Follow by Email

Saturday, 2 December 2017

අපි හිතන හැටි..



පාරක අඩි සියයක් දෙසීයක් කොන්ක්‍රීට් කරලා දුන්නම, අපේ දරුවෙකුට සනීපාරක්ෂක කම්කරු, රෝහල් සේවක, ආයතනයක මුරකරු වගේ රස්සාවක් හරි ගන්න ලියුමක් දුන්නම ඒ පළාතේ දේශපාලකයා "අපට වැඩක් කර දුන්නා" කියලා අපි උජාරුවෙන් කියනවා.


ඒ නිසාම ඒ මනුස්සයාම සිදු කරන අයතා සම්බන්ධකම්, අයතා ගනුදෙනු, තම "ගරු තනතුර" අයාලේ යවමින් කරන බොහෝ අලුගුත්තේරු කම් කිසි දෙයක් අපි දැක්කේ නෑ වගේ එයාගේ ගුණම වර්ණනා කරනවා.


න්තිමට ලෝකය සිග්‍රයෙන් ඉදිරියට යත්දි අපිත් අපේ ගමත් තවමත් එතැනමයි කියලා පෙනෙනකොට 
"මේ මේකෙ ඉන්න එවුන්ගේ කරුමේ බොලව්" 

කියලා හිතහදා ගන්නවා.. 

අපිට උඩින් ඇති" කරුමය" අපිට පෙනෙන්නේ නෑ...

6 comments:

  1. ඒත් "අපි" උන්ටම ඡන්දෙ දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඔය කිව්ව විදිහට හිතලා හිත හදාගෙන තමයි "අපි" උන්ටම චන්දේ දෙන්නේ..

      Delete
  2. පරණ මිනිස්සුංගෙනං කරුමෙ උනාට අලුතින් හැදෙන පරම්පරාවත් ඒ කරුමෙ කරගහගෙන යන එක තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අළුත් පරම්පරාව වැඩිහරියක් හිතන්නෙත් "අපේ අම්මල තාත්තල හිටියේ මේ පැත්තේ ඒ නිසා අපිත් එහෙමම වෙන්න ඕනේ " කියලා තමයි

      Delete