Follow by Email

Thursday, 16 November 2017

මඟුල් පරක්කුව


ඔන්න අපේ එකෙක් හොඳ වැඩක් පටන් ගන්න ඕනේ කියලා හිතුවා.  ගමට රටට ප්‍රයෝජනවත් වෙන දෙයක්....

අහල පහළ ඉන්න හිතවත්ම කිහිප දෙනෙකුටත් කිව්වා තමන්ගේ අදහස ගැන..

ඒක අහපු හිතවතුනුත් ඒ ගැන උනන්දු වෙන්න ගත්තා ටිකෙන් ටික...

මිනිහා තවම කල්පනා කරනවා , සැලසුම් හදනවා වැඩ ගොඩයි..

ඔහොම සතියක් ගතවෙනවා.. අපේ මෑන්ස් තවම සැලසුම් හදනවා වැඩේ තව සතියකට කල් දානවා..

 ඔහොම ටිකෙන් ටික කාලය ගෙවිලා යනවා .

අනික් අය ගේ උනන්දුව දැන් වැඩියි අපේ හාදයාගේ උනන්දුවට වඩා..

අපේ ලොක්කා තවමත් හඳහන් බලනවා..

දැන් වැඩේ මාසයකටත් එහාට ඇදිලා ගිහින් .

යාළුවෝ මෑන්ස්ට "කරදර " කරනවා.

"මචං අර වැඩේ? "

" මල්ලී ඔයා ලෑස්තිද?

ඔන්න අපි නම් රෙඩි..."

 ම්හු.. විෂේශ දියුණුවක් නෑ.

තවමත් මුල් දවසේ කියපු සැලසුම ගැනමයි අපේ ලොක්කා ගේ කතාව.

අනික් උන්ගෙත් උනන්දුව අඩු වෙනවා..

වැඩේ එතනමයි..

"මඟුල්"  පරක්කුව..

6 comments:

  1. Replies
    1. කැමති කැමති දේවල් වලට අදාල කර ගතහැකියි.. ගමේ , රටේ , පළාතේ සිදුවන දේවල් වලට..

      Delete
  2. ගොඩක් අයට , ගොඩක් දේවල් වලට අදාළ විය හැකියි..

    ReplyDelete