දුෂ්කර අතීතයක් පසු කර ගොස් තමන්ටත් අනුනන්ටත් ප්‍රයෝජනවත් දෙයක් කල මිනිසුන් බොහෝ වෙති.
ඒ කාලේ පුවත් පත් වල "දුක දිනා ජය ගත් හපන්නු " යනුවෙන් තීරු ලිපි පළවුයේ එවැනි ආදර්ශමත් ජීවිත ගෙවන්නන් වෙනුවෙනි.
කුඩා තැනකින් පටන්ගෙන තමන්ටත් අනුනටත් යහපත් ලෝකයක් ගොඩනැගූ මෙවනි මිනිසුන් මතු පරපුරට ආදර්ශයක් ම විය යුතුය.
එවැනි ආදර්ශමත් චරිත ඇසුරින් ලියවුනු කතා කියවා අප ලබා ගන්නා අවසාන පාඩම කුමක්ද?
තමා බිහිකළ ගමට, රටට ලෝකයට වැඩක් කල හැකි , වැඩක් කාරනා මිනිසුන් එදත් අදත් කවදත් බිහිවුයේ හොඳ අධ්‍යාපනයක් ලැබීම තුලින් යන්නයි.
ඒ දැනුවත්ව හෝ නොදැනුවත්ව තමාට කෙණෙහිලි කම් කල මිනිසුන්, ආයතන සමුහයක් තමාගේ අතීත ජිවිතයේ කොටස්කරුවන් බව හොඳින් දැන දැනමය.
අද පොස්ට් එකට පාදක කර ගන්නේ එවැනි චරිතයකි.
මා කියන්නට හදනා කතාවට සමීප වෙනත් ආරක කතාවක් මින් වසර කිහිපයකට පෙර ලියවුනේ තිලකසිත අතින්.
අද මා කියන්නට යන්නේ තිලක්සිතගේ කතාවට පාදක වූ අපේ ගම් පියසේම සිදු වූ වෙනත් සිද්ධි දාමයකට සම්බන්ධ කතාවකි.
මේ දෙකටම මා හා අපේ පවුලේ අය සම්බන්ධ නිසා තිලකසිතගේ තුන්වරක් තිස්ස අනුසාරයෙන් තුන් වරක් සැම්සන් ගොඩනගන්නට අදහස් කලෙමි.
සැම්සන් එක - ආර්. ඇම් . සැම්සන් සහ ආර්. ඇම්. කූජනා
ඒ අපි අරලගංවිල මහා විදුහලේ හත අට පංති වල සිටි කාලයයි.
උදේ පාන්දර බෙලගන්වැව බසයෙන් පාසැලට යන ගමන ආරම්භ වන්නේ මල්දෙණියේ සිට මල්වත්ත දක්වා ඇති කිලෝමීටර් එක හමාරක් පමණ දුරක් හැල්මේ දුව යෑම මගින්.
මේ යන අතර තුර දිනපතා මා හට මුණ ගැසෙනා ( මම ඇත්තටම ඔවුන් පසු කර දුවද්දී ) අය්ය නගෝ යුවලකි.
නිල් කොටකලිසම සහ සුදු අත්කොට ෂර්ට් එක හැන දණහිස් ලඟට වෙන තෙක් කළු දිග මේස් දමා පිළිවෙලට ඇඳුම් හැඳි අය්යා නමින් සැම්සන් ය .
සුදු ගවුමේ ඉරි එකක් වත් පොඩි නොවෙන්නට අයන් කර කරල් දෙකට ගෙතු කොණ්ඩය රතු රිබන් පටි දෙකකින් ගැට ගසා සිටියේ සැම්සන් ගේ නංගි කූජනා ය.
ඒ කාලේ අප අරලගංවිල මහා විද්‍යාලයට ගියද මේ අය්යා නගෝ ගියේ අරලගංවිල ධර්මපාල විදයලයටය.
ඒ වනවිට සැම්සන් අපට වඩා එක පන්තියක් පහළින් සිටි අතර කුජානා නංගි සිටියේ ජයංගනී නංගි ලාට සමාන්තර පංති වලයි .
ඒ කාලේ ධර්මපාලය අපේ පාසැල තරම් ම ජනප්‍රිය නොවුවද අපට සැම්සන් ලා සමග යහළුකම් පවත්වන්නට ඔවුන් ගිය පාසැල හරස් වුයේ නැත.
උදේ පාන්දර කුඩා සුට් කේස් දෙකක් අතින් ගෙන රවුම් වතුර බෝතල් දෙක කරේ එල්ලා ගෙන සංසුන් ගමනින් පාසැල් යන සැම්සන් සහ අතේ ඇති සුට් කේස් එක එහෙ මෙහෙ පද්දමින්, රවුම් වතුර බෝතලේ දිගටි පටියෙන් අල්ලා එහා මෙහා කරකවමින් පාසැල් යන අපි සහ චමින්ද රාජපක්ෂලා අතර සෑහෙන වෙනසක් දක්නට ලැබිණි.
ඒ හැදියාව සහ හැසිරීම අතිනි. එහෙත් අධ්‍යාපනයට ඇති ලැදියාව අතින් සැම්සන් මා මෙන්ම චමින්ද ද සිටියේ එකම අරමුණකයි.
මේ දෙදෙනා කවුරුන්ද යන්න සහ පාසැල් එන්නේ කොහේ සිටද යන්න අප දැනගත්තේ අපේ වැඩිහිටියන් ගෙනි .
ඒ දෙදෙනා අසල පිහිටි කේෂන් වත්තේ "අක්කර පනහ" ලැයිමේ සිට අපත් සමග පාසැල් ගිය අයයි.
සැම්සන් සහ කුජානා අප මෙන් හොඳ සිංහල කතා කල අතර බැලු බැල්මට ඔවුන් සිංහල ළමයින් දෙදනෙක් ම යැයි රැවටුණු අය බොහෝය.
මේ අතරට ධර්මපාල විද්‍යාලයේ සැම්සන් ගේ පන්තියේ සිටි අය හැමෝම වාගේ ඇතුලත් වෙති.
වෙනෙකක් තබා ඔවුන් ගේ නමේ මුලකුරු ලෙස තිබුණු ආර්. ඇම්. යන්න පළාතේ විසු සිංහලයින් අතර ප්‍රසිද්ධම මුලකුරු දෙකකි .
කිරඹ ඔය ගමේ සියයට අනු පහක්ම ළමයින් ගේ නම් ආරම්භ වුයේ ආර්. ඇම්. යන අකුරුදෙකෙන් වූ අතර රාජපක්ෂ මුදියන්සේලාගේ යන්න කෙටි කිරීමෙන් ඒ මුලකුරු ලැබී තිබිණි.
මල්දෙණිය ගමේ පවුල් විශාල සංඛයාවක් ද ආර්.එම්. වාසගමට හිමිකම් කියූ අතර ඔවුන් හැමෝම රත්නායක මුදියන්සේලාගේ ළමුන් වූහ.
සැම්සන් ලා තාත්තා ගේ නම රාසප්පු මයිල්වාගනම් නිසා සැම්සන් ට සහ කුජානා දෙදෙනාට තම නමේ මුලකුරු ලෙස ලැබී තිබුණේ රාසප්පු මයිල්වාගනම් කෙටි කර හැදු ආර්. ඇම්. යන අකුරු දෙකයි.
නම ආර් . ඇම් . සැම්සන් කිවූ පමණින් මේ දෙදෙනා අප ගම පැත්තේ දෙදෙනෙක් කියා සිතෙනවා මිසක මේ අය දමිළ ළමයින් බව කිසිවෙක් සිතන්නේ නැත.
ඔවුනේ අක්කර පනහේ ලැයිමේ සිට පාසැල් ගිය බව අපමෙන්ම බොහෝ ළමයින් දැන සිටියා වුවද ඒ බව විශේෂයෙන් මතක් කරන්නට කිසිවෙක් උත්සාහ නොගැනීමද විශේෂත්වයකි.
සැම්සන් ලා අක්කර පනහේ ලැයිමේ සිටින්නට හේතුව වුයේ ඔවුන්ගේ අම්මා ඒ තේ වත්තේ දළු කඩන කාන්තාවක් වීමයි.
එහෙත් ජැන්ඩි පහට කොට කලිසම් සහ කමිස වලින් සැරසී උල් තොප්පියක් පළඳින මයිල්වාගනම් ( සැම්සන් ලා තාත්තා ) ඒ කාලේ තේ වත්තේ වැඩ කලේ නැත.
සැම්සන් දෙක - බුරුස් මාමලා කඩේ පාඩම් වැඩ
කුඩා කල සිටම අප සමග එකට පාසැල් ගියත් සැම්සන් සහ මා අතර තදබල මිත්‍රත්වයක් හට ගත්තේ අප උසස්පෙළ පංති වලට පැමිණීමෙන් පසුවයි.
එකදහස් නවසිය අසුහතේ ධර්මපාලයෙන් සාමාන්‍ය පෙළ ඉහලින්ම සමත්වූ සැම්සන් උසස්පෙළ කරන්න අපේ පාසැලට පැමිණියේය.
අපට වඩා එක පන්තියක් පහළ සිටියද සැම්සන් ලා ද කෙමිස්ට්ට්රි ෆිසික්ස් පංති ගියේ අපත් සමගමය.
චමින්ද සහ සුරාජ් සමග කෙලි කවට කම් කරමින් උසස්පෙළ ප්‍රථම වර කළ මා පැවති කලබල කාරී වාතාවරණය නිසා පොත් පත් බැලීම කලේ යලට මහටය.
එහෙත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයැදුම් කල හැකි මට්ටමේ සාමාර්ථයක් උසස්පෙළ ප්‍රථම වර ලබා ගත්තෙමි.
මම උසස්පෙළ දෙවන වතාවට සුදානම් වෙද්දී මල් දෙණිය පුරා "අපේ දොස්තර මහත්තයා " යැයි හඳුන්වන්නෙක් මතුවන්නට විය.
මට අපේ දොස්තර කියනවා වෙනුවට අපේ ගුණවතී ලොකු අම්මලා එහෙම අපට ඔලොක්කුවට මෙන් මෙසේ හැඳින්වුයේ අනෙකෙකු නොව අපේ සැම්සන් ය.
මේ වන විට උඩහ ලැයිමේ කොල්ලෝ කුරුට්ටන් ගෙන් තමන් ගේ පාඩම් වැඩ වලට ඇතිවන බාධා නිසා සැම්සන් පාඩම් කරන්නට අපේ ගමේ පදිංචි වී සිටියේය.
සැම්සන් මෙසේ තාවකාලිකව පදිංචි වී සිටියේ ගමේ ඉහළ කෙලවරේ තිබු වසා දැමු කඩයකයි.
ඒ අපේ කුඩා කාලයේ වටගමුවේ බුරුස් මාමා ට අයිතිව තිබු කඩයයි .
ඒ වනවිට බුරුස් මාමගේ කඩේ බංකොලොත් වීම නිසා වසා දමා තිබිණි. පාසැල් නිමවී අපත් සමග නිවෙස බලා එන සැ ම් සන් බුරුස් මාමගේ කඩේ නතර වෙයි.
ගමේ ගැහැණු පිරිමි හැමෝම සැම්සන් ට තමන්ගේ පුතෙකුට මෙන් ආදරය කල නිසා කඩේ තනියෙන් සිටි ඔහුට කිසි තනිකමක් දැනුනේ නැත.
මේ අතර චමින්දලා සමග දෙවන වර පාඩම් කීරීමට නොගිය මම හිමින් හිමින් සම්සන්ට කිට්ටු කලෙමි.
දෙවන වර විභාගයෙන් කෙසේ හෝ සමත් වෙමියි යන දැඩි අධිෂ්ඨානය ඇතිව සිටි මට චමින්ද සහ විරාජ් ට වඩා සැම්සන් සමග පාඩම් කිරීම හොඳ යැයි සිතුනේ ඔහුගේ ඉගෙනීමට තිබු දැඩි කැපවීම හොඳින් දන්නා නිසාය.
මම එක දවසක් ඉස්කෝලේ ඇරී එන අතරේ සැම්සන් හා දොඩමළු වුනෙමි.
"මචං කොහොමද දැන් පාඩම් වැඩ ?
උඹ බුරුස් මාමලා කඩේලු දැන් නතරවෙලා ඉන්නේ නේද?
ගොඩක් දවස් ද එතෙන්ට ඇවිල්ලා? "
මේකනේ කවිඳු ලැයිමේ කොල්ලෝ කෙල්ලෝ සද්ද කරද්දී හිත එකලාසයක් කරන් පාඩම් කරන්න අමාරුයි.
අම්මා තේ ගස් එක්ක ඔට්ටුවෙලා අපිට උගන්වන්න ගන්න මහන්සිය දැක්කම මට මන් ගැනම දුක හිතෙනවා"
ඒ හින්දා කොහොම හරි කැම්පස් යන්න තමයි ට්‍රයි එක දෙන්නේ මේ පාර " .
"මට තේරෙනවා මචං අපේ අම්මලා උනත් කොච්චර මහන්සි වෙනවද ? ඒ උනාට ඔයාලා අම්මා ඔය දෙන්නා වෙනුවෙන් කරන කැප කිරීම මට හිතාගන්න බෑ
ඒක නෙවෙයි උඹ කැමති නම් අපේ දෙන්නා සෙට් වෙමු එකට පාඩම් කරන්න."
මම දැන් චමින්දලා එක්ක වැඩි ගණුදෙනුවක් නෑ "
"හරි හරි එහෙනම් අද ඉඳන්ම පටන් ගනිමුකෝ "
ඔයා මෙහෙ එනවද? මම එහෙ එන්නද? "
ඕනා විදිහක් මෙහෙට තව කවුරුද එන්නේ ? "
මා සැම්සන් ගෙන එසේ ඇසුවේ අපේ ගෙවල් අසලම ගෙදරක සිටි අපේ සමවයසේ කළා විෂයන් හැදෑරු වීරරත්න ද සැම්සන් සමග මෙහි ගැවසෙන බව මා අසා තිබු නිසාය.
"අර නෝනා නැන්දලා වීරරත්න නම් පාඩම් කරන්න එනවා . එයත් කොහොමහරි කැම්පස් යන්න තමයි හදන්නේ "
"පොර නම් මම එච්චර කැමති එකෙක් නෙවෙයි . ඒකට කමක් නෑ එයා එයාගේ පාඩුවේ ආර්ට් සබ්ජෙකට් බලයි අපි අපේ දේවල් සාකච්චා කරමුකෝ? "
එදා පටන් මම සැම්සන් සමග පාඩම් කරන්නට පටන් ගත්තෙමි.
ඒ අනුව සමහරක් දිනවල බුරුස් මාමලා කඩෙත් තවත් දවසක අපේ ගෙදරත් අප දෙදෙනා පාඩම් කළෙමු.
අපේ ගෙදර පාඩම් කල දවස් වල අපේ අම්මා සැම්සන්ට තමන්ගේම දරුවෙකුට මෙන් තේ , කෝපි ආදිය සාදා දෙමින් අපේ පාඩම් වැඩ වලට උදව් කළාය.
අපි විභාගය ආසන්න වෙත්ම ඉතා රෑ බෝ වෙනකම් පාඩම් කළෙමු.
එවැනි දිනයක "පුතා දැන් මේ දෙගොඩ හරියේ ගෙදර යන්න ඕනේ නෑ අද මෙහේ ඉන්න " යැයි කියන අම්මා සැම්සන් අපේ ගෙදර නවත්වා ගනියි.
ඒ හරියටම මිට වසරකට පෙර චමින්ද අපේ ගෙදර නතර කර ගත් ආකාරයටමය.
ගිය වසරේ ආර්. ඇම් .චමින්ද ට හිමිවූ මගේ ඇඳේ අනෙක් භාගය මේ වසරේ ආර්. ඇම්. සැම්සන්ට හිමිවුයේ මෙලෙසයි.
උදේ පාන්දර හතරට පමණ අපේ අක්කා හෝ චුටි නංගි හදා දෙන කිරි තේ කෝප්පයකින් සප්පායම් වන අප දෙදෙනා නැවතත් පොත් පත් සමග ඔට්ටුවන්නෙමු.
සමහරක් දිනවල සැම්සන් අපේ නිවසට නොපැමිණේ එවැනි දිනයක මම සැම්සන් සොයා ලැයිමට ගියෙමි .
මා එසේ සැම්සන් ලා ලැයිම් කාමරයට ගිය වාර ගණන කොපමනදැයි මට මතක නැති වුවත් එහි ගිය මුල්ම දිනය මගේ මනසේ සාදා රැඳී පවතී.
ඒ සැම්සන් ලා සමග එකම ලැයිම් පේලියේ ජිවත් වන අනෙකුත් කම්කරු පවුල් ගෙවන දුක්ඛිත ජිවන රටාව මට ඉතා හොඳින් දර්ශනය වූ පළමු වතාව එදින වූ බැවිනි.
උඩහ කෝවිල ලඟින් ඇති කුඩා අඩි පාරෙන් පහලට බසිත්ම හමුවූ කොනේම ලැයිම් කාමරයෙන් සැම්සන් ලා ගෙදර කොහේදැයි ඇසුවෙමි.
"ආ මේ දොරේ මාතියාලා පොඩි පුතානේ . එන්න මාතියා සැම්සන් ඉන්නේ අට වෙනි ලැයිම් කාමරේ "
යැයි එහි සිටි ද්‍රවිඩ ගැහැණියක් මට සැම්සන් ලා නිවසට යන පාර පෙන්නුවාය.
මම ලැයිමේ මිදුල මැදින් සැම්සන් ලා නිවස දෙසට පිය මැන්නෙමි.
තැන තැන හොටු පේරා ගත් උඩු කය නිරාවරිත කුඩා ළමෝ වැලි සෙල්ලම් කරති .
ඒ දෙස බලමින්ඉදිරියට ඇදුනෙමි ලැයිමේ මිදුලට ඉදිරියෙන් ඇති කුඩා ගෙවතු කොටස් වල ලීක්ස්, කැරට් , තක්කාලි වැනි වගාවන් සරුවට වැවී තිබේ.
තවත් කොටුවක බැඳ සිටියේ හොඳ කිරි හරකෙකි.
මා තව තවත් මේ කුඩා වපසරියේ ඇති වගා , සහ පශු සම්පත් දෙස බලමින් සතුටු වෙද්දී
ටික දුරක් ගෙවූ තැන දුටු දෙයින් ගැස්සී ගියෙමි.
ලැයිමේ පොදු ගෙමිදුල මැද තිබු කුඩා ළමයින් ගේ අසුචි ගොඩ වල් වල දසුනයි ඒ.
සරමත් කොණකින් ඔසවා ගත් මා හිරිකිත නිසාම වේගයෙන් ඉදිරියට ඇදුනේ තව තවත් අසුචි ගොඩවල් පසු කරමිනි.
දැන් දැන් මා කල මෝඩකම යැයි සිතමින් ඉදිරියට යත්ම
"හා මේ කවිඳු අය්යනේ . එන්න එන්න අන්නා ගෙදර ඉන්නවා "
කියමින් මා ඉදිරියට ආ යුවතියකි. ඒ සැම්සන් ගේ නංගි කුජානා ය.
"එන්න අය්යා ගෙට "
මෙතෙක් මා සිත ඇතිකළ හිරිකිතය සහ සැක සංකා පහව ගියේ එවැනි අපිරිසිදු පරිසරයක් පසු කර පැමිණි මා නැවතුනු නිවසේ ඇති සිරියාව දැකීමෙනි.
මනාව සමර ආලේප කර බිම ගොම මැටි ගා දුවිල්ලක් වත් නැතිවන සේ පිරිසිදු කර තිබු නිවසේ ඉස්සරහම ඇති ඉස්තෝප්පු කොටසේ සැම්සන් පාඩම් කරයි.
ඊට එහා පැත්තේ කුජානා ගේ පොත් මේසයයි .
ඒ වනවිට රාසප්පු අංකල් ගෙදර නොසිටි අතර සැම්සන් ලා අම්මා ලිප ලඟට වී යමක් සදමින් සිටියාය.
පසුව කුජනා සකස් කර දුන් තේ කෝප්පයක් බොමින් සැම්සන් සහ මම විෂය කරුණු සාකච්චා කලේ මා එන මග දුටු පෙරනිමිති සියල්ල අමතක කර දමමිනි.
එදා එසේ ලැයිමට ගිය මා නැවත නැවතත් ලැයිම වෙත ගියේ අසුචි ගොඩවල් උඩින් පැන පැන එහි යාමට ඇති අශාවකට නම් නොවේ. .
ඔවුන්ගේ ලැයිමේ ජිවන රටාව දුටු මා නැවත එහි නොගියහොත් සැම්සන් ගේ හිතට කිසියම් මදිපුංචි කමක් දැනේවි යැයි බියක් මා සිතේ පැන නැගුණේය.
ඒ නිසාම මම සැම්සන්ලා ලැයිමට පුරුද්දක් ලෙස යන්නට පටන් ගත්තේ සැම්සන් ගේ හා අපගේ අතර ලොකු වෙනසක් නැති බව ඒත්තු ගන්වන අදහසිනි.
සැම්සන් තුන අද හෙටම ලියන්නම්....

ආ...........
ReplyDeleteකොටයිනේ.
Deleteප්‍රමාණය ගැන ඔය තරම් වද වෙන්න එපා.. හැක්
Deleteඊළඟ කොටස ලියමින්.. අද හවස් වෙද්දී දෙන්නම්
Deleteඅද හවස් වෙද්දී දෙන්න
Deleteම්එල නේ....
ඉයන්
ඔය කීවට පොඩි උනාම පොඩ්ඩක් අවුල් නැද්ද
ඉස්සරම ලොකු බ්ලොග් ඔස්තාර් කෙනෙක් මට කියලා තිබ්බා මතකයි මම ලියනවා දිග වැඩියි කියලත්.. හෙහ් .හෙහ්..
Deleteමඟ නවත්තලනෙ. අපූරුවට ලියා ඇත.
ReplyDeleteවෙලාව .. වෙලාව.. බ්ලොග් ලිය ලියාම හිටියොත් ගෙවල් වලින් එළවලා දානවා..
DeleteI just recalled my past childhood ... I also had many tamil friends ...
ReplyDeletethanks. happy to hear
DeleteI just recalled my past childhood ... I also had many tamil friends ...
ReplyDeleteAs a young doctor doing internship I decided to share may room with two Tamil doctors from Jaffna both of them are gynaecologists one works in Australia and the other one in Sri Lanka.. I will write about them later in this blog
Deleteඅපූරුයි.. ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න.. යහපත් අවසානයක් දකින්න නොඉවසිල්ලෙන්.. :)
ReplyDeleteස්තුතියි ක. මි. ගෙවල් හැදීම ගැන වත් බ්ලොගක් ලියමු..
Deleteහොඳ සටහනක් . මගේ කතාවක් ගැනත් මතක් කරාට ස්තුතියි කවිඳු . ඉතිරි කොටසත් කියවන්න බලාගෙන ඉන්නවා
ReplyDeleteස්තුතියි.. "තුන්වරක්" සැම්සන් ඔළුවට ආවේ තුන්වරක් තිස්ස නිසා ..ආයි වැඩ පටන් ගන්න පෙර ඉතිරි කොටස දාන්නම්..
Deleteමිහිපිට තියන අපායේ බ්‍රාන්ච් එකක් වගේ ලැයින් කාමර.ඇත්තටම මනුස්සයො රොඩු බොඩු ගානට දාල තියන තැනක්.ඔබ ඔවුන්ගේ සිතුවිලි ගැන පවා සැලකිලිමත්වූ ආකාරය අගෙයි.
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ගස් //මිහිපිට තියන අපායේ බ්‍රාන්ච් එකක් වගේ ලැයින් කාමර.ඇත්තටම මනුස්සයො රොඩු බොඩු ගානට දාල තියන තැනක්// මට ඇත්තටම හිතුනා මම ආපහු නොගියොත් සැම්සන් මානසිකව වැටෙයි කියලා... මේ මිනිස්සු අපේ ආර්ථිකයට දායක වෙන ප්‍රමාණයට සාපේක්ෂව අපේ මිනිසුන් ඔවුන්ට සලකනවා මදි තමයි..
Deleteමේකේ මතෘකාව බ්ලොග් රෝලේ පේන්නේ නෑ.. හදන්න.
ReplyDeleteහරි මම බලන්නම් ස්තුතියි
ReplyDeleteදැන් බ්ලොග් රෝලේ මාතෘකාව පෙනෙනවද??
Deleteහිටු කියල මග නවත්තලනෙ. හැක්..
ReplyDelete//ඒ නිසාම මම සැම්සන්ලා ලැයිමට පුරුද්දක් ලෙස යන්නට පටන් ගත්තේ සැම්සන් ගේ හා අපගේ අතර ලොකු වෙනසක් නැති බව ඒත්තු ගන්වන අදහසිනි.//
මේක හරිම වටින දෙයක්. කොච්චර පහත් තැනක හිටියත් නියම යාලුවෙක් විදියට අනෙකා පහත් කරල සලකන්නෙ නැතුව සමානව සලකන එක ලොකු මානසික සහනයක් වෙනව දෙන්නටම.
ස්තුතියි ප්‍රසා .. හිටු කියලා වෙලාව මදී වුනා ලියාගෙන යද්දී . ඉතිරි කොටස ලියවිලා තියෙන්නේ අපේ කට්ටියට මේක කියවන්න ටික වෙලාවක් දීලා ඒක දාන්නම් ..
Deleteඅවසානය යහපත් වේවා, මාතෘකාව පේන්නේ නෑ මගේ රෝලේ,
ReplyDeleteස්තුතියි . ක. මි කිව්වා මට තේරෙන්නේ නෑ ඇයි මාතෘකාව නොපෙන්නේ කියලා .. බලන්නම් ආයිත් වතාවක්
Deleteඅපූරුවට ලියලා තියෙනවා. ජයවේවා
ReplyDeleteස්තුතියි දම්සෝ. තවමත් මෙවැනි ජිවිත ගෙවනා කුඩා දරුවන් සිටින පවුලකට උදව් කීරීමට ඔබ මෑතකදී දැක්වූ සහයෝගය අගය කරමි.
Delete/* ....ආර්. ඇම්. යන අකුරුදෙකෙන් වූ අතර රාජපක්ෂ මුදියන්සේලාගේ යන්න කෙටි කිරීමෙන්.... */
ReplyDelete??
රා. මු. =R. M.
Deleteමම රසික ගැන හිත හිතයි මේ වාක්‍ය ලිව්වේ .. හි. හි.
Deleteවචනෙන් වචෙනට අකුරක් නෑර පැහැදිලිවෙන්න ලිව්වොත් ( දල අදහස අරන් සැනසෙන්න බැරි අයට .) ඕක කියන්න වෙන්නේ /* ....ආර්. ඇම්. යන අකුරුදෙකෙන් වූ අතර රාජපක්ෂ මුදියන්සේලාගේ යන්න ඉංග්‍රීසියෙන් ලියා එය කෙටි කිරීමෙන්.... */ තමයි.
ReplyDeleteමේ පොස්ට් එක මගේ ඇවරේජ් කියාවන්නන් ගානට ගිහිල්ලා නැහැ . තවම 300යි කියවලා තියෙන්නේ. තම තමන්ගේ බ්ලොග් රෝල් වල දැන් පෙනෙනවාද කියලා කියනවද කට්ටිය??
ReplyDelete