Follow by Email

Friday, 21 April 2017

අපේ කුණු වල



මෑතක සිදු වූ මිතොටමුල්ලේ  කුණු කන්ද නාය යෑම සහ ඒ නිසා සිදු වූ ජිවිත හා දේපළ හානිය ගැන කවුරුත් කතා කරන්නේ අධික කම්පනයකින් යුතුවයි.

මේ අවාසනාවන්ත සිද්ධිය නිසා කවුරු කවුරුත් කසළ බැහැර කීරීම, පොලිතීන් සහ සිලිමළු අඩුවෙන් පාවිච්චි කිරීම, දිරාපත් වන කසළ යොදාගෙන කොම්පෝස්ට් හැදීම වගේ දේවල් මෙන්ම කුඩා කාලයේදීම  කුණු ක්‍රමානුකූලව බැහැර කරන්නට අපේ දුවා දරුවන්ට උගන්වන්නටත් කතා වෙනවා.

කාලීන මාතෘකා ගැන කතා නොකර අතීත ආවර්ජනාවේ යෙදීම  අපට තරම් නොවේ යැයි සිතුණු නිසා  මා දන්නා  පොඩි පොඩි කුණු කතා ටිකක් බ්ලොග් වසන්තය සමයේ එළි දක්වන්නට සිතුණා.

මුලින්ම අපේ කුඩා කාලයේ අපේ නිවස සහ ඒ අවට කසළ බැහැර කිරීම සම්බන්ධ මේ කතාවට යොමුවෙමු.


 

ගෙවත්තේ කුණු වල සහ අපේ මල් , එළවලු වගාව 




අවුරුද්දකට වතාවක් හෝ ගෙවල් වටා එළිපෙහෙළි කරන එක ඒ කාලේ අපේ ගම බිම් වල සිරිතක් . 

ඒ සිංහල අවුරුද්ද  ඉලක්ක කර ගෙන.  ඉස්කෝලේ නිවාඩු කාලෙටත් එවැනිම එලි පෙහෙළි කිරීමක් කරන්න අපේ ගෙදර අය අමතක කරන්නේ නෑ. 

ඒ මිදුලේ සහ ඒ අවට ඇති මල් පාත්ති සහ එළවළු පාත්ති අලුත් මුහුණුවරකින් සකස් කරන එකත් මේ වැඩේට ඇතුළත්.

අක්කලා , නංගිලා  මල් පාත්ති වටේ ගල් අල්ලා සකස් කරද්දී  ගෙදර කුණු වල ගොඩ දැමීම කරන්නේ  කොල්ලෝ දෙන්නගෙන් කෙනෙක්. 

බොහෝ වෙලාවට මේ රාජකාරිය පැවරෙන්නේ මට .  අම්මා දිනපතා කුස්සියෙන් ඉවත් කරන තේ කොළ, බිත්තර කටු , කොස් කටු, එළවලු  පලතුරු වල ප්‍රයෝජනයට ගත නොහැකි කොටස් ආදී සියලු අප ද්‍රව්‍ය අපේ කුණු වලට එකතු වෙනවා.

ඒ විතරක් යැ අම්මා කුස්සියේ එලවලු කපද්දී ඒවා හෝදන්න පාවිච්චි කරපු වතුර කොරහත් විසි කරන්නේ ඔය කුණු වල දිහාවට. ඒකේ රටබටු තක්කාලි ඇට, මිරිස්  ඇට , වට්ටක්කා ඇට වගේ ජාතිත් පිරිලා තියෙනවා. 

ඊට අමතරව වැඩිපුරම නැතත්  පොඩි පොඩි පොලිතීන් කෑලි, බැටරි කෑලි , කඩදාසි වගේ දේවලුත් මේ කුණු වලේම තියෙනවා.

ඉතිං ඔය කියන ශ්‍රමදානය වෙලාවේ  කුණු වල අදින අපි මුලින්ම හොඳින් දිරාපත් වී කලු පැහැ ගැන්වුණු හ්‍යුමස් බවට පත් වූ  පස් මුලින්ම එක පැත්තකට ගොඩ කරනවා.

එහෙම කරද්දි විශාල කම්බිලි පණුවෝ එහෙම දිරා පත් වන කුණු ගොඩේ හරියට ඉන්නවා පෙනෙනවා. ඒ වෙලාවට අපේ අක්කා , අය්යා එහෙම මට උපදෙස් දෙන්නේ ඒ කම්බිලි පණුවෝ සේරමත් පස් ගොඩටම දාන්න කියලා තමයි. ඒ කියන්නේ ඒ වෙනකොටත් එයාලා දැන්ගෙන ඉඳලා තියෙනවා දිරා පත් වන ද්‍රව්‍ය කොම්පොස්ට් කරද්දී මේ පණුවෝ  හරි වැදගත් කියලා.

කොහොම හරි  දිරාපු කලුම කලු පස් තෝර තෝරා පැත්තකට කරන අපිට මේ වෙලාවේ තව තව දේවල් හම්බ වෙනවා. සැමන් ටින්,  ප්ලාස්ටික් කෑලි, පරණ සෙල්ලම් බඩු , ටොෆ්ස් කොළ , පොලිතීන් කෑලි වගේ දේවල් ඒ අතරේ තියෙනවා.

එක්කෙනෙක් ඒ දිරාපත් නොවන කුණු වෙනම පැත්තකට එකතු කරන අතරේ අනික් අය අර කලු පස් ගෝනි පිටකට දමා ඇදගෙන යන්නේ මල් පාත්ති, එලවළු පාත්ති වලට එහෙම පුරවන්න.


මේ විදිහට පොහොරවූ පස් සහ දිරාපත් නොවෙන කුණු අයින් කල කුණුවලත් අපේ මල් පාත්ති වගේම අවුරුදු කාලෙට/නිවාඩු කාලෙට අලුත් වෙනවා.

එසේ අලුත් වූ කුණුවල පහුවදා සිට නැවත අම්මා කුස්සියෙන් ඉවත් කරන අප ද්‍රව්‍ය වලින් පිරෙන්නට ගන්නවා.
සතියක් දෙකක් ගත වෙද්දී අර කලු පස් වැටිච්ච මල් පාත්ති , එලවලු පාත්ති කොල පාටින් බැබලෙන්න පටන් ගන්නවා.

කූර කොළ, මුකුණුවැන්න, බටු, මිරිස්, තක්කාලි වගේ ම වට්ටක්කා පැල එහෙමත් මේ පාත්ති අතරින් මතු වෙනවා දකින්න පුලුවන් . ඔන්න ඔහොමයි ඒ කාලේ අපේ ගෙදර කුණු වල අපි ප්‍රයොජනයට ගත්තේ.




බ්ලොග් වසන්තය ඡන්ද පොලට ගොස් ඔබ කැමති බ්ලොග් ලිපි තුනකට ඡන්දය දෙන්න. මෙතැන ඔබන්න.

24 comments:

  1. "ඒකේ රටබටු තක්කාලි ඇට, මිනිස් ඇට , වට්ටක්කා ඇට වගේ ජාතිත් පිරිලා තියෙනවා."
    මිනිස් ඇට ??? හරිම දරුණු සීන් එකක්....... ජනාධිපති කොමිසමක් පත් කරලා මේ ගැන සොයා බලන්න ඕන හිටං ;)

    ReplyDelete
    Replies
    1. මිරිස් ඇට ''මිනිස් ඇට '' වෙලා සිංහල යුනිකෝඩ් එකේ ප්‍රමාද දෝෂයකින්.

      Delete
    2. අපේ පරණ කුණුවල හාරන එක අත්‍යාවශ්‍ය සේවයක් කරන්න ඕනේ හිටං

      Delete
    3. බ්ලොග් වසන්තේට ගිහිල්ලා චන්දයක් දුන්නද හිටං?

      Delete
    4. ජන්දෙ දුන්නා.. ඒක දුන්නෙත් 153 බස් එකේ හිටං එන ගමන් තෙලබනුවෙන් ජාලගත වෙලා ඉන්න කොට​... තව ටිකකින් තව ජන්ද කීපයක් ලැබේවි.කිංසි පාරේ වෙද ඉස්කෝලේ ඉගෙන ගන්න වෙන්න හාමිනේටත් නිව්ස් එක දුන්නා. බ්ලොග් කියවන​ එයාගේ යාලු මාලු උපදේශක බමුණෝ බැමිණියෝ කීප දෙනෙක්ගෙන් තමයි අනිත් ජන්ද ලැබෙන්නේ
      ජය වේවා !!!!

      Delete
    5. ස්තුතියි. චන්ද ව්‍යාපාරය නැගලා යන බව පෙනෙනවා. තරඟ කරුවොත් එන්න එන්න වැඩිවෙනවා. බ්ලොග් වසන්තය ජයවෙන පාටයි

      Delete
  2. මිනිස් ඇට ද මිරිස් ඇට ද මචං..?��

    ReplyDelete
    Replies
    1. මිරිස් ඇට, මිරිස් ඇට, අපේ ගෙවල් වල කුකුල් ඇටයක් වත් දකින්න අමාරුයි ඔය කාලේ.

      Delete
  3. මිනිස් ඇට ද මිරිස් ඇට ද මචං..?��

    ReplyDelete
    Replies
    1. http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html මේකේ මිරිස් ටයිප් කරන කොට මිනිස් වෙනවා හොඳට බැලුවේ නැත්නම්

      Delete
    2. ඒක නෙවෙයි , බ්ලොග් වසන්තේට ගිහිල්ලා චන්දයක් දුන්නද හිටං?

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  4. මෙන්න මේක කොහොමද බලන්න​
    http://www.lexilogos.com/keyboard/sinhala.htm

    ReplyDelete
  5. දැං ඉන්න අපේ පොස් ඈයො කම්බිලි පණුවෙක් දැක්කොත් ඈක්ක ගායි. ඉතිං කොහොමෙයි කුණු වලවල් ගොඩ දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් කම් බිලි පණුවො දකින්නත් අමාරුයි. මම මෙහෙ හදන කොම්පොස්ට් එකෙ ගැඩවිල්ලො නම් ඉන්නව හරියට (කඩෙන් ගෙනාපු ලොකු ප්ලස්ටික් කොම්පොස්ට් බින් එහෙක අපි කොම්පොස්ට් හදන්නෙ මේ රටේ)

      Delete
    2. earth worms... you can even buy worm farms from the shops (gardening shops)

      Delete
  6. කුනු කතාවක් මරුමරු

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මද්දා... චන්ද පොලට ගියැයි??

      Delete
  7. ඉස්සර කුණු වලක් කියන්නේ ගෙවත්තක අනිවාර්ය අංගයක්. ඒ තියා ලිඳේ නාන වතුර ටික වලකට යවලා ඒකෙත් කොහිල වගේ දේවල් හිටවනවා මට මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කුරහන් මළේ ඒ කාලෙ හැම ගෙදරකම කුණුවලක් සහ ඔය කියනවා වගේ කොහිල වලක්, කංකුං ගාලක් වගේ දෙයක් තිබුණා. චන්ද පොලේ උණුසුමත් බලන්න ගිහිල්ලා..

      Delete
  8. ඔන්න බලමුකෝ දැන්නේ කුණුවල හොයාගත්තේ. ඒ කාලේ ඔන්න ඔහොමයි කසල කළමනාකරණය කළේ. දැන් වගේ පොලිතින් ටින් ගොඩවල් නැති හන්ද ලේසියට පහසුවට සියල්ල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . ඔව් ඔව් ඒ කාලෙ ජිවිතේ සාපේක්ෂව සරළයි තමයි. ඒත් දැන් වුණත් කල්පනාවෙන් කලොත් කසළ කලමනාකරනය ඔයිට වඩා හොඳට කරගන්න පුලුවන්

      Delete