තල පිටරට ගියා ආණ්ඩුවෙ මර්ධනයෙන් බේරෙන්න, මොකද තාත්තා ශ්‍රීලනිපයට බැහැල වැඩ කරපු නිසා. පුංචි අපේ හිත්වල තිබ්බෙ යූඇන්පිය කියන්නෙ මිනීමරුවො කියන අදහස. ඊට අමතරව හමුදාව, පොලීසිය, එස්.ටී.එෆ් ගැන තිබ්බෙ වෛරයක්. මට මතකයි 90වෙ මුල් කාලෙ කොටි සමග සාකච්ඡා බිඳ වැටිල, හමුදාවට එස්.ටී.එෆ් එකට කොටි ගහනවා සහ මැරිච්ච සොල්දාදුවන්ගෙ මිනී පත්තරවල දාල තියෙනවා. අපි එතකොට අත්පුඩි ගහමින් ඔවුන්ට කෙල ගහනවා, ඒ තරම් වෛරයක් අපිට තිබුණෙ. ඕක නැතිවෙලා ගියෙ චන්ද්‍රිකා මැතිණිය රිවිරැස මෙහෙයුම පටන් ගත්ත කාලෙ.

    ReplyDelete
    Replies
    1. //අපේ තාත්ත අපිව මාමලගෙ ගෙදර නවත්තල පිටරට ගියා ආණ්ඩුවෙ මර්ධනයෙන් බේරෙන්න, මොකද තාත්තා ශ්‍රීලනිපයට බැහැල වැඩ කරපු නිසා. පුංචි අපේ හිත්වල තිබ්බෙ යූඇන්පිය කියන්නෙ මිනීමරුවො කියන අදහස. ඊට අමතරව හමුදාව, පොලීසිය, එස්.ටී.එෆ් ගැන තිබ්බෙ වෛරයක්. මට මතකයි 90වෙ මුල් කාලෙ කොටි සමග සාකච්ඡා බිඳ වැටිල, හමුදාවට එස්.ටී.එෆ් එකට කොටි ගහනවා සහ මැරිච්ච සොල්දාදුවන්ගෙ මිනී පත්තරවල දාල තියෙනවා. අපි එතකොට අත්පුඩි ගහමින් ඔවුන්ට කෙල ගහනවා, ඒ තරම් වෛරයක් අපිට තිබුණෙ// මේ පැත්තේ ආවට ස්තුතියි . ඔව් .. ඔව් එහෙම කාලයක් තිබුනා තමයි . අර උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ තිබ්බා වගේ අපේ පැත්තේ හොඳ නැගී එන ශ්‍රී ලංකා කාරයෝ ඉවර කරලා දැම්මා ඔය භීෂණය පිටින් දාලා.. පි. බී. රත්නායක ඉස්කෝලේ මහත්තයා වගේ කට්ටිය.. අය්යත් මමත් අපි දෙන්නා පළාතේ ප්‍රසිද්ධම ශ්‍රී ලංකා කාරයෙකුගේ පුත්තු නිසා තමයි අම්මා අපිව පැලේ යැව්වේ ගෙදර තියා ගන්නේ නැතිව...

      Delete
  11. ඔය කාලයෙ අපි බොහොම පොඩි එවුං. ඒ ගැන එච්චර ලොකු බයක් සහ චකිතයක් දැනුනෙ නැතත් තැන් තැන් වල මිනී පුච්චලා තිබ්බ මතකයි. මල්වතු හිරිපිටිය පල්ලමේ එක මිනියක් පුච්චලා තිබ්බ. කකුල විතරක් ඉතුරු වෙලා. තාත්ත කිව්ව එක ගෑනියක් "අනේ මේ අපේ කෙනාගෙ කකුලමයි" කියල ගෑණු කෙනෙක් හොඳටම ඇඬුවලු. කොහොම නමුත් ඒ වෙන කෙනෙක්. වාසනාවට ඒ මනුස්සය එදා රෑ ගෙදර ආවලු.
    ඒ කාලෙ උසස්පෙළ පංති සහ ඉගෙනගත්ත සිසුන්ගෙ මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා මේ පැත්තේ ආවට ...//"අනේ මේ අපේ කෙනාගෙ කකුලමයි" කියල ගෑණු කෙනෙක් හොඳටම ඇඬුවලු. කොහොම නමුත් ඒ වෙන කෙනෙක්. වාසනාවට ඒ මනුස්සය එදා රෑ ගෙදර ආවලු.// කිව්වා වගේ වාසනාවන්ත මනුස්සයෙක් . ඒත් ඇත්තම කකුලේ අයිතිකාරයාගේ බිරිඳට ඒ වාසනාව නැහැ නේද ? ..//ඒ කාලෙ උසස්පෙළ පංති සහ ඉගෙනගත්ත සිසුන්ගෙ මානසිකත්වය ගැන හිතාගන්න පුළුවන්...// මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය වගේ තමයි ඉතින්

      Delete
  12. මමත් සමන් අයියගෙයි (සර්ගේ) සහ පතිරණ සර්ගෙයි දෙන්නගෙම පන්ති කාලයක් ගියා. සමන් සර්ගේ නම් පන්ති ගියාට වඩා කරේ බන්ඩාරවෙල ටවුමේ රස්තියාදු ගහපු එක. පතිරණ සර් හැමෝම හොඳයි කියුවට එයා උගන්නන්නේ පන්තියේ ලමයි කොටසකට විතරයි. මම උසස්පෙලට උනන්දු නොවෙන්න ලොකුම හේතුව ගෙදරින් වත් ඉස්කෝලේ / පන්තිවල ගුරුවරු වත් ඒකේ වටිනාකම හරියට අපිට ඒත්තු ගන්නපු නැති එක.. හැබැයි කවිදු ලා විතර බාදක අපිට තිබුනේ නෑ 95 මම විභගේ ලියනකොට.. එහෙම බැලුවම තනිකරම අපේ වැරැද්ද.
    සමන් සර්ගේ ඔපරේෂන් එක සාර්තකව අවසන් වීම ගැන හදවතින්ම සතුටුයි .

    ReplyDelete
    Replies
    1. //පතිරණ සර් හැමෝම හොඳයි කියුවට එයා උගන්නන්නේ පන්තියේ ලමයි කොටසකට විතරයි. මම උසස්පෙලට උනන්දු නොවෙන්න ලොකුම හේතුව ගෙදරින් වත් ඉස්කෝලේ / පන්තිවල ගුරුවරු වත් ඒකේ වටිනාකම හරියට අපිට ඒත්තු ගන්නපු නැති එක..// අපි කොහොම හරි පතිරණ සර්ගේ පන්තියේ මුල්ම පේලි දෙකේ ඉඳගෙන මේ සර්ගේ අවධානය යොමුවෙන කොටසේ හිටියා.. බස් එකේදී , පාරේදී දැඟලුවට පන්තියේදී අපි හොඳ අවධානයෙන් අහගෙන හිටියේ...

      Delete
  13. දැං නං ඉතින් බුකියෙන් විප්ලවේ කරන නිසා අවුලක් නෑ..
    සැත්කම සාර්ථක වීම ගැන හරිම සතුටුයි.එතුමාට නිරෝගී සුවය පතනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //දැං නං ඉතින් බුකියෙන් විප්ලවේ කරන නිසා අවුලක් නෑ..// දැන් හැදෙන පරම්පරාව බුකියේම ඉන්න නිසා එහෙම කරන ඒකෙත් ප්‍රයෝජනයක් නැත්තේම නෑ.. බුකියේ හොඳමත ප්‍රචාරය කළ හැකියි.. ඔබේ ස්යිටම් පෝස්ටුව හොඳ උදාහරණයක්.

      Delete
  14. උදව් කල සියලු දෙනාට තුති

    ReplyDelete
    Replies
    1. මෙසේ ස්තුතිය පලකළ ඔබටත් නොවක් තුති....

      Delete
  15. උදව් කල සියලු දෙනාට තුති

    ReplyDelete
    Replies
    1. ඔබ කල ලොකු උදව්වටත් ස්තුතියි... ජයවේවා !!!

      Delete
  16. මම රට හැර ගියේ 88-90 කලින්. අපේ අම්මා කැමති නෑ මම ලංකාවට නිවාඩුවකට වත් එනවට ඔය කාලයේ. වාද විවාද කරන්න ගිහින් අමාරුවේ වැටේවි කියලත් පරණ යාලුවෝ වියාපාරයේ සිටිය නිසාත්. මම හිටපු රටේ දෙමල අනාත සොයුරන් අපිට වැඩි ලෙන්ගතුකමකින් සලකපු කාලයක්. ප්‍රේමදාස ඒයාල ගේ නායකයෝ බලාගත්ත කාලයක්. ලංකාවේ මම දන්නා සමහර උගතුන් Geneva ගිය වෙලාවේ මේවා ගැන කතා කරන්න, ප්‍රෙමදාස LTTE නායකයන් එවලා තිබුන. ආණ්ඩුවේ හොඳ කියන්න.

    ReplyDelete
    Replies
    1. //මම රට හැර ගියේ 88-90 කලින්. අපේ අම්මා කැමති නෑ මම ලංකාවට නිවාඩුවකට වත් එනවට ඔය කාලයේ. වාද විවාද කරන්න ගිහින් අමාරුවේ වැටේවි කියලත් පරණ යාලුවෝ වියාපාරයේ සිටිය නිසාත්. මම හිටපු රටේ දෙමල අනාත සොයුරන් අපිට වැඩි ලෙන්ගතුකමකින් සලකපු කාලයක්. ප්‍රේමදාස ඒයාල ගේ නායකයෝ බලාගත්ත කාලයක්. ලංකාවේ මම දන්නා සමහර උගතුන් Geneva ගිය වෙලාවේ මේවා ගැන කතා කරන්න, ප්‍රෙමදාස LTTE නායකයන් එවලා තිබුන. ආණ්ඩුවේ හොඳ කියන්න// ස්තුතියි ලක්ෂිත ...ඔව් ඔව් ලංකාවේ සිංහල දේශපාලකයෝ අපේ අය උතුරේ මිනිස්සුන්ට විරුධව කුලප්පු කරන ගමන් එයාලගේ නායකයින් බලාගන්න එක තමයි කරන්නේ ...

      Delete
  17. සමන් අය්යා අත් අඩංගුවට පත් වන අවදියේදී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සැගව සිටියෙමි. බොහෝ වේදනාවන්ට ලක්වුනු යුගයකි එය. අත් අඩංගුව සිටියදී මාගේ ඡායාරෑප පෙනිවමින් මා ගැන විමසූ බව ඔහු මා සමග කීවේ මෑතකදීය. මා ගැන කිසිවක් නොකී බවද ඔහු මට කීවා. ඒ තමයි සමන් අයියා.

    ReplyDelete
    Replies
    1. //සමන් අය්යා අත් අඩංගුවට පත් වන අවදියේදී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සැගව සිටියෙමි. බොහෝ වේදනාවන්ට ලක්වුනු යුගයකි එය. අත් අඩංගුව සිටියදී මාගේ ඡායාරෑප පෙනිවමින් මා ගැන විමසූ බව ඔහු මා සමග කීවේ මෑතකදීය. මා ගැන කිසිවක් නොකී බවද ඔහු මට කීවා. ඒ තමයි සමන් අයියා.// ස්තුතියි රබා . අපිත් මරණය පෙනී පෙනී ඉන් ගැලවෙච්ච අය තමයි.. ඒ තරම් අමිහිරි අතීතයක් ... එහෙම කාලයක් නැවත නොඒවා යන්නයි මගේ පැතුම...

      Delete