Follow by Email

Tuesday, 16 August 2016

හිත ඇත්නම් පත කුඩාද ?










පසු ගිය  කළාපයෙන් 



කොන්ඩදෙණිය  ගමේ වෙල් යාය මැදින් යන පාර හා  නිම්මිලාගේ නිවස සම්බන්ධ කරමින් සැදු පාර දැන්  හරි ලකේට පෙනේ.

කොළ පාට ගොයම් ගස් දෙපැත්තට වෙන්නට තබා මහත දෙහෙත කහ ගැරඬියෙකු  යන්නාක් මෙන් වූ පාර දෙස පුවක් ලා ගෙට පහළ බෝක්කු ගලට වී බලා සිටියෙමි.

ඒ අතරේ පුවක් බාස් ගේ දුව දුල්මිණි සහ අපේ සුපුන් පාරේ සෙල්ලම් කරති.

දුල්මිණි  විටෙක අපේ සුපුන් ට්‍රයිසිකලයක තබා පාරේ ඉහළ පහළ ගෙනයයි.

තවත් විටෙක ඈ  සුපුන් ගේ අතින් අල්ලා ගෙන  පාරේ ඇවිද්දවයි.

ඒ වන විට  අපේ සුපුන්ට යන්තම් අවුරුදු දෙකක් පහුවුනා පමණි.

දුල්මිණි ඒ වනවිට අවුරුදු නවයක දහයක කෙලි පොඩිත්තියකී.

අක්කා  මලෝ  සෙල්ලමේ  යෙදෙනා අතරේ  මම බෝක්කු ගලට වී අනාගතය ගැන සිහින මැව්වෙමි.

මේ  ඉන්නේ අපේ සහ පුවක්ලා ගේ මෙන්ම රටේද අනාගතයයි.

කවදා හෝ මේ දරුවන් දෙදෙනාද පුවක් ලා සහ අප මෙන් රටට  ලෝකයට වැඩක් ඇති මිනිසුන් දෙදෙනෙක් වනු ඇත.

එක් වරම  මගේ දැහැන  බින්දේ  ළමුන්  දෙදෙනාගේ සුරතල්  හඬ වල්  පරදවා ඇසුණු  රළු පරළු  හඬකිනි.

හිස ඔසවා බැලුවෙමි.

ඒ හඬේ හිමි කරු  දුල්මිණි සහ  සුපුන් සෙල්ලමේ යෙදෙනා තැනින්  ගිය කොන්ඩ දෙණියේ ගම් වැසියෙකි .

මා අසා ඇති පරිදි ඔහු ඩිංගිරි බණ්ඩා මාමගේ  අල්ලපු ගෙදර පදිංචි  වී සිටියේය.

ඔහු මා සිටි තැන අසලින් යන අතර කතා කලේ මට නොව  පුවක් ගේ දුව දුල්මිණිටය.

"හා.. කොහොමද  දුල්මිණි  දුවේ .. අළුත් පාර හරි ලස්සනයි නේද? "

"මම අහගෙනයි මේ පාර හැදිල්ල නොකෙරෙන තැනට හරි හරි දේවල් කෙරුණා කියලා?

දැන් බලන්න ඉතින් කවුරු  කවුරු උඩ පැන්නත් වැඩේ  ඉවරයි නේ  ...

ඔන්න ඕක තමයි පුතේ කියන්නේ ...

හිත ඇත්නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ කියලා "

උස් හඬින් එසේ පැවසූ ඩිංගිරි බණ්ඩා ගේ අසල්වැසියා  මා දෙසද  මිත්‍රශීලි බැල්මක් හෙලා  අප තිදෙනා පසුකර ගියේය.

මගේ සිත විදුලි  වේගයෙන් අපේ ගම වෙත  ඇදී  ගියේය.

ඒ   අපේ අම්මා අප කුඩා කාලයේ නිතරම කියනා යෙදුමක් මතක් විමත් සමගිනි .

ඒ කාලේ එහි තේරුම කුමක් දැයි හරියට දැන නොසිටියද ඈ  නිතර නිතර අපහට කියනා ඒ යෙදුම ඒ මොහොතේ  මා මනසේ හොල්මන් කළේය.

"ඕකනේ චුටි   උඹලාට  මම හැමදාම  කියන්නේ හිත ඇත්නම් පත කුඩාද කියලා ? "

ඈ බොහෝ විට අපේ සමන්තට සහ අක්කාට  එසේ කියන්නේ  ඔවුන් දෙදෙනා කල කිසියම් හෝ වැඩක්  අගය කීරීමට  බව නම් මතකය.



පාරේ පිරිතක්





ගමේ වැඩි දෙනෙක් අප කල දේ  අගය කාරනා බව  ඩිංගිරි ගේ අසල් වැසියා ගේ ප්‍රකාශයෙන් සනාත විය .

මම හවස්  යාමේ නිම්මිලා ගෙදර හැමෝටම  යෝජනාවක්  කරන්නට සිතුවෙමි.

ලෙනදොර  , නිම්මි , අමරා ඇතුළු සැම  රාත්‍රී කෑම මේසයට එක් වෙන  වෙලාව   ඒ  සඳහා යොදා ගත්තෙමි.

නිම්මිලා අම්මා දෙසට හැරුණු මා

"අම්මා පන්සලේ හාමුදුරුවෝ  මොකද දන්නේ නෑ  කියන්නේ පාර ගැන නේද?

"පෙරේදා අම්මලා දානේ අරන් ගියා නේ එතකොට ලොකු හාමුදුරුවෝ හම්බ වෙන්න ඇතිනේ ? "

යැයි ඇය ගෙන් ඇසුවෙමි.

ඒ පන්සලේ හාමුදුරුවෝ මේ පිටගම්කාර කොල්ලෝ දෙන්නා ගැන කියන්නේ  කුමක්දැයි  දැනගන්නා  අටියෙන් පසුවු නිසාමය.

"මොනාද ඉතින් කියන්නේ  ? උන්වහන්සේට  හරි සතුටුයි ."



"උපාසකම්ම ගේ  බෑනලා දෙන්නා නම් නියමයි. 

  මේ  ගමේ  උන් එක්ක  ලේසියෙන් වැඩක්  කරන්න  බෑ

  ඒ අතින්  ඒ  ළමයි දෙන්නා  හරි උත්සහවන්තයි  " 






කියලා කිව්වා ඕන්.. ඈ එසේ කියමින් අප හා සතුටින් සිනා සුණාය.

ලෙනදොර  මා වෙත  ස්තුති පුර්වක  බැල්මක්  හෙලයි.

මම කෙලින්ම  ඔහු ඇමතුවෙමි.

"මල්ලී  මට හිතුණා මෙහෙම වැඩක් කරන්න.

අපි මේ පාරේ වැඩ ඉවරයි  කියලා හොඳ පිරිතක්  කියවමු.

ඔය පුවක් බාස් ගේ ගෙට පහළ  තියෙන  කමත  හරියේ පොඩි මන්ඩපයක්  ගහමු.

ඒ කරලා ඔතෙන්ට ලොකු හාමුදුරුවෝ ගෙන්නව්වා නම් මුළු ගමටම පෙනෙනවා නේ "

"ඔව් අය්යා ඒක නම් හොඳ අදහස  .

හැබැයි  අවිශ්ක ලා  ට  ලොකු පාටියක්  දාන්න  ඕනේ  කිව්වා  පුවක්ට  එහෙම  සළකන්න .

පිරිත් කිව්වොත් ඒක කොයි වේලාවේද  කරන්නේ ? "

ලෙනදොර ඒ  වනවිටත්  නිම්මිගේ  මාමගේ  පුතා ඇතුළු ගමේ කොල්ලන් සමග  "පිරිතකට  පේ වන "  ලකුණු පෙන්වන්නට  විය.

"ඒ කියන්නේ අවිශ්ක ලා පුවකාට  බොන්න දෙන්නයි ලෑස්තිය?  ඔය මනුස්සයාගේ  ඔය තියෙන  හොඳ  ඔක්කොම  නැති කරන වැඩක්  තමයි  ඔය බී මන"

නිම්මිලා  අම්මා ලෙනදොර ලා ගේ අදහසට  තම අප්‍රසාදය  පල කළාය.

එහෙත්  පිරිත්  ගැන  කල සාකච්චාව අවසන් වුයේ  ලෙනදොර  සහ ඔහුගේ හිතවතුන් ගේ අදහසට  ඉඩ  ලබා දෙමිනි.

මගේ අනුමැතිය  ලැබුණු වහාම  ලෙනදොර තම මිතුරන් දැනුවත් කරන්නට ඇත.

ඒ බව සනාථ වුයේ  පසුදා  හවස් වෙද්දී  අළුත කැපු පාරේ ඇසුණු ශබ්දයකිනි.

අවිශ්ක ගේ සුදුපාට  ලොරි භාගය  පුවක්ලා  ගෙට පහළ  කමතට  පැමිණ තිබේ.


එහි පිටුපස්සේ  නැග සිටියේ  ගමේ  සිටි තරුණ සමුහයයි. ඔවුන්ගේ  බොහෝ දෙනෙක්  වාහන  වෙළඳ කටයුතු කල අවිෂ්කගේ මිතුරන්ය.

පාරේ ශබ්දය  දෙස බලන්නට ගිය ලෙනදොර  මා සොයා පැමිණියේ

"අය්යා අන්න අරුන්  පුවක් ලාට  දෙන්න බඩු ගෙනැල්ලා  ..

සෙල්ලම්  නෑ බ්‍රැන්ඩි  බෝතල්ම  දහයක් .

චයිනිස්  එකෙන් ඩේවල්  චිකන්  දෙකකුත්  දාගෙන  ඇවිල්ලා."

කියමිනි.

"කෝ ඉතින්  පුවක්ලා එහෙම  ඇවිල්ලද? "

"ඇවිල්ලදත්  අහනවා . අන්න පුවක්  දැන්මම  බ්‍රැන්ඩි  සප්පායම්  වෙනවා "

"එතකොට  ගනේ  .. සුසන්ත  ? "

මම  විමසා සිටියේ  පාර හදන්නට නොතිබූ  උනන්දුවකින්  පාරේ  සාර්ථකත්වය  සමරන  අවිශ්ක ලා  ගැන  පුදුමයෙන්  පුදුම වෙමිනි.


"ගනේ සුසන්ත විතරක්  නෙවෙයි මුළු ගමේම  කොල්ලෝ එතන. උන් හැමෝම  අය්යට  එන්න කියනවා  අය්යා නේ  පාර  හැදුවේ"

ලෙනදොර  මා පාරේ  සාදයට  රැගෙන  යන්නට බලවත් උත්සාහයක යෙදෙයි.

"අය්යා  බොනවද  ඇහුවම  මම නෑ කිව්වා.. ඒක  නිසා අය්යට  කරදරක්  වෙන  එකක්  නෑ  .

 මම ත් බොන්නේ නෑ කිව්වා .

අපි දෙන්න ගිහිල්ලා  කට්ටියගේ විනෝ දේට එකතු වෙමු එච්චරයි "

ලෙනදොර  මා අස්වැසුවේ ගමේ තරුණයින් අපට  බ්‍රැන්ඩි පොවන්නට එන්නේ නැති බව  මා හා පවසමිණි.

"පිරිතක් කිව්වා නම්  මේක  මිට වඩා වටිනවා. කොහෙද මේ අවිෂ්කලා  එක්ක බෑනේ .

දැන් කමක් නෑ  ඉතිං ...යමු යමු  "

. මම  ලෙනදොරට  එකතු වුයෙමි.

"පන්දම්  අල්ලා  ගත්  නම්බු  නාමේ  //

මේ කාලේ  අවලංගුයි  නෝනේ...

දුප්පත්  අපි රජවරු  මේ  කාලේ  .. දුප්පත්  අපි  රජවරු  මේ  කාලේ.. //

පාරේ  "පිරිත් සාජ්ජය"  ජයටම ඇසේ..









19 comments:

  1. ආ පාටියක් දාල නේ

    ReplyDelete
    Replies
    1. මට ටක් ගාලා "අනාගතේ" අටම්පහුර මතක් වුණා..

      Delete
  2. යමක් සාර්ථකව අවසන් කිරීමේ ප්‍රීතිය සැමරීමට කෑගසා, ගීතයක් ගයා, රතිඤ්ඤයක් පත්තු කර 'සද්දයක්' දැමීම අතීතයේ පටන් මනුස්ස සිරිතකි. එක් එක් සමාජය අනුව මේ 'සද්දෙ දැමීම' වෙනස් වේ. ලොරි තට්ටුවේ ඉඳං අඩියක් ගහන කොටස වගේම 'හොටෙල්' එකක 'පාටි' එකක් 'ඕගනයිස්' කර 'මියුසිකල්' එකකට 'ඩාන්ස්' කරන කොටසද කරන්නේ 'සද්දෙ දැමීමය'. එහෙම එකක් නැත්තං තමුන් 'යමක් කලාය' යන හැඟීම හිතට එන්නේ නැත. වටේ අයට දැනෙන්නේද නැත.

    ReplyDelete
    Replies
    1. පීකර් දාලා පිරිත් සජ්ජායනෙත් එයින්ම එකක් තමයි.. කොහොමද පීකරෙන් නම් ගම් සෙට් එක ගමටම ඇහෙන්න දෙන කොට දැනෙන සනීපේ... ඒකනේ මළගිය අයත් එන්නේ නම් ගම් අහගෙන යන්න..

      Delete
    2. ගීතයක් ගයා, රතිඤ්ඤයක් පත්තු කර 'සද්දයක්' දැමීම තමයි මෙතනත් සිද්ධ වුණේ . ලෙනදොර මම ඇතුළු ගමේ කොල්ලෝ කිහිපදෙනෙක් ලොරි තට්ටුවට තට්ටු කරමින් ගීත ගැයූ අතරේ පුවක් , සුසන්ත සහ ගනේවත්ත ඇතුළු අපේ මගනැගුමේ සහ ගම නැගුමේ වැඩ කල හිතවතුන් බ්‍රැන්ඩි බී බඹර පදමට පත් වූහ. රෑ බෝ වෙද්දී අප සිටි දෙසට පැමිණි නිම්මි සහ අමරා ( රෑ එකොළහට දොළහට පමණ ) දුටු දෙය මා හා පැවසුවේ හිකී හිකි ගා සිනාසෙන ගමන් " අන්න පුවකා අලකොළ ගොන්නේ ඇඟේ නූල් පොටක් නැතිව වැටිලා ඉන්නවා " .. බ්‍රැන්ඩි බෝතල් දහයේ තරම එයින්ම හිතා ගත් හැකියි නේද ???

      Delete
  3. සෙල්ලම් නෑ බ්‍රැන්ඩි බෝතල්ම දහයක් .//////////// ammatasiri

    ReplyDelete
    Replies
    1. අම්මට සිරිදත් අහනවා.. ඔය කාලේ අවිශ්ක ළඟ යහමින් මුදල් ගැවසුනා . මුළු ගමේම කොල්ලෝ ඔහුත් එක්ක සිටියේ හවස් වෙද්දී චයිනිස් එකක සිදුවන මේ වගේ "උසස් ගණයේ " රහමෙර සාජ්ජ නිසා. පාර කැපු සන්තොසෙට එයා මුළු සාජ්ජයේම වියදම් දරලා තිබුණා.. මම කොච්චර විනෝද කාමියෙක් වුනත් ඒ වෙනුවෙන් රහමෙර යොදා ගන්න කෙනෙක් නෙවෙයි..මෙතනත් බීපු අයට වඩා සින්දු කියමින් ගීතයක් ගයා, රතිඤ්ඤයක් පත්තු කර 'සද්දයක්' දැමීම කලේ මම , ලෙනදොර සහ තවත් මල්ලිලා දෙන්නෙක්..

      Delete
  4. යකෝ බ්‍රැන්ඩි දහයක්.

    සෙල්ලන්ද කොල්ලෝ..

    ReplyDelete
    Replies
    1. ඔවු .. ඔවු බ්‍රැන්ඩි දහයක් අපේ හිතවතුන් තුන්දෙනා සහ ඒ වයසේ උන් තව දෙදෙනෙක් පමණ තමයි වැඩි පුර බ්‍රැන්ඩි බිව්වේ .. ඔය අවිෂ්කලා එහෙම අවුරුදු විසි ගණන් වල කොල්ලෝ ඒ කාලේ.. ඒක තමයි කරටිය කැඩෙන්න ගහපු පුවකා අලකොළ ගාලේ වැටිලා හිටියේ රෙදි නැතිව... බ්‍රැන්ඩි බලේ..

      Delete
  5. වැඩක් කරලා දාඩිය මහන්සිය,වැඩේ කරන අතරෙ බැඳුනු කහට දැලි කුණු තෙල් පැල්ලම් ඇල්කොහොල් වතුරෙන් හෝදලා දාල නැවුම් ආරම්භයක් ගන්න එකෙත් පොඩි ලල් එකක් තියනවා නෙහ්..?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. //වැඩක් කරලා දාඩිය මහන්සිය,වැඩේ කරන අතරෙ බැඳුනු කහට දැලි කුණු තෙල් පැල්ලම් ඇල්කොහොල් වතුරෙන් හෝදලා දාල නැවුම් ආරම්භයක් ගන්න එකෙත් පොඩි ලල් එකක් තියනවා නෙහ්..?// මද පමණින් කළා නම් එහෙම ඇති ඒත් මේ අපේ අටම් කියන්නා වගේ "බුරිය උල් වෙන්න ගැහුවම " රෙදි නැතිව තමයි ඉතින් පාරේ ඉන්න වෙන්නේ

      Delete
  6. කොල්ලන්ගේ සන්තෝසෙනේ. මේ වගේ දේවල් වලින් එකමුතුකම තවත් වැඩි වෙනවා

    ReplyDelete
    Replies
    1. //කොල්ලන්ගේ සන්තෝසෙනේ. මේ වගේ දේවල් වලින් එකමුතුකම තවත් වැඩි වෙනවා// නොවෙනවාම නෙවෙයි හැබැයි පොඩි මගපෙන්වීමක් නිතරම අතළඟ තියෙන්න ඕනේ..

      Delete
  7. ඩියුටි ෆ්‍රී ගෙනාපු VSOP බෝතල් දෙකක් ගෙදර කබඩ් එකක තිබුණා. පස්සෙ බැලින්නම් එක බෝතලයක් ම ඉවර වෙලා.

    මං කිසිම පාරක් කැපුවේ නෑ, කැපුවේ වත්තේ තණකොල විතරයි, ඒකත් මාස දෙකකට විතර එක වාරයයි!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ නෝනා...

      Delete
    2. හැබෑමයි එහෙම වෙන්නත් පුළුවන්... මේ සිනුවර මෙනුවර වගේ පළාත් වල හොඳ ලාංකික බොනපාට් නෝනලා ඉන්නවා අප්පා..

      Delete
  8. ස්තුතියි රසික... මම කවදාවත් ඩියුටි ෆ්‍රී මත්පැන් ගෙනිහිල්ලා නෑ... රසිකගේ VSOP එකට හොල්මනක් බැහැලා වත්ද ? නැත්නම් තණකොල බාස් ම වැඩේ දීලද? අපි වත්තේ තණකොල කපන්නේ මාසෙකට සැරයක් වාගේ ඒත් තේ එකක් හැරෙන්න වෙන බෝතල් හිස් වීමක් වෙන්නේ නෑ... තණකොල කැපුවම එන ඇඟේ අමාරුවට වෙන්න ඇති VSOP හිස් වෙන්නේ නේද?

    ReplyDelete
  9. මහන්සිවෙලා කරපු වැඩක් සාර්ථක උනාට පස්සෙ ඔය වගේ සැමරීමක් නැත්තං එතන ගතියක් නෑනෙ. වලියකින් කෙළවර වෙන්නෙ නැත්තං රෙදි නැතුව වැටිල හිටියත් මොකෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.. මොන වලිද පස්සේ කාලෙක ඩිංගිරි ලා පුවක් , ලෙනදොර ඇතුළු හැමෝම එක්ක හොඳට යාලුවුනා. පුවක් එදා සන්තෝසේ වැඩි කමට තමයි රෙදි නැති වෙන්නේ බිලා හිටියේ.. මිනිහා දැන් ආඩම්බරෙන් ඒ පාරේ තමන්ගේ ත්‍රී විලරේ පැදගෙන යනවා. තව අවුරුදු කිහිපයකින් එයාගේ එකම දුව කැම්පස් එකෙන් අවුට් වුනාම ඔය පාරේ "රෝද හතරක් ම " ගෙනියයි.. අපි තවමත් මේ ගැන හිත හිතා සතුටුවෙනවා...

      Delete