Follow by Email

Saturday, 21 July 2018

ඇල්ලේ අප ගොඩනඟනා නිවසේ විස්තර -1.












අප  මේ වසරේ   (2018)  අළුතින්ම කරන සමාජ සත්කාරය ගැනකියන්න හිතුවා අද.  මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ලියන පුතෙක් සහ දෙක වසරේ ඉගෙන ගන්නා පුතෙක් ඇතුලු අම්මා තාත්තාත් එක්ක ගත්තම  සාමාජිකයින් හතර දෙනෙක්  ගෙන් යුත් පවුලක් ගැනයි මේ කතාව.


මේ තියෙන්නේ එතන මුලින් තිබුණ නිවස එය මෝඩ ගඩොලින් තමයි බැඳලා තිබුනේ . එය සම්පූර්ණයෙන් කඩා ඉවත් කර නව නිවස ගොඩනැඟුවේ  ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් වූ එම ස්තානයේමයි

ලොකු පුතා "@#$U" කඩවසම් ඉලන්දාරියෙක් දැන් එයාගේ වයස අවුරුදු 16ක් . හොඳට මොඩ් කරන්න, කොණ්ඩ මෝස්තර කරන්න එහෙම හිතෙන වයසනේ? පොඩි පුතා @#&+ත්  කාටත් ආදරේ හිතෙන වර්ගයේ දරුවෙක් . තාත්තා *&^%@#  පෙදරේරුවෙක් විදිහට හෝ වරෙක අත්වැඩ දෙන්නෙක් ලෙස හෝ වැඩ කරනවා ( ඇත්තටම ස්තීරම නෑ ඔහු කරන රැකියාව).

අම්මා විශේෂයෙන් මේ  ලමයින් දෙදෙනා ගේ පාසැල් වියදම්, පංති ගාස්තු , ප්‍රවාහන ගාස්තු එහෙම හොයා ගන්නේ අසල ඇති වත්තක දළු කඩලා  (අප මේ පවුල සමඟ මූලික සාකච්චාව කිරීමෙන් පසු තමයි ඇය මුලින්ම වැඩට ගියේ) .

 මේ අය ජිවත් වූ නිවස ඉතා අබලන් තත්ත්වයේ තිබුණත් එය ගොඩනඟා ගන්නට තරම් ආර්ථික ශක්තියක් මේ පවුලට තිබුණේ නෑ. ඒ අනුව තමයි ඔවුන් දන්නා හඳුනන අපටත් හිතවත් කෙනෙක් මෙයාලා ගැන අපට කිව්වේ,මේ වසරේ මාර්තු මාසේ දවසක. එසේ හඳුනා  දෙන තෙක් මේ පවුලේ අය කවුද කියා අපි දැනගෙන හිටියේ නෑ.
T
0/03/2018 ..මුලින්ම සිදුවුණේ  *&^%@#   හා මා අතර සිදූf වූ සාකච්චාව. එහිදී අප මුදල් රැස් කරන්න බලා පොරොත්තු වෙන්නේ කෙසේද? කාමර කීයක් හදන්න බලා පොරොත්තු වෙනවාද , පවුලක් විදිහට ඔtවුන්ගෙන් සිදු විය යුත්තේ මොනවගේ වැඩ කොටසක්ද වගේ දේවල් සාකච්චා වුණා.

විශේෂයෙන් ඔහු අරක්කු , සිගරට් පාවිච්චි නොකරන්නෙක් විය යුතු බව මම තරයේම කියා සිටියා ( අනුන්ගේ උදව්වෙන් ගෙයක් හදද්දි තමන් අනවශ්‍ය වියදම් කිරීම සදාචාර විරෝධී නිසා) වෙලාවට ඔහු කලාතුරකින් බුලත් විටක් කනවා හැරෙන්නට වෙන අනවශ්‍ය වියදම් කරන්නෙක් නෙවෙයි.

ළමුන් දෙදෙනා හොඳින් අධ්‍යාපන කටයුතු වල යෙදීම වැදගත් බවත් අප මුලින්ම කථා කල දා සිට ගතවු හැම දිනකම වාගේ ලොකුපුතා උදේ හතරට පමණවත් අවදි කර පාඩම් කිරීමට  යොමුකල යුතු බවත් මම  ට පැවසුවා. පසුකාලීනව පොඩි පුතා එම මඟටම යොමුකල යුතුබවත් මම ඔහුට යෝජනා කලා  (මේ ලියන දවස වෙනකොට"21/07/18" වෙනකොට ඒ දෙන්නම අප භාගෙට සදා දුන් නිවසේ එකම කාමරයක මේස දෙකක් දමාගෙන පාඩම් වැඩ කරනවා.පොඩි පුතාට නිවසේ වැඩට ගෙනැත් තිබූ ඉවතලන ලී වලින් හුරු බුහුටි මේස පොඩියක් තනා දුන්නේ  *&^%@#  විසින්මයි).



මේ තියෙන්නේ අළුත් නිවසේ ළමයින් දෙදෙනාට  පාඩම් කරන්නට සකස්කර දුන් කාමරය


බිරිඳ රැකියාවක් නොකරන්නේ නම් ( ඇත්තටම ඒ වෙනකොට ඇය කොහේවත් වැඩ කලේ නෑ. අපේ සාකච්චාවෙන් පස්සෙන් තමයි දළු තියෙන කාලෙට දළු නෙලන්නියක් ලෙස අසල ඇති පුද්ගලික තේ වත්තක වැඩට යන්න පටන් ගත්තේ) අඩුම ගානේ එළවළු කොටුවල, අසල ඇති තේ වත්තේ හෝ වැඩ කිරීම හොඳ බවත් ඒ මඟින් ඉදිරියේදී තාත්තා තමන්ගේ ගෙදර වැඩට යොමුවෙද්දී නිවසට නොලැබී යන ආදායමින් කොටසක් හෝ සොයා දෙන්නට ඇයට හැකිවෙන බවත් මම පෙන්වා දුන්නා.

ඔවුන් එසේ පවුලක් ලෙස උපරිම කැප කිරීමක් ලබාදෙන්නේ නම් මගේත් , වජිර මල්ලිගේත් ( මෙල්බන් නුවර සිටින ඉන්ජිනේරුවරයෙක්)  උපරිම කැපකිරීම් මේ පැත්තෙන් ලබාදී අවශ්‍ය මූල්‍යම සහර එකතුකර දෙන්නට පුළුවන් බවත් මම සඳහන් කලා. මෙහිදී වජිර ද සිල්වා මල්ලිගේ සහභාගීත්වය ගැන සඳහන් කල යුතුම වන්නේ  මුල්‍ය ගනුදෙණු වලට විශාල බරක් ඇද්දේ ඔහුවන නිසයි (  පුද්ගලිකව රුපියල් 75000 ක් පමණ යොමුකලා වගේම ඔස්ට්‍රෙලියාවෙන් සහ බ්‍රිතාන්‍යයේ සිටින අපේ හොස්ටල් එකේ සිටි රොහාන් වැන්ද බෝනා අය්යාගෙන්  ලැබුණ මුදල් ලංකාවේ ගිණුමට යොමුකිරීමේ කාර්යය කලේ වජිර මල්ලී, ඉතිරි මුදල් වැටුණේ ලංකාවේ තියෙන අපගිණුමකට)

මේ වෙනකොට  ( 15/07/2018 ඉඳලා)  සාලයක්, කෑම කාමරයක් සහ නිදන කාමර තුනකින් යුත් නිවසක් සාදවා , වහලය ගසා නිවැසියන් එහි පදිංචි වෙලා ඉන්නේ ( ජනෙල් , දොරවල් තාවකාලිකව සහ සමහර ජනෙල් වලට බිත්තිවල ඉඩ තියලා වගේ තාවකාලික උපක්‍රම සහිතව.)

 එතෙක් ගිය ගමනේ (මාස තුන හතරක් තුල  කතාව ටිකක් දිගයි සමහර විට කොටස් කිහිපයක් ලියන්න වෙයි.

ඒත් රසවත් වෙයි කියලා හිතනවා මේ පවුලේ අය තමන් තුල සැඟවී තිබූ ශක්තිය හෙමින් හෙමින් එළියට  ගන්න සමත් වූ හැටි   සහ අප එය නිරීක්ෂණය කල කතාව අහන එක.

අප මුදලින් රුපියල් ලක්ෂ පහක් පමණ වියදම් කරද්දී තාත්තා , අම්මා සහ පවුලේ ලොකුපුතා එකතුව තවත් ලක්ෂ පහකට වඩා වටිනා වැඩ කොටසක් කල කතාව . ඔබ අප සැමට යමක් ගතහැකි වර්ගයේ කතාවක්..

21/07/2018 දැනට උදව් කල අයගේ ලිස්ට් එක ලියලා තියන්නම් ඉදිරි පොස්ට් වල කතාව සම්පුර්ණ කරමු.

මෙතෙක් මේ වෙනුවෙන් උදව් කල අය මෙසේයි.

1. වජිර ද සිල්වා, මෙල්බන් ඔස්ට්‍රලියානු ඩොලර් 650

2. දුෂාන් අල්පොන්සෝ (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 20000 යි)

3. රොහාන් වැන්දබෝනා එංගලන්තය  පවුම් 200යි

4. මාලිංග ප්‍රනාන්දු ඔස්ට්‍රලියානු ඩොලර් 200

5. මුදිත සේනානායක ඔස්ට්‍රලියානු ඩොලර් 50

6. රංග පෙරේරා ඔස්ට්‍රලියානු ඩොලර් 100

7. නිර්මලා ගොඩ විතාරණ ඔස්ට්‍රලියානු ඩොලර් 50

8. නිර්නාමික  හිතවත් පවුලක් (IJ/PJ)  ඔස්ට්‍රලියානු ඩොලර් 50

9. වරුණ සෙනෙවිරත්න ඔස්ට්‍රලියානු ඩොලර් 100

10. සිඟිති කොලමුන්න ඔස්ට්‍රලියානු ඩොලර් 100

11. උදේනි ලියනාඅරච්චි ඔස්ට්‍රලියානු ඩොලර් 100

12. සුදේශිකා හෙට්ටිආරච්චි ඔස්ට්‍රලියානු ඩොලර් 200

13. ලසිත් කුලසේකර (අපේ පුතා ) ඔස්ට්‍රලියානු ඩොලර් 20

14. නදීකා රූපසිංහ ඔස්ට්‍රලියානු ඩොලර් 100

15.ලලිත් ගුණරත්න  ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 15000 යි )

16. "පොකුරු වැහි" ලියන වත්සලා ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5000 යි )

17. හසන්ති තෙන්නකෝන් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 5000 යි )

18. නමුණු චින්තක/භද්‍රාංගී යුවල ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6000 යි )

19. තුසිත නුගගහකුඹුර ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් 20000 යි )

20 නිර්නාමික  හිතවත් පවුලක් (AV/PV)  ඔස්ට්‍රලියානු ඩොලර් 100

21. යමුනා රාජපක්ෂ ඔස්ට්‍රලියානු ඩොලර් 50

22. සංජය එදිරිසිංහ ඔස්ට්‍රලියානු ඩොලර් 100

23. කනිෂ්ක ගලප්පත්ති ඔස්ට්‍රලියානු ඩොලර් 50


මේ අය ශ්‍රී ලංකාවේ සිට උදව් කලා..

23. ජයන්ත සෙනෙවිරත්න (  රුපියල් 20000 යි )

24. සාගර රත්නායක (  රුපියල් 5000 යි )

25. දීප්ති රත්නායක (  රුපියල් 5000 යි )

26. නිර්නාමික  හිතවත් පවුලක්  RS (  රුපියල් 7500 යි )

27. විතානගේ විජේසිංහ (විතානගේ sir)  (  රුපියල් 1000 යි )

28. රංජිත් රාජපක්ශ කිරිඔරුව (  රුපියල් 500 යි )

29. කුලරත්න/ප්‍රියංගිකා  රාජපක්ශ යුවල කිරිඔරුව (  රුපියල් 500 යි )

30. අජිත්/දීපිකා යුවල කිරිඔරුව (  රුපියල් 500 යි )

31. ජයරත්න බණ්ඩාර (  රුපියල් 5000 යි )

32. ප්‍රියංවදා  ගොඩගේ (  රුපියල් 3000 යි )

33. නිර්නාමික  හිතවත් පවුලක්  DM (  රුපියල් 5000 යි )

34. ඉරෝමි ආටිගල (  රුපියල් 20000 යි )

35. නිල්මිණි සෝමරත්න (  රුපියල් 1000 යි )

36. උපුල්/හර්ශිකා දසනායක යුවල (  රුපියල් 5000 යි )

37. සංජය එදිරිසිංහ ඔස්ට්‍රලියානු ඩොලර් 100 (25/07/2018)

38. රොහාන් වැන්දබෝනා එංගලන්තය  පවුම් 100යි (28/07/2018)


(සියල්ලේම එකතුව රුපියල්  365,000 ක් පමණ )  මේ දක්වා මේ පවුලට ලබාදී ඇති මුළු මුදල 516,000 ක් වෙනවා

ඉතිරි මුදල් යැවුණේ මගෙන්, ඒ එදිනෙදා වැඩ කරන් යද්දී හිරවෙන හැම වෙලාවෙම වාගේ අඩුව පැවතුන මුදල් දීම මගින්.

 ඒ ප්‍රමාණය රුපියල් 151,000 වෙලා තියෙනවා (516,000- 365, 000 )

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. 28/07/2018 මේ නිවසේ වැඩට මීට කලින් දෙවතාවක්ම උදව් කල රොහාන් වැන්දබෝනා අය්යා ( අපේ හොස්ටල් එකේ හිටිය බෝනා අය්යා, දැන් එක්සත් රාජධානියේ ඉන්නේ) අපට තුන්වන වතාවටත් ස්ටර්ලින් පවුම් සියයකින් උදව් කලා අද.. බෝනා අය්යාටත් ගොඩාක් ස්තුතියි..

    ReplyDelete
  3. මේ නිවාසේ වැඩට කලිනුත් උදව් කල මෙල්බන් වල ඉන්න සංජය එදිරිසිංහ මල්ලී නිවසේ වැඩ නිමවී ඇත්තේ භාගයට බව දැනගෙන මෙයටදෙවන වතාවටත් සිය සහය පළකලා .. සංජය එදිරිසිංහ ඔස්ට්‍රේලිනු ඩොලර් 100යි ( 25/07/2018).. ඔබේ සහයට බොහොම ස්තුතියි..

    ReplyDelete
  4. 01/08/2018 අද මේ ව්‍යාපෘතියට තවත් උද්ව්වක් ලැබුණා අපේ හිතවතෙක් වන් බුද්ධි වික්‍රමසිංහගෙන් . බුද්ධිටත් ඔහුගේ පවුලේ සැමටත් අපගේ ස්තුතිය.

    ReplyDelete
  5. 12/08/18 මේ නිවසේ කාමර තුනක සිමෙන්ති කොන්ක්‍රීට් දැමීම දැන් සිදුවෙනවා. එයට මදි පාඩුවූ මැටල් ගැනීම සඳහා අද තව රුපියල් 10000 කින් උපකාර කලා අපේ හිතවත් රවීන්ද්‍ර බණ්ඩාර ( රබා)

    ReplyDelete
  6. කීර්ති කුලසේකර කියන්නේ ගතින් ඕස්ට්‍රේලියාවේ හිටියත් හදවත ලංකාවෙ තියල ගිය මනුස්සයෙක්. උපන් බිමට ණය නැති මිනිහෙක්. මේ වන තෙක් ඔහු කර ඇති සමාජ සත් ක්‍රියාවන් ගැන පොතක් වුනත් ලියන්න පුළුවන්.
    දැනට මාස තුනකට විතර ඉහත දී ඔහු කතා කරල මේ සිද්ධිය ගැන කීවා මතකයි. උසස් පෙළ විභාගය ළඟ නිසා වූ කාර්ය බහුලත්වය නිසාත් මෙවැනි ව්‍යාපෘති දෙකකට මැදිහත් වෙමින් සිටි නිසාත් මාගේ ප්‍රතිචාර පමා වුනා.

    පැලක් වගේ නිවසක ජීවත් වුන අහිංසක පවුලකට නිවසක්. ඒක තමයි ව්‍යාපෘතිය. නිවැසියා මේසන් බාස්ලට අත් උදව් දෙන කෙනෙක්. පොඩි පොඩි වැඩ වලදි මේසන් බාස් කෙනෙක්. වැදගත්ම දේ ඔහු මත්පැන් පානයෙන් ද තොර අයෙක්. ගමේ කවුරුත් වරදක් නොකියන කෙනෙක්. ඒ සහතිකය මම දෙන්නේ වැඩ කරමින් පවතින නිවසට මම ගියපු නිසයි. තමන් සතුවූ පර්චස් 7 අටක ඉඩමේ තමයි නිවස ඉදිවන්නේ. ගෙදරට යන්නේ බණ්ඩාරවෙල බදුල්ල පාරේ දෙමෝදරින් හැරිලා. බැද්දේවෙල තමයි ගමේ නම. වලවල් බහුල පාරක් නිසා වාහනයෙන් යන්න අමාරු වුනා. පාරේ හමුවුන අමාරැවෙන් යන ත්‍රීවිල් එකක් නවත්තගෙන තැනට ගියා.
    ගෙදර වැඩ බොහොමයක් ඉවර වෙලා. බිත්ති ටික බැඳලා. වහල ගහලා. ඒත් තව කරන්න වැඩ බොහොමයි. දොර ජනෙල්, උළුවහු තියල නෑ. එතකොට බිමට සිමෙන්ති දාන්න බිත්ති කපරාරු කරන්න තියෙනවා. තව දොර ජනෙල්?...

    නමින් වසන්ත රාජා වන ඔහුත් බිරිඳත් දිරියෙන් ජීවිතය ගැට ගහගන්න ගන්න උත්සාහය මම දැක්ක. ළමයි දෙන්නත් එක්ක ඔවුන් ජීවත් වන විදිය හොඳ තැනකට ගන්න ඇත්නම්.

    ඉතින් යාළුවනේ පරිත්‍යාගශීලී හොඳ මිනිසෙක් ඉස්සරහට ගෙනාපු මේ වැඩේ ලස්සන අවසානයකට ගෙන එමු. වසන්ත රාජටත් බිරිඳටත් දරුවන් දෙදෙනාටත් ලස්සන නිවසක් වසරක් ඇතුලත බාරදෙන්න හැකි වුනොත් එයාලට දැනෙන සතුටට වඩා සතුටක් අපට දැනේවි. එදිනෙදා ජීවිතයේ දී අපි අතින් කොතරම් මුදල් නාස්ති වෙනවද? අර මනුස්සයට එක සිමෙන්ති කොට්ටයක් කොච්චර වටිනවද? පටන් ගනිමු වැඩේ. ඔන්න මං රුපියල් 10,000 ක් දාල දෙවැනි වටය පටන් ගන්නවා. 500 ද 1000 ද 10,000 ද 100,000 ද කමක් නෑ පුළුවන් විදිහට වැඩේට උදව් කරමු.
    මේ සමඟ කීර්ති සොයුරාගේ ගිනුම් අංකය තියෙනවා. උදව්වක් කරලා මට SMS පණිවිඩයක් එවන්න. ඒ මුදල ඒ වෙනුවෙන්ම යෙදවෙන බව මට 200% ක් විශ්වාසයි. නිවසේ ඉදිරිකීරීම් වල progress එක ගැන වරින් වර තොරතුරු යාවත්කාලීන කරන්නම්.

    පසුව ලියමි
    වසන්ත රාජාගේ ගෙදර සිට එනවිට රෑ බෝවුනා. මගට ත්‍රීවිල් එකෙන් විත් වාහනයට ගොඩ වුනා. ටික දුරත් එද්දි පාරෙ එක් පසකින් ගින්නක් තිබුනා. ගින්න තියල වැඩි වෙලාවක් නැහ වගෙ තේරැණා.කවුදෝ අසමජ්ජාතියෙකුගේ වැඩක්. ඒත් ගින්න නිවන වැඩේට බහින්න කෝ වතුර. මාත් සමග සිටි අනුර අයියා වසන්ත රාජාට ඇමතුමක් දුන්නේ මේ අවට දන්න අයට ගින්න ගැන කියන ලෙසටත් එය නිවා දමන ලෙස දැනුවත් කරන ලෙසටත්ය. නමුත් වසන්ත රාජා කීවේ මෙහෙමයි.
    “හරි සර් මං කොල්ලො ටිකක් එක්ක දැන් ඔතනට එනවා“ ඕක නිවමු.
    කිලෝමීටර තුනක් පමණ දුරින් සිටියත් ඔහුගේ කතාව අනුව යමක් කෙරෙන බවට දැඩි විශ්වාසයක් අපට ඇතිවුනා.

    ReplyDelete
    Replies
    1. රබා ඔබගේ උදව්වට සහ සහභාගිත්වයට ස්තුතියි.. ඔබගේ මිතුරන් කිහිපදෙනෙකුත් එකතු වුණොත් ජනෙල් වල සහ වයරින් වැඩේට අත තියන්න පුලුවන් වෙයි.. නවතම උදව් උපකාර හරහා කාමර පහෙන් හතරක් බිම කොන්ක්‍රීට් කරා.. ඊලඟට උලුවහු ජනෙල් හදන්න ඕඩර් එක දෙන්න සහ කපරාරුවට පෙර වයරින් කරන් වැඩ දෙක තමයි තියෙන්නේ

      Delete
    2. රබා ඔයාලා ගිහින් ආවට පස්සේ වසන්ත රාජා ගමේ කොල්ලෝ දෙතුන් දෙනෙකුත් එක්කං ඇවිත් ඒ ගින්න නිවලා දමලා තිබුණා . ගමේ හැමදෙනාම එයා කරපු හොඳ වැඩේ ගැන කතාවෙනවලු ඊට පස්සේ මනුස්සයාට තමන් මොනවගේ කෙනෙක්ද කියලා පෙන්වන්න අවස්ථාවක් සලසා දුන්නට ස්තුතියි .( කිව්වේ නැතනම් ගින්න පැතිරිලා යනකම් එයා දන්නේ නෑනේ?)

      Delete