Follow by Email

Sunday, 17 July 2016

ගඩොල් ඇතිරීමේ සහතික පත්‍ර අංක IV පාඨමාලාව



පෙර කලාපයෙන්  


ඒ  දෙදාස් හත  වසරේ මුල් භාගයයි.  මේ වන විට  මගේ උසස් අධ්‍යාපන  කටුයුතු වලටත් වසරක් පමණ ගතවී තිබිණි.

අපේ නිවසේ  මේ වනවිට  මා  ,නිම්මි සහ සුපුන් හැරුණු විට සිටි අනෙක් සාමාජිකයා වුයේ  2006 වසරේ  අග භාගයේ අපට එකතු වූ අපේ තාත්තා ය.

තාත්තා අපේ උදව්වට පැමිණියේ වුවද  ඔහු පැමිණීමේ මුඛ්‍ය පරමාර්ථය වුයේ  අපේ ලොකු නංගි ගේ සැමියා විපුල්  අප සිටිනා රටට ගෙන්වා ගැනීමයි.

ඒ වනවිට  මම අළුත් රටේ දියුණු වීමට හැකි ක්‍රම ආදිය  ගැන නිතර නිතර ස්කයිප්  තාක්ෂණය ඔස්සේ විපුල් සහ අපේ ගෙදර සිටි අනෙක් මස්සිනාලා සහ අපේ අක්කලා නංගිලා දැනුවත් කරමින් පසුවුයෙමි.

මා සහ නිම්මි මුදල් සෙවීම වෙනුවෙන් කරනා සියලු කැපකිරීම් අකුරක් නෑර  ඔවුන් හා පැවසුවෙමි.

ඒ නුදුරේදී ඔවුන් වෙනුවෙන් යොදවන්නට සිතා සිටින්නේ මෙසේ මගේ දහඩිය, ලේ , කඳුළු මිශ්‍රකර  එක් රැස් කල  ධනය බව  ඔවුනට ව්‍යංගාර්ථයෙන් පවසන මුවාවෙනි.

දිනක්  සති අන්තයේ  මා නිවසින් එලියට ගොස් සිටි මොහොමතක මගේ ජංගම දුරකතනයෙන් ගත්  ඇමතුමකි.

" හලෝ ඔය කතා කරන්නේ විපුල්ද ? "

"ඔව්  . ඔව්  චූටි අය්යා කොහොමද  තාත්තා එහෙම  සනිපෙන්ද ?"

"ඔව්  තාත්තා  සුපුනුත් එක්ක ගෙදර ඉන්නවා . අපි දෙන්නා මේ පොඩි රස්සාවකට  එළියට  ඇවිල්ලා ඉන්නේ . මෙහෙ අද උස්ණත්වය  අංශක  හතළිහයි .

ඒත් අක්කයි මමයි හෝ  ගාලා වැඩ කරනවා මේ වෙලාවේ සන්ස්ක්රින් එහෙම ගාගෙන "

"මල්ලි මෙහෙ මහන්සි වුනොත් හොඳට සල්ලි හොයන්න පුළුවන් .

ලංකාවේ වගේ අව්ව වැස්ස ගැන හිත හිතා ඉන්නේ නැති කෙනාට.

ඔයාලා වුනත් මෙහාට ඇවිත් හරියට මහන්සි වුනොත්  අවුරුද්දක් දෙකක් ඇතුලත ඔයාලගේ ප්‍රශ්න ඔක්කොගෙන්ම  ගැලවුනා වගේ තමයි.  "

"හරි හරි අය්යා මට තේරෙනවා .. අපිට ඔහාට එන්න නේ  අමාරු  . එන්න ක්‍රමයක් හදලා දෙන්නකෝ . මටත්  පුළුවනි මහන්සිවෙලා වැඩ කරන්න "

විපුල්  ඔහුට සහ මට අවශ්‍ය තැනට සාකච්චාව  රැගෙන ගියේය.

යටි හිතින් මම සුපුල්ට උදව් කරන්නට කැමතිය. ඔහු තරමක් මොඩ් කිරීමට සහ විනෝදයට බර  බව මම දනිමි.  මට අවශ්‍ය වන්නේ විපුල් අප මෙන් උත්සාහ වන්ත වී අප පෙන්වන පාරේ ඉදිරියට ගෙනයන්නටය.

ඒ වෙනුවෙන් අවශ්‍ය  ප්‍රතිපාධන  මේ වනවිට  මට නැත. මේ අව්වේ කර වෙමින් අප මහන්සි වෙන්නේ  අපේ ගෙදර වියදම් හොයනා අතරේ හැකියාවක් තිබුනොත් විපුල්ලාට   අතක් දීම සඳහාය.

විපුල් ලා  මට අවශ්‍ය පාරට ගැනීම  වෙනුවෙන්   මා දොස්තර කෙනෙක් වුවත් මෙවැනි වෙහෙසකර රැකියා කරමින් සිටිනා  බව ඔහුට ඒත්තු ගැන්විය යුතුය.

එවිට  මා ඔවුන් වෙනුවෙන් වියදම් කරන්නට හිතා සිටිනා "මගේ දහඩිය  සල්ලි  වලට " නියමිත අගයක් ලැබෙනු ඇත.

 ඒ සියළු උත්සාහයන් දරා ඉංග්‍රීසි සහ  මම ඔවුන්ට කියා තිබු පරිදි  ගඩොල් ඇතිරීමේ  සහතික පත්‍ර  අංක IV  පාඨමාලාව සාර්ථකව  අවසන් කිරීම මගිනි.


ගඩොල් ඇතිරීමේ  සහතික පත්‍ර  අංක IV  පාඨමාලාව 


විපුල්  මෙරටට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලේ මුල් අධියර ලෙස  මෙහි සිටි පැරණි ශ්‍රී ලාංකිකයින් සමග  සාකච්චා කළෙමි .

ඒ විශ්ව විද්‍යාල උපාධි නොලැබූ කෙනෙකුට  මෙරටට පැමිණිය  හැකි පහසුම ක්‍රමය  සොයා ගැනීම සඳහාය.

 සෙනසුරාදා හෝ ඉරිදා දිනක සුමින්ද අය්යාගේ  නිවසට ගිය විට එහි පැමිණෙන ඔහු වැනි වෙනත් මිකැනික් වරුන්ගෙන්  මා හැමවිටම අසන්නේ එකම ප්‍රශ්නයකි.

අපේ මස්සිනාලා මෙහාට ගෙන්වා ගත හැකි පහසුම ක්‍රමය කුමක්ද යන්න ඒ ප්‍රශ්නයයි.

විටෙක අයෙක් මෙවැනි අදහසක් ද  පල කළා මතකය.

"කවිඳු මම ඔයාට කියන්න කියලමයි හිටියේ.. තවම ඔයාගේ උපාධිය ඉවර නෑ නේද ?

අනිත් අයට  උදව් කරන්න  ඉස්සෙල්ලා ඔයාගෙයි නිම්මිගෙයි  අනාගතේ   සාර්ථක  කර ගෙන හිටියොත් නරකද ? "

ඒ සුමින්දලා ගෙදරදී  නිතර හමුවන මගේ  මස්සිනා ලා මෙරටට  ගෙන්වීමේ වෑයම ගැන ඇසු ප්‍රදේශයේ කලක් වාසය කල කෙනෙක් කි දෙයකි.

කෙසේ හෝ දිනක  මේ රටට සංක්‍රමණය  වීමේ  " කුසලතා ලැයිස්තුවේ "  ඉහලින්ම අත්තේ  බ්රික් ලේයරින් හෙවත්  මේසන් බාස් වැඩේ බව  සුමින්දගේ හිතවතෙක්  මා හා පැවසුවේය.

ඒ අනුව මගේ හිසේ විපුල් ලා පිටරට පැටවීමේ  හොඳම ක්‍රමය ට අවශ්‍ය සැලසුම සකස් වන්නට විය .

විපුල් ගඩොල් ඇතිරීමේ පාඨමාලාවකට  ඇතුල් කිරීමත් ඒ අතරම  IELTS 6 ක් ගැනීමට තරම් තත්වයකට ඔහුගේ ඉංග්‍රීසි සකස් කිරීමත් ඒ සැලසුම විය.

මේ වනවිට  ගම නැගුම  හා මග නැගුම  නිසා මා සමග මාස හතරක පමණ ඉතා සමීප ඇසුරක් පවත්වා  තිබු ලෙනදොර  මා හට මතක් වුයේ මේ අතරය.

"විපුල්ට  විතරක් නෙවෙයි  ලෙනදොරටත්  මේ පාර පෙන්වනවා "  මම සිතන්නට වීමි.

මා හා ඉතා සමීපව වැඩ කර තිබීම නිසා මගේ නම විකුණා ලංකාවේ එක් එක් ආයතන වලින් පහසුවෙන් වැඩ කර ගැනීමේ ක්‍රමය විපුල්ට  වඩා හොඳින්   ප්‍රගුණ කර තිබුනේ ලෙනදොරයි.

ඔහු යුධ හමුදා විශේෂ  බලකායේ වැඩ කරද්දී කොළඹ හැම තැනම කරක් ගසා  තිබීමද  මගේ සිතිවිල්ලට බල පෑවේය.

මා එසැනින්  ලෙනදොරට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

මේ වනවිටත්   මගේ  දුරකථන මගින් "ලෙඩ රෝග විෂ බිජ පෙවීමේ"  ක්‍රමය යටතේ  ලෙන්දොරටද රට පැනීමේ  උණ  තදින්ම  හටගෙන තිබිණි.

" හලෝ මල්ලි කොහොමද?  කොහොමද  පොල් වගාව එහෙම ? "

"හොඳට තියෙනවා අය්යා  . ලඟදි  මිස්ට පෝල් ඇවිල්ලා බලලා ගියා.  ග්ලිරිසීඩියා  ගෙනත් හිටවන්න කිව්වා අතරින් පතර  . ඒක කරන්න තියෙනවා "

" ඒක  නෙවෙයි මල්ලි  , රට එන්න පොටක් පෑදිලා තියෙනවා .

ඔයාට  කොළඹ ගිහින් බලන්න බැරිද  Brick Layering Certificate IV  කියන කෝස් එක කරන්න පුළුවන් කොහෙද කියලා ?  ඒ ගමන්ම  IELTS පන්ති ගැනත් බලන්න.







එහෙම වුනොත් ඔයාටයි . විපුල්ටයි. වෙන එන්න කැමති කිහිප දෙනෙකුයි එකතු වෙලා ඒ කෝස් එකට යන්න පුළුවන් නේ මම  වියදම් ඔක්කොම මගේ ගානේ දෙන්නම් "

"නියමයි අය්යා. මම හෙටම ගිහින් බලන්නම් . ඔයා ඔය රට ගැන කියන විස්තර අහලා මටත් හරි ආශාවක් ඇතිවුණා  ඔහේ එන්න. මම විස්තර බලලා සුපුල් අය්යටත් කියන්නම් "

"හරි හරි මල්ලි බලලා කියන්නකෝ . අපේ තාත්තත් සතුටුවෙයි  ඒ ගැන ඇහුවම "

මම දුරකථනය විසන්ධි කලේ ලොකු බලාපොරොත්තුවක්  ඇතුවය. අද හෙටම ලෙනදොර මට අවශ්ය විස්තර ලබාදෙනු ඇත .

ඒ අනුව එදා ගුවන් තොටුපලේදී වීපුල් මගේ අතේ එල්ලී කල ඉල්ලීම ඉටු කරන්නට මට හැකිවනු  ඇත.







මගේ උපදෙස් මත පසුදා උදේ කොළඹ ගිය ලෙනදොර  සැහෙන විස්තර  තොගයක්  හොයාගෙන තිබිණි.  ශ්‍රී ලංකා කාර්මික  අධ්‍යාපන  ආයතනයට  ගිය ඔහුට  ඉතා වැදගත්  පුද්ගලයෙකු හමුවී තිබිණි.

ඒ එහි ප්‍රධානි ඉඹුලාන  සිල්වා  මහතාය.  සිරිත් පරිදි "අපේ දොස්තර අය්යා මෙන්න මෙහෙම් දෙයක් කිව්වා " කියමින් සාකච්ඡාව  අරඹා ඇති ලෙනදොර  එය අවසාන කලේ ඔහුගේ දුරකථනය  හරහා  ඉඹුලාන මහතාත්  මමත් සම්බන්ධ කරමිනි.

ඉන් පසු ගෙවී ගිය දින කිහිපයේදී ඉඹුලාන  මහතා  හා මා  තද බල මිතුරන් බවට පත් වුයේ ලෙනදොර නම් අතර මැදියා ඉඹුලාන සමග කල මගේ ගුණ වැයීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

මගේ උත්සාහය ඉහලින් අගය කල ඉඹුලාන  අපට වැදගත් ආරංචි රැසක් ලබා දුන්නේය.

ඒ  ඒ වනවිට පවතී රජයේ විදේශ රැකියා අමාත්‍ය වරයා  මැදිහත් වී  අප සිටිනා රටේ බටහිර ප්‍රාන්තයේ ඇති  කාර්මික විද්‍යාලයක් සහ ප්‍රාන්ත රජය සහ ඔහුගේ අමාත්යංශය  අතර ගිවිසුමක් ගසා ඇති බවත්, ඒ යටතේ ගඩොල් ඇතිරීමේ කඩිනම් පාඨමාලා වක් ඔවුන්ගේ  කාර්මික විද්‍යාලයේ ආරම්භ කර ඇතිබවත්ය.

එය හැඳින්වුයේ   ගඩොල් ඇතිරීමේ පාඨමාලා සහතිකපත්‍ර අංක IV යන නමිනි.



එය අප ජිවත් වූ  රටේ ටෙක්නිකල්  කොලිජියකින් දෙන  BRICK LAYERING  CERTIFICATE III   පාඨමාලා වකට  හැම අතින්ම  සමාන විය.

මේ පාඨමාලාවට තෝරාගෙන තිබුනේ එවකට පැවති  රජයේ ප්‍රාදේශීය  දේසපාලන බලවතුන් ලබා දුන් ලිස්ට් වලින් පැමිණ  විදෙස්ගත වන්නට බලා සිටි පිරිසකි.

මේ අයට  ගොඩොල් ඇතිරීමේ පාඨමාලාව අවසානයේ  මාස  දෙකක  කඩිනම් ඉංග්‍රීසි පාඨමාලාවක් ද සුදානම් කර ඇති බව  ඉඹුලාන  මහතා ගෙන් දැනගත්තෙමු.

මන්තී‍්‍ර චිට් එකෙන් ආ  මේ පිරිස්  මේසන්  පාඨමාලාව කලබලයකින් තොරව කලද  IELTS වලින් 6ක්  ගැනීමට  ඉල්ලක්ක  කර කරනා ඉංග්‍රීසි පාඨමාලාව ගැන කුරු කුරු ගෑ බව ඉඹුලාන මහතා ලෙනදොර හා පවසා තිබිණි.

"මන්ත්‍රී තුමා අපි රට යන්න තෝරා ගනිද්දී  ඔය ඉංග්‍රීසි ඕනි කතාවක් කිව්වේ නෑ.. දැන් ඉංග්‍රීසි කරන්න කියනවා අපිටනම් බෑ  ඕවා කරන්න "

ආදී වශයෙන්  සාර්ථක ව්‍යාපෘතියක් වීමට තිබු එම වැඩ පිළිවෙල පිටුපසට යන ආකාරයේ  අදහස් සහභාගිකයින් ගෙන් පලවී තිබිණි.

මෙම  ඉංග්‍රීසි  වැඩසටහන  නේවාසික  වැඩ සටහනක්  ලෙස පවත් වන්නට  සුදානම් කර තිබුනේ   එවකට  NITA SL නමින් හැඳින්වූ අද වන විට කාර්මික විශ්ව විද්‍යාලයක්  බවට උසස් වී ඇති රත්මලාන  ප්‍රරදේශයේ තිබු  ආයතනයකයි.

ඉඹුලාන  හරහා  එහි ප්‍රධාන කථිකාචාර්ය වරයා මට සොයා දුන් ලෙනදොර  ඔහු හා මා අතරද  සබඳතාවක් ඇති කළේය.

උයනහේවා  කෙනෙකු වූ ඒ මහත්මා අදටත් මාගේ මුහුණු පොතේ මිතුරෙකි.


සහභාගි වන්නන් ටම හැදු  ගඩොල් ඇතිරීමේ පාඨමාලාව (custom made bricklayer course)



අපේ මස්සිනාලාට  උදව් කිරීමේ උනන්දුවත් ඉතා උනන්දුවෙන්  මා පෙන්වා දුන් පාරේ ගමන් කරන ලෙන්දොරත්  දුටු  ඉඹුලාන  මහත්මා අපේ  කට්ටිය වෙනුවෙන්  වෙනම custom made පාඨමාලවක්  සකස් කර දුන්නේය.


දහදෙනෙකුගේ උපරිමයකට  සහභාගී විය හැකි එය.  මාසයක කඩිනම්  පාඨමාලවක් වූ අතර  ගාස්තුව  රුපියල් ලක්ෂ එක හමාරකි.

මම කිසි හාවක් හුවක් නැතිව  ලක්ෂ එක හමාරේ ගාස්තුව ගෙවන්නට කැමැත්ත පලකලෙමි.  ලෙනදොර හා විපුල් ඊට සහභාගි වන්නට් කැමැත්ත පළකළහ  . 

මේ වන විට අපේ මස්සිනා ලා හතර දෙනාගෙන්  දෙදෙනෙක්  රජයේ රැකියාවල  නිරත වී සිටියහ  . 

ඒ  අපේ පොඩි නංගි විවාහ කරගත් සුදු  සහ  අක්කා විවාහ කරගෙන සිටි   රාමනායක අය්යා ය.

විපුල් සහ ලෙනදොර රට එන්නට සුදානම් වන බව සැලවූ ඒ දෙදෙනාද  මම ගෙවූ ලක්ෂ එක හමාරක ගාස්තුව යටතේ  ගඩොල් ඇතිරීම ඉගෙනගැනීමට එකතු වුහ ඒ  මාසයක  නිවාඩු තම තම ආයතන වලින් ලබා ගනිමිනි.

මේ අය  ගඩොල් ඇතිරීම ඉගෙනගත් වහාම  රජය මගින් ලබාදන  නේවාසික ඉංග්‍රීසි පාඨමාලාවට  නොමිලයේම ඇතුල් කර දෙන්නට  උයනහේවා මහතා  මට පොරොන්දු විය.

ඒ ලෙනදොර , විපුල් ඇතුළු  සියලුදෙනාගේම  පිටරට යාමේ ඇති සැබෑ උවමනාවත්  ඔවුන්ට  අත දීමට මට ඇති සැබෑ  උවමනාවටත් අනුග්‍රහයක්  වශයෙනි.







27 comments:

  1. අතට ආ දෙය කටේ දමාගන්න පින නැති අය අර මන්ත්‍රීගෙ ලැයිස්තුවේ හිටියාද?

    මෙවැනි මස්සිනෙක් ලබන්නට අර මස්සිනාලා ටික පින්කර තියෙන්නට ඇති.

    මේ ලිපි පෙළ දිගටම ලියන්න. රට යන්නට බලා සිටින කාටත් වෙනත් කිසිම තැනක මේ ආකාරයේ මගපෙන්වීමක් හොයාගන්න නෑ . මෙය ෆේස්බුක් එකේ දැම්මම තවත් පිරිසක් මෙය කියවනු ඇත. මේ ලිපි පෙල අවසන් වනවිට තවත් දියුණු වීමට කැමති පිරිසක් ගොඩ යනු ඇත.

    රටින් පිට සිට ලියන බොහෝ දෙනෙක් මෙවැනි ආකාරයේ අනෙක් අයට වැදගත් වන තොරතුරක් නොලියන්නේ මන්දැයි නොතේරේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග.. ඔබේ කමෙන්ටුව නිසා කියවන්නෝ හරි පාරට යොමුවුනා කියලා හිතෙනවා. නැතිනම් මෙහි ඇති සුළු සුළු දේවල් ගැන ලොකු අදහස් ඉදිරිපත් වෙන්න ඉඩ තිබුනා . ලියවිල්ලේ ප්‍රධාන අරමුණ යටපත් වෙලා.
      //රට යන්නට බලා සිටින කාටත් වෙනත් කිසිම තැනක මේ ආකාරයේ මගපෙන්වීමක් හොයාගන්න නෑ . මෙය ෆේස්බුක් එකේ දැම්මම තවත් පිරිසක් මෙය කියවනු ඇත. මේ ලිපි පෙල අවසන් වනවිට තවත් දියුණු වීමට කැමති පිරිසක් ගොඩ යනු ඇත.//
      මේ දේම තමයි අපිටත් වෙන්න ඕනේ. මෙය කියවලා එක්කෙනෙක් දෙන්නෙක් හරි අපි මේ කියන පාර අධ්‍යනය කරලා තමන්ගේ අනාගත ගමන් මග හෙළි පෙහෙළි කර ගනු ඇතැයි බලාපොරොත්තුවෙන් තමයි ගොඩක් වෙබ් අඩවි ආදිය මෙහි ලින්ක්ස් විදිහට දැම්මේ.. //අතට ආ දෙය කටේ දමාගන්න පින නැති අය අර මන්ත්‍රීගෙ ලැයිස්තුවේ හිටියාද?//
      ඒ මන්ත්‍රීගේ ලිස්ට් එකේ හිටිය ඔක්කොම එහෙම අය තමයි. ඉදිරියට කියවන්න..

      Delete
  2. You are a legend mate. i would have never even thought about these.

    ReplyDelete
    Replies
    1. Please follow the rest of the story. we explored many many avenues. in the process we built quite a lot of good /important connections. Migration agents , IELTS courses , TAFE courses etc. etc.

      Delete
    2. මා ඉංග්ලිෂ් අකුරෙන් ලීවේ තාක්ෂණික ප්‍රශ්නයක් නිසායි.

      මෙවැනි කතාවක් මං මේ ඇහැව්වාමයි. ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික යෝග්‍යතා ලයිස්තුවේ IT වෙනුවට Accounting ඉහළට ආ පසු මෙහෙට එන අන්තර්ජාතික සිසුන් ගේ තේරීම් වෙනස් වුණු බව මා දැන සිටියත්, වැඩිහිටියන් මේ ආකාරයට වෘත්තීය වෙනස් කරන්න සූදානම් බව දැන සිටියේ නෑ.

      Delete
    3. ස්තුතියි රසික... නැහැ එහෙම නෑ.. රට එන්න අවශ්‍ය අය ඊට වඩා අන්ත වලට යනවා. ඔබ අහලා ඇති කියලා හිතනවා විසා ලබා ගැනීමට ඇති අවශ්‍ය තාවය නිසා අමුතු ආකාරයේ විවාහ එහෙම කරගෙන මිනිස්සු එනවා.. මේක ඉතා සරළ වෙනස් වීමක් ඒවත් එක්ක බලනකොට...

      Delete
  3. ...I cannot wait to see the Part II

    ReplyDelete
    Replies
    1. Thanks Lakshitha. Happy to note that you read this among your very very busy schedule..

      Delete
  4. විපුල් සුපුල් දෙන්නෙක් ද එක්කෙනෙක් ද? ඔය කියන සුදුසුකම් තාමත් ඒ විදියටම වලංගුද? ඒක එහෙම නම් ඔබ කරන්නේ වචනයෙන් විස්තර කරන්න බැරි තරම් ලොකු උදව්වක්.. රට යන්න ආසාවෙන් ඉන්න ගොඩක් දෙනෙකුට හරි හමන් මග පෙන්වීමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කල්යානේ ... මේ දෙන්න එක්කෙනෙක් පොඩි මුද්‍රණ දෝෂයක් තිබිලා ඒක හැදුවා . දැන් පැහැදිලියි. මේ කියන සුදුසුකම් සහ ඒවා ආශ්‍රයෙන් මේ රටට පැමිණිය හැකි ක්‍රම අදටත් වලංගුයි. ඔය කියැවෙන උයනහේවා සහ ඉඹුලාන මහත්වරුන් දැන් මගේ මුහුනුපොතේ සහ ලින්ක්ඩ් ඉන් මිතුරන්... ඒ ඇයගේ දුරකතන අංක පවා මගේ ළඟ ඇති... මේ ලිපිය කියවා .. මා එහි දී ඇති සබඳතා ඔස්සේ යන ඕනෑම කෙනෙකුට වසරක් දෙකක් තුල අපිට රසිකලාට එහෙම How are you mate ? කියා මේ රට තුලදීම දුරකතන ඇමතුමක් දෙන්න පුළුවන්... අද වැඩ ඉවරවෙලා ඇවිත් ලිනක්ස් ටික යවත්කාලින කරන්නම්...

      Delete
  5. ඔබගෙ අනුන්ට උදව් කිරීමේ ගතිය ගැන නම් මට තියෙන්නෙ පුදුමයක් සහ පැහැදීමක්. විශේෂයෙන්ම ඔය පිටරට යන උදවිය කියන්නෙම ලොකු කතානෙ. මමත් පිටරට යන්න ඉස්සර ඔය වගේ කතා අනන්තවත් අහලා තියෙනවා. ඒත් එකට හිටිය අයත් කියන්නෙම බොරු, ලොකු කතා විතරයි. මමත් ඉගෙන ගන්න කාලෙ හෝටල්වල වේටර් වැඩ කරල තියෙනවා. හැබැයි ඒවා තරු පන්තියෙ වුණත් වේටර්ල , වේටර්ලම තමයි. මටනම් ගුවන් සේවිකාවො කියන්නෙත් වේටර්ල පිරිසක් විතරයි. හැබැයි ලංකාවෙ ඒක සුපිරි රස්සාවක්නෙ.
    මමනම් ලංකාවට ආවාම මගෙ ඇත්ත තත්වෙ විතරයි කියල තියෙන්නෙ. අනිත් එක අපේ ළඟම ඥාතීන් හිටියා අවුරුදු 20-30කට ඉස්සර සංක්‍රමණය වෙච්ච කට්ටිය. සමහරු ලංකාවෙ උපාධිදාරීන්, කිව්වෙ නම් ලොකු ජොබ් කරන කතා, එන්න හරිම අමාරුයි කියල කිව්වෙ. හරියට නිවන් දකිනවා වගේ අමාරු, පෙරුම් පුරන්න ඕනෙ වගේ කතා. ඔය නිසාම මම ගෙදර සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න ගියා. ඒත්, ලංකාවෙ ඉගෙනගෙන හරියට experience ටිකක් අරගෙන නිකන්ම යන්න පුළුවන්. හැබැයි අර ලංකාවෙ උපාධි අරගෙන ලොකු කතා කිව්ව අයගෙනම් සායම ගියා, මොකද ඒ අය වැඩ කරන්නෙ රෝහල් සාත්තු සේවකයො විධියට. ලොකු ඉංජිනේරුවො කිව්ව අය නිකන්ම මෙකෑනික්ලා. මට කිව්වෙ කම්පියුටර් ඉගෙනගෙන රස්සාවල් නෑ කියල, බලපුවාම කම්පියුටර්කාරයන්ට තමයි රස්සාවල් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්, පඩිත් වැඩියි. මටනම් තේරුන එකමදේ, පිටරට ගිය ගොඩක් දෙනෙක් වෙන කෙනෙක්ට උදව් කරනවා තියා, අඩුම ගානෙ එන්නෙ කොහොමද කියලවත් කියන්න කැමති නෑ. මොකද ඒ අයගෙ සබෑ තත්වෙ එලිවෙන නිසාද ඉර්ෂ්‍යාව නිසාද කියල දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොබර්ට් .. //මටනම් තේරුන එකමදේ, පිටරට ගිය ගොඩක් දෙනෙක් වෙන කෙනෙක්ට උදව් කරනවා තියා, අඩුම ගානෙ එන්නෙ කොහොමද කියලවත් කියන්න කැමති නෑ.//.. එහෙම අය තමයි අපිටත් ගොඩක් අහුවුනේ. මම මුලින්ම පිටරට එන්න හදද්දී ( මම කලින් පොස්ට් එකක් ලිව්වා මේ ගැන ) තනියම සෑහෙන මහන්සියක් ගන්න වුනා ඒ වෙනුවෙන්.. සමහර අපිත් එක්ක එකට වැඩ කල අය අපට හිනහ වෙනවා ඒ දවස් වල කවිඳුගේ නම් ලඟම නෑදැයෝ ඉන්නවනේ පිටරට කියලා මම පළමු පශ්චාත් උපාධියට රටින් පිටවෙන්න දඟලනකොට.... මම කලින් පොස්ට් එකේ අම්බලන්ගොඩ කියලා තිබ්බා වගේ ඕනෑම කෙනෙකුට මේ රටට එන්න උදව් කරනවා. කරලත් තියෙනවා නෑදෑයෝ විතරක් නෙවෙයි කිසි සබඳතාවයක් නැති අයට පවා..

      Delete
  6. මෙහෙම කැපවීමක් දැක්කමයි..
    රට ගිය ගමන් ලංකාවෙ ඉන්න නෑයො,යාළුවෝ වාතයක් කියල අදහන මිනිස්සු අස්සෙ මිනිහෙක්ව ගොඩ දාන්න සැලසුම් කරන එකත් උදුමයක්.ඒක ක්‍රියාත්මක කරන එක ඊටත් පුදුමයි. සාමාන්‍යයෙන් වෙන්නෙ 'යකෝ අපිත් මේ අමාරුවෙන් ඉහ ගහගෙන ඉන්නෙ,උඹලට නම් මේ වැඩේ හරියන්නෙ නෑ' කියන එකනෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් .. //සාමාන්‍යයෙන් වෙන්නෙ 'යකෝ අපිත් මේ අමාරුවෙන් ඉහ ගහගෙන ඉන්නෙ,උඹලට නම් මේ වැඩේ හරියන්නෙ නෑ' කියන එකනෙ.// .. සාමාන්‍යයෙන් වෙන දේට වඩා වෙනස් .. හොඳ දෙයක් කරන්නයි අපි පෙළඹෙන්න ඕනා කියලා මම නම් හිතන්නේ.. බ්ලොග් එකක වුනත් හැමදාම ලියවෙන කල්ලිවාද , දේශපාලන භේද අවුස්සන සුළු දේවල් ලියනවා කියන්නේ මේ "සාමාන්‍යයෙන් වෙන දේ " බ්ලොග් වල කෙරෙන එකයි.. ඒ ඒ පාර්ශ්ව වල එල්ලී ඉන්නා අය නිසා පොස්ට් එක ජනප්‍රිය වුනාට සමාජයට ඒවායින් කිසි දෙයක් එකතුවන්නේ නෑනේ .. අපේ බ්ලොග් ලියන හිතවතුන් මේ පැත්තත් හිතලා ලියනවනම් හොඳයි කියල හිතෙනවා වෙලාවකට..අප ලියන කියන දෙයින් අඩුම තරමේ එක මිනිහෙක් හරි යමක් ගන්නා දෙයක් ලියන්න..

      Delete
  7. කවිදු , මේ පෝස්ට් එක කියවල ඔබ ගැන ඇති උනේ පුදුම පැහැදීමක්.
    ලංකාවෙන් පිට රස්සාවකට හෝ පදිංචියට අදහසක් නැති උනත්, ලංකාවෙන් පිටරටකට ගිය උදවිය එහෙට යන්න කොච්චර සුදුසු කමක් තිබ්බත් වාසනාව තියෙන්ඩ ඕනෙ කියන කතාව බොරු කියල පෙන්නපු ( කියපු ) දෙදෙනාගෙන් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කම්මල...//ලංකාවෙන් පිට රස්සාවකට හෝ පදිංචියට අදහසක් නැති උනත්, ලංකාවෙන් පිටරටකට ගිය උදවිය එහෙට යන්න කොච්චර සුදුසු කමක් තිබ්බත් වාසනාව තියෙන්ඩ ඕනෙ කියන කතාව බොරු කියල පෙන්නපු ( කියපු ) දෙදෙනාගෙන් කෙනෙක්.// මේකට අවශ්ය කැපවීම , අප්‍රතිහත උත්සාහය සහ තමන්ට මෙය කල හැකියි යන අධිෂ්ඨානය විතරයි.. මගේ යාලුවෙක් ගේ කතාවක් තියෙනවා මෙයට උදාහරනයක් ලෙස ගත හැකි. එයා කැමතිනම් අහලා ලියන්නම් ඉදිරියේදී... මේ ලක්ෂණ ඉතින් කොහේ හිටියත් සාර්ථක මිනිහෙක් වෙන්න අවශ්ය දේවල් නේ... ජයවේවා !!!

      Delete
  8. Replies
    1. ස්තුතියි දමිත් .. මෙහෙ ආවට සහ ඔබේ කමෙන්ටුවට..

      Delete
  9. ඔබ වගේ මස්සිනා කෙනෙක් ලබන්න මේ මස්සිනාල සැබෑ වාසනාවන්තයො. මේ වගේ උනන්දුවෙන් වැඩ කරල තමන් ඉන්න රටට ගෙන්නගෙන නෑදෑයින්ටත් තමන්ගෙ තත්වෙටම පත්වෙන්න අත හිත දෙන එක බොහොම කලාතුරකින් කෙනෙක්ගෙ දකින්න තියෙන දෙයක්.

    මන්ත්‍රීලගෙ චිට් වලින් යන අය ගැනනං ඉතිං ආය කතා කරන්න ඕන නෑනෙ. මොකක්හරි දෙයක් බාගෙට ඉගෙනගෙන ඔක්කොම චකබ්ලාස් කරන එක තමයි ඉතින් ඒවයෙ හැටි.

    ReplyDelete
    Replies
    1. //මේ වගේ උනන්දුවෙන් වැඩ කරල තමන් ඉන්න රටට ගෙන්නගෙන නෑදෑයින්ටත් තමන්ගෙ තත්වෙටම පත්වෙන්න අත හිත දෙන එක බොහොම කලාතුරකින් කෙනෙක්ගෙ දකින්න තියෙන දෙයක්.// අපිට පුළුවන් වෙලාවට සහ එයාලට අවශ්ය වෙලාවට ඒ අයට උදව් කරන්නේ නැත්නම් ඒ නෑදෑකමෙන් ඇති වැඩක් නැහැ කියලයි මම නම් හිතන්නේ. හැබැයි උදව් ලබන අයත් ඒ විදිහටම හිතන්න ඕනෑ.. උදව් කරන වෙලාවේ ඒ වෙනුවෙන් උනන්දුවෙලා වැඩක් කර ගන්න.. ස්තුතියි ප්‍රසන්න

      Delete
  10. ඔබ සැබෑ වීරයෙක්.. ගොඩක් රට ඉන්න අය අනෙක් අයට උදව් කරන්ඩ පැකිලෙනවා ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. අපිනම් උපරිම උදව් කරා.. හැබැයි ඉතින් කම්මැලියෙක් කියලා හිතුනොත් ලේසියෙන්ම අතහැරලත් දානවා.. ස්තුතියි..

      Delete
  11. ඉතාම අනර්ඝ ලිපියකි. අවාසනාවකට ඔස්ට්‍රේලියාවට ගිය අය තවත් කෙනෙකුට අත දෙනව අඩුයි. මහන්සි වෙලා වැඩකරන්න අකමැති නම්...ඔස්ට්‍රේලියාවට යෑමෙන් වෙන්නේ තමන්ගේ ප්‍රශ්ණ තවත් වැඩිවීම පමණයි. ඕස්ට්‍රේලියාවේ හන්දි වල...ඕනෑම අයෙකුට රැගෙන යෑම සඳහා...ඩොලර්මිටි තබා නැත !

    ReplyDelete
  12. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා.. ස්තුතියි කමෙන්ටුවට //මහන්සි වෙලා වැඩකරන්න අකමැති නම්...ඔස්ට්‍රේලියාවට යෑමෙන් වෙන්නේ තමන්ගේ ප්‍රශ්ණ තවත් වැඩිවීම පමණයි. ඕස්ට්‍රේලියාවේ හන්දි වල...ඕනෑම අයෙකුට රැගෙන යෑම සඳහා...ඩොලර්මිටි තබා නැත !// හරියට හරි.. මම අපි මහන්සි වුන හැටි ලියලා පටන් ගත්තේ ඒකයි ..(කලින් පොස්ට් එක) කම්මැලි නම් මෙහෙ ඇවිත් වැඩක් නැත...

    ReplyDelete
  13. Api koyitharam udaw kalath yam deyak kapakarala thamunge target ekata yanna bari minissu me ratawlata enna unandu wenawa haria aduyi kavindu. Me ratawala awith apu thanakata enna wechcha mahansiya lankawe unath thanakata enna puluwan kavindu. Eth minissu balanne nikam indan salli hoyanna.

    ReplyDelete
    Replies
    1. හරියට හරි අම්බලන්ගොඩ... මහන්සිවෙන මිනිහා කොහොත් දියුණු වෙනවා.. මගේ යාලුවෙක් ( ඉදිකිරීම්අංශයේ සීනියර් ඉංජිනේරුවරයෙක් ) කිව්වා දැන් ලංකාවේ මේ රස්සව කරන්න කැමති තරුණයින් නැතිලු.. ඒ නිසා මේසන් වරු ඉදිරියේදී ඉන්දියාවෙන් ගෙන්වන්න වෙන්න ඉඩ තියෙනවා කියන එක ඇත්තලු. අපෙ තරුණයෝ හොඳ හොඳ රස්සා හෝ නිකන් ඉඳලා මුදල් හොයන ක්‍රම හොයනවා ඇති...

      Delete