Follow by Email

Friday, 10 March 2017

සටනක ඇරඹුම


වර්ෂය 1980 . යන්තමින් අවුරුදු දහයක් පිරුණු කොල්ලෙක් අම්මාත් අක්කා සහ අය්යාත් අතර ඇතිවන තීරණාත්මක සාකච්චාවකට  සවන් යොමා ගෙන සිටිනවා.

"තාත්තාගේ රස්සාව නැතිවෙන්න ලු යන්නේ . උඹලා ට ටිකක් කරදර වෙන්න වෙයි . ඉස්සර වගේ අරකට මේකට සල්ලි ඕනේ කියලා කරදර කරනවා එහෙම නෙවෙයි "

"අපි නෙවෙයි මෙයානේ වැඩිපුරම පත්තර ගන්න එහෙම සල්ලි ඉල්ලන්නේ . ඒක තමයි මේ ලඟදි මුත්තාගෙනුත් බැනුම් ඇහුවේ "

අක්කා තමා නිදොස් බව හැඟවූයේ අසල සිටි අය්යා ප්‍රධාන වැරදි කාරයා කරමිණි.

"ඔව් ඔව් මුත්තා මට බැන්න නේ තොපිට ඉතිං කොච්චර වත් පත්තරේ - බිත්තරේ  දැන්වත් ඔය මිනිහට කරදර කරන එක නවත්තපල්ලා "  කියලා .

අය්යා අක්කා කිවූ කාරණය අනුමත කරමින් පැවසුවේය.

මේ අතර දස වියැති කොලුවා නුදුරු අනාගතයේ එළැඹෙන්නට  නියමිත ආර්ථික අපහසුතා වලින් මිදෙන පාරක් ගැන සිතන්නට විය.

ඔහුට වහාම මතක් වූයේ හෙලතන්නේ පොඩ්ඩේ අය්යලා ගැනයි.

තම තම ඉඩ කඩම් පුරා එලවළු  වවන පොඩ්ඩේ අය්යාලා ගෙදර අගහිඟ කම් නැතිතරම් ය.

ඒ ඔවුන් කිසි කම්මැලි කමක් නොමැතිව එලවළු වගාව ජයටම කරන අය්යමලෝ තිදෙනෙක් වීමයි.

මමත් පොඩ්ඩේ අය්යලා  චුට්ටේ අය්යලා වගේ වගාවට බහිනවා.

එසේ සිතා ගත් ඔහු ගෙදර තිබූ උදලු කෙටියත් අරන් වත්තේ පල්ලැහැට ගමන් කලේය.

ඒ වෙනකොට පල්ලැහැ වත්තේ   තිබුණේ තාත්තා විසින් වවා  තිබුනු උක් ගස් ගොඩක්.

ඒ වායින් අපේ ගෙදරම හකුරැ හදා ගත්තේ මල්වත්තේ උක්මෝලෙන්  උක්ගස් අඹරවා ගත්තට පස්සේ.

මෙතන හොඳයි මගේ වගාව පටන් ගන්න.

උක් ගස් වගාව මැදට වන්නට තිබූ පාලු කොටසක් උදලු ගාමින් ඔහු හිතන්නට වුණා.

අපේ කතානායකයා එදා රෑබෝ වනතෙක් වත්තේ පල්ලැහැ ගැවසී ගෙදරට ගොඩවුණේ හවස හයට හය හමාරට විතර.

 ඒ වෙනකොට උක්ගස් වගාවට මැදි වූ පුංචි බිම් කඩක ගෙදර කුණු වලෙන් සොයා ගත් අමු මිරිස් පැල තුනක් සිට වී තිබුණා.



"අපිත් අංජු මාමලා , පොඩ්ඩේ අය්යලා එහෙම කරනවා වගේ  වත්තේ මොනවා හරි හදමු අම්මා  .

තාත්තාගේ රස්සාව නැතිවුණාටකමක් නෑ. එලවලු වලින් සල්ලි හොයන්න පුළුවන් වෙයි"

 ඔහු අම්මාට කිව්වා.

ඌව පළාතේ කඳුකර පරිසරයක මෙතෙක් ඒ ගම්මානයෙන් බිහිවූ සාර්ථකම ගොවි තරුණයෙක්  වගා සටන ඇරඹුවේ එලෙසයි.

අද  ඔහු ආර්ථික භෝග වගාවෙන් ඈත් වී තම නිවසේ විනෝදයට එලවලු ටිකක් හදා ගන්නා ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්.













එදා දෙමව්පියන් ගේ සහයට  අවුරුදු දහයක් වැනි කුඩා වයසකදී වගා සටනට බට ඔහු අද වෘත්තියෙන් විශ්ව විද්යාල කතිකාචාර්ය වරෙයෙක් සහ සායනික වෛද්‍යවරයෙක්.


11 comments:

  1. ගොවියා වෛද්‍යවරයෙක් වී රට ගිහිං ඇත්තේ කඳ පමණක් අරගෙනය. හිස සහ හිත ලංකාවේය. දැන් වෛද්‍යවරයා එරට සිට මෙරට tele-social service එකක්ද කරගෙන යන්නේය.

    හැබැයි එදා සිටි ගොවියාගේ තැන ගන්නට ගොවියෙක් වත්ත පහල බිම්කඩේ නැත?

    ReplyDelete
    Replies
    1. //එරට සිට මෙරට tele-social service එකක්ද කරගෙන යන්නේය. // සුරංග, කල්‍යාණ ඇතුලු මුහුණු පොතේ ඒ ඒ වෙලාවට ඉන්නට බොහෝ පිරිසක් මේ ටෙලි වැඩේ කොටස් කරුවෝ වෙනවනේ පණිවිඩ හුවමාරුවට උදව් වෙලා.

      Delete
    2. සුරංග, අලුත්ම ටෙලි වැඩේ නැගලා යනවා. ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි වගේ . ඉදිරියේදි විස්තර ලියන්නම්

      Delete
    3. //හැබැයි එදා සිටි ගොවියාගේ තැන ගන්නට ගොවියෙක් වත්ත පහල බිම්කඩේ නැත?//
      කණගාටුදායක සත්‍යය එයයි. හේතුව හදන වවන එක දුප්පතුන්ගේ වැඩක් ඇයි සිතන අපේ අයගේ නොදියුණු මානසිකත්වය.

      Delete
  2. ගොවියෙකුට දොස්තර කෙනෙක් විය හැක. නමුත් දොස්තර කෙනෙක් ගොවියෙකු වන්නේ කලාතුරකිනි.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා ට්‍රාන්ස්සිල්වේනියා ලියන රුවන් ජයතුංග දොස්තර වරුන්ගේ අනවශ්‍ය මහන්තත්ත්වය ගැන ලියලා තිබ්බා ඊයේ . ඔය කියන "ලොකුකම නැත්නම් දොස්තර කෙනෙකුට ගොවියෙක් වෙන එක ලොකු දෙයක් නෙවෙයි. මගේ ඊලඟ පොස්ට් එකේ එන්නේ අපි හඳුනන එහෙම දොස්තර ලා ගැන කතාවක්

      Delete
  3. නීති වෙනස් වෙන දිනයක් උදා වී cannabis sativa වැවීමටත් ඉඩ ලැබේවා.

    ;-)

    ReplyDelete
    Replies
    1. ඔය කාලේ අපේ ගෙට පල්ලැහැ ගෙදර හිටපු ජයසේන මාමා බොංචි පාත්ති අස්සේ කංසා ගස් ටිකක් හදලා තිබ්බා. අපි ඒවයින් කොල කඩාගෙන එනවා හරක්මස් උයනකොට එහෙම දාන්න.

      Delete
    2. cannabis sativa වෛද්‍යමය හේතු වලට ගන්න පුලුවන් නේද වික්ටොරියාවේ?

      Delete
  4. ++++++++
    Phone eke sinhala pissu kelinawa blog walata, FB ekata ok...
    Heta sinhalen amathannam...:)
    Jaya wewa...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු පුතේ ..

      Delete