Stories of my life from childhood , experiences I had as a child as well as an adult ....මට මතක ඇති අතීතයේ සිදු වූ රසබර සිදුවීම් වල එකතුවක්
Friday, 14 July 2017
Wednesday, 5 July 2017
වසන්තයේ පුරවර වෙනුවෙන් සටන් කරන කවුද මේ වසන්ත
"වසන්තයේ පුරවර" එහෙම නැත්නම් බණ්ඩාරවෙල අපි කවුරුත් ආශා කරන නගරයක්.
වසර පුරා පැතිරුණු සෞම්‍ය කාලගුණයත්, පළාතේ ජීවත් වන මිනිසුන්ගේ කලබළ කාරී නොවන ජීවන රටාවත්, දේශිය විදේශීය සංචාරකයින් බණ්ඩාරවෙලට ඇදී එන්නට ප්‍රධාන හේතුවක්.
බණ්ඩාරවෙල රටටම එළවළු සහ මල් සපයන පළාත් අතරින් ප්‍රධානයි.
ශීතල දුරුතු මාසයේ සුදෝ සුදු මීදුම් වළාවෙන් වැසී යන බණ්ඩාරවෙල අවට ඇති කඳු මුදුන් එයට අමුතු චමත්කාරයක් එක් කරනවා.
බණ්ඩාරවෙල අවටින් ගලා යන දිය කඳුරු එක් වී වැලිමඩ සානුවෙන් පහලට වැටෙද්දී බිහිවන රාවණා , දුන්හිඳ සහ දියළුම දිය ඇලි හරිම සිත්ගන්නා සුළුයි.
මෙවන් සුන්දර දසුන් වලට උරුමකම් කියන බණ්ඩාරවෙල ප්‍රදේශය අද පවතින්නේ ඉතාම අවිනිශ්චිත සහ ශෝචනීය තත්ත්වයක.
වසර සිය ගනණක් පැරණි බණ්ඩාරවෙල නගරයට හරියටම යටින් දිවෙන උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියේ උමං පද්ධතිය නිසා බණ්ඩාරවෙලට ඇතිවිය හැකි අහිතකර බලපෑම් ඉතා දරුණු විය හැකි විම ඊට
හේතුවයි.
මේ වනවිටත් බණ්ඩාරවෙල ප්‍රධාන පාසැල් හතරක්, පන්සල් , පල්ලි මෙන්ම ගෙවල් දහස් ගණනක් පුපුරා ඉරිතලා ගිහින්.
දෙදහස් අටේ ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර ඇති වූ ගිවිසුමක් සහ ඉරාන රජයේ ආධාර මත ආරම්භ වූ උමාඔය ව්‍යාපෘතිය මගින් වැලිමඩ ප්‍රදේශයෙන් ගලායන උමා ඔය බණ්ඩාරවෙලට යටින් දිවෙන උමගක් තුළින් වැල්ලවායේ අලිකොට ආර දෙසට හැරවෙනවා.
මෙහිදී බණ්ඩාරවෙල අවට පරිසරයට විය හැකි තදබල හානි ගැන මුලසිටම විශාල ආන්දෝලනයක් ඇති වුණා.
විශේෂයෙන් "උමා ඔය සුරැකීමේ සංවිධානය" නමින් පළාතට ලැදි පරිසර හිතකාමී පිරිසක් එක් වී පිහිටුවා ගත් සංවිධානයකින් මේ ව්‍යාපෘතියේ ඇති අහිතකර බලපෑම් ගැන රජයට දන්වා සිටියේ ව්‍යාපෘතිය ආරම්භ වීමටත් පෙර ( 2007 ) සිටයි.
අපේ කථානායකයා වසන්ත සංජීව කරළියට එන්නේ මේ උමා ඔය සුරැකීමේ සංවිධානය පිහිටුවීමත් සමග.
වසන්ත උමා ඔය සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්.
උමා ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති වරුන් වූයේ කුරුකුදේ ජිනානන්ද හිමි සහ කොටවර කස්සප හිමියි.
මෙහි කැඳවුම් කරු වූයේ අද උමා ඔය සටනෙන් වෙන් කල නොහැකි ලෙස බැඳුනු චරිතයක් වූ සමන්ත විද්‍යාරත්නයි.
වසන්ත සංජීව එම සංවිධානයේ හොබවන්නේ සම ලේකම් තනතුරයි.
වසන්ත සංජීව උමාඔය සුරකීමේ සටනේදී එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න තරමටම ක්‍රියාකාරී සාමාජිකයෙක් .
එදා 2007 මෙම ව්‍යාපෘති යෝජනාව කඩිමුඩියේ රැගෙන එද්දී බණ්ඩාර වෙල සිටියේ රාජාභිෂේක අපේක්ෂාවෙන් සිටි රාජපක්ෂ වරු කියු ඕනෑම දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නා ජනතාවකි.
2007 දී උමා ඔය ව්‍යාපෘතිය පරිසරයට ඉතා හානිකර විය හැකි බවත් විශේෂයෙන් එය බණ්ඩාරවෙල නගරය අවට ප්‍රදේශයට බරපතල තර්ජනයක් විය හැකිබවත් කියමින් බණ්ඩාරවෙල ජනතාව දැනුවත් කරන්නට සමන්ත සමග මුලින්ම පාරට බැස්සේ වසන්ත සංජීව සහ තවත් පරිසර හිතකාමීන් පිරිසකුයි.
එදා වසන්ත , සමන්ත සහ පෙරකී හිමිවරුන් ජනතාව දැනුවත් කරන්නට මිරහවත්ත ප්‍රදේශයට යද්දී
" මෙන්න ජේ. වී. පී . කාරයෝ ඇවිල්ලා . මුන් සංවර්ධනයට කැමති නෑ . එලවපියව්!!! "
කියමින් මිරහවත්තේ ජනතාව වසන්තලාට බෝලත්තෙන් පහර දෙන්න හැදුවාලු.
මේ ලියන දිනය වනවිට වසන්ත ලා ඒ අප්‍රසන්න අත්දැකීමට මුහුණදීලා අවුරුදු දහයක් ගතවෙලා.
දැන් බණ්ඩාරවෙල මිනිස්සුන්ට වතුර බෙදන්නේ බවුසර් වලින්, ඇලවල්, දොලවල් , ලිං පොකුණු , කුඩා වැව් ඔක්කොම හිඳිලා ගිහින්.
එදා රාජාභිශේක ලබන්නට සිටි අයට බණ්ඩාරවෙල මිනිස්සු දැන් හෙණ ඉල්ලනවා.
සමන්තලා වසන්තලා 2015 හොල්ලපු ගහෙන් ගෙඩි අහුලාගත් හරීන්ලා කොළඹට මාරුවෙලා එහෙ ඉඳන් ප්‍රකාෂ නිකුත් කරනවා.
ව්‍යාපෘතිය නැවතත් යහපාලන ආණ්ඩුවෙන් දිගටම කරගෙන යද්දි හරීන් , චමින්ද,චාමර, ඇතුළු යහපාලන කණ්ඩායම් සද්ද නැතිව ඉන්නවා.
දැන් සමන්ත බණ්ඩාරවෙල මිනිස්සුන්ගේ ගැලවුම්කරුවා වෙලා.
අපේ ගමේ අය වුණත් වසන්ත ගැන එහෙම කතා කරන්නේ හරි ගෞරවයකින් .
බණ්ඩාරවෙල මිනිස්සු වසර දහයක් තුල අංශක 180 කින් හැරුනත් වසන්ත සංජීවලා දිගටම එම අදහසේම සිටිමින් උමා ඔය අහිතකර බලපෑම් ගැන කතාකලා.
ගමින් ගමට ගියා. රැස්වීම්, පෙළපාලි, උද්ඝෝෂණ සංවිධානය කලා.
ඒ හරහා ව්‍යාපෘතියෙන් අගතියට පත්වුණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියා.
2017 ජුලී 28 වෙනිදා බණ්ඩාරවෙල මිනිසුන් එකාවන්ව වසන්ත සන්ජීවලා සමන්තලා ගෙනගිය සටන හරි බව පිළිගත්තා.
වසර දහයක් තිස්සේ සමන්තලා , වසන්තලා ඇතුළු උමා ඔය සුරකීමේ සංවිධානය ඉතා කැපවීමෙන් සහ විශ්වාශ කල නොහැකි තරමේ ඉවසීමකින් කරගෙන ගිය අරගලය තමන් වෙනුවෙන් කල උතුම් කැපවීමක් බව එදා බණ්ඩාරවෙල නගරයට රැස් වූ මහා ජනකායක් පිළිගත්තා.
දැන් අපේ ගම් වල මිනිස්සු, අපේ නෑදෑ හිතවත්තු වසන්තලා ගැන් අපෙන් අහනවා. මේ ඉටු කරන්නේ ඒ අයගේ ඉල්ලීම.
එහෙනම් අපි බලමු කවුද මේ වසන්ත සංජීව කියන උමා ඔය සටනේ නොසැලෙන පුරුක කියලා.
කවුද මේ වසන්ත
වසන්ත සංජීව බණ්ඩාරවෙල හීල් ඔය එගොඩගම ප්‍රදේශයේ උපන් අයෙක්. වසන්තගේ අම්මලා තාත්තලා පාරම්පරික එලවළු ගොවියෝ.
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ වසන්ත කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්.
බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ චිත්‍ර කර්මය සහ සන්නිවේදනය පිලිබඳ ගුරුවරයා ලෙසයි වසන්ත සේවය කරන්නේ.
ඔහු ජීවත් වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියෙන් වැඩිපුරම බලපෑමකට ලක්වූ හීල් ඔය ප්රදේශයේමයි.
එදා වසන්තලාගේ විරෝධය මැද ආරම්භවූ උමා ඔය ව්‍යාපෘතිය නිසා වසන්තලා ගමේ එලවළු වගාවටත් කණකොකා හඬලා.
හීල් ඔය හිඳිලා . ඒ පැත්තේ ලිං හිඳිලා , ගෙවල් පුපුරලා. මේ ව්‍යසනය ගැන බණ්ඩාරවෙල දැනුවත් කරන්න වෙහෙසෙන වසන්තලත් මේකේ බලපෑමෙන් බැට කනවා.
ඒ මොනවා වුණත් වසන්ත තවමත් 2007 ආරම්භ කල ජවයෙන්ම උමාඔය සටන වෙනුවෙන් කැපවෙනවා.
බණ්ඩාරවෙල ඉන්නා අපේ හිතවතුන් කියනා හැටියට උමා ඔය සටනේ වසන්තගේ කාර්ය භාරය දෙවැනි වුණොත් දෙවැනි වන්නේ සමන්තට පමණයි .
2007 වසන්තලා , සමන්තලා කල අනතුරු ඇඟවීම් ගණනකට නොගත් බණ්ඩාරවෙල ජනතාවත් දැන් අවධිවෙලා.
අපේ ගම්වල අපිත් සමග මුහුණු පොතේ ගණුදෙනු කරන මිනිස්සු දිනපතා අපට වත්මන් තත්වය ගැන දැනුවත් කිරීම් කරනවා.
ඒත් මේ වෙනකොට උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට අසූවක්ම වාගේ අවසන්.
එදා කලින්ම අනතුර දැක්ක වසන්තලා තමන් කී දේ නෑසූ ජනතාව වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.
ඒ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ජීවිත උඩු යටිකුරු වූ ජනතාවට ලැබිය යුතු දේවල් ලබා ගැනීමට සටන් කරමින්.
බණ්ඩාරවෙල ඉන්නා අපේ හිතවතුන් කියනා හැටියට උමා ඔය සටනේ වසන්තගේ කාර්ය භාරය දෙවැනි වුණොත් දෙවැනි වන්නේ සමන්තට පමණයි .
2007 වසන්තලා , සමන්තලා කල අනතුරු ඇඟවීම් ගණනකට නොගත් බණ්ඩාරවෙල ජනතාවත් දැන් අවධිවෙලා.
අපේ ගම්වල අපිත් සමග මුහුණු පොතේ ගණුදෙනු කරන මිනිස්සු දිනපතා අපට වත්මන් තත්වය ගැන දැනුවත් කිරීම් කරනවා.
ඒත් මේ වෙනකොට උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට අසූවක්ම වාගේ අවසන්.
එදා කලින්ම අනතුර දැක්ක වසන්තලා තමන් කී දේ නෑසූ ජනතාව වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.
ඒ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ජීවිත උඩු යටිකුරු වූ ජනතාවට ලැබිය යුතු දේවල් ලබා ගැනීමට සටන් කරමින්.
මේ කෙටි ලියවිල්ල ඒ නොනිමි කැපවීම වෙනුවෙන් ලියවුණු සුළු සටහනක් පමණයි.
උමා ඔය සටන මිරහවත්තේ ජනතාව වසන්තලා ලඟටම ගෙනාවා සේම මුලු රටම ඔවුන්ට ඇහුන්කම් දෙන තැනකට ගෙනෙනු ඇත.
එදාට අපි වසන්තලා ගැන ගැන නැවතත් කතා කරමු.