Follow by Email

Saturday, 18 February 2017

මා ආ මග (මම ඔස්ට්‍රේලියාවේ සායනික වෛද්‍ය වරයෙක් වෙන්නට කල දේවල්)


මේ දිනවල ලන්කාවේ  වැඩිපුරම  කතාවෙන  මතෘකාව  තමයි පෞද්ගලික  අධ්‍යාපනය  සහ  එය  ප්‍රමිතිගත කිරීම.

සායනික වෛද්‍ය වරයෙක් වෙන්නට කල යුතු  දේවල් මොනවාද යන්න ගැන හරි අවබෝධයක් නොමැති අය පවා  බ්ලොග් අවකාශයේ වෛද්‍ය වරුන් දැඩිලෙස විවේචනය කරන අයුරුද දුටුවෙමි.

මේ බ්ලොග් පොස්ට් මාලාව වෛද්‍ය අධ්‍යාපනයේ විවිධ පැති ගැන සාකච්චා කිරිමට යොදා ගන්නට සිතුවේ එබැවිනි.

මේ කතාබහට  ශ්‍රි ලන්කාවේ දැනට වෛද්‍යවරුන් ලෙස වැඩ කරන/හඳුනා ගන්නා කන්ඩායම් කිහිපයක් ගැනත් කියන්නයි මගේ බලාපොරොත්තුව


"පොදු, පෞද්ගලික හෝ විදේශගත" යන කුමන අකාරයකින් කලත් වෛද්‍ය අධ්‍යාපනය ලෙහෙසි පහසු එකක් නොවේ.

මේ කන්ඩායම් වලින්  සමහරකට (විදෙස් උපාධි ලබා ගත් අය අයට)  ඊටත් වඩා අමාරු  වන්නේ සායනික වෛද්‍යවරයෙක් ලෙස ලන්කාවේ ලියාපදින්චි විමේ කටයුත්තයි.

ඒ අපහසුතාවට ඒ අකාරයෙන්ම හෝ ඊටත් වඩා වැඩියෙන් ලන්කාවෙන් විදේශගත වන වෛද්‍ය වරුනට  මුහුන දෙන්නට සිදුවන හැටි  ඉදිරියේදි  ..

අනාගත විදෙස් රැකියා බලාපොරොත්තුවෙන්   වෛද්‍ය අධ්‍යාපනය ලබන ඔබටත් මෙය මහඟු පිටිවහලක් වේවි!!!

ඊලග කොටස මෙතැනින් ( මා අග මගට පෙර වදනක් )

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි විමේ තොරතුරු 

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිල  විභාගය පලමු කොටස  ( AMC part 1)

18 comments:

  1. ඔබ කරන්නට යන්නේ ලංකාවේ අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ලොකු සේවයක්. ඉතිං ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටික ටිකැ ලියාගෙන යනවා.. මුල්ම එක දැම්මා. ලොකු මහත්තුරු සහ දෙවැනි මහත්තුරු ගැන..

      Delete
  2. ඩොක්ට. මේ මා සමග වැඩ කරන ආසියාතික පොරකගේ බිරිඳගේ ඇත්ත තත්වය.

    ඔහු මට පැවසුවේ ඔහුගේ බිරිඳ දොස්තරවරියක් බවයි. (මිනිස්සුන්ගේ තරාතිරම මට අදාළ නැත.) වරක් එම දෙපළම මට සුපර් මාකට් එකකදී දැක හමුවී කතා බස් කරද ඇත.

    ඒත් දවසක් xxxxxx හොස්පිටල් එකේදී අයව දැක ඩොක්ට කියා ඇමතීමෙන් ඇය සමග සිටි අනිත් අය ඉදිරියේ ඇය අපහසුතාවයට පත්වනු දුටු මා බායි කියා ගියාය.

    මේ ගැන අර ආසියාතික පොර බලෙන් මා වෙත පැමිණ ඔහුගේ බිරිඳ අපහසුතාවයට පත්වීම ගැන කරුණු වශයෙන් ඔහුගේ රටේ ඇය දොස්තර උනත් එංගලන්තයට පැමිණි පසු එංගලන්තයේ වයිද්‍ය විභාගය අසමත් වූ බැවින් ඇය එම ඉස්පිරිතාලයේ හෙදියක් වශයෙන් සේවය කරන බව පැවසිය.

    මේකේ ජෝක් එක තමයි අපේ රටේ ගොඩක් අය දොස්තර කෙනෙක් වෙන්න ඒ රටේ විශ්ව විද්‍යාලවලට යනවාය.

    ඒ වගේම සාමාන්‍ය පෙළ සමත් නැති උදවියත් දේශපාලකයන්ගේ මෝඩ දරුවනුත් සයිටම් හි ඉගෙනගන්නවා කියා තොරතුරු සහිතවම නැරඹුවෙමි.

    😳

    ReplyDelete
    Replies
    1. මගෙත් හොඳ මිතුරියක් එංගලන්තයට පැමිණ ඇගේ වෛද්‍ය වෘතිය දිගටම කරගෙන යන්න බැරි නිසා රැකියාවක් නොකර ඉන්නවා. මම හිතන්නේ එහි අමුත්තක් හෝ සිනාවට ලක්විය යුත්තක් නැහැ. ඒ ඒ රටට අනන්‍ය රාමුව තුලට අනුගත වෙන්න ඕනේ. සයිටම් උනත් නියාමනය වෙන්න ඕනේ. නමුත් ඔය කොයි වෛද්‍ය විද්‍යාලට උනත් ලකුණු වලට අමතරව සමාජ සත්කාර වල නියැලීම සහතිකයක් වශයෙන් ඉදිරිපත් කරන්න පුලුවන්නම් අපිට මිට වඩා 'හදවත් ඇති' වෛද්‍යවරුන් ලැබේවි. (මුදලාලිලා වෙනුවට)

      Delete
    2. ඔව් මේක සාමාන්‍ය තත්වයක්. මට මෙහෙදී හම්බවන ඉන්දියානු නර්ස් නෝනා කෙනෙක් කිව්වා එයා නරස් කෙනෙක් විදිහට වැඩ කරන ගමන් මෙදිසිනුත් ඉගෙන ගන්නවා කියලා. ටිලාන් තව අවුරුදු හතර පහකින් ඔය නෝනා මුණ ගැහුනොත් සමහර විට ඩොක්ටර් කෙනෙක් විදිහට වැඩ කරමින් ඉන්නත් ඉඩ තියෙනවා. එංගලන්තේ, ඔස්ට්‍රේලිවේ හෝ කැනඩාවේ දොස්තර කෙනෙක් ලෙස ලියාපදිංචි වෙන්න පෙර කලයුතු විභාග , "පාලම් /Bridging කෝස්" ආදිය එහෙම ගොඩක්මා තියෙනවා. එකට ටික කාලයකුත් ගතවෙනවා. මා ආ මගේ කතා ටික කියවන්න " එතකොට පැහැදිලිවෙයි .

      Delete
    3. ලිඛිතා. ඔබ හරි. සයිටම් හෝ රජයෙන් උනත් විභාග සමත් වූ පමණින් එම ක්‍රියාවලියට එක් වන්නේ විවිද ගති පැවතුම් ඇටිටියුඩ් ඇති හොඳ නරක දොස්තරවරු.

      සයිටම් ගැන මගෙ කිසිම විරුද්දත්වයක් නැහැ. ඒත් සල්ලි තිබුන පලියට දේශපාලන හයිය තිබුන පලියට මැට්ටෝ දොස්තරලා උනොත් රටට වෙන්නෙ විනාසයක්.

      මෙය කෙටිකාලීන හෝ පුහුණුවක් මගින් හෝ යම් තාක් දුරකට අඩු කරගත හැකියි.

      මෙහේ කෙයාරින් ෆීල්ඩ් එකේ හැම කෙනෙකුටම එම විෂයේ අත්දැකීම් සමග අද්‍යාපනයත් අනිවාර්යයි.

      මම වැඩ කරන තැනත් හැම මාස දෙකකටම සැරයක් රැකියාවට අදාල අප්ඩෙට් සදහා එසයින්මන්ට් කල යුතුමයි.

      අනික මෙහේ සිස්ටම් එකත් එක්ක අනිවාර්යයෙන්ම වැඩ කල යුතුමය. ඒ වගේම කාටවත් උවමනා පරිදි සිස්ටම් එක වෙනස් කිරීමටවත් නීතිය නැවිමටවත් නොහැක.

      ලංකාවේ කරන්න බැරිම දෙයත් සිස්ටම් එකට අනුව ජීවත් කරවීමය.

      Delete
    4. ටික්කා: මට පෙන්නන්නම බැරි ලාංකික ගතියක් තමයි කොතැනට ගියත් 'එක්සෙප්ෂනල්' පාරක් හොයන එක. ඒ කියන්නේ තමුන් විශේෂයි කියලා අනිත් අයට නැති වරප්‍රසාද සෙවීම.

      කවිඳු: ඒ කතා මාලාව කියවන්න බලාගෙන ඉන්නේ

      Delete
  3. පුළුවන්නම් ඇක්ට් 16 එක ගැනත් විස්තර ටිකක් ලියන්න.

    ReplyDelete
    Replies
    1. මම ඇක්ට් 16 ගැන ලියන්න ඉන්නේ අපි දන්නා ඕස්ට්‍රේලියාවෙන් වෛද්‍ය උපාධිය කරලා ආපු කෙනක් ඇක්ට් 16 එකේදී මුහුණ දුන් ත්‍රාසජනක අත්දැකීම්ද සහිතව.

      Delete
  4. ඇත්ත. නිසි පුහුණුවක් නොලැබුනොත් ප්‍රායෝගික අතින් අසමත් වෙද්දි මිනිස් ජීවිත තමා අඳුරේ වැටෙන්නේ...

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. මම මේ සම්බන්ධ ඔබේ පොස්ට් එක කියෙව්වා.

      Delete
  5. වෛද්‍යවරයෙක් වීම ලෙහෙසි කටයුත්තක් නොවන බව මම පිලිගන්නවා. නමුත් මේ ගැන මෙහෙම කිව්වා කියලා මගෙත් එක්ක පුද්ගලිකව අමනාප වෙන්න එපා.
    වෛද්‍යවරයෙක් විතරක් නෙවෙයි දක්ෂ ඉංජිනේරුවරයෙක්, හෙදියක්, පරිඝනක ඉංජිනේරුවරයෙක් විතරක් නෙවෙයි හොඳ ලෝයර් කෙනෙක් වෙන්නත් පුදුමාකාර කැපකිරීමක් කරන්න වෙනවා. වෛද්‍යවරයෙකු පමණක් එලෙස 'අමුතු' වෙහෙසක් දරනවා කියන එක අතිශෝක්තියක්; මුලාවක්. ඒ හැම වෘතියකම අනුපමේය කැපකිරීම මම දැකල තිබෙනවා. මමත් මගේ ක්ෂේත්‍රයේ වැඩකරද්දී සති ගණන් නිදිවරමින්, හරියට බඩට කෑමක් නැතුව, ඇහැට නින්දක් නැතුව ගතකරලා තියෙනවා. සමහර වෙලාවට මම මේ කතා කරන්නේ ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ග් එකේ වැඩක්! ජිවිත මිලියන ගානකට බලපාන.. එයාර්ලයින් එකක වැඩකරන කෙනෙක් ගැන හිතන්න.. ඔහුගේ ඒ කැපකිරීම, පරිස්සම නැතිනම්.. අනිවාර්යයෙන් සක්‍රයාටවත් බැහැ මගීන්ව බේරාගන්න.

    අනික් කාරණේ යමක් 'පට්ටම අමාරුයි' කියන එකේ පති දෙකක් තියෙනවා. එකක් තමයි එතනට ළඟාවෙන්න තිබෙන සීමාන්තික අවස්තාවන්. අනෙක් කාරනාව තමයි ඕනෑම වැඩක් 'පට්ට' අමාරු ලෙස කිරීමේ ක්‍රමවේදයක් ලංකාවේ ඉර්මානය වෙලා තිබීම
    උදා: අම්මෝ ගුරු මාරුවක් හදාගන්න එක 'පට්ට අමාරුයි' - බලාගෙන යනකොට සිස්ටම් එක ගෙනියන මිනිස්සු විසින් තමයි ඒ අමාරුව නිර්මාණය කරලා තිබෙන්නේ. එහෙම නැත්තම් එතන අධිකාරියක් ලැබෙන්නේ නැහැනේ.
    ඒ වගේමයි ඔය සමහර 'පට්ට අමාරු' විභාගත්. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයයි, තව ටිකකුයි ඕනෙලුනේ.

    මට මුණගැහිලා තිබෙනවා සරසවි වරම් හිමි නොවුන නමුත් පුද්ගලික උපාධි 'කඩවල්' වලින් උපාධි අරගෙන අපි වගේම තලයකට ඇවිත් ඉන්න අය. ඔවුන්ගේ වෙනසක් මම දැකලා නැහැ. හේතුව තමයි ඒ උපාධි වල තත්වය නියාමනය වෙලා තිබීම මිසක් වෙන දෙයක් නෙවෙයි.

    අදහස් මිසක් පුද්ගල මතගැටුම් වලට විවර නොවෙයි යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය හැමදේම ඉගෙන ගන්න අමාරුයි ලේසි නෑ. දොස්තරලා කියලා විශේෂයක් නෑ. මම දොස්තර කෙනෙක් වුනාට ඊට ඉස්සර මම ලංකාවේ ගමක ඉපදුන සමානය් මනුස්සයෙක්. මගේ බ්ලොග් පොස්ට් ටිකක් එහෙන් මෙහෙන් කියවලා බලන්න .. මම කියන දේ ඔබට තේරෙයි එතකොට. රාගම NCMC උපාධි අරගත් නියම වැඩ කාරයෝ මටත් හම්බවෙලා තියෙනවා. මේ පොස්ට් පුද්ගලික වේද විදුහල් වලට පහර ගහන්න ලියන එව්වා නෙවෙයි මම ලැබූ අත්දැකීම ලියවෙන්නේ.. කම්මැලි අය රජයේ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය අතර ඕනා තරම් ඉන්නවා. ඔහේ මෙඩිසින් තේරුන නිසා ඒක කරන වගේ . මම අපේ විශ්ව විද්‍යාල ජීවිතය ගැන පොස්ට් කිහිපයක් ලිව්වා . ඒවා කියවන්න. එතකොට අහුවෙයි .. කොයි රස්සාවට වුනත් හරියන්නේ ඊට කැපවෙන, ඒකට අශ්වක් ඇති, එකේ ඉදිරිය වෙනුවෙන් වෙහෙස වෙන මිනිස්සු දොස්තර කමට වුනත් එහෙම තමයි.

      Delete
    2. මම කිව්වේ.... මේක පුද්ගලිකව ගන්න එපා කවිඳු. මම කිව්වේ අදහස. මොකද මම දැකලා තියෙනවා මගේම පන්තියේ මිතුරියන් දැන් වෛද්‍යවරියන් වෙලා මේ සයිටම් සහ ඉස්සර වාහන පර්මිට් වලට ලෙඩ්ඩු ලංසුවට තියපු කාලේ කියපු කතන්දර. එයාල කියන්නේ මෙහෙම කැපකිරීමක් කිසි වෘතියක නැති නිසා ඔවුන් විශේෂයි කියල. මම අහන්නේ

      1. අද දවසේ ඉඳන් දවස් තුනක් ඔබේ ගෙවල් වල එකතුකරන කුණු ගෙනියන්න ආවේ නැත්තම් ඒ නගරසභාවේ වැඩකරන පුද්ගලයා...
      2. අපේ කොටස් වෙළඳපොලේ එක බ්‍රෝකර් කෙනෙක් සිලී මිස්ටේක් එකක් කලොත්...
      3. අපේ පයිලට් කෙනෙක් විනාඩියක් ඇහැ පියෙව්වොත්....
      4. ඔබේ දරුවාගේ ගුරුවරයා වගකීම පහර හැරියොත්....
      5. ඔබේ ATM මැෂින් එක මොහොතකට හරි පිස්සු කෙලියොත්

      එතකොට තේරෙයි! ( නමුත් නොතේරෙන්න ඉඩකඩ බොහොම වැඩියි. මොකද එයාල හිතන් ඉන්නේ මිනිස්සුන්ගේ ජිවිත තියෙන්නේ ඔවුන් අතේ විතරයි කියල)

      මම දන්නා ටියුෂන් ගුරුවරයෙක්ගේ පුතා හොරට දුෂ්කර පලාතකින් උසස්පෙළ ලියල අපුරුවට C 3න් මෙඩිසින් ගියා. මට ඉරිසියාවක් නැහැ ඒ ගැන. නමුත් එහෙම ගියාට පස්සේ ඔහු අසමත් වෙලා කුජිත උනා කියල අහන්නත් ලැබුනේ නැහැ. ඒ කියන්නේ ඔහුත් මහන්සි වෙලා අනිත් උන් එක්ක හරි හරියට වැඩකලා කියන එකනේ! ඉතින් මොකද්ද වරද?

      සයිටම් ගැන කතා නොකර ඉම්මු නේ? :-)

      Delete
    3. ඔව් සයිටම් ගැන කතා නොකර ඉමු . මම කැමතියි ඒකට

      Delete
    4. ඇයි සයිටම් ගැන කතා නොකරන්නෙ

      Delete
    5. මම දන්න විසේශඥ වෛද්‍ය වරුන්ගේ සහ ලොකු පෞද්ගලික රොහල් අයිතිකරුවන්ගේ දරුදැරියන් ( බෑණා වරුන්ද ඇතුලුව ) විදේශ විශ්ව විද්‍යාල වල ඉගෙන ගෙන ඇවිත් රජයේ වෛද්‍ය පීඨ කතිකාචාර්ය වරුන් බවට පත් වුණා. දැනටත් ඔය ස්යිටම් එකේ එවැනි අප දන්නා ආචාර්ය මහාචාර්ය වරුන්ගේ වගේම ප්‍රසිද්ධ දේශපාලක යින් සචින් ගේ දරු දැරියන් ඉන්නවා. ඒ අයත් ඉගෙන ගෙන කොලඹ, නුවර ආදී පහසුකම් සහිත පළාත් වලින් රෝගීන්ට සේවය කරන්න , සිශ්‍යයින්ට උගන්වන්න එහෙම එයි ( ඇයි අපේ ආයතන වල ඥාති සංග්‍රහ, බලවතුන්ට , ඔවුන්ගේ දරු දැරියන්ට වැඩි ඇලුම්කමක් දැක්විම වගේ ලක්ෂණ ඇත්තෙම නෑ නේ? මම පෞද්ගලික අධ්‍යාපනයට අකමැත්තක් නෑ මෙන්න මේ බලවතුන්ට පමණක් සැලකෙන රටාව නැති රටක . අවාසනාවකට අපේ රට තවම එහෙම වෙලා නෑ.

      Delete