Follow by Email

Friday, 24 February 2017

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි විමේ තොරතුරු (මා ආ මාවත පළමු කොටස)




ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වරයෙක් ලෙස ලියාපදිංචි වීමේ අදහසක් මට පහල වන්නේ 2009 වසරේදී.

ඒ අදහස මා තුය මුලින්ම ඇතිකලේ මට අහම්බෙන් හමුවු තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්.

 ඔහු  දිමුතු මුණසිංහ නම් කොළඹ  විශ්ව විද්‍යාලයෙන් පිටවු අයෙක්.


දිමුතු  ඒ වනවිට ඔස්ට්‍රේලියාවට ඇවිත් ගතවී තිබුණේ සති කිහිපයක් පමණයි.

දරු දෙදෙනාත් බිරිඳත් ජීවත් කරවීමට  ක්‍රමයක් හොයමිනුයි ඔහු සිටියේ.  මම මා දැන සිටි හොඳම ක්‍රමය "කොළ දැමිම " ඔහුට අල්ලා දුන්නෙමි.

ඒ මා කොළ බෙදන පාරක සිටි "ශ්‍රි ලාංකික ඉංජිනේරුවෙක්" මගෙන් කල ඉල්ලිමක ප්‍රතිඵලයක් වශයෙනි.

දිමුතු සොයාගෙන මා ඔහුගේ නිවසට ගිය මුල්ම  දිනයේ ඔහුගේ අසල්වැසියා අපේ තවත් හිතවතෙක් වු බුද්ධි බව දැන ගත්තෙමි.

අප මෙන් අලුත  ලංකාවෙන් පැමිණි අයට බොහෝ උදව් උපකාර කල බුද්ධි දිමුතුලාටද සෑහෙන උදව් කල අයෙකි.

මෙසේ  මා හා සම්බන්ධ වු  දිමුතු තම සී වී එක හැදීම ආදිය සඳහා මා නිවසට පැමිණියේය.

මගේ පරිගණකය පාවිච්චි කර තම ලියකියවිලි සකස් කල ඔහු ඒ වන විට පී එච් ඩී සිසුවෙක් වු මා සායනික වෛද්‍ය මාවතට හරවන්නට අඩිතාලම දම්මේ මෙලෙසයි.

මේ කියන කාලයේ දී  දිමුතුට මා  සොයා දුන් රැකියාවට අමතරව තවත් සුලු සුලු රැකියා ලැබී තිබුණු අතර තවත් ශ්‍රී ලාංකික පවුල් කිහිපයක්  මිතුරන් ලෙස එක් වී තිබිණි

"මචන් කවිඳු මම උඹට කියන්නමයි හිටියේ. .  මෙහේ ඉන්න  ලංකාවේ උන් මහ අමුතු පොරවල් .

මේ ලඟදි මට එකෙක් කියනවා  මම නිකම් පැන්ශන් ගිය පොලිස් කාරයා වගේලු.

දොස්තර කම නොකරන දොස්තරලා ඒ වගෙයි කියලා අපිට සවුත්තුව දානවා බන් මේ යක්කු.

 මම කොහොම හරි විභාගේ දාගන්නවා  ඔවුන්ට උණ ගැනෙන්න. ඔය යක්කු උඹටත් එක එක කතා කියනවා මං හිතන්නේ.

ඔය  PhD තියෙද්දි උඹත්  AMC exam කරපන්  කෝ බන්. අපි දෙන්නට එකට පාඩම් කරන්නත් පුලුවන් එතකොට. "

'උන් මොනාද බං දන්නේ . ඔය ගොඩ දෙනෙක් මිකැනික් හරි අසියිලම් අරන් හරි ආපු අයනේ.

මෙඩිසින් වල තියෙන එක එක පැති ගැන ලොකු දැනුමක් උන්ට නෑ ඔහේ කටට එන පලියට එක එක දේවල් කිව්වට.

 උඹ ඕවා ගණන් ගන්න එපා බං . උඹේ පාඩුවේ විභාගේ කරපං.

මමත් ටික ටික AMC එකට වැඩ කරන්නම් . හැබැයි මම විභාගේ කරන්නේ PhD එක ඉවර වෙලා. ලන්කාවෙ එවුන් ඕන දෙයක් කියා ගද්දෙන්  "

"හහ් හහ්  හා ඒ වා මම දන්නේනෑ .

ඔය කවිඳුවා ලෙඩ්ඩු බලන්න බයයි. ඒකයි ඔය කැම්පස් එකට වෙලා ඉන්නේ 

කියලා තමයි ලන්කාවේ උන් උඹ ගැන නම් කියන්නේ"

මෙසේ දිමුතු ගෙන් ලැබුණු අධික බල කිරීම නිසාම  PhD එකේ අවසාන හරිය කරමින් සිටි මම  ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ (AMC)  විභාගයට සූදානම් වන්නට තිරණය කලෙමි.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ විස්තර 



ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලය (AMC)  යනු ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වරුන් ලියාපදිංචි කරන ආයතනයයි .

එය ශ්‍රී ලංකාවේ වෛද්‍ය කවුන්සිලයට ( Sri Lanka Medical Council)  සමාන සේවාවක් සලසන ආයතනයකි. 

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීමට නම් දිමුතුත් මමත් දෙදෙනාම (අප විදේශ උපාධි ලබා ගත් අය නිසා ) මේ විභාගයෙන් සමත් විය යුතුය. 

ඒ වන විට අප සිටියේ අඩිලේඩ් පුරවරයේ. 

ඇඩිලේඩ් යනු විභාගයට සූදානම් වන පිරිස් ( ලන්කාවේ මෙන්ම ඉන්දියාව, බන්ග්ලාදේශය වැනි රටවල දොස්තරවරු ) අඩුවෙන්ම සිටින පළාතක්.  

විභාග සුදානම් විමේ පහසුකම් වුණත් හරි අඩුයි.

මේ විභාගය කරන බොහෝ දෙනෙක් මෙල්බන් හරි සිඩ්නි හරි යන්න පෙලඹෙනවා.

හේතුව ඒ නගර දෙකේ AMC exam කරන අය වැඩි වීමත් , ඒ වෙනුවෙන් ඇති පහසුකම් වැඩි වීමත්,  යන කරුණු දෙකයි ( විශේෂයෙන් මෙල්බන් නුවර )

මට PhD එක නිසා විභාගෙට වැඩ කරන්න වුණේ අඩුවෙන්.

දිමුතු "ඇලන්" නම් තවත් ශ්‍රි ලාංකික දොස්තර කෙනෙක් ( රුසියානු  උපාධිධාරියෙක්)  සහ ඔහුගේ බිරිඳ  (තවත් රුසියානු උපාධි ධාරිණියක් ) සමග පාඩම් කලා.

මේ නව සම්බන්ධතා සමගා දිමුතු මගෙන් ඈත්වී ගිය අතර මම තනියම විභාගයට වැඩ කරන්න පටන් ගත්තා.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලය  හරහා  ලියාපදිංචි වීමට අප විසින්  AMC part 1 and  Part 2 නම් විභාග දෙකක් කල යුතු වුණා.
මුලින්ම තිබුණු part 1 එකට බහුවරණ ප්‍රශ්ණ 300ක් තිබුණා. වර්ත්මානයේ එය 150ක් දක්වා අඩු කරලා තියෙන්නේ.

එය පරිගණක ගත විභාගයකින් කල යුතුයි. විභාග ගාස්තුවම ඩොලර් 2000ක් වගේ මට මතක

මමත් දිමුතුත් මුලින්ම වැඩ කලේ මේ පළමු කොටස කරන්න.

AMC exam පළමු කොටස කරන්න අපට ඉඩ ලැබෙන්නේ අපේ උපාධි පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් ලබා ගෙන ඇති බව තහවුරු කර ගැනිමෙන් පසුවයි.

Primary course verification නම් වු මේ ක්‍රියාවලියට මස දෙක තුන්ක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙන්න පුලුවන් (ඔබ උපාධිය ගත් විශ්ව විද්‍යාලයේ කාර්යක්ෂමතාවය අනුව ).

දිමුතු සහ ඇලන් මට පෙරාතුව විභාගයට පෙන සිටි අතර මම reasech එක කරන අතරේ හෙමින් හෙමින් විභාගයට සූදානම් වුණා.

ඒ තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් ලබා දුන් පැරණි බහුවරණ ප්‍රශ්න පත්‍ර උපයෝගී කරගෙන.

ඊට අමතරව විශ්ව විද්‍යෑලයේ පුස්තකාලයෙන් බහුවරණ ප්‍රශ්ණ පොත් සහ අනෙකුත් පොත් ගෙනැත් බැලුවා.

මේ අතර ඒ වන විට පත්තර බෙදීම නවතා වැඩිහිටියන් බලාගන්නා තැනක වැඩ කල දිමුතු රාත්‍රී සේවය් මුර වැඩියෙන් කරන්නට වුණා.

 හේතුව ලෙස ඔහු කිව්වේ සියලු නේවාසිකයින් නින්දට ගිය පසු ඔහුට විභාගයට පාඩම් කරන්නට ගොඩාක් ඉඩ ලැබෙන බවයි .

ටික කලක් මෙසේ ගෙවී යද්දී ඇලන් යුවලත්  දිමුතුත් විභාගයට පෙනී සිටි බව මට ආරංචි වුණා.

මේ  වන විට මමත් ටිකෙන් ටික විභාග කරන මාවතට පිවිස සිටි අතර මා ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට කල "පාර්ට් ටයිම්"  ඉගැන්විමත් මගේ විභාග සූදානමට බෙහෙවින් ප්‍රයොජනවත් වුණා. 

මෙසේ මාස දෙක තුනක් ගෙවී යද්දී මට දුරකතන ඇමතුමක් ලැබුණා.

ඒ දිමුතුලා නිවසට අල්ලපු නිවසේ සිටි   බුද්ධි ප්‍රසන්න නම් අපෙ හිතවතා ගෙන් .

"කවිඳු අන්න ඔයාගේ යාලුවා දිමුතු විභාගෙන් පාස් වෙලා .

හෙට අනිද්දාම  ඩොක්ට කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නලු යන්නේ.

මමනම් කියන්නේ ඔයාටත් ඔය විභාගේ කරන්නයි තියෙන්නේ .

දිමුතුට පුලුවන් නම් ඔයාට තවත් හොඳට පාස් වෙන්න පුලුවන්නේ.

 ඔයා කැම්පස් කොල්ලොන්ටත් උගන්නන එකේ"


දිමුතුටත් වඩා මා විභාගය වෙනුවෙන් උනන්දු කල අනෙක්  පුද්ගලයා වූ  "බුද්ධි" මා හට පැවසුවේය.

"නියමයි බුද්ධි දිමුතුවාට නම් දැන් හරි.

ඒක නෙවෙයි ඇලන්ලට කොහොමද?  ඒ දෙන්නත් ගොඩ ගියානම් නියමයි නේද? "

"නෑනේ ඒ දෙන්නම ෆේල් වෙලානේ .හැබැයි ආපහු කරයි"

මට දිමුතු ගැන අධික සතුටක් දැනුණු අතර මටත් විභාගය කල හැකි බවක් ද දැනෙන්නට වුණා.

ඇලන් ලා අසමත් වීම ගැනත් කනගාටුවක්  දැනුණේ ඔවුන් දෙදෙනාත්  දිමුතුලා වගේම අලුත් රටක අලුත් ජීවන රටාවකට හුරුවෙන අතරේ සුලු සුලු රැකියා කරමින් සිටි අය බව මා හොඳින් දැන සිටි නිසයි .

AMC සංඛ්‍යා ලේඛණ වලට අනුව  විභාගයේදී ශ්‍රී ලන්කා උපාධිදාරින් රුසියානු උපාධිධාරීන්ට වඩා  ඉදිරියෙන් ඉන්නා බවත් සනාථ වී තිබුණා.








ඊලඟ කොටස ( AMC- part 1) මෙතැනින්

18 comments:

  1. මා දන්නා බදුල්ලේ ඉන්න දොස්තර කෙනෙක්ගෙ පුතාලා දෙන්නත් විදේශ රටක උපාධිය හැදෑරූ අය. ඔවුන්ට ලංකාවේ විභාගය සමත් වෙන්න බැරිවුණා. දැං ඒ දෙන්නම ස්වීඩනයේ. දෙන්නගෙං එක්කෙනෙක් දැනටමත් එහෙ දොස්තර කෙනෙක්.

    ලංකාවේ ඉගෙනගත් දොස්තරලටත් අන්තිමට ඔය වගේම විබාගෙයක් තියෙනවා නේද?

    ලංකාවේ හොර දොස්තර කෙනෙක් වෙන්න නං ඔය මොනවත් ඕනෑ නැහැ. කාර් එකයි වෙද නලාවයි, කඩයයි, ඉංග්‍රීසියෙන් වැල් අකුරු ලියන්නයි පුලුවං උනහම ඇති.

    ReplyDelete
    Replies
    1. සුරංග ඒ කාලේ ( අපි අවුට් වෙන කාලේ) එහෙම විභාගයක් තිබුණේ නෑ . මේ මෑතක ඉඳන් පොදු බහුවරණ පරීක්ෂණයක් තියෙනවාලු ලංකාවෙ විශ්ව විද්‍යාල වලින් පිටවන අයටත් තියෙන බව සැලයි. සුරංග දන්නවා කියපු දොස්තර ගේ පුතාලා කරලා තියෙන්නේ විදෙස් උපාධි ධාරීන් සඳහා තියෙන විභාගයක් ඒකට කියන්නේ 1962 16 වෙනි පනතේ විභාගය (Act 16 examination) ඒ ගැන මම ලියන්නයි ඉන්නේ.

      Delete
    2. http://www.srilankamedicalcouncil.org/download/ermp/87/29b754efb621fa341adcfeb68ef9818e.pdf

      Delete
  2. ඔය විභාග නොලියා අධිකරණයෙන් තීන්දුවක් ගන්න බැරිද මෙඩිකල් කවුන්සිලයේ ලියාපදිංචිය එමගින් ලබාගෙන ආණ්ඩුවේ හොස්පිටිතාලවල සීමාවාසික පුහුණුව ලබන්න?

    ReplyDelete
    Replies
    1. සමාන්තර ලෝකයක එහෙම පුලුවන් වුනත් මේ රටේ එහෙම කරන්න බැහැ මං හිතන්නේ.

      Delete
  3. යුරෝපයෙන් ආ අයට ඔය විභාගය අමාරු වෙන්නේ භාෂා ප්‍රශ්නය නිසා යි. ලතින් මූලාශ්‍ර නිසා සමානකම තිබුණාට, වෙනත් භාෂාවකින් ඉගෙන ගෙන, සේවය කර මෙහි ආ තිස්, හතලිස් ගනංවල අයට නැවත ඉංග්ලිෂ් පොත් කියවා දැනුම අලුත් කර ගැනීම තරමක් අසීරු කටයුත්තක්.

    මගේ බිරිඳ සමග ඔය (AMC-I) විභාගය කළ එවැනි සමහර අය අසමත් වුණා. ඉන් කොටසක් වෙනත් වෘත්තීන්වලට ගියා.

    ReplyDelete
    Replies
    1. භාෂා ප්‍රශ්ණය නිසා වෙන්න පුලුවන් තමයි. මට වෙලාවකට හිතෙනවා ලංකාවේ අපි ඉගුඅන ගනිද්දි රෑ දෙගොඩ හරිය වෙනකම් පාඩම් කිරිමට සැලැස්වීම වගේ දේවල් නිසා මහන්සි වී පාඩම් කරන්න අපේ අය බහුතරයක් හුරුවෙලානේ ඉන්නෙ කියලත් හරියට මේ කතාවේ කියවෙන දිමුතු වගේ චරිත..

      Delete
  4. කවිඳු සමහර විට නොදන්නා කාරණයක් නම්, අනූවේ දශකයේ මැද භාගය දක්වා ඔය විභාගයට අමතරව එකක් තිබීමයි. ඒ කියන්නේ කොයි තරම් විදෙස් වෛද්‍ය උපාධිධාරීන් පිරිසක් විභාගය සමත් වුණත්, වසරකට එයින් වෙන්නේ 400 ක් පමණක් වීමයි.

    ඒ කියන්නේ උසස් පෙළ කොයි තරම් පිරිසක් සමත් වුණත් විශ්වවිද්‍යාලවලට ගන්නේ සීමිත පිරිසක් වීම. මා උසස් පෙළ කළ වසරේ 140,000 ක් විභාගයට පෙනී සිටියා. ඉන් 40,000 අවම සුදුසුකම ලැබුවා. නමුත් විශ්වවිද්‍ය්ලයට ඇතුලත් කර ගත්තේ 5,000 පමණයි.

    එලෙස කෝටාවක් දැම්මේ, දොස්තර අතිරික්තයක් ඇතිවීම වැලැක්වීමට ලු!

    පසුව, මානව හිමිකම් තීරණයක් අනුව ඒ කෝටාව නැතුව ගියා!

    ඒවන විට කොහොමටත් දොස්තර හිඟයක් ඇතිවෙලායි තිබුණේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ඒ කාලේ කෝටාව තිබුණත් විභාග කලේ අඩු පිරිසක් දැන් දැන් ලන්කාවෙන් විතරක් නෙවෙයි ඉන්දියාව ආදි අනෙක් රටවලිනුත් එන පිරිඅස් වැඩි වෙලා තියෙන්නේ. අපි ඇඩිලේඩ් ඉද්දි අපේ හිටපු ලංකාවෙන් ඇවිත් තිබුණේ 1975 ඒ කාලේ විභාග අවශ්‍ය වුනෙත් නැතිලු

      Delete
  5. ලංකාවේ doctors කට්ටිය Singapore ගිහින් කරන්නේ ඔය exam එකද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔව් ඒක තමයි. දැන් නම් ඉන්දියාවේ ගිහිනුත් පළමු කොටස කරන්න පුලුවන්ද කොහෙද

      Delete
  6. රසවත් ලිපියක්. ඔස්ට්රේලියාවට අපු ගමන් ලංකාවේ අය කථා කියන එකනම් සාමාන්ය දෙයක්නේ. මම වෘත්තියෙන් යාන්ත්රික ඉංජිනේරුවෙක්. මැද පෙරදිග වසර 7ක් පමණ සේවය කර ස්ථිර පුරවැසි භාවය ලබාගෙන මෙල්බර්න් වලට ආවා. ආපු ගමන් මෙහේ ඉන්න ලංකාවේ යාලුවෝ කිව්වේ "අපෝ ඉංජිනියරින් ජොබ්ස් නම් හොයන්න එපා. එහෙම ඒවා හම්බෙන්නේ නෑ." "ඔය ඉංජිනියරින් ජොබ් හොයන එක පැත්තක තියලා ක්ලීනින් පටන් ගන්න" වගේ කථා. මට ඕනේ උනේ කොහොම හරි මගේ ක්ෂේත්රයේ වෘත්තිමය රස්සාවක් හොයගන්න. කොච්චර අයදුම් පත් දැම්මත් කිසිම ප්රතිචාරයක් නෑ. පස්සේ හොයලා බලපුහාම මම දැනගත්තා පිට රටවලින් එන වෘත්තිකයන්ට ඕස්ට්රේිලියාවේ රැකියාවක් ලබාගැනීමට අවශ්ය කරන පසුබිම සකසන පාඨමාලා (Bridging Course) තියෙන බව. එම පාඨමාලාව කරන කාලය තුල ඕස්ට්රේලියාවේ ආයතනයක පඩි රහිත පුහුණුවක් ලැබෙනවා. ඒක ගොඩක් වටින්නේ අපේ ක්ෂේත්රසයේ ගොඩක් රැකියා වලට ඕස්ට්රේලියාවේ පළපුරුද්ද ඉල්ලන නිසා. ඉතින් මමත් එහෙම පාඨමාලාවක් කරලා පුහුනුවකටත් ගියා. ඔය දෙකටම යන අතරතුරත් ලංකාවේ අය කථා කිව්වා. "ඔය කොර්ස් කරලා හරියනවද? ඔහොම නිකං වැඩ කරලා හරියනවද ? ඔය පිස්සු වැඩ නොකර කීයක් හරි හම්බෙන වැඩක් කරන්න " වගේ කථා. කොහොමහරි පුහුණව අවසන් වෙනකොටම මට මගේ ක්ෂේත්රකයේ වෘත්තිමය රැකියාවක් ලබාගන්න පුළුවන් උනා. මෙහෙ ඉන්න අනිත් ලංකාවේ අයගේ කථා ඇහුවනම් මට තාමත් මගේ ක්ෂේත්ර්යේ රැකියාවක් හොයාගන්න වෙන්නේ නෑ.

    ReplyDelete
  7. //පිට රටවලින් එන වෘත්තිකයන්ට ඕස්ට්රේිලියාවේ රැකියාවක් ලබාගැනීමට අවශ්ය කරන පසුබිම සකසන පාඨමාලා (Bridging Course) තියෙන බව// ස්තුතියි වජිර, ඔව් ඔය "පාලම් පාඨ මාලාවක් " මමත් කලා . මෙහේ වෛද්‍ය වෘත්තිය කරන්න ඉන්න අයටත් එහෙම කරාම රස්සාවක් ගන්න ඇති ඉඩකඩ වැඩිවෙනවා. එහෙමම තමයි වැටුප් රහිතව වැඩ කරලා පුහුණුවක් ලබන එක /observership) මමත් සති කිහිපයක් එහෙම කලා. ඒ හරහා මෙහේ වැඩපොලවල් වල අයට අපිව හඳුනාගන්නත් ලැබෙනවනේ.

    ReplyDelete