Follow by Email

Wednesday, 12 October 2016

අපේ ගමේ අපි කරනා හතර වන නිවාස ව්‍යාපෘතිය - රංජිත් ගේ ගෙදර


අතීත  කතාව


රංජිත් රාජපක්ෂ  කියන්නේ අපේ අම්මාගේ ගම වූ  කිරිඔරුවේ  ඉන්න ඉතා කඩිසර  සහ උනන්දුවෙන් වැඩ  කරනා ගොවි මහතෙක්.

අපට  සම වයසේ වූ  රංජිත් ලා  එළවලු හදන්න පටන් ගත්තේ  අපි තරුණ කාලේ  එළවලු හදද්දීමයි.

අපි මුලින්ම  එළවළු වගාවට  බහිද්දී  අපේ අම්මා  කිරිඔරුව  පුරා එළවලු කන්නෙට  බදු ගන්න කුඹුරු  හොයමින් ඇවිද්ද හැටි  මට තාම මතකයි.

එතකොට  මම හිටියේ  හතේ පන්තියේ  , ඒ කියන්නේ මගේ වයස  අවුරුදු  13  යි.

 මම අපේ  අම්මත් එක්ක  රංජිත් ලා මහා ගෙදර ( ඤන්   ඤඋන් ආතලා ගෙදර )  ගියේ අපිට මුළු කිරිඔරුවේ  කොහෙන් වත්  බද්දට ගන්න කුඹුරක් නැතිව හිටපු මොහොතකයි.

"හරි හරි විමලා  නංගි  මට රුපියල්  හාර සීයක්  දියන්   මම   උඹලට  එළවළු හදා ගන්න  මගේ  කුඹුර  දෙන්නම් "

ඤන්   ඤඋන් ආතා  අපේ  අම්මාට  ඇයගේ  කුඹුරේ එළවළු හදා ගන්න යැයි පැවසුවේ  අපේ අම්මාගේ  ජාතක  කල  පියා පවා අපට කුඹුරක්  නොදී සිටි කාලයකයි.

ඒ වන විට රංජිත්ගේ  වයස  අවුරුදු 12ක්  පමණ වුවත් දුප්පත් කමේ  පතුලේම ගිලි සිටි රන්ජිත්ලාට  අපේ අම්මා වැනි ශක්තිමත් කාන්තාවකගේ  මග පෙන්වීම  ලැබී තිබුණේ නෑ.

තිබුනානම්  අද මෙසේ ලියන්නේ මම නොව රන්ජිත්ම  වන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

රංජිත් ගේ අම්මා හෝ තාත්තා ඒ කාලේ අපේ දෙමව්පියන් මෙන් තම දැරූ දැරියන් ඉගෙනීමට මෙන්ම  කැත්තේ උදැල්ලේ වැඩට  පෙළඹ වූ අය නොවේ .

ඔවුන්  ඉඩම් හිමියන් වුවද රංජිත් ලා තාත්තාගේ ලඟම  නෑදෑයින් විසින් ඔවුන්ගේ සියළු ඉඩම් සටකපට කමින් ඔවුන්ගෙන් "පැහැර ගෙන තිබිණි " .

ඉතිරි වී තිබුණේ  වී  පෑල් දෙකක කුඹුරු කෑල්ලක් සහ දැනට රංජිත් පදිංචි වී සිටින ඉඩම් කෑල්ල පමණි.

ඤන්   ඤඋන් ආතා  අපේ අම්මාට දුන්නේ ( 1983 දී ) මේ  කියනා  වී පෑල්  දෙකේ කුඹුරු  කෑල්ල යි.



ප්‍රථම වරට  ඒ කුඹුරේ  අල,  බටු , තක්කාලි  සහ  බෝංචි  ඇතුළු මිශ්‍ර වගාවක්  කර ආරම්භ කල අපේ  ගොවි ජීවිතය  අවසන් කෙරුනේ  1993 දිය.

ඒ  රුහුණු විශ්ව විද්‍යාලයේ  වෙද සිසුවෙක් ලෙස මට ගමෙන් සමුගන්නට  සිදු වීමත් සමගයි.

ඒ වනවිට  අපේ  ගෙදර සියළුම  සාමාජිකයින්  ( සමන්ත සහ තාත්තා හැර ) කරේ පවුම් එකේ දෙකේ රත්‍රන් චේන් වැටී තිබිණි.

එමෙන්ම මගේ බැංකු පොතේ  අඩුම තරමින්රු පියල් දහ පහළොස් දාහක් වත් තැන්පත් වී තිබෙන්නටද  ඇත.

1993  තම කුඹුර දෙස වත් නොබැලු රංජිත්  ඊට වසර තුනකට පමණ පසු ( එතෙක් ඒ කුඹුරේ එළවළු හැදුවේ  අපේ  කට්ටියයි )  තමන්ගේ  කුඹුරේ  එළවළු හදන්නට  පටන් ගත්තේය.

එදා සිට අද දක්වාම  රංජිත්  එහි වගා කටයුතූ කාරනා අතර   අම්මා  අපේ වගා කටයුතු හුරියගස්වැල්ලේ  කුඹුරකට  ( අපේ මුත්තාගේ ඉඩමට අල්ලපු ඉඩමේ ) මාරු කළාය .

හේතුව කර දඬු මහත්වූ රංජිත් තනියෙන්ම වගා සටනට  පැමිණ ඔහුගේ  මව අපට බදු  දී තිබුණ කුඹුරු  කෑල්ල  ඔහු ගේ වගාවට  යොදා ගැනීමයි.

වර්තමාන  කතාව


ඤන්   ඤඋන් ආතා මියගිය  පසු  ඈ සිටි නිවසේ  තනිවූ  ඇගේ  දියණියන් දෙදෙනාට  නිවසක් තනා දුන් හැටි ඔබට මතක ඇතැයි සිතමි.

ඒ සඳහා අපේ කල්‍යාණ මිත්‍ර ඇතුළු බොහෝ පිරිසක් දායක වූ අතර අපේ තාත්තා සහ  කිරිඔරුවේ  "අමරේ  මාමා "  මූලික වී  ගමේ අයගෙන් ද මුදල් සම්මාදම් කර  තිබුණි.

ඒ නිවසේ වැඩ කරද්දී අපට නැවතත් සමීප වූ රංජිත් ජිවත් වුයේ කෙබඳු නිවසක දැයි අප ඒ වනවිට  හාන්කවිසියක් වත් දැන සිටියේ නැත.

තම අක්කලා ගේ නිවසේ වැඩට අප ආධාර සොයා දෙද්දී ඉතා උනන්දුවෙන් එහි වැඩට යොමු වූ රංජිත්  මේ වනවිට දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

ඔහු තම දරුවන් සහ බිරිඳ රකින්නේ  අප 1983  එලවලු වගා කල ඒ  කුඹුරු කෑල්ලේම  එළවළු හැදීම  තම ප්‍රධාන  ජීවනෝපාය කරගෙනයි.

ඤන්   ඤඋන් ආතා ගේ  දුවලා දෙන්නට ( රංජිත්ගේ අවිවාහක අක්කලා දෙන්නා ) නිවස අලුත් වැඩියා කර දීමෙන් අනතුරුව  රංජිත් ගැන තව තවත් පැහැදුනෙමි.

ඒ  තම දරු පවුල රැකීමේ බර තිබෙද්දිත් රංජිත් සිය අක්කලා ගේ නිවසේ වැඩට  උනන්දුවෙන් ඉදිරිපත් වූ බව  දැන ගැනීමත් සමගයි.

මගේ ගමේ වැඩ ගැන ආදරයෙන් සොයා බලනා හිතවතෙක් ඇමතු මම රංජිත්ගේ  නිවස ගැන විමසුවෙමි.






මේ  අපේ හිතවතා ලබා දුන්  මුල්ම  චායා රූප සමුහයයි.

ඉන් නොනැවතුණ ඔහු  මා හා මෙවැනි සාකච්චාවකට එක් විය. 

"මාමා  දන්නවද  වැඩක් ? "

"ඇයි  මොකද ඇලෙක්ස් .රංජිත් මේ ගේත් හදලා දෙන්න කිව්වද?"


හදලා දෙන්න කිව්වා නම් තමයි. ඒ වුනාට මට  මිනිහගේ ගේ  වහලේ දැක්කම හරි බය හිතුනා " 

"ඒ  කිව්වේ ?"

රංජිත්  වහලේ  ෂිට් තියලා තියෙන්නේ නිකන්ම  ගඩොල් කෑලි ටිකකුයි  "බෝල්  ලි " ටිකකුයි උඩ. 

ලොකු හුළඟක්  එහෙම ආවොත්  වහලේ කඩා වැටෙනවා. 

ඔය විදිහට වහලේ ගහගෙන මිනිහා අවුරුදු දහයකුත් ඉඳලානේ  අප්පා " 




"ඒක නෙවෙයි , මිනිහට ලොකු ළමයි ඉන්නවද  ?  "

"ළමයි තුන්දෙනයි.  අපේ පුතාගේ  වයසේ ලොකුම පුතා  . ඒ කියන්නේ අවුරුදු දා හතරයි .  

දුවලා දෙන්නා ඊට  බාලයි .  තුන්දෙනාම යන්නේ ගමේ ඉස්කෝලෙට  "




"හරි හරි ඔයා දැන් මොකක්ද මට කියන්නේ ? මේකටත්  කර ගහන්න කියලද? 

මට  විසුමක්  වෙන්නේ  ගෙදර  අයගෙන් "

"ඔව් මාමා පිං සිද්ධ වෙනවා .  මොකක්  හරි කරමු. 

අඩුම ගානේ මේ  වහලේ වත් හරියට  ගහලා දෙමු. "

ඇලෙක්ස් ගේ වදෙන් බේරෙන්න බැරි තැන මම වැඩට බැස්සෙමි.  

මුහුණු පොතේ  මේ පින්තුර ටික  පළකර  මගේ හිතවතුන් ගෙන් උදව් ඉල්ලුවෙමි.

මුල්ම  වටයේ රුපියල් 35250 ක්  එකතු කර ගන්නට සමත් වීමි.

එයින්  රුපියල් 15000 ක්  වහලේ  ලි වලටත්  තව 12000 ක්  බ්ලොග් ගල් වලටත් වැයවී තිබිණි. 





ලි තුණ්ඩුව 



ගඩොල් අදින්නට  සහ  ගේ වැඩ කටයුතු අධීක්ෂණයට  මෙවර ඉදිරිපත් වුයේ  කිරිඔරුවේ  ජනප්‍රිය  තරුණ කණ්ඩායමකි.

මුදල් පරිපාලනය  කලින් ව්‍යාපෘති වලදීත්  ඒ සඳහා දායකවූ  "කුමාර මල්ලී " විසින්මය.  

මගේ  ලංකා බැංකු ගිණුමට  වැටුන  මුදල්  කුමාරගේ  ගිණුමට  අන්තර්ජාලය හරහා යවමින්   කටයුතු කරගෙන ගියෙමි. 






කිරිඔරුවේ  තරුණයින්   අපේ වැඩට උදව් වෙමින්. 


ගඩොල් සහ ලි සකස් කරගෙන  දින කිහිපයක් ගෙවී ගියේ මේසන් බාස්ලා  සොයා ගැනීමට නොහැකි වීමත් සමගයි. 

මම අපේ තාත්තාට කතා කලෙමි. ඔහු දින දෙකක් ඇතුලත  මේසන් වරු දෙදෙනෙක්  සොයා ගත්තේය.  

ඔවුන්ගේ දිනක අය කිරීම  රුපියල් 1700 කී ( එක අයෙකුට)  අත් වැඩ කරුවෙකුට  රුපියල් දාහක් ගෙවිය යුතුය. 

දැන් බාස්ල දෙදෙනෙක් සහ අත් වැඩ කරුවෙක් එහි වැඩ කරති.  ආරම්භ වුයේ  පසුගිය සඳුදා  ( 08/10/2016 ) ය.  








රංජිත්ගේ  නිවස ඊයේ  (09/10/2016 ) වනවිට.

වැඩ  තව දුරටත් කෙරෙමින් පවතී. රංජිත්ගේ  වහලයෙන් භාගයක් බිමට පැමිණ තිබේ  ඒ  එහි බිත්ති ඉහලට එසවීම සඳහා ය.

බාස්ලට මුදල් ගෙවන්නට නොහැකිව කුමාර මල්ලී  පසු තැවෙමින් සිටි.

මම නැවතත් ඔබ දෙසට හැරෙමි.

කරුණාකර  අපට/ රන්ජිත්ලා  වැඩේ වෙනුවෙන් උදව් කරන්න

මෙන්න බැංකු විස්තර 


ACC NAME : K M K K Kulasekara

BANK : BANK OF CEYLON

BRANCH: PERADENIYA CITY Branch 

ACC NUMBER: 0001288108

for overseas transfers:

Account No: 1288108

Bank Code: 7010

Branch code: 588 ( Peradeniya City Branch )


මුදල් තැන්පත් කල පසු මට මුහුණු පොතේ හෝ බ්ලොග් පොස්ටුවේ පණිවිඩයක් තබන්න.



27 comments:

  1. හොඳ වැඩක් කවිඳු. මට නම් උදව් කරන්න බැරිවෙයි. මෙවැනි වැඩ දෙක තුනක් වැටිලා මේ මාසයේ සිට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . දැනටම මගේ අතින් විසිදාහක් කයිට් බාසලට පඩි දී ගන්න විදිහක නැතිව . අද හෙටම යමක් කොහොන් හෝ නොලැබුනොත් වැඩේ ලෙඩේ ...

      Delete
  2. මගේ බ්ලොග් කියවන දසුන් නවෝද මේ ව්‍යාපෘතියට තමන්ගේ සහය පළකර තිබුනා අද උදේ දසුන් බ්ලොග් කියවන්නන් අතරින් මුලින්ම අපට සහය පළකලේ ඔබයි.. ඔබට නොවක් තුති..

    ReplyDelete
  3. ඤන් ඤඋන් = ඤාං ඤූං?

    (ඤ, ඤා, ඤැ, ඤෑ, ඤු, ඤූ, ඤෙ, ඤේ, ඤො, ඤෝ, ඤෞ)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික මට ඔය අකුරු නෑ..

      Delete
  4. සිටි බෑන්ක් (CITI Bank) ගිනුම් වර්ගයක් තියෙනවා, ඒවායේ අන්තර්ජාලයෙන් පිටරටවලට මුදල් යවද්දී අමුතුවෙන් අයකිරීමක් කරන්නේ නෑ. මගේ චැරිටි වැඩවලට මං භාවිතා කරන්නේ ඒ ගිනුමයි.

    ReplyDelete
    Replies
    1. මගේ මේ වගේ වැඩ වලට වෙන් කර තියෙන්නේ මේ ලංකා බැංකු ගිණුමයි..

      Delete
  5. අපේ හිතවත් බ්ලොග් කරුවෙකු වූ "අම්බලන්ගොඩ කතා " ලියන විශාන් ක.. (අනික් කෑල්ල ලියා ගන්න බෑ ) අපේ වැඩේට කල උදව්ව ඉහත සඳහන් බැංකු ගිණුමට වැටී තිබුනා.. විශාන් ට ජයෙන් ජයම වේවා !!!!

    ReplyDelete
  6. Replies
    1. බොහොම ස්තුතියි මාතලන් ..

      Delete
  7. මොනවද ලොක්කා බොරු කැටයං නැතිබැරිකාලේ අත දුන්නනම් හදල දෙනවකෝ තනියම පින්පත්තර ගහගන බෙලෙක්ක නොහොල්ලා

    ReplyDelete
  8. ස්තුතියි. සුමිත් ඔබ ඔක්තෝබර් 2016 බ්ලොගර් වලට ආපු කෙනෙක් බව කියෙව්වා. ඒ කියන්නේ අපේ පරණ විස්තර කියවලා නෑ වගේ ? //නැතිබැරිකාලේ අත දුන්නනම් හදල දෙනවකෝ තනියම පින්පත්තර ගහගන බෙලෙක්ක නොහොල්ලා//
    අවසනාවකට අපේ අය බොහෝ දෙනෙක් කිසියම් කතාවක් දුටු පමණින් එහි වල්ගයෙන් අල්ලාගන්නට ඉක්මන් වෙති. මා මෙහි ලියු දෙය හරියට කියවුනේ නම් අපි රන්ජිත්ලාගෙන් කුමුරක් රුපියල් 400 කට කන්නයකට බදු ගනිද්දී රන්ජිත්ලා අපිට වඩා බොහෝ සෙයින් දුප්පත් කමේ ගිලි සිටියේ. ඔවුන්ට ඉඩ කඩම් තිබුනත් ඒවා හදා වවාගෙන ඉදිරියට එන්න ශ්කිතියක් ඒ කාලේ තිබුනෙත් නෑ. මම ඊයේ රංජිත් එක්ක කතා කළා ගෙදර වැඩ වල ප්‍රගතිය බලන්න. එතකොට රංජිත් මතක් කලෙත් 1983 දී පවා අපේ අම්මා රංජිත් උදව් කල හැටියි. ඔබ සුමිත් නමින් නව ප්රෝෆියිල් එකක් හදා ගෙන පැමිණි අපිට පුරුදු විශ්ව විද්‍යාල "හිතවතෙක් " බව මට දැනෙනවා. ඔහුගේ ප්‍රධානම කාර්ය තමයි ඇනෝ කමෙන්ට්ස් දමමින් ජනප්‍රිය වේ යැයි සිතිය හැකි බ්ලොග් පොස්ට් "අල කර " දැමීම.. බ්ලොග් ලියන බොකෝ අය ඔහු හොඳින් දන්නවා..

    ReplyDelete
  9. ඉක්මනින්ම රංජිත්ගේ හිසට වහලක් ලැබේවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ වහලේ සති අන්තයේ නිම වෙන්න නියමිතයි .ඔය උඩින් "සුමිත් " යනුවෙන් පැමිණි අපිට පුරුදු විශ්ව විද්‍යාල, බ්ලොග් සහ තමන් යන යන් තැන අල කාරනා _. _. _ නමින් ලියන්නා නොදන්නා දෙය තමයි අපි මෙතෙක් කල සියළුම ව්‍යපෘති වගේම මේකෙදිත් වැඩිම බර ලැබුනේ මගෙන් බව. දැනට රංජිත් ට වියදම් වූ මුදලෙනේ 50 % වඩා තියෙන්න මම පුද්ගලිකව් දුන්න මුදල්. එවා ලබා දුන්නේ ඔය ගමේ ඉන්නා සියල්ලෝම වගේ "ඇයි මේ අත පය හතරම තියෙන මිනිස්සුන්ට උදව් කරන්නේ? රංජිත් හොඳට තක්කාලි එහෙම හදනවා " ආදී ආඩපාලි කියද්දීමය.

      Delete
    2. සුමිත්... හිහ් හී... ආසාවනේ..
      කවිඳුට වගේම මේ දවස්වල ගස්ලබ්බට පොල් කඩන බබීගෙ ආදායම් වාර්ථා ලැබෙනවා හිටු කියලා.සමහර වාර්ථා වල එන්නෙ වටිනාකම ගොඩනැගිලි ද්‍රව්‍ය වලටත් කන්වර්ට් කරලා.
      ඔය වගේ කතා හොඳට අහගෙන ඉඳලා පොඩි හිනාවක් ලබාදීලා වැඩේ කරගෙන යන එක (කවිඳු නම් කොහොමත් කරන විදිහට ම.) තමයි එයාලට දෙන්න තියන හොඳම උත්තරේ කියලයි ගස්ලබ්බත් හිතන්නෙ.

      Delete
    3. ඔව් . ඔව් ඔහොම යන් ඔහොම යන් හෙට අනිද්දා වෙනකොට කවුරූ නැතත් රංජිත් රාජපක්ෂ සන්තෝෂ වෙයිනෙ ..

      Delete
    4. ඕවට උත්තර බැදීමෙන් වැඩක් නෑ කවිදු ,

      Delete
    5. ස්තුතියි කම්මල හිස පහත් කරගෙන අපි කරනා වැඩේ දිගටම කරන එකයි මගෙත් ක්‍රමේ

      Delete
  10. මුදලක් තැන්පත් කලෙමි. ගිණුම පරීක්ෂා කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිදර්ශා ඔබේ මුදල් ගිණුමට වැටී තිබෙනවා .. නන්නාදුන කෙනෙක් /පවුලක් වෙනුවෙන් ඉදිරිපත් වූ ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභ අනාගතයක්ම වේවා !!!!

      Delete
    2. නිදහස , එය මගේ බ්ලොගයේ නමයි :)

      Delete
    3. ස්තුතියි පැටලුනා.. සමාවෙන්න ඕනේ. ඔබේ නම දන්වා kawinduj70 @ gmail.com email එකක් එවන්න..

      Delete
  11. ඊයේ මට කතා කල අපේ හිතවත් බ්ලොග් කරුවෙක් "නිර්නාමික" මේ වෙනුවෙන් මෙතෙක් කල ලොකුම දායකත්වය සැපයුවා. ඔහුටත් බෙහෙවින්ම ස්තුතියි..

    ReplyDelete
  12. රංජිත්ගේ නිවසේ වැඩට මිට කලින් උදව් කරපු අය තමයි ..... තුෂාර මදනායක ඔස්ට්‍රේලියාව , දේවිකා ගුණසිංහ ( දන්ත ව්‍යිද්‍ය ඔස්ට්‍රේලියාව ), රංජිත් ජයවීර ENT Surgeon ශ්‍රී ලංකාව, රංජිත් ඔබේසේකර ඇමෙරිකාව , DR කෝසලා මාරඹේ පේරාදෙණිය වෙද විදුහල, Dr සවින් සේමගේ නොහොත් අපේ දම්සෝ පුතා, රවින්ද්‍ර බණ්ඩාර /අපේ බ්ලොග් ලියන රබා සහෝදරයා , Dr අජිත් විදානගම (ඔස්ට්‍රේලියාව ) කියන අපේ හිතවතුන් පිරිස

    ReplyDelete
  13. 15/10/2016 - හෙට ( ඉරිදා ) උදේ මහා ශ්‍රමදානයකින් රංජිත් මාමගේ වහලේ ගහන්න නියමිතයි. අපි එයට සුභ පතමු.

    ReplyDelete
  14. සුබ පැතුම්..... පරක්කු වෙලයි මේ පැත්තට ආවේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට. ලඟදි මොකුත් ලිව්වේ නෑ . අද ලියන්න ඉන්නේ

      Delete