Follow by Email

Friday, 28 October 2016

මේ පුංචි රටේ






"හැමදාම  කාගේ හරි ගෙවල් හැදිල්ලක්  , වහල  ගැහිල්ලක් ගැන ලියනවා මිසක් කෝ ආදර කතාවක් වත් ලියන්නේ නෑනේ " 

අපි බ්ලොග් රසික රසිකාවියන්ගෙන් ලැබුණු පණිවිඩ  වල තිබුනා මතකයි.

ඒ  නිසා  මෑතකදී  මා අත්දුටු මෙන්න මේ සිද්ධිය  අද ඔබ වෙත ගෙන එන්න හිතුවා.

අපි ගමේ ඇවිත් 


වර්ෂය  දෙදහස් දාහතර.   ලංකාවවට ඇවිල්ලා ගෙවී යන අන්තිම සතිය.

අරලගංවිල  මහ ගෙදර කට්ටිය බලන්න දෙවැනි වතාවටත්  එහෙ ඇවිත් හිටී ගමන්.

රටින් පිටත් වෙන්න තිබුණෙත් තව දවස් කිහිපයක් විතරයි වගේ.

මම මහගෙදරට වී සුපුන් සහ නංගිලාගේ  ළමයි සමග දොඩමළු වෙමින් සිටියෙමි.

"ඒයි  අපේ දැන් මෙහෙ හිටියා ඇති නේද ? අපි හෙටවත්  අපේ දිහා යමු.

ගෙනියන්න බඩු ලැස්ති කර ගන්නත් තියෙනවනේ "  යෝජනාව නිම්මි ගෙන්.

"ඔව්  ඔව්   මටත් කැම්පස් එක පැත්තේ යන්නත් බැරිවුණා .

දවසක් දෙකක් තියා ඔයාල දිහා ගියොත් මගේ ගමන් ටිකත් කර ගත්තහැකි.

 එහෙනම් හෙට එහෙ යන්න ලෑස්ති වෙමු"  ගමේ හිටියා ඇති යැයි සිතු මම නිම්මිගේ යෝජනාව අනුමත කලෙමි.

අපි නැවතත් තුන්දෙනාගේ  ගමන් බෑග් සකස් කරන්නට ගත්තෙමු.  හවස් වෙද්දී  අපේ ලොකු නංගි අපව බලන්නට ආවාය.

"ආනේ  අක්කලා  ආපහු යන්නද යන්නේ?

 මම  හිටියේ  අක්කා  කේ. අයි. බී . එකට එක්කන් යන්න ලස්සන රෙදි තියෙනවා අක්කා ඒකෙ.

අපරාදේ කාලෙකින් ආපු එකේ එතෙන්ට ගොඩ වෙලා යන්න තිබුණා නම් වටිනවා. "

"ඇත්තද නංගි ? ඒයි අපි තුන්දෙනා ටක් ගාලා ටවුන් එකට ගිහිල්ල එමුද  ඒ කඩේ බලලා ? "

ගමේ යන්න රෙදි අස්කර කර සිටි නිම්මි නැවතත් රෙදි සාප්පු යන්නට සුදානම්ය .

"පිස්සුද ඔයාට ? මේ රෑ වෙලා  මාවනැල්ලේ වගේ නෙවෙයි  මෙහෙ කඩවල් කලින්ම වහනවා.  හෙට උදේ පාන්දරින්ම  ගෙදරින් පිටත් වුනොත්  කේ. අයි. බී  එකටත් ගොඩ වෙලා යන්න පුළුවන් වෙයි.

මම රෙදි සාප්පු බලන්න යෑම පසුදාට කල් දැමුවෙමි.

ඒ පසුදාට  හිමින් සීරුවේ කේ. අයි. බී එක පැත්තෙන් නොයා අනික් පැත්තෙන් අරලගංවිල නගරය පසු කර යන අදහසද ඇතිවයි.

රැයක් ගෙවී තවත් නැවුම්  දවසක්  උදාවී තිබේ .

උදා හිරු නැග එද්දී  නිම්මි සහ මා ගමනට අවශ්‍ය බෑග් ආදිය සකස් කරමින් සිටියෙමු. 

අපේ නංගිලා අක්කලා පවුල් වල අයද අපට සමුදෙන්නට නිවසට පැමිණෙමින් සිටිති. 

සුපුන් තවමත් ලංකාවේ අක්කලා මල්ලිලා එක්ක සෙල්ලමේය.  

තාත්තා සුපුරුදු පරිදි අපේ ගමන ගැන  වෙහෙසෙයි. 

ඒ අපි සකස් කරනා ගමන් මළු එකින් එක වාහනයට පටවන්නට මට උදව් වෙමිනි. 

"පැය ගානක් එලවන්නත් තියෙනවා නේද ? උදෙන්ම පිටත් වෙනන්නයි තියෙන්නේ " ඔහු පාන්දරින් පිටත් වීමේ වටිනාකම අපට මතක් කර දෙයි.

කෙසේ හෝ එදා අප ගෙදරින් පිටත් වෙද්දී අට - නමය පමණ වී  තිබු බව මතකය.  

මම රියදුරු අසුනට බර දුන්නෙමි. තේ වත්ත පාරේ  උදා හිරු නිසා යන්තමින් මැකීයන මිහිදුම කපාගෙන වාහනය පැදවුයෙමි.

යාබද අසුනේ සිටින නිම්මි කඳු මුදුනේ මිදුම් අතරින් එන හිරු රැස් වල පහස විඳියි.

ඇගේ වුවනත  තැඹිලි පැහැයෙන් දිළිසෙයි. 

මෙවැනිම සුසිනිදු මුහුණක් හිමි "ඇය" මා ඉදිරියේ මැවී නොපෙනී යයි . 

ඒ කාලේ මට කාර් තිබුණේ නැත.  

එදා පසළොස්වක පොහොය දවසකි.   මගේ දකුණු පසින් සිටියේ ඒ මුහුණේ හිමි කාරියයි . 

296  බසය වංගුවක් ගන්නා වාරයක් පාසා ඇය මගේ දකුණත තදින් අල්ලා ගනියි.

ඔව් එදා අපි  මුතියංගනය වඳින්නට ගියෙමු. 

ජයංගනී. දැන් එයා මොනවා කරනවා ඇද්ද ? 

එයාටත් මාව මතක් වෙනවා  ඇති  මේ වගේම 

"ඒයි . ඒයි ...අර බලන්න. තේ වත්ත මීදුමෙන් වැහිලා ඒ අතරින් ඉර පායාගෙන එනවා. 

 හරි ලස්සණයි නේද"

ඒ හඬත් සමග මම දැහැණෙන් මිදුනෙමි.  

ඔව් මම  වසර විසි ගණනක් පිටුපසට ගොස් නැවත  වර්තමානයට ආවෙමි . 

ඔය පරණ දේවල් දැන් හිතලා වැඩක් නෑ . 

වෙන්න ඕනෑ විදිහට තමයි වැඩ සිද්ධ වෙලා තියෙන්නේ 

සියල්ල අමතක කරන අටියෙන් මම යටි හිතට පැවසුවෙමි.







එසේ ටික වෙලාවක් නිම්මි සමග කතා බහේ යෙදෙමින් නගරය බලා රිය ධාවනය කලෙමි. 

නගරයෙන් දකුණට නිම්මිලා නිවස දෙසට යන පාරය.  

කේ. අයි. බී . එකට යන්න නම්  නගරය පසු කර වම් පැත්තට ගොස් තෙළුල්ල පාරට දැමිය යුතුය. 

"ටවුන් එකට යන්න ඕනේ නෑනේ  . 

එහෙනම් මම මේ පැත්තට හරවනවා. 

දකුණු පසට වාහනය හරවන්නට සිගනල් දමමින් නිම්මි දෙස බැලුවේ  කේ. අයි. බී . අමතක වී ඇතැයි සිතමිණි.

"අනේ  ටක් ගාලා අර කඩේට ගිහින් එමුකෝ මෙයා. 

ඔයාලට කම්මැලියි නම් තාත්තයි පුතයි ජීප් එකට වෙලා ඉන්නකෝ  මම රෙදි බලලා එන්නම් "


ඔන්න ඔහේ  රෙදි කඩේටත් ගිහිල්ලම යනවා . 

කලින් ගියා කියලා ලෙනදොරත්  එක්ක මොනවා කතා කරන්නද ?  

මම වාහනය වමට හැරවුයෙමි .

"අන්න අර තියෙන්න මහා ලොකු කේ. අයි. බී .  එක.

 ඉක්මණට  ගිහින් එන්න ඕනේ හැබැයි.  එතන පැල වෙන්නේ නැතිව.

අම්මා ඉතින් කඩවල් වල ගියොත් පැල වෙනවනේ නේද සුපුන්? "

නිම්මි කඩයට යැවූ මම සුපුනුත්  ජීප් එකට වී සිටියෙමු.


සුපුරුදු  මුහුණක්  


රියදුරැ අසුන පිටුපසට කර එහි ඇලවූයෙමි. 

ඉදිරියෙන් ඇති තෙළුල්ල පාර මට පැහැදිළිව පෙනේ . 

නොයෙක් ආකාරයේ ගැහැණුන් හා මිනිසුන්  බස් වලින් බැස හෝ , ත්‍රී විල් වලින් හෝ තම පුද්ගලික වාහන වලින්  විත්  කේ. අයි. බී .  එක වෙත පිය මනිති.

මේ අතර කිසියම් හුරු පුරුදු බවක් ඇති කාන්තා රුවක් මට  ඉදිරියෙන් ඇති පාරේ කේ. අයි. බී .  එක දෙසට ඇදේ.

මම ඉදිරිපස වීදුරුව පහත් කලෙමි. 

උදේ තේ වත්ත හරහා රිය ධාවනය කරද්දී දුටු රුවට සමාන කමක් ඒ මුහුණෙන් දිස්වේ .


පැහැපත් රුව වසා ගත් තැඹිලි පැහැති සාරියකි.

එයට කැපෙන වර්ගයේ කළු පැහැති හැට්ටයක් හැඳ සිටි මේ ලලනාව මට සිහි ගැන්වුයේ   පාසැල් ගුරුවරියකි. 


එක් වරම ඒ හුරුපුරුදු මුහුණ  අප දෙසට හැරවූ ඈ පාර පැන  මගේ රියදුරු අසුන ළඟටම පැමිණියාය. 


"දෙය්යනේ  කවිඳු අය්යා දැක්ක කාලයක් .  

මම මේ අය්යා වාහනේ ඉන්නවා දැකලා  ආවේ . 

කෝ නෝනා පේන්න නැද්ද ?"

ඇය එක වරම මගේ වාහනය අස්සට එබුණාය . 

"කෝ අය්යා පුතා ? මම පුතා බලන්නත් හිතා ගෙනමයි මේ පැත්තට ආවේ "


" මම මේ කව්ද බැලුවා .  අපේ රත්නා ලාලනී නංගි නේ ?  

අක්කා ගියා  නංගි කේ. අයි. බී .  එකට . 

ඔය පිටිපස්සේ ඉන්නේ අපේ පෝරිසාදයා.

ඔයාට බලන්න ඕනෑ කිව්වේ එයානේ ඔන්න ඉන්නවා ඇති තරම් බලා ගන්න "

ඇය වාහනයේ පිටුපස දොර විවුර්ත කලේ සුපුන් හොඳ හැටි බලා ගන්නටය .

"ආනේ අය්යා කොල්ලා  ඔයා පොඩි කාලේ වගේමයි.  

පස්සේ කාලෙක කෙල්ලෝ පිස්සු වට්ටයිද දන්නේ නෑ ඔයා වගේම ? 

ජයංගනී මෙන් නොව ඇගේ අක්කා රත්නා ලාලනී හරි කටකාරය . 

මා මුල් කාලයේ  ලියු  බ්ලොග් සටහන් වල සඳහන් කල අයුරින්ම ඒ පවුලේ හැමෝම මට සමීපය.

 අක්කලා නංගිලා මෙන්ම එකම මල්ලී  ජානක ද  මට සැලකුවේ තමන්ගේම සහෝදරයෙකුට මෙනි.

ඒ ලෙන්ගතු කම නැවතත් මට හමුවී තිබේ.  

ඒ කේ. අයි. බී .  එකට අහම්බයෙන් පැමිණි මේ ගමන නිසාය. 

මම වහනයෙන් බැස ඈ හා දොඩමළු වුයෙමි. 

"ඔයා කොහේ යන ගමන්ද නංගි ?  "

"මමත් මේ කේ. අයි. බී .  එකට යන ගමන් අය්යා "

"චුට්ටක් ඉන්නකෝ  පුතත් එක්ක කතා කර කර " 

කියමින් මම වාහනයේ පිටුපසට ගියේ නිම්මිගේ තෑගි මල්ලක් විවුර්ත කාරනා අටියෙනි. 










නිල් පාට මල්ලක් තුල තිබු චොක්ලට් පොදිය වෙත ලංවූ මම එහි ඇති ලොකු ටෝබ්ලරෝන් එකක් ගෙන රත්නා ලාලනී අත තැබුවෙමි.

"ආ මේක ගන්න .  ලොකු තෑග්ගක් දෙන්න ඕනේ හරිනම් කවුද දන්නේ ඉතිං හම්බවෙයි කියලා?" 

චොක්ලට් එක අතට ගත් ඈ ටික වෙලාවක් එක එල්ලේ මගේ මුහුණ දෙස බලා සිටියාය .

"ඒක නෙවෙයි දැන් මේක දුන්නේ මටද ? නැත්නම් නංගිටද ? "

මම තරමක් අපහසුවට පත්වූයෙමි.

"හරි හරි ඉතිං දෙන්නම බෙදා ගන්නකෝ එහෙනම් "

අපහසුව ඇයට නොපෙන්වා කියාගෙන ගියෙමි.  මට හදිසියේම යමක් මතක් විය.

"ආ. ඒක නෙවෙයි . අපිට යන්න පුළුවන් වෙයිද නංගි බලන්න ? "

"මොකෝ බැරි යන්න . යන්න එයා සන්තෝෂ වෙයි ඔයා දැක්කම. ඇවිල්ල ඉන්න බව ආරංචි වෙලා ඇත්තේ"

රත්නා ලාලනී කතා කරන්නේ කිසි බරක් පතලක් නැති ගාණටය.  මෙයා ඒ කාලෙත් එහෙමනේ මම අපේ පාසැල් කාලය සිහි කළෙමි. 

"අය්ය එයා දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් . 

බයවෙන්න එපා ගිහිල්ලා කතා කරලා යන්න. 

ඒ මල්ලිත් හරි හොඳයි .  එයා බැංකුවක වැඩ කරන්නේ. අද ඉරිදා නිසා මල්ලිත් ගෙදර ඇති. 


හරි එහෙමනම් මම යනවා  අය්යා . දැක්කට සන්තෝෂයි . මම නංගිට කියන්නම් ඔයා හම්බවුණා කියලා .

යනවා පුතා. "


ඈ සුපුන්ටත් මටත් සමුදී කඩේ පඩිපෙළ නගින්නට විය.




යළිහමුවීම 




නිම්මි තවමත් එන පාටක් නැත. දැන් රත්නා ලලනිත් නිම්මිත් සිටින්නේ එකම  කඩයක් තුලයි.

සුපුනුත්  සමග මමත්  කේ. අයි. බී .  එක වෙත පියමැන්නෙමි . ඒ ලොකු සැලසුමක් හිතේ ඇතිවයි.

ඒ නිම්මි සමග රෙදි තෝරන අතරේ අහම්බෙන් මෙන් රත්නා ලාලනී මුණගැසීමත් , අනතුරුව ඇය හා නිම්මි එකිනෙකාට හඳුන්වා දීමත් යන අරමුණ  සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මයි.

හිතුවාටත් වඩා පහසුවෙන් සැලසුම සාර්ථක වුයේ නිම්මි සහ මා දුටු රත්නා ලාලනී නංගි අප දෙසට පිය මැනීමත් සමගයි.

"කොහොමද කවිඳු අය්යා ? මේ ඔයාගේ නෝනද? "

"ඔව් . ඔව් මේ  නිම්මි " මම ඇයට උත්තර දෙන අතරේ නිම්මිට රත්නා හඳුන්වා දුන්නෙමි.

"මෙයාගේ නංගි තමයි අර....   ...... "ජයංගනී කියන්නේ "  මම කියන්නටත් පෙර රත්නා ඉස්සර වුවාය .

"නංගි කොහෙද ඉන්නේ ? "

මම නොදන්නා ආකාරයෙන් රත්නා ගෙන් ඇසුවෙමි.

"එයාල ඉන්නේ මේ පාර අයිනෙමයි තව කිලෝ මිටර් 10 - 12ක් ඇති වැඩිම වුනොත් .

රත්නා ගෙන් සමුගත් අපි රෙදි බෑග් කිහිපයකුත් රැගෙන වාහනයට ආවෙමු.

ටෝබ්ලරෝන් දුන් කතාවක් නිම්මිට නොකියන්නට සුපුන් වග බලාගත්තේය.

"ඒක නෙවෙයි නිම්මි අපි අරහේ ගිහින් එමුද? "

"කොහෙද අනේ දැන් පරක්කු වෙනවා කියා කියා දැඟලුවා නේද?

දැන් ඔය කියන තැනට යන්න තව කිලෝ මීටර් ගානක් අනික් පැත්තට යන්නත් එපැයි."

"කමක් නෑ අම්මා ටක්ක  ගාල ගීහිල්ල එමු".

අලුත් තැනකට යන බව දැනගත් සුපුන්ද මගේ අදහසට පක්ෂව කතා කළේය.

වයස අවුරුදු එකොළහක් වුවත් කොල්ලා මගේම පුතෙක් බව නැවතත් සනාථ කළ තවත් අවස්ථාවකි.

"හා.. හා  එහෙනම් ගිහිල්ලා එමු.

මහා උන්දැලා  දැනගත්තනම් එහෙම හිනා වෙයි තවමත් පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්  බලන්න යනවා කියලා.






නිම්මිලා ගෙවල් පැත්තට ප්‍රති විරුද්ධ දිශාවට වාහනය පැදවූ මා අදාළ නිවස ඉදිරිපිට වාහනය නතර කළෙමි.

ඉදිරිපස දොරටුවට තට්ටු කරත්ම ජයංගනී ගේ සැමියා විත් අපට දොර හැර දුන්නේය .

එන්න ඇතුළට ඔහු අප ජයංගනී සිටි දෙසට රැගෙන ගියේය.

නිම්මිත් කිසි ගානක් නැතිව වට පිට බලමින් ජයන්ගනී සමගම කුස්සියට ගියාය.

"එන්න වාඩි වෙන්න . අපි තේ එකක් බොමු නේද ? "

නිම්මිත් මමත් තේ මේසයේ රැන්දුනෙමු

මේ අතර පුරුදු කාරයෙක් මෙන් නිවස තුලට දිව ගිය සුපුන් නිවසේ උඩ තට්ටුවටද ගොස් හමාරය.

නිම්මිටත් මටත් තේ හදන අතරේ දෙනෙතට දෙනෙතක් නිමේෂයකින් එකිනෙක ගැටී නැවතත් ඉවත් විය.

ඒ නිමේෂය   ඒ නෙත් පියවෙන  තෙක්ම  මතකයේ   රැඳෙනු නොඅනුමානය .






59 comments:

  1. WOW looking forward to the next episode, have a similar story to share.

    ReplyDelete
    Replies
    1. Thanks Ian .. Sorry I might have completed the last bit after you came.. please read it again

      Delete
  2. Replies
    1. ස්තුතියි ක. මි. ඔයාගේ රසිකාවියෝ මේ පැත්තේ එයි කියලා හිතනවා මේක කියවන්න.

      Delete
  3. මාත් එක්ක යාලුවෙලා හිටිය ඇය එක පාරටම සරසවි වරම් ලැබිලා ටිකකලකින් මාව නොහදුනන්නියක බවට පත්වුනා. කාලයා සරදම් කරනවා කියන්නේ ඉතාම මෑතකදී මට යලිත් ඇයව මුණගැසුණා මොරටුව සරසවිය තුලදීම. ඇයට සිදුවුනා මා ඉදිරිපිට මහපොල අත්සන් කරන්නට. අදටත් නොයෙක් විටදී රාජකාරී වලට ගියාම මුණගැසෙනවවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුසා .. "ජිවිත ගමනේදී කොතැනක දී හෝ අප යලි හමුවන දිනයේ "

      Delete
    2. දැන් එයා එනවා බලෙන් මාත් එක්ක කතා කරන්න මම ගණන්වත් ගන්නේ නෑ ඒකයි තියෙන ආතල් එක.
      මට හොදට මතකයි මහපොල අත්සන් කරද්දී අත්සන ගහගන්න බැරුව දැගලුවා එක පාරටම මාව දැක්කම නිකන් නෙවේ බැංකුවේ දෙවන නිලධාරියගේ පුටුවෙන් මම මතු උනාම

      Delete
    3. ස්තුතියි පුසා..//මට හොදට මතකයි මහපොල අත්සන් කරද්දී අත්සන ගහගන්න බැරුව දැගලුවා එක පාරටම මාව දැක්කම නිකන් නෙවේ බැංකුවේ දෙවන නිලධාරියගේ පුටුවෙන් මම මතු උනාම// ඕවා ඔහොම තමයි අටලෝ දහම.. අටලෝ දහමින් කම්පානොවිමයි අපි කරන්න ඕනේ.. අද අපි ඉන්නා තත්ත්වේ ගැන සතුටු වෙන ගමන් මේ වගේ සිද්ධි වලදී උප්කෙෂා සහගතව බලමු.. අපේ හිතට ඒ අය ගැන තරහක් නොඑන එකමයි වෙන්න ඕනේ.. ජයවේවා !!!

      Delete
    4. මෙහෙම වැඩක් මටත් උනා. මම කැම්පස් ඉන්නකොට යාලුවෙලා හිටිය කෙල්ලක් මාව අතඇරියා මට වැඩියේ සල්ලි තියෙන කෙනෙක් සෙට් වෙලා. ඒ කාලේ මගේ අතේ සතේ නෑ. මේකි වැඩ කලේ බෑන්ක් එකක. පස්සේ මම ජොබ් එක කරන කාලෙක බෑන්ක් එකට ගියාම මේකි ඉන්නවා. ලඟටම ගියාම දැක්කේ ආපහු හැරෙන්නත් බෑ. මම ලඟ තිබුනෙත් ඔෆිස් අයිඩිය. ඒකේ විස්තර දැකලා මේකි ටිකක අවුල්. පස්සේ මට මොබයිල් නම්බර් එකත් ලියලා දුන්නා. දැනුත් දැක්කාම හිනාව දානවා. මම සත පහකට ගණන් ගන්නේ නෑ.

      Delete
    5. ස්තුතියි අදහස් දැක්වීමට.. ටිකක් දුරින් ඉඳන් ගණන් ගන්නයි තිබුණේ. සල්ලි තිබ්බත් ඔයා හොඳ කෙනෙක් බව පෙන්වන්න.

      Delete
    6. මොකටද කවිඳු. ඊට පස්සේ ඒකි මගේ හොඳකමින් වෙන උදව් ගන්න බලයි. ඊට වැඩිය හොඳයි මනුස්සකම් තියෙන කෙනෙකුට උදව්වක් කරනවා.

      Delete
    7. ඇත්ත මම කිවුව කෙනා තාම පලමු වසරේ. බෝඩිමක් හොයන තැන ඉදලා ඔක්කොම කරලා දුන්නේ මම. එක පාරටම වෙච්ච දේ මට තාම නොවිසිදුනු ගැටලුවක්
      මම වැරුද්දක් කලානම් අතාරින්න හේතුව මම දැනගත යුතුය කියන ස්ථාවරයේ මම ඉන්නේ.
      අද වෙනකොටත් මගේ යාලුවෝ ඇය ගැන විස්තර කියනවා. දවසක යන්න ඕනේ මොකද උනේ කියලා දැන ගන්න. මෙන්න මේක ලිව්වේ එයාටමයි
      http://sudupoosa91.blogspot.com/2015/11/blog-post.html

      Delete
    8. ස්තුතියි දෙන්නටම . පුසාගේ පොස්ට් එක කියෙව්වා වගේ මතකයි. ආයිත් ගිහින් බලන්නම්..

      Delete
  4. කමෙන්ට්වලින් පේනවා මේ කොල්ලන්ගේ හැටි. යන යන තැන පරන පෙම්වතියෝ.

    //පස්සේ කාලෙක කෙල්ලෝ පිස්සු වට්ටයිද දන්නේ නෑ ඔයා වගේම ? //මේ ඇත්තමද? :D :D

    //නිම්මිටත් මටත් තේ හදන අතරේ දෙනෙතට දෙනෙතක් නිමේෂයකින් එකිනෙක ගැටී නැවතත් ඉවත් විය.//
    ලස්සන කතාවක්. මේ වගේ එක වාක්‍යයකින් මුලු කතාවක්ම කියලා. ටිකක් විතර දුක හිතුණා.

    ඔය වගේ කතාවක් ලියන්න කීවේ රසිකාවියෝ නේද? රසිකයෝ වෙන්න බෑ. :P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙඩුසා.. කතාව ඇත්ත .. යන යන තැන පරණ පෙම් කතා ( කෙල්ලන්ගේ වුනත් මෙහෙම කතා ඇති )

      //පස්සේ කාලෙක කෙල්ලෝ පිස්සු වට්ටයිද දන්නේ නෑ // මේක කිව්වේ රත්නාලලනි විතරක් නෙවෙයි .
      අපේ නිම්මි ( මගේ බිරිඳ ) දැනටත් සුපුන් ගැන කියන කතාවක් ගෙදරදී..

      Delete
    2. ////නිම්මිටත් මටත් තේ හදන අතරේ දෙනෙතට දෙනෙතක් නිමේෂයකින් එකිනෙක ගැටී නැවතත් ඉවත් විය.//
      ලස්සන කතාවක්. මේ වගේ එක වාක්‍යයකින් මුලු කතාවක්ම කියලා. ටිකක් විතර දුක හිතුණා.// මේක එක වැකියකින් කිව්වේ හිතා මතා මයි. මම මේක ලියද්දී අපේ ඇතිවුන හැඟීම් ඔයිට වඩා විස්තර කරානම් කට්ටිය අඬනවා... ඔය සීරිස් එක මගදී නැවති තිබුනෙත් මට වඩා කියවන අය තමන්ගේ අතීත කතා මතක් වී දුක් වුන නිසා..

      Delete
    3. //ය වගේ කතාවක් ලියන්න කීවේ රසිකාවියෝ නේද? රසිකයෝ වෙන්න බෑ. :P// හරියට හරි ඉල්ලපු රසිකාවියෝ සන්තෝෂෙන් ඇති අපි නැතිවට.. තවත් එකක් ගල් ගඩොල් , ආධාර පත්‍ර ගැනම ලියලා රසික රසිකාවියන්ට එපවෙයිදෝ කියලත් හිත හිතා හිටී වෙලාවකයි ඉල්ලීම් ආවේ

      Delete
  5. /* පස්සේ කාලෙක කෙල්ලෝ පිස්සු වට්ටයිද දන්නේ නෑ ඔයා වගේම ? */

    උන්මාද චිත්‍රසේන කෙනෙක් එහෙනම්?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික .. "උන්මාද සිතුවම් මැවී පෙනේ.. මිහිදුම් වලා ළඟ අතීතයේ..//"

      Delete
  6. මට නං ඕවාට ඒ පුංචි ලංකාවට යන්න අවශ්‍ය නෑ. නමුත් ඕස්ටේ‍ර්ලියාව ලොකු වීම ම තමයි ප්‍රශ්නය!

    ;-)

    ReplyDelete
    Replies
    1. //මට නං ඕවාට ඒ පුංචි ලංකාවට යන්න අවශ්‍ය නෑ. නමුත් ඕස්ටේ‍ර්ලියාව ලොකු වීම ම තමයි ප්‍රශ්නය!// ඔව් ඔව් වයසට යන්න යන්න ඔස්ට්‍රේලියාවත් හොඳ වෙනවා මොකද එහෙ හිටී ගොඩක් හිතවත්තු මෙහේනේ එතකොට

      Delete
  7. වර්ස්ට් ක්‍රෂ් එක වගේම පොඩි කාලේ ලව් අමතක කරන්න අමාරුයි. ටිකක් ලොකු වෙලා තිබුන ඒවා නම් තිබුනද කියලා මතකත් නෑ. කොහේ හරි දැක්කොත් තමයි මතක් වෙන්නේ. චොකලට් කියන්නේ බොහොම සෙක්සි කෑමක් කියලා හොයාගෙන තියෙනවා නේ දැන්.. විශේෂයෙන් බ්ලක් චොකලට්..

    ReplyDelete
    Replies
    1. //වර්ස්ට් ක්‍රෂ් එක වගේම පොඩි කාලේ ලව් අමතක කරන්න අමාරුයි. ටිකක් ලොකු වෙලා තිබුන ඒවා නම් තිබුනද කියලා මතකත් නෑ. කොහේ හරි දැක්කොත් තමයි මතක් වෙන්නේ// කතාව ඇත්ත. අපිට උනත් දැනෙන්නේ එහෙම තමයි. චොකලට් ගැන කතාවත් ඇත්ත තමයි පොඩි කාලේ නොදැනුවත්ව ඕවා හුවමාරු කරගත්තට චොක්ලට් ගැන එහෙම අදහසකුත් තියෙනවා නේද?

      Delete
  8. නමුත් ලංකාවේ බහුතර තත්වෙ ඕක නෙවෙයි. බිරින්දෑ එක්ක පරණ පෙම්වතිය බලන්න ගියොත් අහන්න වෙන්නේ
    "මේ සක්කර වට්ටමේ උජාරුව බලන්නද මාව ඇරං ආවෙ. අද යංකො ගෙදර. මං අල්ලන්න හොඳ අඩව්වක්"

    "හුහ්... මේකි එක්ක ආයි පටං ගත්තද. හිටු මං අඹරන්න ගුලිය"

    "අපෙයම්ම කියජ්ජිච් මේ මිඤිය එග්ග බග්ගාවෙ වෙව්ව වලල්ලල ඉහිග් ඉහිග්"

    ඒ අතින් යතාර්ථයට සිනහවෙන් සුහදව මුහුණ දුන් ඔබේ බිරිඳ ඉස්තරම්ය. ඒ වගේම ඔබ ඇගේ කනෙං රිංගූ ආකාරය මනරම්ය.

    මට නම් මතක්වෙන සින්දුව වෙනත් එකකි.

    "ප්‍රේම කතාවක චරිත දෙකක් අපි
    විරහ ගීතයක පේලි දෙකක්"

    ReplyDelete
    Replies
    1. ඕන් ඕකට තමයි කියන්නේ පන්ති පරතරය කියලා... නැතිව දුප්පත් කම පොහොසත් කම නෙමෙයි...

      Delete
    2. කට්ටියටම ස්තුතියි. අපි ලඟින් ආශ්‍රය කරන බොහෝ දෙනෙක් යථාර්තය හොඳින් හඳුනන අය වීම පහසුවක් ( ආදරණිය බිරිඳද ඇතුළුව) .. ලංකාවේ බහුතරේ පිරිමිනුත් ඔහොම නෙවෙයි. දුන්න පොඩි ඉඩෙන් පරණ පෙමව්තිය විතරක් නෙවෙයි අක්කා වුනත් වැරදි පාරකට ගන්නයි හදන්නේ.... වෙනස තියෙන්නේ අන්න එතනයි.. අපි දෙන්න තුන්දෙනාම ඇත්ත තේරුම ගත්ත අය වීම..

      Delete
    3. එහෙමත් නැත්නම් පරණ පෙම්වතියට මඩ ගහලා ඇගේ චරිතයත් පවුල් ජීවිතයත් විනාශ කරනවා තමන්ට ලැබෙන දෙයකුත් නැතිව... "මෙහි එන චරිත බහුතරයෙන් ඔබ්බට ගිය අය වීම වාසනාවක් !!)

      Delete
    4. සුරංගගේ ඔය සින්දුවත් මේකට ගැලපෙන එකක් තමයි.. මොනවා උනත් සියල්ල සතුටින් හමාර වී තිබෙන නිසා..

      Delete
    5. ස්තුතියි ප්‍රස් මේ පැත්තේ ආවට

      Delete
  9. හෙක්.. කවිඳුත් මාර වැඩ තමයි කරන්නෙ බලාගෙන ගියාම.
    සුරං කියල තියෙනව වගේම ඔබේ බිරිඳ මේ අවස්ථාවෙ හැසිරිච්ච ආකාරයනං මනරම්. හැක්..

    ඇයි අප්ප රටිං එන වැඩි හරියක් ඔය ටොබල‍රෝන් ම ගේන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඕක ඉතින් ඔය විදිහට උනා. ඊට පස්සේ අපි ඒ ගැන වැඩිය හොයන්න බලන්න ගියේ නෑ. ඔව් නිම්මි තමයි පස්සේ දවසක අපි එහෙ ගිය බව හිනාවෙවී අම්මලාට කිව්වේ.. මොකද ඉස්සර අපි අම්මලාට මාර බයයි.. ටෝබ්ල්රෝන් සහ කැඩ්බරි තමයි අපේ එක්කෙනා ගෙනියන්නේ

      Delete
  10. නඩු නෑ ඇප නෑ කෙලින්ම දවස් 21කට ඇතුලෙ. හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පත්තර මල්ලී.. ඔව් ඔව් නඩු ඇප මොකුත් නෑ ඇතුලෙම තමයි..

      Delete
  11. Replies
    1. මෙහෙ ආවට ස්තුතියි මෙතිල, "කියන්න වදන් නෑ. හැඟුම් සිතේ ගොළුවෙලා.."

      Delete
  12. "පරණ පෙම්" දෙකක් නැවත හමුවුනේ වයිෆ් එක්ක ඉන්න අවස්තාවලදීමයි. එකක් මෙහෙදි, එකක් එහෙදි. මේ සම්බන්ධකම් සියල්ල තුලම ඔවුනොවුන් එකිනෙකා හඳුනනවා. ඒ අය දැන් වැඩිමහල් දූ දරුවන් ඉන්නා උදවිය. චාරිත්‍රයක් ලෙස සිපගැනීමේදි...ප්‍රේමයෙන් මුසපත්ව කෙරූ සිප ගැනීම්...චිත්‍රපටයක් සේ මැවී පෙනුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ .. කාලෙකට පස්සේ කමෙන්ට් එකක් දැක්කේ.. ඔහොම අතීතයට යන කට්ටිය කොච්චරනම් ඇද්ද? මේ ජයංගනී , මගේ ප්‍රේමය හරි ලාමක , අහිංසක විදිහට ගිය එකක් අවුරුදු 5-6 ගියත් කිසිම දවසක සිප වැළඳගෙන නෑ කිව්වම??? අපි හරි පොඩි ළමයි ඒ කාලේ ..වයසින් විසිගණන් වල හිටියට..

      Delete
  13. නෝන බ්ලොග් එක කියවන්නෙ නැද්ද හැබෑට??

    ReplyDelete
    Replies
    1. කියවනවා ඇති එහෙත් අපි ඒ ගැන සාකච්චා කරන්නේ නෑ.. එයා බලවත් බ්ලොග් රසිකයෙක් නෙවෙයි

      Delete
  14. ඔය ෙපර වැරදි හරි භයානකයි බං.......

    ReplyDelete
    Replies
    1. // ඔය පෙර "වැරදි" හරි භයානකයි // මල්ලි හරි මල්ලී

      Delete
  15. ///නිම්මිටත් මටත් තේ හදන අතරේ දෙනෙතට දෙනෙතක් නිමේෂයකින් එකිනෙක ගැටී නැවතත් ඉවත් විය.//

    මේ ටික නම් පපුවට හීනියට පිහියෙන් ඇන්නා රිදුමක් ආවා...ඔයිට වඩා වචන ඕනේ නැහැ...ඒ වචන ටික හොඳටෝම ඇති...

    මේ කතාව කියවපුවම මට මතක් වුනා සත්‍ය සිදුවීමක්...එක් විවාහක තරුණයෙක් දරුවයි තමන්ගේ ගර්භණි බිරිඳයි එක්ක, තමන්ගේ පැරණි පෙම්වතියගේ ගෙදරට අහම්බෙන් දවසක ගොඩ වදිනවා...පැරණි පෙම්වතිය ඒ වෙද්දී අවිවාහකයි...ඔහු බොහොම සංවේදී මනුස්සයෙක්...ගෙදරට ගොඩ වැදිලා ටික වෙලාවකින් ඔහුගේ වම් අත දිගේ කැක්කුමක් පටන් ගන්නවා...එය කිසිම වේදනා නාශකයකට අඩු වෙන්නේ නැහැ...ඔහුගේ බිරිඳ අනුමාන කරනවා ඔහු ඊට කලින් දවසේ දරුවා ඔසවාගෙන බසයක ආ නිසා එසේ වන බව ඔහුගේ බිරිඳට රිය පදවන්න නොහැකි නිසා ආපසු යද්දී රිය පදවාගෙන යන්නෙත් ඔහුමයි...ඔවුන් යන්නේ කොළඹ ඇති පුද්ගලික රෝහලකට...ඔබ විශ්වාස කරන්න ඒ ඇතුල් කරපු ගමන් මේ තරුණයා බයිපාස් සැත්කමකට මුහුණ දීල තමයි තමන්ගේ ජීවිතය බේරා ගන්නේ...

    කතාවේ හොඳම හරිය ඒක නෙවෙයි...ඔවුන්ගේ සම්බන්ධය අවසන් කලායින් පසුව, ඔහු එදා පැරණි පෙම්වතියගේ නිවසට එනතෙක්, ඔවුන් දෙදෙනා හමුවී හෝ කතා බහ කර නැහැ ... නමුත් ඔහුගේ කවුරුන් හෝ නම නොකියූ හිතවතෙක් පැරණි පෙම්වතියට දුරකථන අංකය සොයාගෙන බොහොම අසභ්‍ය විදියට දොස් කියනවා මේ සිද්ධියෙන් පසුව...ඇයට චෝදනා කරනවා මේ තරුණයව ඇයි තමන්ගේ නිවසට එන්න දුන්නේ කියා...මේක නිකම් සිනමා තිර කතාවක් වගේ...හදිසියේ මේ තරුණයාට තමන්ගේ පැරණි පෙම්වතියගේ නිවසේදී අනතුරක් වුනා නම්, කෙලවර වෙන්නේ පොලිසියෙන් හෝ උසාවියෙන්...

    අප වඩා දුර දිග නොහිතා සමහර වෙලාවට අප හැඟීම් වලින් ගන්නා තීරණ වල බොහොම නරක ප්‍රථිපල ලැබෙන්න පුළුවනි...සමහර වෙලාවට මේ වගේ දේවල් අනවශ්‍ය කරදර වලට අත වැනීමක්...

    ප්‍රේමය කියන්නේ වෙලාවකට මායාවක් කවිඳු...ඔය වගේ දැන හැඳුනුම්කම් දිගට පවත්වා ගන්න ලොකු අවබෝධයක් අවශ්‍යයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොකුරු ඔබේ කමෙන්ටුවට .. //අප වඩා දුර දිග නොහිතා සමහර වෙලාවට අප හැඟීම් වලින් ගන්නා තීරණ වල බොහොම නරක ප්‍රථිපල ලැබෙන්න පුළුවනි...සමහර වෙලාවට මේ වගේ දේවල් අනවශ්‍ය කරදර වලට අත වැනීමක්...

      ප්‍රේමය කියන්නේ වෙලාවකට මායාවක් කවිඳු...ඔය වගේ දැන හැඳුනුම්කම් දිගට පවත්වා ගන්න ලොකු අවබෝධයක් අවශ්‍යයි...// හරියට හරි අපි හොඳ හිතින් වැඩ කලත් තව කෙනෙක් මේකේ වැරදි කොනක් අල්ලා ගන්න පුළුවන්. නැවත හමුවීම් සිදු වුණේ නෑ. වෙන එකකුත් නෑ..

      Delete
  16. මමත් මේ වගේ ටිකක් ලඟින් යන නැවත හමුවීමක් ගැන ලිව්ව කවිඳු.. ටික දවසකින් කියවන්න පුලුවන් වේවි..රට විතරක් නෙමේ මේ ලොකේත් හරි පුංචියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කියවමු ..කියවමු ඉදිරියේදී..ඔව් ඔව් රට විතරක් නෙවෙයි ලෝකෙත් පුංචියි දැන් නම්

      Delete
  17. මමත් ෆේස්බුක් ගිහිල්ලා අන්තිමට මම යාලු වෙලා හිටිය කෙල්ලන්ගේ පේජ් වලටත් පොඩ්ඩක් රිංගනවා. කොහොම අමතක කරන්නද ඕව. හැබැයි රික්වෙස්ට් දාන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. නුවණට හුරු වැඩේ රික්වෙස්ට් නොදාන එක මම කිව්වේ

      Delete
  18. Replies
    1. ස්තුතියි මද්දා.. කේස් ක්ලොස්ඩ් ....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  19. ''අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොව කාට හෝ උරුමැ'ති
    සතුටින්ද නුඹ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වතී....''
    දිවුල්ගනේගේ ගීතය මතක් වුණා ඔබේ සටහන කියවද්දි.
    අවුරුදු විස්සකට පස්සෙත් මම තාමත් හොයන අැස් දෙකක් තිබෙනවා. ටියුෂන් පංති අතරේ මගේ මතකයන් අතරමං වෙනවා, නගරයේ අැවිද යනවිට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. //අවුරුදු විස්සකට පස්සෙත් මම තාමත් හොයන අැස් දෙකක් තිබෙනවා. ටියුෂන් පංති අතරේ මගේ මතකයන් අතරමං වෙනවා, නගරයේ අැවිද යනවිට.// මෙහෙම කතා කාටත් තියෙනවා. ලියන්න කියන්න සමහරු බයයි වර්තමාන පෙම්වතිය/බිරිඳ/ සැමියා/පෙම්වතා කලබල වෙයි කියලා..

      Delete
  20. කවදක හරි ඔය වගේ හම්බවෙන්න කෙනෙක්ව හොයනවා.ඇත්තටම එතන සම්බන්ධයක් තිබිලත් නෙමෙයි.'කිති කැවුනා' කියල ගස්ලබ්බ ලියල තියෙන්නෙ ඒ කතාවමයි.ඒත් තාම හමු උනේ නෑ.ඔබ කතාව කියපු වියලි ස්වභාවය හොඳට ගැලපෙනවා.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. ඔහොම යනකොට හම්බවෙයි. මට "කිතිකැවුනා '' කියෙව්වා මතකයි. ජයවේවා!! අර ගෙදර වැඩ කොහොමද? අපි නම් රංජිත් ලා ගෙදර කපරාරු කරනවා අද 01/11/2016 ඉඳන් ..

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. කතාව කියවද්දි මටනම් හිතෙන්නේ නිම්මි කියන්නේ ගොඩක් උගත් පටු අදහස් නැති පොහොසත් කෙනෙක් කියලයි. නැත්නම් තමන්ගේ සැමියගේ පළමු පෙම්වතිය බලන්ඩ යයිද? :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තේජා... ඔව් එයා ගොඩක් ඒ වගේ තමයි. ඒ ගමන එයාට ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ . අපි ඒක විහිළුවෙන්ම අමතක කරලා දැම්මා. නිම්මි වුණත් කිව්වේ "පව් ඒ ළමයා කියලා තමයි අන්තිමට "
      පටු අදහස් ඇති කෙනක් නම් මේ මම වගේ කෙනෙක් එක්ක ඉන්නත් අමාරුයි . පටු අදහස් ඇති අය "කොච්චර සමීප පවුලේ හිතවතුන් වුනත්" මගේ ගණුදෙනු ගොඩක් අඩු වෙනවා එහෙම අයත් එක්ක..

      Delete