Follow by Email

Thursday, 11 May 2017

සටන ඇඹරේ ..( බ්ලොග් වසන්තයේ චන්ද සටන උණුසුම් වන ලකුණු)



අපි පොඩි කාලේ  අපේ ගෙදර සිදුවු චන්ද ව්‍යාපාරයක් ගැන කිව්වා ඔබට මතක ඇති.

බෝතලය සහ පනාව චන්ද ලකුණු යටතේ පැවැත්වුණ ඒ "පුංචි චන්දය" එදා කෙළවර වුණේ ගුටිකෙලියක්ද සමගිනි.

දැන් උදාවී ඇති "බ්ලොග් වසන්තයේද" එවැනිම චන්ද ව්‍යාපාරයක් පැවැත්වෙමින් තිබේ.

"පනා බෝතල් චන්දය " මෙන් සෙල්ලං චන්දයක් නොවන මෙහි අඩුම තරමින් අටමා වැනි හොඳට පදම් වූ බ්ලොග් කරුවන්ද සිටිති.

මේ මස 17 වෙනිදා වෙනතෙක් පැවත්වෙන එහි ප්‍රධාන සටන් කරුවෝ තිදෙනෙක් මේ දක්වා කැපී පෙනෙති.

"සොඳුරු අතීතයෙන් බිඳක් ගෙනෙන මමත් , අටම්පහුර ලියන අටමාත් යාංහෑල්ල ලියන ශ්‍රංගයත් මේ සටනේ පෙරමුණේ සිටිති.

"අතීත කතා වලට චන්ද ගන්නවා.. "

"චාරයක් නැති කතා වලට චන්ද ගන්නවා... "

"ගොං පාර්ට් වලට චන්ද ගන්නවා ..."

වැනි අභූත චෝදනාද මේවාට එල්ල වෙමින් තිබේ .

තවත් සමහරු

"අපි වගේ දේශපාලන, දොස්තර වර්ජන, සයිටම්වගේ කාලීන ප්‍රශ්න නොලියන , හරියට ලියන්නවත් දන්නේ නැති අයත් පෙරමුණට ඇවිත් "

යයි නාහෙන් අඬති.

දේශපාලනය සහ මිනිසුන් ගේ මතිමතාන්තර අවුස්සන බ්ලොග් ලියන්නට සමත් "මහා බ්ලොග් කරුවෝ" ඇති තරම් සිටින නිසාත්,

රැපියල් අස්සේ අලුක්කාල් ගහනවා වැනි දේවල් අපට හුරු නැති නිසාත් අපි අපේ පාඩුවේ පොඩි "අතීත පාරක් " දාගෙන ඉන්නෙමු.

මේ "අතීත පාරෙ" ගමන්  කරන්නන්ද කිහිප පොලක් වෙති . මම , ශ්‍රංග වගේම ගොඩේ  කතා ලියන මේනකයාද මේ අතර සිටිති.

කොල්ලනි  මේ සමගි වෙන්නට වෙලාවයි. උඹලාගෙන් මනාපයක් මටත් දීලා අතීතය රජ කරවමු.

සොඳුරු අතීතයට ජයවේවා!!



දැන් එහෙනම් වැඩේට බහිමු

මෙන්න බ්ලොග් වසන්තයට මම ලියපු පොස්ට් තුන



1. අවුරුදු සුදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි)

2. අපේ කුණු වල 

3. මිහිරි සිහිනයක දැවටුණු මිහිරි ගීතයක් වාගේ



බ්ලොග් වසන්තයේ


මේ  ලින්ක් එකෙන් ගිහින්  මුලින්ම  මම මේ කිව් මාතෘකා තුන උඩ ක්ලික් කරලා පල්ලැහැටම ගිහින්   VOTE කියන එක ක්ලික් කරන්න.


15 comments:

  1. අතීතකාමය තමයි ඔය හතළිහ පැනපු අය හැමෝම වගේ කැමති.

    ReplyDelete
    Replies
    1. කවුද හතලිහ පැනපු අය? මේ සුරංගලා , මේනකලා තවම තිහ වත් පන්නලා නෑනේ ? මම කියන්නෙ ඉතිං අපි වුනත් හතලිහට අඩු අය වගේනෙ හැසිරෙන්නේ?

      Delete
  2. මෙන්න මං බ්ලොග් වසන්තය 2017 වෙනුවෙන් ලියූ සටහන් එකතුව.

    http://bit.ly/BlogVasanthaya-2017

    මං හිතන්නේ එක් ඡන්දදායෙකුට මනාප පහක් මදි, තිහක්වත් ඕනෑ.

    !!!

    ReplyDelete
    Replies
    1. //මං හිතන්නේ එක් ඡන්දදායෙකුට මනාප පහක් මදි, තිහක්වත් ඕනෑ.//

      +++

      Delete
    2. සංඛ්‍යාව අධික වීම වගේම කියවීමේ රුචියත් ඇති කරවන පොස්ට් වෙන තරමට බ්ලොග් කියවන්නන්ට හොඳයි

      Delete
  3. දාහත එලිවෙනකොට වැඩිම මනාප විදානයගේ මැරතන්... වලට, මේං මෙැතන්න ගොහිං... මැරතන් එක ගොඩදාමු එහෙනං..
    (ඌරු කොටුවේ රජ සෙල්ලං)

    ජ ය වේ වා !! (විදානයට)

    ReplyDelete
    Replies
    1. විදානේ අද ලියපු පොස්ට් එකනම් මරේ මරු.. චන්ද දෙන්න ඕනෑ ඔන්න ඔහොම පොස්ට් වලට

      Delete
  4. Replies
    1. ජයීන් ජයම වීවා පුතී!!

      Delete
  5. බදුල්ල පරදවමු , ගම්පහට ජය ගෙනෙමු.
    අපි අටමට , අටම අපිට
    ජයෙන් යයම වීවා

    ReplyDelete
    Replies
    1. අටං හිටං ට...කඩේ යනවද හිටං ?

      Delete
  6. අපි වගේ දේශපාලන, දොස්තර වර්ජන, සයිටම්වගේ කාලීන ප්‍රශ්න නොලියන , හරියට ලියන්නවත් දන්නේ නැති අයත් පෙරමුණට

    ReplyDelete
    Replies
    1. විලි ලැජ්ජාවයි හිටං...

      Delete
  7. ජය වේවා...!!
    කව්රු සම්මාන ගත්තත් අපේ ඇස් කණ්නාඩි අළුතෙන් ගන්න sponsor කලයුතුයි... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සටන දැන් උග්‍රයි!!! තව චන්ද අවශ්‍යයි

      Delete