Follow by Email

Friday, 5 August 2016

තමන් පමණක් නොව අනෙකාත් හැදු සාර්ථක මිනිසෙක්






මස්සිනාලා  ගොඩ  දැමීමේ  වෑයමෙන්  මා පරාජය වූ කතාව දැන් ප්‍රසිද්ධ රහසකි (ජලය පෙනී පෙනී පිපාසයෙන් සැනසුණු අශ්වයෝ)

ඒ නිසා තම නෑදෑයින්ට උදව් කීරීමට යමෙක් පසුබට වෙයි නම් මා කියන්නට යන මේ කතාව බලන්න.

අද කතාවට  පාදක වෙන්නේ  මා වැනිම  මෙහෙවරක  යෙදී එය සාර්ථක කර ගත්  මිනිසෙකුගේ වැඩපිළිවෙලයි.

ඔහු ඔස්ට්‍රේලියාවේ ඉන්නා ප්‍රසිද්ධ   වාහන විදුලි කාර්මික  ශිල්පියෙක්  (auto electrician ) නම සුරංග 

අදටත් ඔහු සිටින ප්‍රදේශයේ   සිදු කෙරෙන බොහෝ ශ්‍රී ලාංකික  සමාජ මය වැඩ සටහන් වලදී  සෑහෙන  දායකත්වයක් දරන්නේ  අපේ කතානායකයා  විසින්.

ඒ ප්‍රාන්තයේ තිබෙන  ශ්‍රී ලංකික  සමාජ මය වැඩ  සහ  ප්‍රදේශයේ පන්සලේ වැඩ වලට වුනත් එහෙම තමයි කියලයි  මම අහලා තියෙන්නේ.

සුරංග  විතරක් නෙවෙයි  එයාගේ   නංගිලා දෙන්නත්  මල්ලිත්   ඇතුළු සිය පවුලම  දැන් ජිවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ . 

ඒ  අප කලා වැනිම වූ නෑදෑයින් ගොඩ දැමීමේ ව්‍යාපාරයක ප්‍රතිඵලයක් වශයෙන්.

අපේ කතා නායකයා මුලින්ම  ඔස්ට්‍රේලියාවට  එන්නේ  මිට අවුරුදු විස්සකට  විසිපහකට  පෙර.

ඒ   වාහන විදුලි  කාර්මික  ශිල්පියෙක්  (auto electrician )  හැටියට.





ඒ කාලේ  ඕස්ට්‍රේලියාවේ  රස්සා ඕනා තරම් තිබ්බ කාලයක්. 

සුරංගලා  මෙහි එන දවස් වල ඔහු වැනි මිකැනික් වරු රාශියක්   ඔස්ට්‍රේලියාවට  සංක්‍රමණය වී තිබුණා   නිපුනතා  සහිත සංක්‍රමණය ( skilled  migration)  ක්‍රමය  යටතේ.

මේ අය හැමෝම වගේම සුරංගත්  ජර්මානු කාර්මික ආයතනයේ  කාර්මික  පුහුණුව ලැබූ අයෙක්  . 

ඒ කාලේ සිට අද දක්වාම  ජර්මන් ටෙක්   සහතිකයට  ඕස්ට්‍රේලියාවේ  ලොකු පිළිගැනීමක් තියෙනවා.

අදටත් යම්  තරුණයෙක්  ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය  වීමට  මගක් හොයනවා  නම්  ඒ සඳහා  හොඳම  ක්‍රමයක් තමයි ජර්මන් ටෙක්  පාඨමාලාව හැදෑරීම.



පාසැලේදී සඳු  හමුවී 









මට  සුරංග මුණගැසෙන්නේ  මම ඒ ප්‍රදේශයේ  හිටපු අවසාන  කාලයේදීයි .

එය සිදුවන්නේ  අපේ සුපුන්ගේ පාසලේ සිටි තවත් ශ්‍රී ලංකික දියණියක් හරහා.

ඇයගේ පියා  බුද්ධි ප්‍රසන්න    සුරංගගේ   ගේ වර්තමාන  මෝටර් විදුලි කාර්මික  ව්‍යාපාර  පද්ධතියේ  ප්‍රධාන පුරුකක්.

සඳු  නම් කෙටි නමකින් හැඳින්වූ මේ දියණිය  අප  සුපුන් පාසැලට  රැගෙන ගිය මුල්ම දවසේ අපට  හමුවුණා.


"නැන්දේ ඕ ගොල්ලෝ ලංකාවෙද ? "  


"ඔව්  ඔව්   අපි ලංකාවේ  තමයි "  නිම්මි   උත්තර දුන්නා.

ඇසිල්ලකින්  සුදු  කෙල්ලෝ රංචුවක්  මැද සිට අප වෙත දුව ආ  මේ කෙලි පොඩිත්තිය   අපේ නිම්මිගේ අතේ එල්ලුණා.  

"මල්ලියා මේ ඉස්කෝලෙට  ද  දාන්නේ ? "

"ඔව්  ඔව්.. මෙයාගේ නම සුපුන්.

හෙට ඉඳලා  එයා මේ ඉස්කෝලෙට  එනවා "

"හරි හොඳයි නැන්දේ  ලංකාවේ කෙනෙක් නැතිව මම හරි පාළුවෙන් හිටියේ"

අවුරුදු  හතක  පමණ වයසක වූ මේ කටකාර කෙලි පොඩිත්තිය  දැන් හැසිරෙන්නේ අප අවුරුදු ගණනාවක සිට ඇසුරු කරන්නියක් මෙනි.

"මගේ නම සඳු . ඉස්කෝලෙට කියන්නේ සඳරු  කියලා .. ගෙදරදී නම්  නිකන්ම  සඳු .." 

ඇය තව තවත්  නිම්මි සමග දොඩමළු වෙයි. 

ඒ වනවිට  සඳු  ලා  ඔස්ට්‍රේලියාවට  ඇවිත්  වැඩි දවසක් නෑ.

ඒ  නිසා ඇයට  අප තිදෙනා  සහ තමාගේ පාසැලට  එන අලුත් මල්ලී දැකීම  ලොකු සතුටක් වුනා.

"ඔයාගේ අම්මා තාත්තා ?

එයාලා  වැඩ කරන්නේ කොහෙද ? "

නිම්මි සඳු ගේ  පවුලේ විස්තර අහන්න පටන් ගත්තා .

"අපේ තාත්තා  බුද්ධි  . එයා මිකැනික් කෙනෙක්   

එයා වැඩ කරන්නේ  සුරංග  මාමා  ළඟ .  අර එස්. එල්.  කියන්නේ අන්න  එයා ළඟ .

අම්මා නම් මොකුත් කරන් නෑ  ගෙදර ඉන්නවා. "

"ඒක නෙවෙයි නැන්දලා අද හවස අපේ ගෙදර එන්න . මම අම්මාට කියන්නම්  ඔයාල හම්බවුණා කියලා."


මෙසේ අහම්බෙන් හමුවූ සඳරු  හරහා  ඇයගේ පියා බුද්ධි සහ  මව ශිරාණි  හඳුනාගත්තෙමු.







එතැන් පටන්  බුද්ධි ලා හා අප අතර ඉතා සමීප සබඳතාවයක් ගොඩනැගුනේය.

ඒ  දිනවල හැම සති අන්තයකම  වාගේ අපි සඳු ලා ගෙදර යන්නෙමු .


එහි ගොස් රෑ බෝ වෙන තුරු සඳු ලා තාත්තා සමග කයිවාරු ගසන්නෙමු.

එහිදී අපේ මගනැගුම  , ගම නැගුම මෙන්ම  මස්සිනාලා ගෙන්වීමේ වැඩ ගැනද  කතා කළෙමු.

මා බුද්ධි සමග දොඩමළු වෙද්දී  ශිරාණි අපි හැමෝටම  රාත්‍රී ආහාරය  හදයි.

සඳු සහ සුපුන් සෙල්ලම් කරති. නිම්මි ශිරාණි ගේ කුස්සියේ දොරට පිටදී  දෙපැත්තම සමග  කයිවාරුවේ යෙදෙයි.

පසුකලෙක  බුද්ධි   සමග මගේ  මස්සිනාලා  ගොඩ දැමීම  සහ  ග්‍රාමීය සංවර්ධන  වැඩ ගැන කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මට සුරංග   මුණගැසේ.

එක් ඉරිදා දිනක බුද්ධි විසින් මා සුරංගගේ නිවෙසට කැඳවාගෙන  ගියේය.

"සුරංග  මෙන්න මෙයා තමයි අපේ සඳුගේ යාළුවගේ තාත්තා කවිඳු "

බුද්ධි  අමුත්තා තම ස්වාමියා /මිතුරා ට  හඳුන්වා දුන්නේය.


"කවිඳු මල්ලී ගැන  මන් හරි පැහැදිලා ඉන්නේ 

මල්ලී ගොඩක් හොඳ වැඩ කරන කෙනෙක්  කියලා අපේ බුද්ධි කිව්වා ? 

අපෙනුත් මොනවා හරි උදව්වක්  ඕනේ නම්  කියන්න.

ඔය මාසෙකට ඩොලර් සියයක්  හමාරක්  දෙන එක සිම්පල් කේස් එකක්.  අනෙක හොඳ වැඩකටනේ ?"


"නෑ අය්යා අපි සල්ලි ගන්නේ නෑ.  අපි ගන්නේ බෝතල්  , කෑන් වගේ දේවල්.  ඒවා රිසයිකල්  කරලා  සල්ලි කරලා ලංකාවට  යවනවා ."


"හරි එහෙනම්  අපේ වර්ක්ෂොප් එකේ   පාවිච්චි කරලා අහක දාන බිම බෝතල් කොකා කෝලා කෑන් එහෙම තියෙනවා .

ඒවා අරන් යන්න. "

"ඉරිදා සෙනසුරාදා දෙකෙන් එකක ඇවිත් ගෙනියන්නකෝ "

එතැන් සිට  අපේ  ග්‍රාමීය  සංවර්ධන  වැඩ සටහනට  හිස් බෝතල් සැපයීම මගින් දායක  වූ ඔහු හා මා අතර සෑහෙන මිත්‍රත්වයක්  ගොඩ නැගෙන්නේ  ඉතා කෙටි කාලයකින්. 

"මල්ලී මමත් ඉතින් පුළුවන් හැටියට  මගේ අයට උදව් කරා ඒ කාලේ.

දැන් ඉතින් මේ බුද්ධිලා වගේ අයට  ඔස්ට්‍රේලියාවට  එන්න ඇවිල්ලා පිලිවෙලක් වෙන්න උදව් කරනවා.

ඒ අතරේ මගේ බිස්නස් එකත් හැදෙනවා තමයි ඒ වුනාට ඉතින්  ලංකාවේ ඉඳලා මිනිහෙකුට මෙහාට එන්න පාරකුත් මම හදලා දෙන්වානේ "


ඔහු තමාගේ  සමාජ මෙහෙවර මා හට  විස්තර කලේ එසේය.

"ඔයාට පස්සේ ආරංචි වෙයි .

ලංකාවේ හැමෝමත් ඉතින්   මට කැමති නෑ .

මම  වාහන හදලා ලොකු ගණන්  ගන්නවා කියලා එහෙම කියනවා.

ඒ නිසා මගේ ගණුදෙනු වැඩි හරියක් ඉතින් මේ රටේ මිනිස්සු එක්ක තමයි.

 සමහර විට මම ලංකාවේ මිනිස්සුන්ගෙන්  ඕනෑවට  වඩා වැඩ ගන්නවා කියලා එහෙමත් කියනවා ඇති "

සුරංග  මම ඔහු ගැන කනින් කොනින් අසා තිබු කරුණු  කිහිපයක්  තහවුරු කළේය.

එහෙත් මට එය ප්‍රශ්නයක් වුයේ නැත. මට අවශ්‍ය තවත් මිනිසෙකුට උදව්වක් කාරනා මිනිසෙකි.

සුරංග තුල මම කැමති ඒ මිනිසා ජිවත් වෙයි.

ලංකාවේ පවුල් බර ගානකට  උදව් පදව් කරනා කෙනෙක් ඔවුන්ට ටිකක් තදින් සිටීම ඇත්තෙන්ම හොඳ දෙයකි.

නැතිනම් සුරංග නිසා මෙහි ළඟාවන ඔවුන් තවත් මිනිහෙකුගේ කේළම් වලට අසුවී  අනාථ වනු ඇත.




මෝටර් විදුලි කාර්මික   ශිල්පියෙකුගේ ගේ  සමාජ  මෙහෙවර 






ඔස්ට්‍රේලියාවට  සංක්‍රමණය  වීමේදී  ඉංග්‍රීසි  අත්‍යවශ්‍ය  බව  කවුරුත් දන්නා  කාරණයකි.

IELTS ලකුණු  හයක්  ගන්න ඕනා   කියන්නේ  අපේ මස්සිනා ලා වැනි අයට  මරණ වරෙන්තුවක්  දෙනවා වැනි දෙයකි. 

එහෙත් එවැනි අයටත්  ඔස්ට්‍රේලියාවට  පැමිණිය හැකි පාරවල් තිබේ . 

ඒ  අනුග්‍රාහකයෙකු  මගින් ඕස්ට්‍රේලියාවේ  රැකියාවකට  පැමිණීම   ( skilled sponsored visa)  මගිනි.

ඒ  ක්‍රමය යටතේ මෙහි පැමිණීමට නම්  රැකියාවක් දීමට කැමති අනුග්‍රාහකයෙකු සිටිය යුතුය. 

සුරංග  ගේ  සමාජ  මෙහෙවර  වැදගත් වෙන්නේ මෙන්න මෙතනදීය.

හේතුව ඔහු අප දන්නා කාලයේ සිටම  ඔහුගේ  ව්‍යාපාර වල සේවය කීරීමට ශ්‍රී ලංකවෙන්  කාර්මික ශිල්පින් ගෙන්වන  අනුග්‍රාහකයෙකි. 

අපට  එදා  පාසලේදී  හමුවූ  සඳුගේ  පියා  එස්.  එල්. ගේ අනුග්‍රහයෙන්  රැකියාවක් ලබා ඇඩිලේඩ් වලට  පැමිණි පළමු  ශ්‍රී ලංකික මිකැනික් වරයාය. 

බුද්ධි මුලින්ම පැමිණෙන්නේ සේවා  බලපත්‍ර  ( work visa) ක්‍රමය යටතේය.

වසර දෙකක  සේවයකින් පසු ඔහුගේ සේවයෙන් සතුටට පත්  එස්.  එල්.  බුද්ධි හා පවුලට  PR ලබා ගැනීමට  සහය වන්නේය. 

ඒ  සේවකයා  ගේ වැඩ ගැන තමා සතුටු බැවින්  ඔහුට  දිගටම රැකියාව කිරීම සඳහා  ස්ථිර පදිංචිය  සහතික කරන්නයි  රජයෙන් ඉල්ලීම මගිනි.


එතෙක්  එක වහනයක්  තබාගෙන මොබයිල්  මිකැනික් වැඩ කල    සුරංග  බුද්ධි ගේ පැමිණීමත්  සමග  තම ව්‍යාපාරය  වාහන  දෙකක්  දක්වා ව්‍යාප්ත කළේය.

ටික කලකින්  තවත් මල්ලී කෙනෙක් ( විශ්ව මල්ලී ) එස්.  එල්.  ගේ  ව්‍යාපාරයට එකතු විය. 

මට මතක හැටියට විශ්ව මුලින්ම  ආවේත්  සේවා  බලපත්‍ර  ( work visa) ක්‍රමය යටතේය.  

අවුරුදු  දෙකකින් පසු  එය  දීර්ග කීරීමට  යාමේදී  ප්‍රශ්නයක්  ඇති බවත්  හේතුව විශ්වගේ  ඉංග්‍රීසි හොඳම නැති වීම  බවත්   මට ආරංචි විය.

ඒ සඳහා  යම් යම් විකල්ප යෙදු එස්. කේ. ඔහුටද  PR  ලබා  ගැනීමට  සහය විය.

ඒ කාලේ ඉංග්‍රීසි  අඩුපාඩු සහිතව මෙහි පැමිණිය හැකි වුවද දැන් නම් කාර්මික  රැකියා සඳහාද  හොඳ  IELTS ලකුණු ප්‍රමානයක් තිබිය යුතුය.

අද වන විට  සුරංග ඉතා සාර්ථක ව්‍යාපාරයක්  කරන්නෙකි.

එමෙන්ම   බුද්ධි ගෙන් ආරම්භ වූ සේවකයන් ගණන  දැන් පස්  දෙනෙක් දක්වා  වැඩිවී ඇත.

ඔවුන්ගේ බිරින්දෑවරු දැන් ඕස්ට්‍රේලියාවේ රැකියා කරති .

 දරුවෝ අපේ  සුරංගලා  ගේ දරුවෝ මෙන්ම  හොඳ පාසැල් වල ඉගෙන ගනිති.

මා පිළිගන්නා  හැටියට නම්  සුරංග   ඇත්තෙන්ම  කරන්නේ  ලොකු  සමාජ මෙහෙවරකි.

 ඒ සද් කාර්යය වෙනුවෙන් ස්වභාව ධර්මයා ද  ඔහුට  සලකන්නේය.


ඒ ඔහුගේ දරුවන්   වැරදි වැඩ වලට යොමුනොවී  සාර්ථක අධ්‍යාපනයක් වෙත යොමුවීම මගිනි. 


අපි සුරංගට  ට  මේ සමාජ  මෙහෙවර  ඉදිරියටත්  කරගෙන යන්නට හැකි ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු








37 comments:

  1. /* හොඳ පාසැල් වල ඉගෙන ගනිති. */

    හැක, හැක. ලංකාවෙන් ගෙනැල්ලා වගේ.....!!!

    ;-)

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඔය හොඳ පාසැල් ලෙඩේ අපේ කට්ටිය ලංකවෙන් ගෙනාව එක දෙයක් තමයි. ,මමත් ඔය ගැන හිතලමයි ඒ වාක්‍ය බන්ඩය දැම්මේ..

      Delete
    2. එහෙම අවශ්‍යතාවක් තිබුණා නම් මා කරන්නේ හොඳ යන්න "හොඳ" කියා ලිවීමයි.

      Delete
    3. අදාල නිසා කියනවානම්-

      ඔය කතෝලික හෝ ක්‍රිස්තියානි එංගලන්ත සභාවේ හෝ වෙනත් ආගමික කණ්ඩායම්වලට අයිති පාසල් ප්‍රාන්ත රජයේ නිරාගමික පාසල්වලට වඩා "හොඳ" යැයි කියා මා නම් කිසිසේත් ම හිතන්නේ නැත.

      Delete
    4. ස්තුතියි... මා මෙහි "හොඳ" යැයි කියන්නේ ප්‍රාන්ත රජයේ පාසැල් වලටය. ඒ පළාතේ සිටි ශ්‍රී ලංකිකයින් කිසිවෙක් ආගමික /පුද්ගලික පාසැල් වලට තම දරුවන් යැව්වේ නැත..

      Delete
    5. කිතුල මුදුනේ තණකොල නෑ නේන්නම්!

      Delete
    6. රසික ඕක ඔච්චර ගණන් ගන්න එපා.. මම ලියද්දි වචනෙන් වචෙන්ට හිත හිතා ලියන්නේ නෑ.. සමහර වචන ඉබේ වැටෙනවා..හැබැයි මම කිව්වා වගේ මෙතන "හොඳ" කියලා කියන පාසැල් රජයේ එවා මයි මොකද සුරංගගේ අපේ සහ බුද්ධි ගේ ළමයි ගියේ රජයේ පාසැල් වලට තමයි..

      Delete
  2. තමන්ගේ අය, ආර්ථිකයෙන්ද, ජීවන තත්ත්වයෙන්ද, එගොඩහ යැවීම, මහඟු පින්කමකි.

    ReplyDelete
  3. සුරංගල වගේ මිනිස්සු හැම තැනම නැහැ. එක අතකින් ඒක දක්ෂයෙකුට උදව් කිරීමක්. අනිත් අතින් සමාජ මෙහෙවරක්.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත පොකුරු .. මේ වගේ මිනිස්සු ගණන වැඩි කරන්නයි අපිට අවශ්‍ය වෙන්නේ . එතකොට අපේ සමාජය මිට වඩා ටිකක් ඉස්සරහට යනවා..

      Delete
  4. ඇත්තටම සුරංග කරන්නෙ ලොකු මෙහෙවරක්. ඔබේ පැතුමට මාත් එකතුවෙනව.

    //අපි ගන්නේ බෝතල් , කෑන් වගේ දේවල්. ඒවා රිසයිකල් කරලා සල්ලි කරලා ලංකාවට යවනවා// ලංකාවෙනං ඕවයෙ ඩෙංගු තවාන් දානව. :D

    ReplyDelete
    Replies
    1. සමහර රටවල් වල ඒ ඉවතලන බෝතල් කෑන් වලට සල්ලි දෙනවා . ඒ මගින් මිනිස්සු ඉබේම ඒවා පරිසරයෙන් ඉවත් කරන්නට පෙළඹවෙනවා. ඩෙංගු තවාන් අඩු කරන්න හොඳ එක ක්‍රමයක්.. අනෙක් ක්‍රමේ තමයි මිනිස්සු ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා එවැනි ටින් කොම්බ ආදිය එකෙතු කරලා විනාශ කිරීම..

      Delete
  5. මිනිසුන් අතර සිටින දෙවිවරු ....

    ReplyDelete
    Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි.. ආපසු යමක් ලැබේයයි නොසිතා අනෙක් මිනිසාට උදව් කරන්නේ එවැනි දෙවිවරු ලෙස සැලකිය හැකි මිනිසුන්ය..

      Delete
  6. ඊයේ රෑ චුට්ටක් දීර්ග කොමෙන්ට් එකක් දැම්මත් එය ස්පෑම් එකට ගිහින් වගේ. කොමෙන්ටුව තිබුනොත් වෙලාවක් ලැබුනොත් ඊට පිළිතුරක් දැනගන්න කැමතියි මිත්‍රයා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්කියුෂා.. මම පොස්ට් එක ටිකක් වෙනස් කරා.. ඔබේ කමෙන්ට් එක තියෙනවා.. ඒක මෙතැන අලවලා උත්තරයක් දෙන්නම්..

      Delete
  7. කෙන්කියුෂා ගේ ඊයේ රෑ වැටුණු කමෙන්ටුව..
    මිත්‍රයා, මෙවැනි මිනිසුන් බොහොම වටිනවා.

    .........................................................................

    කලින් ලිපියක් ගැන අහනවා නම්, ඔබව ගෙන්වාගැනීමට මහාචාර්ය ටීනා බොහෝ උත්සහ කරන්නට ඇත්තේ ඔබව යම් පර්යේෂණ ව්‍යාපෘතියකට අනුබද්ධ කිරීමේ බලාපොරොත්තුවෙන් විය හැකියි. ඔබේ යම් මානුෂික පුද්ගලික බලාපොරොත්තුවක් නිසා නෙදර්ලන්තයට ඉල්ලුම් කිරීමෙන් පසුව ඔබ ඔස්ට්‍රේලියාවට යාම මහාචාර්ය ටීනා ගේ ව්‍යපෘති අරමුදල් වලට කෙසේ බලපෑවද ?

    මටත් කලින් සමහර අය කිව්වා ජපානයට අධ්‍යනයට ඒමට උදව් කරන ලෙස. මම ඔවුන්ට මුලින්ම මෙහි ඒමේ වාසි අවාසි කිවම එකඟ වුනත් පසුව ඔවුන්ට ඉංග්‍රීසි කතාකරන රටක අවස්ථාවක් ලැබුණුවිට අපේ අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම අපට විශාල ගැටළුවක්. එය නීතිමය වශයෙන් හරිවුවත් අපි කෙනෙකුව පුද්ගලිකව නිර්දේශ කල පසු අපිට එය විශාල ගැටළුවක්.

    සෑම මහාචාරය වරයෙකුම ආචාර්ය උපාධි ශිෂ්‍යන් බන්දවගනීමට පෙර ඒ වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ලබාගන්නවා ශිෂ්‍යයා ගේ අධ්‍යනය වෙනුවෙන්. ඒ අරමුදල් වලට ශිෂ්‍යයා ලවා වැඩකර ඒවායේ වාර්තා යාවත්කාලීන කල යුතුයි. අරමුදල් ගත්පසු ශිෂ්‍යයා නොපැමිණියහොත් එය විශාලම ගැටළුවක්. වරක් මම කෙනෙකු නිර්දේශ කර නොපැමිණීම නිසා මෙයට මුහුණ දුන්නා. නැවත ඔවුන් ම නිර්දේශ කරන කෙනෙකු කිසිදිනක බාර නොගැනීමටත් එය හේතු විය හැකියි.

    ඔබ මෙවැනි සඳහනක් කර ඇති බැවින් ඔබේ මහාචාර්ය ටීනා ඊට මුහුණ දුන් ආකාරය ලියන්නේ නම් කෘතඥ වෙමි. යුරෝපීය ක්‍රමය ගැනද ඕස්ට්‍රේලියානු ක්‍රමය ගැනද මම නොදන්නා බව නිසාම මෙය ඔබෙන් අසා විස්තරාත්මක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෙන්කියුෂා. ඔව් ටීනා මාව ගෙන්වා ගැනීමට උත්සාහ කලේ පර්යේෂණ ව්‍යාපෘතියකට තමයි . හැබැයි ඇය සහ රිසර්ච් කණ්ඩායම මම නෙදර්ලන්තයේ ඉන්නා අතරේම මාස්ටර් එක පි එච් ඩි කරන්න මම ලියපු පර්යේෂණ යෝජනාවට් උදව් කලේ නෑ.. ඒ නිසා කෙසේ හෝ ලංකාවට ආපසු නොගිහින් දිගටම පර්යේෂණ කරන්න අවශ්ය නිසා තමයි මම visiting research fellow කෙනෙක් ලෙස නෙදර්ලන්තයේ සිට කෙලින්ම ඔස්ට්‍රේලියාවට එන්නේ.. ඒ මාස තුනකට ( ලංකාවට ආපහු ගියොත් ආචාර්ය උපාධියට එලියට යන්න බැරිවෙයි වැනි මතයක් මට අය්යා ඇතුළු හිතවතුන් කියලා තිබුනා. ) > මේවා මගේ කතා වල ලියැවී නැති දේවල්.. ඊට පස්සේ මාස තුන අවසන් කර ලංකාවට ගිහින් ඉද්දි තමයි ඕස්ට්‍රේලියාවේ පර්යේෂණ කණ්ඩායම මාව රිස්ච්ර් ප්රෝපොසල් එකකට දැම්මේ.. ඒ අතරම ටිනාත් මට අලුත් යෝජනාවක් ගෙනාවා එහි රජයෙන් ඒ රටේ සිශ්‍යය්න්ට දෙන fellowship එකකට ඉල්ලමු කියලා එකෙන් තමයි මම ලිස්ට් එකේ පලමුවෙනියට ආවේ...
      ඇයගේ අරමුදල් වලට මගේ පිටුපෑම බලපෑවේ නෑ.. ( මම ඇය මා මුලින් නොගෙන ඔස්ට්‍රේලියාවට යවා පසුව ගැනීමට යද්දී ඇය කොහොමත් ප්‍රමාදයි) එහෙත් මුදල්මය අතින් නෙදර්ලන්තය වාසි සහගතව තිබුනත් මම මගේ මානුෂිය හේතුව සහ ඔබ කියන්නා වගේම ඉංග්‍රීසි භාවිතා කරන රටකට එන්න ඇති කැමැත්ත නිසා මෙහාට ආවා.
      ටීනාලා පර්යේෂණ ගිවිසුම් ( සිසුන් ගැනීමට ) අප්‍රිකානු රටවල් සමග ගසා තිබුනා. මම එහි යන්නේ අහම්බෙන් නෙදර්ලන්ත එම්බසිය හරහා ගත් සිස්යත්ව්‍යකින් ..මම නිසා මගේ මාස්ටර් එකෙන් ටිනලාට නොහිතු පරිදි ග්‍රාන්ට් එකක් ලැබුනා.. ඒත් එයාලා ආචාර්ය උපාධියට සාමනය්ය්යෙන් සිසුන් ගන්න අප්‍රිකාව සමග ඔවුන්ගේ NUFU ආදී පර්යේෂණ ගිවිසුම් තියෙන නිසා ඒ හරහා ඔවුන්ට මුදල් ලැබෙනවා.. ලංකාව සමග එවැනි ගිවිසුම් නෑ.. ලංකවේ එවැන්නක් ඇති කරන්න මා උත්සාහ කලත් ලංකාවේ මා ඒ සම්බන්ධයෙන්ග ණුදෙනු කල මහාචාර්ය වරුන්ගෙන් කිසි සහයක් ලැබුනේ නෑ.. මේකේ ගොඩක් දිග කතා තියෙනවා කෙටියෙන් කිව්වොත් මා නොගිය එකෙන් ටිනලාට එහෙම පර්යේෂණ ව්‍යාපෘති බලපෑමක් ආවේ නෑ.. මා වෙනුවට වෙන කෙනෙක් ගන්න ඇති... අපි දෙගොල්ල එහෙම අමනාප අය නෙවෙයි . මා එහි සිටිද්දී ආරම්භ කල ව්‍යපෘති වල දිගුවන් දෙකක් මගින් පළවූ පර්යේෂණ ලිපි දෙකම මම කතෘ වරයෙක්. තව එකක් දැන් බාරදීලා තියෙනවා.. මෙතැන වැඩි පුරම වුණේ හරි වෙලාවට වැඩේ නොවීමයි. මම මාස තුනකට ඔස්ට්‍රේලිය්වේ නෑවිදින් නෙද්‍රල්න්ත්යේම හෝ පිටත් වීමට පෙර ආචර්යා උපාධිය ස්ථිර වී ලංකවට ගියා නම් මම ඔස්ට්‍රේලිය්වක් ගැන දන්නේ වත් නෑ.. නේ..

      Delete
    2. ඔබ කියා ඇති ආකාරයට ඔවුන් ඇති පදම් සිසුන් ඉන්න විශාල පර්යේෂකයන්. එහෙම අයට නම් සිසුවෙන් ඒම හෝ යාම හරියට නිතර දෙවේලේ කෝච්චි යන ඉස්ටේශමේ කුබීයෙක් ගිය වගේ.

      නමුත් අපි කුඩා කණ්ඩායම් නිසයි අපිට එක ශිෂ්‍යයෙකුගෙන් වුවත් බලපෑම වැඩි. අනික වගේ ශිෂ්‍යත්ව වලට නිර්දේශ කල හැක්කේ එක කණ්ඩායමකින් එක සිසුවෙක් පමණයි සමහර වෙලාවට. ඒ සිසුව ශිෂ්‍යත්වය ලැබුනට පස්සේ එන්නේ නෑ කිව්වට එවිට ශිෂ්‍යත්වය මාරු කරන්නට බැහැ. එවැනි අවස්ථාවය යෙන් මිලියන 10 ක පමණ තුන් අවුරුදු ශිෂ්‍යත්වයක් අහෝසිවෙනවා. කිහිප වරක් එහෙම වුනොත් අසාදු ලේඛනයට යන්නත් පුළුවන්.

      සමහරවෙලාවට අපි අරමුදල් ගන්නවා එන්න ඉන්න ශිෂ්‍යයා වැඩ කොටසක් බාරදීමේ බලාපොරොත්තුව ඇතුව. මාස 3න් 3ට සමහර අරමුදල් වලින් කල දේ සහ පරතිඵල යාවත්කාලීන කරන්න ඕනේ. කරගන්න බැරිවුනොත් අරමුදල් අවලංගු වෙන්නත් පුළුවන්. ඒවගේ හිරවීමක් වුනහම ඉතින් අපි වෙනත් කෙනෙකුට පුද්ගලික නිර්දේශයක් කරලා එන්නට ඉන්න ශිෂ්‍යය ගැන වගකීමක් අරගෙන තියෙනවා ඒවා යන්නේ අපේ පිටින්. මම ඒ වෙනකොටත් ශිෂ්‍යයෙක්ම නිසා එහෙම වුනාම බැනුම් අහන හැටි ඉතින් කියල වැඩක් නෑ. වෙනත් රටවල විශ්වවිද්‍යාල වලටත් ඉල්ලුම් කරන බව කලින් කියල තියෙනවා නම් එකේ ගැටලුව අඩුයි.

      එක්සත්ජනපදයේ විශ්විද්‍යාල වල නම් එහෙම ගැටළුවක් නැති බවයි අහල තිබුනේ. ඒ නිසයි ඔබගෙන් මේ ගැන ඇහුවේ. ඔබේ පිළිතුරට බොහොම ස්තුතියි.

      Delete
  8. kumara ගෙන් ඊයේ වැටුණු කමෙන්ටුව...
    Hats off for appreciating CGTTI (Ceylon German Technical Training Institute). I am proud graduate of CGTTI and able to migrate with my trade qualifications .
    Visit cgtti.com.au to see what we are doing in Melbourne.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුමාර .. මම ඔබ සමග CGTTI (Ceylon German Technical Training Institute) කතාකරන්න කැමතියි . ඔබේ දුරකථන අංකය kawinduj70@gmail.com මගේ ඉ ලිපිනයට එවන්න..

      Delete
  9. //ඔබ කියා ඇති ආකාරයට ඔවුන් ඇති පදම් සිසුන් ඉන්න විශාල පර්යේෂකයන්. එහෙම අයට නම් සිසුවෙන් ඒම හෝ යාම හරියට නිතර දෙවේලේ කෝච්චි යන ඉස්ටේශමේ කුබීයෙක් ගිය වගේ// ඔව් ඔව් ටිනලාට හොඳට පර්යේෂණ මුදල් ලැබෙනවා. ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් මට පර්යේෂණ පැත්තෙන් අවාසියි. එහෙ හිටියනම් මම මිට වඩා පර්යේෂණ අතින් ඉස්සරහට ගිහින් . හේතුව ස්කන්ඩ්නෙවියානු රටවල් වල රජයෙන් ලොකු මුදලක් පර්යේෂණ වලට වෙනකරනවා. ඒවායින් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග ගසන ගිවිසුම් හරහා ඒ රටවලින් ශිෂ්‍යයන් ටිනලා ගේ වගේ පර්යේෂණ කණ්ඩායම් වලට එනවා. මමත් ගියේ එවැනි ශිෂ්‍යත්වයක් හරහා.. මම කරපු යෝජනාවට ගැලපෙන කණ්ඩායම ටිනලා නිසයි මම එතෙන්ට යැවුනේ.. ( අන්තරජාතික ස්වුකය පිලිබඳ මධ්‍යස්ථානය ) නම් ඒ රටේ පර්යේෂණ කරවන ඒකකයක් හරහා මාව ටිනලා වෙත යොමු කෙරුණා මුලින්ම..
    ඕස්ට්‍රේලියාවේ එතරම් ලොකු මුදලක් වෙන් නොකෙරෙන නිසා පර්යේෂණ මුදල් ලැබෙන්නේ අපේ ගෝඩන් වැනි ගොඩක් ප්‍රසිද්ධ අයට විතරයි.. මම ඒ අනුව තමයි රෝහල් සේවය වෙත යොමුවන්නත් තීරණය කරන්නේ..

    ReplyDelete
  10. මේකනෙ කවිඳු, ලංකාවෙ ගොඩක් තරුණයන්ට ඕනෙ බොරු පොෂ් ජොබ්. උසස් පෙල ඉවර කරපු ගමන් ටයි පොල්ලක් දා ගත්ත එක්සකටිව් කට්ටෙක් වෙන්න තමයි බලන්නෙ. එහෙමත් එකෙක් තමයි ඔය ජොබකට ඕන skilled course එකක් කරන්නෙ, මොකද ඒවගේ එව්වා කළහම කුණු ගෑවෙනවනෙ. ඉතින් ලංකාවෙ ඔය කියන skilled occupation ඒව කරන්නෙ ඉස්කෝලවලින් කට්ටි පැනපු එවුන්, එහෙම නැත්තම් විභාග ෆේල් උන්. නමුත් උන්ට හරිහමන් සහතික නෑ, නැත්නම් ඉංග්‍රීසි බෑ. ඉතින් ඔසී, කැනඩා වගේ රටවලට යන්න බෑ. නැත්නම් ලංකාවෙ ඉන්නව හොඳ මෙකෑනික්ලා, මේසන් බාස්ලා, වඩුවො වගේ කට්ටිය, ඔය වගේ රටවල ගියානම් ඉහලම වෘත්තිකයො වෙලා කෝටි ගණන් හොයන්න පුළුවන්. ඒ වෘත්තිකයො අත අරිමුකො, ලංකාවෙ ඉනිජිනේරුවොත් පොතේ ගුරාල විතරයි, ඒ කියන්නෙ hands on වැඩ බෑනෙ. උනුත් ඉන්ජිනේරුවයි Engineering managerවයි පටලවගෙන.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රොබර්ට් .. ඔබ කියන කතාව ඇත්ත බව මගේ යයහළු ඉංජිනේරුවෙක් ( ඔහු නම් හොඳට වැඩ පුළුවන් ප්‍රයෝගික කෙනෙක් ) කීවා මේ ලඟදි.. එයා මේ දවස් වල ලොකු පාරවල් ( දඹුල්ල පැත්තේ) කරන කෙනෙක්. අපේ කොල්ලෝ ඔය වගේ කුණු ගැවෙන වැඩට අකමැති නිසා මේසන් වරු ඉන්දියාවෙන් ගේන්න වෙයි කියලා එයා කිව්වා... අපේ කට්ටියගේ මේ ආකල්ප වෙනස් නොවී රට හදන්න අමාරුයි.. අපි මුල ඉඳන් කියවන්න දැන් දොස්තරලා වුනාට අද වුනත් කුඹුරකට බැහැලා වැඩ කරන්න පුළුවන් / කැමති මිනිස්සු අපි.. ඒ වගේ තමන් කරන රක්ෂාව ගැන අභිමානයක් ඇතිව/ ආශාවක් ඇතිව කරන්න හිතන පරපුරක් අපේ රටේ ඇතිවෙන්න ඕනේ..

      Delete
    2. //දැන් දොස්තරලා වුනාට අද වුනත් කුඹුරකට බැහැලා වැඩ කරන්න පුළුවන් / කැමති මිනිස්සු අපි.//

      කතා කරන භාෂාවෙන් පොරවල් කියන්නේ එහෙම අයට මිත්‍රයා.

      අපේ ඉලෙක්ට්‍රොන අන්වීක්ෂ විද්‍යාගාර ගොඩනැගිල්ලේ තිබෙන වැසිකිලිය සහ මුහුණ සෝදන කාමරය සමහරවිට යන්තමින් අපවිත්‍ර වෙනවා. නමුත් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තරකිරීමට අවශ්‍ය නිසා එහි පිරිසිදු කිරීම වෙන්නේ සතියකට දෙවරක් වගේ.

      එවැනි අවස්ථවක පිරිසිදු කිරීමට ඉදිරිපත්වෙන්නේ බොහෝවිට ලොකුම තැන සිට පහලට. ගොඩක් ළමයි ඒවා පිරිසිදු කරන්න උවමනාවක් නොදැක්වුවත්, නැනෝ විද්‍යාගාර ගොඩනැගිල්ලේ වැදගත්ම තැන වන වැසිකිලිය පිරිසිදුව භාවිතය සඳහා සුදානම්ව තැබීමට අධ්‍යන කාර්යමණ්ඩලය වන අපි මුලින්ම කැප වෙනවා. අපිට අදාළ තැනක ඕනෙම වෙලාවක කල හැකි ඕනෙම දෙයක් කරන්නට අවශ්‍ය ධෛර්යය හැමෝටම නැති වුනත් ඔබට එය තිබීම ඉහලින්ම අගය කරනවා. එවැනි මිනිසුන් අගය කිරීමට මම නම් කිසිවිටෙක පසුබට වෙන්නේ නෑ.

      Delete
  11. ජර්මන් ටෙක් උන්ට ඔහේ එන්න පුළුවන් කියන දේ හුඟක් උන් දන්නවා.. තවත් ජර්මන් ටෙක් එකක් මෙහේ පටන් ගත්තා.. ඒ කියන්නේ තව පිරිසක් ගොඩ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්. ඔව් ඔව් මෑතකදී එහෙම ආපු මල්ලිලා වගයකුත් අපිට සුරංගලා වැඩපොළේ වැඩ කරද්දී අපිට හමුවුණා. තනියම ඉංග්‍රීසි එහෙම කරගෙන ආපු කොල්ලෝ. ගොඩ දෙනෙක් කොළඹ හා තදාසන්න ප්‍රදේශ ( කළුතර, මතුගම, පානදුර) වගේ පැතිවල කට්ටිය , කෑගල්ලේ මල්ලී කෙනෙකුත් හිටියා. තව තව ඔය ක්‍රමේ ගම් නොයම් ගම පුරා පැතිරුනා නම් හරි..

      Delete
  12. පාරවල් දිගේ රස්තියාදු වන ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට මේවගේ තාක්‍ෂණික කෝස් එකක් කරලා ජීවිතය ගොඩ දාගන්න දැක්මක් නොමැත්තේ මන්ද ?

    ReplyDelete
    Replies
    1. සධාරණ ප්‍රශ්නයක්.. තමන්ට ඉගෙනගත් දෙයින් කෙලින්ම ආර්ථික දියුණුවක් තනාගත නොහැකියි කියා දැනුණු වහාම වෙනත් පාරකට යන්න තරම් අධිෂ්ඨානය, කැපවීම සහ උනන්දුව ඇති කර ගන්න මේ අයගේ මනස හදන්න ඕනෑ..

      Delete
    2. කෝස් නැත්තෙමත් නෑ.. නිසි මඟපෙන්වීමක් තමයි නැත්තෙ.වෘත්තීය මාර්ගෝපදේශන හරිම දුර්වලයි තාම.අනික ඔක්කොම එකට පැටළුනු ගතියක් තියනවා.

      Delete
  13. ස්තූතියි ලිපියට..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කියෙව්වට...

      Delete
  14. සුනාමි ආව කාලේ මටත් ඒජන්සි එකකින් කථා කලා වර්ක් වීසා එකකට යන්න. මුලින් සල්ලි ගන්නේ නෑ කියලා පස්සේ සල්ලි ඉල්ලුව නිසා මම බෑ කිව්වා. මම ඒ කාලේ මේ වීසා කැටගරි එක විස්තර දැනගෙන හිටියේ නෑ.

    ReplyDelete
    Replies
    1. වර්ක් විසා එකකින් මෙහාට එද්දී ඒ එන රස්සාව ශ්‍රී ලංකාවේ අවුරුදු දෙකක් වත් කල බවට EPF/ETF ගෙවූ සහතික ඕනෑ වෙනවා මන් දන්නා හැටියට . මේ ලිපි වල කියැවෙන ගඩොල් ඇතිරීම, වාහන කාර්මික ආදී "trade qualification" වලින් කරන රස්සා හැම එකකටම ඒවා පෙන්වන්න වෙනවා...

      Delete
  15. තවකෙකුගේ සතුට තමන්ගේ සතුට කරගන්න එකේ සතුට දන්න අය වැඩි වැඩියෙන් ඉන්නවා කියල දැනගන්න එකත් ලොකු සතුටක්....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. එහෙම අය වැඩි වෙන්න ඕනේ .. සතුටෙන් සතුටක් ලබන්න..

      Delete