Follow by Email

Thursday, 8 December 2016

ඇතුළෙන් ඉළියට ( රංජිත් රාජපක්ෂ පවුල අඳුරෙන් එළියට එන හැටි )

රංජිත් රාජපක්ෂගේ නිවස අපට හමුවන විට 

මේ තියෙන්නේ අපේ  වර්තමාන  සමාජ සත්කාරය වන රංජිත් රාජපක්ෂගේ නිවසයි.

මේ තත්වයෙන් අවුරුදු ගණනාවක් තිබු රංජිත්ගේ  නිවස  මේ වෙනකොට සෑහෙන රූපාන්තරණයකට ලක්වී අවසන්.

ඒ  අපේ  බ්ලොග් කියවන හිතවතුන්  සහ හිතවතියන් පිරිසක්  එකතු වී කල උදව් උපකාර වල ප්‍රතිඵලයක් වශයෙනි.

ඉහත චායාරුපය ඇතුළු තවත් චායාරුප සමුහයක් සහිතව මා මුලින්ම පලකළ බ්ලොග් පොස්ට් එක ඔබට මතක ඇති.

රංජිත්ලා අපි සම වයසේ ගමේ සිටි කාලය සහ  බද්දට ගත් රංජිත් ලා  කුඹුරේ  අම්මාත් මමත් එළවළු හැදු හැටිද මම එහි සඳහන් කලෙමි.

ඒ බ්ලොග් පොස්ටුවට ප්‍රතිචාර දැක්වූ අපේ හිතවතුන් රංජිත්ගේ නිවස මේ තත්ත්වයට ගෙනෙන්නට තම දායකත්වය සැපයුහ .

රංජිත්ගේ නිවස  බිත්ති ඔසවා වහලය ගැසීමෙන් පසු 

වහළය ගැසීම තෙක් රංජිත් ට සහය වන්නට එහි ගිය අප කපරාරුව ද කරන තත්වයට යොමු කලේ අපේ තාත්තා  සහ මේ චයාරුප ලබාදෙන කළු ( දයානි දිසානායක ) විසිනි.

එයට හේතු වශයෙන් ඔවුන් සඳහන් කලේ රංජිත්ට පාසැල් යන වයසේ දරුවන් තිදෙනෙක් සිටිනා බවත් වැඩිමහල් ම දරුවා ඉගෙනීමට ඉතා දක්ෂ අයෙක් බවත්ය.

එමෙන්ම දෙවෙනි දැරිවිය හෙට අනිද්දා වැඩි වියට පත්වන වයසක පසුවන බැවින් රංජිත්ගේ නිවස සැලකිය යුතු තත්වයකට ගෙන ආයුතු බවද කළුගේත් අපේ තාත්තාගේත් අදහස විය.


අපේ තාත්තා , ගමේ පන්සලේ හාමුදුරුවෝ රංජිත්, පොඩිදුව සහ ලොකු පුතා 

රංජිත් ගේ දුවලා දෙන්නා 

මේ අපි අපේ ගමේ හදවන හතරවෙනි ගෙදර. 

මුල්ම ගෙදර හිමිකාරිය කළු සහ ඇයගේ සැමියා ඇලෙක්ස් තමයි රංජිත්ගේ ගෙදරටත් උදව් කලයුතු බව අපට මුලින්ම කිව්වේ.

දෙවන නිවස හැදුවේ "චමින්ද" නම් වතු කම්කරුවෙකුට. නිවසේ වැඩ අවසන් වීමත් සමගම චමින්ද අප හා තිබු ගණුදෙනු සැහෙන්න අඩුකලා .  

චමින්ද තමන්ගේ වැඩේ අවසන් විමත් සමග ( භාගෙට ) අප කරනා අනෙක් වැඩ ගැන කිසිම උනන්දුවක් පෙන්නුවේ නැහැ. 

ඔහුට අවශ්‍ය වුයේ අප ඔහුගේ නිවසේ  වැඩ වලම රඳවා ගැනිමටයි. 

එහෙත් චමින්දට ලැබුණු උදව් උපකාර අඩුවීමත් සමග අප භාගෙට වුවත් හොඳට වැඩ නිමකළ ඔහුගේ නිවස ඔහුට භාරදී එතැනින් ඉවත් වුණා. 

මෙය ගම පුරා ඇවිද යමින් ඕපා දුප කියවන චමින්දගේ අම්මා ගේ හිතේ නොසතුටට හේතුවුණා කියලයි මට හිතෙන්නේ. 


ඒ වෙනුවෙන් මම ලියු බ්ලොග්පොස්ට් දෙකට ඉතා ඉහල ප්‍රතිචාරයක් ලැබුණා. 


අප මෙසේ ගමේ ආර්ථික අපහසු කම් වලින් පෙළෙන අයට අත දෙද්දී ඒ දෙස බලා සිටි අනෙක් ගැමියන් විවිධාකාර අදහස් ඉදිරිපත් කර තිබුණා.

"ඇයි ඔය අතපය හතර හොඳට තියෙන මිනිස්සුන්ට උදව් කරන්නේ ? 

ඔයිට වඩා යමක් කමක් කරගන්න බැරි අය කොච්චර නම් රටේ ඉන්නවද ? ඇයි ඔය එක ගෙදරකටම උදව් කරන්නේ ?"


"මොකද  ඔය දොස්තර මහත්තයාලා හැම ගෙදරම භාගෙට හදන්නේ ? 

එකක් වත් හරියට ඉවර කරන්නේ නැතුව ? "



"ඕවට සෑහෙන සල්ලියක් හම්බවෙනවා ඇති  උඹලට පොඩ්ඩක් විතරක් දුන්නට . 

ඕක ලොකු එන්. ජී. ඕ.  එකක් වෙන්න ඕනා. 

ඔය ළමයින්ගේ ෆොටෝ එහෙම පෙන්නලා ලොකු ගානක්  ගන්නවා ඇති  සුද්දන්ගෙන් එහෙම "




වැනි අදහස්  ඒ අතර තිබුණ බව  කළු , අපේ තාත්තා සහ අපට සම්බන්ධ ගමේ හිතවතුන් ගෙන් දැන ගන්න ලැබුණා.

රංජිත්ගේ නිවසේ වැඩ ගැනත් ගමේ සමහරුන් බලා ගෙන හිටියේ මෙවැනි යමක් කියන්න. 

ඒ නිසාම රංජිත්ගේ නිවසේ කපරාරුව කරන්නත්  , එය අවසානය දක්වා කර ගන්නත් අපි  තුන්දෙනාට උවමනා වුණා.

රසිකලොජි, නිර්නාමික එහෙත් ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙක්, දම්සෝ පුතා ඇතුළු බ්ලොග් ලියන හිතවතුන් රාශියකගේ සහභාගිත්වයෙන්  කපරාරුව ආරම්භ කළා.

අපේ හිතවත් බ්ලොග් රචකයෙක් වන මේනක වසන්ත  දවසක් පුරා ශ්‍රමයෙන් දායක වුණා " MBBS" කරමින්.

ඈත සිටියත් කල්‍යාණ මිත්‍ර, සුරංග රංජිත් වගේ අය  දවසක් හෝ  රංජිත්ට උදව්වට එන්න කැමැත්ත පළකලා.

මුලින්ම කෙරුණේ ගේ ඇතුළේ කපරාරුව.  එළියට පස්සේ එන්න හිතාගෙනයි ඒක ආරම්භ කලේ 

ඒත් අපේ  ළඟ තිබු මුදල් ප්‍රමාණවත් වුණේ ඇතුළේ කපරාරුවට  පමණයි.







ඒකත් කුස්සිය සහ තව එක් කාමරයක් හැර  තමයි ඉවර කරන්න පුළුවන් වුණේ.


මට අවශ්‍ය වුණේ  රංජිත් ගේ නිවසේ එළියේ බිත්ති දක්වාත් කපරාරුව රැගෙන එන්න.  

ඒ සඳහා මට  තවත් රුපියල් දහසය දහසක් නිර්නාමික ඔස්ට්‍රේලිවේ වෙසෙන ශ්‍රී ලංකික යකු  ලවා ලබා දෙන්න සිදුවුණා.

මේ චායාරුප වල තියෙන්නේ  එළියේ කපරාරුව කෙරෙන හැටි අද දහවල් කළුගේ මොබයිල් ෆෝන් එකේ කැමරාගත වුණා හැටි.







 දහසය දහස වැලි ටිපර් භාගයක් සහ සිමෙන්ති වලට වියදම් වූ පසු ඉතිරි වී ඇත්තේ බාස්ට දවස් දෙකකට පඩි දෙන්න විතරයි.

රංජිත් දිගටම වැඩ කරගෙන යනවා .  බාස් ට ඊළඟ පඩි ගෙවන්න උදව් අවශ්‍ය බව කියමින්.  



බාසුන්නැහැ සහ අත්වැඩ දෙන රංජිත් 



එළියේ බිත්ති එලිය වැටී









දැන් අපේ ගමේ අයගේ හිත් වල ඇති  දැවෙන ප්‍රශ්න යක්  ගැන මගේ හිතත් යොමුවෙනවා .



මේ ගෙදරත්  භාගෙට වෙයිද ???

උත්තරය:  " නෑ"   කියලා කියන්න බලමු .  

23 comments:

  1. ගඩොල් නිසි ප්‍රමිතියක් තියේ නම් ඔය කපරාරු අනවශ්‍යයි නේද? මා ඉන්නා ප්‍රදේශයේ නම් ගෙවල්වලින් 80% ක් ම එළියේ ගඩොල් නිරාවරණය වී තියෙන බ්‍රික්-විනියර් ක්‍රමයේ ඒවායි.

    මෙන්න අපි මීට වසර පහකට කලින් සිටි නිවස.
    https://img.othsolutions.com.au/resize/corelogic/rpdaAU/photo/listsale/470x313/12/08/24/21183031/21183031_1.JPG

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසික, මේ ඕස්ට්‍රේලියාවේ තියන ගඩොල් වගේ ඔප දැමු හොඳ ගඩොල් ලංකාවේ අපේ පැත්තේ නෑ. රංජිත්ගේ ගේ හදලා තියෙන්නේ සිමෙන්ති බ්ලොක් ගල් වලින්. ඒවායේ වැඩි පුර තියෙන්නේ ගල් කුඩු කියලයි මම අහලා තියෙන්න . ඒ බ්ලොක් ගලක් රුපියල් 55 ක්විතර වෙනවා ඒ පැත්තේ.

      Delete
    2. බ්ලොක් ගලක් 55 වැඩි නැද්ද? මේ පැත්තෙනං උපරිම 35 යි.

      Delete
    3. මෙහෙ 42යි දැන්.වර්ගකිලෝමීටරයක් ඇතුලෙ වැඩපලවල් පහක් හයක් තිබුනත් ගාණ අඩු නෑ.

      Delete
    4. ප්‍රමාණ දෙකක බ්ලොග් ගල් තියෙනවලු. රංජිත් මුලින් ගේ හදලා තිබුනේ ලොකු ප්‍රමාණයේ ඒවගෙන් එකක් රුපියල් 50 k වෙලා තියෙන්නේ මට වැරදිලා 55 ලියවිලා තියෙන්නේ පොඩි ප්‍රමාණයේ ගඩොල 48ක් වගේ

      Delete
    5. අපි ගත්තේ ගඩොල් 250යි 12500 කට

      Delete
  2. හපෝ නෑ. කොහොම හරි ඉවර කරනවා. :D

    සල්ලි තියෙන වෙලාවක උදව් කරන්න ඕනි.:(

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙඩුසා, කමෙන්ටුවට , ඔව් රංජිත් වුනත් ණයක් වෙලා හරි ඉතිරි ටික ඉවර කර ගන්නවා කියන තැනයි ඉන්නේ. රංජිත් ගේ ජීවනෝපාය වන එළවලු වගාවෙන් මේ කන්නයේ ලොකු ලාභයක් නෑ කිව්වා . තක්කාලි කුණු කොල්ලෙට විකුණුනා කියලයි කිව්වේ මට ආරංචි වුණා මිරිස් තුනපහ ගන්න මුදල් හිඟවී වත්තේ තිබුණු පොලොස් ගෙඩි විස්සක් අරං පොළට ගිය බව ගිය සතියේ

      Delete
  3. රංජිත්ට කලින් වතාවෙත් උදව් කල අපේ බ්ලොග් කියවන , බ්ලොග් ලියන නිර්නාමික හිතවතෙක් නැවතත් උදව් කරන්න සුදානම් බව කියා තිබුණා . මා ලබා දුන් බැංකු ගිණුම් වලට ඔහු සිටින රටේ සිට මුදල් යැවීමේ තාක්ෂනික ගැටළුවක් ඇති බව කිවා බලමු හෙට අනිද්දා වෙන කොට හරියයි වගේ

    ReplyDelete
    Replies
    1. ඒ මුදල් මේ දැන් අපේ සම්පත් ගිණුමට වැටි තිබුණා. මම ඒක අපේ රංජිත්ට ලැබෙන්න සැලැස්සුවා අපේ තාත්තා හරහා

      Delete
  4. පින් අතේ වැඩක්. ෂෝෂල් මීඩියා වලින් කරන්න ඕන වැඩ ගැන අපේ තරුණ පරපුරට දෙන ආදර්ශයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරහන් මලේ ..ඊයේ රෑ නිදිමරාගෙන ලිවූ බ්ලොග් පොස්ට් එකෙන් වැඩක් වෙයි වගේ

      Delete
  5. බිත්ති වලට වර්ගඵලය දන්වන්න, මට නැතත් කල්‍යාණ මිත්‍රට කිව්වත් ඇති...
    ඌ මට කියයි...
    අවශ්‍ය වෙන ෆිලර් ලබා දෙන්නම්...
    හැබැයි ගෙනියන්න වෙන්නේ කලණ ටම තමා...
    ස්කීම් කෝට් දෙන්නත් පුළුවන්, හැබැයි කොළඹ ඉඳල ගෙනියන එක වාතයක් වෙන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකුපුතා,
      මම තව ටික දවසකින් රංජිත්ගේ ගෙදර බලන්න යැවෙනවා අපේ අම්මා තාත්තා බලන්න ලංකාවට එන ගමෙන්දී . ස්කීම් කෝට් සහ ෆිලර් අවශ්‍යතා කළනට දන්වන්නම් . (ඒක නෙවෙයි, මේවා අවශ්ය ගෙවල් තුනක්ම තියෙනවා) කලණත් මුණගැහෙන්න නියමිතයි මේ ගමනේදී

      Delete
  6. හොඳටම හිත ගියේ අර පාට පාටින් තියන වාක්‍ය ටිකට.හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස්.. මේ වාක්‍ය වලින් කියවෙන අදහස් මතුවන්නේ කොහෙන්ද /කොහොමද බලන්න චාන්ස් එකක් ළඟ එනවා

      Delete
  7. මේ ගෙදර වැඩේ සමපූර්ණයෙන් ඉවර කරන්න ලැබෙයි.
    ලංකාවෙ මිනිස්සුන්ගෙ කටවල් වහන්නනං තව කාලෙකට පුලුවන් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. කතාව ඇත්ත අපේ අයගේ කටවල් වහන්න ලේසි නෑ..

      Delete
  8. සතුටුයි කවිඳු...වැඩේ ඉවර කරගන්න ලැබේවි...ජය වේවා !!!

    ReplyDelete
  9. ලොකුපුතා මල්ලී විසින් ලබාදුන් ෆිලර් බඳුන් දෙක රංජිත්ගේ ගෙදර බිත්ති සුදු කරන්න ප්‍රමාණවත් වූ බව රංජිත් පැවසුවා. හෙට අනිද්දා රංජිත් මියගිය නෑදෑයින් සිහිකර දානයක් දෙනවලු ( ජනවාරි 9 වගේ මතක) ගමේ හිටියොත් ඊට සහභාගී වී වැඩ නිමවූ නිවසේ චායාරූප පල කරන්නම්කෝ

    ReplyDelete
  10. මේව පින් වැඩ.. කවද හරි අපිට ඉතිරි වෙන්නෙ අපි දුන් දෙයක් විතරයි........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට. ලඟදි මොකුත් ලිව්වේ නෑ . අද ලියන්න ඉන්නේ

      Delete