Follow by Email

Thursday, 31 May 2018

පුංචි රුපියල් සීය


"අපේ විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ගොඩක් ආර්ථික අපහසුතා තියෙන සොයුරු සොයුරියන් ඉන්නවා. එයාලට උදව් උපකාර කරන්න තමයි මේ ස්ව උපකාර සිශ්‍යත්ව වැඩ පිළිවෙල හැදුවේ .

ඒ සඳහා මුලිකව කටයුතු කල ජේශ්ඨ වෛද්‍ය සිසු සැල්වින් මහතාත් ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ මේ සඳහා මූලික වු ජේශ්ඨ කතිකාචාර්ය ජයසිංහ මහතාත් මා ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා."

අතුරු සිදුරු නැතිව පිරී ඇති වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරය අල්පෙනෙත්තක් බිමවැටුනත් ඇහෙන තරම්ට නිශ්ශබ්ධයි.

කථිකයා  (අදාල කණ්ඩායමේ කණ්ඩායම් නියෝජිතයා) තව දුරටත් තම කථාව කරගෙන යනවා.

"ආදරණීය අම්මේ , තාත්තේ , අක්කේ , අය්යේ , නැන්දේ , මාමේ.. අද ඔබ සැම මෙම ස්ථානයට පැමිණ සිටින්නේ සුනිල් එදිරිසිංහ මහතාගේ සඳකඩපහණ ප්‍රසංගයේ ගී අහන්න පමණක් නෙවෙයි.

අප කණ්ඩායමේ සිටින ආර්තික අපසහුතා වැඩිම වෛද්‍යසිසුන් දෙදෙනෙක් ඔබගේ මේ සහභාගීත්වයේ අනුග්‍රහයෙන් සිශ්‍යත්ව ලබා ගන්නවා.

අප පසුගිය මාස කිහිපය පුරාවට ඔබ සැමගේ නිවාස , වැඩපොලවල් , වෙලඳසැල් වලට ඇවිත් ප්‍රවේශ පත් අලෙවි කලේ ඒ සඳහා මුදල් එකතු කර ගන්න"

සභා තොමෝ තවමත් ඉතා සාවධානයෙන්  කතාවට කන්දෙමින් සිටිනවා,  මීක් ගාන ශබ්දයක් නැතිව.

කථිකයා තම දකුණත ඉණ මතින් තබා ගන්නේ මහල් දෙකකින් යුතු ශ්‍රවණාගාරයේ සිටි දෙදහසක් පමණවූ ජනගහණය හදිසියේම දැක ඇතිවූ තැතිගැන්ම සමණය කර ගන්න.

ඒ වෙලාවේ එම කණ්ඩායමේ සමහරක් සිසුන්ගේ මුහුණුවල

"අය්යෝ මෙච්චර වැදගත් වෙලාවක ජයසිංහයා අර මොකක්ද කලේ "

 වැනි හැඟිමක ඉරියව් මතුවෙනවා, කණ්ණාඩි කුට්ටමට ඉහලින් හරහට ඉරි හතර පහක් අඳිමින්.

"වෛද්‍ය පීඨ ස්ව උපකාර ශිෂ්‍යත්ව අරමුදල වෙනුවෙන් ඔබ වැය කරනා පුංචි රුපියල් දහය , විස්ස, පණහා වාගේම ඔබ සමහරෙක් මේ වෙනුවෙන් වැයකල "පුංචි රුපියල් සීය " අපේ සහෝදර වරුන් දෙදෙනා ට ලොකු ගමනක් යන්නට ප්‍රයෝජනවත් වේවි."

 යැයි කතාවේ මැද හරියක් යද්දි කියවෙනවාත් සමඟම

 "සභාවේ තදින් සිනා"

"පුංචි රුපියල් සීය"

 කියද්දි සභාවේ ආරම්භවූ තදසිනහව මෙතෙක් පැවති නිශ්ශබ්දතාවය බිඳ හෙලමින්  එය සිනහා සාගරයක් බවට පත් කරනවා.

4 comments:

  1. මේ යන හැටියට රුපියල් 500 ත් පුංචි වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ රුපියල් සීය පුංචි වුනේ බත් පැකට් එකක් රුපියල් දහයට තිබ්බ කාලේ ( 1995-96)

      Delete
  2. පුංචිම පුංචි රුපියල් සීය

    ReplyDelete
    Replies
    1. කියවුණෙත් එහෙමමද කොහෙද මද්දා... පුංචිම පුංචි කියලා..

      Delete