Follow by Email

Friday, 15 July 2016

රියදුරු බලපත්‍රය



පිටරටක ජිවත් වන්නට  බලාපොරොත්තුවෙන්  ලංකවෙන් පිටත්වන   කෙනෙකුට  අනිවාර්යයෙන් තිබිය යුතු දක්ෂතා කිහිපයකි.

විශේෂයෙන් කැනඩාව , ඔස්ට්‍රේලියාව , එංගලන්තය  හා ඇමෙරිකාව  වැනි රටවලට  යන කෙනෙකුට  මේ හැකියාවන්  ඉතා වැදගත් වේ .

ව්‍යාකරණ  හරියට නොතිබුනත්  භයක් සැකක් නැතිව ඉංග්‍රීසි කතා කල හැකිවීම  සහ වාහනයක් ඇත්තටම පැදවිය හැකි  තත්ත්වයක් යටතේ ගත් රියැදුරු බලපත්‍රයක්    තිබීම යන හැකියාවන්දෙක ඒවා අතර ප්‍රමුඛත්වයක්  ගනී.

ශ්‍රී ලංකාවෙන් අප පිටත් වූ කාලයේ  ඒ කියන්නේ 2006 වසරේ මුල්කාලයේ නිම්මිට    වාහන පැදවීමේ හැකියාවක් තිබුණේ නැත.

මෙය  ඒ කාලයේ සහ ඊට පෙර කාල වලදී මෙහි පැමිණි බොහෝ ලාංකික බිරින්දෑවරුන්ට පොදු වූ ලක්ෂණයකි.

ඇයගේ ඉංග්‍රීසි  දැනුම සෑහෙන්න හොඳ වීම නම්  ඇයට පසුකාලීනව බොහෝ ප්‍රයෝජනවත් වුවා කිවොත් නිවැරදිය.

එහෙත්  භයක් සැකක් නොමැතිව ඉංග්‍රීසි කතා කරන්නට නම් ඇය ගෙදරින් එළියට යවා  මේ රටේ  වැසියන් සමග   කතා බහ කරන්නට සැලැස්විය යුතු විය.

මේ  කාරණා දෙකත්  අපේ  මස්සිනා ලා සහ ලෙනදොර මල්ලිගේ  අනාගත විදේශ  ගමන් සැලසුම් කිරීමත් අරමුණු කරගෙන අපේ තාත්තා අප සිටි රටට ගෙන් වීමට තීරණය කලෙමි.

ඒ  මට රිසර්ච්  ග්‍රාන්ට්  එක  ලැබෙන බව දැනගත් වහාම  ගනු ලැබූ තීරණයකි. ඒ අනුව 2006  සැප්තැම්බර්  මාසය  වෙද්දී අපේ තාත්තා අප නිවසට   ලඟා විය.

තාත්තා පැමිණි දිනයේ සිටම  ඔහුට දක්නට ලැබුනේ  ඉතා වෙහෙසී වැඩ කාරනා තම  බාල පුතණුවන් සහ  ඒ බරට බෑ නොකියා කර ගසනා තම ලේලියත්ය.

අතිරේක රැකියා 

සතියේ දවස් පහේම  මම  ලැබ් එකට ගියේ එය  මගේ   ආචාර්ය උපාධියට අවශ්‍ය  පර්යේෂණ කල  ස්ථානයවූ බැවිනි.

එහෙත් පුළු පුළුවන් හැටියට අතිරේක  අදායමක් සෙවීමේ අදහසද මා කිසිවිටෙක අත් හැරියේ නැත.

ඒ වෙනුවෙන් නිම්මිගෙන් ද නොමද සහයක් ලැබුණා කීවොත් නිවැරදිය.

තාත්තා  එන්නට පෙර සිටම  නිම්මි සහ මම අතිරේක  රැකියාවල නිරත වූයෙමු.

ඒ කාලේ අපි අතිරේක රැකියාව වුයේ  "කොළ  බෙදන එක " දැන්වීම්හෙ පත්‍රිකා බෙදීමයි.

මෙහිදී  අප  කලේ සතියට දෙවතාවක්  මිනිසුන් අතට පත්වන  ලෙස ප්‍රධාන  පෙලේ කඩ හිමියන් නිකුත් කරන  වෙළඳ දැන්වීම්  පත්‍රිකා    බෙදා හරින එකයි.

ඒවා   මේ රටේ  පොදුවේ හැඳින් වුයේ JUNK Mail යන නමිනි.

ඒ වනවිට  අපට  කොළ ප්‍රදේශ ( අපේ වචනයෙන් කොළ ඒරියා )   තුනක් තිබුණු අතර  ඒවා  නිශ්චිත නමකින් හැඳින්වුණු   Suburbs විය.

එහෙත්  ඒවාට  අපේ නම් යොදා ගැනුනේ  නිම්මි සහ  මා පමණක් නොව  එවකට  අවුරුදු  තුන හතරක ළමයෙකු වූ සුපුන් ද ඒවා හැඳින්වීමට  යොදා ගත් ආදේශක නාම හේතුවෙනි.

විශ්ව විද්‍යාලය ආසන්නයේ තිබු කඳු සහිත ප්‍රදේශය  "කැම්පස් කන්ද"  වූ  අතර  අපේ  නිවසට  ඉදිරි පසින් පිහිටි  තවත් කඳු  සහිත ප්‍රදේශයක්  අප  හැඳින් වුයේ  "කොච්චි කන්ද"  නමිනි.


එහෙත්   සුපුන්ගේ  ඒ දිනවල  ප්‍රියතම  දෙයක් වූ  කෝච්චි බැලීමට  අප ගියේ  මේ  ප්‍රදේශයට  නිසා  ඒ කොළ බෙදන ප්‍රදේශය  කෝච්චි කන්ද  විය.

මේ කාලයේ සතියේ දින පහේ සහ සමහර විට සෙනසුරාදා හෝ ඉරිදා ත්  ලැබ් එකට යන  මා  නිවසට එන්නේ  හවස  හය හත පමණ වන විටයි.

එසේ රෑ බෝ වී   නිවසට පැමිණෙන මා  පිළිගන්නට  ඉස්සරහ  දොර  ලඟම සිටින්නේ     සුපර්මාර්කට් ගෙනියන  වර්ගයේ කොලපාට  මලු ගොඩකි.

ඒ  මලු  පිරී පැවතුනේ   ඒ  ඒ  ප්‍රදේශ  වල  බෙදීමට ඇති කොළ  මිටි   වලිනි.

මේ මලුවලට  කොළ පිළිවෙලට  අසුරා තිබුනේ දවල් කාලයේ සුපුන් බලාගන්නා අතර ඒ කොළ මිටි

පිළිවෙලට නැමූ නිම්මි විසිනි.

 කොළ ගොඩවල් පසු කර කුස්සියට  ලඟා වූ සැණින්  මා වෙත    කිරි තේ එකක්  සහ   කෑමට  යමක් ලැබේ.

ඒ නිම්මි මා එන වෙලාව ආසන්නයේ  මා වෙනුවෙන් සකස්  කල  තේ පැන්  සංග්‍රහයයි .

අනතුරුව සුපුන් පසෙක සිටියදී කොළමිටි සහිත   මගේ කොරොල්ලා  මෝටර් රථයට පටවන්නෙමි.


බොහෝවිට  සුපුන් ඒ වෙලාවට  රුපවාහිනියේ  යන  Bob The  Builder හෝ  Thomas the Tank Engine

වැනි වැඩ සටහනක් බලමින් සිටියි.




මා කොළ ගොඩවල්  කාරයට  රැගෙන යද්දී  මා පසු පසින් වැටෙන්නේ   අපේ එකම පුතු  සුපුන්ය.

"තාත්තා  අද  අපි කොහෙද යන්නේ කෝච්චි  කන්දේද ? "

සුපුන් අසන්නේ ඒ දිනවල  ඔහුගේ  ප්‍රියතම  රුපවාහිනී  වැඩ සටහනක් වූ   "තෝමස්" බලන අතරය.

"නෑ පුතා කැම්පස් කන්දේ ...ඇයි  ඔයාට  කෝච්චි  බලන්න  ඕනෑද ?

කලින් ඉවර වුනොත්  කෝච්චි  කන්දට  එක්කන් ගිහින්  කෝච්චියක්  පෙන්නන්නං  කෝ ඔයාට   "

මා සුපුන්ට  එසේ පවසන්නේ  මුල් කාලයේදී සුපුන් කොළ බෙදීමට යෑමට වැඩි කැමැත්තක්  දැක්වුවේ නැති නිසාය

එයට හේතුව නිම්මිත් මමත් මාරුවෙන් මාරුවට කොළ  බෙදද්දී අවුරුදු තුන හමාරක් -හතරක් වයසේ උන්

සුපුන්ට  අපේ කාර් එකේ  බේබි සිට් එකට ගැට ගැසී ඉන්නට සිදු වීමයි .

 හවස හය හමාර හත වන විට පටන් ගන්නා නිම්මිගේ මේ රැකියාව අප අවසාන කරන විට රෑ නමය පමණ වෙයි.

සඳුදා පටන්ගෙන  බදාදා අවසන් වන එක වටයකුත් සිකුරාදායින් ඇරඹි ඉරිදායින් අවසන් වන තවත් වටයකුත් මේ  රැකියාවට ඇතුලත්ය.

ඒ කියන්නේ මේ කොළ ප්‍රදේශ පුරා ඇති සියළු නිවෙස් දක්වා අප සතියට දෙසැරයක්  ගමන් කල යුතු විය,

ලැබ් එකේ පර්යේෂණ අවසන් වීමට ප්‍රමාද වූ දිනවලදී අප නිවසීන් පිටවන රෑ නමය හෝ දහය වෙයි.

එවැනි එක් දිනයක් මගේ මතකයට නැගෙයි.  මා නිවසට එන විටත් සුපුන් තද නින්දේය.

නිම්මි ඒ වන විටත් කොළ ගොඩ කාරයට පටවා තිබිණි .

 දිනය බදාදා දිනයකි . ඒ කියන්නේ පසුදා පාන්දර වනවිට කොළ බෙදා අවසන් බවට දුරකථන ඇමතුමක්  කොළ  ඒජන්ත වරුනට  දිය යුතු විය.

"පුතා. පුතා නැගිටින්න තාත්තා ආවා . අපිට කොළ  දාන්න  යන්න තියෙනවා "

නිම්මි සුපුන් අවධි කරන්නට  බලවත් උත්සායකයක  යෙදෙයි.

"මට බෑ  කොහෙද යන්නේ කෝච්චි කන්දේද " "

"නෑ. නෑ කැම්පස් කන්දට  යන්නේ  . පැයකින් දෙකකින් එනවා "

"මට බෑ  මට නිදිමතයි "

සුපුන් අප සමග එන්නට සුදානමක් නැත.

අම්මලා පුතාලා  ගේ සාකච්චාව අතරේ  මම කටට දෙකට මගේ බත් පිඟාන ගිල දැම්මෙමි.

"හරි හරි ඔය දෙන්න නිදා ගන්න මම පුළුවන් තරමක් බෙදලා එන්නම් "

මම තනියම කොළ බෙදීමට යන්නට සිතා ගත්තෙමි.

මේ කියන ප්‍රදේශය  නිම්මිත් මමත් දෙදෙනාම ගියහොත් පැයකින් පමණ අවසන් කල හැකි විය.

එහෙත් එය තනියෙන් ගියහොත් අඩුම ගානේ පැය දෙකක් වත් ගතවන වැඩකි.

කළුවරේ නිවසින් පිටත් වූ මා කඩියෙකු මෙන් දුව පනිමින් කොළ බෙදන්නට පටන් ගත්තෙමි.

තැනිතලා ප්‍රදේශයක් නිසා ගමන ඉක්මන් විය.

නැවතත් උදේ පාන්දර එන්නට ඇති අකමැත්ත නිසාම අවසන් නිවාසය දක්වාම ලිපි බෙදුවෙමි.

සියළු වැඩ නිමවී මා ගෙදර පැමිණියේ රාත්‍රී එකොළහ හමාරට පමණය.

මා එන විටත් සුපුන් සහ නිම්මි තද නින්දේ පසු වනු දක්නට ලැබිණි.

 රියදුරු පුහුණුව

මේ ආකාරයෙන් සිදු කල "කොළ   දැමීම"  නිම්මිගේ  සහ මගේ අතිරේක  රැකියාව  විය.

එහෙත් නිම්මිට කාර් එකක් එලවීමේ හැකියාවක් නොමැති වීම  නිසා මම නිවසට එන තෙක්  ඇයට තනියෙන්රැ කොළ දැමීම කල  නොහැකි විය. 

මේ ගැනත්  අප දෙදෙනාම  කොළ බෙදන්නට යෑමට සිදු වීමත් ගැන සිතා බැලු මට නුවණක් පහළ විය. 

ඒ වැඩිකල් නොගොස් නිම්මිට  වාහන පැදවීම පුරුදු කලයුතුය යන්නයි. 

මේ අතර දිනක් කෝච්චි කන්දේ කොළ බෙදන අතරේ  එල්  බෝර්ඩ් එකක් ගැසූ  හොණ්ඩා CRV එකක් නිවසක නවතා තිබෙනු දුටුවෙමි.

ඊට පසු අවස්ථා කිහිපයකම  මේ  හොණ්ඩා ජීප් එක පදවන්නේ කාන්තාවක් බවත් ඇය තරමක් සැර පරුෂ ගතියකින් යුතු අයෙක් බවත් දැන ගත්තෙමි.

මම  කොළ මිටිය ඇගේ අතට දුන් එක් දිනයක ඇගෙන් රිය ධාවනය කීරීමට ඉගෙන ගැනීම ගැනත් පැයකට අය කරන මුදල ගැනත් සාකච්චා කලෙමි.

ඇය මිචෙම් ලර්නස් නම් රියදුරු පුහුණු ආයතනයේ සේවය කරන බවත් නිම්මිට රියදුරු පුහුණුව ලබා දිය හැකි බවත්  වැඩිදුර කතා බහේදී දැන ගන්නට ලැබිණි.

ඒ අනුව  ලොග් බුක් ක්‍රමයට  නිම්මිට  ලයිෂන් ගැනීම  ආරම්භ කරන ලෙස  "ක්‍රිස්"  ගෙන් උපදෙස් ලැබිණි.

මේ ක්‍රමය අනුව  මුලින්ම නිම්මිට එල් බෝර්ඩ් එකක්  ලබා ගත යුතු විය.

ඒ සඳහා  ඇයට විභාගයකට පෙනීසිටිය යුතු වූ අතර  පරිගණකයෙන් ඔන්ලයින් විභාග  කර පුරුදු වූ ඇය  ඒ විභාගය පහසුවෙන් සමත් වුවාය.

දැන් නිම්මිට  L බෝර්ඩ් එක   දමා වාහන එළවිය හැකිය.  ඒ අනුව සෑම සෙනසුරාදාවකම  ක්‍රිස් සමග විනාඩි හතළිස් පහක පාඩමක් කීරීමට  නිම්මි කැමති වූවාය.

ඒ සඳහා  ක්‍රිස් ඩොලර් හැත්තෑ පහක් අය කළාය. මේ අතර  ලොග් පොත පිරවීමට නම්    ලයිෂන් එකක් හිමි අයෙක් සමග  පැය පනහක් වාහනය ධාවනය කර තිබිය යුතු විය.

මේ වෙනුවෙන් අපේ උදව්වට ආවේ  අප සිටි ප්‍රදේශයේ ප්‍රසිද්ධ  ලාංකිකයෙකු වූ "සුමින්ද  අය්යා" ය.

"සුමින්ද අය්යා .  ඔයාගේ  කාලය  මේ වෙනුවෙන් යොදවන්න කියන එක මගේ හිතට හරි නෑ වගේ.

ඒ වෙලාවේ  කාගේ හරි වාහනයක් හදලා ඔයාට කියක් හරි හොයාගන්න පුළුවන් නේ ?"

"ගානක් නෑ කවිඳු . මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි එකම ප්‍රශ්නේ අපිටපුරුදු වෙන්න වෙන්නේ සති අන්තේ හරි රෑ වෙලා හරි විතරයි.  "

ඔබ කවුරුත් දන්නා පරිදි අපේ බිරින්දෑ වරු එසේ කියූ පමණින්ම  වාහනය එලවන්නට කැමති වන්නේ නැත.

මුල්ම දින දෙක  නිම්මි වාහනය පුරුදු කරවීමට සුමින්ද අය්යලා නිවස වෙත  රැගෙන යද්දී මට ඇයගේ  අකමැත්ත ප්‍රකාශ වුයේ මෙලෙසිනි.

"ලංකාවට වෙලා බස් එකේ ගිහින් හරි නිදහසේ වැඩට යන්න තියෙද්දී ආවා මෙතන පිටරටකට "

"දැන් මාව කන්න හදනවා අරක ඉගෙන ගනින් මේක ඉගෙන ගනින් කියලා. ඒ අස්සේ මිනිස්සුන්ගේ  ගෙවල් වල රිංගන්නත් ඕනේ  වාහන එලවන්න  "

කියමින් නිම්මි කියන  ආඩපාලි අසා සිටි මා හිත යටින් සිනාසුනා මිස කලබල වුයේ නැත.

"කොහොම හරි මේ නෝනා ඩ්‍රයිවින් ඉගෙන ගත්තොත් මට ලේසියිනෙ  ..

ඊටත් වඩා එයාටත් රස්සාවකට එහෙම යන්න ලේසියි නේ "

වදෙන් පොරෙන් මට බැන බැන  කාර් එක එලවන නිම්මි දැක  මගේ යටිසිත සතුටු වුවේය.

මේ නිසා පසු කලෙකදී  අපේ කොළ බෙදීමද පහසු වන්නට විය.

 මුලින් මා පමණක් එලවූ වාහනය ලයිෂන් ගැනීමෙන් පසු ඇයටත් එළවිය හැකි වීම ඊට හේතුවයි.

 එක තැනක වාහනය නවතා කොළ මිටි කිහිපයක් අතට ගන්නා එක් අයෙක් කොළ බෙදමින් ඉදිරියට යයි  .

සුපුන් පිටිපස අසුනේ තබා ගෙන පලමු වැන්නා පසු කර මද දුරක් යන අනෙක් සගයා  පළමු වැන්නා පෙනෙන නොපෙනන මානයට ගොස් කොලත් රැගෙන වහනයෙන් බසියි.

ඒ අනුව මුල් කාලයේ පැය දෙකක් ගතවූ කැම්පස් කන්ද විනාඩි හතලිස් පහකින් පමණ අවසන් කරන්නට අපට හැකි විය.

පර්යේෂණ කටයුතුත් ඉදිරියටම 

මගේ රාත්‍රී සහ සති අන්ත අතිරේක රාජකාරි කොපමණ අපහසු වුවත් ඒ නිසා මගේ මූලික පරමාර්ථය වූ උසස් අධ්‍යාපනය  පසු පසට යන්නට ඉඩ නොදුන්නෙමි.

එහෙත්  සති අන්තයකට පසු එළබෙන සඳුදා දිනයටත්  කොළ රාජකාරි ඉතා වෙහෙසකර වූ සති මැද දිනවලත් ( බොහෝ විට බදාදා , බ්‍රස්පතින්දා දින )  මගේ වෙහෙසකර බව ලැබ් එකේ අයටද පෙනෙන තත්වයක් තිබුණි. 

පර්යේෂණ සඳහා මියන් සුදානම් කිරීම ( පැය තුන හතරක් ගත වන ශල්‍ය කර්ම කරමින් ) අත හුරුවන තෙක් ගතවූ මුල් මාස කිහිපය තරමක් වෙහෙස කර විය.


මා එසේ  ලැබ් එකේ සර්ජරි ටේබල්  එකේ සිටිනා දුටු මගේ මහාචාර්ය තුමා වූ   ගෝඩන්  (ගෝඩන් )  දිනක් මට මෙසේ පැවසුවේ එබැවිණි.


"Kawindu .. Press on mate !!!  I know it is hard . Hopefully we will get our grant soon.

I could still remember .... I was a Taxi Driver when I was a Medical student ...

that was when  I did my undergrad studies in 1979 . 

You can succeed..... Well done  mate... Press on....."

මගේ මහාචාර්ය වරයා වූ ගෝඩන් මගේ  පිටට තට්ටුවක් දමමින් එසේ පවසද්දී   මා සිතට දැනුනේ අපමණ සතුටකි. 



මෙය  මගේ අත්දැකීම්   සහ   මේ රටට සංක්‍රමණය කල  අනෙක් හිතවතුන් පැවසු ඔවුන්ගේ අත්දැකීම්ද අළලා  කල රචනයකි. 

33 comments:

  1. මෙවර කැනඩාව කියා ලිවිම නම් විහිළුවකි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. සුළු වෙනස් කමක් කළා.. ඔබේ අදහස් ඉදිරි ලිවීම් වලට ලොකු පිටුවහලක් වේවි.

      Delete
    2. මගේ අවංක අදහස මෙන්න.

      අපේ ජීවිතයේ හැම දේ ගැන ම ලිවිය යුතු නැත. නමුත් ලියන දේ අවංකව ලියන්න.

      ඔබේ ලිපිවල කරගම්පිටිය වෛද්‍ය පීඨය කියන්නේ කරාපිටිය බවත්, අලදෙනිය වෛද්‍ය පීඨය කියන්නේ පේරාදෙණිය බවත්, පාසල බණ්ඩාර්වෙල බවත් ටිකක් කල්පනා කළ විට සිතාගත හැකියි.

      නමුත් ඕස්ට්‍රේලියාවට කැනඩාව කියා ලිවීම නම් තනිකරම පාඨකයන් නොමග යැවීමක්.

      Delete
    3. ඒ ඒ අයට කැමති විදිහට රසවිඳින්න කියා ලියලා තබනවා. මේ කැනඩා ඕස්ට්‍රේලියා කතා නොලියා ඉන්න හිතුවා..

      Delete
  2. ඇත්තෙන්ම කැනඩාවට සංක්‍රමණය වීමට සිතාසිටින අයට හොඳ ආදර්ශයක්. පිටරටවල රැකියා කරන, සමහරවිට ස්ථිරව පදිංචිව සිටින සිංහලයන් තමන්ගේ වර්ගයාට මගපෙන්වීම ආධාර කිරීම කරන්නේ ඉතා අඩුවෙන් බවත්, නමුත් ද්‍රවිඩ ජාතිකයන් (විශේෂයෙන් කැනඩාවේ ඉන්න අය) ඉතා ඉහල මට්ටමෙන් එලෙස ආධාර කරන බවටත් කතාවක් ලංකාවේ තියනවා. එහි සත්‍යයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. කවිඳු දැන් තේරෙනවා නේද ඔබ මේ කරන විකාරයෙන් අහිංසකයින් නොමග යන හැටි?

      (විචාරකට අහිංසක කියන්නේ නැතුව අංගුලිමාල කියන්නයැ?)

      ;-)

      Delete
    2. විචාරක කියන කාරණය කවුරුත් කතා වෙන මාතෘකාවක් නිසා එයට පිළිතුරක් දැම්මා.. මෙය විදේශගත ශ්‍රී ලාංකිකයින් සිටිනා ඕනෑම රටක සිදුවන දෙයක්යැයි මමත් අසා තිබෙනවා.. සිංහලයින් තමන්ගේ වර්ගයාට උදව් කරන එක අඩු වීම..

      Delete
    3. මේවා ජාතිය අනුව වර්ග කිරීම තේරුමක් නැති දෙයක්.

      මං හිතන විදියට මේ කාරණයේ දී අප මිනිසුන් වර්ග කළ යුත්තේ හොඳ මිනිසුන් සහ හොඳ නැති අය ලෙසයි.

      Delete
    4. //මං හිතන විදියට මේ කාරණයේ දී අප මිනිසුන් වර්ග කළ යුත්තේ හොඳ මිනිසුන් සහ හොඳ නැති අය ලෙසයි// එකඟයි.. විචාරක විමසු දෙයත්, අම්බලන්ගොඩ ගේ අත්දැකීම් මෙන්ම මා නොලිවු එහෙත් මා විදෙස්රටවල් තුනකදී නොයෙක් වර අත්විඳි දේ අනුව කියන්නට වෙන්නේ අපේ භාෂාව ( සිංහල භාෂාව )කතා කරන්නන් අතර විදෙස්රටකදී හමුවිය හැකි මෙවැනි "නරක " මිනිසුන් ප්‍රතිශතය වැඩි බවයි

      Delete
    5. උදව් කරාට පස්සේ කෙලෙවනවනේ කවිඳු. ඒකනේ ගොඩක් අය නොකරන්නේ. මටම වෙලා තියනවා.

      Delete
    6. අපිටත් එහෙම වෙලා තියෙනවා .. ඒ වුනාට හැමෝම එහෙම කරන්නේ නැහැනේ.. අනික මමනම් අපිට කිසිවක් බලාපොරොත්තු නොවී අවශ්‍ය උදව්ව කරනවා. උදව අරගෙන අපි අමතක කරලා වෙන බලය ධනය ටිකක් වැඩි අය පස්සේ යන එක තමයි කට්ටිය කරන්නේ . එත් අපේ උදව්ව කෙරිලානේ. ඒ ගැන අපිට තවමත් සතුටු වෙන්න පුළුවන්..

      Delete
  3. ස්තුතියි විචාරක.. සාමාන්‍යයෙන් අපේ සිංහල අය වැඩිදෙනෙක් අතර ඔය කියන ගතිය දක්නට ලැබෙනවා තමයි. ඒ ඉර්ශ්යාව කුහකකම ආදී පොදු මානව හැසිරීම් කිසියම් හේතුවක් නිසා අපේ භාෂාව කතා කරන අය අතර අනෙක් ජාතීන්ට වඩා සාපේක්ෂව වැඩි වීමයි.. ද්‍රවිඩ ජාතිකයින් ඔවුනොවුන්ට උදව් කිරීම වැඩි වීමට තව හේතුවකුත් තිබුනානේ ඒ කාලේ ..ඒකත් එයාල තමන්ගේ අයට වැඩිපුර උදව් කරන්න හේතුවක් වෙන්න ඇති... දැන් දැන් මේ දෙගොල්ලන්ගේ ප්‍රතිශත සමාන වී ඇති කියලා මට හිතෙනවා.. කොහොමටත් ලෝකේ සියලු ජාතින් එකතු කරලා ඔවුන්ගේ අනුනට උපකාර කිරීමේ ( විශේෂයෙන් විදේශයකට පැමිණි මුල් කාලය තුල ) ගුණ සංසන්දනය කර බැලුවොත් අපේ අයගේ මෙසේ උදව් නොකරන ප්‍රතිශතය තරමක් වැඩියි තමයි... ඒත් මේ "සුමින්ද" වගේ රටට පය තියපු දවසේ සේ සිට නෑදෑ කමක් නැතිව වුනත් දිගින් දිගටම තම කාලය අනුන් වෙනුවෙන්ට යොදවන සිංහල කතාකරන චරිත අපිට හමුවෙනවා.. මෙය ඔවුන් වෙනුවෙන් කෘතවේදීව ලියු ලියවිල්ලක් ..

    ReplyDelete
  4. දමිළයන් බෙහෙවින් සිටින ටොරොන්ටෝ වැනි නගර වල බොහෝ ප්‍රශ්න දමිළයන්ට, ඒ අයට සිංහලයන්ට තියන දුර්වල කම් නොඅඩුව තියෙනවා.

    ReplyDelete
    Replies
    1. කවිඳු ප්ලීස්. මං කෝල් කරලා කියපු දේම නේද මේ වෙන්නේ?

      Delete
    2. දමිල සිංහල කවුරුත් ළඟ අනෙකා කෙරෙහි ඇතිවන ඊර්ශියාව සහ කුහක කම යන ලක්ෂණ හරි හරියට තියෙනවා.. මෙය මේ දෙගොල්ලන්ටම පමණක් නොව බටහිර වැසියන්ටටත් පොදු ලක්ෂණයක්.. එහෙත් ප්‍රතිශතයක් ලෙස ගත්තම මේ ගතිය අපේ රටවලින් එන අයගේ වැඩියි කියලයි මට හිතෙන්නේ...පහලින් අම්බලන්ගොඩ ලියා ඇති දෙය කියවන්න.. ඒක තමයි මමත් බොහෝවිට අත්විඳි අපේ අයගේ ලක්ෂණය.. ඔය සුමින්දලා වගේ මිනිස්සු හරි අඩුයි . හිටියත් නෝනා හරි කවුරු හරි පෙරමුණ අරන් මිනිහා වෙනස් කරනවා..

      Delete
  5. මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ.
    මොනව උනත් දැන් ලංකාවෙනං ගොඩක් කාන්තාවො ලයිසන් ගන්නව. හැබැයි ඉතිං වැඩි හරියක් පොඩ්ඩ ඇත්තං කලබල වෙන අය නිසයි වැඩේ භයානක වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් කාන්තාවෝ වාහන එලවන එක පාරේ වාහන එලවද්දී ඇතිවන ක්ෂණික ගැටුම් අවම වෙන්න හේතුවක් ...අපි මේ කියන කාලේ ඉවර වෙලා තාත්තා ලංකාවට ගිය පසු මගේ නංගිලා දෙදෙනාට සහ අක්කටත් , ඒ වගේම නිම්මිගේ නංගි ( ලෙනදොරගේ නෝනා ) ටත් ලයිෂන් අරන් දුන්නා...මේ අදහසම ඇතිව..

      Delete
  6. වාහනයක් එලවන්න බැරුව මේ රටකට එනවා කියන එකේ බරපතලකම තේරෙන්න ඒකට මුනදෙන්නම ඕන කවිඳු.. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා අපේ ලංකාවේ මිනිස්සු කෙනෙකුට විදේශ රටක පොළොවේ පය ගහන්න දෙන සහයෝගය නම් අන්තිමයි.. මමත් ඔය කටුව කෑවා මෙහෙ ඇවිත්.. වාහන තියන එකෙක්වත් හරියටම කිව්වේ නැහැ වාහනයක් ගන්න මොනවද ඕන කියන එක. ඒ තියා ඩ්‍රයිවර්ස් ලයිසන් එක ගන්නවත් ලේසි විදිහක් ගැන අපේ කුහක මිනිස්සුන්ගෙන් ඇහුවාම කියන්නේ අදාළ ක්‍රියාවෙන් භාගයයි.. අන්තිමේ මම ඉන්ටරනැෂනල් ලයිසන් එක හදාගෙන ඉන්සුරන්ස් ඒජන්ට් කෙනෙක් හොයාගෙන තනියමම කාර් එකක් ගත්ත. වැඩි විශ්වාසෙට කියල මා එක්ක එකට වැඩකරපු සිංහල එකෙකුගෙන් මගේ පලවෙනි කාර් එක ගත්තේ.. ඒක අරන් ගෙදර එද්දී චෙක් එන්ජින් ලයිට් එක පත්තු උනා.. ඒ කියන්නේ ඌ ඒක තාවකාලිකව රීසෙට් කරලා තිබිල තියෙන්නේ.. වාහනේක එයාර් ක්ලීනර් එකේ ඉඳන් සයිලන්සර් එක වෙනකල්ම A to Z දන්න මම සිංහල කම නිසා ඌගේ කපටිකමට අහුවුනා.. ඒ වෙද්දී ඒ කාර් එකේ වටිනාකම ඩොලර් 500 ක් වෙයි උපරිම උනාට ඌ මට ඒක වික්කේ ඩොලර් 2000 කට. පස්සේ මම ඒ කාර් එකෙන් හුඟක් වැඩ ගත්ත. අපේ ලංකාවේ මිනිස්සු බලන් හිටිය මම ඉන්ටර්නැෂනල් ලයිසමෙන් එලවල හිරේ යනකම්. ඒකෙන් එලවන ගමන් මම මෙහෙ ලයිසම ගත්ත. එදා මෙදා තුර මෙහේ ඇසුරු කරපු යාළුවො කියන එවුන් එකෙක්වත් උදව්වක් කරේ නැහැ ලයිසම ගන්නකල්ම. ඊට පස්සේ අලුත් කාර් එකක් ගත්ත උනාට අදටත් මගේ පලවෙනි කාර් එක විකුනන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ඒ කාර් එකෙන් මම තුන්දෙනෙකුට ලයිසන් ගන්න උදව් කරා. කිසිම කෙනෙකුගේ පිළිසරණක් නැතුව අවුව, වැස්ස, සීතල, හිම එක්ක දුක් විඳපු මට ඒ කාර් එක ලොකු පිළිසරණක් උනා.. ඒ නිසාම තවම තියාගෙන ඉන්නවා පදින්නේ නැති උනත්. අදටත් දන්නා කියන කෙනෙකුට රයිඩ් එකක් ඕනවුනගමන් වැඩ නවත්තල හරි ඌව අදාළ තැනට ගිහින් දාන්නේ මම විඳපු දුක වෙන කෙනෙකුට විඳින්න දියයුතු නැති නිසාමයි..

    ඔයාට සුමින්ද හමුවීම ඔයාගේ වාසනාව.. මෙහෙනම් සුමින්දලා හරිම අඩුයි..

    ReplyDelete
    Replies
    1. //ඔයාට සුමින්ද හමුවීම ඔයාගේ වාසනාව.. මෙහෙනම් සුමින්දලා හරිම අඩුයි..// මෙහෙත් එහෙම තමයි. සුමින්ද හැරුනහම අනික් හමුවූ බොහෝ දෙනෙක් ඔබ ඔය කියනවා වගේ කට්ටිය තමයි. පටු වාසියක් බලාගෙන තමන්ගේම කෙනෙක් රවට්ටන එක එයාලට සුළු දෙයක්... ඔබ කියන්නා වගේම ඔක්කොම අමාරුවෙන් කරලා පසුබිම හදාගත්තට පස්සේ පාටි දාන්න එන වරගයේ යාළුවො තමයි ගොඩක් මුණගැහෙන්නේ..

      Delete
  7. වාහනයක් එලවන්න බැරුව මේ රටකට එනවා කියන එකේ බරපතලකම තේරෙන්න ඒකට මුනදෙන්නම ඕන කවිඳු.. කනගාටුවෙන් උනත් කියන්න වෙනවා අපේ ලංකාවේ මිනිස්සු කෙනෙකුට විදේශ රටක පොළොවේ පය ගහන්න දෙන සහයෝගය නම් අන්තිමයි.. මමත් ඔය කටුව කෑවා මෙහෙ ඇවිත්.. වාහන තියන එකෙක්වත් හරියටම කිව්වේ නැහැ වාහනයක් ගන්න මොනවද ඕන කියන එක. ඒ තියා ඩ්‍රයිවර්ස් ලයිසන් එක ගන්නවත් ලේසි විදිහක් ගැන අපේ කුහක මිනිස්සුන්ගෙන් ඇහුවාම කියන්නේ අදාළ ක්‍රියාවෙන් භාගයයි.. අන්තිමේ මම ඉන්ටරනැෂනල් ලයිසන් එක හදාගෙන ඉන්සුරන්ස් ඒජන්ට් කෙනෙක් හොයාගෙන තනියමම කාර් එකක් ගත්ත. වැඩි විශ්වාසෙට කියල මා එක්ක එකට වැඩකරපු සිංහල එකෙකුගෙන් මගේ පලවෙනි කාර් එක ගත්තේ.. ඒක අරන් ගෙදර එද්දී චෙක් එන්ජින් ලයිට් එක පත්තු උනා.. ඒ කියන්නේ ඌ ඒක තාවකාලිකව රීසෙට් කරලා තිබිල තියෙන්නේ.. වාහනේක එයාර් ක්ලීනර් එකේ ඉඳන් සයිලන්සර් එක වෙනකල්ම A to Z දන්න මම සිංහල කම නිසා ඌගේ කපටිකමට අහුවුනා.. ඒ වෙද්දී ඒ කාර් එකේ වටිනාකම ඩොලර් 500 ක් වෙයි උපරිම උනාට ඌ මට ඒක වික්කේ ඩොලර් 2000 කට. පස්සේ මම ඒ කාර් එකෙන් හුඟක් වැඩ ගත්ත. අපේ ලංකාවේ මිනිස්සු බලන් හිටිය මම ඉන්ටර්නැෂනල් ලයිසමෙන් එලවල හිරේ යනකම්. ඒකෙන් එලවන ගමන් මම මෙහෙ ලයිසම ගත්ත. එදා මෙදා තුර මෙහේ ඇසුරු කරපු යාළුවො කියන එවුන් එකෙක්වත් උදව්වක් කරේ නැහැ ලයිසම ගන්නකල්ම. ඊට පස්සේ අලුත් කාර් එකක් ගත්ත උනාට අදටත් මගේ පලවෙනි කාර් එක විකුනන්නේ නැතුව තියාගෙන ඉන්නවා. ඒ කාර් එකෙන් මම තුන්දෙනෙකුට ලයිසන් ගන්න උදව් කරා. කිසිම කෙනෙකුගේ පිළිසරණක් නැතුව අවුව, වැස්ස, සීතල, හිම එක්ක දුක් විඳපු මට ඒ කාර් එක ලොකු පිළිසරණක් උනා.. ඒ නිසාම තවම තියාගෙන ඉන්නවා පදින්නේ නැති උනත්. අදටත් දන්නා කියන කෙනෙකුට රයිඩ් එකක් ඕනවුනගමන් වැඩ නවත්තල හරි ඌව අදාළ තැනට ගිහින් දාන්නේ මම විඳපු දුක වෙන කෙනෙකුට විඳින්න දියයුතු නැති නිසාමයි..

    ඔයාට සුමින්ද හමුවීම ඔයාගේ වාසනාව.. මෙහෙනම් සුමින්දලා හරිම අඩුයි..

    ReplyDelete
    Replies
    1. //අදටත් දන්නා කියන කෙනෙකුට රයිඩ් එකක් ඕනවුනගමන් වැඩ නවත්තල හරි ඌව අදාළ තැනට ගිහින් දාන්නේ මම විඳපු දුක වෙන කෙනෙකුට විඳින්න දියයුතු නැති නිසාමයි.. // හරියට හරි අම්බලන්ගොඩ මේ දේම තමයි අපෙන් සිදුවිය යුත්තේ අපේ බොහෝ දෙනා හිතන්නේ "මම කාපු කට්ට උඹත් කාලා වරෙන් .. එතෙක් මගෙන් උඹට උදව්වක් නැහැ.. " යන මානසිකත්වයෙන් එහෙත් ඔබ වගේම මා වුනත් කලේ අපෙන් පසුව මෙහි ආ හැමෝටම අපි දැනගත් පහසුවෙන් දේවල් කර ගත හැකි මාර්ගය කියලා දෙන එක තමයි.. මමත් මගේ කාර් එක ශිෂ්‍ය විසා අරන් ආ බොහෝ දෙනෙකුට මේ රටේ රිය ධාවනයට අත හුරු කරගන්න දුන්නා.. නෝනට පවා හොරෙන් ගිහින් වාහන එලවන්න පුරුදු කරා ඒකෙන්... එහෙම උදව් ලබා ලංකාවට ගිහින් රටේ ඉහල නිලතල වල ඉන්න බොහෝ දෙනෙක් අපේ යාළුවො එයාලා වැඩි හරියක් ඒ දේවල් සිහි කරන්නේ ස්තුති පුර්වකව...

      Delete
  8. අමු කට්ටක් නේ.. වෙන රටකට ගිහිල්ල ගොඩ යන්න දැනුම විතරක් මදි උපරිම අධිෂ්ටානයක් හා කැපවිමකුත් තියෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක්. ඔක්කොම හරි මටනම් වෙන රටකට ගියාම එන 'අනුන්ගේ ගතිය' තමයි කාල ඉන්න බැරි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමි. /වෙන රටකට ගිහිල්ල ගොඩ යන්න දැනුම විතරක් මදි උපරිම අධිෂ්ටානයක් හා කැපවිමකුත් තියෙන්න ඕනි කියන එකට හොඳ උදාහරණයක්/
      මේක වෙන රටකට ගිහින් නෙවෙයි අපේ රටේ ඉඳලා උනත් දියුණු වෙන්න අවශ්‍ය දෙයක් .. උපරිම අධිෂ්ඨානය සහ කැපවීම මත ශ්‍රී ලංකාවෙත් ඉහලටම යන්න පුළුවන්.. අපේ බලාපොරොත්තුව මේවා කියවන අය එවනි අරමුණකින් තම ඉදිරියට මුහුණ දෙයි කියා..

      Delete
  9. කට්ට කියන්නෙ හොඳම එකෙන් කට්ටක් කාල තියෙන්නෙ...
    හීත කාලෙටත් ඔහොමමද?
    මොනව උනත් මේ පෝස්ට් නිකන් පාඩම් මාලාවක් වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //මොනව උනත් මේ පෝස්ට් නිකන් පාඩම් මාලාවක් වගේ.// අපේ කියවන්නන් මේ තැනට එනවා දකින්නයි අපි කැමති. "අන්න කවිඳු කට්ටක් කාලා .. මාරයි මචං.. "කියලා ආපහු අත්දෙක පොරවන් ඉන්නවා නම් අපේ අරමුණ ඉටු නොවුනා හා සමානයි. මේ ලියවිල්ලෙන් තම අනාගතය ගොඩ නංවා ගැනීමට පාඩමක් ගන්නා කෙනෙක් ගැන අහන්නයි මම කැමතිම ... ජයවේවා !!!

      Delete
  10. ඔහොම තමයි ඉතිං අපේ අය. මේ ලිපි පේලිය නොනවත්වා ලියන්න. අපිට ගන්න ජාති බොහොම තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග.. යමෙක් අපේ ලියවිලි තුලින් තමන්ගේ "අනාගත වැඩමල්ලට" (සිත්තර සිතක් ලියන ශාන්ත කේ. හේරත් ගේ වචනයක්) යමක් එකතු කර ගන්නවා දැකීම විතර සතුටක් තවත් නැහැ...

      Delete
  11. මම ඔබගෙ පෝස්ට් සියල්ලම කියවනවා. මේ පෝස්ට් එක දැක්කම හිතුනා අදහසක් එක්කරන්න. වෙන රටකට යන අයෙකුට තමන් මුළිකවම දැන ගත යුතු කාරණා කිහිපයක් දක්වා තිබීම අතිශය වැදගත්. ඒ වගේම ඔබගේ උත්සහවන්තකම විශිෂ්ටයි.අපේ මිනිස්සු හැම දෙයම අල්ල ගන්නෙ වලිගෙන්නෙ.එය නොතකා ඔබ මෙවැනි වැදගත් ලිපි දිගටම ලියන්න.එමගින් නොදන්නා බොහෝ දේ අපිට උගත හැකිය.

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ඇවිත් ඔබේ අදහස් පල කලාට ස්තුතියි..//අපේ මිනිස්සු හැම දෙයම අල්ල ගන්නෙ වලිගෙන්නෙ.එය නොතකා ඔබ මෙවැනි වැදගත් ලිපි දිගටම ලියන්න.එමගින් නොදන්නා බොහෝ දේ අපිට උගත හැකිය.// .. මේ වලිගයෙන් දේවල් අල්ලා ගැනීම මගින් පොස්ට් එකේ ප්‍රධාන පරමාර්ථය (රචකයා බලාපොරොත්තුවන ) යටපත් වෙනවා දකින්න තමයි මම අකමැතිම. දුයිෂෙන් ගේ අඩවිය ලියන සමන්ත විද්යරත්න්ගේ පොස්ට් දෙකකටම මේ විදිහට වෙනවා දැක්කා ඔහුගේ අලුත්ම පොස්ට් වල...https://duishengeadawiya.blogspot.com.au/2016/07/blog-post.html කියවන්න

      Delete
  12. විදේශ රටකට පදිංචියට යනවානම් වාහන පැදවීම පුරුදුවී යාම නම් අනිවාර්‍යයි. එම රටවල වාහනයක් තිබීම සහ පාවිච්චිය මූලික අවශ්‍යතාවයක් වන නිසා. අන් අයට උදව් කරන ශ්‍රී ලාංකිකයන් ගැන නම් මට ප්‍රසන්න අත්දැකීම් කීපයක්ම තියෙනවා. කිසිම මුදලක් නොගෙන වාහන හදා දී දවල්ට කන්නත් දී එවන කෙනෙක් මට හමුවුණා. මහ රෑ දුරකථනයෙන් ඉල්ලීමක් කලාම කාල ගුණය නොබලා අවශ්‍ය කාර්‍යය කර දෙන අයත් හමුවුණා. ළමයි පාසැලෙන් ගන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වූ අයත් හිටියා. මටත් හැකි ප්‍රමාණයෙන් කාටත් උදව් කලා. වෙනස් වර්ගයේ අය මම නම් ආශ්‍රය කලේ නැහැ.

    ReplyDelete
  13. වාහනයක් නැතුව නම් අමාරුයි. මගේ බිරිඳට පැදවීම ට ලයිසන් අවුරුදු 18 දීම අරන් තිබ්බ නිසා පුදුම ලෙසියක් තිබ්බේ අපට. දුවටත් 16 පැන්න ගමන් අරන් දෙනවා. දැන් වුනත් මම උදේට ළමයි විදුහලට දැම්මම බිරිඳ එක්කන් එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට...

      Delete