පුවක් බාස් තෙසක් රියක් ගැනීමට මගෙන් උදව් ඉල්ලා දින කිහිපයක් ඇතුලත දී මට නැවතත් රටෙන් පිටවී යාමට නියමිතව තිබුණි.
ඒ මගේ පශ්චාත් උපාධිය සඳහා වූ දුෂ්කර දිවිය ආරම්භ කිරීමටයි. එසේ යාමට දින කිහිපයක් තිබියදී අපේ තාත්තා මාවනැල්ලට ආවේ මගේ ගමනට සුභ පැතීම සඳහාය.
මා නෙදර්ලන්තයට නොයා වෙනත් රටකට යන ගමන ගැන ඔහු බොහෝ සෙයින් සතුටට පත් වී සිටියේය.
හේතුව මා එම රටට ගොස් ටික කලකින් ඔහුගේ බෑනලාට ද එහි යාමට උදව් කරනු ඇති බවට ඔහු තුල තිබු විශ්වාස යයි.
ඒ වන විට තම බිස්නස් වැඩ පාඩු වීම නිසා අපහසුවෙන් සිටි විපුල් ගේ ( අපේ නංගිගේ මහත්තයගේ ) ආර්ථික තත්වය ඉහළ නැංවෙන යමක් මා අතින් සිදුවනු ඇති බව ඔහු උදක්ම විශ්වාස කළේය.
මේසේ මාවනැල්ලට පැමිණි තාත්තාට මම මාස තුනකටත් අඩු කෙටි කාලයකදී සමීපවූ එහෙත් කිසිදු නෑදෑ සබඳතාවයක් නැති පුවක් බාස් හට ගෙඩි පිටින් රුපියල් ලක්ෂයක් දෙන්නට යන බව ආරංචි විය.
"චූටි පුතා ඇත්තද ඔයා අර පුවක් ට සල්ලි වගයක් දෙන්න යනවා කියන්නේ ? "
"ඔව් තාත්තා මිනිහා වාහනයක් ගන්න උදව් ඉල්ලුවා . මට ටික ටික ගෙවන පොරොන්දුව පිට."
"ඉතින් ඔයා ලබන සතියේ රටින් පිට යනවනේ ? මිනිහා සල්ලි නොදුන්නොත් එහෙම කොහොමද ගන්නේ ?"
" නෑ පුවක් වචනෙට ගරු කරන මිනිහා. මාසෙකට දහ දාහා ගානේ මාස දහයෙන් ගෙවයි ඕක.
අනික මිනිහගේ දවසක අදායම රුපියල් දාහකට වැඩියි කිව්වා "
" මොනවා ? පොල් පලලා එච්චර හොයනවා ? "
"ඔව් .. ඔව් පුවක් ගේ නෝනත් හරි සකසුරුවම් කමටයි වැඩ. මට විශ්වාසයි ඔය මිනිස්සු ඕක ගෙවයි කියලා. "
"ඒ වුනාට පුතා නොදන්නා මනුස්සයෙකුට එහෙම නිකන් සල්ලි දෙන්න එපා . අඩුම ගානේ ලෝයර් කෙනෙක් ළඟ ලියලා දෙන්න ".
මේ හදිස්සියේ ලෝයර්ලා හොයන්නේ කෙසේද ? මම කල්පනා කළෙමි. අත්තනායක මාමලා ගේ ඉඩම් වල අවුල් නිරවුල් ගැන හොයන්නට මා අල්ලා ගත් නොතාරිස් මහතා මගේ සිහියට නැගුණේ නිතැතිනි.
" මම දන්නා නොතාරිස් කෙනෙක් ඉන්නවා මාවනැල්ල ටවුන් එකේ. එහෙමනම් මම ලෙනදොර එක්ක ගිහින් මේ ලියුමේ විස්තරේ එයත් එක්ක කතා කරගෙන එන්නම් "
තාත්තා නිවසේ නැවතූ මා ලෙනදොර සමග නොතාරිස් හමුවීමට ගියේ රට හැර යන ගමනට තිබෙනා වැඩ අස්සේ වැටුණු මේ ලියුම් ගණුදෙනුව එකලාසයක් කර ගැනීමටයි .
පුවක් බාස් ට ණය දීමේ විස්තරය ඇසු නොතාරිස් මහතා. " මේකේ නීතිමය තත්වෙට වඩා ඔය මනුස්සයා පොඩ්ඩක් භය කරන්න නේ ඕනෑ වෙලාවට ණය ගෙවන්න. අපි පොඩි ලියුමක් ගහමු මහත්තයා . හෙට උදේ දහයට එන්නකෝ එයත් එක්කම ඒක අත්සන් කරන්න "
යැයි පවසා මා අස්වැසුවේ සරල ලියුමක් මගින් සියල්ල කල හැකි බව පවසමිනි.
හවස පුවක් බාස් හමුවූ මා "අපේ තාත්තා මෙන්න මෙහම වැඩක් කියනවා . නොතාරිස් කෙනෙක් ළඟ ලියලා ණය දෙන්න කියලා . ඒකට කමක් නෑ නේද ?" කියා ඇසුවේ ලියකියවිලි වල අවශ්‍යතාවය ඇත්තටම තිබුනේ මට නොවූ බැවිණි.
" හ්ම්. හ්ම් . ගානක් නෑ . අපි එහෙම කරමු . අද හෙටම රට යන්නත් තියෙනවා නේද එහෙනම් ඉක්මන් කරන්න වෙයි ඔය ලියුම් වැඩේ "
කියමින් පුවකාද එම අදහසට එකඟ වුවේය.
" අපි ඔක්කොම කතා කරගෙන ආවේ . හෙට උදේ දහයට නොතාරිස් ලඟට එන්න කිව්වා . ඒ ගමන්ම මම බැංකුවෙන් සල්ලි අරන් දෙන්නම් "
මම පැවසුවෙමි.
පසුදා තාත්තා මා සහ පුවක් තෙසක් රියක නැගී මාවනැල්ලට ගියෙමු.
නොතාරිස් ළඟ ලියුමට පුවක් සහ මා අත්සන් තැබුවේ මාසයකට රුපියල් දස දහස බැගින් මගේ සම්පත් බැංකු ගිනුමට මුදල් බැර කරන්නට පුවකා පොරොන්දු වන බවට වූ ලියවිල්ලකටයි.
නොතාරිස් මහතා අපට ඇසක් ගසා ලියුමේ ඇති සරල බව හැඟවූවද තාත්තා සිතු පරිදිම පුවක් බාස් වැඩේ බරපතලව සිතට ගන්නට ඇත.
ඇත්තම කියනවා නම් පුවක් ගැන තද බල විශ්වාසයකින් උන් මට ඒ ලියුමේ කිසිදු වැදගත් කමක් පෙනුනේ නැත.
නොතාරිස් කාර්යාලයෙන් පිටතට පැමිණි මම පොරුන්දු වූ පරිදිම සම්පත් බැංකුවට ගොස් රුපියල් ලක්ෂයක් ගෙන පුවකා අත තැබුවෙමි.
"බාසුන්නැහැ එහෙම නම් මාස් පතා මෙතෙන්ටම ඇවිල්ලා මහත්තයගේ අකවුන්ට් එකට සල්ලි දාන්න ".
මුදල් මිටිය දෙස තරමක ගිජු බැල්මක් හෙලු තාත්තා පැවසුවේ තම ආරථික අපහසුකම් ඇති බෑනාට නොදෙන සල්ලි අහක යන බාස් කෙනෙකුට යන හැටි නිරීක්ෂණය කරන අතරමය.
"හරි හරි මට මාස් පතා මගේ අකවුන්ට් එක නෙට් බෑන්ක් චෙක් කරන්න පුළුවන් නේ "
යැයි මා පැවසුවේ තාත්තා අස්වසන අතරම මුදල් මාස් පතා වැටිය යුතුය යන්න පුවකාට ද දැනෙන පරිද්දෙනි.
පුවක් බාස් ණය ගෙවූ හැටි
දෙදාස් හයේ පෙබරවාරි මාසේ දහසය වෙනිදා නිම්මි , සුපුන් සහ මම ඔස්ට්‍රේලියාව බලා පිටත් වුයේ අනාගතය පිලිබඳ දහසක් පැතුම් අප සිත්හි දරාගෙනයි .
ඒ පිටත් වන දිනයේ අප සමග ගුවන් තොටුපළට පැමිණි අය අතර තාත්තා , ලෙනදොර සහ විපුල්ද විය.
ගුවන් තොටුපළ පර්යන්තයේ දී තාත්තා හඬනු ඇතැයි මා සිතුවද ( අය්යා රට හැර යන වෙලාවේ තාත්තා ඉකිගසා අඬපු බව මා අසා තිබේ ) ඔහු පසුවූයේ සැහෙන සතුටකිනි.
ඒ තම දියණියන් තිදෙනා ඇතුළු සිය පවුලම ගොඩ දමනු ඇතැයි යන බලාපොරොත්තුව පිරි සතුටයි.
ඒ බව මා තේරුම් ගත්තේ මගේ අත්දෙක අල්ලා ගත් ඔහු පැවසු දෙයත් සමගයි .
"චූටි පුතා පුළුවන් ඉක්මණින් මේ විපුල් පුතාටත් ඔහෙට එන්න උදව් කරන්න " යන ඉල්ලීම තාත්තා අතින් කෙරුනේ මම පිටත් වන්නට ඔන්න මෙන්න කියා තිබියදීය.
එමෙන්ම මා වැළදගෙන කඳුලක් හෙලු විපුල් නොකියා කිව්වේ " අපි ගැනත් බලන්න " යන ඉල්ලීම යැයි මම අදටත් විශ්වාස කරමි.
කෙසේ හෝ මේ රටට පැමිණි මුල් කාලයේ මට ජිවන වියදම් දීමනාවක් ලැබුණේ නැත.
ඒ මගේ මහාචාර්ය තුමා විසින් මගේ විශ්ව විද්‍යාල ගාස්තු පමණක් ගෙවන්නට පොරොන්දු වී සිටි නිසාය.
නෙදර්ලන්තයේ කලින් ගෙව්වා මෙන් දෙගුණයක් ගෙවන සිස්යත්වය පසෙක දමා මම ඔස්ට්‍රේලියාවට එන්නේ ඇත්ත වශයෙන්ම විපුල් ලා වෙනුවෙනි.
ඒ බව මම තාත්තා සමග පැවසුවේ මාවනැල්ලේ නිවසේදීය.
ඒ වන විට මට නෙදරලන්තයෙන් අවුරුදු හතරක සම්පුර්න ගෙවීම් සහිත ශිෂ්‍යත්වයක් සහ මේ රටෙන් විශ්ව විද්‍යාල ගාස්තු පමණක් ගෙවන එහෙත් විශ්ව විද්‍යාලයේ ඉගැන්වීම කර මුදල් ඉපයීමට ඉඩ ඇති ක්රමයේ ශිෂ්‍යත්වයක් යන දෙකටම ආරාධනා ලැබී තිබිණි.
"තාත්තා මම නෙදර්ලන්තේ ගියොත් ලංකාවට එන්නේ කෝටිපතියෙක් වෙලා හැබැයි විපුල් ට වත් ලෙනදොරට වත් එකෙන් ලොකු දෙයක් වෙන්නේ නෑ.
ඒත් මම අරහේ ගියොත් මට එච්චර සල්ලි හම්බ වෙන එකක් නෑ හැබැයි එයාලගේ උනන්දුව තිබුනොත් විපුල් විතරක් නෙවෙයි ඔය මස්සිනා ලා හතර දෙනාම ගොඩ දැම්මහැකි"
ඒත් මම අරහේ ගියොත් මට එච්චර සල්ලි හම්බ වෙන එකක් නෑ හැබැයි එයාලගේ උනන්දුව තිබුනොත් විපුල් විතරක් නෙවෙයි ඔය මස්සිනා ලා හතර දෙනාම ගොඩ දැම්මහැකි"
ඒ පවුලේ අය ගොඩ දැමීමේ මගේ අනාගත බලාපොරොත්තුව සහ ඊට අදාල පොරොන්දුව තාත්තා හට මා ලබා දුන් ආකාරයයි .
ඉන්පසුව ඒ වෙනුවෙන් සිදුවූ දැවැන්ත වැඩ පිළිවෙල ඉදිරියේදී බලා පොරොත්තු වන්න . දැන් අපි නැවතත් පුවකාගේ ණය පියවීම දෙසට හැරෙමු.
අළුත් රටක කාත් කවුරුත් නොමැතිව ගත වූ මුල්ම මාසය අතිශය දුෂ්කර එකක් විය.
අපේ වියදම් අපිම පියවා ගැනීමට සිදුවීම. අවුරුදු දෙකක දඟ මල්ලක් වූ සුපුන් සහ තවමත් කුලෑටි ගතියෙන් පසුවන නිම්මි නිවසේ දමා මුදල් සෙවීමේ කාර්යය මටම කිරීමට සිදුවීම මේ අතර ප්‍රධාන විය.
නෙදර්ලන්තයෙන් ඉතිරි කරගෙන පැමිණි ඩොලර් විසිපන්දහසක් මගේ හිතේ ආරක්ෂාවට තිබුණත් එය වියදම් කිරීමේ බලාපොරොත්තුවක් මා තුළවත් නිම්මි තුල වත් තිබුනේ නැත.
වදෙන් පොරෙන් මාසයක් ගතවූ තැන මම මගේ සම්පත් ගිණුම පරික්ෂා කළෙමි හරියට 10 වෙනිදා වන විට පුවකා ගේ මුදල් මගේ ගිණුමට වැටි තිබිණි.
දුෂ්කර මාසයක් අවසානයේ මගේ සිතට සැනසීමක් ගෙන දෙන්නට පුවකා සමත් වී තිබේ. ඒ මා හොඳ මිනිහෙක් යැයි ඔහු ගැන තිබු විශ්වාසය අකුරටම රැකීම මගිනි.
දෙවැනි තුන්වැනි මාස ගත වන විට අපේ ජීවන රටාව කෙමෙන් කෙමෙන් පිළිවෙලක් වන්නට විය.
ඒ අපේ අතිරේක අදායම් මාර්ගද සෙමෙන් සෙමෙන් ඉහල යාමත් සමගයි. පුවකාද හරියටම මාසේ දහවෙනිදා වන විට මගේ ණය වාරිකය සම්පත් බැංකුවේ තැන්පත් කළේය.
හරියටම මාස දහයක් ගතවූ තැන පුවක් තම තෙසක් රිය වෙනුවෙන් ගත් සම්පුර්න ණය මුදලම ගෙවා දැම්මේය.
මගේ මහාචාර්ය තුමාද මට සුභ ආරංචියක් ලබා දුන්නේය . ඒ මා පී. එච්. ඩි සිසුවෙකු ලෙස ඇතුලත් කර ඔහු ලියු රිසර්ච් ග්‍රාන්ට් එක ඔහුට ලැබී ඇති බවයි..
පුවකා ණය පියවන අතරේ මම මගේ නෑදෑයින් වෙනුවෙන් ගත් "ණය" පියවුනේ එලෙසය.
සේව් කරගත්තා. නිවී සැනසිල්ලේ කියවන්න
ReplyDeleteමේ පැත්තේ ආවට ස්තුතියි. ඔව් එහෙම හොඳයි නිවී සැනසිල්ලේ කියවන එක...
Deleteඅප්පච්චියේ පවුලම ගොඩදාන්ඩයි තනන්නේ .....එතකොට අයියා
ReplyDeleteටිකක් ඉවසන්න.. ඉදිරියේදී කතාවක් එනවා..
DeleteWe didn't have such brothers, in-laws or friends.. :)
ReplyDeleteඅපිට හිටියා සහ ඉන්නවා. හිටියේ නැත්නම් හොයාගෙන හරි යනවා (යාලුවෝ)
Deleteපුවකා හොඳ එකා වගේ.
ReplyDeleteඔව් ඔව් .. ඒ වගේ ..
Deleteපුවකා පුවක් මහත්තයෙක්.
ReplyDeleteපුවක් මහතා
Deleteලොකු කතාවක් පටන් ගන්න වගේ හදන්නේ..
ReplyDelete-------
මොනා වුනත් පුවකා ජෙනුයින් පොරක් "වගේ".
එහෙම කිව්වේ ඔය වගේ මුලින් විශ්වාසය ඇති කරගෙන පස්සේ කෙලලා අරින එවුන් ඕන තරම් ඉන්න නිසයි.
//ලොකු කතාවක් පටන් ගන්න වගේ හදන්නේ..// විභීෂණ කියන්නේ නිකන්ද? හරියටම ඉව වැටුනා ඔන්න..
ReplyDeleteකියූ වචනය ඉෂ්ට කල මිනිහෙක් විදියට පුවක් ඇත්තටම මහත්මයෙක්...
ReplyDeleteකිසිවෙක්ගේ උදව්වක් නැතුව දරු පවුලක් සමඟ අලුත් දේශයක ජීවිතේ පටන් ගන්නවා කියන දේ ලේසි වැඩක් නෙවේ...ඔබ වාසනාවන්තයි ග්‍රාන්ට් එක ලැබුන එක...ඔබ ගත්ත තීරණය වෙනුවෙන් ජිවිතයෙන් තෑග්ගක් ලබා දුන්නා...ඉතිරි ටික කියවන්න බලාගෙන ඉන්නවා...
ස්තුතියි...පුවක්ලා වගේ වැඩ කරන අයට මම හරි කැමතියි. නෑදෑකමක් තිබුණා නෑ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි..
Delete//ඔබ ගත්ත තීරණය වෙනුවෙන් ජිවිතයෙන් තෑග්ගක් ලබා දුන්නා...// එකඟයි...මේ බලාපොරොත්තුව තමයි අපි මේ වගේ ඉදිරියට ගෙනියන්නේ..
අවංක මිනිහා නීති තිබුනත් නැතත් ගෙවනවා. හොරකම් කරන මිනිහා කොයිතරම් නීති තිවුනත් හොරකම් කරනවා. ඒ අතින් පුවක් බාස් ලෝක අවංකයෙක්.
ReplyDelete//අවංක මිනිහා නීති තිබුනත් නැතත් ගෙවනවා. හොරකම් කරන මිනිහා කොයිතරම් නීති තිවුනත් හොරකම් කරනවා. ඒ අතින් පුවක් බාස් ලෝක අවංකයෙක්.// මමත් සියයට සියයක් එකඟයි මේ අදහසත් එක්ක
Deleteපුවක් වගේ අවංකව වැඩ කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ. විශේෂයෙන්ම සල්ලි වලට අවංකකම තියනව කියන්නෙ ලොකු දෙයක්.
ReplyDelete//අවංකව වැඩ කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ. විශේෂයෙන්ම සල්ලි වලට අවංකකම තියනව කියන්නෙ ලොකු දෙයක්.// මෙහෙම අය හොයාගන්න තමයි අමාරු. අපිට මේ වගේ අය කිහිප දෙනෙක් හමුවෙලා තියෙනවා අනෙක් ජාතියේ අය රාශියක් හමුවන අතරේ..
Deleteකියවගෙන යනකොට දැනෙන්නේ මහා දේශාටනයක යෙදුන වීර පුරුෂයෙක්ගේ කතාවක්
ReplyDeleteස්තුතියි. "ඒ වගේ .. ඒ වගේ කියලා හිතෙනවා..... ටිකක්... "
Deleteඉදිරියට කියවන්න..
පුවක් එළ ඩයල් එකක්, මට හම්බ වෙලා තියෙන බහුතරයක් පොළු කාරයෝ...
ReplyDeleteකියපු වෙලාවටම ආපහු ගනුදෙනුව බේරලා තියෙන්නේ සුළු කොටසයි...
මේ කතාව දිගටම ලියන්න, කියවන්න කැමැත්තෙන් ඉන්න කතාවක්...
ස්තුතියි. //පුවක් එළ ඩයල් එකක්, මට හම්බ වෙලා තියෙන බහුතරයක් පොළු කාරයෝ...
Deleteකියපු වෙලාවටම ආපහු ගනුදෙනුව බේරලා තියෙන්නේ සුළු කොටසයි...// අපිටත් මෙහෙම අය ඕනෑ තරම් හම්බවෙලා තියෙනවා. බහුතරය එහෙම වුනාට ඔය පුවක්ලා වගේ අයත් ලංකාවේ ඉන්නවා. ඔබ කියන වර්ගයේ අය ගැන ලිවීමෙන් මා ඒ වෙනුවෙන් වැය කරන කාලයෙන් වත් ඔබ එය කියවන්නට යොදන කාලයෙන් වත් වැඩක් වෙන්නේ නැහැ. ඒත් මෙවැනි ආදර්ශමත් මිනිසුන් ගැන ලියු විට ඒ හරහා තවත් කිහිප දෙනෙක් වත් හරි මගට යොමුවෙනවා. අපි දේශපාලන කතා , කුඩා කල සිට මේ දක්වා අපේ හිත් බොහෝ සෙයින් රිදවූ මිනිසුන්ගේ කතා වැඩි පුර නොලියන්නේ ඒ හේතුව නිසයි. මගේ හිතට අනවශ්‍ය කෙන්තියකුත් කියවන ඔබේ හිත කුලප්පු කිරීමත් යන දෙකම මග හැරවෙන ලියවිල්ලකටයි අපි කැමති... දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා ගම හදන්න පෙර සහෝදර සහෝදරියන් ගොඩ දාන්න දඟලපු හැටි ... ජයවේවා !!!
පුවක් මහතා හොඳ මහතෙක්.ගස්ලබ්බා ලඟ සල්ලි නැතුව වෙන අයගෙන් පොලියට අරගෙනත් යාළුවන්ට දීල ගෙවාගන්න විදිහක් නැතිම වෙනකොට පොඩ්ඩක් මතක් කලා කියලා කුණු බැණුම් පවා අහල තියෙනවා.ඒත් අමාරුවෙන් සල්ලි හොයාගෙන ගස්ලබ්බ අර ණය ගෙව්වා මිසක ආයෙ සල්ලි ලැබුනෙ නම් නෑ.ඉල්ලුවෙත් නෑ. කොහොමත් පොලු ම තමයි ලැබිල තියෙන්නෙ දැනට. හෙහ් හෙහ් හේ
ReplyDeleteජයවේවා..!!
//ගස්ලබ්බා ලඟ සල්ලි නැතුව වෙන අයගෙන් පොලියට අරගෙනත් යාළුවන්ට දීල ගෙවාගන්න විදිහක් නැතිම වෙනකොට පොඩ්ඩක් මතක් කලා කියලා කුණු බැණුම් පවා අහල තියෙනවා.ඒත් අමාරුවෙන් සල්ලි හොයාගෙන ගස්ලබ්බ අර ණය ගෙව්වා මිසක ආයෙ සල්ලි ලැබුනෙ නම් නෑ.ඉල්ලුවෙත් නෑ.// ස්තුතියි.. ගස්ලබ්බා හිත හොඳ වැඩි කෙනෙක් බව මට සෑහෙන්න තේරිලා තියෙනවා.. ( මේ අර මෑතක බ්ලොග්ර්ස්ලා එකෙනෙකා ගේ පිට කසා ගන්නවා යැයි කිව්වා වැනි දෙයක් නොවෙයි මට ඇත්තටම හිතුන දේ ..) මෙවැනි පොළු කාරයින්ට ( විශේෂයෙන් හැකියාව තිබියදී ණය නොගෙවූ අයට ) අපි ජීවිතේට අමතක නොවන /එහෙත් ඉතා සරළ පාඩම් උගන්වලා තියෙනවා . එකක් දෙකක් බ්ලොග් පොස්ට් විදිහිට ගෙනෙන්නම් .. හිනා කාලා මැරෙන වර්ගයේ ඒවා.. හැබැයි නැවත අර වැරැද්ද නොකරන්න පාඩම් ඉගැන්වූ ඒවා..
Deleteමම ආසාවෙන් කියවන කතා සංග්‍රහයක්
ReplyDeleteස්තුතියි.. ට්‍රාන්ස්.. ඉදිරියේදී තව කොටස් එනවා..
Deleteපුවකා නමැත්තාට කිසිදු දුකක්, ආපදාවක්, අනතුරක්, පාඩුවක් වැනි අටලෝ දහමේ නරක කොටස් හතරම ක්‍රියාත්මක වී නොතිබීම ලොකු දෙයක්!
ReplyDeleteපුවකා නොහොත් ප්‍රේමරත්නට රසිකලට අපිට වගේම ඔය දේවල් පොඩි පොඩියට තියෙන්න ඇති සමහර විට අපට හම්බවෙන්න ඉස්සර . අප දන්නා කාලයේ නම් ඔහුට ලොකු දුකක් කරදරයක් , පාඩුවක් වුන බවක් දැන ගන්න ලැබුනේ නැහැ. පුවක්ලා ගේ එකම දුව 3A අරගෙන විශ්ව විද්‍යාලේ ගිහිල්ලා දැන් අවුරුදු දෙකකට වැඩියි. ඔය තෙසක් රියෙන් පස්සේ ගස් කපන මැෂිමක් අරන් පොල් පලන්න පටන් අරන් තිබුනා එයා. ඊට අමතරව වැයෙන් පොල් ගස් රහින එකත් කරනවා මන් හිතන්නේ.... අපේ ගියපාර ලංකාවේ ගිය වෙලාවේ අපේ සුපුන් තෙසක් රියක අරන් යන්න ඕනෑ වෙලා අපි පුවකගේ වාහනේ හයර් එකක් ගියා පින්නවලට අලි බලන්න ( අපි තුන්දෙනයි පුවක් බාසුයි ගියේ) එතැනදී අපි ඔහුට පිට්සා එහෙම අරන් දුන්නා තේ වලට.. මට මතක හැටියට රුපියල් 250 කැ වගේ හයර් එකක් දුන්නා.. අපි අටලෝ දහම් ගැනම හිතුවට එව්වට නොසැලී තමන්ගේ ගමන යන මිනිස්සුත් ඉන්නවා ..
Deleteපුවකා ණය ගන්න ඕන දේකට එකඟ උනා කිව්වාම, මට මතක් උනේ අපේ හිටපු හා ඉන්න පාලකයෝ ගැන.. මෙච්චර කල් උන්නෙ එක පුවකයි.. දැන් පුවක්ලා දෙන්නෙක්ම ඉන්නවා.. ඩබල් පුවක්.. එයාලට සැප ගන්න ඕන මළදානෙකට සයින් කොරයි...
ReplyDeleteඔබ හොඳ මනුස්සයෙක්.. වෙන එකෙක් නම් නෙදර්ලන්තේ තමයො තෝර ගන්නේ.. ඒ වගේම ඔබේ පැතුම් ඉටුවන්න ඇති... හොඳ මිනිස්සුන්ට තැනක් නෑ කිව්වට.. කවදා හරි ඒ මිනිස්සු සාර්ථක මිනිස්සු වෙනවා...
ස්තුතියි මාතලන් ....//පුවකා ණය ගන්න ඕන දේකට එකඟ උනා කිව්වාම, මට මතක් උනේ අපේ හිටපු හා ඉන්න පාලකයෝ ගැන.. මෙච්චර කල් උන්නෙ එක පුවකයි.. දැන් පුවක්ලා දෙන්නෙක්ම ඉන්නවා.. ඩබල් පුවක්.. එයාලට සැප ගන්න ඕන මළදානෙකට සයින් කොරයි...//.. කතාවේ ඇත්තක් නැත්තේම නෑ... හැබැයි පුවකාගේ නෝනයි ලමයයි වගේ සකසුරුවම් සහ උත්සාහ වන්ත වුනා නම් අපේ රට වැසියෝ සමහර විට ඔය පුවක් ඩබල් ණය වලිනුත් අපේ පුවක් ගේ ණයෙන් වගේ හොඳ ප්‍රතිඵල (යම් තරමකටවත් ) ගන්න තිබුණා.. ඒ අයගේ වැරදි දකිනා අතර අපි අපි හැකි පමණින් හරිදේ කරානම් ?? කියලා සිතිවිල්ලක් මටනම් එනවා..
ReplyDelete//වෙන එකෙක් නම් නෙදර්ලන්තේ තමයො තෝර ගන්නේ.. ඒ වගේම ඔබේ පැතුම් ඉටුවන්න ඇති... හොඳ මිනිස්සුන්ට තැනක් නෑ කිව්වට.. කවදා හරි ඒ මිනිස්සු සාර්ථක මිනිස්සු වෙනවා...// ස්තුතියි.. සියයට දෙසීයක් එකඟයි ඔබේ අදහසට.. හොඳ දේ දිගටම කරගෙන ගියොත් වරදින්නේ නෑ කොතනදී හරි නොහිතු නොපැතූ විදිහට හරියනවා.. තව එකක් මම නෙදර්ලන්තේ ආරාධනාව ප්ර්තික්ෂේප් කරන කොට මගේ එහෙ සුප්ර්ව්යිස්ර් නෝනා ( මහාචාර්ය තුමිය වන ටීනා මෙන්න මෙහෙම ඉ මේල් එකක් එව්වා ) ..Dear Kawindu, I can not understand why you refusing our offer . it is full fellowship which you obtained after competing with local Netherlands applicants ( මම ඒ ෆෙලොශිප් ලිස්ට් එකේ පළවෙනියට තේරුනා ) .You will be able to rent a nice house and to have a good car with this stipend . I suggest you reconsider this.. Best Regards ,, Tine
ReplyDeleteපුවක් හොඳ මනුස්සයෙක්. ඔබත් හොඳ සහෝදරයෙක්.
ReplyDeleteසහෝදර ජනතාව ඔබේ උදව් හුඟක් බලාපොරොත්තු වුන එක නම් එච්චර හරි මදි.හදිසියකදී උදව් කරන එක වෙනයි.නමුත් එක අයෙකුට ඒ සා බරපතල වගකීම් පටවන එක පව්
ස්තුතියි... සහෝදර ජන්තාවට උදව් කල යුතුයි කියලා මමත් හිතා ගෙනයි හිටියේ,.. බලාපොරත්තු වුනත් නැතත් .. යුතුකමක් හැටියට හිතලා
Delete"පී. එච්. ඩි සිසුවෙකු ලෙස ඇතුලත් කර ඔහු ලියු රිසර්ච් ග්‍රාන්ට් එක" මේක තේරුනේ නෑ
ReplyDeleteමගේ මහාචාර්ය වරයා ලොකු ග්‍රාන්ට් එකක් ඉල්ලලා ප්රෝපොසල් එකක් ලිව්වා. ඒ ග්‍රාන්ට් ප්රෝපොසල් එකේ මට පි.එච්. ඩි. ශිෂ්‍ය විදිහට දීමනාවක් ඇතුලත් කරලා තිබුණා. ග්‍රාන්ට් එක ලැබුණ නිසා එතැන් පටන් මටත් වැටුපක් ලැබුණා.
Delete