Follow by Email

Saturday, 16 December 2017

දේශප්‍රේමය, ජාතිආලය දෙකටම එහා ගිය මනුස්සකම!!





ස්ථානය: ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නගරයක පිහිටි ශ්‍රී ලාංකික නිවසක්

වෙලාව: දහවල් බතට සූදානම් වෙන අතර

පසුබිම: ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර අළු බඳුන ටෙස්ට්  ක්‍රිකට් තරඟය රූපවාහිනි තිරයේ. අම්මා බත් බෙදමින්, පුතා සෝෆා වට වෙලා තරඟය නරඹමින්..

නායක ස්ටීව් ස්මිත් ශතකයට ආසන්නයේ

අම්මා:  මේ එංගලන්තෙට බෑනෙ ස්මිත් කාරයව අවුට්කර ගන්න.
දැන් ඔහො ගියොත් මේ පාරත් මෙයා සීය ගහනවා. ඒකෙන් මේකෙන් තුන්වෙනි මැච් එකත් එයාලා පරදිනවා

පුතා: අම්මා ඔස්ට්‍රේලියාවේ ඉඳගෙනත් එංගලන්තේට තමයි සපෝට් එක නේද?

අම්මා: ඔව් මම කැමති එංගලන්තේ දිනනවට . ඇයි පුතාට අප්සෙට්ද ඒකට?

පුතා: ඇයි අම්මලාට තමන් ජීවත් වෙන රටට  චියර් කරන්න බැරි?

අම්මා දන්නවද? එංගලන්තේ ලංකාවට ගිහිල්ලා  මෙහාට ඇවිත් අබොරිජින්  අය මැරුවා වගේ අපේ ලංකාවෙ මිනිස්සු මැරුවා ඔය කැප්පෙටිපොල ලා වගේ අය එහෙම.

අපේ මිනිස්සුන්ගේ ඉඩම් මංකොල්ල කෑවා. කැලෑ

එළි කරලා තේ හැදුවා. ඒ විතරක් යැ . අපේ රටේ තිබ්බ වස්තුව එයාලා රටට අරන් ගියා.


අම්මා: අප්පා මෙයා දන්න දේවල්? ඉතිං ඉතිං?

පුතා: ඉතිං ඔස්ට්‍රේලියාවේ අය ලංකාවට එහෙම මොකවත් කරේ නෑනේ?

තමන් ජීවත් වෙන රට කියලා හිතලා වත් ඔස්ට්‍රේලියාවට සපොර්ට් කරන්න බැරිද?

ඔය  අතර තාත්තා මෙතෙන්ට එනවා.



"ඒයි මෙන්න මෙයා කියනවා එංගලන්තේ ලංකාවට කරපු තරම් හානියක් ඔස්ට්‍රේලියාව කරලා නෑලු. ඒ ගැන වත් හිතලා මෙහෙ ටීම් එකට චියර් කරන්නලු"

"ආ ස්මිත් සීය ගහන්න නේද ලෑස්ති පුතා කියන්නා වගේ මනුස්ස කමට සලකලා අපි මෙහෙ ටීම් එකට සපොර්ට් කරමුකෝ එහෙනම් අද ඉඳන්"

තාත්තා ඔෆිස්  කාමරේ දිහාට ගියා..

"ඔන්න යනවා කතාව ෆේස් බුක් එකේ දාන්න"


 අම්මා කෑ ගහනවා..

ඇත්තටම තාත්තා එතනින් ඉවත් වුණේ තම පුතා හිතන හැටි අහලා නෙත් කොනට එකතු වුණ කඳුලක් පිහින්න...

(අද දහවල් සිදුවූ සත්‍ය සිදු වීමක්)

10 comments:

  1. ඉතිං අම්ම අන්තිමට කියල තියෙන කතාව බොරුවක් නෙමෙයිනෙ. හැක්..

    ReplyDelete
  2. ඕක ඉතිං අම්මා හැමදාම කියන කතාවනේ

    ReplyDelete
  3. අන්න කොල්ලො
    ඔස්ට්‍රේලියාවටම සපොට් කරන එකම කමා ෙහාද ෙමාකද ලංකාෙව අයත් ලංකාවට කරන තරම් අපරාද ඔස්ට්‍රේලියාවයි එංගලන්තෙයි ෙදකෙම්ම කරලනෑ

    ReplyDelete
    Replies
    1. හා හා ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නෑ

      Delete
  4. //"ඔන්න යනවා කතාව ෆේස් බුක් එකේ දාන්න"


    අම්මා කෑ ගහනවා..

    ඇත්තටම තාත්තා එතනින් ඉවත් වුණේ// ඒක ෆේස් බුක් දාන්න නෙවෙයි.. බ්ලොග් එකේ දාන්න.. :)))

    ReplyDelete
  5. හා හා.. ඔන්න ඇත්ත කිව්වා..

    ReplyDelete