Follow by Email

Monday, 7 November 2016

මාතේ ළමෝ


සිසිර සේනාරත්න ගයන ජනප්‍රිය ගීයක මුල්ම වචන පෙළ කියවෙන්නේ "පිදුරුෙ සෙවි කල පැල්පතේ ඇති" යනුවෙන් .

මට මේ ගීතය මුලින්ම ඇසුණේ  ගුවන්පා විදුලියෙන් නොව පාසැල්  සමයේ අරලගංවිල නගරයේදී සිටිද්දී .

ගායකයා  කළු කෙසඟ සිරුරක් ඇති යාචකයෙක් . දවසක් මේ යාචක තෙමේ හතරේ  පංතියේ ළමුන් ලෙස චමින්ද මම ඇතුළු  අපේ කල්ලිය ඉන්නා  බසයට ගොඩවුණා.

අහිංසක ලෙස දකුණු කම්මුල මත තම අත්ල තබා ගත් ඔහු ගීතයක් ගයන්නට පටන් ගත්තා .

"පිදුරු සෙවි කල පැල්පතේ ඇති සාමේ නැත මහා මන්දිරේ

මහා පාරේ ගෙවී යයි මේ මාගේ අහිංසක ජිවිතේ."


අද අරලගංවිල නගරයේදී කුඩා කල අප දුටු යාචකයින් පිළිබඳව කතා කල යුතු යැයි සිතුණා.

මේ කාලයේදීම  අප ගමන් කල පාසැල් බස් වලටත්  බසය එනතෙක් අප රැඳී සිටි බස් නැවතුම්පොලටත්  එන තවත් හිඟන්නෙක් සිටියා.




 ඒඅවුරුදු හැත්තෑවක් -අසුවක් පමණ වූ සීයා කෙනෙක් .

 ඒ සියා හිඟමනේ එන්නේ  වකුටු කොට ගත් තම දකුණත බසයේ සිටින මිනිසුන්ට දිගු කරනා අතරේ

' මාතේලාමො... නෝනා මාතේලා මො."

කියමින්.

මා සිතනා පරිදි ඒ සියා ඉන් අදහස් කලේ

"මහත්තයලා මොකුත් දෙන්න .. නෝනා මහත්තයලා මොකුත් දෙන්න යන්න විය යුතුයි.

ඒ කාලේ තනි තනි යාචකයින් වගේම යාචක පවුල් කිහිපයක් ද අපේ නගරයේ ජිවත් වුණා .

එවන් එක්  පවුලක අම්මා තාත්තා සහ අය්යලා දෙන්නෙක් හිටියා .

ඒ අය්යලා දෙන්නා පසුකලෙක අරලගන්විල නගරයේ ස්වීප් ටිකට් විකුණුවා මට මතකයි.

ඒ දිනවලම ඒ පවුලට තවත් කුඩා ගැහැණු දැරිවියක් එකතු වී සිටියා . මේ අය ජිවත් වුණේ අරලගන්විල  සිංහගිරි හෝටලයට යාබදව මහා පාර අයිනෙමයි.

අපි ගමට එන්නට 320 බසයක් වෙත යායුතු වන්නේ මේ යාචක පවුල පසු කරමින්.

අප හතරේ -පහේ සිටි ඒ කාලයේ අපේ බාලම නංගි නිම්මි අවුරුදු තුනක පමණ සිඟිති දැරිවියක්

ඇයට ගෙදරට කියන නම ලෙස අපේ අම්මා සහ අක්කලා යෝජනා කර තිබුණේ "සිඟිති " කියන නමයි.

අම්මා  අක්කා සහ මම දවසක්  මේ යාචක පවුල පසු කර ගමන් කරමින් සිටියා .

එක් වරම සිඟිති , සිඟිති කියමින් යමෙකු හුරතල් කරන හඬක් ඒ යාචක පවුල දෙසින් ඇසුණා.

ඒ අය්යලා සහ අම්මා එකතු වී සිගිති යැයි කියමින් සුරතල් කලේ ඔවුන්ගේ පවුලට අළුතින් එකතු වී සිටි සාමාජිකවයි.

එය ඇසුණු අපේ අම්මා හොඳටම කලබල වූ බවක් පෙනුණා .

"දැක්කද ඒ හිඟන කෙල්ලට කතා කරන්නේ සිඟිති කියලා .

අපි අදම පොඩි නංගිගේ නම වෙනස් කරන්න ඕනේ.



එදා ගෙදර පැමිණි පසු පොඩි නංගිට ගෙදරට තැබිය යුතු අලුත් නම් කිහිපයක්ම සාකච්චාවට  ගැනුණා.

ඒ වෙලාවේ පල්ලැහැ ගෙදර මැණිකෙත් අපේ ගෙදර ඇවිත් හිටියා මතකයි.

"බලපන්කො මැණිකේ අර සිංහගිරිය ළඟ ඉන්න හිඟන පවුලේ අලුත උපන් කෙල්ලට දාලා තියෙන්නෙත් සිඟිති කියලානේ .

අපි සිඟිතිට අළුත් නමක් තියන්න ඕනේ.

ඒ අනුව අපේ අක්කා , මම මෙන්ම පල්ලැහැ ගෙදර මැණිකෙත් අපේ සිඟිතිට කිවයුතු අලුත් නම් යෝජනා කළා .

ඒ  යෝජනා අතර වූ එක් යෝජනාවක් වුයේ පල්ලැහැ ගෙදර මැණිකේ ( ජේන් අක්කගේ දුව) ගෙනා  නිම්මි කියන නමයි.

නැන්දා අපි පොඩි නංගිට නිම්මි කියලයි ලොකු නංගිට දම්මි කියලයි දාමු.

අර සිත්තර පත්තරේ "හිතට වහල් වීම " කියන කතාවේ ඉන්න කෙල්ලෝ  දෙන්නගේ නම් දෙක වගේ.

ඒ අනුව සිඟිති යන නම වෙනුවට අපේ පොඩි නංගි නිම්මි ලෙස හඳුන්වන්නට පටන් ගැනුණා.

අදටත් අපේ ගමේ බොහෝ දෙනෙක් ඈ අමතන්නේ ඒ නමින්.

සිඟන කෙල්ලකට "සිඟිති " යැයි කියූ නිසා අපේ නංගිට  තබා තිබු සිඟිති යන නම  නිම්මි ලෙස වෙනස් වුණේ අන්න ඒ ආකාරයටයි.



40 comments:

  1. අතුරු කතා බොහෝ ඇත... සිතෙහි තබාගෙන නිහඬව සිටිමි...

    ReplyDelete
    Replies
    1. /////අතුරු කතා බොහෝ ඇත... සිතෙහි තබාගෙන නිහඬව සිටිමි.../////

      ඇත්තටම මාතා කියනවා වගේ මාත් නිහඬ වෙනවා. මා දන්නා මගේ මිතුරන් දෙදෙනෙක් යාචක තත්වයට පත්වුනා. කෙනෙක් එයින් නොනැවති නුගේගොඩ බෝ ගහ යට පාදඩයෙක් බවට පත්වුනා.මතකයන් ඇවිස්සෙනවා. අනිකා උපතින්ම තිබු ශාරීරික ආබාධය කුඩු ගැසීම නම් මහා කරුමය ඉදිරියේ හිඟන්නෙක්, යාචකයෙක් කරා.

      නිහඬ වෙනවා කිව්වට හිතේ තියෙන යමක් ලියවුනා.

      Delete
    2. උඹල දෙන්න ලොකු අසාධාරණයක් කරන්නේ...
      හිතේ තියෙන මගුල් ලියහල්ලා...

      Delete
    3. හිතේ තියා ගෙන ලතවෙවී ඉන්නේ නැතිව ලියලා දාමු ඔන්න ඔහේ .

      Delete
    4. //උඹල දෙන්න ලොකු අසාධාරණයක් කරන්නේ...
      හිතේ තියෙන මගුල් ලියහල්ලා...// X 2

      Delete
    5. //උඹල දෙන්න ලොකු අසාධාරණයක් කරන්නේ...
      හිතේ තියෙන මගුල් ලියහල්ලා...// X 4

      Delete
  2. මාතෘකාව දැක්කම මම හිතුව මාතෙගෙ ළමයි ගැන ලියනව කියල හැක්.

    ReplyDelete
    Replies
    1. මිස්ලිඩින් මාතෘකා දාන එකත් එක ක්‍රමයක් නේ හෙහ් හෙහ්..

      Delete
    2. ගෙදර නම් ඉන්නේ එකාලු

      Delete
    3. වෙන තැන්වල ඉන්න ගාන හොයන්නේ කොහොමෙයි??

      Delete
  3. /අර සිත්තර පත්තරේ "හිතට වහල් වීම " කියන කතාවේ ඉන්න යාලුවෝ දෙන්නගේ නම් දෙක වගේ./

    සිත්තරේ "හිතට වහල් වීමි" කතාවෙ දම්මියි නිම්මියි කියන්නෙ යාළුවො දෙන්නෙක් නෙවෙයි... නිවුන් සොහොයුරියෝ....:)

    ReplyDelete
    Replies
    1. ඒකේ බයිස්කෝප් එකේ
      නිම්මි = මාලනී F,
      ධම්මි = චන්ද්‍රිකා B
      නේද?

      Delete
    2. ඒකේ බයිස්කෝප් එකේ
      නිම්මි = මාලනී F,
      ධම්මි = චන්ද්‍රිකා B
      නේද?

      Delete
    3. ස්තුතියි රවී. මම එච්චචරම සිත්තර රසිකයෙක් නෙවෙයි ඒ කාලේ කියලා තේරෙනවා නේද දැන්? හරි ඒ වාක්‍ය හැදුවා ඔන්න. මේක ඉතින් අවුරුදු තිස් ගානක් පරණ මත්කයක්නේ හි. හි. ඔය කාලෙම ජනක සහ මංජු කියලා චිත්‍ර පටියක් ආවා අර ලෝකේ ජිවත් වන්නට ලස්සන ඕනෑ වේ... කියන සිංදුව එහෙම තියෙන මැණිකෙයි අපේ අම්මයි දවසක් ඒ ගැන ගජරාමෙට කතාව.. "නේද නැන්දා .අපරාදේ මංජු ජනකට එහෙම කලේ " මැණිකේ කියනවා. 'ඒකනේ බන් මොනවා වුනත් කොල්ලෙක්නේ? " අම්මා කියනවා ඔන්න පුංචි මන් ඒ කතාව මැද්දට පනිනවා. "කවුද මැණිකේ ජනක සහ මංජු කියන්නේ? " මැණිකේ පොඩ්ඩක් ලජ්ජාවෙන් ඇඹරිලා අම්ම දිහා බලලා මෙහෙම කියනවා "නේද නැන්දා ජනක කියන්නේ කොල්ලෙකුට මංජු කියන්නේ බල්ලෙකුට "

      Delete
    4. ස්තුතියි රසික.. //ඒකේ බයිස්කෝප් එකේ
      නිම්මි = මාලනී F,
      ධම්මි = චන්ද්‍රිකා B
      නේද?//මම බයිස්කෝප් එක ගැන නම් දන්නේ නෑ.

      Delete
  4. යාචකයකු ගැන මගේ හිතේ තියෙන සුන්දරම මතකය තමයි මාසෙකට වතාවක් විතර අපේ ගෙදරට එන සීයා, ඒ වෙනකොටත් වයස අවුරුදු 80 ක් විතර ඇති...
    ඉරි ඉරි සරමක් ඇඳලා තව සරම් රෙද්දකින් මහපු ඔලොගුවක් අරගෙන, ගෙවල් වලින් ලැබෙන බඩු මුට්ටු දා ගන්නේ ඒ ඔලොගුවේ...
    පුදුමාකාර අහිංසක පෙනුමක් තිබ්බ මනුස්සයෙක්...
    අපේ අම්මට හාමිනේ කියාගෙන තමයි එන්නේ, අපේ ගෙදරින් අනිවාර්යයෙන් බත් දෙනවා ඒ සීයට...
    ඊට පස්සේ අම්මා හාල්, පරිප්පු සහ තව වියළි අහාර ද්‍රව්‍ය මොනාහරි එක්ක සල්ලි කීයක් හරිත් දෙනවා...
    ඒ සීය ඒ දවස් වල එයාගේ කතාව අපි එක්ක කියල තියෙනවා...
    එයා ඒ වෙද්දී හිඟා කාල ළමයි උස් මහත් කරලා කසාද එහෙම බන්දල දීල ඉවරයි කිව්වා...
    තට්ටු දෙකේ ගෙදරකුත් හදල තියෙන්නේ කියල කිව්වා, මම මේ කියන්නේ 80 ගණන් වල අග සහ 90 ගණන් වල මුල...
    මම දැන් හිඟා කන්න එන්නේ ළමයින්ගේ අකමැත්ත පිට, මට මේ පුරුද්ද අත අරින්න බැරි නිසා තමයි එන්නේ කියලත් කියල තියෙනවා...
    ඒ විස්තර දැන ගත්තත් අපේ ගෙදරින් ඔහුට පෙර පරිදිම සැළකුවා...
    අන්තිම වතාවට ඔහු අපේ ගෙදරට එනකොට හොඳටම දුබලයි, හැරමිට්ට ඇණ ඇණ අපේ ගෙදරට ආවේ බොහොම අපහසුවෙන්...
    එතනින් පස්සේ ඒ සීයා ආවේ නැහැ, ඔහු මියගිය බවට ආරංචියක් ලැබුනා කාගෙන් හෝ...

    මේ විදිහටම ළමයි ලොකු මහත් කරලා ඒ අය රස්සා කරද්දී පුරුද්දට තමන්ගේ රස්සාව කල කෙනෙක් තමයි අපේ ගමට හිටපු රෙදි නැන්දා...
    එයත් එකතැන් වෙනකල්ම ළමයින්ගේ විරෝධතාවය නොතකා රෙදි නැන්දගේ රස්සාව කලා...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා කියන්නා වගේ සියා කෙනෙක් වත්තේ ලැයිමේ ඉඳලා අපේ ගෙවල් වලට ආවා ඉස්සර කෑම ඉල්ලාගෙන .අහල පහළ අය ගොමගොඩයා කියලා නමකින් තමයි ඒ සීය හැන්දින්වුවේ .. මම හිතන්නේ ගම "ගමගොඩ " වෙන්න ඕනේ.

      Delete
    2. බැලුවහම ලොකුපුතා ලඟත් හොඳ යාචක කතාවක් තිබිලනේ ? ජයවේවා !!!

      Delete
  5. දැන්නම් හිතෙනව අපිද හිගන්නො උන්ද හිගන්නො කියල.

    ReplyDelete
    Replies
    1. //දැන්නම් හිතෙනව අපිද හිගන්නො උන්ද හිගන්නො කියල.// ඔව් ඔව් එහෙමත් හිතෙන වෙලාවල් තියෙනවා. අපි මෙහෙම කියමු " මහරජ, උන්ද , අපිද සැවොම හිඟන්නෝ වෙමු . මුදලින් හෝ සමහර විට ගති ගුණ අතින්" හි. හි.. ජයවේවා !!!

      Delete
    2. වෙන්න පුලුවන්.

      මෙහෙම ගානක් දැක්ක කොහෙහරි

      බස් එක්කින් රු 10.00 ගානෙ 5 දෙනයි
      පැය 1 කට බස් 5යි (මම හිතන විදියට පැයට 5ක් බෑ 3ක් දාමු)
      දවසට පැය 8යි.
      මාසෙට දවස් 26ක් දාමු.

      (බස් එක්කින් ලැබෙන්නෙ 50? ද?,දවසට පැය කීයක් වැඩද? දවසට සාමාන්‍ය කම්කරුවෙක්ගෙ ආදායම කී්‍යද?

      Delete
    3. කතාව ඇත්ත මද්දා. එක රැකියාවක් කරලා මදී දැන් ලංකාවේ ජිවත් වෙන්න තව අතිරේක අදායම් මාර්ග දෙකක් වත් ඕනා. අපේ පළාත්වල අයනම් බොහෝ දෙනෙක් රැකියාවට අමතරව එළවළු වගා කරනවා.

      Delete
    4. මද්දත් මේ දවස් වල අතිරේක ආදායම් මාර්ගයක් ගැන අවදානය යොමු කරගෙන ඉන්නෙ තාම අධ්‍යයනය කරන් යනව.

      Delete
    5. නියමයි මද්දා.. මට හමුවුණු නියම අතිරේක රැකියාවක් කල ව්‍යිදය ශිෂ්‍යයෙක් ගැන කතාවක් තියෙනවා . ලියන්න ඕනේ වෙලාවක ..ජයවේවා !!!

      Delete
    6. ලියන්න ලියන්න බලන් ඉන්නව අපි.

      කාර් දොස්තර වගේ ද?

      Delete
    7. බලමුකෝ ලියවෙනකොට ඊට වඩා රසවත් එකක්..

      Delete
  6. ලංකාවේ හිඟන්නෝ කොටස් දෙකයි. කට්ටියක් නියම හිඟන්නෝ. උන් අපිට වඩා හොඳට ජීවත් වෙනවා. අනිත් කොටස නම්බුකාර හිඟන්නෝ. මේ අපි වගේ උන්.

    ReplyDelete
    Replies
    1. මල්ලී හරි මල්ලී , තල කුරහන් අල දෙල් කොස් හේන් පිටින් පාළුවෙලා තියෙද්දී එහෙම නොවී තියෙයිද? මොකද කියන්නේ කුරහන් හේනක් වත් වවමුද ??

      Delete
    2. කුරහන් හේනක් වවලා මේ කපේදි ගොඩ යන්න බෑ බං. වවනවා නම් අඩුම ගංජා හේනක්වත් වවලා ගොඩ යන්න පුලුවන්.

      Delete
    3. සල්ලි හොයන "කෙටික්‍රම " නම් තියෙනවා ගංජා වැවීම, කසිප්පු පෙරීම වගේ ඒ වුනාට ඒවා පාවිච්චි කරන අයට සහ ඔවුන්ගේ දරූ පවුල් වලට යන කලදසාව ගැන හිතලා බැලුවොත් එහෙම දේවල් කරන්න හිතෙන්නේ නෑ නේද??

      Delete
  7. බාලදක්ශ වැඩ සතිය, කැට කැම්පේන්, බුක්මාක් කැම්පේන්, කෝච්චියේ සිංදු කැම්පේන් අනන් මනං වලට සක්‍රීයව දායක වෙලා තියන නිසා ඔය 'රැකියාව' යන රටාව ගැන දල අදහසක් තියනවා.වැඩේ තියෙන්නෙ වෘත්තීයමය හිඟන්නො කියන්නෙත් පඩියට වැඩ කරන සෙට් එකක් විතරයි.මැර කම නැතුව ක්ශේත්‍රයේ රැඳෙන්න අමාරුයි.හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය ගැන ඊයේත් මම නිකං ඉන්න ගමන් මගෙ යාලුවෙක් එක්ක කතාකර්‍රා. ඒ ඉන්දියාව ගැන. ඒක ලොකු මාෆියා එකක්. මාර වැඩේ කියන්නේ පොහොට්ටුලා ඒකත් එට්කා එකට සම්බන්ද කරලා හිඟන පා ගමනක් වත් යැයිද....පාජරක්ෂ ගුලි. මෙන්ම වික්‍රමසිංහ ගුලිද සෙමින් වැලඳිය යුතුය. එක වර ගිල්ලොත් නවතින්නේ අන්දරේලා වීමෙන්ය.

      ඇයි මං මේක ගස්ලබ්බට කිව්වේ ඌ පොහොට්ටුවක් නෙමේනේ.

      Delete
    2. ඇයි අපිත් වෙද විදුහලේ "දුප්පත් සිසුන්ට" / (මේ අය දැන් දුප්පතුන් දිහා හැරිලා වත් බලන්නේ නෑ.) ශිෂ්‍යත්ව දෙන්න ටිකට් විකුණා විකුණා ගාල්ලේ හැමතැනම ගියා . තව සමරු කලාප වලට අපේ පළාතෙන් සල්ලි එකතු කරන්න ගිහින් හොඳ හොඳ කතා අහගත්තා. මෙන්න මේ පොස්ට් එකේ ඒ වැඩේ ගැන විස්තර ටිකක් තියෙනවා. http://helmalu.blogspot.com.au/2015/12/blog-post_18.html

      Delete
  8. //ඇයි මං මේක ගස්ලබ්බට කිව්වේ ඌ පොහොට්ටුවක් නෙමේනේ.//
    අන්න ඒකනෙ... කොහෙවත් තොප්පි ඇවිත් මගෙ ඔලුවෙ හිරවෙන එක මේ දවස් වල නෝමල්.. අන්න අජිත් අයියත් තොප්පියක් දාගෙන මල පැනලා.. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා බන්.....තොප්පිය කියන්නේ හිසට ආරක්ශාවක්.....

      Delete
  9. හිඟන්නො කියල උංට වෙනම නං දාන්න ඕනද.
    මාත් මාතෘකාව දැක්ක හැටිය හිතුවෙ මාතලංට මොකක් හරි සම්බන්ධ දෙයක් කියල. හැක්..

    ReplyDelete
  10. ස්තුතියි ප්‍රස්.. එකනේ කියන්නේ හිඟන්නනටත් තියෙන්නේ අපේ නම් ම තමයි. මාතේ ල මො .. නෝනා මාතේල මො.. හි හි

    ReplyDelete
  11. සිඟිතිලා දෙන්නා පව්. දැන් නංගියි, නෝනයි ඉන්න තැන නිම්මි කියන කොට දෙන්නම දුවගෙන එනවද? :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙඩුසා .. ඔව් දෙන්නම නිම්මිලා නේ

      Delete
    2. ඒ යාචක පවුලේ "සිඟිති" ලොකුවෙලා නගර ශෝභිනියක් බවට පත්වුණා මම හිතන්නේ .

      Delete