Monday, 22 August 2016

කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩු පාඩු

පසුගිය  සති කිහිපයේ  අප  ඇසුරු කාරනා  බ්ලොග් රචකයින්  සෑහෙන  පිරිසක්  තම තමන් කැමති ගීත  16 ක්  බ්ලොග් පොස්ට් ලෙස පළකරනවා දුටුවෙමි.

රැල්ල ආරම්භ  කර තිබුණේ  ඉයන් ගේ අඩවිය  ලියනා ඉයන් විසිනි.

මේ වනවිට 25  දෙනෙකුට  වැඩි පිරිසක්  ඒ වෙනුවෙන්  ගීත  පෙලගස්වා තිබෙන අයුරුද දුටුවෙමි.

රසිකලොජි වැනි අයෙක්  මේ හා සම්බන්ධ  මාතෘකා යටතේ  ( නවතම පිස්සුව ගැන )  පොස්ට්  පලකර තිබුණි.

මා මෙතෙක්  ලිවූ බොහෝ බ්ලොග් පොස්ට් අතර  ගීත වෙනුවෙන්ම වෙන් කල  පොස්ට් ගණනාවක් ම ඇත.

එකක්  ගුවන් විදුලි යන්ත්‍ර  ගැන වන අතර  තව එකක් ලියවුනේ  බෙස්ට් සිලෙක්ෂන් යන මාතෘකාව යටතේ ලියවුනු  තරුණ  මගේ හිතට සමීප වූ ගීතයි.

මා කැමතිම ගීත දහසයකට  ගොනු කිරීම ඉතාම අපහසු  කාර්යයයකි.

හේතුව  මෙතෙක්  ගතවූ  මගේ  ජිවිත  කතාවම  එකම ගීත සාගරයක් වීමයි.

වැඩි පුර නොසිතා ගීත 16ක්  පෙළගස්වනවා වෙනුවට අප ජිවන ගීතයේ  එක් එක් කාල වකවානුවල  මා අසන්නට/ ගයන්නට  ආශා කල ගීත  ලියන්නට අදහස් කලෙමි.

ඒ  එසේ වීමට හේතුවූ  අවස්ථා  සම්බන්ධයත්  එක් කරමිනි.

හද  රැඳී  ගී.


1. පිණිබර  යාමේ  -සුනිල් එදිරිසිංහ  



මා ඉතා කුඩා කාලයේ සිටම  අපේ  අම්මා අප වෙනුවෙන් කල  කැපවීම් හොඳින් අත්දැක ඇත්තෙමි.

 ඒ  අහල  පහළ අය කියන්නාසේම  මම අම්මාගේ  පුතා නිසාය.

මා මෙතෙක්  දුටු හොඳම  මානව හිතවාදී  කාන්තාවද  අපේ  අම්මාය.

මට අවුරුදු අටක් - දහයක් වෙන කාලයේ උදේ පාන්දර  ගුවන් විදුලියෙන් ඇසුණු මේ ගීතය  මගේ  අම්මා කෙරෙහි මා තුල තිබු ආදරය  තීව්‍ර කරවන්නක් වූ යේ එබැවිණි.

එකල ඉතා දඟකාර කොලුගැටයෙක් වූ  මා පාසලේ සිටි දඟයන් ගේ   ප්‍රමුඛයෙකි.

එහෙත් එවන්  චරිතයක්    අධ්‍යාපනයේ  හිණිපෙත්තටම  ගෙන යන්නට ඉතා කුඩා කාලයේම අඩිතාලම දැම්මේ මෙන්න මේ ගීතයයි.




2.   පන්දම් අල්ලා  - එච් . ආර්. ජෝතිපාල

"පන්නරය " නම් වචනය මා කවදත් ප්‍රිය කල එකකි. එය අද මෙන්ම  අවුරුදු අටක- දහයක  කොළු පැටියා කාලයේද එසේමය.

මේ ගීතය  සම්බන්ධ වන්නේ එ වැනි කථාවකටයි .

ඒ කාලේ  අපේ ගෙදර සිටි වැඩිමහල් දරුවන් තිදෙනා වූ සමන්ත, අක්කා සහ මම  මේ ගීතය  කියමින්  වත්තේ උඩහ පැත්තේ තිබු පේර ගසත්  , තුන් ඈඳුතු අලිපේර ගසටත්  නගින්නෙමු.

සිංදුව කියමින් පේර ගසේ සහ අලිපේර ගසේ අතු සොලවන  අප  "යමෙකුට " පණිවිඩයක් දුන්නෙමු.

එයින් කියනන්ට  බලා පොරොත්තු වුයේ

"ඔබ අපට එරෙහිව වැඩ කරන්න කරන්න අප  එයින් පන්නරය ලබන්නෙමු "

යන්නයි.

ඉතා කුඩා කාලයේම  මා සිත් රැඳුනු  මේ ගීතය  මෙහි සඳහන් කරන්නේ  ඒ  කාලේ  කුඩා අපි අතර තිබු සමගිය  බලයක්  කර වූ  මේ ගීතයට කරනා  අගය කිරීමක් වශයෙනි.





3.  අහසින් පොලවට  කඩා වැටිලද - සුනිල් එදිරිසිංහ 


ඉහත සිදුවීම් වලටම ආසන්න කාලයකදී  මා සිතට  මේ ගීතය ඇතුල් වුයේ  පුදුමාකාර හේතුවක්  සමගය.  

කුඩා දරුවෙකු  ගේ  සිතට  "අනේ මම කොතරම් අසරණද ? " යන සිතුවිල්ලක් ඇති වේ නම්  එය එකත් එකටම  වැඩිහිටි සමාජයේ  වරදක්  හෝ අතපසු වීමක්  නිසාමය.

ඉතා කෙටි කලකට හෝ එවැනි අදහසක් මා සිතට ඇතුළු වූ ඒ කුඩා කාලය  මතක් කර දෙන මේ ගීතයට මම අදටත් ප්‍රිය කරමි.

මෙහි කියැවෙන අදහස කෙලින්ම මගේ අතීතයට  සම්බන්ධ  නොවුනත් මට  අදටත්  මල් කැකුළු වන් පොඩි  දරුවන් ගේ ලෝකය  විනාශ කරනා වැඩිහිටියන් ගැන මතක් කර දෙන්නේ මේ ගීතයයි. 







4.  හිරු  පායා එන සුන්දර  මොහොතක -විල්බට් ඇන්තනි 

මා අධික ලෙස මම උපන් බිමට ආදරය කරන්නෙක් යැයි  කිවොත් එය විශ්වාස කරනු ඇත්තේ  කීයෙන් කී දෙනෙක්ද? 

මුහුණු පොතේ මගේ  හැසිරීම බලන්නෙක්  මොහු ජ. වී. පෙ  හිතවාදියෙකි .  අප මෙන් "දිනු දේශය "  ගැන සිතන්නෙක් නොවේ  යැයි  කියනු ඇත.

තවකෙක්  "ඔච්චර රටට ආදරේ නම්  මොකද ඔය පිටරටකට වෙලා ඉන්නේ ?. මෙහෙ ඉන්න  සුරන්ලා වැනි හොඳ කොල්ලොත් පිට රට ගෙන යන්න දඟලන්නේ  ? "  යැයි අසනු ඇත. 

එහෙත් "සත්‍ය  මිනිසා"  හඳුනන්නේ  මා සමග දැනට ජිවත් වන අනෙක් මිනිසුන් දෙදෙනා වන නිම්මි සහ අපේ එකම පුතා සුපුන්ය.

ඉතා කුඩා කාලයේම මගේ රටට ගමට එහි දුක් විඳින මිනිසුන්ට සැබෑ ලෙසම ආදරය කරන්නට  මා පෙලඹ  වූ  ගීත රාශියකි  . 

ඒ හැම එකක්ම  ඇහුනේ  උදේ පාන්දර  අසුගණන්වල අපේ  රේඩියෝ වේ  ගිය "අරුණ කිරණ " සහ  "උදා ගී " වැනි වැඩ සටහන් වලිනි. 

කුඩා කල ඒ ගීත ඇසෙද්දී  මගේ පිට කොන්ද දිගේ ඉහළට ගලා විත් හිස මත පතිත වන "කරන්ට් එකක් වැනි හිරියක්"  මා පුබුදු වයි. 

ඒ මා උපන් දේශයට  මගේ ඇති අතිමහත් ආදරය මා සිත තුල තදින්  කා වද්දමිනි.  






5. දවසක්  පැල නැති හේනේ  -  ගුණදාස කපුගේ 

අම්මලා දරුවන් වෙනුවෙන් නොවිඳිනා දුක් විඳිති.  අම්මාගේ  ආදරය වෙනුවෙන් ගීත පොත් පත්  තොග ගණන් ලියවෙන්නේද  ඒ නිසාමය. 

මෑත කාලයේ ශ්‍රී ලාංකීය  සමාජය  ඇවිස්සු  උපුල් ශාන්ත  සන්නස්ගලගේ අම්මා එවන් තවත් දිරිය කාන්තාවකි.  

මට අපේ අම්මා  අප වෙනුවෙන් කල අප්‍රමාන  කැප කිරීම් නැවත නැවතත් සිහි කර දුන්නේ උපුල්ගේ  පොතයි. 

ඔහුගේ ලිවීම් රටාව ගැන විවේචන ඇතත් අපේ පළාතේ  අම්මා   කෙනෙක්  ගේ ආදරය මොනවගේද යන්න ඔහු හෙළි කල බව මගේ හැඟීමයි.

මගේ මුල්ම බ්ලොග් පොස්ට් කිහිපයකම  අපේ අම්මා අප වෙනුවෙන් විඳි දුක් ගැහැට  පිලිබඳ  සඳහන් වී තිබේ. 

ඇය  අද අපේ මුළු ගමක්,  පළාතක්  ගරු  බුහුමන් දක්වන මාතාවකි . 

හේතුව  ඇය ලොවට  දායාද කල දරු දැරියන්  ගමට, රටට,  ලෝකයට කාරනා සේවයයි.

මේ ගීතය මා තෝරා ගත්තේ අපේ ආදරණිය අම්මා වෙනුවෙන්.

 මේ ගීතයට එන අවස්ථා සම්බන්ධය  පැලක  නොවේ වෙලේ සිට ගෙදර එද්දී අම්මාත් මමත් අනෝරා වැස්සේ තෙමුණ කතාවයි.

ඒ කතාව තරමක් දිග කතාවකි . ඒ නිසා එය  මතු  කවදා හෝ දිනක මගේ බ්ලොග් ලිපි අතර පළවනු ඇත.








6. දඟගෙයි දඬුවම්   - විජය කුමාරතුංග 

මම උසස්පෙළ  කලේ  1987-1990   අවසනාවන්ත  කාලයේය .  ඒ  කාලේ  අපි හැමෝම  පාසල්  පුරා පැතිරී ගිය  දේශපාලන පිබිදීමේ යම් පමණක හෝ කොටස් කාරයින් වූයෙමු.  

මා කෙලින්ම  ශිෂ්‍ය සටන් වලට සම්බන්ධ සාමාජිකයෙක් නොවුවද ඒවාට  සහභාගී  වී  තම වටිනා ජිවිත අකාලයේ අහිමි වූ පිරිස් අතර අපගේ ලඟම මිතුරන් රාශියක් සිටිති. 

එකල  අප ඇසු ගීත අතර  වැඩි හරියක්ම තිබුණේ විරෝධාකල්ප ගීතයි. 

විජයගේ "වේදනා"  සහ නන්දා මාලනිගේ  "පවන"   අපේ  ගෙදර කැසට් එකේ නිතර වාදනය කිරීමේ වගකීම හිමිවන්නේ අපේ අය්යා සමන්තටයි.

ඒ ගීත  මා සිත තුලට කිඳා බැස්සේ මගේ හිතවතුන් බොහෝ දෙනෙක් ඇත්තටම  ඒ ගීත වල තේමාවන අනුගමනය කරමින් සිටි බැවිනි.








7 . සුන්දරත්වයෙන් පිරි-   මිල්ටන් මල්ලවආරච්චි


අසුව දශකයේ  අග භාගය ( භීම සමය) මම හිරිමල් යොවුන් වියේ ආදරවන්තයෙක් වූ  කාල වකවානුවයි. 

සටන් කාමී හිතවතුන් මෙන්ම විනෝදකාමී හිතවතුන් ද මැද දෝලනය වූ මගේ යව්වනය තවත් පාසැල් සිසුවියක්   වෙත  ඇදීයාමම  මගේ අනාගත ගමන් මග  වෙනස් කිරීමක්ද විය. 

ඒ කාලේ  මම වැඩියෙන් මිල්ටන් ගේ ගීත වලට සමීප වූ අතර. 

මේ ගීතය මගේ හිතේ රැඳෙන්නේ  එහිදී තෝරා ගත් බෙස්ට් සිලේක්ෂ්න් එක ආරම්භ වුයේ මේ ගීතයෙන් වන බැවිනි






මගේ  ප්‍රියතම ගී අතර මිල්ටන් ගේ ගීතම 16 කට වඩා තිබේ . 

ඒ අතර මේ ගීතයද  ඔය කියනා  මල් සමයේ  සිටම මා ප්‍රිය කරන තවත් ගීතයකි.






8. පබළු නගේ නාමල්  තිලකේ  - ගුණදාස කපුගේ 


අවුරුදු දහනමය -විස්ස වෙද්දී මම වැඩිපුර ප්‍රිය කලේ  "විරෝධාකල්ප සහ ප්‍රබුද්ධ ගායකයින්ගේ ගීත" වලටයි. 

ඒ කාලේ මට එච් . ආර්. ජෝතිපාලගේ ගීත පෙන්නන්න බැරි යැයි කිව්වොත් අද නම් කිසිවෙක් විශ්වාස නොකරනු ඇත. 

එහෙත් යොවුන් වියේ පසු වූ මා ආදර /විරහ ගීත වලින් වෙන් කරන්නට එය හේතුවක් වුයේ නැත. 

යොවුන් ආදරය  තේමා කර ගත් ගීත දහස් ගණනක් 1989-90 කාලයේ  මා සිතට සමිප වූ අතර  විරහ වේදනාවට  අලුත් අරුතක් දුන් මේ ගීතය මගේ හිත පත්ලටම ගියේ ඒ කාලයේදීය.







9.  සිංහල සිංදු කියන - නළලේ  තිලක තියෙන -  ගුණදාස කපුගේ

ගුණදාස කපුගේ මගේ ප්‍රියතම ගායකයා වුයේ  1980 ගණන් වල හිරිමල් යව්වන වියේදීමය.  ඔහුගේ සිංහල සිංදු කියන ගීතයට මා ඒ කාලේ සිටම ඇලුම් කලෙමි. 

මෑතක සිට මේ ගීතය මගේ සිතට නව හැඟීමක් එක් කරන්නට විය

නිදහසෙන්  පසු අවසනාවන්ත ලේ වැගිරීම් හතරකට අසුවූ අපේ රට සදාකාලික ශෝක වන්නන් සහිත බිමක් කල තවත් අවස්ථාවක්  මේ ගීතය මට මතක් කර දෙයි.

මේ ගීතය  ඇසෙද්දී  මගේ සිත ඉතා තද කම්පනයකට පත්වෙන්නට ගත්තේ 2009  මැයි  මාසයෙන් පසුවය. 

මේ  ගීතය ඇසෙන වාරයක්  පාසා   "පණ බේරාගන්නට දුවනා දමිළ කොටි සාමාජිකයෙක් විවාහ කරගත් සිංහල කාන්තාව "  මා සිතේ අඳින්නට පටන් ගත්තේ මේ මෑතක සිටයි. 

හේතුව මේ ගීතයේ  පසුබිම් කතාව මා මනසේ තදින්ම තැන්පත් වී තිබීම විය යුතුය. 





10.   දුක හාදු දෙන රැයේ

දශක හතරකට වඩා වැඩි  වූ මගේ ජිවිත කාලයේ  මේ  වන තෙක් මා ලැබූ   විවිධාකාර  අත්දැකීම් රාශියකි . 

 ඒ බොහෝ අත්දැකීම් ඒවායේ උපරිමයට  ටිකක් එහාට වන්නට  වාගේ ලැබුනා කිවොත් එය  අතිශෝක්තියක්  නොවේ . 

අවුරුදු  18 -20 කොලුගැටයෙක් ලෙස මා අත් විඳි විරහ වේදනාවද   එසේ උපරිමයෙන්ම ලැබූ එකකි.

ඒ කාලේ රෑ නින්දට යද්දී  මා සිතේ හොල්මන් කල ගුණදාස කපුගේ ගයන  මේ ගීතය ට  මා කවදත්  ණයගැති  වන්නේ  තරුණ මගේ සිත කිසිවෙකුටත් වයිර නොකරන තත්වයක තබන්නට  එය සමත් වූ නිසයි .





11. රජ මැදුරක ඉපදී සිටියානම් - මාලනී බුලත්සිංහල 

මා ඉතාම කැමති මේ ගීතයේ නිධාන කතාව නම් තරමක්  විනෝදය දනවන සුළු එකකි  . 

විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන් වූ අප  ඇහැට කනට පෙනෙනා නවක සිසුවියක් අල්ලා ගත්තෙමු.

තංගල්ල පැත්තේ කෙනෙකු වූ ඇය  නවක  සංග්‍රහ කාලයේ දැලේ දමා ගැනීම තරුණ මගේ බලාපොරොත්තුව විය.

"ඒයි .. උඹේ නම මොකක්ද? "

"යසන්ති  ජේස්ට උත්තමයා."

" හ්ම්.. යසන්ති ඇයි  බොට වාසගමක් නැද්ද ? "

"යසන්ති ද  සිල්වා   ජේස්ට උත්තමයා "

මගේ හිතවතා කුමාරද  මේ අවස්ථා වේ මා අසලම සිටියේ මගේ සහයටයි.

"ඒයි උඹ දන්නවද ? මේ ජේස්ට උත්තමයා සිංදු අහන්න .. සිංදු කියන්න හරි ආසයි .

කියපන් බලන්න එතුමාගේ හිතට වදින හොඳ සිංදුවක් "

යසන්ති අපි දෙදෙනාට වඩා සටකපට පාටය. ඇය මේ ගීතය කියන්නට ඇත්තේ  ඒ නිසාය.  

එදා මම දැහැනකට සම වැදුනා මෙන් මා කැමතිම ගීතයක් ඇසුවේ එසේය.





12.  පාන්කිරිත්තා - ෆ්‍රෙඩි සිල්වා

ප්‍රේම කිර්තිද අල්විස්  මා ඉතාමත් ප්‍රිය කල ගීත රචකයෙකි.  ඔහු විසින් රචනා කල බොහෝ ගීත මාගේ ප්‍රියතම ගීත වෙයි. 

මර්වින් පෙරේරා  ගයන ගීත ගණනාවක් ඒ අතර තිබේ.





ප්‍රේම කිර්ති අපේ සමාජයේ දුර්වලතා ඉලක්ක කරගෙන ලියු ගීත රාශියක් ද තිබේ . 

ඒ අතරින් මා කැමති එක ගීතයක් මෙහි සඳහන් කරමි. එහි ප්‍රේමකීර්ති උපහාසයට ලක් කරන්නේ අපේ රට වැසියන්ගේ  මා අකමැතිම ලක්ෂණයයි . 

ඒ  තමන්ගේ වැඩේ හරියට නොකර අනුන් විවේචනය කිරීමයි .


ලන්කාවේදී පමණක් නොව පිටරටවලදී පවා අපේ අය පෙන්වන මේ දුර්වලතාවය  මා අකමැතිම එකකි.

ඔස්ට්‍රේලියාවේ අපේ හිතවතෙකුගේ නිවසේ පැවති දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී සාදයකදී මා මේ ගීතය ගැයුවේ එබැවිණි. 


35 comments:

  1. නියමයි.
    'ඉර පායා එන' සින්දුව මාත් ආස කරන ගීතයක්.

    //ඔච්චර රටට ආදරේ නම් මොකද ඔය පිටරටකට වෙලා ඉන්නේ ?// රටට ආදරය කරන මනුස්සයෙකුට පිටරට ඉඳ‍ලත් මේ රට වෙනුවෙන් බොහෝ දේ කරන්න පුලුවන් බව ඔබ පෙන්නල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன ..ඔය ඉර පායා එන කියන සිංදුව ඇහෙනකොට ඇත්තටම මම "මනමෝහන ගංගාවකට පාවෙලා යනවා " වගේ දැනෙනවා. අපි දන්නා තවත් කිහිපදෙනෙක් පිටරට ඉඳන් එවැනි වැඩ කරනවා අපිට ඕනෑ අපේ රටේ ඉන්නා ඒ දේවල් වලින් පළමු පියවරට ප්‍රයෝජන ගන්නා අය දෙවැනි පියවර තමා තනියෙන් ආත්ම ශක්තියකින් යුතුව ඉදිරියට තබනවා බලන්නයි. ඒ වෙනුවෙන් තමයි අපි මේ ගොඩක් අත්දැකීම් අකුරු කරලා තියලා තියෙන්නේ.. දැනට අපි පළමු නිවාසය ඉදිකර දුන් පවුල එවැනි සාර්ථක දෙවැනි පියවරවල් තබමින් ඉන්නවා..

      Delete
  2. නියමයි.
    මටත් ලියන්න ඕනෑ වුනේ මේ වගේ ලිපියක් with background info.

    Hats off for you, mate.

    ReplyDelete
    Replies
    1. මම සිංදු ටිකක් නිකංම පෙළගස්වනවා වෙනුවට ඒ හා ආශ්‍රිත මගේ අත්දැකීම් කියන්නයි හිතුවේ.. ලියන්න ටිකක් වෙලා ගියාට පොඩි ගතියක් තියෙනවා නේද ?
      Thanks mate for the encouraging words !!!

      Delete
    2. රසිකත් ලියමුකො ඉතින් with back ground info සිංදු පොස්ට් එකක් අපිට රසිකරසාස්වාදය බලාගන්නත් එක්ක..

      Delete
  3. හෑ! දැන් එතකොට සුරං ඕට්ටේලියාවේ යන්නද හදන්නේ චූටි මැනිකෙයි ටිකිරි සඳමාලියි අරං? කෝ සිංදු දොලහනේ තියෙන්නේ? කපුගේ ට විශේෂ කැමැත්තක් :)

    ReplyDelete
    Replies
    1. හා.. හා.. කට කට අර කොළුවා දහ අතේ දඟලනවා හරි පොටක් පාදාගන්න මේ උන්නැහේ කට ඉස්සර කරනවා.. ඕවයින් ඇස්වහ කටවහ වදින්න පුළුවන් .. සුරන් කොලුවෝ ආච්චම්මාට කියහන් ඔය තුන්මං හංදියේ මිරිස් //ලුණු ටිකක් පුච්ච්ලා ඇස් වහ කටවහ පුච්චලා දාන්න කියලා...

      Delete
    2. ටිකිරි සඳමාලි ලා වගේ කට්ටියට තමයි මේ රටවල අපිටත් වඩා සැලකිලි තියෙන්නේ .වෙනස්කමක් කරලා අහුවුනොත් එහෙම නඩු පිට නඩු .. "කපුගේට විශේෂ කැමැත්තක්" වෙලා නැවතුනා මදැයි තනිකරම කපුගේ නොවී... දෙතොල නොකිදේ, කවුරුත් එන්නැති, තරුමල් යායම වගේ තව කපුගේ ගීත ගණනාවක් මේකට වැටෙන්න ඉඩ තිබ්බා...

      Delete
  4. මිල්ටන්ගේ සුන්දරත්වයෙන් පිරි ගීතය ඉස්සර මාතලන් ගහන්නේ (කියන්නේ) අසන්නන්ගේ ඉල්ලීමක් විදියට.. ඒ කියන්නේ ගල් බෝතලේ 80 ට අරගෙන බෝතල් දෙකයි අලියා සෝඩා එක බෝතලයයි වෙලෙන් අල්ලන බට්ටොයි කාවයි බයිට් එකට අරගෙන සෙට් උනාම අනිවාරයයෙන් මාතලන්ට් එන ඉල්ලීමක්. බඩු මදි වෙලා මලක් ගැහුවම කට්ටියම එක්ක කපුගේ අමරදේව ඝාතනය කරලා දානවා කිසි හිතක් පපුවක් නැතිවම..

    අනික් කාටවත් දැනුන්නේ නැති සුපිරි ගායකයෙක් තමයි ෆ්‍රෙඩී.. ෆ්‍රෙඩී ගායන විලාශයම මහා පුදුම දෙයක්.. ඒ කියන්නේ කට හඬක් තුලත් හාස්‍ය රසය පුදුමාකාර විදියට ගැබ් වෙලා තියෙනවා. ෆ්‍රෙඩීගේ ගීතත් බොහෝමයක් ලියලා තියෙන්නේ දිවිය ලෝකෙන් මෙහේට ආපු ප්‍රේමකීර්ති කියන විශ්වකර්මයා. ඔය සින්දු ඔක්කෝම වගේ මට කට පාඩම් ඒ කාලේ.

    මම පාටි වලදි කියන්නේ ෆ්‍රෙඩීගේ සින්දියි ඇන්ටන් ජෝන්ස්ගේ සින්දුයි තම්යි ඉස්සර නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතේ.. //මිල්ටන්ගේ සුන්දරත්වයෙන් පිරි ගීතය ඉස්සර මාතලන් ගහන්නේ (කියන්නේ) අසන්නන්ගේ ඉල්ලීමක් විදියට..// මාතලනුත් එල කොල්ලෙක් නේ බලපුවහම ? අපිට ඉස්සර එන අසන්නන්ගේ ඉල්ලීම වලට අපි කියන්නේ බයිලා "කොල්ලු පිටියේ ජන්ක්ෂන්, පොල්කටු හැන්දේ මිටවගේ " වගේ සින්දු අසන්නන්ගේ ඉල්ලීම් වුණේ අපි හතරේ පන්තියේ ඉන්දැද්දී ... මම ඔය ගැන පොස්ට් එකක් ලිව්වා මුල්ම කාලේ...

      Delete
    2. ඩෙස්මන්ඩ් ද සිල්වා... ලෙජන්ඩ් එකක්... ආයේ කතා දෙකක් නෑ...

      Delete
  5. රැල්ලෙන් මිදිල වෙනස් ආරයකින් එළිදැක්වූ ගී එකතුව, මිල්ටන්ගේ 'සිහිනෙන් ඔබ මට​' සීමාවේ හේතුවෙන් මට ලිස්සුනු ගීයක්.

    ඔබට ජය​

    ReplyDelete
    Replies
    1. ස්තුතියි උන්මා... ඔන්න එතකොටම මතක් උනා මම කැමති තවත් සිංදුවක් ..ඒත් කරුමෙට කපුගේ ගේ මයි ..උන්මාද සිතුවම්..

      Delete
  6. 5,6,7 ට මමත් කැමතියි. බොහොම ස්තූතියි කවිඳු පෝස්ට් එකට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන් .. ඉයන් නැගු රැල්ල නොවැ මේ...

      Delete
  7. පෝස්ටුව පටන්ගන්නකොටම මට හිතුනා පිණිබර යාමේ සිංදුව ඇති කියලා.. මොකද මීට කලින් මේ සිංදුවට කැමතී කියලා තිබුන මතකයි..

    තවත් අපුරු ගිත පෙළක්..

    ReplyDelete
  8. ස්තුතියි නිර්මාණි .. පිනිබර යාමේ අපේ උදාන ගී වල ප්‍රථම එක.. ඔය සිංදුව අපේ පුතා ලස්සනට කියනවා..

    ReplyDelete
  9. සිංහල සින්දු කියන .....මම කැමතිම ගීතය..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රවී.. මගේ හිතේත් සාදා රැඳෙන ගීතයක්... එය නිර්මාණය කල අය කොතරම් දක්ෂ අය වෙන්න ඕනෙද නේද?

      Delete
  10. දෙවැනි සින්දුවට හරානික් ඔක්කොටම කැමතියි. දෙවැනි සින්දුවට අකමැති එහි තනුව හින්දි ගීතයක කොපියක් නිසා. ඒ වගේම පදමාලාවේ තියන කර්කශ වචන නිසා. මෙන්න තනුව කොපිකරහත් ගීතය.

    https://www.youtube.com/watch?v=CoN9LbZS27E

    ReplyDelete
    Replies
    1. හරානික් නෙවෙයි හැර අනික්

      Delete
    2. හින්දි තනු වලට හදපු හරි ලස්සන සින්දු තියෙනවා. වැඩි හරියක් කරුණාරත්න අබේසේකර/ජෝතිපාල සුසංයෝගයෙන් හදපුවා. මම එහෙම හින්දි කොපියකට හරි ආශාවෙන් හිටියා .ඒක ඇත්තටම කිව්වේ යුධහමුදා සෙබළෙක් උතුරේ යුද්ධේ ඉඳගෙන කරපු සින්දු කැසට් වලට " යාල් දේවි දුම්රිය මැදිරි" කියලා ...මතකද ඒක ? තනුවේ ලස්සන තමයි අපි ඒකට ඇදලා ගන්නේ ...

      Delete
    3. ඒ සෙබලාගේ නමේ ලක්ශ්මන් කියලා කෑල්ලක් තිබුනා.

      Delete
    4. ඒ සෙබලාගේ නමේ ලක්ශ්මන් කියලා කෑල්ලක් තිබුනා.

      Delete
    5. ස්තුතියි කටුසු. ඔව් ඔව් ලක්ෂ්මන් ගුණසේන මන් හිතන්නේ ...

      Delete
  11. හිරු පායා එන ගීතය නම් ඔලුවට වැටුනෙ දැන්.එතකන් එච්චර නෝට් වෙලා තිබ්බෙ නෑ.. පැදුරු මියුසික් වලට හොඳට ගැලපෙන සිංදු ටිකක්..
    ජයවේවා..!!

    ReplyDelete
  12. ඔව් ඔව් ඔය සිංදුව අහලාම බලන්න ඕනේ.. මම ඕක ගැන කලින් ලියලා තියෙනවා.සිංදු ඇනොත් ලිව්වා මන් හිතන්නේ

    ReplyDelete
  13. මගේ සින්දු සෙට් එකට ඉතින් මේ ඔක්කොම එකතු කරන්න ඕනේ. දැන්නම් 50 ත් පැනල. මේ ඔක්කොම සින්දු මම කැමති ඒවා . ඒ අතරිනුත් 1,5,7,8,9,12 විශේෂයි. ගිඅ සෙනසුරාදා අපි එකතු වෙලා ගැයූ ගීත වල මින් කිහිපයක්ම තිබුණා.

    ReplyDelete
    Replies
    1. එකතු කරමු , එකතු කරමු එකතු කරලා සාජ්ජයක් දාමු. මමත් සිංදු ගහන්න අවශ්‍ය ගජමැටික් ඔක්කොම ගෙනාවා. දැන් වෙලාවක් තමයි හොයාගන්න ඕනේ.. එතකොට තමාගේම ස්වරයෙන් දෙන්න පුළුවන් ...

      Delete
    2. පුහ්....පලයන්කො දැන් ඕට්ටේලියාවේ...... සුට්ටක් බීලා සිංදුවක් කියන්න....

      Delete
    3. ඔව්. ඔව් වරෙල්ලකෝ බලන්න.. අපි නම් කියන්නේ නොබී.. සුට්ටක් නම් බිලා කිව්වත් සිංදුව හොඳට තියෙයි..

      Delete
  14. මෙතනින් මමත් ආසම "පිනිබර යාමේ" , හොඳ ගීත එකතුවක් කවිඳු..

    ReplyDelete
    Replies
    1. අපේ ජිවිත හැඩ ගස්වපු ගීතය...

      Delete
  15. අංක 3 මම කැමතිම සිංදුවක්...
    මටත් එහෙම පෞද්ගලික අත්දැකීමක් නැහැ, නමුත් මට ඒ දුක දැනෙනවා ඒ සිංදුව ඇහෙද්දී...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. ඔව් .. ළමයෙක් අනාථ කරනවා තරම් "පවක් " තවත් නැහැ..

      Delete