Follow by Email

Saturday, 26 August 2017

මා කියූ පාසැල් ගී



මම බාලාංශයේ සිට තුන්වන ශ්‍රේණිය දක්වා ගියේ අපේ ගමේ ඉස්කොලේ වු බණ්ඩාරවෙල බ/කිරිඔරුව විද්‍යාලයට.. 

ඊයේ රාත්‍රී හදිසියේම ඒ ඉස්කොලේ යද්දී අපි කියපු පාසැල් ගීය මතක් වුණා....

සැරදේවා!! සැරදේවා!!
වොරැඳේවා !! වොරැඳේවා !!
බ...කිරිඔරුව විදුහල් මව පේ...
ආසිරි ලබා ගෙනේ --ආසිරි ලබා ගෙනේ -
ගාමිණි ගජබා මහ පැරකුම්බා
පෙර විසු හෙළයන් දිය දදබැන්දා
ඒ පෙර හෙළයන් ගිය මඟ පා
සුරු විරු දරුවන් බිහි කරවා..
දෙස බස හා ...
රැස සඳහා
සැරදේවා!! සැරදේවා!!
වොරැඳේවා !! වොරැඳේවා !!
බ...කිරිඔරුව විදුහල් මව පේ...
ආසිරි ලබා ගෙනේ --ආසිරි ලබා ගෙනේ....





දෙවෙනියට ( හතර සහ පහ ශ්‍රේණි දෙකේ/ශිස්‍යත්වේ සමත්වෙන තෙක්) ගියේ බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයට . ඒ කාලේ ඒ ඉස්කොලේ හැඳින් වුණේ බණ්ඩාරවෙල කනිෂ්ඨ ද්වීතියික විද්යාලයය යන නමින්... මේ එහි පාසැල් ගීතයේ මුල් හරිය...

සිරි දැරු ලකඟන නලලට තිලකය වන් සුන්දර ඌවේ..... බණ්ඩාරවෙල යායේ... 




තුන් වෙනි සහ අවසානයට ගියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්යාලයට  ( හය ශ්‍රේණියේ සිට උසස්පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යන තෙක්)



මේ එහි පාසැල් ගීයේ මුල් හරිය...

බැති කුසුම් පුදා - අදරින් සැමදා

ඔබෙ පා නමදිමු - දොහොත් නගා.....

වර්තමානයේ මේ පාසැල් තුනම තිබෙන ප්‍රදේශ උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයේ ඵල විපාක නිසා ජල හිඟයට සහ නාය යෑම් ආදී තර්ජන වලට මුහුණ දීලයි තියෙන්නේ..



16 comments:

  1. Replies
    1. ස්තුතියි මේ පැත්තේ ආවාට

      Delete
  2. //බ/කිරිඔරුව// කියන එක ගීතයට ගැලපෙන්නෙ නෑ වගේ.
    අපිනං ඉතිං අවුරුදු 13 ම කිවුවෙ 'ශ්‍රී ජය කේළි නගා සැරදේවා' තමයි.

    ReplyDelete
    Replies
    1. බ..... කිරිඔරුව... විදුහල් මව පේ..... කියලා වචන වෙන් කරලා තමයි කියන්නේ..

      Delete
  3. ඇත්තටම සොඳුරු මතකයක්....

    ReplyDelete
  4. සිරි දැරු ලකඟන නලලට තිලකය වන් සුන්දර ඌවේ..... බණ්ඩාරවෙල යායේ...
    මේක සම්පූර්ණයෙන් දාන්න. මට නම් පොඩ්ඩක්වත් මතක නැහැ. බැති කුසුම් පුදා.. නම් ඉතින් හැමදාමත් මතකයි

    ReplyDelete
    Replies
    1. ධම්සෝ මහා විදුහල් මෑණී ... සැරදේ අප විදුහල් මෑණී ... කියලා කෑල්ලකින් තමයි ඉවර වෙන්නේ...

      Delete
  5. අර බ/කිරිඔරුව විදුහල් මව පේ... කියන කෑල්ල කොහොමද කියන්නේ ? බකිරිඔරුව කියනවද නැතිනම් බණ්ඩාරවෙල කිරිඔරුව කියනවද ?

    ReplyDelete
    Replies
    1. බ... යන්නෙන් කියවෙන්නේ බණ්ඩාරවෙල හෝ බදුල්ල කියන එක තමයි. ( අධ්‍යාපන දිස්ත්‍රික්කය ) එහෙම තිබුණ බව තමයි මට මතක... බ.. යන්න ඇදලා වෙනම වචනයක් ලෙස ඊට පස්සෙ කිරිඔරුව වචනය ගායනා කිරීමයි වුණේ

      Delete
    2. ඉතින් අපි ධර්මාශෝක ගියේ නෑනේ ඒ නිසා අපි දන්නේ නෑ. අපි ගියේ බණ්ඩාරවෙල කණිෂඨ ද්වීතීයික විද්‍යාලයට ..

      Delete
  6. බ/කිරිඔරුව කියා ගායනා කිරීම නම් අමු ගොං පාටි එකක්.

    ReplyDelete
    Replies
    1. රසික.. අපිට ඕන විදිහටම රටේ ලෝකෙ දේවල් සිද්ධ වෙන්නේ නෑ.. අනික අපිට හොඳයි කියලා හිතෙන විදිහ වෙන කෙනෙකුට ගොං පාර්ට් වගේ පේන්න පුලුවන් ... එක පාරම ලොකු අදහස් දෙන්න යද්දි මම නම් මේ කාරණය ගැන හිතනවා...

      Delete
  7. //බ/කිරිඔරුව// ගැන මමත් අහන්න හැදුවෙ ඒත් කලින්ම අහල.

    අපිට නම් භාෂා දෙකෙන්ම ගීකය තිබ්බ අවස්තාව අනුව කියන්න.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරවෙලින් බිහි වු එකම සාෆ් තරඟයක් දිනූ ක්‍රීඩකයා ඉන්නේ අපේ ගෙවල් වල ඉඳන් කිලෝමිටරයක් එක හමාරක් දුරින් .. එයා එක දවසක් කිරිඔරුව ඉස්කොලේ තිබ්බ අවුරුදු උත්සවේකට ඇවිත් ඉස්කොලේ බෝඩ් එක දිහා බලල කියනවා ( උපහාසයට) ...."අම්මට සිරි යකෝ මෙන්න බකිරිඔරුවට මහා කෑල්ලක් දාලා" කියලා....( එයා බාලාංශයේ ඉඳන්ම ගියේ ඔය කනිෂ්ඨ ද්විතියික යට)

      Delete