Follow by Email

Wednesday, 8 February 2017

ජීවිතයත් මරණයත් අතර සටනක


මෙතෙක් කතාව

නිම්මිලා ගෙදර ගිය මුල්ම දවස් වල මට සුමීර මුණගැහෙන්න ලැබුණු හැටි ගිය වර පොස්ට් එකෙන් ඉදිරිපත් කලෙමි.
එදා සුමීරත් එක්ක අවර වැලට මැස්ස ගැසීමෙන් පසු සති දෙක තුනක්ම සුමීර  මගේ අත් උදව්වට  ආවා.

මමත් සුමීරත් එකතු වී කල වැඩ අතරට නිම්මිලා ගෙදර  අවට  කල කෙසෙල් වගාව , ගම්මිරිස් සහ එනසාල්
වගාවත් ඇතුලත්. සති අන්තයේ මාවනැල්ලේ ගොස් නිම්මිලා ගෙදර අය බලන අතරේ මගේ සහ සුමීරගේ වගා හවුලද කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුනා.

සතියේ දවස් වල නිම්මිත් මමත් දෙදෙනාම වැඩට යන නිසා මාවනැල්ල ගැන සොයාබැලෙන්නේ  හරි අඩුවෙන් .

එදා  සතියේ මැද දවසක් . උදේ පාන්දරම මගේ  ඇල්කටෙල් දුරකතනය නාද වුණා. ( ඒ කාලේ අපි කුලියට හිටපු ගෙදරට ටෙලිෆෝන් තිබුනේ නෑ මගේ  ජංගම දුරකථනය විතරයි අපිට තිබුණේ )

නිම්මි දුරකතනයට උත්තර දෙනවා

"මොනවා ?

නෑ වෙන්න බෑ  මේ ගිය ඉරිදා හොඳට හිටිය කොල්ලනේ ?

අය්යා ට හරි දුක හිතෙයි ඇහුවම "

නිම්මි දිගටම කථාව.

මට ඇහෙන්නේ සංවාදයේ  හරි අඩක් පමණයි.

ඉතිරි හරිය අනුමාන කරන්න වෙනවා.

කතාවෙන්නේ කවුරු ගැනද කියලා දැනගන්න කම් දැන්නම් ඉවසිල්ලක් නැති ගාණයි.

මම තවමත් ඇල්කටෙල් එකේ එල්ලිලා ඉන්න නිම්මි දිහාවට ගියා .

" මොකද ? මොකද  කලබලේ?

 කවුද දැන් ඔය කතා කරන්නේ ?

කාටද හොඳටම ආමාරු ? "

මගේ ප්‍රශ්න මාලාව යොමුවුණේ එවැනිම ප්‍රශ්න මාලාවක් දුරකතනයේ අනෙක් අන්තයට යොමු කරමින්සිටි නිම්මි වෙතට

"හරි වැඩේනේ වෙලා තියෙන්නේ . සුමීර වාහනේකට  යට වෙලාලු . ඔළුවටත් තුවාලයි ලු .

කුළියාපිටියෙදී ලු ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ

කුළියාපිටියේ  ඉඳලා  මහනුවර දැඩිසත්කාර ඒකකයට මාරු කරලා එවලාලු  ඊයේ රෑම"

නිම්මි අමරා ඇය වෙත දැනුම් දුන් විස්තරය නැවත වරක් මට පැවසුවාය.   ඇයගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙන්නට ආසන්නය

"සුමීර ඉන්නේ මාවනැල්ලේ නේ  එයා  මොනවද කුළියාපිටියේ කරන්නේ ? "

හිතේ ඇතිවූ අධික කම්පනය සහ කනගාටුව යටපත් කරගත් මම නිම්මිගෙන් ඇසුවෙමි.

මිට දෙදෙනිකට පෙර මා හා උරෙණුර ගැටී වැඩ කල මගේ  සගයා කුළියාපිටියේ  ගියේ ඇයි.?

ඔහු වාහනයකට  යටවුයේ කෙසේද?.

නොවිසඳුන ප්‍රශ්න රාශියකි.

"හරි හරි අපි ඉක්මනට ලෑස්ති වෙලා අයිසියු  එකට යමුකෝ එතකොට විස්තර දැනගත්තැකි  නේ ? "

නිම්මි ඊලඟට කල යුතු හොඳම දේ මට මතක් කර දුන්නාය.

දඩි බිඩි ගා විනාඩියට දෙකට සුදානම් වූ  මම  නිම්මි සුදානම් වෙනතෙක් කල්පනාවේ යෙදුනෙමි.

එදා නිම්මි උදේ හතට සේවයට් යන දවසකි. ඒ සුමීර  නතර කර සිටිනවා යැයි කියූ මහනුවර මහා රෝහලේමය.

"යමු .. යමු"  මා මෙන් ඉතා ඉක්මණින් සුදානම්  නිම්මිටත් සමීරගේ ඇත්තම තත්ත්වය බලාගන්න හදිස්සි පාටය.

"පවු අනේ අම්මත් ළඟ නැති කොල්ලා . ගොඩක් අමාරුද දන්නේ නෑ නේද? "

"හරි හරි නගින්නකෝ  කාර් එකට  ගිහිල්ලම බලාගමුකෝ "

මම හිතේ ඇති වූ බලවත් කනගාටුව සඟවා ගනිමින් පැවසුවෙමි.

අපි උදේ හයයි කාල පමණ වෙද්දී  සුමීර බලන්නට පිටත් වීමු.

මම  පේරාදෙණිය  හරහා වාහනය පදවමින් සිටියෙමි .  ගැටඹේ  පංසල  අසල  ඒ වෙලාවෙත්  මහා පිරිසක් ගැවසී සිටිති .

"සුමීරට  බරපතළ  අමාරුවක් නැත්නම්  හොඳයි. පවු අහිංසක ළමයා"

නිම්මි කියන්නේ ගැටඹේ  බෝධියටද  අසළ සිටින මටද  කියා පැහැදිලි නැත.

විනාඩි කිහිපයක්  ඇතුළත අපි නුවර මහා රෝහල වෙත ලඟා වීමු.

කඩිමුඩියේ වාහනයෙන් බැස ගත්අපි   දැඩිසත්කාර ඒකකය වෙත පියමැන්නෙමු.

"හලෝ නිම්මි මිස් මොකද මේ පැත්තේ? "

නිම්මි හඳුනන හෙද සොයුරියක් දොරෙන් ඔලුව දමා අප පිළිගත්තාය.

" අපේ ගමේ ළමයෙක් මෙහාට ගෙනාවලු සුමීර කියලා ? කුළියාපිටියේ  ඉඳන්?

අපි ආවේ සුමීර බලන්න ."

"ආනේ නිම්මි මිස් සමීර ඔයාලා දන්න පවුලක  ලමයෙක්ද?

බලන්නකෝ  මෙහෙමත් අම්මලා? "

"ඇයි ඇයි මොකද වෙලා තියෙන්නේ  ? අපි දන්නා හැටියට නම් සුමීරගේ අම්මා හිටියේ රට "

"ඔව් ඔව් රට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි සුමීරගේ අම්මා  මේ ලඟදි ලංකාවට ඇවිල්ලා.

ඊට පස්සේ එයා සමිරව එයාගේ ගමට එක්කං ගිහිල්ලා .

සුමීර අම්මා එක්ක ගමේ ගිහින් ඉද්දි තමයි මේ ඇබැද්දිය වෙලා තියෙන්නේ "

"ඒ කියන්නේ  සුමීර වාහනේකට අහුවෙලා තියෙන්නේ අම්මලා ගමේදී ?

මොනවා කරන්න ගිහිල්ලද ? "

"අපිට ආරංචි හැටියට මොකක් හරි දේකට අම්මා එයාගේ පස්සෙන් පන්නලා   දඬුවම් කරන්න වත් වෙන්න ඇති .

අම්මාට බයේ දුවන සුමීර කෙලින්ම පාර හරහා දුවලා ළඟ ලඟම වෑන් එකක් එද්දී .

කොල්ලා ඒකට යටවෙලා මිස් "

"අය්යෝ අපරාදේ ..ගොඩක් තුවාල තිබුණද?"

" ඩිප්රෙස්ඩ්   ෆ්රාක්ච්ර් එකක් තිබුණා ඔළුවේ .

වැඩිපුර  හානි වෙලා තියෙන්නේ   මොළේ ඉස්සරහ කොටසලු .  නියුරෝ සර්ජරි එකෙන් පස්සේ  එයා  දැන් ඉන්ඩියුස් කෝමා  එහෙක ඉන්නේ මම හිතන්නේ  "

නිම්මිගේ මිතුරිය  සුමීර සිටිනා බරපතළ තත්වය අපට විස්තරකලාය  .

ඒ අනුව  කපාලයේ  අස්ථි බිඳී මොළයේ  ඉදිරි පස කොටසට  බලපෑමක් ඇතිවී තිබු සුමීර  ශල්‍යකර්ම යෙන් පසු   සිහි නැතිකර    දැඩිසත්කාර ඒකකයේ  මැෂින් වලට සම්බන්ධ කර සිටියි.

ඔහු සිටින්නේ තවමත් සිහි නැති තත්ත්වයකය.

අප නිම්මිගේ මිතුරියත් සමග රෝගියාගේ ඇඳ ලඟට ලඟා වූයෙමු.

ඔහුගේ හිස සම්පුර්ණයෙන් වෙළුම් පටි වලින් ඔතා තිබේ.

ඔහු බට ගොඩකින්  මැෂින් කිහිපයකට සම්බන්ධ කර ඇත.

ළඟ ඇති මොනිටරයෙන්  බීප් , බීප්  හඬක් නගමින්  සුමීරගේ  නාඩි සහ රුධිර පීඩනය  ආදී  මිනුම්  පෙන්නුම් කරයි.



සුමීර ඇත්තටම සිටින්නේ ඉතා බරපතළ  තත්ත්වයකය.

ඔහු මේ ගත කරන්නේ ජීවිතයත් මරණයත් අතර මොහොතක  යැයි කිවහොත් එය අතිශෝක්තියක් නොවේ .

නිම්මිට  හැඬේන්නට ආසන්නය.  මමත් අධික ලෙස ශෝක වුයෙමි.

අප මිට දිනකිහිපයකට  පෙර මාත් සමග හරි හරියට වැඩ කල මගේ පුංචි මිතුරා ගැන හදවතින්ම ශෝක වූයෙමු.




14 comments:

  1. Replies
    1. ඔබ ඉල්ලුවා .. මම ලිව්වා.. ඊළඟ කොටස් කියවන්න..

      Delete
  2. කලින් කතාව මෙහෙම දෙයක ආරම්භය වෙයි කියල නිකමටවත් හිතුනේ නැහැ...
    ඉතාම දුක්බරයි මේ සිදුවීම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු ... ඒක තමයි.. පුවක් බාස් වගේ දිග කාලයක් මාත් එක්ක ගණුදෙනු කරන්න ලැබුනේ නෑ සමීරට එයා මේ ඇබැද්දියට මුහුණ දුන්නේ අපි ගණුදෙනු වල මුල් කාලෙමයි.

      Delete
  3. Replies
    1. අම්මගේ වරදක් මට නම් පෙනුණේ නෑ... අම්මා සමීර පස්සෙන් ගිය එක තමයි කරලා තියෙන්නේ..

      Delete
  4. අම්මගේ මානසික තත්වය කොයි තරම් කඩා වැටෙන්න ඇද්ද......මම පොඩි කාලේ පූසෙක් පස්සෙන් පන්නලා, ඌ කාර් එකකට යටවුනා. මහා වරදකාරී හැඟීමක් එන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අරූ.. සමීරගේ අම්මා ගොඩක් කම්පා වෙන්න ඇති. අපි දැඩි සත්කාර ඒකකයේදී ( ගිය හැමදාම/ අපි දෙන්න දිනපතා සමීර බලන්න ගියා ) දැක්කේ ඔලුවේ ඇත ගහගෙන හිටි ලීල් ( සමීරගේ තාත්තා ) විතරයි.

      Delete
  5. ඊගාව කොටස මෙහෙම වෙයි කියල නිකංවත් හිතුනෙ නෑ.
    බොහොම කණගාටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න.. මටත් හිතුනා මේ ගැන ඒත් සමීර අපිට හමුවී සති ගණනකින් තමයි මේ අනතුර වුණේ.

      Delete
  6. මේක කියවලයි මුල් එක කියෙව්වෙ
    බොහොම කණගාටුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවට.. සමීර ගැන ඉදිරියට කියවන්න

      Delete
  7. හයියෝ ... ජීවිතේ තීරණාත්මක මොහොතවල් එළඹෙන්නේ ඇසිපිය ගසන වේගයෙනි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනිත් කොන... ඔව් ඔව් වුර්තිය ජීවිතයේත් අපිට පුරුදු දේවල් නේ මේ වගේ අභාග්‍ය සම්පන්න සිද්ධි වලට් මුහුණ දුන අය දකින්න ලැබෙන එක .

      Delete