Follow by Email

Monday, 25 July 2016

මගේ ශිෂ්‍යත්වය සහ ටෙලිනාට්‍ය.




අපේ බ්ලොග් හිතවතා  සුරංග  රංජිත්  තම යාන්හැල්ලේ  මෑතකදී  ලිවූ  "කාර්යාල ක්‍රමය" බ්ලොග් පොස්ට් එක   මම කාලෙකට පස්සේ දැක්ක හොඳම බ්ලොග් පොස්ට් එකක්.

එහි සුරංග අපට කියාදෙන  පාඩම  ලංකාවේ  සියළු කාර්යාල වල  අත් පත්‍රිකාවක් ලෙස බෙදාහරින්නට තරම් සුදුසු එකක් කියලයි  මට නම් හිතෙන්නේ

මේ බ්ලොග් පොස්ට් එකට  පාදක කරගන්නේ  සුරංග  කියන දේ අනික් පැත්ත  ..කාර්යාල සේවකයෙක් ලෙස අප  නොකලම යුතු දේවල් පිලිබඳ සාකච්චාවක්   ......

මේ සිද්ධිය  සිදුවුණේ  2005 නොවැම්බර්  -දෙසැම්බර්   කාලේ. මේ වෙනකොට  අපි නෙදර්ලන්තයේ  අවුරුදු දෙකක් ගතකර ( මගේ මාස්ටර් උපාධිය අවසන් කර) ලංකාවට ඇවිත් හිටියේ .

ඒ වනවිටත් පේරාදෙණියෙන්  අධ්‍යන  නිවාඩු පිට සිටි මම  මාවනැල්ලේ   ගමනැගුම  හා  මග නැගුම  වැඩ වල උපරිමයෙන් සහභාගී වෙමින් සිටියා මතකයි.

හැමදාම වාගේ  ඒ දවස් වලත් නිම්මි මගේ ඒ වෙලාවේ ප්‍රමුඛ  රාජකාරිය මතක් කර දුන්නා .. ඒ මගේ ආචාර්ය උපාදියට  අවශ්‍ය  ශිෂ්‍යත්වයකට  අයැදුම් කිරීම ගැනයි.

"මේ  ඔය  කැලෑ  කොට කොටා ඉඳලා හරියන්නේ  නෑ  දැන්  ලබන අවුරුද්දේ නෙදර්ලන්තේ  ශිෂ්‍යත්වයය ඉල්ලුම්පත්‍ර  දාන කාලේ හරි නේද?".

"දවසක් දෙකක්  වත්තේ  වැඩ මල්ලිට බලන්න කියලා ඔය වැඩේට  මහන්සිවුනොත් නරකද ?

 අන්තිමට  යන්න තැනක් නැති වුනොත් ඔය කව්රුත් එන්නේ නෑ උදව්වට .

මතකනේ  මුලින්ම රට යන්න විදිහක් නැතුව දඟලපු දැඟලිල්ල .

යන්තම් මේ කොලු පැටියාගේ වාසනාවට නෙදර් ලන්තේ යන්න හම්බ වුනා.."

නිම්මි කියන්නේ සුපුන් බඩට ඇවිත් මාස කිහිපයක් ඇතුලත  මට සියළු කරදර වලින් ගැලවී  නෙදර්ලන්ත යට යන්න ලැබුණ ආකාරය ගැනයි.

"හරි හරි නත්තල් නිවාඩුව එන්න ඉස්සෙල්ලා දාන්නම් ඉතින්. කෑගහන්නේ නැතිව ඉන්නකෝ  ඩිංගක්..

වෙලාවක  කැම්පස් එකට ගිහින්  ඇප්ලිකේෂන් එක හදාගෙන එන්න ඕනේ"

"මේ  ඕවා ලංකාවෙන් එහාට  යන්න කාලෙකුත් ගත්වෙනවනේ  අද හෙටම පටන් ගන්න තියෙන්නේ "

නිම්මි අයැදුම් පත් වැඩේට  මා පෙළඹ වුයේ එලෙසය.

"ඇයි DHL කරලා යවන්න පුළුවන් නේ.

දවසෙන් දෙකෙන් නෙදර්ලන්තෙට  බඩු ලැබෙයි.

 ඇප්ලිකේෂන් එක  දාලා "ටීනාටත්" ඊ මේල්  එකක් යවන්නයි  මන් හිතන් ඉන්නේ  එතකොට හරිනේ. "

ටීනා කිව්වේ  මගේ නෙදර්ලන්තයේ සුපර්ව්‍යිසර් තුමියයි.

ඇය මේ වනවිට විශ්ව විද්‍යාලයේ  සිටි research vice rector ගේ  ලඟම මිතුරියක්වී   සිටියාය (  දැන්   මේ තනතුර  හොබවන්නේ ටීනා විසින් ).

ඒ නිසා මගේ අයැදුම් පත විශ්ව විද්‍යාලයට  ලැබුණ වහා එය ඇයට දැනගන්නට  ලැබෙන බව මා දැන සිටියෙමි.

ෆයිව් "S" පේරාදෙණියේ තැපැල් කන්තෝරුව 



කැම්පස් එකේ අය සමග අයැදුම් පත ගැන කතා කරද්දී  පේරාදෙණියෙන් ම එය තැපැල් කල හැකි ක්‍රමයක් ඇති බවත්  එය හඳුන්වන්නේ  EMS නමින් බවත් දැන ගත්තෙමි. 

කවදත් රජයේ ආයතන වලින් වැඩ කරගැනීමට  කැමති මම ...

( මා විශ්වාස කරන්නේ අපේ පුළුවන් හැටියට  අපේ සහය දීලා රජයේ ආයතන ගොඩ ගත යුතුයි කියලයි.. 2006  මුල  පිටකොටුවේ  ලංගම බස් එකක යන්න ගිය හැටි ලියන්නම් ඉදිරියේදී )

DHL වෙනුවට  EMS හරහා මගේ  අයැදුම්පත්  යවන්නට තීරණය  කලෙමි. 

සාමාන්‍යයෙන්  මෙවැනි අයදුම්පතක් යැවීමේදී  මට  සෑහෙන ආතතියක් දැනේ.  

ඒ එය මට  ලැබෙයි දෝ නොලැබෙයිදෝ යනුවෙන් හිතේ ඇතිවන දෙගිඩියාව නිසාම නොව ලිපිලේඛන රාශියක් සකස් කීරීමට සිදුවීම නිසා ඇති වන්නකි.

උප්පැන්න සහතික, විවාහ සහතික  , අධ්‍යාපන සුදුසුකම්  , ඉංග්‍රීසි නිපුණතාව ( IELTS)  වැනි  ලිපි ලේඛන රාශියක්  මෙයට ඇතුලත් කල යුතු විය. 

කෙසේ හෝ වදෙන් පොරෙන්  ලියකිවිලි ටික එකතුකර ගත් මම එක් සඳුදාඋදැසනක  පෙරා දෙණියේ තැපැල් කන්තෝරුවට ලඟා වුයෙමි.
මේ කන්තෝරුව පිහිටා ඇත්තේ  නුවර- කොළඹ පාරේ  අපේ පීඨයට පෙනෙන නොපෙනන මානයකයි. 

හිටපු තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය නිමල් සිරිපාල මහතා යටතේ තිබු කාලයේ  නව මුහුණු වරක් දුන් තැපැල් කාර්යාල අතරට  මෙයද  අයත්වී තිබිණි.

ඒ අනුව මා කාර්යාලයට අතුල්වත්ම දක්නට ලැබුනේ ඉස්සර මෙන් කම්බි කුඩු වල ඇතුළට වී සිටි නිලධාරීන් නිලධාරිනියන් නොව පාරිභෝගිකයා හා සෘජුව  ගණුදෙනු කල හැකි මට්ටමේ මේස වල සිටි අයයි. 


මේ නුවරඑළිය  තැපෑල්  කාර්යාලයේ  පින්තූරයක්  - දැන් මේකෙත් 5S තියෙනවා....

කාර්යාලයේ  දකුණු පස ඇති මේසවල සිටි මහත්මයෙකුට  මා ආ කාරණය පැවසුවෙමි.

"සුභ උදෑසනක්... මට   ඩොකියුමන්ට් වගයක්  නෙදර්ලන්තෙට  EMS කරන්න ඕනේ  .. කොහොමද කර ගන්නේ "

"සුබ උදැසනක්.. අන්න අර නෝනා තමයි කරන්නේ .. එතෙන්ට යන්න මහත්තයා "

තැපැල් සේවක මහතා මාව අදාල තැනට යොමු කළේය.   

උඩරට  සාරියක් සැරසී  මනාව මේක් දමා සිටි ලස්සන නිලධාරිනියක් කිසියම් වැඩක යෙදෙමින් සිටි.  

ඒ අතර ඇය ඉදිරියේ සිටි පාරිභෝගික මහතා එය දෙස උනන්දුවෙන් බලා සිටි. 

මම ඒ මහත්මාට පිටිපස්සෙන්  සිට ගත්තෙමි.  

මගේ දකුණු අතේ  විශාල ලියුම් කවරයකි. 

 ඒ නෙදර්ලන්තයේ ආහුස්  විශ්ව විද්‍යාලයට  යැවීමට ඇති මගේ අයදුම්පතයි.

කන්තෝරුවේ නෝනා හිමින් හිමින්  තම කටයුත්ත කරමින් සිටි . 

ඒ අතර  ඇය තම මේසයේ ඇති දුරකථනය කරකවා කිසියම් කෙනෙකුට ඇමතුමක් ගත්තාය.  



"හලෝ  ගුඩ් මොර්නින්  .. කොහොමද අනේ ...? බස් එක අල්ලගන්න ලේසි වුනාද "

එහා පැත්තේ  ඉන්න කෙනා නාවලපිටියේ හෝ  ගම්පොළ තැපැල් කාර්යාලයේ සේවිකාවක් බව ඇයගේ කතා බහට බලෙන්ම සවන්දෙන්නට ලැබුණු මම පසුව තේරුම් ගත්තෙමි. 

"ඒකනේ මෙයා මේ බස් කාරයෝ හරියට එයාලගේ රාජකාරිය කරන්නේ නෑනේ .. එයාලා වෙලාවට එනවානම් අපිටත් වෙලාවට වැඩට එන්න පුළුවන් වෙනවනේ "

"ඒක  නෙවෙයි ....ඔයා ඊයේ  "අහිංසා " බැලුවද?  බලන්නකෝ මේ කෙල්ල කරන මෝඩ වැඩ ?  මම එහෙමනම්  හොඳ වැඩක්  කරනවා අරයට..."

"ඔය කතාව ලියන්නේ කවුද දන්නේ නෑ අනේ බලන්නකෝ බලන් හිටියා වගේ අපේ පවුල් වල ඇතිවෙන ප්‍රශ්න  ගැන ලියන හැටි ."

එහා පැත්තේ සිටිනා නිලධාරිණියද  හරි හරියට ඇයගේ කතාවට පොහොර දමන අයුරකි.  කතාව නොනැවති ඉදිරියට යයි දැන් මගේ පිටුපසින් තව පිරිසක් එකතු වී සිටි.

ඒ EMS යවන්නට නොව ෆොටෝ කොපි වැනි දේවල් කරන්නේද මේ කවුන්ටරය හරහා වීමයි..  

මේ අතර ෆොටෝ කොපි යන්ත්‍රය ක්‍රියාකරවන්නාද  වැඩක් නැතිව නිකම් සිටි.  

හේතුව ඔහුට වැඩ ලැබීමට නම්  මේ නිලධාරිනිය හරහා ඔහු වෙත ඒවා යොමු කලයුතු වීමයි.

මට සුරංගගේ  භාෂවෙන් ම  කිව්වොත් පුෂ්ප පිපි මකරන්ද  ගලා එන්නට ආසන්නය.

දුරකථන සංවාදය අහිංසා ගෙන් තව ටෙලියකට මාරු විය.  

"බලන්නකෝ නේද මේ ගැනුන්ගේ  හැටි.. 

දැක්කනේද  අර  @#$)  තමන්ගේ  අක්කගේ  මහත්තයත් එක්ක  රවුම් ගහනවා.

පව් අනේ ඒ ළමයි තුනේදෙනා .."

කතාවේ හැටියට  ඒ නාට්‍යයේ එකම පවුල ඇතුලේ සිදුවෙන අයතා ලිංගික සම්බන්ධතාවයක්  ගැන කියවෙන අවස්ථාවක්  තිබෙන හැඩයි.

එහි දරු තිදෙනෙකු සිටින පියෙක් සහ එම කාන්තාවගේ නැගණිය අතර පවතින  අයතා සම්බන්ධය  මේ නිලධාරිනියන්ගේ  අවධානයට  ලක්වී ඇත.

"ඔයාගේ හස්බන්ඩ්  එහෙම කියනවද? ඔව් අනේ අපේ  එක්කෙනෙත් වැඩිය කැමති නෑ මම  ටෙලි ඩ්‍රම බලනවට "

නේද මෙයා ඒවායේ කියන්නේ අපේ පවුල් වල තියෙන ප්‍රශ්නමනේ  

මම නම් අපේ හස්බන්ඩ්ට කියන්නේ 

"මේ වගේ කතා  බලන එකෙන් අපේ පවුල් ජිවිතේ හදා ගන්න හොඳ උපදෙස් ගන්න පුළුවන් " කියලා.

කතාව දැන් පැය භාගයකටත් වැඩිය  . මේසය ඉදිරිපස ඇති පෝලිම එන්න එන්නම දික් වෙයි.  එහෙත් කිසිවෙක්   මේ නිලධාරිණියට  තම රාජකාරිය  කලයුතු බව මතක් කරන්නේ නැත.







ඉවසීමේ සිමාව ඉක්මවා ගිය මම දැහැන බින්දෙමි.

"මිස් කරුණාකරලා  ඔය මහත්තයාගේ වැඩේ ඉවර කරලා දෙනවද ? 

අපි කට්ටිය ගොඩක් ඉන්නවා නේ වෙන වෙන වැඩ කරගන්න "

"ඇයි මිස්ටර් මොකද හදිස්සිය පොඩ්ඩක් ඉන්න බැරිද මගේ කෝල් එක ඉවරවෙනකන්..?"

ඇය තම දුරකථන සංවාදයේ ඇති වැදගත් කම මට මතක් කර දුන්නාය. 

දැන් මගේ "පුෂ්පය එළියට පනින එක"  සක්කරයටවත් නවත්තනන්ට නොහැකිය.  

"ඔයාලා සතිඅන්තයේ  කාපු බිපුවා, ගිය ගමන් බිමන් කතාකරනකම්  අපි මෙතෙන්ට වෙලා හිටගෙන ඉන්න ඕනෙද? 

අපිත් වැඩ තියෙන මිනිස්සු "

"ඔයලාට වැඩ තිබුණට අපිට කරන්න දෙයක් නෑ. ටිකක් ඉවසලා ඉන්න වෙනවා."

මගේ ඉදිරිපත් වීම නිසා සිය දුරකථන සංවාදය අතරමග නතර කල ඇය තම රාජකාරිය ට නැවතත් අත ගැසුවාය.

එහෙත් ඈ  දිගටම සිටියේ  අබ ටිකක් දැම්මා නම්  පුපුරණ වර්ගයේ මුහුණක් සහිතවයි.

ටික වෙලාවකින් මගේ අවස්ථාව පැමිණි විට  " මේක EMS කරගන්න ඕනෑ මට " කියමින් මගේ ලියකියවිලි ටික ඇයට දුන්නෙමි.

මගේ ලියකියවිලි කියවූ ඇය මා පේරාදෙණියේ  කථිකාචාර්යවරයෙකු බව හඳුනා ගත්තාය .

අනතුරුව මා දෙස ඔලොක්කුවට බැලු ඇය

"අහවල් මහාචාර්ය තුමා එහෙම මෙහෙට නිතර එනවා හරි නිහතමානී මිනිස්සු  .

එයාලා මේ වගේ ඇඟට කදාපනින්නේ නෑ  තමන්ගේ වැඩේ කෙරෙනකම්  ඔළුව පහත් කරන් ඉන්නවා "

යැයි පැවසුවේ අප සමග සිටි ප්‍රසිද්ධ මහාචාර්ය වරයෙකු ගැනයි.

ඒ අතරම  මා තව තවත් අවුස්සන්නට ඇයට ඕනෑ වී තිබේ..

"පිට රට වල් වලනම් මෙහෙම් මින්ස්සු රස්තියාදු කරන්නේ නෑ "

මමත් ඇයගේ උගුලට අසුවුයෙමි..

"ඉතින් ඉන්නනෙ  තියෙන්නේ පිට රටට වෙලා මෙහෙ ඇවිල්ලා අපිව හදන්න එන්නේ නැතිව.. "

ඇය නැවතත් වාදය පටන් ගත්තාය..

"සුමනේ මෙන්න මේ ටික EMS කරන්න ලෑස්ති කරන්න " කියමින් මගේ ලියකියවිලි ටික හය්යෙන් තම සහයකයා  දෙසට  විසිකළ ඈ  ගාන රුපියල් 2500 යි කියමින් මා දෙස බැලුවාය..


පසු සටහන:

මම EMS කල ලියවිල්ල තවමත්  නෙදර්ලන්තයට  ගියේ නැත.  නිලධාරිනියගේ  ටෙලිනාට්‍ය රසයට බාධා කිරීමේ වරදට  මගේ සිස්යත්වය  කඩාකප්පල් කරන්නට  ඇය තීරණය කරන්නට ඇත.

මට ඊ මේල් පිට ඊ මේල් එවූ ටීනා අවසානයේ  මගේ අයැදුම් පත  ඊ මේල් මගින් ගෙන්වා ගත්තාය.

ඒ සම්බන්ධයෙන් මට උපකාර කලේ ජිවිතයේ ප්‍රථම වරට  මට කෑගල්ලේදී හමුවූ අමුත්තෙකි.

 ඒ කතාව මෙතැනින්











30 comments:

  1. Hiring and firing සඳහා නිසි ක්‍රමවේදයක් නැතිවීමේ ගැටලුව තමයි ඒ. ක්‍රමවේදය තිබෙන්නේ hiring වලට පමණයි. සේවයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කිරීමට ක්‍රම ඇත්තේ නැහැ. ගුණාත්මක භාවය නිරීක්ෂණය කිරීමට CCTV වැනි දේ ගෙන එද්දී ඒවාට විරුද්ධව කෙරන වර්ජන වලින්ම පෙනෙනවා මේ ක්‍රමය කොයිතරම් නිර්ලජ්ජිතද කියන එක. රාජ්‍ය සේවකයෝ පමණක් නොවෙයි සමාජවාදී විප්ලවයෙන් රට හදන්න එන විශ්විද්‍යාල ශිෂ්‍යයොත් CCTV වලට විරුද්දව වර්ජනය කරන හරිම අපූරු උගත්තු කොටසක්.

    ලංකාවෙන් යවන EMS එකක් යන ආකාරය හෝ ඒවා track කිරීමේ පහසුකම ශ්‍රී ලංකා තැපැල් විසින් ලබාදෙන්නේ නෑ. නමුත් පිටරටින් ලංකාවට එන එකක් එසේ track කල හැකියි. ලංකාවෙන් යවන EMS වල ඇති මේ අඩුපාඩුව නිසා මම නම් භාවිත කරන්නේ DHL. එමෙන්ම, ලියකියවිලි පාර්සලයක් ලැබිය යුතු ස්ථානය විශ්වවිද්‍යාලයක් නම්, එවැනි ලියකියවිලි පාර්සලයක් DHL කාර්යාලයට ගෙනගොස් දුන් විට 40% වට්ටමක් ලැබෙනවා. එවිට EMS වලට යන මුදලම තමයි වැයවෙන්නේ.

    මේ ආයතන රජයෙන් පොම්ප කරන මහජන මුදල් වලින් නැතිව, උපයාගන්න මුදල් වලින් නඩත්තු වියයුතු නම් ගුණාත්මක භාවය මෙසේ පහලට වැටෙන්නේවත් මෙතරම් දුෂණ සිද්ද වෙන්නේවත් නෑ. එය අපේ විශ්විද්‍යාලවලටත් රෝහල්වලටත් අනෙක් ආයතන වලටත් එකසේ අදාලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්කියුෂා... //Hiring and firing සඳහා නිසි ක්‍රමවේදයක් නැතිවීමේ ගැටලුව තමයි ඒ. ක්‍රමවේදය තිබෙන්නේ hiring වලට පමණයි// සහතික ඇත්ත.. ලංකවේ ඉද්දි අපිට උනත් රස්සාවට ගියහම මරෙනකම්ම හෝ විශ්‍රාම යනතෙක් එතැන ඉන්න පුළුවන් .. සේවයේ ඉඳිද්දී කෙරෙන ඇගයීම් කිසිවක් නැහැ.. තිබ්බත් අදාල කාරණය හරියට කෙරෙන්නේ නෑ... හොඳ ගුණාත්මක සේවයක් සලසන්නාට උසස් වීම් සහ එසේ නොකරන්නා ඉවත් කිරීම/ සේවය දිගු නොකිරීම වගේ දේවල් වෙනවනම් හොඳයි... ඔය EMS පස්සේ මම ගොඩ දවසක් ගියා ඒ කන්තෝරුවට ආයෙත් ගියා . ලොක්කන්ට කීවා .. track කරන්න කියලා කිව්වට එයාලා ඒක නොකර මට ඉන්ටෙර්නෙට් එකෙන් කරන්නයි කිව්වේ.. අන්තිමට ටීනා කිව්වා ..කවිඳු ඉ මේල් එකක ඔක්කොම එවන්න කියලා ස්කෑන් කරලා .. අපේ දෙපාර්තමේන්තු ආදියේ ඉන්ටෙර්නෙට් කැඩිලා ඒ දවස්වල.. ස්කෑන් එකක් තිබ්බෙත් නැද්ද කොහෙද .. අන්තිමට මගේ පිහිටට ආවේ අර අහම්බෙන් , අවේලාවේ හම්බවුන අමුත්තා .. අපි එදා සිට අද දක්වාම හොඳ යාලුවෝ . ඊළඟ කතාවකින්ම ඔහු මුණගැහුන හැටි කියන්නම්...

      Delete
  2. මං 1995 ලංකාවෙන් පැමිණි දා සිට මගේ අම්මා ගේ පිළියන්දල ලිපියනට යැවූ එකම සාමාන්‍ය ලිපියක්වත් තවම ලැබී නෑ.

    ඒ අතර මගේ අන්තර්ජාතික රියදුරු බලපත්‍රයත් තිබුණා.

    මේ කියන්නේ ලිපි දෙකක් ගැන පමණයි. එකම මෝඩකම තුන්වෙනි වරට නොකර ඉන්පසු වැදගත් දේ ලියා පදිංචි තැපෑලෙන් යවන්ණත්, ලිපි වෙනුවට එරෝග්‍රෑම් යවන්නත් පටන් ගත්තා.

    පසුව අම්මා සන්ටෙල් නම් දුරකතන සම්බන්ධයක් ගත් පසු ලිපි යැවීම නැත්තටම නැති වුණා!
    https://rasikalogy.blogspot.com/2016/05/no-phone-no-worries.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික.. මම නෙදර්ලන්තේ හිටපු මුල්ම කාලේ ( තනියෙන්) හැම මාසෙම නිම්මිට ක්රෝනේර් 100 ක් සහ අපේ අම්මාට ක්රෝනේර් 100ක් ගානේ යවනවා . ඒ 2003 දී ..යවන්නේ මම යවන ලියුම් වල අස්සට දාලා.. එක පාරක් දෙන්නටම යවපු සල්ලි ( මධ්‍යම තැපැල් හුවමාරුවෙන්) අරන් තිබ්බා.. ආයි යැව්වේ නෑ..

      Delete
  3. මට මතක් උනේ අපිව ලොකු යයි සම්මත ඉස්කෝලයකට දාගනිවී යයි බයට ඒකෙන් එවන ලියුම් හංගපු තැපැල් උන්නැහේලා.

    ReplyDelete
    Replies
    1. මට මතක් වුණේ කොල්ලා කාලේ ජයංගනී නංගි මට එවන ලියුම් අපේ සුවඳේ අය්යා "අරලගංවිල " තැපැල් කන්තෝරුවෙන් උස්සපු හැටි.. ඊට පස්සේ අපේ ලියුම් ලැබෙන සහ යවන ලිපිනයන් මාරු කරා ( මගේ සහ එයාගේ යාලුවන්ගේ නම් වලින් එනවිදිහට) ඊට පස්සේ අපේ ලියුම් හරියට ලැබෙන්න ගත්තා.

      Delete
    2. ඉස්සරම කාලේ හරියට නීතියට වැඩ කෙරිලා තියෙනවා .. ලියුමක තිබුණ සල්ලි හොරෙන් ගත්තා කියලා අපේ ගමේ හිටපු කෙනෙක් ( අපේ අය්යා විභාගේ පාස් වුනොත් අල්ලේ කොන්ඩේ බඳිනවා කිව් විමලේ ලොකු තාත්තා ගේ වැඩ තහනම් කරලා තිබුනා හැත්තෑ ගණන් වල මුල්කාලේ ) . එයා ඒ වෙනකොටත් තද ශ්‍රීලංකා කාරයෙක් හැබැයි සමගි පෙරමුණ ආණ්ඩුව නීතියට අතදාලා නැති පාටයි තමන්ගේ පාක්ෂිකය බේරගන්න ..

      Delete
    3. කැළෑ හඳ චිත්‍ර පටයේ කතාවත් ඔඅය වගේ එකක්

      Delete
  4. මෙය කියවන මම ඇතුළු හැමෝම එය හෙලා දැක කථා කරන ගමන් අපේ රාජකාරි වගකීම් ඉටු කිරීමේදී නොදැනුවත්ව හෝ මේ දේ වෙනවා දැයි සිතා බලමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.. //මෙය කියවන මම ඇතුළු හැමෝම එය හෙලා දැක කථා කරන ගමන් අපේ රාජකාරි වගකීම් ඉටු කිරීමේදී නොදැනුවත්ව හෝ මේ දේ වෙනවා දැයි සිතා බලමු// එකඟයි .. ඇත්තටම වෙන්න ඕනේ ඒක තමයි . වැරදි කල කෙනාට බැන බැන ඉඳලා වැඩක් නෑ පුළුවන් නම් එයත් හදාගෙන අපි එවැනි වැරදි ( අර කිව්වා වගේ නොදැනුවත්ව හරි වෙනාවා නම් ) අඩුකරගෙන ඉදිරියට වැඩ කරන එකයි වෙන්න ඕනේ.. තමන්ගේ ඉස්සරහ ඉන්න සේවාදායකයා තමා හරි තම පවුලේ කෙනෙක් හරි වුනානම් කියලා හිතලා සේවය සැලසුවා නම් හරි...

      Delete
    2. කේන්තියක් ආපු අයට කියවන්න හොඳම බ්ලොග් පොස්ට් එක තමයි යාන්හැල්ලේ තියෙන "කාර්යාල ක්‍රමය" .. අපේ සුරංග මල්ලී ලියපු...මෙන්න ලින්ක් එක ..http://yanhella.blogspot.com.au/2016/07/blog-post_24.html

      Delete
  5. පිට රට ඉඳන් ලංකාවට එන භාණ්ඩ මලු අවුස්සලා වටිනා දේ හොරා කන එකත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙලානෙ තියෙන්නෙ.
    (ඉවසගන්නම බැරි තැන කව්දෝ කෙනෙක් මත්පැන් බෝතලේකට වස දාල එවලා තැපෑලෙ කීපදෙනෙක් මලා මේ ලඟදි.)
    වගකීමක්,වගවීමක් නොමැතිව රාජකාරි(?) කිරීමේ නිදහසක් කොහොම හදාගත්තද මන්ද..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. //(ඉවසගන්නම බැරි තැන කව්දෝ කෙනෙක් මත්පැන් බෝතලේකට වස දාල එවලා තැපෑලෙ කීපදෙනෙක් මලා මේ ලඟදි.)// ටිකක් සැර වැඩි දඬුවමක් වගේ.. මේ අයගේ රැකියා සුරක්ෂිත භාවය පාරිභෝගික යාගෙන් ලැබෙන ප්‍රතිචාර ( සධාරණ) මත තීරණය වෙන එකක් වුනා නම් මෙයාලා හැදෙනවා බයටම.. එත් ඉතින් මම නම් කියන්නේ තමන්ගේ රාජකාරිය හරියට කරනවානම් කිසි ප්‍රශ්නයක් නැහැනේ..

      Delete
  6. ඒ වගේ කෙනෙක්ට ඇයි ඒ සහතික දුන්නෙ. අනිවාර්යයෙන්ම විසිකරනව කියල හිතුනෙ නැද්ද ?
    ඔය EMS එකට අපේ පුතාගෙ සෙල්ලම් බඩුවක් නොයෙක් හේතු කියල දුන්නෙ නෑ , රටේ ආරක්ෂාවට තර්ජනයක් වෙන තරමෙ දුරස්ත පාලකයක් තියනව කියල, පස්සෙ ඒකම මම වෙන කුරියර් එකකින් ගෙන්වා ගත්ත, පස්සෙ අර සෙල්ලම් බඩුව විනාශ කරන තොගයට යවනව කියල ලියුමක් ආව , එතකොට මම ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලියුමක් අරන් ඒක ගන්න යද්දි කවුරුහරි ඒක අරන් ගිහින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කම්මල.. ඔබ කියා ඇති ආකාරයට තමයි වැඩ සිද්ධවෙන්නේ.. නීතිවිරෝධි කියලා අල්ලන දේවල් නිතිය හසුරුවන අයගේ ගෙවල් වලට යනවා.. අපේ රටේ ඉහළ සිට පහළටම කොච්චරනම් උදාහරණ තියෙනවද නේද? කිහිපයක් මතක් කරොත් එක එක පැතිවල ඉන්න අය කළබල වෙලා "රට ජාතිය ආගම ගැන එහෙම කියන්න පටන් ගන්න බැරි නෑ.."

      Delete
    2. //ඒ වගේ කෙනෙක්ට ඇයි ඒ සහතික දුන්නෙ. අනිවාර්යයෙන්ම විසිකරනව කියල හිතුනෙ නැද්ද ?// පොඩි සැකයකුත් ආවා ඒත් කාටත් පෙනෙන විදිහට ප්‍රසිද්ධියේ ( 5S ක්‍රමයේ නවීකරනය කල කන්තෝරුවේ) කල ගනුදෙනුවක් නිසා ඒ වෙලාවේම කොළඹට යවයි කියලා හිතුවා.. රාජ්‍ය ආයතන ගැන මගේ විශ්වාසය / සේවය තකා රජයේ තැන්වලටම යාම නිසා සිදුවූ තවත් අකරතැබ්බයක් තියෙනවා ඒ ගැන ලියන්නම් ඉදීරියෙදි.. ඒ කතාවට ඔය කවුරුත් කියන සන්ධාන හැදීම එහෙම සම්බන්ධයි.. 2006 ම වෙච්ච එකක්..

      Delete
  7. අපොයි මම නම්, වෙන තැපැල් කන්තෝරුවකට යන්න බලාගෙන, ඒ නෝනට, කාර්යාල ක්‍රම, මානව හිමිකම්, පොදු දේපල අයථා භාවිතය, ගැන ලෙක්චර් එකක් දීලයි, එලියට බහින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක.. //අපොයි මම නම්, වෙන තැපැල් කන්තෝරුවකට යන්න බලාගෙන, ඒ නෝනට, කාර්යාල ක්‍රම, මානව හිමිකම්, පොදු දේපල අයථා භාවිතය, ගැන ලෙක්චර් එකක් දීලයි, එලියට බහින්නේ.// මමත් ඔය ලිව්වට වඩා තව කරුණු කියන්න ඇති අම්ම හිතන්නේ "මතක හැටියට ෆියිව් එස් බෝඩ් එකට විතරක් සිමා වෙලා වැඩක් නෑ වගේ " කරුණු..ඒ වුනාට මගේ ශිෂ්‍යත්වෙට මේක බලපෑවේ නෑ .. මට නෙදර්ලන්තයේ ඉල්ලුම්කරුවන් සමග තරන්ගකරලා පළමුවෙනිය වෙන්න ලැබුනා.. ඒ වුනාට මම එහෙ නොගිහින් ඔස්ට්‍රේලියාවට ගියා අපේ මාස්සිනාලා ගොඩ දාන බලාපොරොත්තුවෙන්.. මෙන්න මේ පොස්ට් එකේ ඒගැන කිව්වා.

      http://helmalu.blogspot.com.au/2016/06/blog-post_19.html
      ජයවේවා !!!

      Delete
  8. //සාමාන්‍යයෙන් මෙවැනි අයදුම්පතක් යැවීමේදී මට සෑහෙන ආතතියක් දැනේ.//

    මටද එසේමය.

    මෙවැනි නෝනලාට මම අනුගමනය කරනා ක්‍රමයක් ඇත. ඒ මගේ මාධ්‍ය හැඳුනුම්පතක් පෙනෙන්නට සැලැස්වීමය. අපරාදේ කියන්නට බැරිය. වැඩේ දඩිබිඩි ගාලා කෙරෙන්නේය.

    අනිත් අතින් වෘත්තිය අවබෝධයක් නැති දේශපාලන පත්වීම් ලද (සමහරවිට වෙනත් විදිහකින්) මෙවැනි අයගෙන් මීට වඩා සේවයක් බලාපොරොත්තු විය නොහැකි බව මගේ පුද්ගලික මතයයි.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තේ ආවට ස්තුතියි.. //මෙවැනි නෝනලාට මම අනුගමනය කරනා ක්‍රමයක් ඇත. ඒ මගේ මාධ්‍ය හැඳුනුම්පතක් පෙනෙන්නට සැලැස්වීමය. අපරාදේ කියන්නට බැරිය. වැඩේ දඩිබිඩි ගාලා කෙරෙන්නේය.

      අනිත් අතින් වෘත්තිය අවබෝධයක් නැති දේශපාලන පත්වීම් ලද (සමහරවිට වෙනත් විදිහකින්) මෙවැනි අයගෙන් මීට වඩා සේවයක් බලාපොරොත්තු විය නොහැකි බව මගේ පුද්ගලික මතයයි.// ඔය නයා දාන වැඩේ මමත් කරන්න පටන් ගත්තා පස්සේ කාලෙක ( විශේයෙන් අපේ ලෙනදොර මාව ඉස්සරහට දාලා ගොඩක් වැඩ කර ගන්නවා ඒ කාලේ ) එත් මේ කියන අවස්ථාවේ ඒකට ඉඩක් පෑදුනේ නෑ.. මම කව්ද කියලා එයා හඳුනගන්නකොටත් මට පාඩමක් උගන්වන්න හිතාගෙන ඉවර ඇති එතුමිය...

      Delete
  9. ලංකාවෙ තැපෑල කියන්නෙනං ඉතිං කතාකරන්න දෙයක් නැති ආයතනයක් තමයි. මමනං කන්තෝරුවකට යන්නෙ මුද්දරයක් ගන්න හරි ලියුමක් රෙජිස්ටර් කරන්න හරි විතරයි. ඔය සන්නිවේදන පියස් කියන ඒවයින් ෆොටෝ කොපියක්, ඊමේල් එකක් යවනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.

    අර කෙන්කියුෂා කියල තියෙනව වගේ හොඳම වැඩේ ආයතනය හම්බකරන මුදලින් ඒ ආයතනය නඩත්තු වෙන තත්වෙට පත් කරන එක තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.. //ඔය සන්නිවේදන පියස් කියන ඒවයින් ෆොටෝ කොපියක්, ඊමේල් එකක් යවනකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි.//
      රජයේ ආයතන ( අප සේවය කල රෝහල් සහ විශ්ව විද්‍යාලද ඇතුළුව) තමන්ගේ බලය පෙන්වීමේ තැන් කියලා හිතාගෙන වැඩ කරන අය ඉන්නතාක් මේ වගේ වෙන එක වලක්වන්න අමාරුයි.. සුරංගගේ වගේ කතා කියවලා .. අපේ වුනත් ආදර්ශමත් චරිත ගැන ලියු දේවල් ඕනා තරම් තියෙනවා ..ඒවා කියවල මිනිස්කමින් අනෙක් මිනිසුන් දෙස බලන්නට පුරුදු වෙන පිරිස මේ තැන්වල වැඩි වුනානම් රටේ අනාගතයට හොඳයි..

      Delete
  10. හයියෝ 5s තිබිලත් වැඩේ කරලා නෑ ...තරහටම වෙන්ඩ ඇති...

    ReplyDelete
    Replies
    1. වෙන්ඩ ඇති... 5s වල තරහ නැති කරගන්න කියලා නැද්ද දන්නේ නෑනේ...

      Delete
    2. අම්මප ජපනාට ඒක අමතක වෙලා.. දැන් කරන්ඩ තියෙන්නේ 6s කියල අප් ඩේට් කරලා මානසික ආතතිය යාමනය කිරීම කියල කෑල්ලක් එකතු කරන එක...

      Delete
    3. ඔව් .. ඔව් . එහෙම කරමු... එතකොට වත් හරියයිද බලන්න..

      Delete
  11. අපේ රජයේ නිලධාරීන් / නිලධාරිනියන් ආකල්ප අතින් හරි දුගී

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. ඒ අපේ කට්ට්ටියට ආශ්‍රය කරන අයගෙන්ම එන දෙයක්ද කොහෙද

      Delete
  12. ඔය ලියකියවිලි එකතු කරන එකට දැනෙන ආතතිය අඩු කර ගන්න වෙන වෙනම වර්ග කරලා ලිපිගොනු හදලා නම් ගහලා පිලිවෙලට තියා ගන්න ගන්න ලෙසි තැනක...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අපේ නෝනා එහෙම කරලා හරි ගස්සලා තියෙන්නේ .. ඒ වුනාට මම එක වරක් ඒවා එලියට ගත්තු ගමන් පිළිවෙල නැතිවෙනවා.. ඒ දවස්වල අපි තාවකාලිකව ලංකවේ හිටිය නිසා සියල්ලම එක ෆයිල් එකක දාලා තිබ්බේ වෙලාවට...

      Delete